15.Let's fix the mood
"Thank you sir, අපි එහෙනම් යන්නම්"
Yoongi පොඩි office room එකෙන් එලියට ඇවිත් ආයෙමත් cab එකට නැග්ගේ මූණත් දෙක කරගෙන.එහා පැත්තේ passenger සීට් එකට වෙලා එලිය බලාගෙන හිටපු Hoseok Yoongi දිහා බලලා ආයේ අනික් පැත්ත බලාගත්තා
"මුකුත් විස්තරයක් දන්නේ නැහැලු මිනිහා..දැන් දවස් තුනකට කලින් මෙහෙ වැඩ කලාලු.ඒත් එක පාරටම අස් වෙලා ගිහිල්ලා"
Yoongi අතේ ඇගිලි වලින් steering wheel එකට තට්ටු කරන ගමන් කිව්වා
"දැන් අපි මෙතනින් එහාට කොහෙන්ද හොයන්නේ ? නරකද අපි පොලීසියට කිව්වොත් Namjoon ගැන "
"Hoseokah ඔයා දන්නවනේ මිනිහා පොලීසියට කොච්චර අකමතියිද කියලා..මට ඕනේ නෑ මිනිහට ආයේ ඒ පරණ දේවල් මතක් කරන්න...අපි තව ටිකක් මේ අවට හොයලා බලමු...Nam මෙතන වැඩ කලානං අනිවාරෙන් මේ ළඟම තමා නැවතිලා ඉන්න ඇත්තේ..එතනින් අපිට තව මොනා හරි දැනගන්න හැමබවෙයි "
"හ්ම්ම් එහෙනම් තව ටිකක් හොයලා බලමුකෝ"
Yoongi cab එක start කරලා gas station එකෙන් පාරට වාහනේ දැම්මා
වැඩි කතාවක් නැතුවම කොල්ලෝ දෙන්නම ලොකු කල්පනාවකට වැටිලා ඉස්සරහා බලාගෙන ගියා.Yoongi වාහනේ එලවන ගමන් හිටියත් දිගටම කල්පනා කලේ කොහෙන් පටන් අරන් කොහෙන් Namjoonව හොයන එක නවත්තන්නද කියලා...Hoseokට බය නැතුව කිව්වට කොහොම හරි Namjoonව හොයාගන්නවා කියලා දැන්නම් කොල්ලටම හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා.ඒ මදිවට Hoseok වත් එක්කගෙන ආපු එක කොල්ලගේ හිතට දිගටම වද දුන්නා...collage vacation නිසා යාලුවොත් එක්ක trip එකක් යනවා කියලා ගෙවල් වලට කියලා ආවත් මෙහෙම කොච්චර කාලයක් කිසි විස්තරයක් දැනගන්නේ නැතුව Hoseokවත් රස්තියාදු කරන එක හරි නෑ කියලා Yoongiට සැරෙන් සැරේ හිතුනා
"Yoongi yah අතන motel එකක් තියෙනවා...පොඩ්ඩක් ගිහින් බලමුද? Namjoon මේ ළඟම වෙන්නැති නේ නතර වෙලා ඉන්නැත්තේ "
වැඩි දුරක් යන්න කලින්ම Hoseok කිව්වේ shutter එකෙන් එලියට ඇඟිල්ල දික්කරන ගමන්.Yoongi ඔලුව වනලා වාහනේ motel එක දිහාවට හැරෙව්වා.දෙන්නත් එක්කම cab එකෙන් බැහැලා වැඩිය ලොකු නැති හරිම මූසල පාට motel එක ඇතුලට ඇවිදගෙන ගියා.Hoseok ඇඳගෙන හිටපු ඇඳුම් වල පෙනුමින් සල්ලිකාරයෙක් කියලා හිතලද කොහෙද reception එකක් කියලා හිතන්න පුළුවන් වගේ තැනක හිටපු අවරුදු තිහක විතර ගෑනු කෙනා කට පුරවලා හිනා වුනා.Hoseokත් ඒ කෙල්ලට හිනා වෙලා ඇහැක් ගහන්න අමතක කලේ නෑ.ඔව් ඉතින් කොල්ලා යන යන තැන ගියේ නළුවෙක් වගේ ඇඳගෙනනේ..white shirt එකට ripped jeans ඇඳගෙන black boots දෙකක් දාගෙන ඉන්න කොල්ලා දිහා බැලෙන එක සාදාරනයි
"මට මෙහෙ නතර වෙලා හිටපු කෙනෙක් ගැන දැනගන්න පුලුවන්ද "
Yoongi හෙනයක් අතාරිනවා වගේ එක පාරට අහපු පාර ගෑනු කෙනා ගැස්සිලා ගියා..ඒ නිසාම වෙන්නැති Yoongiගේ ඔලුවේ ඉදන් කකුල් දෙකටම රවන ගමන් බලන්න කෙල්ල දෙපාරක් හිතුවේ නෑ,අළුපාට hoodie එක,ripped jean එකත් එක්ක boots දෙකක් දාගෙන හිටපු කොල්ලා ඇත්තටම පලවෙනි වතාවට දකින කෙනෙක්ට හිතෙන්නේ රස්තියාදු කාරයෙක් වගේ තමයි.ටිකක් වෙලා බලාගෙන හිටපු කෙල්ල Hoseok එක්ක flirt කර කර හිටපු එක මැද්දට Yoongi කඩාපාත් වුන නිසාමද කොහෙද ගත්කටටම කිව්වේ
"බෑ..මම මොකටද මේ එක එක අයට මෙතන නවතින අයගේ විස්තර කියන්නේ "
කෙල්ල කියපු විදිහටනම් Hoseok ට තේරුනා Yoongi වැඩේ කාගත්තා තමයි කියලා .ඒ නිසා Yoongiගේ අතින් ඇදලා පස්සට කරපු Hoseok කොන්ඩේ අතරින් ඇඟිලි ගෙනියන ගමන් කතා කළා
"මගේ යාලුවෙක් දැන් දවස් දෙක තුනකට කලින් මෙහෙ නතර වෙලා හිටියද කියලා මට දැනගන්න ඕනේ...Noonaට පුලුවන්ද අපිට උදව් කරන්න "
Hoseok දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු කෙල්ල එක පාරට ළඟ තිබුණු පොතක් පෙරලන්න ගත්තා
"sir මට කියනවද යාළුවගේ නම..එහම වුනානම් මට ලේසියි"
"අහ්හ්...Kim Namjoon කියලා කෙනෙක් ඉන්නවද බලන්නකෝ "
Hoseok කට කොනින් Yoongiට කින්ඩියට හිනා වෙන ගමන් කිව්වා
"දැක්කනේ කෙල්ලේගෙන් උදව්වක් ගන්න හැටි"
කෙල්ල පොත පෙරලන අතරේ Hoseok Yoongiට කනට කරලා කිව්වා
"මගුල තමා "
Yoongi තවත් මොනාද කුටු කුටු ගගා කියවනවා ඇහුනත් Hoseok කටත් අතින් වහගෙන හිනා වුනා
"sir Kim Namjoon කියලා කෙනෙක් දැන් දවස් දෙකකට කලින් මෙහෙ ඉඳලා තියෙනවා"
කෙල්ල කියද්දී කොල්ලෝ දෙන්නම මූනට මූණ බලාගත්තා
"ඔයාට මතකද මොන වගේ කෙනෙක්ද කියලා"
Yoongi ඇහුවේ කලබලෙන්
"එහෙම හරියට මතක නැහැ..හැබැයි එයා එක්ක තව කෙනෙක් හිටියා...දෙන්නම ගොඩක් උසයි කියලනම් මතකයි...ඒ ඇරුනම මට මොන වගේ කෙනෙක්ද කියලනම් මතක නැහැ "
Yoongi ගේ ඇහිබැම උඩ ගියේ කෙල්ල කියපු දේ අහලා..
තව කෙනෙක් ? ඒ කව්රු වෙන්න ඇතිද ...
Yoongi කල්පනා කරන ගමන් Hoseok දිහා බැලුවා.Hoseok හිතන්නෙත් තමන් හිතන දේමයි කියලා තේරුම් ගන්න කොල්ලට මහා වෙලාවක් ගියේ නෑ
"එයා යනකොට කිව්වේ නැද්ද කොහෙටද යන්නේ කියලා "
"මට හරියට මතක නෑ.."
"හරියට මතක් කරලා බලන්න...මෙතනට මහා සෙනගක් එන්නේ නැහැනේ..ඒ එන දෙතුන්දෙනා ගැන මතක නැද්ද ?"
Yoongi වේගෙන් කියාගෙන කියාගෙන ගියේ ඒ වෙලාවේ තිබුණු mood එක නිසා වෙන්නැති
"Noona please පොඩ්ඩක් මතක් කරලා කියනවද? අපිට කරදරයක් වෙලා ඒකයි...ඒ යාළුවව ඉක්මනට හොයාගන්න ඕනේ "
Hoseok පැනලා කිව්වේ නැත්තන් කෙල්ල මතක තියෙන දේත් Yoongi කෑගහපු විදිහට කියන එකක් නැහැ කියලා හිතුන නිසා
ඇස් දෙකත් වහගෙන කල්පනා කරන කෙල්ල දිහා Yoongiත් Hoseokත් ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ මේ Namjoon ගැන විස්තරයක් දැනගන්න තියෙන last chance එක නිසා
"ආහා....මම උඩතට්ටුවට ගියපු වෙලාවේ ඇහුනා ඔය කාමරේ කෙනා කාත් එක්ක හරි රණ්ඩු කරනවා..මම හිතන්නේ ඔය එයත් එක්ක හිටපු අනිත් කෙනා එක්ක වෙන්න ඇති...පස්සේ හවස ඒ දෙන්නම motel එකේ හිටියේ නෑ.රෑ තමයි ආවේ..මෙතනින් උඩතට්ටුවට යන පඩිපෙළ ළඟ ඉන්නකොට මට ඇහුනා එයාලා Itaewon වලට යන්න කතා වෙනවා උදෙන්ම...උදේ එයාලා යද්දී motel fee එක ගෙවන වෙලාවේ මොන වුනාද දන්නේ නැහැ...මම එදා රෑ duty හිටිය නිසා උදේ හිටියේ motel එකේ manager..හැබැයි ඔයාලට managerව නම් හම්බෙන්න විදිහක් නැහැ..එයා ඊයේ Seoul ගියා ."
"thank you very much ඔයාගේ උදව්වට..එහෙනම් අපි ගිහින් එන්නම් "
කෙල්ල උත්තර දීල ඉවර වෙනවත් එක්කම Yoongi එහෙම කියලා Hoseokගේ අතිනුත් ඇඳගෙන දුවන්න ගත්තේ cab එක දිහාට...Hoseok Yoongi අතින් ඇදගෙන යනකොටත් කෙල්ලට අනිත් අතින් bye කිව්වේ කොච්චර මොන වෙලාවේ වුනත් පරණ පුරුදු අමතක කරන්න බැරි නිසා
@ Itaewon
"Hyung දැන් කියන්නේ hyung ව පෙන්නේ මට විතරක් නෙමෙයි කියලද "
"ඔව් Joon ah...මගේ ශක්තීන් එන්න එන්න අඩු වෙනවා..ඒ නිසයි දැන් හැමෝටම මාව පෙන්නේ "
Jin ලඟින් ලඟින් පේන උස ගොඩනැගිලි දිහා බලාගෙන කිව්වා..Namjoonගේ අතේ හැමදාම වගේ Jin හදලා දීපු උණුම උණු කෝපි කෝප්පේ දුම් දදා තිබුනා.කාලගුණය හරිම ලස්සනයි..වලාකුළු වලින් අහස පිරිලා..උසම උස ගොඩනැගිල්ලක හතලිස් වෙනි තට්ටුවේ සැප පහසු apartment එකක balcony එකට වෙලා මේ කොල්ලෝ දෙන්නා පොඩි කතාවක් දාගෙන සැහැල්ලුවෙන් ඉන්නවා...
ඒ වුනාට මේ ගෙවෙන තත්පරයක් ගානේ එක කොල්ලෙක්ගේ ජීවිතේ අන්තිම දවස් ගානට ලංවෙනවා..ඒ ගැන කිසි දෙයක් දන්නේ නැති අනිත් කොල්ලා හැම දාම තමන්ගේ ආදරණීය සහෝදරයා එක්ක දවස ගත කරන එක ගැන හීන මවනවා..
කාලය කියන්නේ නිකනම් නිකන් කාලා දාන දෙයක් වගේ සමහරුන්ට..කාලේ ගත කරගන්න විදිහක් නැතුව ගොඩක් අය කාලේ කාලා දානවා..හැබැයි මේ එක කොල්ලෙක්ගේ මනස ඇතුලේ ඒ කොල්ලට ඉතුරු වෙලා තියෙන කාලය ඇතුලේ කරන්න තියෙන වැඩ ඔක්කොම master plan එකක් විදිහට වැඩ කරනවා..
Jin වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ගිහින් කාමරේ ඇතුලේ තිබුන tab එකක් අරගෙන ආයෙමත් Namjoon ඉස්සරහින් වාඩි වුනේ ඔලුවේ තියෙන දේවල් එකින් එක කොල්ලට පැහැදිලි කරලා දෙන්න
"Joon ah මේ තියෙන්නේ Seoul Kim company එක.දන්නවද මේක අයිති කාටද කියලා "
Jin tab screen එක දිහා බලාගෙනම හිටියේ Namjoon ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"අනේ මන්දා hyung "
"හ්ම්ම් මේක අයිති වෙලා තිබුනේ ඔයාගේ appaට ...හැබැයි එයා accident එකකින් හදිස්සියේම නැතිවෙලා තියෙනවා...ඊට පස්සේ ඔයාගේ hyung තමයි මේ company එක run කරන්නේ."
Jin ගේ වචනත් එක්ක Namjoon ගැස්සිලා ගියා..අවරුදු ගානකට කලින් Namjoon ජීවත් වුන ගෙදර ,යකෙක් වගේ හැසිරුණු appa , කුණුගොඩක් තරමට තමන්ට සලකපු hyung , Namjoonව ඇහැක් වගේ බලාගත්ත hal abeoji ගැන මතක ගොඩක් කොල්ලගේ ඇස් ඉස්සරහා ඇඳිලා මැකිලා ගියා
"hyung මට ඔය දේවල් දැනගන්න ඕනේ නෑ..අපි මේවා ගැන කතා නොකර ඉමුද ?"
"නෑ Joon ඔයා මේක ගැන දැනගන්න ඕනේ...ඔයාට විතරයි මේ වෙන දේවල් නවත්තන්න පුළුවන්..මේ company එකෙන් කරන දේ ඔයා දැනගත්තොත් කීයටවත් මෙහෙම කියන එකක් නැහැ...ඔයාට මම කිව්වනේ තව වැඩ ගොඩක් අපිට ඉතුරු වෙලා තියෙනවා...දැනටමත් දවස් 3ක් ගිහිල්ලා ඉවරයි..අපිට තව දවස් 47යි තියෙන්නේ.ඒ නිසා ඔයා මට උදව් කරන්න ඕනෙමයි "
Jin ආයෙමත් බැලුවේ Namjoon ගේ මූණ දිහා..කොල්ලා දැනගෙන හිටියා වැඩේට Namjoonව නම්මගන්න එක අමාරු වැඩක් කියලා..
"Aigo Joon ah මොකද්ද අප්පා මේ මූනේ හැටි.."
Jin tab එකත් පැත්තකට විසික් කරලා දාලා ඇඳගෙන හිටපු hoodie එකේ අත් දෙක නවාගත්තා
"මොකෝ කියන්නේ mood fix කරන්නත් එක්ක යමුද club එකට "
Namjoon අහස පොලොව ගැටගහන්න කිව්වා වගේ පුදුම වෙලා Jin දිහා බලාගෙන හිටියේ මොන විකාර කතාවක් ද ඒ කිව්වේ කියලා හිතන ගමන්
"බය වෙන්න එපා...ඔයාට තනියම යන්න වෙන්නේ නෑ...මාව දැන් කට්ටියට පේනවනේ "
පුටුවෙනුත් නැගිටලා Jin හතර අතේ අතපය වන වන නටන්න ගත්තමනම් Namjoonට හිනා යන්න ආවත් එහෙමම හිර කරගෙන හිටියේ නැත්නම් මහා හයියෙන් බනින්න ගන්නවා කියලා දන්නා නිසාමද කොහෙද
"Ok ok hyung let's go දැන් ඇතුලට එන්න...නැත්නම් hyungගේ නැටුම දැකලා එහා ඇත්තේ apartment එකේ ඉන්නේ කට්ටිය complain කරයි"
Namjoonත් පුටුවෙන් නැගිටලා කාමරේට ගියේ එහෙම කියාගෙන
To Be Continue
(A/N
Short update :) Sorry guys I'm not feeling well today BUT I UPDATED AS I PROMISED😌
Thank you very much for your support and love for this story😊
Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story )
Bạn đang đọc truyện trên: Truyen247.Pro