Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Sinhala | කියවීමේ ලැයිස්තු මාර්ගෝපදේශ

ඔබේ කතාව අපගේ කියවීමේ ලැයිස්තු වලින් එකක ඇතුළත් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ. ඉදිරිපත් කිරීමේ පෝරමය පිරවීමට පෙර කරුණාකර ඉදිරිපත් කිරීමේ මාර්ගෝපදේශ ප්‍රවේශමෙන් කියවන්න. ඔබේ කතාව අපගේ ගිණුමේ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතා සපුරාලන බව මෙමගින් සහතික කරනු ඇත.

- ඔබේ කතාව වොට්පෑඩ් අන්තර්ගත මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය. ඔබේ කතාවේ පරිණත (mature) අන්තර්ගතයක් තිබේ නම්, එය ඒ අනුව ශ්‍රේණිගත කළ යුතුය. ඔබට වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර අන්තර්ගත මාර්ගෝපදේශ වෙත යොමු වන්න.

- සියලුම ඉදිරිපත් කිරීම් සිංහල භාෂාවෙන් විය යුතුය.

- අපි සම්පූර්ණ(completed) සහ තවමත් සම්පූර්ණ වී නොමැති(ongoing) යන කථා දෙකම පිළිගනිමු. කතාව සම්පූර්ණ නම්, කරුණාකර එය කතාවේ විස්තරවල 'completed' ලෙස සලකුණු කර ඇති බවට වග බලා ගන්න. කතාව තවමත් නිමවී නොමැති නම් එය පසුගිය මාස තුන සඳහා අවම වශයෙන් මසකට වරක්වත් යාවත්කාලීන කර තිබිය යුතු අතර කියවීමේ ලැයිස්තුවල රැඳී සිටීමට අවම වශයෙන් මසකට වරක්වත් යාවත්කාලීන කළ යුතුය.

- අපි පිලිගන්නේ කතා මාලාවක පළමු කතාව පමණි.

- ඔබට අවශ්‍ය තරම් කතා ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ලේඛකයෙකුට අපගේ කියවීමේ ලැයිස්තුවේ හෝ තනි කියවීමේ ලැයිස්තුවක පවා තිබිය හැකි කථා ගණන අපි සීමා කර නොමැත.

ඉදිරිපත් කරන ආකාරය:

> ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රයෙන් පිටත සිදු කරන ඕනෑම ඉදිරිපත් කිරීමේ උත්සාහයන් (උදා: පණිවුඩ පුවරුවේ - message board, කමෙන්ට්ස්වල) සලකා නොබලන බව කරුණාවෙන් සලකන්න. පහත සබැඳි ආකෘති පත්‍රය හරහා ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීම් පමණක් අවධානයට ගනු ලැබේ.

>> ඉදිරිපත් කළ කතාවක් අනිවාර්යයෙන්ම ඔබට කියවීමේ ලැයිස්තුවේ ස්ථානයක් සහතික නොකරන බව කරුණාවෙන් සලකන්න. තීරණයක් ගැනීමට පෙර සියලු ඉදිරිපත් කිරීම් අවධානයට හා සමාලෝචනයට භාජනය වේ. මෙය අපගේ පාඨකයින්ට ඔවුන්ගේ කියවීමේ රුචි අරුචිකම්වලට ගැලපෙන ගුණාත්මක කථා සපයන බව සහතික කිරීමයි.

>> කරුණාකර ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ විරාම ලකුණු කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ කතාව ඉදිරිපත් කිරීමට පෙර එය කියවා සංස්කරණය කරන ලෙස අපි ඔබට තරයේ උපදෙස් දෙමු. ඔබට අපගේම වොට්පෑඩ් නිර්මාණකරුවන්ගෙන් ඉක්මන් සංස්කරණ ක්‍රම මෙම සබැඳියට පිවිසීමෙන් සොයාගත හැකිය.

>> ඔබ ඔබේ පාඨකයින් සඳහා හොඳින් ලියා ඇති කතන්දර විස්තරයක් ඇතුළත් කර ඇති බවට වග බලා ගැනීමද ඔබට අවශ්‍ය වනු ඇත. කතන්දර විස්තර පිළිබඳ ක්‍රම සඳහා, මෙම පිටුවට පිවිසෙන්න.

>> කරුණාකර ඔබේ කතාව ඉදිරිපත් කිරීමෙන් පසු ඉවසිලිවන්ත වන්න. සමාලෝචන ක්‍රියාවලිය සඳහා දින 30 ක් පමණ ගත විය හැකිය. අපට තනි තනි කතා හෝ ඉදිරිපත් කිරීම් පිළිබඳ අදහස් හෝ චෝදනා ලබා දිය නොහැක.

>>> කියවීමේ ලැයිස්තු ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය <<<

ඔබේ බ්‍රවුසරයේ සබැඳිය විවෘත කර ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. සම්පුර්ණ වූ විට, සබ්මිට් කරන්න.

ඔබට ඔබේ කථා ඉදිරිපත් කළ හැකි වෙනත් විවිධ භාෂා ගිණුම් අප සතුව ඇත. ඔබට ඒවා මෙතැනින් පරීක්ෂා කළ හැකිය.

Bạn đang đọc truyện trên: Truyen247.Pro