Dreams
"මේ එලියට යමුද ?"
කට්ටියම cabin එකෙන් එලියට ආවේ වට පිටාව බලන්න.මුහුදේ කිසිම රළු කමක් නැහැ.වෙනදා වගේම පොඩි හුලගක් තිබුනා.හැබැයි පොඩි සීතලක් නොතිබුනාම නෙමෙයි.හැමෝම තමන්ගේ hoodie ඇතුලේ pocket වලට අත් දාගෙන මුහුද දිහා බලාගෙන හිටියා.මුහුදේ කිසිම හැලහොල්මනක් නැහැ හැබැයි ඒ සන්සුන්කමේ මහා බයානක කමක් තිබුනා කියලා මුහුද දිහා බලාගෙන හිටපු මේ කොල්ලෝ හත් දෙනා දැනගෙන හිටියේ නැහැ...මුහුද මේ සන්සුන් වෙලා ඉන්නේ තව පැයක් ඇතුලත ජීවිත සිය ගානක් බිලිගන්න කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ..
එක පාරම මහ සද්දයක් එක්ක කොල්ලෝ හත් දෙනා හිටපු නැව් තට්ටුව හෙල්ලුනා...
"මොකද්ද ඒ වුනේ..."
හැමෝම කලබල වෙලා වට පිට බැලුවේ ලග තිබුන අත් වැට අල්ලගන්න ගමන්...
"මොනවා උනත් මෙතන ඉන්න එක හොද දෙයක් නෙමෙයි...අපි ඇතුලට යමු..."
Namjoon කියද්දී කොල්ලෝ හය දෙනාම Namjoon ගේ පස්සෙන් කලින් හිටපු cabin එක ඇතුලට ගියා.එයාල හත් දෙනා විතරක් නෙමෙයි කලබල වෙලා හිටියේ.හැම cabin එකකම ළමයි කලබල වෙලා තිබුනා.Teachers ල පවා බය වුන මූනකින් බලාගෙන හිටියා...කොල්ලෝ හත් දෙනාම එකම cabin එකක් ඇතුලට ගියේ මොකක්ම හරි වෙන්න යන්නේ කියල දැනුන නිසා..හතර දෙනෙකුට විතරක් වෙන් කරලා තිබුන cabin එක ඇතුලේ කොල්ලෝ හත් දෙනාම ඇදවල් දෙකක වාඩි වෙලා හිටියා...
"ඉන්න මම බලන්නම් මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා "
නැව එන්න එන්නම ටිකෙන් ටික ගැස්සෙන නිසා Namjoon cabin එකෙන් එලියට යන්න හැදුවේ teacher කෙනෙක් ගෙන්වත් මේ ගැන දැනගන්න
"Joon hyung යන්න එපා..."
Jungkook එකපාරට කගපු විදිහට Namjoon නැගිට්ට තැනම එහෙම්මම ඉන්දවුනා...හැමෝම Jungkook දිහා බැලුවේ බය වෙලා...Jungkook ගේ මූණ ඒ වෙනකොටත් හොදටම බය වුන පෙනුමක් තිබුනේ...හැමෝම ඒ නිසාම Namjoon ට ඉන්න තැනම ඉන්න කියල කිව්වත් ඒ අයගේ හිතෙත් Jungkook ගේ හිතේ තිබුන තරම්ම බයක් තිබුනා...
"Jungkook ah බය වෙන්න එපා.මුකුත් වෙන එකක් නැහැ...මම හිතන්නේ නැවේ engine එක කැඩිලා වෙන්න ඇති මේ...එයාල ඉක්මනටම මේක හදයි"
Yoongi හිතේ බයක් තිබුනත් ඒක හංගගෙන අනිත් අයගේ බය නැති කරන්න උත්සහ කළා...
මෙම නිවේදනය සියලුම මගීන්ටයි.සියලුම දෙනා කරුණාකර තමන් ඉන්න තැනම රැදී සිටින්න.මෙන්න නැවතත් එම නිවේදනය හදිසි තත්වයක් ඇති වී ඇති බැවින් කරුණාකර තමන් ඉන්න තැනම රැදී සිටින්න.ස්තුතියි
"hyung ඇයි මේ...මට නම් හිතෙන්නේ නැහැ මේක සාමාන්‍ය දෙයක් කියලා.."
Jimin හිටියේ අඩන්න ඔන්න මෙන්න
"Joon වෙලාව කීයද ?"
Jimin ගේ ප්‍රශ්නේ මගාරින්නත් එක්ක Jin Namjoon ගෙන් ඇහුවා..
"8.58 hyung "
Namjoon කියලා අයෙමත් Taehyung Jungkook Jimin තුන් දෙනා දිහා බැලුවා.තුන්දෙනාම එකට ගුලි වෙලා හිටියේ හොදටම බය වෙලා..Namjoon හොදටම දැනගෙන හිටියා මොකද්ද වෙන්නේ කියලා...Namjoon දැනගෙන හිටියා ඇයි එකපාරම නැව ගැස්සුනේ කියලා.Namjoon දැනගෙන හිටියා මේ වෙනකොටත් නැව ඇතුලට වතුර එන්න පටන් අරගෙන කියලා..නැව් ගැන මුහුද ගැන Namjoon internet එකේ පත්තර වල තියෙන ලිපි ඕනේ තරම කියවල ඇති.නැව් ගිලෙන හැටි,කොහොමද එහෙම වෙන්නේ කියන එක Namjoon අනන්තවත් videos වලින් දකින්න ඇති...හැබැයි Namjoon ඒ එක video එකක්වත් බලනකොට හිතුවේ නැහැ තමන්ගේ ජීවිතෙත් ඒ විදිහටම ඉවර වෙයි කියලා..Namjoon කවදාවත් හිතුවේ නැහැ එයා එයාගේ හීනේ වෙනුවෙන් ඉගෙන ගන්න දේවල් එයාට ඇත්තටම ජීවිතේදී මුහුණ දෙන්න වෙයි කියලා.ඒ හීනේ හැබෑ කරගන්නත් කලින්ම එයා ඒ හීනේ දාලා යයි කියලා....
"මේ අහන්න හැමෝම "
Namjoon ගේ දිහා හැමෝම බැලුවේ මේ වෙලාවේ Namjoon කියන්න යනදේ අහගන්න
"මට ඔයාලව බය කරන්න ඕනේ නැහැ.ඔයාලා බය වෙන්නත් එපා..දැන් මේක වෙලා ඉවරයි...අපි කොහොම හරි දැන් මේකට මුහුණ දෙන්න ඕනේ...ඔයාල කිසිම කෙනෙක් කිසිම හේතුවක් නිසා මම මේ කියන දේ ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා "
Namjoon එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා...අනිත් හැමෝම දැනගෙන හිටියා Namjoon කියන්න යන්නේ හොද දෙයක් නම් නෙමෙයි කියලා
"මේ නැව ඇතුලට වතුර එනවා.."
හැමෝගෙම ඇස් ලොකු වුනේ පුදුමයෙන්
"Namjoon මේක විහිලු කරන වෙලාවක් නෙමෙයි..."
Jin ගේ ඇස් වල කදුළු පිරිලා තිබුනා
"නැහැ Hyung මේක විහිළුවක් නෙමෙයි.මට ඒක දැන දැනත් ඔයාලට නොකියා ඉන්න බැරි නිසයි කිව්වේ..දැන් කලබල වෙන්න එපා.අපි හත් දෙනාම මෙතන එකට ඉන්නේ.බය වෙන්න දෙයක් නැහැ.අපිට මුකුත් වෙන්නේ නැහැ.එයාල ඉක්මනටම මෙතනට බෝට්ටු එවයි..."
Namjoon එහෙම කිව්වත් Namjoon ගේ හිතෙත් අනිත් අයගේ හිතේ වගේම ලොකු බයක් තිබුනා..
"omma "
හැමෝම හැරිලා බැලුවේ Jungkook දිහා...Phone එකත් කනේ තියාගෙන හිටපු Jungkook ගේ ඇස් දෙකෙන්ම කදුළු බේරුනා...අනිත් අයත් Jungkook ව නවත්තන්න ගියේ නැහැ
"omma අපි ඉන්න නැව ඇතුලට වතුර එන්න අරගෙන "
"නැහැ අපි හත් දෙනාම එකට ඉන්නේ
"හරි omma..මට තේරුනා...omma appa hyung saranghe "
Jungkook phone එක කන ගාවින් අයින් කලේ හොදටම අඩන ගමන්
"Kookie omma මොකද කිව්වේ ?"
Jimin Jungkook ගේ ඔලුව අතගාන ගමන් කිව්වා..
"අපි හත් දෙනාම හොදින්ද ඇහුවා...teachers ල කියන විදිහට කරන්න කිව්වා..බය වෙන්න එපාලු අපිට කරදරයක් වෙන එකක් නැහැලු"
Jungkook අඩන ගමන්ම කිව්වේ අනිත් අයත් Jungkook දිහා බලාගෙන ඉද්දි..
ඒත් එක්කම එකපාරටම හැමදේම අනිත් පැත්තට වැටෙන්න ගත්තා
"හැමෝම ඉන්න තැන් වලම හයියෙන් අල්ලගන්න..."
Namjoon කෑගහපු පාර හැමෝම ඉදගෙන හිටපු ඇදවල්වල ඇන්දෙන්ම තද කරලා අල්ලගත්තා
කෙලින් තිබුන නැව හෙමින් හෙමින් ඇල වෙන්න ගත්තා..
cabin එකේ ඇරලා තිබුන දොරෙන් එහා පැත්තේ cabin එකේ ළමයිනුත් බයේ කෑ ගහන හැටි Namjoon ට ඇහුනා...
"කිසිම කෙනෙක් බය වෙන්න එපා.හය්යෙන් අල්ලගෙනම ඉන්න."
Namjoon ඒ cabin එකේ හිටපු අයටත් ඇහෙන්න කෑගහල කියලා ආයේ තමන්ගේ යාලුවෝ ටික දිහා බැලුවා..Jin ගේ මූනේ කදුළු ගලා ගෙන ගියා...හැබැයි Jin කිසිම වචනයක් කතා නොකර ඔහේ බලාගෙන හිටියේ තමන්ගේ වටේ මොනවද වෙන්නේ කියලවත් අදහසක් නැතුව.Yoongi ගේ මූනේ කිසිම හැගීමක් තිබුනේ නැහැ.Hoseok ගේ මූනේ දුකක් තිබුනේ නැහැ Hoseok බලාගෙන හිටියේ Jungkook Jimin Taehyung එකට ගුලිවෙලා බයෙන් බලාගෙන ඉන්න දිහා...කොච්චර වයසින් ලොකු වුනත් මේ අවුරුදු 17 කොල්ලෝ තුන් දෙනාට අනික් හතර දෙනා සැලකුවේ පොඩි ළමයි තුන් දෙනෙකුට වගේ.තමන්ට වඩා අවරුදු දෙකක් විතරක් පොඩි වුනත් අනිත් හතර දෙනාට මේ තුන්දෙනා එයාලගෙම සහෝදරයෝ වගේ.ඒ සහෝදර කම ඇතුලේ ලේ බැදීමක් නොතිබුනත් ඒ බැදීම ඊටත් වඩා ගොඩක් ශක්තිමත් බැදීමක්.
මේ වෙනකොට නැව අංශක 60 කටත් වඩා බිමට හැරිලයි තිබුනේ.නැව ඇතුලේ කලබල ගොඩක් වෙමින් තිබුනා.නැවේ පරිපාලනය මේ වෙලාවේ මොන වගේ වෙනවද කියලා නැවේ හිටපු කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ.ඒ පරිපාලනයෙන් එයාලව බේරගනයි කියලා මේ හිත් වල බලාපොරොත්තුවක් තිබුනා.මුහුද මැද්දේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම ගිලුණු නැවක ඉන්න අවරුදු 17 ,18,19 ළමයි 375කට මේ වෙලාවේ නැවේ පරිපාලනය ගැන විශ්වාස කරනවා හැර වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ...
"Jungkookie මට ඔයාගේ phone එක ටිකකට දෙනවද ?"
Jin ඉල්ලද්දී Jin වාඩි වෙලා හිටපු ඇදට යට ඇඳෙ හිටපු Jungkook phone එක Jin ට දුන්නා
කිසිම කෙනෙක් අතරේ කිසිම කතා බහක් තිබුනේ නැහැ.අඩුම තරමේ teacher කෙනෙක්වත් මේ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල කියන්න එතනට ආවේ නැහැ.හැම ළමයෙක්ම මේ කොල්ලෝ හත් දෙනාත් ඇතුළුව හිටියේ ගොඩක් අසරණ වෙලා.නැවට නගිනකොට කිසිම කෙනෙක්ගේ හිතේ මේ වගේ අදහසක් තිබුනේ නැහැ .හැමෝම සතුටින් හිටියේ.ඒ ත් දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙලා.හැමෝගෙම හිත්වල තිබුනේ බයක් .තමන්ගේ ජීවිතේ ගැන..
"aish මේ phone එකේ call එකක්වත් ගන්න බැහැ "
Jin Jungkook ගේ phone එකට අගිල්ලෙන්දිගටම තට්ටු කරන ගමන් තරහින් කෑ ගැහුවා..
"Hyung කෑගහන්න එපා.call එකක් ගන්න තරම් signal මදි ඇති.massage එක්ක දාන්න ඕනෙමනම් "
Namjoon කිව්වේ Jin කෑගහන්නේ තරහින් නෙමෙයි දුක පිටකරගන්න කියල දන්නා නිසා
"Joon මේ මම මගේ ගෙදර අයට කතා කරන අන්තිම වතාව වෙන්නත් පුළුවන්.මම කොහොමද මෙහෙම හැම දේම එකපාරටම දාලා යන්නේ "
Jin ඇස් දෙකේම කදුළු පුරවාගෙන කිව්වා.කිසිම කෙනෙක් මුකුත් කියන්න ගියේ නැහැ..
අන්තිමේදී Jin ඇස් වල කදුලුත් පුරවගෙන massage එකක් type කරන්න ගත්තා
මම ඔයාලගේ Jin.අපි ඉන්න නැව දැන් ගිලෙන්නයි යන්නේ.මම දන්නේ නැහැ මට ආයේ ගෙදර එන්න පුළුවන් වෙයිද නැද්ද කියලා.එහෙම එන්න පුළුවන් වුනොත් අපි අයෙත් එකට beach එන්නේ නැතුව ඉමු.මම දැන් මුහුදට බයයි.Saranghe omma appa.hyung වත් මතක් කළා කියන්න.
Bạn đang đọc truyện trên: Truyen247.Pro