Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

14.Don't leave me

අපි හැමදාම දකින්නේ එකම ලෝකයක්.එතනින් එහාට වෙන කිසිම දෙයක් ගැන හිතන්න කව්රුත් උත්සහා කරන්නේ නෑ.වෙන කෙනෙක් මේ ලෝකෙන් එහා දෙයක් ගැන කිව්වත් 'ඒ බොරු වෙන්නැති ' කියලා නිකන් ඉන්න එකයි කරන්නේ.මේ ලෝකෙන් පිට තවත් ලෝකයක් තියෙනවා කිව්වොත්...සමහර විට ඒ ලෝකය අපි දකින ලෝකෙට වඩා හාත් පසින්ම වෙනස් වෙන්න පුළුවන්..අමුතු වෙන්න පුළුවන් ...කව්රු හරි එහෙම ලෝකයක් ගැන කිව්වොත් , 'පොඩි ළමයෙක් වගේ සුරංගනා ලෝක ගැන හිතන්නේ නැතුව නිකන් ඉන්න' කියලා ඒ දේ නිකන්ම හිතින් අයින් කරන එක නේද ගොඩක් අය කියන්නේ ? හැබැයි Namjoonට එහෙම කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ...විනාඩි ගානකට කලින් Jin කියපු හැම වචනයක්ම නිකන්ම නිකන් සුරංගනා කතාවක් කතාවක් වගේ වුනත් ඒ දේ අවිශ්වාස කරන්න තරම් Namjoonගේ හිත ඉඩ දුන්නේ නෑ..

"Joon ah ඔයාට මාව විශ්වාස කරන්න අමාරුයි නේද? මම දන්නවා...ඒ වුනත් ඇත්ත වෙනස් කරන්න බැහැනේ නේද Joon...මමත් කැමතියි මම ඒ කියපු හැමදෙයක්ම මට මොලේ විකාර වෙලා ජොලියට කියපු කතාවක් කියලා හිනා වෙන්න..ඒ වුනත් හැමදේම මම කිව්වත් වගේ වෙලා ඉවරයි..."

"ඒත් hyung මම නිසා .................මම නිසා hyungට  මොනවා හරි වුනොත් ?"

Jin කියපු හැමදේකටම වඩා Namjoon ට තාමත් හිතට ගොඩක්ම වද දුන්නේ තමන් නිසා Jinට මොනවා වෙයිද කියලා...

"Namjoon ah.."

Namjoon දන්නවා Jin කිසිම වෙලාවක Namjoonට නම කියලා කතා කරන්නේ නෑ කියලා ඒක බරපතල දෙයක් නෙමෙයිනම් 

"මම තමයි මේ තීරණේ ගත්තේ...මමයි හිතුවේ ඔයාව හොයාගන්න ඕනේ කියලා...ඔයාට මුලින්ම කතා කලේ මම..ඔයාගේ ගෙදරට මුලින්ම යමු කිව්වේ මම...ඔයත් එක්ක ඔයාගේ ගෙදර ඉන්නම් කියලා කිව්වේ මම..,ඔයා hospital එකට admit කරපු වෙලාවේ ඔයාව හොයාගන ආවේ මම...අදත් ඔයා හැම දේකින්ම ඈත් වෙලා ඉන්නකොට මේ තරම් දුරක් ඔයාව හොයාගෙන ආවේ මම....ඔයා කිසිම වැරද්දක් කරලා නැහැ Joon...මමමයි හැම දෙයක්ම පටන් ගත්තේ...මේ ගැන දැන දැනත්,ඔයාට ලං වෙන්න වෙන්න මට වෙන දේ ගැන දැනගෙනත් මම දිගින් දිගටම ඔයා ලගට වෙලා ඉන්නේ ඔයාට මාව විශේෂ තරමටම මටත් ඔයාව විශේෂ නිසා..

මගේ ජීව්තෙහ් අවරුදු එකසිය විස්සකටත් වඩා ගෙවිලා ඉවරයි Joon ඒ වුනත් මගේ ජීවිතේ සතුට තිබුනේ පහු ගිය මාස දෙකේ විතරයි..නිකන්ම තනිකමින් පාලුවෙන් ගෙවිලා ගියපු අවරුදු ගාන මට ඉතුරු කලේ හරිම අඳුරු මතක විතරයි.ඒ වුනත් මීට මාස දෙකකට කලින් මට කොහෙන්දෝ ඇහුන කටහඬ  ගෙනාවේ වෙනස්ම ජීවිතයක්..

මම පෘථිවිය ආවේ ඔයාගේ කටහඬ පස්සෙන්...ඔයා කව්ද මොකද්ද කරන්නේ කියලවත් මම දැනගෙන හිටියේ නැහැ..ඔයාට මම කියලා තියෙනවා හඳ එළියෙන් ඉපදුන මම වගේ හැම කෙනෙක්ගෙම ජීවිත අඳුරුයි...දවල්ට අපි තනි වෙනවා..ඒ වුනත් රෑට හඳ පායද්දි අපේ අය සතුටු වෙනවා..ඒ හඳෙන් අපිව ආරක්ෂා කරනවා කියලා අපි විශ්වාස කරන නිසා..ඒ වුනත් Joon මම කවදාවත් හඳ පායන වෙලාවටවත් සතුටු වුන කෙනෙක් නෙමෙයි..හැමෝගෙන්ම අයින් වෙලා මගේ පාඩුවේ ඉන්නයි මට ඕනේ වුනේ...කිසිම කෙනෙක් එක්ක කතා නොකර ඉන්න එක හොඳම දේ කියලා මම හිතුවා..ඒ වුනත් එදා මට ඔයාගේ කටහඬ අහුනම මම දෙපාරක් නොහිත්ම ඔයාව හොයාගෙන ආවා..

ඔයා දිහා මම දවස් ගානක් බලාගෙන හිටියා...ඔයාගේ මනසේ තියෙන දේවල් දිහා බැලුවා...මම ඔයාගෙන් දැක්කේ මාවමයි Joon.. කිසි කෙනෙක් එක්ක ආශ්‍රයක් නැති හැම වෙලේම තනි වෙලා ඉන්න තනි වෙන්න කොයිතරම් උත්සහා කලත් හදවතින් ඔයා කව්රුහරි ඔයාගේ ජීවිතේට ඒවි කියලා බලාපොරොත්තු වුනා...ඔයාට ඕනේ වුනේ ආදරේ විතරක් ඔයාට දෙන කෙනෙක් නෙමෙයි..ඔයාව පොඩි ළමයෙක් වගේ ආදරෙන් බලාගන්න කෙනෙක්...ඔයාගේ හැම සිතුවිල්ලක්ම තේරුම් ගන්න කෙනෙක්..

අවරුදු ගානක් තිස්සේ මගේ හදවතේ තිබුණු බලාපොරොත්තුව ඔයාගේ හදවතෙත් ලියවිලා තියෙන හැටි මම දැක්කා...ඒ නිසයි මම තීරණේ කලේ ඔයාට සහෝදරයෙක් වෙන්න...මට ඕනේ වුනේ ටික දවසක් ඔයා එක්ක ගත කරලා ආයෙමත් මගේ ලෝකෙට යන්න..හැබැයි මම ඔයා එක්ක ගත කරපු හැම විනාඩියක් ගානෙම මම ඔයාගේ මනස හොදට දැක්කා Joon..ඔයාට තියෙන්නේ හරිම ලස්සන ආත්මයක් ..මම මේ ලෝකේ වෙන කිසිම කෙනෙක්ගේ  තුලින් ඒ වගේ ලස්සන ආත්මයක් දැකලා නෑ..ඔයාගේ හිතේ කිසිම නරක සිතුවිල්ලක් නැහැ Joon...මේ ලෝකේ හැම මනුස්සයෙක්ගේම හදවතේ ඊරිසියාව,ලෝභකම පිරිලා..තවත් කෙනෙක් දිහා බලන්නේ හරිම පහත් කොනෙකින් ඒ ම්නිස්සු ...හැබැයි Joon ඔයාගේ හිතේ තිබුනේ බයක් විතරයි...මම, එතකොට ඔයාගේ යාලුවා Yoongi ඔයාට නැති වෙයි කියලා ඔයා බය වුනා ...මට ඕනේ වුනා ඒ නිසාම හැමදාම ඔයාගේ ලඟින් ඉන්න...ඔයා තනිවෙලා නෑ කියලා ඔයාට පෙන්නන්න..මට ඔයාව දාලා යන්න කලින් ඔයාට යාළුවො හදන්න ඕනේ වුනා..මම ගියත් ඔයාව තනි නොවෙන්න...ඒ නිසයි මම හැම වෙලේම කිව්වේ අනිත් අය එක්ක යාලු වෙන්න කියලා..

ඔයා hospital එකේ ඉන්න කාලේදී නිතරම Yoongi ඔයා  ළඟ හිටියා.එයා ඔයා ගැන නිතරම හොයලා බැලුවා  ඒ නිසා මම හිතුවා මම ගියත් ඔයාට තනිකමක් දැනෙන එකක් නැහැ කියලා..ඒ නිසා මම Yoongiගේ මනසට , මට කියන්න ඕනේ වුනේ දේ කොලේක ලියලා ඔයා හිටපු කාමරෙන් තියන්න කියලා  පෙළඹුවා..මම ඔයාගේ  කාමරේට ගියොත් ආයේ යන්න හිත හදාගන්න බැරි වෙන නිසා .."

Jin හැම වචනයක්ම කිව්වේ ඇස් වලින් ගලන කඳුළු ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන ගමන්...Namjoon බලාගත්ත අත බලාගෙන එක අතක නියපොතු කන ගමන් ඇස් දෙක රතු කරගෙන හිටියේ පොඩි ළමයෙක් වගේ..Jin කියන හැමදෙයක්ම අහගෙන හිටියා මිසක ඒ ගැන කිසිම ප්‍රශ්නයක් අහන්න Namjoonට හිතුනේ නෑ..

ටිකක් වෙලා කාමරේ ඇතුල කිසිම සද්දයක් නැතුව හරිම මූසල නිශ්ශබ්දතාවයකින් පිරිලා ගියා..

"hyung ....ඉස්සෙලා කියපු දේ මට තේරෙන්නේ නෑ..ඇයි එයාලා hyungට මෙහෙ ඉන්න දෙන්නේ නැත්තේ "

විනාඩි ගානකට පස්සේ Namjoon ඇහුවේ මුල ඉදන්ම හිතට වදදුන්න ප්‍රශ්නේ ගැන 

"මම මෙහෙ ඉන්නකොට එයාලා ගැන මේ ලෝකේ අය දැනගනියි කියලා එයාලා බයයි ..මම මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයිනේ.අනික අපේ ජීවිත බැඳිලා තියෙන්නේ හඳ එලිය එක්ක..මම හඳෙන් ඈත් වෙනවා කියන්නේ මගේ ජීවිතේට අවදානමක්..මේ ගතවෙන තත්පරයක් ගානේ වුනත් මටත් නොදනිම මාව මැරෙනවා..."

"එහෙනම් hyung මොකටද තවත් මෙහෙ ඉන්නේ ...hyung යන්න ආපු තැනකට "

Namjoon මහා හයියෙන් කෑගහපු පාර Jin ගැස්සිලා ගියා...

"මට hyungව මහා වදයක්..හැම වෙලේම මගේ පස්සෙන් ඇවිල්ලා වද දෙනවා..මට පාඩුවේ ඉන්න දෙන්නේ නෑ..මම මෙච්චර දුරක් ආවේ hyungව මග ඇරලා යන්න..ඒ වුනාට ඔයා මෙතනටත් ආවා ..හැම වෙලේම විකාරයක් වගේ කියවනවා කියවනවා ඉවරයක් නෑ..මට මගේ ජීවිතේ හදාගන්න කාවවත් ඕනේ නෑ...මාව බලාගන්න කව්රුත් ඕනෙත් නෑ..බොරු දේවල් මවාගෙන මගේ පස්සෙන් ඇවිත් ආයෙමත් මට කරදරයක් වෙන්න එපා please "

Namjoon මහා හයියෙන් කියාගෙන ගියේ Jinගේ මූනටම...ඒ කියලා තවත් විනාඩියක්වත් බලාගෙන හිටපු නැති Namjoon කාමරේ කෙළවරක තිබුණු bag එකත් කරේ දාගෙන කාමරේ දොරත් දඩාස් ගාලා ඇරගෙන එලියට ගියේ කේන්තියෙන් 

Namjoon ගේ හිත ඇතුලේ කවදාටත් වඩා අමුතු හැගීමක්...Namjoon දන්නේ නෑ එයා වැරදිද නැද්ද ක්යලවත්..ඒ වෙලාවේ කරන්න පුළුවන් උපරිම දේයි කොල්ලා කලේ..හිතට හාත් පසින්ම වෙනස් විදිහේ වචන ගානක් ඒ විදිහට Jinගේ මූනට කියපු එක ගැන කොල්ලා පසු තැවුනා..කොල්ලා කවදාවත් හිතුවේ නෑ Jin ට ඒ තරම් නපුරු විදිහට කතා කරන්න..

"Joon ah ඉන්න ...යන්න එපා.."

පිටිපස්සෙන් ඇහුනු කටහඬ ගාණකටවත් ගන්නේ නැතුව Namjoon ඉස්සරහට දිව්වේ ඇදගෙන හිටපු hoodie එකේ අතින් කඳුළු පිහදාගන්න ගමන්..

එකපාරටම උරහිස්ස උඩින් අතක් තියෙනවා දැනුන නිසා Namjoon හිටි තැනම නතර වුනා 

"ඔහොම පැනලා යන්න ලජ්ජ නැද්ද Joon...මට ආයේ මගේ ලෝකෙට යන්න ඕනේ වුනානම් මම යනවා...මට යන්න ඕනේ නැති නිසයි මම ඔයා එක්ක ඉන්න තීරණේ කලේ..ඇයි එහෙමවෙලත් මාව මග අරින්නේ...."

Jin ගේ ඇස් වල තිබුනේ දුකක් නෙමෙයි ඊටත් වඩා ගැඹුරු අඳුරු හැගීමක්...Namjoonට Jinගේ ඇස් දිහා කෙලින් බලන්න තරම් හයියක් තිබුනේ නෑ..ඒ නිසා අහක බලාගෙන කොල්ලා කෑගැහුවා 

"මම කිව්වනේ මට කරදර නොකර යනවා යන්න"

"ඔයාට හොඳටම විශ්වාසද Namjoon " Jin දකුණු අත Namjoonගේ හදවත උඩින් තියලා ඇහුවා.. "ඔයා ඔය කතා කරන්නේ ඔයාගේ හදවතට එකඟව ද ?"

කොල්ලට කියන්න තරම් වචන එකතු කරගන්න පුළුවන් කමක් තිබුනේ නෑ..ඔලුව ඇතුලේ වචන එහා මෙහා ගියත් ඒ වචනවලින් වාක්‍යක් ගලපගන්න තරම් ඒ වචන ආයෙමත් Jinගේ මූනට වෙඩි උණ්ඩ වගේ කියාගෙන කියාගෙන යන්න තරම් කොල්ලට හයියක් තිබුනේ නෑ...

හවස් වෙලා හිමින් ඉර බැහැගෙන යන හැටි අහක බලාගෙන හිටපු Namjoonගේ ඇස් දෙකට පෙනුනා...තව ටික වෙලාවකින් හඳ පායයි...හඳේ ශක්තියත් එක්ක Jin දුර්වල වෙයි...Jin කලින් කියපු වචන ආයෙමත් Namjoon ට ඇහෙන්න ගත්තා 

"ඉර බැහැලා ගිහින් හඳ පායන වෙලාවට මගේ හදවත දුර්වල වෙනවා.. මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන දවස් ගානින් එකක් ගෙවිලා යනවා..එහම ගෙවිලා යන්න තවත් දවස් කීයක් ඉතුරු වෙලා තියෙනවද කියන්න මම දන්නේ නෑ...සමහර විට මාසයක්...නැත්නම් දෙකක් වෙන්නැති...ඒ දවස් ගාන කීයක් වුනත් මට ඕනේ ඒ කාලය ඔයා එක්කම ගත කරන්න..ආයේ මම ගියොත් මට අවරුදු ගානක් ජීවත් වෙන්න පුළුවන් වෙයි..හැබැයි ඒ අවරුදු ගානම තවත් අඳුරු මතක පිරුන නිකන්ම නිකන් හිස් කාලයක් වෙයි..මට ඕනේ නෑ අඳුරු මතක එක්ක අවරුදු ගානක් ජීවත් වේන්න..මට ඕනේ ජීවත් වෙන කාලේ සතුටින් ඉන්න..."

"ආහ්හ්හ්හ් " 

Namjoonගේ කල්පනාව නැවතුනේ එක පාරටම ඇහුන Jinගේ බිඳුන කටහඩින් 

"Jin hyung "

Namjoon පපුවත් අල්ලාගෙන බිම ඉන්දවිලා ඇස් දෙකම පියාගෙන හිටපු කොල්ලව අත් දෙකින්ම අල්ලගත්තා...

"Jin hyung කතා කරන්න...දෙයියනේ මේ මොකද වුනේ ...කතා කරන්න..ඇස් දෙක ඇරලා බලන්නකෝ...අනේ Jin hyung ...මම යන්නේ නෑ...මම ඉන්නවා ඔයා එක්ක හැමදාම...මට සමාවෙන්නකෝ...මම හිතලා ඒ දේවල් කිව්වේ නෑ "

Namjoon හොඳටම අඬ අඬ Jinව බදා ගත්තා ....විනාඩියකටත් වඩා අඩු කාලයක් Jin අතින් පපුව තද කරගෙන එහෙමම හිටියා මිසක් ඇස් ඇරලවත් බැලුවේ නෑ...සමහර විට ඇස් දෙකෙන් ඒ වේදනාව කොයිතරම්ද කියලා Namjoon දකියි කියලා වෙන්න ඇති...ඒ වේදනාව කොච්චර වුනත් Jinට ඕනේ වුනේ නෑ Namjoonට ඒ වේදනාව කොයිතරම්ද කියලා පෙන්නන්න ....

Jin Namjoonගේ අත තදකරලා අල්ලගත්තා..කොල්ලා මෙච්චර වෙලා තදින් බදාගෙන හිටපු Jinව ඈත් කරලා මූණ දිහා බැලුවේ ඒ වෙලාවේ..

"hyung මට සමාවෙන්න...මට තිබුනා hyungට මෙච්චර නරක විදිහට කතා කරන්න..සමහර විට මම hyung ට ඒ තරම් නරක විදිහට කතා කලේ නැත්නම් මේ තරම් අමාරු වෙන්නේ නැති වෙන්න තිබුනා "

Jin නිකන්ම හිනා වුනා විතරයි..පරණ පුරුදු විදිහටම...

"Joon ah අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා...තාම ඒ එකක් වත් පටන් ගත්තේ නෑ...අපිට ඒ හැම දේටම ඉතුරු වෙලා තියෙන්නේ දවස් 50ක් විතරයි..."

Namjoon පුදුමෙන් වගේ බැලුවේ තමන් ඉස්සරහා ඉන්න මේ අමුතු කොල්ලා දිහා..මේ අමුතු කොල්ලට Namjoonට කියන්නේ ඕනේ නැති වුනත් මේ කොල්ලා දැනගෙන හිටියා තමන්ට ජීවත් වෙන්න තව දවස් කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා...හරියටම දවස් 50ක්...නිකමට හිතන්න, ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන දවස් ගාන ගැන දැනගෙනත් ,තව දවස් ගානකින් තමන් මැරෙනවා කියලා දැනගෙනත් තවත් කෙනෙක්ගේ සතුට වෙනුවෙන් ඒ දවස් ගැන වෙන් කරන්න තරම් මේ කොල්ලා කොච්චර නිර්භීත වෙන්න ඇතිද? එහෙම වෙන කෙනෙක් වෙනුවෙන් ඒ කාලය කැප කරන්න තරම් මොකද්ද එයාලා අතර තියෙන බැඳීම...සමහර යාළුකම් හරිම ආත්මීයයි...පොඩි පොඩි රණ්ඩු ඇති වෙනවා...ඒත් ඒ බැඳීම හරිම ආත්මීයයි..මොන දේ වුනත් ඒ බැඳීම තරම් වටින වෙන කිසිම දෙයක් නෑ ....


To Be Continue 


(A/N 

Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story )


Bạn đang đọc truyện trên: Truyen247.Pro