♡20.
Kookie
-ඔයා කොහෙද ඉන්නේ ?
-දැනටමත් classes පටන් අරගෙන
-Jungkook ඔයාව හැමතැනම හොයනවා
Sunghee
-මට සනීප නෑ
-උණ හොඳටම..ඒ මදිවට පුදුම සීතලක් තියෙන්නේ
-අද මට collage එන්න වෙන්නේ නෑ
Kookie
-omg
-ඔයා ළග බෙහෙත් තියෙනවද ?
Sunghee
-නෑ
-ඒ වුනාට ටිකක් නිදා ගත්තම ඕක අඩුවෙලා යයි
-වද වෙන්න එපා
-Jungkookට කියන්න අද මට එන්න වෙන්නේ නෑ කියලා
Kookie
-හරී
-ඒ වුනාට පරිස්සමින්
-වතුර වැඩියෙන් බොන්න
-වැඩිය දගලන්න යන්න එපා
Sunghee
-ඔයා කතා කරන්නේ මගේ අම්මා වගේනේ :D
Kookie
-මම ඔයාගේ අම්මා නෙමෙයි
Sunghee
-පොඩ්ඩක් ඉන්න කව්රුහරි මගේ දොරට ගහනවා
-මම කවුද බලලා එන්නම්
-පොඩ්ඩක් ඉන්න
"Jungkook ?"
තමන්ගේ boyfriend dorm එකේ දොර ඉස්සරහා හිටගෙන ඉන්නවා දැක්ක Sungheeගේ හුස්ම හිරවෙන්න වගේ ආවා..Jungkookව ඇතුළට ගන්න කලින් දොරෙන් එලියට ඔලුව දාපු Sunghee හොඳට වටපිට බැලුවේ කව්රුහරි Jungkook girls dorm එකේ ඉන්නවා දැක්කොත් දෙවෙනි ලෝක යුද්ධෙටත් වඩා ඒක බරපතල වෙන නිසා.
"මොනාද ඔයා මෙතන කරන්නේ "
Sunghee කියනවත් එක්කම ලොකු කිඹුහුමකුත් ඇරියා.ඒත් එක්කම Jungkook සාක්කුවෙන් ගත්ත ලේන්සුවක් Sungheeට දුන්නේ ලොකු හුස්මකුත් පිට කරන ගමන්.
"ඊළඟ පාර වැඩිපුර බෙහෙත් ටිකක් ගෙනත් dorm එකෙන් තියාගන්න.හදිස්සියකදී ඕනේ වෙනවනේ "
අතේ තිබුන බෙහෙත් ටික Sungheeගේ අතින් තියනගමන් කොල්ලා කිව්වේ තමන්ගේ girlfriend ගැන ගොඩක් වදවෙනවා කියලා පෙන්නන්න.පෙන්නන්න නෙමෙයි.ඇත්තටම කොල්ලා ගොඩක් වදවෙනවා තමයි.
"බෙහෙත් බොන්න බෑ..ඒවා තිත්තයි"
Sunghee Jungkookවත් පස්සට තල්ලු කරලා දාලා,ආයෙමත් ඇඳට ගිහින් blanket එකත් පොරවගෙන හොඳට ගුලි වුනේ කොල්ලා ඇවිත් උස්සගෙන යයි කියලා වගේ.ආයෙමත් හයියෙන් හුස්මක් ගත්ත Jungkook මේසේ උඩ තිබුන කෝප්පෙට වතුර එකකුත් පුරවගෙන කෙල්ලගේ ඇඳ ළඟින් වාඩි වුනා."මේක බීලා ඉන්නවා " කොල්ලා කිව්වේ තරහින්.Jungkook කතා කරපු විදිහට කෙල්ලට තේරුනා කොල්ලා තරහින් ඉන්නේ කියලා.ඒ නිසා බයටත් එක්කම Sunghee වතුර කෝප්පේ අතට අරගෙන බෙහෙත් ටික බිව්වා.ආයෙමත් කෙල්ලගේ අතින් කෝප්පේ උදුරලා වගේ අරගත්ත Jungkook ඒක ඇඳ ළඟ තිබුන පොඩි මේසේ උඩින් තියලා කෙල්ලගේ දිහා හොදට බැලුවා.
"ඔයා මම එවපු messages කියෙව්වද ?"
Jungkook අහද්දී කෙල්ලගේ ඇස් දෙක ලොකු වුනා
"ඔයා මට message කලාද? "
Sunghee phone එක අරගෙන unlock කළේ Jungkook messages එවලා තියෙනවා කියලා දැක්කේ නැති නිසා
"ඔයා මුකුත් එවලා නෑ"
phone එකේ කිසිම message එකක් නැති නිසා phone එක Jungkookගේ මූනට දික් කරන ගමන් කෙල්ල කිව්වා
"මගේ දිහා බලන්න "
Jungkookගේ තද දුඹුරු පාට ඇස් Sungheeගේ ඇස් එක්ක කෙලින්ම ගැටුනේ දෙන්නම ටික වෙලාවකට ගල් වෙලා අනික් කෙනාගේ ඇස් දිහා බලා ගෙන ඉද්දි.හරියට ඇස් ඇතුලේ රහසක් හොයනවා වගේ.
"මම කවුද ?" කොල්ලා ඇහුවා.
"Jeon Jungkook " Sunghee කියද්දී Jungkook ඔලුව දෙපැත්තට වැනුවේ වැරදියි කියලා පෙන්නන්න
"මගේ boyfriend ?" ආයෙමත් කොල්ලා ඔලුව දෙපැත්තට වැනුවා
"මම Kookie.ඔයාගේ එකම එක cuteම cute Kookie " Sungheeගේ අතේ තිබුන phone එක උදුරලා අරගෙන උඩින්ම තිබුන Kookie ගේ chat එක open කරලා පෙන්නන ගමන් Jungkook කිව්වේ හරිම අහිංසක විදිහට.
Kookie
-මම ඔයාගේ boyfriend Jungkook
"මොකද්ද ඔයා මේ කියන්නේ ?" පුදුම වුන Sunghee phone එක අතට අරගෙන බැලුවේ මේකත් Kookieගේ lame විහිලුවක්ද දන්නේ නෑ කියලා හිතුන නිසා.
"Kookie කියන්නේ මගේ nickname එක.මම ඔයාගේ Jungkook.ඒ වගේම ඔයාගේ cute Kookie"
Sunghee තාමත්පු දුමයෙන් තමන්ගේ ඉස්සරහා ඉන්න Jungkook දිහා බලාගෙන.ලාවට ලස්සන හිනාවක් කොල්ලගේ මූනේ ඇඳිලා ගියා.තාමත් ඇඳ උඩ වාඩි වෙලා ඉන්න Sungheeගේ ඉණ වටේට අත දාපු Jungkook කෙල්ලව තමන්ගේ දිහාවට ඇඳලා අරගෙන පපුවට හේත්තු කරගත්තා...කෙල්ලගේ heart එක වේගෙන් ගැහෙන හැටි Jungkookට ඇහුනේ තමන්ගේ heart එක ගැහෙන rythm එකත් එක්කම එකතු වෙලා.Sungheeගේ මූණ අතින් උස්සපු කොල්ලා , කෙල්ලගේ රෝස පාට තොල් උඩින් හාදුවක් තිබ්බා.හාදුව ඉවර වෙනවත් එක්කම ඇස් ඇරපු කෙල්ල Jungkook දිහා බලාගෙන හිටියේ හැගීම් දහස් ගානක් එක්ක.
"මම ගිය අවුරුද්දෙත් ඔයාට message කරන්න try කළා.ඒ වුනාට ඔයා මාව block කළා.මම ඔයාගේ phone number එක හොයාගන්නම ලොකු කට්ටක් කෑවා.Student council එකෙන් ඉල්ල ඉල්ල දවස් ගානක් හිටියා.දවස් ගානකට පස්සේ තමයි එයාලා මට number එක දුන්නේ.මම කොහොම හරි ඔයාව මගේ කරගත්තා.ඒ වුනාට මම දැනගෙන හිටියේ නෑ ඔයා මගේ ගැන හිතන්නේ කොහොමද කියලා.ඒ නිසා Kookieට අහිංසක ව්දිහට රගපාන්න වුනා ඒ ගැන දැනගන්න.sorrry "
Jungkook Sungheeව තදින් බදාගෙන කිව්වා.
"මම - "
"හරි..මම දැන් දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියලා.දැන් අපි Kookieව අමතක කරලා දාමු.මට දැන් ඔයාගේ Jungkook වෙන්න ඕනේ.ඔයාගේ yeobo වෙන්න ඕනේ."
Jungkook කිව්වේ හිනා වෙවී කෙල්ලගේ නළලට peak එකක් දෙන ගමන්
"saranghae"
Sunghee තදින් Jungkookව බදාගන්න ගමන් කිව්වේ අමුතු සතුටකින්
"මමත් ආදරෙයි"
~ END ~
Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story
Bạn đang đọc truyện trên: Truyen247.Pro