Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

You Never Walk Alone

(A supplementary story You Never Walk Alone අහන ගමන් කියවන්න )

(bold letters - ASSYNWA lyrics)

https://youtu.be/YCRqz-NGB2Y


" සමහරවිට මට එදා මේ තරම් අත්මාර්තකමී නොවී ඉන්න තිබුනා....Yoongi hyung වගේ එදා මමත් ඔයාලත් එක්කම ඉන්නවා කියලා හිතුවනම් අද මට මේ තරම් වේදනාවක් දැනෙන එකක් නැහැ....මම තනි කරන්නේ නැහැ කියල ඔයාල කිව්වත් අද මම ගොඩක් තනි වෙලා..ජීවත් වුනත් මම හැම වෙලාවකම මම ගැනම පසු තැවෙනවා...එදා මම හිතුවා මට දැන්ම මැරෙන්න බැහැ මට ජීවත් වෙන්න ඕනේ කියලා..එදා මම මගේ සහෝදරයින්ව නැතුව මගේ ජීවිතේ තෝරාගත්තා...අද මම එදා හිතපු විදිහට ජීවත් වෙනවා....හැබැයි කිසිම සතුටක් නැති තනි මනුස්සයෙක් විදිහට..ජීවිතේදී ගොඩක් දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා....මට නැති වුනේ මට වටිනම දේ....මම තාම දන්නේ නැහැ මොන හේතුවක් නිසා මට එදා එහෙම හිතලා cabin එකෙන් එලියට දුවගෙන ආවද කියලා...මම ජීවිත කාලෙම පසු තැවෙන තීරණයක් ඒක...

Why does God

Keep bothering us?

Even if we're filled with scars

We can smile, if we're together

මම දන්නේ නැහැ දෙවියන් කියලා කෙනෙක් ඉන්නවද කියලා...හැබැයි එහෙම කෙනෙක් ඉන්නවනම් ඇයි එයා හැම වෙලේම අපිව තනි කරන්නේ අපිට තනිකම දැනෙන්න දෙන්නේ..මම එයාල එක්කම එදා හිටියනම්...මම දන්නවා ඒක ගොඩක් අමාරු වෙන්න ඇති...ඒ වුනාට අපි එකට හිටියනම් ඒ තුවාල කැළැල් මැද වුනත් හිනාවෙන්න තිබුනා...

At the end of this road that I walk on by myself

Whatever is there, 

I'll take a stepThough I get tired and hurt sometimes

It's alright, because I'm next to you

You and I, if we're together

We can smile

අන්තිමේදී මට තනියම ඇවිදගෙන යන්න වුනා මේ පාරේ...මම තෝරගත්තු පාරේ...මම හිතන්නේ මම තෝරගත්තු මේ පාර ගොඩක් දුෂ්කරයි.මොකද මම තනි වෙලා නිසා.හැබැයි එයාල මාත් එක්ක හිටියනම් අද මම හිනා වෙලා..

I wanna fly

But I have no wings

I wanna forget darkness and loneliness With you

These wings came from pain

But they are wings headed for the light

Though it's hard and it hurts 

If I can fly, I will fly

So I won't be scared anymore

Will you hold my hand?

You and I, if we're together

We can smile

මම කැමතියි මට තටු දෙකක් ලැබුණානම් ..මට පුළුවන් එතකොට එයාල ලගට යන්න...ඒ අත්තටු සමහරක්විට හැදිලා තියෙන්නේ වේදනාවෙන් වෙන්න පුළුවන්...හැබැයි එහෙම වුනානම් මට එයාලගේ අත් තදින් අල්ලගෙන ඉන්න තිබුනා...එතකොට මට කිසිම බයක් නැහැ...අපි එකට හිටියනම් අපිට හිනා වෙන්න තිබුනා...

Even if this is the path I chose

Even if everyone says

I made my own destiny

Even if this is a sin I committed

Even if this whole life is just a price

To pay for the sin

මේ තමයි මම තෝරගත්ත දේ.සමහර විට ඒක දෛවය කියල කෙනෙක් කියයි.මම ඒක ගෙවන්න ඕනේ.මොකද මමයි එදා එයාලව දාලා එලියට ආවේ.මට එයාලව අයෙමත් හම්බුනොත් එයාල මට සමාව දෙයිද මම දන්නේ නැහැ.මම ගොඩක් අත්මාර්තකාමී වුනා.කවදා හරි අපි අයෙමත් හම්බවුනොත් මම එයාලගේ අතින් අල්ලාගෙන ඇවිදගෙන යනවා එයාල එකක්ම.සමහරවිට ඒක ලොකු වේදනාවක් වෙයි..

Even if this road is far and dangerous

Will you be with me?

Even if I fall and get hurt sometimes

Will you be with me?


මම ගත්ත මේ තීරණේ නිසා මම ඔයාලගෙන් වෙන් වෙලා වෙනම පාරක ඇවිදගෙන යනවා.මේ පාර ගොඩක් දිගයි.ඒ වගේම ඔයාල මගේ ලග නැති නිසා මට මේ ගමන තනියම යන්න බැහැ.මේ ගමන ගොඩක් දුෂ්කරයි.ඒ වුනාට මම දන්නවා ඔයාලා මාත් එක්ක දිගටම ඉන්නවා කියලා.

මම තනියම ඇවිදගෙන යන්නේ නැහැ මේ පාරේ...මගේ hyungල හැම දවසකම හැම වෙලාවකම මාත් එක්ක ඉන්නවා..

මම Yoongi hyung ව අන්තිමට දැකපු වෙලාවේ එයා මට කිව්වා කොහොම හරි Art Exhibition එකක් කරන්න කියලා.එදා මම මේක තනියම කරන්න වෙයි කියලා හිතුවේ නැහැ.අද මම මේ exhibition එක කරන්නෙත් එයාල වෙනුවෙන්.ඒ වගේම Yoongi hyung කිව්වා කවදාවත් එයාලව අමතක කරන්න එපා කියලා..මම කැමතියි ඔයාලත් කවදාවත් එයාලව අමතක කරන්නේ නැත්නම්."

Jungkook ගේ කතාව අහගෙන හිටපු හැම කෙනෙකගේම ඇස් වලට කදුළු ආවේ ඉබේටම.Jungkook ගේ හදවත තවමත් හැම දාම පිරිලා තිබුන හිස් බවෙන් පිරිලා....Stage එකෙන් බැහැපු Jungkook කෙලින්ම ඇවිදගෙන ගියේ සුදු පාට රෙද්දකින් වහලා තිබුන ලොකු පින්තූරයක් ගාවට...පින්තුරේ වහලා තිබුණු සුදු පාට රෙද්ද අයින් කරපු Jungkook චිත්‍රෙ පුරාව තිබුණු ලස්සන හිනාවල් දිහා බලාගෙන හිටියා...

"Jungkook ah ඔයා වැරදි නැහැ ඒ ඔයාගේ තීරණේ ඔයා වැරදයි කියලා හිතන්න එපා.මතක තියාගන්න මම ඔයාට කියල දීපුවා.මගේ පොත් ඔක්කොම කියෙව්වට කමක් නැහැ හැබැයි පිටුවල  චිත්‍ර අදින්න එපා ඔයා දන්නවනේ මම ආස නැහැ කියලා"

"යා Jungkookie මට omma ට කියලා මොනවා හරි හදාගෙන එන්න ඊලග දවසේ"

"Jungkook මට සතුටුයි ඔයාට මම එදා කිව්වා වගේම ඔයා art exhibition එකක් කරන එක ගැන.මම තරහ නැහැ ඔයා එක්ක...ඔයා අලුතින් ගෙනාපු scarf එකට මම කැමතියි"

"Kookie දුක් වෙන්න එපා..අමතක කරන්න එපා අපි ඔයා එක්කම ඉන්නවා කියලා...හිනා වෙලා ඉන්න..මට ගෙනත් දීපු album එක ඔයත් අහල බලන්න "

"ඔයා දැන් ගොඩක් ලොකුනෙ Kookie..ඔයා ගෙනත් දීපු සපත්තු දෙකට මම ඇත්තටම අසාවෙන් හිටියේ.Thank you"

"Kookiyo ඔයා එහෙනම් ඒක කළා.අන්තිමට අපි එදා කතා වුන විදිහටම ගාන කීයද කියලවත් හිතාගන්න බැරි ticket එකක් ගන්න වෙන art exhibition එකකුත් තිබ්බනේ..මට ගොඩක් ආඩම්බරයි ඔයා ගැන.."


Jungkook ගේ මූනේ ලස්සන හිනාවක්...



"Hyung මම දන්නවා කවදාවත් මට තනියම මේ පාරේ යන්න ඔයාලා ඉඩ තියන්නේ නැහැ කියලා..ඔයාලා මාත් එක්කම ඉන්නවා..."



✨I NEVER WALK ALONE✨

Bạn đang đọc truyện trên: Truyen247.Pro