Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

12.Snowflakes

මූණට දාගෙන හිටපු mask එක ගලවලා පැත්තකින් තියලා  Namjoon rameon එක කන්න ගත්තේ දවස් දෙකකට පස්සෙත් හරිහමන් කෑමක් නැති නිසා...දවස තිස්සෙම ඇවිදලා මහන්සියයි තෙහෙට්ටුවයි නිසා Namjoon ට තිබුනේ බඩගින්නත් එක්කම හොඳට නිදා ගන්න ඕනේ කමක්...අතේ සල්ලි තිබුනත් හොඳ තැනක නතර වෙලා ඉන්න තරම් වියදම් කරන්න සල්ලි Namjoon ළඟ තිබුනේ නැහැ...

උණුවෙන් තිබුණු rameon cup එක හිස්වෙනකන්ම ඉක්මනටම කාපු Namjoon store එකේ වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා එලියට ආවේ කලින් ගලවපු mask එක ආයෙමත් මූනට දාගන්න ගමන් ...

පාරෙන් ටිකක් එහාට වෙන්න තිබුණු අඳුරු පොඩි ගොඩනැගිල්ල දිහාවට කලිසමේ සාක්කු වලට අත් දෙකත් දාගෙන ඇවිදගෙන ගිය Namjoon වට පිට බැලුවේ කව්රු හරි තමන් දිහා බලගෙන ඉන්නවා දැනිලා වගේ.කකුල් තියන වේගේ වැඩි කරලා ඉක්මනට තමන් ඇවිදගෙන ගියපු තැන තිබුන ගොඩනැගිල්ලේ දොර ඇරලා ඇතුලට ගිය Namjoon දොර වහලා දැම්මේ මහා සද්දෙකුත් එක්ක...

පඩි පෙළ නැගලා දෙවෙනි තට්ටුවේ තිබුණු පොඩි කාමරයක් ඇතුලට ගිහින් ඇඳගෙන හිටපු කබාය ගලවලා පැත්තකින් තිබ්බත් කාමරේ light එක දාන්න නම් Namjoon ට උවමනාවක් තිබුනේ නැහැ..කෙලින්ම ඇඳට වැටුණු Namjoon phone එක අතට අරගෙන alarm එක set කලේ රෑ 11 ට...ආයෙමත් phone එක පැත්තකට විසි කරලා දාලා ඇස් දෙක පියාගත්තේ නිදාගන්න තව ඉතුරු වෙලා තියෙන්නේ පැය 3 කටත් අඩු වෙලාවක් නිසා...

________________________________________________________________________________

"Yoongi ඔයා මොකටද එහෙම දෙයක් කලේ ? මම කිව්වා ඔයාට හදිස්සි වෙන්න එපා කියලා "

Yeonhee Yoongi ගේ උරහිස් දෙකෙන් හොලවන ගමන් කෑගැහුවා..Yoongi ට කියන්න දෙයක් හිතාගන්න පුළුවන් වුනේ නැහැ...Yoongi ගෙයි වරද....Yoongi හදිස්සි වුනා...ගොඩක් හදිස්සි වුනා...Yoongi ඉක්මන් වෙලා ගත්ත තීරණේ නිසා හැම දෙයක්ම වෙනස් වුනා..

"මම හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා "

Yoongi බිම බලාගෙන කිව්වේ තමන් කරපු දේ ගැන ඇත්තටම පසු තැවෙන ගමන්

"Sir ඔයා කරපු දේ නිසා අපිටයි දැන් උත්තර හොයන්න වෙන්නේ...මේක doctor ටත් ප්‍රශ්නයක්"

Yeonhee ලග හිටගෙන හිටපු nurse ලා දෙන්නගෙන් කෙනෙක් කිව්වේ ආවේගේකින්

Yoongiට තව දුරටත් කට වහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ...ඒ වුනත් ඒ කරපු දේ හරි කියලා පිළිගන්න පුළුවන් කමක් තිබුනේත් නැහැ...ඒ නිසාම Yoongi එතනින් එහාට තවත් කතා කරන්න ඕනේ නොවුන නිසා Hospital එකෙන් එලියට ඇවිදගෙන ගියා..ඒ වෙලාවේ Yoongi ගේ මූණේ තිබුනේ තරහවක්ද ,දුකක්ද ,පසු තැවීමක්ද කියනදේ බලන් ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නැහැ...හැබැයි ඒ වෙලාවේ Yoongi ටවත් තමන්ගේ හිතේ තියෙන ඇත්තම හැගීම තේරුම් ගන්න බැරි වෙන්න ඇති..

Yoongi ට ඕනේ වුනේ Namjoon ට උදව් කරන්න...Yoongi ට ඕනේ වුනේ Namjoon ඉක්මනටම ගෙදර එනවා බලන්න...හැබැයි Yoongi ඒ වෙනුවට ගත්ත තීරණේ මොකද්දෝ හේතුවක් නිසා ඒ හැමදෙයක්ම අනික් පැත්ත හරවන්න මුල් වුනා....

දැනට දවස් තුනකට කලින් Yoongi Namjoonගේ hospital room එකේ කොළ කෑල්ලක වාක්‍ය තුනක් ලියලා අවේ කිසිම ආමන්ත්‍රණයක් නැතුව..ඔව් ඉතින් Yoongi දන්නේ කොහොමද Jin Namjoon ට කතා කරන්නේ කියලා...එදා ඒ කොලේ තියලා එන්න Yoongi දෙපාරක් හිතුවේ නැහැ..හැබැයි එදා තව පාරක් ඒ ගැන හිතුවනම් Namjoon එක පාරටම අතුරුදහන් වෙන්නේ නැහැ...Namjoon එහෙම වුනානම් hospital එකෙන් පැනල නොයන්න තිබුනා...

Yoongi ඇවිදගෙන ගිහින් නතර වුනේ hospital එකට ටිකක් එහායින් තිබුණු park එකක් ලග..park එකේ කිසිම ගහක කොළයක්වත් තිබුනේ නැහැ...ගස් වල කොළ හැලිලා ගිහින් සීතලටම..Yoongi ට හිතුනේ තමනුත් ඒ වගේ ගහක් කියලා....ගහෙ කඳ කොච්චර ශක්තිමත් වුනත් කොළ මල් නැති වේලිලා ගිය  ගසුත් නිකන් තමන් වගේ කියලා Yoongi ට හිතුනා...තමන්ගේ හිත කොච්චර ශක්තිමත් වුනත් Namjoon නැතුව තමන්ගේ හදවතේ කිසි ලස්සනක් නැහැ කියලා Yoongi ට හිතුනා...

Namjoon එක්ක Yoongi ට තිබුණු බැඳීම මොකක්ද ? යාළුකමක් ? සහෝදර කමක් ?

Yoongi ට Namjoon ව ඒ හැම බැදීමකට වඩාම වටිනවා..මොකද Namjoon කියන්නේ Yoongi ගෙම සහෝදරයා නොවුනත් තමන්ගේම සහෝදරයාටත් වඩා Yoongi ලං වුන කෙනෙක්...යාලුකමකටත් එහා ගිය ඒ සහෝදර බැඳීම Yoongi ට තමන්ගේ ජීවිතේ වගේ...පොඩි කාලේ ඉදන්ම එකට හැම දෙයක්ම කරන්න තමන් ලගින් හිටිය Namjoon වෙලාවකට Yoongi ළඟ පොඩි ළමයෙක් වගේ..එකම වයසේ වුනත් Namjoon කරන සමහරක් පිස්සු වැඩ කලාතුරකින් හිනා වෙන Yoongi ගේ මුනට හිනාවක් ගෙනාවා...Namjoon ට කව්රු හරි කරදර කලොත් ඒ අයගේ කටවල් වස්සන හැටිත් Yoongi දැනගෙන හිටියා...Namjoon ව Yoongi බලාගත්තේ ලොකු අයියා කෙනෙක් වගේ...මේ හැමදෙයක්ම අතරේ Namjoon හැම දාම කරදරවලම පැටලුනත් Yoongi Namjoon එක්කම හිටියා..Namjoon හැම දෙයක්ම Yoongi එක්ක කියලා අඩද්දී Yoongi පණ්ඩිත කතා සීයක් කිය කිය Namjoon ගේ හිත හදන්නැති..හැබැයි Namjoon නැති දවසට Yoongi තනියම කාමරේට වෙලා අඩන්න ඇති...වැඩිය හිනාවක් නැති වැඩිය හැංගීම පෙන්නන්නේ නැති Yoongiව අඩවන්නත් හිනස්සන්නත් පුළුවන් වුනේ Namjoon ට විතරයි....

Park එකේ කොළ හැලුණු ගහක් යට bench එකක් ඉදගත්ත Yoongi කල්පනා කලේ Namjoon කොහේ යන්න ඇතිද කියලා..

අඩුම තරමේ Namjoon ට Yoongi ටවත් මේ ගැන කියන්න තිබුනා...

අහස අළු පාටයි....අයෙමත් හිම වටෙන්නද ?

Yoongi හිතුවේ Namjoon ගැන...

සීතලේ කොහේ ඉන්නවා ඇතිද ? කාලද ?Namjoon ළඟ ඇති වෙන්න සල්ලි තියෙනවද ?

Yoongi ගේ හිතේ හරිම මුසල හැගීමක්...හරියට ගැලවීමක් නැති සිතුවිල්ලක් වගේ...

Namjoon යන්න ගියේ තමන් කරපු දේ නිසා නම් Namjoon ව හොයාගන්න ඕනෙත් තමන්ම නේද කියලා Yoongi ගේ හිත කෑගහන්න ඇති...

ඒත් කොහොමද ?

________________________________________________________________________________

Namjoon දැනගෙන හිටියා මේ කරන දෙයින් එයාට තව දුරටත් හැංගිලා ඉන්න බැහැ කියලා...ඒ වුනත් Namjoon ට වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ..මේ වගේ වෙලාවක සල්ලි හොයාගන්න හදිස්සියේම රස්සාවක් හොයා ගන්නේ කොහොමද ? 

රෑ 11.30 යි

Namjoon ආයෙමත් තමන් හිටපු motel එකෙන් එලියට ඇවිත් ඇවිදගෙන ගියේ කලින්  rameon කාපු store එක ඉස්සරහා තිබුණු gas station එකට..කව්රුත් නැතුව පාලු වෙලා ගියපු gas station එකේ තිබුණු පුංචි බංකුවක් ඇදලා අරගෙන වාඩි වුන Namjoon දාගෙන හිටපු cap එක ඇදල පහලට කරගත්තේ එන කෙනෙක්ට තමන්ගේ මූන පෙන්නේ නැති වෙන්න....

වටේටම කළුවරයි...ඒ වගේම සීතලයි...

ඒ වුනාට Namjoon ඒ ගැන ගානක් වුනේ නැහැ...සාක්කුවේ තිබුණු phone එක අතට අරන් screen එක දිහා Namjoon බලාගෙන හිටියේ හිස් බැල්මකින්..contact icon එක click කරලා Namjoon බැලුවේ phone එකේ save කරලා තිබුණු numbers දිහා....කවදාවත් save කරගන්න තරම් දන්න අඳුරන අය Namjoon ට හිටියේ නැහැ...phone එකේ save කරලා තියෙන numbers හතරම ඉස්සරහින් තිබුනේ block කරලා කියල පෙන්නන්න logo එකක්..

Namjoon ගේ ඇස් වැඩි වෙලාවක් රැදිලා තිබුනේ දෙවෙනියට පෙන්නපු contact එක දිහාවට


Jin hyung


Namjoon හිමිහිට ඇගිල්ලෙන් ඒ contact එක  click කළා...තව එක පාරක් කල්පනා කරපු Namjoon unblock කියල පෙන්නපු වචනේ උඩින් ඇගිල්ල තිබ්බේ ලොකු හුස්මක් ගන්න ගමන්...

හිතේ තිබුණු ආවේගෙට කලින් ඒ contact එක block කරලා දැම්මත් Namjoon ගේ හිත තවමත් ඒ number එකෙන් call එකක් බලාපොරොත්තු වුනා...

 ____________________________________________________________________________

පාන්දර හරියේ ආපු වාහන දෙක ඇරුනම වෙන කිසිම කෙනෙක් gas station එකට ආවේ නැහැ..සීතල වැඩි කමටම ඇදගෙන හිටිය coat එක තවත් අත් දෙකෙන් ඇගට තද කරගෙන Namjoon බලාගෙන හිටියේ අහස දිහා...

හැමදාම ලොකුවට පායන හඳ අද පේන්නවත් නැහැ...සමහර විට අද අමාවක දවසක්ද ?

නැත්නම් ඒ වලාකුළු වලින් හඳ වැහිලා ගිහින් නිසාද ?

ටිකක් වෙලා බලාගෙන ඉද්දීම පොඩි පොඩි හිම තුහින අහසෙන් වැටෙන්න ගත්තා 

Gas station එකේ වහලේ යටට ගියපු Namjoon phone screen එක on කරලා බැලුවේ වෙලාව කීයද කියලා..

පාන්දර 3.22 යි 

උදේ 6 වෙනකන් Namjoon ට මෙතනින් යන්න පුළුවන් කමක් නැහැ...ඒ නිසාම අයෙමත් phone එක සාක්කුවට දාගෙන Namjoon බැලුවේ තමන්ගේ ඉස්සරහින් වැටෙන තුහින දිහා..

ඒ තුහින සීතලයි...ඇයි හිම තුහින සීතල ?  තව ටික දවසකින් හැම තැනකම හිම වැටිලා සීතල විතරක් ඉතුරු වෙයි ....ඒ හිම දිය වුනොත් ආපහු උණුසුමක් දනෙයිද ?

Namjoon ගේ ජීවිතෙත් හරියට ඒ වගේ..මේ හැම දෙයක්ම ඉවර වෙන දවසක් එයිද ? එදාට Namjoon තනි වෙන්නේ නැති වෙයිද ? 

අහස දිහා බලාගෙනම කල්පනා කරන්න ගත්ත Namjoon ඇස් දෙකම පියා ගත්තේ තිබුණු මහන්සියටත් එක්ක 

Flashback 

"Nam ඔයා ඔය එළියේ ගිහින් පස්සේ සීතලේ ගැහෙන්න එපා "

Yoongi දොරත් අරගෙන කෑගැහුවේ එලියට වෙලා හිම වලින් මොනවදෝ හදන Namjoon ට 

"ඔයත් එන්නකෝ ...ඇතුලට වෙලා නිදා ගෙන ඉදලම ඔයාව ගල් වෙයි නැත්නම් "

Namjoon හැරිලාවත් බලන්නේ නැතුව එයා කර කර හිටපු වැඩේමයි..තව කොච්චර කිව්වත් ඔච්චරම තමයි කියලා දන්න නිසාම Yoongi දොරත් වහලා Namjoon හිටපු තැනට ඇවිදගෙන ගියා..

අතේ තිබුණු මොකද්දෝ plastic බඩුවකින් Namjoon තාරාවෝ හැඩේට හිම වලින් තාරාවෝ හදනවා.Namjoon ගේ මූනේ තිබුනේ ලොකු  mission එකක ඉන්න captain කෙනෙකුගේ වගේ පෙනුමක්.Yoongi Namjoon ගේ මූනයි තාරාවෝ ටිකයි දිහා බලාගෙන ඉදලා හයියෙන් හිනා වෙන්න ගත්තා.

"දැන් ආයේ අව්ව පෑව්වම ඔය ටික දියවෙනවනේ.."

Yoongi කියද්දී Namjoon රවලා Yoongi දිහා බලලා අයෙමත් බිම තිබුන හිම අත් දෙකෙන් එකට එකතු කරන්න ගත්තා 

"අව්ව් පෑව්වම දිය වුනාට සීතල තියෙනකන් මෙයාල මෙතන ඉදියිනේ...මේ වයසට මේ වගේ වැඩ කරන්නේ නැතුව් ආයේ මොන වයසට මේවා කරන්නද ..ලබන අව්රුද්දෙ හිම වැටෙනකොට අපි තවත් අව්රුද්දක් වයසට ගිහිල්ලා..ඒ කියන්නේ 18 ක් වෙනවා...18ක් කියන්නේ ලේසි පහසු වයසක්ද? එතකොට මේ වගේ වැඩ කරන්න බැහැ Yoongi "

Namjoon serious mood එහෙකින් කියද්දී Yoongi හිනා වේවි අහගෙන හිටියා...එහෙමම බිමට නැවුන Yoongi පොළොවේ තිබුණු හිම එකතු කරන්න Namjoon ට උදව් වුනා...

Yoongi ආයෙමත් කෙලින් වුනේ Namjoon කෑගහපු සද්දෙට.Namjoon දිහා බලපු Yoongi දැක්කේ මූණත් අල්ලාගෙන ඇස් දෙක රතු කරගෙන බලාගෙන ඉන්න Namjoon ව.එහෙම්මම තාප්පෙන් එහා පැත්ත Yoongi ට බැලුනේ ඉබේටම...Yoongi දැක්කා තාප්පේ එහා පැත්තේ  ඉදලා කොල්ලෙක් එක පාරටම පහත් වෙනවා.Yoongi අතේ තිබුන හිම ටිකත් එහෙම්මම බිමට දාලා ඒ කොල්ල හිටපු පැත්තට ඇවිදගෙන යන්න හැදුවේ දත් මිටි කන ගමන්...ඒත් Namjoon Yoongi ව නවත්තලා ඔලුව වැනුවේ යන්න එපා කියලා කියන්න 

"මොකද්ද එපා කියන්නේ..ඔය කොල්ලෝ ටික දැන් දවස් කීයක් ඔයාට ඔහොම වද දෙනවද ? මට අහුවුනොත් දන්නවා කරන වැඩේ"

Yoongi හයියෙන් කෑගහන ගමන් කිව්වේ Namjoon දිහා බලාගෙන 

"මම නිසා රණ්ඩු වෙන්න එපා Yoongi..ඒක ඔයාටයි හොද නැත්තේ..."

Namjoon බාගෙට ලෙහිලා තිබුන scarf එක ආයෙමත් බෙල්ල වටේට ඔතා ගන්න ගමන් කිව්වා..

"අපි ඇතුලට යමු .දැන් එළියේ හිටියා ඇති "

Yoongi ගෙදර පැත්තට ගියේ Namjoon ට එහෙම කියා ගෙන

End of the flashback 

"ළමයා ....ළමයා ...."

Namjoon ගැස්සිලා  ඇහැරුනේ කව්ද කෙනෙක් උරහිසට තට්ටු කරද්දී...වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු Namjoon තමන්ගේ ඉස්සරහා හිටපු මනුස්සයට ඔලුව නවලා ආචාර කළා..

"සමාවෙන්න sir මට නින්ද ගියා "

"ඒකට කමක් නැහැ.අද පලවෙනි දවසනේ.හැබැයි ආයේ මෙහෙම වෙන්න දෙන්න එපා "

ඒ මනුස්සයා අතේ තිබුණු ලියුම් කවරයක් Namjoon ගේ අතට දෙන ගමන් කිව්වා.Namjoon අයෙමත් වතාවක් ඔලුව නවලා ආචාර කලේ හිනා වකුත් එක්ක..හැබැයි ඒ හිනාව ඇත්ත හිනාවක්නම් නෙමෙයි..හැම හැගීමකටම උඩින් දාගත්තු බොරු වෙස් මූනක් විතරයි....

ලියුම් කවරේ තිබුනේ අද දවසේ Namjoon ගේ පඩිය...

ලියුම් කවරේ ඇතුලේ තිබුණු සල්ලි ටික එලියට අරගෙන Namjoon හිමිහිට ගණන් කරලා සාක්කුවට දාගත්තා...

Namjoon ට ගෙදර යන්න ඕනේ නැහැ...ගෙදර ගියොත් ආයෙමත් hospital එකට යන්න වෙනවා කියලා Namjoon දැනගෙන හිටියා....ඒ නිසාම Namjoon හැම අරමුණක්ම අතැරලා ජීවත් වෙන අරමුණට විතරක් යන්න තීරණය කරලා තිබුනා 

ජීවිතේ වැඩියෙන්ම විශ්වාස කරපු කෙනත් තමන්ගේ විශ්වාසය කඩ කලාට පස්සේ Namjoon තවත් කිසිම දේයක් විශ්වාස කරන්න පෙලබුනෙත් නැහැ..

Namjoon කලින් රෑ නතර වුන motel එකත් පහු කරගෙන පාර දිගේ ඇවිදගෙන ගියේ හිතේ අරමුණක් නැතුව...සමහරක්විට තවත් part time job එකක් ? 

වැඩිය සෙනගක් නැති පාර දිගේ Namjoon බිම බලාගෙන කෙලින්ම ඇවිදගෙන ගියේ තමන්ගේ වටේ වෙන්නේ මොනවද කියලවත් අවදානයක් නැතුව.ඔලුවට දාගෙන හිටපු cap එක නිසා Namjoon ගේ මූන කාටවත් පෙනුනෙත් නැහැ....ඒත් එක පාරටම Namjoon ඇවිදගෙන යන එක නතර කරලා බැලුවේ ටිකක් එහාට වෙන්න අතුරු පාරක් ළඟ වට වෙලා හිටපු අවරුදු 16ක 17ක කොල්ලෝ ටිකක් දිහා...ඒ කොල්ලෝ ටික වට වෙලා ඉන්නේ හොඳකට නෙමෙයි කියන එක Namjoon ට තේරුනත් ටිකක් වෙලා එතනම ගල් වෙලා Namjoon ඒ දිහා බලාගෙන හිටියා...

"ඔහේ ළඟ තියෙන සල්ලි ඔක්කොම දෙනවා..නැත්නම් දන්නවනේ "

එක කොල්ලෙක් එතන හිටපු පොඩි පිරිමි ළමයෙකුට කිව්වේ අතකුත් ගහන්න උඩට උස්සන ගමන්

Namjoon ඉක්මනට ඒ පැත්තට ඇවිදගෙන ගියේ හිතේ කලින් මතක එක දිගට කරකෙද්දී 

වට වෙලා හිටපු කොල්ලෝ ටික තල්ලු කරගෙන පොඩි ළමයා ලගට ගිහින්   ඒ ළමයාගේ අතින් අල්ලලා තමන්ගේ පිටිපස්සට කරගත්ත Namjoon කොල්ලෝ ටික දිහා ඇස් දෙක හීනිකරලා බැලුවා 

"ආයේ මෙයාට කරදර කරලා අහු වුනොත් ලේසියෙන් බේරෙන්න හිතන්න එපා "

අගිල්ලත් දික් කරලා Namjoon කියද්දී කොල්ලෝ ටික සද්ද නැතුව හිටියා.ටිකක් වෙලා බලාගෙන හිටපු කොල්ලෝ ටික හිමිහිට එතනින් යන්න ගියා...තවමත් Namjoon ගේ පිටිපස්සට වෙලා හැංගිලා හිටපු පිරිමි ළමයා දිහා Namjoon බැලුවේ එතකොටයි..

හොදටම බය වෙලා ඇස් දෙකේ කදුළු පුරවාගෙන හිටපු අවරුදු දහයක තරම් පොඩි ළමයාගෙන් Namjoon දැක්කේ තමන්වමයි...මීට අවරුදු 14 කට කලින් හැම දේකටම බය වුන..හැම කෙනෙකුටම බය වුන...තමන්වමයි...

ඒත් එක්කම Namjoon ට මතක් වුනේ Yoongi ව...ඒ දවස්වල Yoongi Namjoon ගේ ළඟ හිටියේ නැත්නම් Namjoon මීටත් වඩා බය ගුල්ලෙක් වෙන්න තිබුනා...ඉස්සර හැම දේකටම බය වුන Namjoon ට තිබුණු හැම බයක්ම හිමින් හිමින් අයින් කලේ Yoongi 

"Thank you hyung "

පොඩි ළමයා ඔලුවත් බිමට නවාගෙන කිව්වේ කදුළු පුරවගත්ත ඇස් දෙකකින්..

"දැන් බය වෙන්න එපා....ආයේ එයාලා ඔයාට කරදර කරන එකක් නැහැ.."

Namjoon බිමට නැවිලා පිරිමි ළමයගේ ඔලුව හිමිහිට අතගාලා කිව්වේ ආයේ නැගිටින ගමන් 


ආයෙමත් අරමුණක් නැති ගමන....

Namjoon ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කල්පනා කලේ Yoongi ගැන...

එයාලා හැමෝගෙන්ම ඈත් වෙලා මේ කරන දේ හරිද ?

පොඩි කාලේ ඉදන්ම තමන්ට පවුලක් වුන අයට එහෙම කරන එක හරිද ?

Namjoon ගේ හිත උත්තරයක් නැති ප්‍රශ්න වලින් පිරිලා...

හැබැයි ඒ උත්තර නැති ප්‍රශ්න වලට උත්තර හදන්න Namjoon ගෙම හිත අනෙක් පැත්තට තර්ක කළා 

මට කිසිම ලෙඩක් නැතත් ඇයි එයාලා මාව hospital එකේ හිර කරගෙන හිටියේ ?

මම එතන හිටියේ Jin hyung ඉන්න කියපු නිසා..සමහර විට එයාලමයි Jin hyung ට එන්න ඉඩ දෙන්නේ නැතුව ඇත්තේ ..

එයාලා හදන්නේ මාව හිර කරන්න නේද ? අඩුම තරමේ Jin hyung ටවත් මාව හම්බෙන්න ඉඩ දෙන්නේ නැතුව ...

________________________________________________________________________________

අද දවසට සිය පාරකටත් වඩා Yoongi phone එක දිහා බලාගෙන ඉන්න ඇති..දන්න හැම විදිහටම හැම number එකකින්ම Namjoon ට call කරන්න හැදුවත් ඒ කිසිම call එකක් Namjoon answer කලේ නැහැ.ඒ නිසාම voice mail එකක් තියලා බලාගෙන හිටියේ Namjoon එහෙමවත් කතා කරයි කියලා බලාපොරොත්තුවෙන්...

"ඇයි හදිස්සියේම කතා කලේ ?"

Hoseok ඇවිත් Yoongi ගේ ඉස්සරහා තිබුන ඇදල පිටිපස්සට කරලා වාඩි වෙන ගමන් ඇහුවා 

Yoongi ගේ මූණේ පහුගිය ටිකේම තිබුනේ දුකක් වුනත් අදනම් තිබුනේ කිසිම හැගීමක් නැති මූනක් කියලා Hoseok වැඩි වෙලා යන්න කලින් තේරුම් ගත්තා..පහු ගිය ටිකේම Yoongi Hoseok එක්ක කතා කලේම Namjoon ගැන.Namjoon බලන්න ගියාම Namjoon කියපු හැමදෙයක්ම Yoongi ඇවිත් Hoseok එක්ක කියලා හිත නිදහස් කරගත්තත් Yoongi කවදාවත් Namjoon ට තිබුනේ මොන විදිහේ අසනීපයක්ද කියලවත් Hoseok එක්ක කිව්වේ නැහැ.

"මොකක් හරි ප්‍රශ්නයක් කියලා මට තේරෙනවා..මොකද්ද අවුල ? මට උදව් කරන්න පුළුවන් නම් මම උදව්වක් කරන්නම්"

Hoseok තවමත් මේසේ උඩ තියලා තිබුන මල් vas එක දිහා බලාගෙන හිටපු Yoongi ගෙන් ඇහුවා ..

මම හැමදෙයක්ම Hoseok ට කියනවද ?

Yoongiගෙ හිත ප්‍රශ්න කළා ..

"Hoseokah මම මේ ඔයාට කියන දේවල් කිසි කෙනෙකුට කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවද ?"

Yoongi කවදාටත් වඩා serious විදිහට අහපු නිසාම Hoseok ටික වෙලාවක් Yoongi දිහා බලාගෙන ඉදලා කතා කරන්න ගත්තා 

"මට පොරොන්දු වෙන්න පුළුවන්...හැබැයි මාව විශ්වාස කරන එක ඔයාගේ වැඩක් "

Yoongi මේ හැම දෙයක්ම Hoseok ට කියන්න කලින් ලොකු හුස්මක් ගත්තා...


To Be Continue 



(A/N 

අර Namjoon හිම වලින් තාරාවෝ හදපු කතාව ඔයාලා දන්නවනේ.හිම වලින් තාරාවෝ හදලා නමකුත් දාලා එයාලා ගැන Namjoon දිගටම අපිට update දුන්නනේ.DTS දැන් DeadTS කියලා කිව්වේ.ආයේ ලබන අවුරුද්දේත් හදයි DTS ලව 😭😭😭



Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story 



Bạn đang đọc truyện trên: Truyen247.Pro