11.Again
Yeonhee apartment එකට එනකොටත් රෑ එකොළහමාරටත් කිට්ටුයි..අතේ තිබුන files ටික එහෙමම sofa එකට අතෑරපු Yeonhee එහෙමම kitchen එකට ගිහින් coffee machine එක on කරලා coffee එකක් හදාගත්තේ මහන්සිය යන්නත් එක්ක.දවස තිස්සෙම hospital එකේ දේවල් කර කර ඉදලම තමන් ගැන බලාගන්නවත් Yeonhee ට වෙලාවක් නැහැ..
coffee එක පැත්තකින් තියලා sofa එක උඩ තිබුන files වලින් එකක් අතට ගත්ත Yenhee ඒ දිහා බලාගෙන හිටියේ file එක ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා වගේ...
file එක ඇරලා ඒකෙ තිබුන කොළ එකින් එක අයෙමත් වතාවක් එහාට මෙහාට පෙරලලා එතනම ටිකක් එහාට වෙන්න තිබුන bag එකට අත දාලා phone එක ගත්ත Yeonhee phone එකේ save කරලා තිබුන number එකක් dial කළා..ටිකක් වෙලා rings ගිය phone එක එහාපැත්තෙන් ඉන්න කෙනා කතා කරපුවම Yeonhee වාඩිවෙලා හිටපු පුටුවෙම අයෙමත් කෙලින් වෙලා වාඩි වෙන ගමන් උත්තර දුන්නා
"Hallo Mr.Yoongi මට සමාවෙන්න මේ වෙලාවේ call කලාට...හෙට මට ඔයාගේ omma ව හම්බෙන්න පුලුවන්ද ?"
"ඔව් මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් "
"පුළුවන් නම් මට Namjoon ගේ පරණ reports ටික ගෙනත් දෙන්න පුළුවන් වෙයිද ?"
"හරි Yoongi එහෙනම් හෙට හම්බෙමු"
Yeonhee phone එක කන ලගින් ඈත් කරලා අයෙමත් file එකට එබුනා...
"අයිෂ්....මේක මම හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි....පැටලිලා ...ඔක්කොම එකට පැටලිලා "
Yeonhee අත්දෙකෙන් ඔලුවට ගහගන්න ගමන් තනියම කියෙව්වා
"Jin .....Jin ....Jin ...ඇයි ඒ නම මට හොදට අහලා පුරුදු...කොහෙදිද මම ඒ නම ඇහුවේ...ඒ නම සාමාන්‍යයෙන් පාවිච්චි වෙන නමකුත් නෙමෙයි..එතකොට මට කොහෙදිද මේ නම මෙච්චර අහලා පුරුදු වුනේ ..."
Yeonhee ඈතින් පෙනුන පොත් රාක්කෙ දිහා බලාගෙන කල්පනා කළා...ටික වෙලාවක් කල්පනා කර කර හිටපු Yeonhee එක පාරටම පුටුවෙන් නැගිටලා වේගෙන් පොත් රාක්කෙ දිහාවට ඇවිදගෙන ගියේ එකපාරටම මොකක් හරි මතක් වෙලා වගේ...
පොත් රාක්කෙ ගාව දනගහගෙන යටම තිබුන පොත් තට්ටුවේ පොත් එකින් එක එහාට මෙහාට පෙරල පෙරල Yeonhee කලබලෙන් මොනවද හොයනවා...
හැම තැනකම තිබුන පොත් ටික එහාට කරලා ගත්තු එක හීනි පොතක් Yeonhee අතට ගත්තේ පොත පුරාම බැදිලා තිබුන දූවිලි තට්ටුව පිහදාන ගමන්..ඒ එක්කම Yeonhee බැලුවේ පොතේ කවරේ දිහා...කෙල්ලගේ මූනේ ලොකු හිනාවක්...ලොකු කතාවක මුල පුංචි පොටක් අල්ලගත්තා වගේ
JIN
කෙල්ල පොඩි කාලේ ඉදන් එක දිගට කියවපු චිත්‍ර කතා පොත...
Yeonhee ආයෙමත් sofa එක ලගට ගිහින් lapotop එක දිග අරියේ මූණේ ලොකු හිනාවකුත් එක්ක...laptop එක on වෙනකන් keyborad එක දිගේ වේගෙන් ඇගිලි එහෙ මෙහෙ ගෙනියන ගමන් කෙල්ල බලාගෙන හිටියා...
Namjoon ගේ room එකේ cctv footages ටික ආයේ බලන ගමන් Yeonhee අත් දෙකම ඔලුවේ තියාගෙන ඇස් දෙකත් ලොකු කරගෙන කල්පනා කලේ හැම දෙයක්ම මේ තරම් හොදට ගැලපෙන්නේ කොහොමද කියලා...
Namjoon දවල් කියවපු චිත්‍ර කතා පොත...Namjoon තනියමම තවත් කෙනෙක් එක්ක කතා කරනවා කියලා හිතාගෙන කතා කරන ගමන් කියවපු චිත්‍ර කතා පොත...ඒ පොතත් දැන් Yeonhee ගේ අතේ තියෙන පොතමයි කියලා තේරුම් ගන්න කෙල්ලට වැඩි වෙලාවක් ගියේ නැහැ...
"ඒ කියන්නේ මේ හැම දෙයක්ම පටන් ගන්න ඇත්තේ මේ පොතෙන්...Namjoon අපි බලමු මේ හැම දේකම මුල මට හොයාගන්න පුළුවන් වෙයිද කියලා"
Yeonhee තමන්ටම කියාගන්න ගමන් lap එක වහලා පැත්තකින් තියලා අනික් අතේ තිබුන චිත්‍ර කතා පොතත් අරගෙන ගිහින් කාමරේ දොර වහගත්තා...
________________________________________________________________________________
"ඒයි Kim Namjoon ඔයා හිතාගෙන ඉන්නේ මේ desk එක ඔයාට අයිති එකක් කියලද ? මේ මගේ තැන...ඔතනින් නැගිටලා වෙන තැනකට යනවා"
මේසෙට ඔලුව තියාගෙන අස්දෙකත් පියා ගෙන හිටපු Namjoon ඔලුව උස්සලා ලගට ඇවිත් කෑගහලා ගියපු එයාගේ වයසේම පොඩි කොල්ලගේ දිහා බලලා අයෙමත් මේසෙට ඔලුව තියාගෙන ඇස් දෙකම පියා ගත්තා...
"යා මම කියපු දේ ඇහුනේ නැද්ද ?" නගිටනවා ඔතනින් දැන්මම "
ඒ කොල්ලා ඇවිත් Namjoon ගේ කොලර් එකෙන් අල්ලලා ඇදපු පාරට Namjoon ඉබේම පුටුවෙන් නැගිට්ටුනා ...ඒත් ඒ කොල්ල හිතුවෙවත් නැති විදිහට Namjoon දකුණු අත මිට මොලවල ඒ කොල්ලට ගහපු පාරට කොල්ලා එතනම වැටුනේ වටේ හිටපු ළමයි ඔක්කොම කෑගහද්දී..Namjoon බිම වැටිලා හිටපු ළමය දිහා බලාගෙන හිටියේ තරහ පිරුණු ඇස් දෙකකින්..පොඩි වුනත් Namjoon ගේ ඒ ඇස් වල තිබුන තරහ කොහෙත්ම පොඩි වුනේ නැහැ...
"මොකද්ද මෙතන වෙන්නේ "
ළමයි කෑගහපු සද්දෙට එතනට ආපු sir කෙනෙක් ඇහුවේ බිම වැටිලා ඇස් දෙකේ කදුළු පුරවාගෙන බලාගෙන ඉන්න කොල්ලා දිහයි ඒ කොල්ලව පුච්චලා අළු කරලා දාන්න තරම් තරහකින් කොල්ලා දිහා බලාගෙන ඉන්න Namjoon දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්
"Sir Namjoon Jaehyuk ට ගැහුවා"
"ඔව් sir එයා නිකන්මයි ගැහුවේ..Jaehyuk මුකුත් කලේ නැහැ"
"Namjoon හැම වෙලේම ළමයින්ට ගහනවා sir "
එතන හිටපු හැම ළමයෙක්ම කියන්න ගද්දි Namjoon වචනයක්වත් නොකියා ඒ හැම කෙනෙක් දිහාම බැලුවේ කේන්තිය පිරුන ඇස්දෙකකින්
ඒත් එක්කම Namjoon ලගම හිටිය ළමයට මේසේ උඩ තිබුන බෝතලෙකින් ගහන්න අයෙ දෙපාරක් හිතුවේ නැහැ..
✨✨✨✨✨
"මේ ලමයා මෙහෙම දෙයක් කරපු පලවෙනි පාර නෙමෙයි මේ...දෙවෙනි පාරත් නෙමෙයි..මට සමාවෙන්න Mr.Kim මට තව දුරටත් මේ ලමයව අපේ ඉස්කෝලේ තියාගන්න බැහැ...මට පුළුවන් කමක් නැහැ අනික් ළමයින්ගේ ජීවිත අනතුරේ දාන්න.."
Principle room එකේ හිටපු Namjoon ,appa කියලා කතා කලත් කිසිම දවසක Namjoon තමන්ගේ පුතා කියලා සලකපු නැති Mr.Kim Principle කියන හැම දෙයක්ම අහගෙන හිටියේ හරිම ඉවසීමකින්...
"මට සාමවෙන්න sir මම එයාව මෙහෙන් අයින් කරගෙන යන්නම් "
Mr.Kim ගේ සන්සුන් ඒත් හුගක් ගැඹුරු කටහඩ room එක ඇතුලේ දෝංකාර දුන්නා
"Mr.Kim මම මේ කියන දේ වැරදියට තේරුම් ගන්න එපා...මම මේ මට හිතුන දේවල් එක්කයි මෙහෙම කියන්නේ..."
Principle අයෙමත් කතා කරද්දී Kim මෙච්චර වෙලා බිමට හරවගෙන හිටපු මුණ principle දිහාවට හැර වුනා..
"නරකද මේ ලමයව counselor කෙනෙකුට පෙන්නුවොත්..."
Principle කියද්දී Mr.Kim ගේ මුනේ හිනාවක් ඇදිලා අයෙමත් මැකිලා ගියා...
"එහෙනම් sir මම දැන් යන්නම් "
Mr.Kim පුටුවෙන් නැගිටලා office එකෙන් එලියට ඇවිදගෙන ආවේ අතේ තිබුන file එක දිහා බලල කට කොනින් හිනා වෙන ගමන්
✨✨✨✨✨
"Doctor මේ බලන්නකෝ...මම නවතින්න කියද්දීත් මේ බබාව එක්කගෙන ආපු අය එයාව තියලා ගියානේ "
එක පාරටම දුවගෙන ආපු nurse Doctor Min ගේ room එකේ දොර අරින ගමන් කිව්වේ nurse ගේ පිටිපස්සෙන් හිට ගෙන හිටපු පොඩි කොල්ලව පෙන්නලා...
"මොකක්? කව්ද මෙයාව එක්කගෙන ආවේ?"
Doctor Min ඇස් දෙකේ තිබුන කන්නාඩිය ගලවලා පැත්තකින් තියන ගමන් nurse ගේ දිහා බලාගෙන ඇහුවා
"ඒ ආපු කෙනා කිව්වේ මෙයාව අද ඉදන් මෙහෙ තියාගන්න කියලා..එයාලා මොකද්ද file එකකුත් තියලා ගියා.ඒක reception එකේ doctor..ඒත් ...එයාල මෙහෙ මේ බබාව තියාගන්න කියන්නේ මේක hostel එකක් කියලා හිතුවද දන්නේ නැහැ..."
nurse එක දිගට කියාගෙන ගියේ තරහින් වගේ
"හරි හරි අපි බලමුකෝ...දැන් ඔයා යන්න...මම මේ පුතා එක්ක ටිකක් කතා කරලා ඉන්නම්..."
Doctor Min හරිම ආදරෙන් තවමත් දොර ගාව හිටගෙන කිසිම හැගීමක් නැති මුනකින් doctor දිහා බලාගෙන හිටපු Namjoon දිහා බලාගෙන කිව්වා...
✨✨✨✨✨
"එතකොට Namjoon පළවෙනියට Mrs.Min ලගට ආවේ ඒ විදිහට ?"
Yeonhee පෑනත් කටේ කගහගෙන කල්පනා කරන ගමන් ඇහුවා
"ඔව් Yeonhee...Namjoon ට ඒ වෙනකොට තිබුනේ තනිකරම තනිකමක්.එයාට අපි ලග නතර වෙලා බෙහෙත් ගන්න තරම් බරපතල අසනීපයක් තිබුනේ නැහැ...ඒත් එයාගේ appa එයාව මෙහෙ දාලා ගිය නිසා එයාට අපිත් එක්කම ඉන්න වුනා...අපේ කට්ටිය නිතරම එයාගේ appa ව contact කරගන්න හැදුවත් contact කරගන්න බැරි වුනා...Namjoon අපි ලගට ආවේ එයාට අවරුදු 8 දී...එදා ඉදලා අවරුදු 10 වෙනකනුත් Namjoon හැදුනේ hospital එක ඇතුලේ...අපි අන්තිමට Namjoon ගේ appa accident එකකින් නැති වුනා කියලා දැනගත්තෙත් එයාගේ appa ගේ leagal officer ගෙන්..ඊට පස්සේ අපි Namjoon ගේ බාර කාරයෙක් ඉන්නවනම් හොයල දෙන්න කියලා ඒ කෙනාට කිව්වා.හැබැයි ඒ මනුස්සය කිව්වේ Namjoon ට කිසිම බාර කාරයෙක් නැහැ කියලා...ඒ කියන්නේ Namjoon ව බාරගන්න කෙනෙක්,නෑදෑයෙක් Namjoon ට හිටියේ නැහැ..Namjoon ගේ omma cancer එකකින් නැති වෙලා තිබුනා මේ වෙනකොටත්.legal officer කියපු විදිහට Namjoon කියන්නේ එයාගේ appa ගේ marrige එකේ දරුවෙක් නෙමෙයි.ඒ මනුස්සයා ආවේ Namjoon ගේ halabeoji එයාට ඉතුරු කරලා ගියපු දේවල් ටික Namjoon ගේ නමට transfer කරන්න.අපිට Namjoon ඒ දවස් වල කියපු විදිහට නම් Namjoon එක්ක ගොඩක්ම ලගින් ඉදලා තියෙන්නේ මේ halabeoji "
Mrs.Min කියද්දී එහා පැත්තේ වාඩිවෙලා අහගෙන හිටපු Yoongi ත් කතා කරන්න ගත්තා
"Namjoon දැන් ඉන්නේ ඔය halabeoji කලින් හිටපු ගෙදර"
Mrs.Min ඔලුව වනලා අයෙමත් කතා කරන්න ගත්තා
"Namjoon ට බාර කාරයෙක් නොහිටිය නිසා තව දුරටත් අපිට එයාව hospital එකේ තියාගන්න පුළුවන් වුනේ නැහැ.එයාල කිව්වේ Namjoon ව අනාත නිවාසෙකට බාරදෙන්න කියලා.ඒත් අපිට එහෙම කරන්න හිත දුන්නෙත් නැහැ..මොකද පහු ගිය අවරුදු දෙකේම Namjoon හිටියේ Yoongi එක්කමයි...අපිට එයාල දෙන්නව වෙන් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.මොකද Namjoon අවරුදු දෙකකට කලින් හිටපු තත්වෙන් ගොඩක් දුරට යතා තත්වෙට එන්න පුළුවන් වුනේ Yoongi නිසා..ඒ දෙන්නව දෙපැත්තට කරනවා කියන්නේ Namjoon ව අපි අයෙමත් පරණ තත්වෙටම දානවා කියන එක.ඒ නිසාම Yoongi ගේ appa යි මායි කතා කරලා තීරණය කළා Namjoon ව අපේ බාරකරත්වයට ගන්න.ඊට පස්සේ Namjoon දිගටම අපිත් එක්කයි හිටියේ.ඒත් collage එකට තේරුනාට පස්සේ එයාට තනියෙම ඉන්න ඕනේ කිව්වා අපිට කරදර කරන්නේ නැතුව්.ඒ නිසා එයා දැන් අවරුදු දෙකකට කලින් විතර එයාගේ halabeoji දීපු ගෙදර පදිංචියට ගියා.."
"එතකොට Mrs.Min ඒ දවස් වල Namjoon ට තිබුනේ මොන වගේ තත්වයක්ද ? ඇයි එයාට එහෙම වෙලා තිබුනේ ?"
Yeonhee අයෙමත් Mrs.Min දිහා බලන ගමන් ඇහුවේ මේසේ ලාච්චුවක තිබුන file එකක් ගන්න ගමන්
"එයාට තිබුනේ තනිකමක්...වෙන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ.එයාට පවුලේ අයගෙන් කිසිම ආදරයක් ලැබිලා නැහැ..එයා එක්ක ඉදලා තියෙන්නේ අර මම කලින් කියපු halabeoji විතරයි...ඒ කෙනා මැරුණට පස්සේ තමයි Namjoon ගේ මනස මේ තැනට ඇවිල්ලා තියෙන්නේ.තමන්ගේ හිතේ තියෙන හැගීම තවදුරටත් හිර කරගෙන ඉන්න මේ පොඩි ළමයට බැහැ කියන එක මම Yeonhee ට කියන්න ඕනේ නැහැනේ..ඒ නිසා ඒ ආවේග අනිත් අයගෙන් පිට කරගන්න Namjoon උත්සහා කරලා තියෙනවා.මේ නිසයි එයාගේ හැසිරීම එයාගේ වයසේ අනික් ළමයින්ට වඩා වෙනස් වුනේ..එයාට ඕනේ වුනේ ආදරේ සහ අවදානය.."
"එතකොට Mrs.Min මේ පොතත් එක්ක එයාට මොකක් හරි සම්බන්දයක් තියෙනවද ?"
Yeonhee කලින් දවසේ පොත් රැක්කේ අවුස්සලා හොයා ගත්ත පොත Mrs.Min ටයි Yoongi ටයි පෙන්නන ගමන් ඇහුවා...
Yoongi ඇස් දෙක ලොකු කරගෙන පොත දිහායි Yeonhee දිහයි බැලුවේ ඔයා කොහොමද දන්නේ කියලා කටින් මුමුණන ගමන්
Mrs .Min මේ වෙනකොටත් හැමදෙයක්ම තේරුම් අරගෙන Yeonhee දිහා ඔලුව උඩට පහලට කරන ගමන් බලාගෙන හිටියා...Yeonhee ගේ මුණෙත් හිනාවක්..ඒත් Yoongi ටනම් කිසි දෙයක් තේරුනේ නැහැ
"ඔයාල දෙන්නට තෙරුනානම් මට පොඩ්ඩක් කියලා දෙනවද? මට මේ ගැන තේරුමක් නැහැ කියලා දන්නවනේ "
Yoongi කටත් ඇද කරගෙන කියද්දී Yeonheeයි ommaයි දෙන්නම හිනා වෙවී Yoongi දිහා බලාගෙන හිටියා
"මෙහෙමයි Yoon Namjoon හැම වෙලාවේම කතා කරන කෙනාගේ නම Jin කියලා ඔයා කිව්වනේ ..මේක schizophrenia තත්වයක්..ඒ වගේ තත්වෙකදී වෙන්නේ කෙනෙකුට තවත් කෙනෙක්ව හරි මොකක් හරි දෙයක් හරි මැවිලා පේන එක.ඒ වෙලාවට ගොඩක් දුරට එයාට මැවිලා පෙන්නේ එයාගේ ජීවිතේට ගොඩක් වැදගත් දෙයක්,සමහර විට කලින් ලග ඉදල මැරුණු ගොඩක් සමීප කෙනෙක්,නැත්නම් එයාගේ අතීතේදී එයාට ගොඩක්ම හිතට කාවැදුණු කෙනෙක් හරි දෙයක් හරි...ඒක මනුස්සයෙක් වෙන්න පුලුවන්,animation charachter එකක්,මායාවක් වගේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්..මෙහෙම තත්වයක් තියෙන කෙනෙක් ඒ හිතේ ඇදෙන මායාවට කොච්චර තදින් අලෙනවද කියනවනං එයාට තේරෙන්නේ නැහැ එයා ඉන්නේ හීන ලෝකෙක කියලා..අපි කොච්චර එයාට ඒක බොරුවක් කියලා පෙන්නන්න හැදුවත් එයා ඒක තේරුම් ගන්නෙත් නැහැ..."
Mrs.Min කිව්වේ තවමත් ඇස් දෙක ලොකු කරගෙන මේ සිද්දිය තේරුම් ගන්න උත්සහා කරන Yoongi ට
"ඒ වගේම ඔයා දන්නවා මේ comic පොත් ඉස්සර Namjoon කොච්චර ආසාවෙන් කියෙව්වද කියලා...හැම මාසෙම පොත out වෙච්ච ගමන්ම දුවල ගිහින් ඔය දෙන්නම මේ පොත් ගත්ත හැටි මට මතකයි...මේ තමයි Namjoon ගේ හිතේ මවුන මායාවේ මුල්ම කොටස...එයා පොඩි කාලේදී එයාගේ හිතේ ගොඩක්ම තදින් කාවැදුණු චරිතයක් තමයි එයාට දැන් මේ විදිහට මැවිලා පේන්නේ..."
Yeonheeත් ගොඩක් උනන්දුවෙන් Mrs.Yoongi කියන දේවල් අහගෙන හිටියා..
"ඒත් Namjoon ට මේක බොරුවක් කියලා කිව්වොත් සමහර විට එයා තේරුම් ගනියි නේ..එයාට මේකෙන් කිසි ප්‍රශ්නයක් නැහැනේ.."
Yoongi කියද්දී Yeonhee ආයෙමත් කතා කරන්න ගත්තා
"Yoongi මේක ඔයා හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි...මේක ගොඩක් බයානක දෙයක්...සමහර විට ඔයාට මේ ගැන ලොකු අවබෝදයක් නැති නිසා මෙහෙම කියනවා ඇති...මේ එයාගේ හිතේ තියෙන මායාව එයාට හැමදාම නිකන් ඉන්න දෙයි කියලා ඔයා හිතනවද? මේ මායාව ඇති වෙන්නේ එයාගේ හිතේම වුනත් ටිකෙන් ටික මේ මායාව එයාව පාලනය කරන්න ගන්නවා...මේ Jin කියන කෙනා දැනටමත් Namjoon ගේ මනසේ දේවල් ගොඩක් වෙනස් කරලා...ඔයාමයි මාත් එක්ක කිව්වේ Namjoon කලින් හිටියට වඩා ගොඩක් වෙනස් කියලා...එහෙම වෙලා තියෙන්නේ මේ Jin Namjoon ගේ මනස ටිකෙන් ටික වෙනස් කරන නිසා..අනිතිමට Namjoon ට එයාගෙම මනසේ පාලනය නැති වෙනවා......ගොඩක් මේ වගේ මායාවන් වල අන්තිම ප්‍රතිපලේ තමයි sucide කියන්නේ....මේක ඔයා හිතන තරම් ලේසි නැහැ Yoongi "
Yoongi තමන් ඉස්සරහ තිබුන මේසෙට අත මිට මොලවලා ගැහුවේ ඇස් දෙකේ කදුළු පිරෙද්දී
"මට ඕනේ වුනේ මේකේ මුල හොයාගන්න..අපිට ඉතුරුවෙලා තියෙන්නේ බලාපොරොත්තුවක් විතරයි..දැනටමත් Namjoon ගේ මනස Jin වෙනස් කරන්න පටන් අරගෙන..ඒ නිසා අපිට උත්සහා කරලා බලන්න විතරයි පුළුවන්.මේක අපි හදිස්සි වෙලා කරන්න ගියොත් Namjoon තවත් නරක අතට හැරෙන්න පුළුවන් .ඒ නිසා ගොඩක් ඉවසීමෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ "
Yeonhee කියද්දී Mrs.Min , Yoongi ගේ ඔලුව අතගෑවේ Yoongi තවමත් නොසන්සුන් නිසා...
_________________________________________________________________
Namjoon ඇරලා තිබුන tap එකෙන් ගලාගෙන ආපු වතුර පාරට අත් දෙක අල්ලලා වතුර අරගෙන මූනට ගහගත්තා....යට කලුවෙලා තිබුන ඇස් දෙක වතුර වැටිලා රතුවෙලා ගියා...දවස් හතරක් තිස්සේ නිදාගෙන නැති Namjoon ඔලුව් උස්සලා තමගේ කෙලින්ම බිත්තියේ එල්ලලා තිබුන කන්නාඩියෙන් මූණ බැලුවේ අසරණ වුන බැල්මකින්....
අයෙමත් පරණ හගීමමයි...
සති ගානකට කලින් දැනුන ඒ හැගීමම අයෙමත් Namjoon ව හොයා ගෙන ඇවිත්...
දවස් දෙකක් තිස්සේ Jin hyung තමන්ව බලන්න එනකන් බලාගෙන හිටපු Namjoon ට දැනුනේ පරණ පුරුදු තනිකමමයි...හැමෝම තමන්ව අතැරලා ගිහින් කියන හැගීම....
කිසිම කෙනෙකුට දීපු නැති විශ්වාසය Jin hyung වෙනුවෙන් Namjoon දුන්නත් Jin hyung ත් තමන්ගේ විශ්වාසය කඩ කළා කියන දේ Namjoon ගේ හිත දිගින් දිගටම කිව්වා...
අයෙමත් කෙනෙක්ව විශ්වාස කරලා තමන් කරගත්තේ මෝඩකමක්ද කියලත් Namjoon නොහිතුවා නෙමෙයි....
"Joon..... Joon..... Joon......"
Namjoon ගේ කන් දෙක අතරේ Jin ගේ කටහඩ දිගටම දෝංකාර දුන්නා...
Bathroom එකේ දොරත් ඇරගෙන එලියට ආපු Namjoon ඇඳ ලග මේසේ උඩ තිබුන හතරට නවපු කොළ කෑල්ල අයෙමත් අතට අරගෙන බැලුවේ පනස් වතාවකටත් වඩා කියවල තිබුනත් ඒ කොළ කෑල්ලේ තිබුන දේ අත්තක්මද කියලා තවමත් විශ්වාස නැති නිසා...
මට ආයේ එන්න වෙන්නේ නැහැ.මට වැඩකට ටිකක් දුර යන්න වෙනවා.ආයේ කවදා එන්න වෙයිද කියන්න බැහැ
Jin
ආමන්ත්‍රණයක් නැති කොළ කෑල්ලේ තිබුන අකුරු ටික දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු Namjoon කොලේ ගුලි කරලා ලග තිබුණු dustbin එකට දැම්මේ දත් මිටි කන ගමන්...
Jin hyung දැන් එයි දැන් එයි කියලා හිත හිත රයක් දවාලක් නැතුව Namjoon බලාගෙන හිටියේ ඒ කොළ කෑල්ල විශ්වාස කරන්න හිත ඉඩ දුන්නේ නැති නිසා..ඒත් දවස් පහකට පස්සේත් Jin ආවේ නැති නිසා Namjoon ට තවත් ඒ කොළ කෑල්ල විශ්වාස නොකර බැරි වුනා
To Be Continue
ඔයාලට මතකනේ කලින් chapter එක.ඒකෙ නම comic books.එතැනදී මම ඔයාලට කිව්වා Namjoon ට comic books එක්ක තියෙන සම්බන්දෙ ගැන.එයාට එයාගේ halabeoji comic books ගෙනත් දෙන memory එකක් තියෙනවා ඒ chapter එකේ.එතකොට Namjoon ගේ හිතේ මැවෙන Jin කියන කෙනා මැවෙන්නේ ඒ විදිහට.
අර මම දාපු Jin කියන comic book එකේ photo එක ඇත්තම Japaneese comic book එකක්.මම ඒක දැක්කේ Run episode එකක
ඔන්න එහෙනම් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න යන්නේ පුළුවන් නම් උත්තර දෙන්න
• එතකොට Jin ඇයි Namjoonව බලන්න ආයේ එන්න නැත්තේ ?
• ඔයාලා හිතන්නේ ඒ ලියුම ඇත්තටම Jin තියලා ගියා කියලද ?
• ඇත්තටම Namjoon ට schizophrenia තියෙන්නේ කියන එක ඇත්තක්ද ?බොරුවක්ද ?
• ඔයාලට හිතෙන්න නැද්ද Jin කියල කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා?මට නම් හරි සැකයි එහෙම කෙනෙක් නැහැ කියන එක ගැන
A/N
Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story
Check out my other stories too :)
Bạn đang đọc truyện trên: Truyen247.Pro