Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

16.Driver


"Joon ah ඔතනට මම එන්නද "

"මොකාආආ hyung ??? මාළුවෝ පීනනවද ?"

"මම එන්නද කියලා ඇහුවේ "

"තාප්පේ "

ආපහු එන්න විදිහක් නැතුව සෙනග අතරේ හිර වෙලා හිටපු Jin එහා පැත්තේ ඉදන් මහා හයියෙන් බෙරිහන් දෙනවා..ඒ අස්සේ Namjoon මේ ලෝකේ ගැලපීමක් නැති විකාර දේවල් කියවනවා.ඔව් ඉතින් කොහේ ඇහෙන්නද මහා හයියෙන් ඇහෙන music එක නිසා මනුස්සයෙක්ට නම් කොහෙත්ම කියන දෙයක් ඇහෙන්න විදිහක් නෑ...

නට නට ඉන්න සෙනග පීරගෙන Jin ඉස්සරහට එන්න ගත්තේ වතුර දෙබෑ කරගෙන එනවා වගේ .කොහොමින් කොහොම හරි Jin  Namjoon ඉන්න තැනට එනකොට කොල්ලා අන්තෙටම කාබාසිනියා වෙලා ඉවරයි ඉතින් 

"ආඅ hyung මාළු පීනනවා තමයි...උන් පියාඹන්නේ නැහැලු ...මෙන්න මේ hyung  තමා කියන්නේ "

Namjoon එහා පැත්තේ හිටිය කොල්ලෙක්ගේ පිටට  මහා හයියෙන්  පාරක් ගහන ගමන් කිව්වා 

"බලනවා Joon තමුසෙගෙ හැටි...අංක එකේ බේබද්දෙක් වගේ "

Jin හිනා වෙවීම එහෙම කියලා Namjoonගේ එහා පැත්තෙන් වාඩි වුනා...මේසේ උඩ තිබුන soju බෝතලෙන් ටිකක් glass එකට දාගෙන බොන ගමන් කොල්ලා වටේට හොඳ බැල්මක් දැම්මේ  කොල්ලා බලාපොරොත්තු වුන කෙනා දැන් එන්න වෙලාව හරි නිසා 

 "Joon ah මම අර පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම් ඔයා මෙතනම ඉන්න හරිද ?"

Plan එකට ඔක්කොම වෙනවා කියලා තේරුණ නිසා Jin ලැස්ති වෙලා ආපු වැඩේට බහින්න පටන් ගත්තා

"ආව්ව් මට හිතුනා hyung එහෙට මෙහෙට කැරකෙනකොට කව්රු හරි කෙල්ලෙක් දැකලා තමා කියලා...ආව් ආව් "

වෙලාවේ හැටියට Namjoon කියපු දෙයින්ම ප්‍රයෝජනයක් ගත්ත Jin 

"ඔව් ඔව්..මම පොඩ්ඩක් ගිහින් එන්නන්කෝ" කියලා එතනින් යන්න ගියා

Jin දැනගෙන හිටියා තමන් නැතුව Namjoonට තනියෙම මේ වැඩේ කරගන්න පුළුවන් කියලා.ඒ නිසා කොල්ලා ටිකක් එහාට වෙන්න තිබුන table එකට ගිහින් Namjoon හිටපු මේසේ දිහා ඇහැ ගහගෙන beer එකක් කඩලා බොන්න ගත්තා 

විනාඩි දෙකක් යන්නත් කලින් කළු පාට කබායක් ඇදගත්තු මනුස්සයෙක් කලබලෙන් වගේ Namjoon හිටපු මේසෙන්  වාඩි වුනා

Namjoon බාගෙට පියවෙන ඇස්  දෙක අමාරුවෙන් ඇරගන්න try කරන ගමන්  ඉස්සරහා පුටුවේ වාඩි වෙලා ඉන්න කෙනා දිහා බැලුවේ හෙන සැකෙන් වගේ 

ටිකක් කලබලෙන් වගේ හිටපු මනුස්සයා වට පිට බලද්දී තමයි දැක්කේ Namjoon කටත් අරගෙන එයා දිහා බලාගෙන ඉන්නවා කියලා...

"මගේ නම Hyungsik..හමුවීම සතුටක් "

අවුරුදු 35කට වඩා වැඩි පෙනුමක් නැති කොල්ලා Namjoonට අත දුන්නේ හිනා වෙලා.හැබැයි ඒ හිනාව කෙනෙක්ව පිලිගන්නකොට හම්බෙන විදිහේ හිනාවකට වඩා වෙනස් එකක්.මොකක් හරි වරදක් ඒ හිනාවෙ තිබුනා...

"මටත් සතුටුයි....හෙහෙහෙ....මගේ නම .....පොඩ්ඩක් ඉන්න...මගේ නම මොකද්ද ?"

තාමත් කිසි සිහියක් නැති නිසා Namjoon ඔලුවටත් අතින් ගහගහා මතක් කළා 

"අයියෝ මට මතක නෑ...මගේ නම මොකද්ද අප්පා....කෝ මේ Jin hyung....එයාවත් හිටියනම් මගේ නම අහගන්න තිබ්බා....."

Namjoon අර කොල්ලගේ උරහිස්සට අත් දෙක තියලා හොලවන ගත්තේ පොඩි එකෙක් වගේ 

"gwiyeopda " (cute )

 තමන් හිතපු විදිහටම හැමදේම වෙන හැටි  ඈතට වෙලා බලාගෙන හිටපු Jinට කියවුනේ නිකන්ම.හැබැයි Jin ගේ ඇස් දෙක තිබුනේ  ඒ වෙලාවේ Namjoon ළඟ හිටපු කොල්ලගේ සාක්කුවෙන් වැටුන කාඩ් එකට ළඟ...හිටපු තැනින් නැගිටලා කිසි හදිස්සියක් නැතුව Namjoon යි අර කොල්ලයි හිටපු මේසේ ලඟට ඇවිදගෙන ගිය Jin බිමට නැමිලා එතනම වැටිලා තිබුන කාඩ් එකත් අරගෙන කෙලින් වුනා..එහෙමම කාඩ් එක සාක්කුවට දාගෙන ඇස් කොනින් Namjoon දිහා බලලා club එකේ සෙනග අතරේ ආයෙමත් Jin  නොපෙනී ගියා.

_______________________________________

"Hyung කියන්නේ අපි ඊයේ club එකට ගියපු එක සම්පූර්නෙන්ම hyungගේ plan එකක් කියලද ?"

'Seoul Kim' කියලා උඩින්ම ගහපු උසම උස building එක ඉස්සරහා පාර අයිනට කරලා නවත්තපු car එක ඇතුලේ ඉදන් Namjoon මූණත් දෙක කරගෙන අහද්දී Jin හරි ආඩම්බරෙන් ඔලුව වැනුවා 

"ඉතින් ඇයි මට ඒක කිව්වේ නැත්තේ ? මට කිව්වනම් මම ගානට වැඩේ කරනවනේ "

"මම ඔයාට කිව්වනම් ඔයා ඊයේ කරපු තරම් හොඳට ඒ වැඩේ කරන්නේ නෑ.ඔයා ඕනෙවටත් වඩා ගානට ඊයේ වැඩේ කළා"

කොල්ලා coat එකේ ඉස්සරහා සාක්කුවෙන් ගත්ත කාඩ් එක ලේන්සුවකින් පිහ දාන ගමන් කිව්වා.

"දැන් ඇතුලට යන්න වෙලාව හරි..මම ගිහින් එනකන් ඔයා car එක ඇතුලෙන් ඉන්න.මම call කරපු ගමන්ම car එක අතන entrance එක ලඟට අරගෙන එන්න"

Namjoon ඔලුව වැනුවේ Jin car එකෙන් බහිද්දී 

Businessman කෙනෙක් වගේ full suit ඇඳලා Jin උසම උස building එක ඇතුලට ගියේ දාගෙන හිටපු sunglass දෙකත් අතින් ගලවලා coat එකේ ඉස්සරහා සාක්කුවට දාගන්න ගමන්.  

"excuse me sir, sirට ඇතුලට යන්න pass එකක් තියෙනවද ?" building entrance එක ළඟ හිටපු security guard කෙනෙක් Jinගේ ඔලුවේ ඉදලා කකුල් දෙකටම බැල්මක් දාන ගමන් ඇහුවා.

"හ්ම්ම් ...මම නම් හිතන්නේ නෑ මාව මෙහෙම දොර ගාව තියාගෙන ප්‍රශ්න කරනවට ඔයාලගේ CEO කැමති වෙයි කියලා" Jin ඇහිබැමක් උස්සලා කිව්වම security ටිකක් බලාගෙන ඉදලා Jinට යන්න ඉඩ දෙන ගමන් පස්සට වුනා.

Building එක ඇතුලට වැඩිය මහන්සි නොවීම යන්න පුළුවන් වුන එක ගැන තිබ්බ සතුටට Jin තමන්ටම හිනා වුනා.කිසිම බාධාවක් නැතුව Jin  28th floor එකට ගියා.ඒ හැම වෙලාවකම වටේ තිබුන හැම දෙයක් ගැනම හොඳ අවධානයක් තියාගන්න කොල්ලා අමතක කලේ නෑ.

"Sir appointment එකක් දාලද තියෙන්නේ "

 office එකට ඇතුල් වුන තැනම ඉස්සරහා මේසේ හිටපු කෙල්ල හිනා වෙලා ඇහුවා 

"appointment එකක් නම් නෑ sweetie...මම හිතන්නේ නෑ මට එහෙම එකක් ඕනේ වෙයි කියලා..."

Jin කෙලින්ම කෙල්ලගේ ඇස් දිහා බලාගෙන කියද්දී කෙල්ලගේ ඇස් වල ලා නිල් පාට ඡායාවක් ඇඳිලා ඉක්මනින්ම මැකිලා ගියේ තත්පර ගානක් ඇතුලත 

"එන්න sir මේ පැත්තේ තමයි office එක තියෙන්නේ ..මම Mr.Park ට කියන්නම් Mr.Jung ඇවිත් ඉන්නේ කියලා"

කෙල්ල තවත් office room එකක් ඇතුලට යද්දී Jin ඔලුව වනලා හිනා වුනා.

Jung....Jung Hoseok....මේ බිල්ඩිමේ 28වෙනි තට්ටුවට කිසිම බාධාවක් නැතුව එන්න Jinට හම්බුන හොඳම තුරුම්පුව...නීති විරෝධී විදිහට මිනිස්සු සිය ගානකගේ ජීවිත නැති කරන business එකේ දෙවෙනියට වැඩිම කොටස් ගානක් අයිති වෙලා තිබුනේ Jung Hoseokට..දැනට Seoul University එකේ ඉගෙනගන්නවා..ඒ වුනත් එතනට වෙලා ඉගෙන ගන්නවද නැත්නම් කෙනෙක් ගැන ඔත්තු බලනවද කියලා හරියටම දන්නේත් එයාම විතරයි.. 'Seoul Kim' දැනට කොරියාව ඇතුලේ number 1 medical supply company එක වෙලා ඉවරයි.රට පුරාම හැම hospital එකකටම ප්‍රධාන වශයෙන් බෙහෙත් supply කරන ආයතනයක්.අවරුදු පනහකට වඩා පරණ මේ company එක මේ වෙද්දී පාලනය වුනේ පාලකයින් දෙන්නෙක්ගේ අතින්..හැම  වෙලාවෙම company එක නියෝජනය කලේ Kim Byungho..ඒ වුනත් අනික් කෙනානම් කිසිම දවසක තමන්ගේ මූණ එලිකරලා නැහැ...ඒ නිසා ඒ කවුද කියන්න කව්රුත් දැනගෙන හිටියෙත් නෑ.ඒ වුනත් Jin ඒ කවුද කියලා නිකන්ම හොයා ගත්තේ ඊයේ club එකට ආපු මනුස්සයාගේ අතින් වැටුන card එකෙන්.Company එකේ හැම රහසක්ම තිබ්බ chip card එක කිසිම අමාරුවක් නැතුව අතටම ගන්න Jin ට පුළුවන් වුනා..Jung Hoseokව මූනට දැකලා නැති වුනත් Jung Hoseok ගැන හැම දත්තයක්ම ඒ card එකේ තිබුන එක Jinට වාසියක් වුනා..

"sir ට ඇතුලට යන්න පුලුවන් Mr.Park බලාගෙන ඉන්නවා sir එනකන්"

කෙල්ලට ඇහැක් ගහලා Jin office room එක ඇතුලට ගියා 

-

-

-

"හොඳයි Mr. Jung , හෙටම ඒ ළමයට එන්න කියන්න.මම වැඩේ ලැස්ති කරලා තියන්නම්"

Mr. Park වීදුරුවෙන් එලිය බලාගෙන ඉන්න Jinට ඔලුව නමලා ආචාර කරන ගමන් කිව්වා..Jin හිටියේ හැගීම් නැති මූනකින්.වෙනදට වඩා ගොඩක්ම වෙනස් විදිහේ මූණක්...එහෙම වුනේ මේ වෙද්දී Jin වෙනත් කෙනෙක්ගේ චරිතයකට පෙරලිලා හිටපු නිසා වෙන්න ඇති. Jung Hoseokගේ මූණ දැකලා තියෙන මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක් වුන Mr. Park  company එකේ රහස් කිසිම සැකයක් නැතුව Jinගේ ඉස්සරහා කියලා ඉවරයි.තමන් ඉස්සරහා තමන්ගේ office room එකේ මේ හිටගෙන ඉන්න කෙනාව Jung Hoseok වගේ පෙනුනත් ඒ ඉන්නේ වෙනම කෙනෙක් කියලා Mr. Park හීනෙකින්වත් හිතුවේ නෑ.

"Sir ට යන්න වාහනයක් ලෑස්ති කරන්නද ?

"ඕනේ නෑ මගේ driver පහල ඉන්නවා"

Jin මහපට ඇඟිල්ලෙන් වීදුරුවෙන් එළියේ පල්ලෙහා නවත්තලා තිබුන car එක පෙන්නන ගමන් කිව්වා.Jin ගේ මේ රගපෑමට නොදැනුවත්වම වුනත් Namjoonත් එකතු වුනේ car එකේ driver විදිහට.තට්ටු 28ක් උඩ හිටපු නිසා Parkට car එක මොකද්ද කියලවත් අඩුම තරමේ හිතාගන්න බැරි වුනා.හැබැයි වෙනදට තමන්ව හම්බෙන්න එද්දී අනිත් අයට සැක හිතෙන්නේ නැති විදිහට casual ඇඳුමක්ව ඇඳලා එන කෙනා කවදාවත් නැතුව full suit ඇඳලා company එකේ අයිතිකරයා වගේ company එක ඇතුලට ඇවිත් තමන්ගේම වාහනේ ආයෙමත් ගියපු එක ගැනනම් Parkට සැකයක් තිබුනා...

Jin office room එකෙන් එකපාරටම එලියට ගියේ Parkගේ මූනවත් බලන්නේ නැතුව.

කොල්ලා building එකෙන් එලියට ගියා කියලා sure කරගත්ත Park කෙලින්ම මේසේ උඩ තිබුන telephone එක අතට ගත්තා..

-

-

-

-

"දැන් අපි Itaewon වල කොච්චර තැන්වලට ගියාද.....කෝ මේ මනුස්සයා කොහෙවත් නෑ "

Yoongi තව soju වීදුරුවක් වක්කරගන්න ගමන් කිව්වේ එපා වෙලා වගේ...

"දැන් ඉතින් හොඳම දේ අඩුම තරමේ sns වලවත් මේ ගැන දාන එක. දකින කෙනෙක්වත් අපිට කියයිනේ.."

"එහෙනම් ඉතින් එහෙමවත් කරලා බලමු..."

"ohhhh Yoongi පොඩ්ඩක් ඉන්න... omma කතා කරනවා..මම එලියට ගිහින් මේක answer කරලා එන්නම්.මෙතන සද්දේ ඇහුනොත් ඉතින්... දන්නවනේ"

Yoongi ඔලුව වනලා ආයෙමත් Soju වීදුරුව අතට අරගෙන බොන්න ගත්තා...


Phone එකත් අරගෙන pub එකෙන් එලියට ගියපු Hoseok phone එක කනේ තියාගත්තා 

"Jung , මොකටද අද company එකට ආවේ..ඒකත් අනික් හැමෝටම සැක හිතෙන විදිහට  ?"

එහා පැත්තෙන් Kim Byungho අහද්දී Hoseok පුදුම වුනා 

"මොනාද මේ කියන්නේ, මම දවස් ගානකින් Seoul ආවේවත් නෑ.මම තාමත් Itaewon වල ඉන්නේ.මොනාද මේ කියවන්නේ ?"

"මට බොරු ඕනේ නෑ Jung..අපි හැමදේම කතා කරගත්ත විදිහක් තියෙනවා.ඒ විදිහට ඒ දේවල් කරමු..ආයෙමත් මෙහෙම අඩුපාඩු වෙන්න ඉඩ තියන්න එපා කියන්නයි මම කතා කලේ "

"මම දන්නේ නෑ Kim තමුසේ මොනවා කියවනවද කියලා... අපි මේ ගැන හම්බෙලා කතා කලොත් හොඳයි කියලා මට හිතෙන්නේ..මම හෙට උදේම තමුන්ගේ ගෙදරට එන්නම්..හරියටම 10 වෙද්දී මම ඔතන ඉන්නවා.."

Hoseok call එක cut කරලා සාක්කුවට දාගත්තේ Kim Byughoට වෙන කිසිම දෙයක් කියන්න ඉඩ නොදී..

මම අද company එකට ආවද ? හහ්...ඒ මොන විකාර කතාවක්ද ? දවසෙම මම මේ Yoongi හාදයත් එක්ක එහෙ මෙහෙ ගියා මිසක් වෙන වැඩක් කලේ නෑනේ... මේ Kim Namjoonව හොයන වැඩේ හිතපු තරම් ලේසි නෑ...මිනිහා අතුරුදහන් වෙන්නේ නැතුව හිටියනම් දැනටමත් මිනිහා ඉවරයි...අවරුදු ගානක් බලාගෙන ඉන්නේ නැතුව මුලින්ම මිනිහව ඉවරයක් කරානම් අද මෙච්චර කරදරයක් නෑ 



To Be Continued 


(A/N Thank you for reading thisssss ! . I'll update next chapter within a week ^3^)

Bạn đang đọc truyện trên: Truyen247.Pro