♡0.
Nari
-මෙහෙමයි..එයා ගොඩක් hot
-පුළුවන් වුනොත් මම එයාව කොහොමහරි යාලු කරගන්නවා
Sunghee
-මම මේ සීරියස්ලි කියන්නේ Nari
-ඔච්චර කොල්ලොන්ව යාලු කරගන්න එක නතර කරන්න
-මට පොඩ්ඩක් කියන්න දැනට ඔයාට කොල්ලෝ කීයක් ඉන්නවද කියලා
Nari
-මම හිතන හැටියට 3ක් විතර ඉන්න ඕනේ දැනට
-එතනින් එක්කෙනෙක් ගොඩක් hot
-තව එක්කෙනෙක් ගොඩක් පෝසත්...බැහැලා නාන්න තරම් සල්ලි
-එතකොට අන්තිම එක්කෙනා මට සලකන්නේ princess කෙනෙක්ට වගේ
Sunghee
-නියමයි..එහෙනම් මම ඔයාට Princess Nari කියන්නං උත්තමාවියනි
-මට දුකයි ඒ මනුස්සයා ගැන...එයාට තමා ඔයාගේ ඔක්කොම homework කරන්න වෙන්නේ
-පව් අසරණ ජීවිතේ
Nari
-පුහ්හ්හ්
-කව්ද අනේ ඕවා ගැන හිතන්නේ ?
-අනික එයයි මගේ පස්සෙන් එන්නේ
-එදා පන්තියේදී මතකනේ මාව දැකලා හිටපු හැටි
Sunghee
-එයා ඔයාගේ හැටහතර මායම් වලට රැවටිලා ඉන්නේ හලෝ
-කොහොම හරි , ඔයා අර කලින් කිව්ව hot කොල්ලා
-එයාවනම් දැලේ දාගන්න එක සෑහෙන අමාරු වෙයි ඔයාට
Nari
-හැම දේටම දක්ෂකමත් තියෙන්න ඕනේ කෙල්ලේ
-බලන්නකෝ මම ඒ කොල්ලවත් යාලු කරගෙන නෙමෙයිද පස්ස බලන්නේ කියලා
-හැම කෙල්ලෙක්ම හොයන්නේ ඉතින් ඒ වගේ කොල්ලෙක්නේ..huh
You
-ඔව් ඔව් ඒක ඇත්ත
-ඒකත් හරියන්ඩ කියලා මේ යාලුවා ප්රාර්ථනා කරනවා එහෙනං
-ඔයා ඉතින් මන් වගේ නෙමෙයිනේ.ඕවට හරි දක්ෂයිනේ
Nari
-මට නං තාම ඇත්තටම විශ්වාස නෑ ඔයා මගේ යාලුවෙක් වුනේ කොහොමද කියලා
-ඔයා වගේ NBSB කෙනෙක්
-අනික පොත් ගුල්ලෙක්
-huh එකම ලෝකෙක ඉරණම් දෙකක් කියන්නේ මේකට තමා
Sunghee
-දැන් වැදගත් ඉගෙනගන්න එක Nari
-මේ
-එහෙනම් මම යනවා හරිද
-හෙට මට test එකක් තියෙනවා
-පාඩම් වැඩ ටිකත් කරන්න අමතක කරන්න එපා හොඳේ !
Sunghee phone එකේ screen එක off කරලා මේසේ පැත්තක ගොඩ ගහලා තිබ්බ පොත් ගොඩ උඩට දාලා පොතක් අරගෙන පාඩම් කරන්න ගත්තා
Nari කියනවත් වගේ Sunghee නම් පොත් ගුල්ලෙක්ම තමයි.හැබැයි කෙල්ලම හිතලා පොත් ගුල්ලෙක් වුනේ නෑ.එහෙම වුනේ කෙල්ලට එයාගේ ommaයි appaයි අමාරුවෙන් හම්බ කරපු සල්ලි නාස්ති කරන්න ඕනේ වුනේ නැති නිසා.මුළු කොරියාවේම තියෙන collages වලින් හොඳම collage එකට Sungheeව දාන්න වියදම් වුන ගාන සුළු පටු ගානක් නෙමෙයි.
ආයෙමත් whatsapp notification එකක සද්දේ නිසා කෙල්ල පොතෙන් ඔලුව උස්සලා බැලුවේ 'ඒ පාර මොකාද' වගේ ' මූණකුත් හදාගෙන.ඇස් දෙකත් කරකවලා phone එක අතට අරගෙන කෙල්ල whatsapp open කරලා මුලින්ම බැලුවේ message කරලා තියෙන phone number එක දිහා.කෙල්ල save කරලවත් නැති number එකකින් ආව message එකක් !!!
XXXX-XXXXXXXXX
-Hello
- Hi girl
Sunghee
-මම හිතන්නේ ඔයා මේ වැරදි number එකකට message කරන්නේ
XXXX-XXXXXXXXX
-පිස්සුද අනේ මම හරි number එකට තමා මේ message කරන්නේ
-ඔයා Sunghee නේ
Sunghee
-ඔව් මම Sunghee තමයි
-ඔයා කොහොමද මගේ number එක හොයාගත්තේ ?
XXXX-XXXXXXXXX
-Sorry babe
-ඒ ගැනනම් කියන්න බෑ
-ඒකනම් රහසක්
✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧
To Be Continue
[Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story ]
Bạn đang đọc truyện trên: Truyen247.Pro