Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

09.It's an Imagination

"Excuse me Doctor"

Yoongi room එකේ දොරත් අැරගෙන අැතුලට අාවේ කලබලෙන්..මේසේ උඩ තිබුන දෙයක් කියවන ගමන් හිටපු doctor අතේ තිබ්බ papers ටික පැත්තකින් තියන ගමන් Yoongi දිහා බැලුවා...Yoongi අැවිත් වාඩි වුනේ doctorගෙ මේසේ ඉස්සරහා තියලා තිබුන පුටුවෙන්...

"Doctor මම හිතන්නේ මම මේ ගැන doctorට කියන එක හොදයි..."

"කියන්න Mr.Yoongi ඔයාට වැදගත් වෙයි කියලා හිතෙන ඕනෙම දෙයක් මට කියන්න"

Doctor දාගෙන හිටපු කන්නාඩිය ගලවලා මේසෙ උඩින් තියන ගමන් කිව්වා...

"Doctor Namjoonට දැනට සති දෙකකට විතර ඉස්සෙල්ලා කෙනෙක් හම්බුනා...ඒ කෙනා හම්බුනාට පස්සේ එයා Namjoonට ගොඩක් වැදගත්‍ කෙනෙක් වගේ Namjoon හැසිරුනේ...හරියටම එයාගෙම සහෝදරයෙක් වගේ මේ කෙනත් එක්ක එලා හිටියා.ඒ කෙනා අහම්බෙන් හමිබුනත් එයා අාපු දවසේ ඉදලම Namjoon හැම වෙලේම කතා කලේ එයා ගැන,doctor මම කලින් කිව්වත් වගේ Namjoonගේ ජීවිතේ මම මගේ පවුලේ අය අැරුනම වෙන කිසිම කෙනෙක් නෑ...කොටින්ම යාලුවෙක්වත්....collage එකේදිවත් එයාට යාලුවෝ හදාගන්න ඕනේ වුනේ නෑ.පහුගිය දේවල් එක්ක එයා කිසිම කෙනෙක් එක්ක සම්බන්ධ කමක් හදාගන්න උත්සහා කලෙත් නෑ.අපි හැමෝම ඒකට උත්සහා කලත් එයා ඒවා පිලිගත්තෙත් නෑ.ඒත් මේ කෙනාව දැක්ක ගමන් එයත් එක්ක මෙයා හොදටම කතා කරලා.ඒ විතරක් නෙමෙයි doctor ඒ කෙනාව මෙයා ගෙදරත් එක්ක ගෙන ගිහිල්ලා..."

Yoongi එක දිගට කියාගෙන යද්දි doctor හිටියේ ලොකු කල්පනාවක...

"අනික doctor Namjoon කියන්නේ කිසිම දවසක සමාජෙට විවෘත කෙනෙක් නෙමේ..එයාට ඕනේ වුනේ හැමදාම ඒ දේවල් වලින් හැංගිලා තනියෙම ඉන්න.ඒත් මේ කියන මනුස්සයව හම්බුන දවසේ ඉදන් Namjoon හරි වෙනස්.අනිත් අයත් එක්ක කතා කරනවා,හිනා වෙනවා....ඒක කොහොම වුනාද කියන්න මට තේරෙන්නේ නෑ.ඒක හරි පුදුමයක්....doctorට හිතෙන්න පුලුවන් මම මේ කියන දේ නිකම්ම් විකාරයක් කියලා.ඒ වුනාට එහෙම නෙමේ doctor,අපි අවුරුදු ගානක් Namjoonව එහෙම තත්වෙකට ගේන්න නොකරපු දෙයක් නැති තරම්.ඒත් එයා ඒ එකක්වත් නිසා හරි තත්වෙට අාවේ නෑ.ඒත් මේ හම්බෙලා සති දෙකක්වත් නැති කෙනෙක් කොහොමද ඒක එච්චර ඉක්මනට කලේ කියන එක මට තාම හිතාගන්න බෑ"

Doctor පුටුවෙන් නැගිටලා ගියේ පිටිපස්සේ තිබුන පොත් රාක්කේ ලගට.පොත් පිරිලා තිබුන රාක්කෙන් ලොකු පොතක් ගත්ත doctor ඒකත් අරගෙන ඒක මේසෙ උඩින් තියලා අායේ වාඩි වුනා...

"Mr.Yoongi මේ කියන කෙනාව හම්බෙලා නැද්ද?"

"නෑ doctor...අපි try කලා..ඒත් ඒ දවසෙ එයාට මොකක් හරි වැඩක් නිසා එන්න බැරි වුනා.තිබුන වැඩත් එක්ක අායේ මට ඒ ගැන හොයන්න බැරි වුනා.."

Yoongi කිව්වේ ඔලුවත් කසන ගමන්

Doctor හයියෙන් හුස්මක් ගත්තා..

"එතකොට Mr.Yoongi ඔයාට මේ කෙනාගෙන් call එකක් massage එකක් අැවිත් තියෙනවද? එහෙමත් නැත්නම් මේ කෙනාගේ social media account එකක් phone number එකක් ඔයා ලග තියෙනවද?"

Doctor අහද්දි Yoongiගේ අැස් දෙක ලොකු වුනා....

අැත්තටම ඒ ගැන නිකමටවත් මතක් වුනේ නැති හැටි.මෙච්චර දේවල් හොයන්න මහන්සි වුන එකේ ඒ විදිහට හරි ඒ කෙනා ගැන විස්තර හොයාගන්න තිබුනා නේද?

Yoongi ඔලුව වැනුවේ නෑ කියලා කියන්න

"එහෙනම් Mr.Yoongi මේ කියන කෙනා ගැන ඔයාට Namjoon කියපු හැම විස්තරයක්ම මට කියන්න"

Doctor අත් දෙකම පපුව හරහට බැදගත්තේ වැරදි කාරයෙක් පාපොච්චාරනය කරනකොට ඒක අහන්න ලෑස්තිවෙලා ඉන්න පොලිස් කාරයෙක් වගේ...

"එයාගේ නම Jin.අපිට වඩා වයසින් වැඩියි කියලා Namjoon කිව්වා.ඒ කියන්නේ එයා අවුරුදු 23ට වැඩි වෙන්න ඕනේ.ඒ වගේම Namjoon කියපු විදිහට නම් මෙයා psychologist කෙනෙක්.ඒ ගැන මට පුදුමයි doctor.මෙයා Namjoonට බෙහෙත් කලාද කියලත් මට හිතෙනවා....ඒත් මොන doctorද කිසිම payment එකක් නැතුව බෙහෙත් කරන්නේ? මම doctorට මේ ගැන කිව්වෙත් ඒකයි.Doctor එයාව අදුරනවත් අැති සමහරක් විට.....මම හිතන්නේ doctor එයාව හම්බුනොත් හොදයි.....මම එයාව හොයාගත්තොත්...."

"නෑ Mr.Yoongi"

Yoongi කිය කිය හිටපු කතාව අතරමැද නවත්තපු doctor බලාගෙන හිටියේ Yoongiගෙ අැස් දිහා....Yoongi ටත් හිතාගන්න බැරි වුනා මොකද්ද වුනේ කියලා...ඒ නිසාම Yoongiත් බලාගෙන හිටියේ doctor මොකද්ද කියන්න යන්නේ කියලා..."















"Mr Yoongi මට එයාව හම්බෙන්න බෑ....මොකද එහෙම කෙනෙක් නෑ...."










.
.
.
.
.
.
.
.
Yoongi ව ගැස්සිලා ගියේ doctor කියපු දේට....

"මොකද්ද doctor මේ කියන්නේ?"

Yoongi අැස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් අැහුවේ හිතේ අැති වුන අමුතු බයත් එක්කමයි...

"Mr.Yoongi ඔයා මට මේ කියපු දේවල් අනුව......Jin කියන්නේ Namjoonගේ හිතේ අැති වුන එක මවා ගැනීමක් විතරයි.....එයා ඉන්නේ Namjoonගේ හිතේ....මේ බලන්න Mr.Yoongi ...."

Doctor මේසේ දිගේ Yoongiගේ පැත්තට කලින් ගෙනාව ලොකු පොත පෙරලා දික් කලා...

Yoongi පොත අතට ගත්තේ අත් දෙකම වෙවුලද්දි...

Yoongiගේ අැස් පොතේ පෙරලලා තිබුන පිටු අතරේ ගමන් කලා...කියවන අකුරක් අකුරක් ගානෙම Yoongiගේ මූනේ හැඟීම් වෙනස් වුනේ බලාගෙන ඉද්දිමයි...කලින් පුදුමයක් තිබුන මූනේ දැන් තිබුනේ ඊටත් වඩා බය වුන පෙනුමක්....

"නෑ .....doctor කියන්නේ Namjoonටත් මේ ලෙඩේ තියෙනවා කියලද?"

Yoongi කටහඬ වෙවුලුවා...

"මෙහෙමයි Mr.Yoongi දැනට මට තේරුන විදිහ අනුව එහෙමයි.ඒත් මට විශ්වාසයෙන්ම කියන්න බෑ මේ ගැන.Mr.Yoongi මෙතනට එන්න කලින් මම බල බල හිටියේ Namjoonගේ reports වගයක්.ඒ reportsවල හැටියටත් මේ රෝගයට සමාන රෝග ලක්ෂණ තිබුනා.ඒත් ඒක සීයට සීයක්ම නිවැරදි නෑ.දැනට මේක සැකකිරීමක් විතරයි....

අපි දිගටම Namjoon ඉන්න room එකේ cctv footages ගත්තා...ඒ records අනුවත් මම කලින්ම හිතුවා මේ වගේ තත්වයක් එයාට අැති කියලා...දැන් මේ Mr.Yoongi කියපු දේවල් එක්ක මගේ සැකය තවත් තහවුරු වුනා....

Mr.Yoongi මම හිතනවා මේක තාම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ කියලා.බය වෙන්න එපා.....අපි එයාව හොඳ කරගන්න බලමු...අපි හෙටම එයාගේ treatments පටන් ගන්නවා...."

Doctor කියද්දි Yoongi අත් දෙකෙන්ම ඔලුව අල්ල ගත්තා....

"අනේ doctor අැයි එයාට හැම වෙලේම මෙහෙම වෙන්නේ.එයා කාටවත් කරදරයක් කරන කෙනෙක් නෙමෙයි..."

Yoongiගෙ අැස් දෙකම තෙත් වුනේ තමන්ගේ සහෝදරයා,යාලුවා වෙනුවෙනි අාපු කදුලු වලින්....

"Yoongi මම doctor කෙනෙක් හැටියට නෙමෙයි ඔයාගේ වයසෙම යාලුවෙක් හැටියට කියන්නේ....බය වෙන්න එපා ඔයා ශක්තිමත්ව ඉන්න එයා වෙනුවෙන්..."

Doctor කිව්වේ කලින් දීපු පොත අායෙමත් අකුලලා පැත්තකින් තියන ගමන්....

"ඒත් doctor ඔය පොතේ තියෙනවා ඒක හොද කරන්න පුලුවන් ලෙඩක් නෙමෙයි කියලා..."

"ඒක අැත්ත Yoongi අපිට එයාව හොද කරන්න බැරි වෙයි.ඒත් අපිට එයාව ඒකෙන් බේරගන්න පුලුවන් වෙයි...Schizophobia කියන දේ ගොඩක් භයානක තත්වයක්.ඒ නිසා අැතිවෙන දේවලුත් ගොඩක් භයානකයි.....අපි ඒ දේවල් වලින් Namjoonව බේර ගමු....මම මගේ උපරිමය කරනවා..."

Yoongi ඔලුව වැනුවේ ඒ විදිහටවත් තමන්ගේ යාලුවව බේරගන්නවා කියලා හිතාගෙන....

____________________________________

"Joon ah මොකද මේ අැඳට වෙලා....යමුකෝ අැවිදින්න එළියට..."

Jin Namjoon පොරවගෙන හිටපු රෙද්ද බිමට අැදලා දාලා කෑගැහුවා...

"මොකද්ද Jin hyung නිදාගන්න හැදුවා විතරයි...."

Namjoon අායෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...

"මේ කොල්ලෙක් ජීවත් වෙන හැටියක්ද? මෙච්චර හවස් වෙලා නිදා ගන්නේ සීයා කෙනෙක් වගේ...."

Jin Namjoonගේ කොට්ටේ අැදලා ගන්නකොටම Namjoon නැගිටිටේ මූනත් අැද කරගෙන...

"මම එන්නෙත් දවසකට සැරයයි.ඒ වෙලාවටත් නිදා ගෙන හරියනවද? අනික මමත් මෙතනට එන්නේ දවස තිස්සෙම වැඩ කරලා තමා..."

Jin අෑනුමක් අරින ගමන් අැඳට පැනලා කිව්වා...

"මොකද්ද hyung මාව නැගිට්ටවලා මම නිදාගෙන හිටපු අැදේ නිදා ගත්තේ....කැත වැඩ කරන්න එපා..."

Namjoon බිම වැටිලා තිබ්බ කොට්ටේ Jinගෙ මූණ උඩට අත අැරලා දාලා ගිහින් අැඳ ලග තිබුන පුටුවෙන් වාඩි වුනා....

"Joon ah"

"හ්ම්....."

"Minjae......"

"Hyung ඔයා කියන්න හදන්නේ ඒකනං....."

Namjoon පුටුවෙන් නැඟිටලා ගියේ ජනේලෙ දිහාවට...

Jin නිදාගෙන හිටපු අැඳේම වාඩිවෙලා Namjoon දිහා බලාගෙන හිටියා....

"Joon ah Minjaeගේ තත්වෙ හොඳ අතට හැරෙනවා....Doctorsලා කියනවා එයා ඉක්මනටම හොඳ වෙයි කියලා...."

Jin කිව්වේ හිනා වෙලා....

"අැත්තමද hyung"

ජනේලේ ළඟ හිටගෙන හිටපු Namjoon අැඳ ළඟට අාවේ හිනා වීගෙනමයි....

"Hyung අපි මෙතනින් ගියපු දවසක අපි කෙලින්ම එයාව බලන්න යමු..."

Namjoon කිව්වේ හිනාවෙවී Jinත් Namjoonගේ හිනාව දිහා බලාගෙන ලස්සනට හිනා වුනා...

"මට බැරි වුනත් ඔයා යන්නකෝ Joon එයාව බලන්න..."

Jin කියද්දි Namjoonගේ මූණේ හිනාව අතුරුදහන් වුනේ ඉබේටම

"මොකද්ද hyung ඒ කතාව...අැයි hyungට එන්න බැරි..."

Namjoon පොඩි ලමයෙක් වගේ තොල් දෙකත් පෙරලගෙන කියද්දි Jinට හිනා වෙන්න ගත්තේ මහා හයියෙන්....

"මම එන්නේ නෑ කිව්වේ නෑනේ...මම කිව්වේ මට බැරි වුනත් ඔයා යන්න කියලා...මාත් ඉතින් වැඩත් එක්ක busy නේ...."

"හ්ම්......"

"Joon ah ඔයාට මාව විශ්වාසයි නේද?"

Jin එකපාරටම අහපු ප්‍රශ්නෙ නිසා Namjoon පුදුම වුනා. ...

"අැයි hyung .....මොනවා හරි වුනාද?"

Namjoon Jinගේ උරහිසට අතක් තියන ගමන් අැහුවා...

"නෑ Joon මට කියන්නකෝ.....ඔයාට මාව විශ්වාසයි නේද? කවුරු හරි කිව්වොත් මම බොරු කාරයෙක් කියලා ඔයා එයා කියන දේ පිලිගන්නවද?"

"මොනවද hyung මේ කියන්නේ...මම අැයි කවුරුත් කියන දෙයක් විශ්වාස කරන්නේ?...මට hyungව විශ්වාසයි....හැමෝටම වඩා..."

Namjoon Jinගේ සීතල අත අල්ලගෙන උත්තර දුන්නා ..

"Hyung බොරුකාරයෙක් නෙමෙයි කියලා මම දන්නවා.මගේ ජීවිතේ මම වැඩි පුරම විශ්වාස කරන කෙනාව අැයි මම කවුරුත් කියන දෙයක් නිසා අවිශ්වාස කරන්නේ.මගේ ජීවිතේම අලුතින් පටන් ගන්න කියලා දෙන කෙනාට අැයි මම එහෙම කරන්නේ?"

Namjoonගේ අැස් දිලිසුනේ අැවිත් තිබුන කදුලු කැට වලින්....

"අයියෝ Joon ah මොකද මේ අඬන්නේ"

Jin Namjoonගේ අැස්වල තිබුනු කදුලු පිහදැම්මේ තාත්තා කෙනෙක් පුතෙකුගේ කදුලු පිහදානවා වගේ අාදරේකින්....

"Jin hyung අායේ ඔය වගේ දේවල් අහන්න් එපා...."

Namjoon කිව්වේ අැස් දෙකේම අායෙත් කදුලු පුරවගෙන

"අයිගෝ Joon අඬන්න එපා...ඔයාට මම කියලා තියෙනවනේ ශක්තිමත්ව ඉන්න ඕනේ"

Jin Namjoonගෙ පිටට තට්ටු කරලා අැඳෙන් නැගිටලා දොර දිහාවට ගියා....

"Joon ah හෙට හම්බෙමු"

Jin අත වනලා දොරත් වහාගෙන ගියා....

Namjoon Jin එක්ක ගත කලේ කෙටි කාලයක් වුනත් ඒ කාලය අැතුලත Jin Namjoonගේ හිත පුරාවට අලුතින් බලාපොරොත්තු අැති කරලා ගියා....

Namjoon අායෙත් අැඳ පැත්තකින් වාඩි වුනේ Jin කියපු දේවල් ගැන හිතන ගමන්...

අැත්තටම Jin hyung කව්ද? කිසිම දවසක හරියට උත්තර ලැබෙන්නේ නැති ප්‍රශ්නයක්...

එයා කවුද කියලවත් නොදැන මම අැයි එයාව මේතරම් විශ්වාස කරන්නේ?

Namjoonගේ කල්පනාව බිඳුනේ කවුරුහරි දොර අැරගෙන එන සද්දෙකින්.....

Namjoon ඔලුව හරවලා බැලුවේ ඒ අායෙමත් Jin ද වෙන්නැති කියලා හිතේ පොඩි බලාපොරොත්තුවක් තියාගෙන....

___________________________________

"Namjoon ඔයාට මට කියන්න පුලුවන් ද Jin ගැන"

Namjoon හිටියේ අැස් දෙකම පියාගෙන....Namjoon හාන්සි වෙලා හිටපු තැනට එහයින් පුටුවක වාඩිවෙලා හිටපු Doctor Namjoonගේ මූණ දිහා බලාගෙන හිටියා...Namjoonගෙ අැස් පියවිලා තිබුනත් මූනේ ඉරියව් වෙනස් වුනේ හරිම ඉක්මනට....

"Jin hyung....."

හීන් හිනාවක් තිබුන Namjoon ගෙ කටින් කියවුන එකම දේ...

විනාඩි විස්සක් තිස්සේ Namjoon කියපු එකම දේ Jin hyung කියන වචන දෙක විතරයි...Doctor එකම ප්‍රශ්නේ සිය විදිහකට අැහුවත් Namjoon දුන්න එකම උත්තරේ එච්චරයි....

"Namjoon Jin hyung කියන්නේ ඔයාගේ කවුද?"

Doctor අන්තිම වතාවටත් අැහුවේ වෙන උත්තරයක් බලාපොරොත්තුවෙන්.....

Doctorගේ එකම අරමුන වුනේ Namjoonගේ හිතේ Jin කොච්චර වෙනසක් අැති කරලද කියලා දැනගන්න එක....Namjoon ගේ හිතට ඒ මවාගැනීම කොච්චරක් දුරට අැතුල් වෙලාද කියලා දැනගන්න එක....ඒත් Namjoonගේ හිත ඒ එක ප්‍රශ්නෙකට උත්තර දෙන්නවත් විවෘත වුනේ නෑ.....මෝහනය වෙලා හිටියත් Namjoonගේ හිත විවෘත කරන්න බැරි තරමටම වැහිලයි තිබුනේ...

"Jin hyung......"

Namjoonගේ උත්තරේ මේ වතාවෙත් ඒකමයි....

Doctor room එකේ lights on කරනවත් එක්කම Namjoon අැස් දෙක අැරිලා වටපිට බැලුවේ දිග නින්දකට පස්සේ අැහැරිලා වගේ....

"Mr.Namjoonව එයාගේ room එකට එක්කගෙන යන්න"

Doctor nurse කෙනෙක්ට කියාගෙන room එකෙන් එලියට ගියේ මේසෙ උඩ තිබුන phone එකත් අතට අරගෙන....

__________________________________

"Mr.Yoongi. මම Doctor Yeonhee කතා කරන්නේ...."

To Be Continue


A/N

Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story

Check out my other stories too :)




Bạn đang đọc truyện trên: Truyen247.Pro