Spring Day
(Spring Day brit rock remix අහන ගමන් කියවන්න)
https://youtu.be/xI06t-g3RJo
අහසේ තවමත් තිබුනේ ලා දම් පාටක්...පහුගිය ටිකේම හිම වලින් මිදිලා තිබුන පොලව ටිකෙන් ටික ආයෙමත් නැවුම් සුවඳක් අරගෙන ආවේ අයෙමත් වසන්තය ලග ලගම එනවා කියලා කියන්න.ටික දවසකට කලින් හිමෙන් වැහිලා තිබුන පොලවේ තණකොළ ගස් දළුදාගෙන එනවා.තවමත් ඒ තණකොළ ගස් වල පිනි බින්දු රැදිලා තිබුනා.කහ පාටට දිලිසුන පොලව මැදින් තණකොළ ගස් අතරින් වැටුණු අඩි පාරේ ජන්ග්කූක් ඇවිදගෙන ගියේ අතේ තරමක් ලොකු bag එකක් අරගෙන.
ඈතින් පෙනුන cherry ගහ දිහාම බලාගෙන ඇවිදපු Jungkook නතර වුනේ ඒ cherry ගහා ගාව.මතකයන් ගොඩක් පිරුණු තැනක්....එකපාරටම ඒ මතකයන් වල අනිත් කොටස්කාරයෝ ඔක්කොම ගිහින් මතකයන් විතරක් Jungkook එක්ක ඉතුරු වෙලා.
අතේ තිබුණු bag එක පැත්තකින් තියපු Jungkook දුවලා ගිහින් මහා ලොකුවට විහිදිලා ගිය cherry ගහ තදින් බදා ගත්තා.මෙච්චර වෙලා ඇස් වල රැදිලා තිබුණු කදුළු Jungkookගේ කම්මුල දිගේ ගලාගෙන ගිහින් බිමට වැටුනා.
"Hyung මට ඔයාලව ගොඩක් මතක් වුනා.ඔයාලට මාව මතක් වෙන්නෙම නැද්ද?"
Jungkook ගහ බදාගෙනම ඇහුවේ හිතේ හිරකරගෙන හිටපු හැම දුකක්ම ඇස්වල රැදිලා තිබුන හැම කදුලක්ම නිදහස් කරන ගමන්.ටික වෙලාවක් ගහ දිහා බලාගෙන ඉදලා ඇදගෙන හිටපු shirt එකේ අතින්ම කදුළු පිහදාගෙන Jungkook ගහෙන් ඈත් වෙලා කලින් ගෙනාපු bag ලගට ගියා
"මේ බලන්න Jin hyung මම ඔයාට ගෙනාව දේ..මම ommaට කියලා ඔයා වෙනුවෙන්මයි හදා ගත්තේ"
Jungkook bag එකෙන් කෑම පෙට්ටියක් cherry ගහා ළගින් තියන ගමන් කිව්වා
"Hyung බොරුවට කෑගහන්න එපා.මම අනිත් අයටත් තෑගී ගෙනාවා ඔයාට විතරක් නෙමෙයි ගෙනාවේ "
Jungkook බොරු තරහකින් කියලා අයෙමත් bag එකේ තිබුන දේවල් එලියට ගන්න පටන් ගත්තා.
"මේ Yoongi hyung මම ඔයාට අලුතින් scarf එකක් ගත්තා.දැන් ඉතින් ඔයාට ආයේ එදා වතුරට ගහගෙන ගියපු scarf එක ගැන වද වෙන්න දෙයක් නැහැ."
"එතකොට Tae hyung මම ඔයාට ඔයාගේ paint box එක අරගෙන ආවා.එදා ඔයාට මේ ටික ගෙනියන්න බැරි වුන එක ගැන ඔයා දුක් වුනානේ.දැන් ඉතින් ඔයාට ඕනේ තරම් චිත්‍ර අදින්න පුළුවන්."
"Joonie Hyung ,මේ පොත ...මම මේක ඔයාට birthday එකට දෙන්න හිටියේ.ඒ වුනාට දැන්ම මේක දුන්නනම් හොදයි කියල හිතුනා.මම දන්නවා hyung මේ පොත කියවන්න ගොඩක් ආසාවෙන් හිටියේ කියලා.මම hyung ගේ පොත් ඔක්කොම කියවන්නයි හිතාගෙන ඉන්නේ "
"Hobi hyung එදා අපි ගෙදර ආවම ඔයාට මේ album එක ගන්න යන්න ඕනේ කිව්වා මතකද?ඔයා කිව්වේ අපි දෙන්නම එකට ගිහින් මේක ගමු කියලා.ඒ වුනාට බලන්න මට මේක තනියම ගන්න යන්න වුනා..."
Jungkook bag එකෙන් එලියට ගත්ත හැම දෙයක්ම පිළිවෙලට ගහ මුලින් තියන ගමන් හිනා වේවි කිව්වා.
"Jiminie hyung මම ඔයාව අමතක කලේ නැහැ.ඔයයි මායි trip එකට කලින් දවසේ බඩු ගන්න ගිය වෙලාවේ මේ සපත්තු දෙක දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා මම දැක්කා.මම හිතන්නේ මේ size එක ඔයාට ඇති වෙයි"
Jungkook bag එකෙන් සුදු පාට සපත්තු ජෝඩුවක් අරගෙන ගහ මුලින් තිබ්බා.ගහ මුලින් තියපු හැම දෙයක්ම ආයේ පාරක් අතගාපු Jungkook ඔලුව උස්සල එක කොළයක්වත් නැති අතු විතරක් විහිදිලා ගියපු ගහ දිහා බැලුවා
"Hyung මට ඔයාලා නැතුව පාලුයි...ඔයාලව ගොඩක් මතක් වෙනවා...."
Jungkook ගහ මුල වාඩි වෙලා කඳට හේත්තු වෙලා නවගත්ත දනිස් දෙක උඩින් ඔලුව් තියාගෙන කිව්වා...
"Hyung මට අඩන්න එපා කියන්න එපා...මට මෙතන විතරයි ...මට ඔයාල ලග විතරයි මේ හැම දෙයක්ම කියල නිදහස් වෙන්න පුළුවන්.ඒත් මට කවදාවත් නිදහසක් දැනෙන එකක් නැහැ.මේ මතකය මගේ හිතේ තියෙන තාක් කල් මේ අමුතු හැගීම මගේ හිතේ හැමදාටම තියේවි...මට මේ මතකය අමතක කරන්න බැහැ hyung...මට බැහැ ඒක අමතක කරන්න.මොකද ඒ මතකයේ තමයි මම ඔයාලව අන්තිම වතාවට දැක්කේ.මට බයයි hyung ...මට බයයි මම මේක අමතක කලොත් මට ඔයාල ඔක්කොම අමතක වෙයි කියලා...එදා වුන හැමදෙයම මට හොදටම මතකයි...මම මොනදේ කලත් ඒ හැම දෙයක්ම හැම දවසකම මට මැවී මවි පේනවා hyung..."
Jungkook අතින් කම්මුල් දිගේ ගලාගෙන යන කදුළු හිමින් සැරේ පිහදාන ගමන් දිගටම කතා කළා
"හැම දෙයක්ම ආයේ තිබුන විදිහමයි.කිසිම කෙනෙක්ට කිසිම දෙයක් මතක නැහැ.හරියට කිසිම දෙයක් වුනේ නැහැ වගේ. ඒත් hyung මට තව දුරටත් එහෙම ජීවත් වෙන්න බැහැ.වෙලාවකට හිතෙනවා ඇයි මම තාමත් ජීවත් වෙන්නේ කියලා.ඇයි මම විතරක් බේරුනේ කියලා.hyung මම ජීවත් වුනත් මම සැනසීමක් නැති කෙනෙක්.මම මෙහෙම ජීවත් වෙලා මොකටද මගේ ලෝකෙන් බාගේකටත් වඩා මැරිලා ගියාට පස්සේ.මම දන්නේ නැහැ hyung මොන දෙයක් නිසා මම බේරුනාද කියලා.බේරුනාටත් වඩා මම තවත් ලොකු අගාදයකට වැටිලා වගේ මට හිතෙන්නේ.ඔයාල ඔක්කොම සතුටින් ඉන්නවා ඇති නේද ? ඔයාල ඔක්කොම එකට නිසා.ඒත් මම තාමත් එතනමයි.තනියම...මගේ මුළු ජීවිතේම වුනේ ඔයාලා....ඒත් කවදාවත් හීනෙකින්වත් නොහිතපු විදිහට ඔයාලා ඔක්කොම මාව දාලා ගිහින්.ඇයි එහෙම කලේ? ඇයි ඔයාල මට ඒ තරම් නපුරු වුනේ ? ඔයාලට මාවත් අරගෙන යන්න තිබුනා..එදා මම කෑගැහුවා මට තව ජීවත් වෙන්න ඕනේ කියලා..මට දැන්ම යන්න බැහැ කියලා.එදා මම එහෙම කෑගැහුවට මම හිතුවේ නැහැ මට හැමදාටම මේ වගේ තනියම ජීවත් වෙන්න වෙයි කියලා.මෙහෙම වෙයි කියලා මම එදා දැනගෙන හිටයනම් මම එහෙම කෑගහන්නේ නැහැ.මට සමාවෙන්න hyung මට එදා ඔයාල එක්කම ඉන්න තිබුනා.එහෙම වුනානම් මම විතරක් තනි වෙන්නේ නැහැ."
Jungkook ගේ ඇස් රතු වෙලා.තවමත් ගලාගෙන ආපු කදුළු නතර වෙලා නැහැ.තව දුරටත් ඒ කදුළු පිහදාන්න Jungkook උත්සහ කලෙත් නැහැ.
Flashback
"Yaaa Kim Namjoon ඕක මගේ scarf එක....දන්නවද ඕක කීයක් වෙනවද කියලා
Yoongi කෑගහගෙන ගිහින් Namjoon අතේ තියාගෙන හිටපු scarf එක ඇදල අරගෙන බෙල්ල වටේ ඔතාගන්න ගමන් කිව්වා..
" හරි හරි hyung මම දන්නවා ඒක ඔයාගේ කියලා මම මේ නිකන් අතට ගත්තේ "
Namjoon ඔලුවත් කස කස කිව්වේ දැන් ටිකකට කලින් Yoongiට හොරෙන් scarf එක උස්සන්න හැදුවේ නැහැ වගේ
"මොකද්ද දෙය්යනේ නිදා ගන්න දෙන්නකෝ මට...මෙතනත් වළි දාගන්න ගත්තද දෙන්නා "
Jin පෙරවගෙන හිටපු රෙද්ද අයෙමත් ඔලුවේ ඉදල පොරව ගන්න ගමන් කිව්වා
"hyung අපි මේ යන්නේ trip එකක්...නැතුව නිදා ගන්න නෙමෙයි මෙහෙට ආවේ..."
Hoseok අයෙමත් Jin පොරවාගෙන හිටපු රෙද්ද ඇදල ගත්තේ Jin මූණත් දෙක කරගෙන නැගිටිද්දී
"ඒක නෙමෙයි අර පොඩි උන් තුන්දෙනා මොනවා කරගෙනද දන්නේ නෑ...අපි හතර දෙනා මෙතන එක cabin එකක ...cabin එක ඉතුරු වෙලා තියෙනවද දන්නෙත් නැහැ..."
"ගිහින් බලමුද? මොකෝ කියන්නේ ?"
Jin හීනියට හිනා වෙලා කිව්වා...අනිත් කට්ටියත් ඔලුව වනලා cabin එකෙන් එලියට ගියපු Jin ගේ පස්සෙන් ඇවිදගෙන ගියා
"පුදුම සීතලක්නේ තියෙන්නේ "
Hoseok අත් දෙකෙන්ම එයාවම බදාගෙන මහා හයියෙන් කෑගැහුවා
"කෑගහන්න එපා මනුස්සයෝ teachers ලට ඇහුනොත් අපි ඔක්කොම ගස් "
කට්ටියම Hoseok දිහා බලපු නිසා Hoseok එයාගෙම ඇගිල්ල කට උඩින් තියාගෙන ඔලුව වැනුවා..
"මම කිව්වා ඔයාලට මෙහෙම සීතල වෙයි කියලා.බලන්න මගේ මේ scarf එක නිසා මට නම් සීතල අඩුයි..."
"ඒ පාර අනිත් එක්කෙනා පටන් ගත්තා...Yoongi ඔයාගේ ඔය මහා ලොකු scarf එකේ කතාව අහල අහලම මට දැන් ඇති වෙලා "
Jin කියද්දීම Namjoon කට්ටියම අතින් පස්සට කරලා සද්ද කරන්න එපා කියලා අතින් පෙන්නුවා.කට්ටියම බිත්තියට හේත්තු වෙලා බලාගෙන හිටියේ ඉස්සරහින්ම හිටපු Namjoon ආයේ කතා කරනකන්...ටිකක් වෙලා හිටපු Namjoon ඔලුව වනලා යමු කියල කිව්වා
"මොකෝ වුනේ ?"
"කව්රු හරි ගියා එතනින් "
"හපෝ ඒකද මම හිතුවා principal වත් එන්න ඇති කියලා "
Yoongi කටත් ඇද කරගෙන කිව්වේ Namjoon දිහා බලලා
"මේ මුහුද මැද්දට principal එනවද Yoongi "
Jin ඔලුවත් දෙපැත්තට වන වන කිව්වේ Yoongi එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ කියලා
"අර තුන්දෙනා මොන cabin එකේද ඉන්නවා කිව්වේ?"
Namjoon පිටිපස්ස හැරිලා Jin Yoongi Hoseok දිහා බලල ඇහුවා
"35 ද කොහෙද"
"අතන තියෙන එක මම හිතන්නේ "
හතර දෙනාම තමන්ගේ වයසින් පොඩි මොලෙන් ලොකු සහෝදරයෝ තුන්දෙනාව හොයාගෙන cabin එක ඇතුලට ඇවිදගෙන ගියා....හැබැයි Hoseok ට හිතුනේ එතනට නොගියානම් හොදයි කියලා.තුන් දෙනාගේ ඇඳුම් තැන තැන දාලා.සපත්තු ඇඳවල් උඩ,මේස් කොට්ට උඩ,bag එහෙම්මම ඇරලා දාලා...
"දෙය්යනේ මෙහෙම දෙයක් දකින්නද මම මෙතනට අවේ මේ උදේම නැගිටලා.."
Hoseok ඔලුවත් අල්ලාගෙන කෑගහනවා...
"Hobi hyung "
Jimin ඇදක් යට ඉදන් එලියට එන ගමන් අහිංසකයා වගේ ඇහුවේ ලස්සන හිනාවකුත් දාලා..
"කෝ අනිත් දෙන්නා "
Jin ඉනට අත් දෙකත් තියාගෙන කෑගහන්න ගත්තා...
"අපි මෙහෙ "
Jungkook Taehyung දෙන්නා අනිත් පැත්තේ තිබුන ඇඳ යට ඉදලා එලියට අවා
"ඔයාල මොකද්ද මේ මෙතන නටල තියෙන නැටුම "
Yoongi ඇස් දෙකත් හීනි කරගෙන කිව්වේ කලින් හිනා වෙලා හිටියට දැන් බය වෙලා Yoongi දිහා බලාගෙන හිටපු Jimin,Jungkook ,Taehyung ට
"හරි හරි දැන් ඇති මේක trip එකක්නේ Yoongi hyung ...ඔන්න ඕක අතෑරලා දාමු "
Hoseok ගිහින් ඇඳකට පනින ගමන් කිව්වා...
අනිත් තුන්දෙනත් cabin එක ඇතුලට ආවේ Jimin ගේ ඔලුවට පොඩි තට්ටුවක් දාගෙනමයි
"ළමයි කන්න දෙයක් නැද්ද? දැන්නම් හොදටම බඩගිනියි"
Jin බඩත් අත ගගා Jungkook දිහා බැලුවේ කොල්ලා ගාව ඕනේ වෙලේක කන්න කෑම තියෙනවා කියල දන්නා නිසා
"Sorry hyung omma දීපු ඔක්කොම කෑම ටික අපි තුන්දෙනා කෑවනේ"
Jungkook කියද්දී Jin ගේ මූණ අල ගෙඩියක් වගේ වුනා
"අවුලක් නැහැ hyung කොහොමත් තව ටිකකින් කන්න එන්න කියයි.තාම 8.30 යිනෙ.."
Namjoon කිව්වේ අතේ බැදලා තිබුන ඔරලෝසුවෙන් වෙලාව බලලා
"අපි 9ට විතර එලියට යමු...මේක ඇතුලටම වෙලා ඉන්න බැහැනේ "
"ඒක තමා..මෙච්චර ලස්සනට මුහුදක් තියෙද්දී වටේටම අපි මොකද්ද මේ කරන්නේ "
"අනේ මෙන්න සාගර ජීව විද්‍යාඥයා දෙශනේ පටන් ගන්න යන්නේ ...අනේ please Namjoon ඕක නම් එපා "
Hoseok කියද්දී අනිත් අයත් ඔලුව වැනුවා
"හරි හරි දවසක මම ඔයාලව එකකගෙන යන්නං මේ වගේම නැවකින් ...එක්කගෙන ගිහින් මම ඔයාලට එදාටනම් මුහුද ගැන කියලා දෙනවමයි...ඔන්න බලන්නකෝ මම එහෙම නොකරයිද කියලා"
Namjoon ලොක්කා වගේ කිව්වා
"එහෙනම් මම කවදාහරි මගේම concert එකක් කරන දවසක ඔයාලට vip ticket දෙන්නම්කො"
Hoseok කිව්වේ සතුටින් ඇස් දෙකත් දිලිසෙනකොට
"මතක තියාගන්න Hobi ඔයා කියන සින්දු ඔක්කොම compose කරන්නේ මම...Producer Min Yoongi "
Yoongi කිව්වේ සින්දුවක් compose කරනවා වගේ රගපාන ගමන්
"ඇයි ඔයාල විතරද මායි Jungkookie යි art exhibition එකක් තියෙනවා..ඒකෙ ticket එකක ගාන ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි..නැද්ද Jungkookie "
Taehyung කියද්දී Jungkook ඔලුව උඩට පහලට කලේ හරිම serious විදිහට...
"මමනම් dance academy එකක් පටන් ගන්නවා...ඔයාලගේ බබාලව එවන්න මගේ dance academy එකට "
Jimin කියද්දී කට්ටියම හිනා වුනේ බඩවලුත් අල්ලගෙන
"ඒ ළමයි ටිකත් ඉවරයි ඉතින් මෙයාගෙන් ඉගෙනගත්තොත් "
"අමතක කරන්න එපා Jimin ඒ වෙනකොට මම තමයි කොරියාවේ ලොකුම businusse කාරයා....ඒ නිසා ඔයාල ඔක්කොටම මට sponcer කරන්න පුළුවන් වෙයි "
අතින් බෙල්ලේ බැදගෙන හිටපු tie එක තදකරන ගමන් Jin කිව්වා
හැමෝම හිටියේ තමන්ගේ අනාගතේ ගැන කතා කරන ගමන්.එක එක හීන ගොඩක් ..හැම අතකටම විහිදිලා ගියපු හීන..හැමෝම හිටියේ ගොඩක් සතුටින්...මේ හත්දෙනා විතරක් නෙමෙයි නැව ඇතුලේ හිටපු හැම කෙනෙක්ම හිටියේ ගොඩක් සතුටින්..තමන්ගේ යාලුවෝ එක්ක ගොඩක් සතුටින් තමන්ගේ හීන ගැන කතා කර කර හිටපු මේ අය කිසිම වෙලාවක හිතන්නේ නැතුව ඇති ඒ හැම හීනයක්ම කිසිම දවසක හැබෑ කරගන්න පුළුවන් නොවී එයාල එක්කම මුහුද යටටම ගිලිලා යයි කියලා...
හැම ළමයෙක්ම නැවට නැග්ගේ හිතේ සතුට පුරවගෙන...Incheon port එකෙන් Jeju දූපතට පිටත් වුන නැව ඇතුලේ මිනිස්සු 475 දෙනෙක්.ඒ අතරේ තමන්ගේ යාලුවෝ එක්ක විනෝද ගමනක් යන්න ආපු ළමයි 375ක්.හීන ගොඩක් අරමුණු ගොඩක් ඒ හිත්වල පිරිලා තිබුනා....
Bạn đang đọc truyện trên: Truyen247.Pro