08.How we met
3rd Person's POV
"ඉතින් Yoongi ඔයාට පුලුවන්ද මට හැමදෙයක්ම කියන්න.ඔයාට තේරෙනවනේ මට එයාව බේරගන්න එයාගේ අතීතය ගොඩක් වැදගත්."
Yoongi හයියෙන් හුස්මක් පිටකලා තමන් ඉස්සරහා වාඩිවෙලා හිටපු අවුරුදු විස හතරක විසි පහක පෙනුමක් තියෙන ගෑනු කෙනා දිහා බැලුවා.බෙල්ල පිටිපස්සෙන් බැදලා තිබුන කොන්ඩේ දාගෙන හිටපු කන්නාඩි දෙක Doctorsලා විතරක් අදින සුදු පාට coat එක නිසා ලස්සන වුනත් ටිකක් පරිනත පෙනුමක් ඒ ගෑනු කෙනාට තිබුනා.Yoongiගේ වයසෙම වගේ වුනත් Yoongiට හිතුනෙම තමන්ට වඩා පරිනතකමක් ඒ කෙනාගෙ හැංගිලා තියෙනවා කියලා.Yoongi Namjoon ගැන හැමදෙයක්ම එයාට කියන්නම් කිව්ව්ත් ඒ දේවල් එකපාරම නොදන්න කෙනෙකුට කියන්න තරම් Yoongiට මේ කෙනා ගැන විශ්වාසයක් තිබුනේ නෑ.ඒත් මේ හැම දෙයක්ම එයාට කියලා Namjoonව බේරගන්නවා අැරුනම වෙන විසදුමක් තිබුනෙත් නෑ....
"Mr.Min Yoongi....ඔයාට තවමත් මාව අවිශ්වාසද?"
Drගේ මූනේ තිබුනේ බැරෑරුම් පෙනුමක්...
Yoongi තොල්දෙකම තද කරගත්තේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව.ඒත් ටික වෙලාවකින් බිමට හරවගෙන හිටපු ඔලුව උඩට උස්සපු Yoongi හිමිහිට කතා කරන්න ගත්තා...
"මම මුලින්ම Namjoonව දැනගත්ත තැන ඉදන් කතාව කියන්නම් doctor......
මගේ අම්මා Child Psychiatrist කෙනෙක්
Flashback
"Yoon .....පුතා එන්න කෑම කන්න"
"Omma...."
පුංචි Yoongi දුවගෙන ගිහින් ommaව හයියෙන් බදාගත්තා.Omma පුතාගේ ඔලුව අාදරෙන් අතගාලා මේසෙට වාඩි වෙන්න කියලා අැස්වලින් පෙන්නලා Ommaත් වාඩි වුනා.Yoongiගේ appaත් මේ දිහා හිනා වෙලා බලාගෙන හිටියා.
"දැන් කොහොමද අර ලමයට"
Yoongiගෙ appa අැහුවේ කෑම කන්න ගත්තට පස්සේ
"දැන් ටිකක් විතර හොඳ අතට හැරෙනවා.මම හිතන්නේ එයාට තියෙන්නේ අාදරේ අඩුවක්.එහෙමත් නැත්නම් පවුලේ ප්‍රශ්නයක්"
"ඉතින් ඒ දරුවගේ දෙමව්පියෝ එහෙම අාවේ නැද්ද කතා කරන්නවත්"
Yoongi ommaගෙයි appaගෙයි කතාව අහගෙන හිටියට තේරුනේ නෑ.එයාලා කවුරු ගැන කතා කරනවද කියලා.ඒ නිසා Yoongi එහා පැත්තේ cart එකේ හිටපු තමන්ගෙ චූටි සහෝදරයට දිව දික්කරන්න ගත්තා...
"නෑ Yaebo.ඒ ලමයව පවුලෙ අයමයි ගෙනත් දාලා තියෙන්නේ.Reports වල හැටියට ඒ ලමයගේ omma නැතිවෙලා තියෙනවා.Appa අාවෙත් නෑ.අපි දෙතුන් ගමනක්ම ගෙදරට call කලා.ඒ අය answer කරන්නෙවත් නෑ.අපේ කවුරුහරි agent කෙනෙක්ව යවන්න ඕනේ හෙට අනිද්දට.නැතුව මේක කරන්න බෑනේ.එයාලා දරුවගේ වගකීම අතඅැරලා දාලා වගේනේ වැඩ කරන්නේ."
Yoongiගෙ omma කතා කලේ තරහින්
"Omma කවුරු ගැනද ඔය කතා කරන්නේ?"
Yoongi කටත් අැද කරගෙන අැහුවේ තාමත් එයාට කිසි දෙයක් තේරුනේ නැති නිසා....
"අා...ommaගෙ hospital එකේ ඉන්නවා ඔයාගෙ වයසෙම යාලුවෙක්....එයාට ටිකක් සනීප නෑ.එයා ගැනයි අපි කතා කලේ..."
Yoongiගේ ඔලුව අත ගාන ගමන් omma කිව්වේ ලස්සනට හිනාවෙලා..
"අනේ appa එයා මගේ වයසෙ නං මට එයාව බලන්න යන්න ඕනේ ..මට අලුත් යාලුවෙකුත් හම්බෙනවනේ.අපිට එකට සෙල්ලම් කරන්නත් පුලුවන්"
Yoongi අැස්දෙකත් ලොකු කරගෙන සතුටෙන් හිනාවෙවී කියද්දි Yoongiගෙ appa omma දිහා බැලුවේ මොකද කියන්නේ කියලා....
Omma ටිකක් වෙලා හිනාවෙලා Yoongi දිහා බලාගෙන ඉදලා ඔලුව වැනුවා....
Yoongi ගෙ අම්මට ඕනේ වුනෙත් මේක.තමන්ගේ පුතාව තමන්ගේ patient ලගට අරගෙන යන්න එයාට ඕනේ වුනා...කිසිම අාදරයක් යාලුකමක් නැතුව හිටි කෙනාට බෙහෙත් කරන්න පුලුවන් එකම විදිහ මේක කියලා එයා දැනගෙන හිටියා....
Yoongi පුටුවෙනුත් නැගිටලා ගේ අැතුල උඩ පනින ගමන් දුවන්න ගත්තා...,
"මට අලුත් යාලුවෙක් හම්බෙන්න යනවා...."
Yoongiගේ ලස්සන හිනාව හැම තැනම
Omma ත් Appa ත් දෙන්නම ඒ දිහා හිනාවෙලා බලාගෙන හිටියා..
.
.
.
අාදරේ කියන දේ පටන් ගන්නේ පවුලෙන්...හැමදේකම පටන් ගැන්ම පවුල.ඒත් කෙනෙක්ට පවුල අහිමි වුනොත්? තමන්ගේ ජීවිතයම ගොඩ නගන පවුලම තමන්ව අත අැරලා දැම්මොත්?
.
.
.
.
"පුතා ඔයා එයත් එක්ක කතා කරද්දි කතා කරන හැම දෙයක් ගැනම හිතන්න.මම කලින් ඔයාට කිව්වනේ එයාට සනීප නෑ.ඉතින් ඔයා මොනවා හරි තරහා යන දෙයක් කලොත් එයාට ගොඩක් තරහා යයි...."
Yoongiගේ omma Yoongi ඉස්සරහා දනගහගෙන කිව්වේ හැම දේකම බරපතලකම නොතේරුනත් Yoongiගෙ අතින් වැරැද්දක් වුනොත් ඒ වැරැද්ද අායේ හදන්න විදිහක් නැති නිසයි....
Yoongi ඔලුව වැනුවේ හරි කියන්න වගේ...
"Omma බය වෙන්න එපා...බලන්නකෝ අපි දෙන්නා හොද යාලුවෝ වෙනවමයි..."
Yoongi කිව්වේ පන්ඩිත මූනකුත් හදාගෙන
"එහෙනං එයා එක්ක යාලු වෙන්නකෝ.... අර අතන ඉන්නේ එයා..."
Yoongiට බිම වාඩිවෙලා ඉන්න පුංචි ලමයෙක්ව පෙන්නන ගමන් Yoongiගෙ omma එතනින් යන්න ගියා...
Yoongi දුවගෙන දුවගෙන ගියේ නිල්පාට t shirt එකක් අැදගෙන හිටිය ඒ ලමයා ලගට...කලුපාටට අැස්දෙක ඉස්සරහින් වැටුන කොන්ඩේ නිසා අැස් වැහිලා තිබුනත් ඒ ලමයා බලාගෙන හිටියේ අෑතින් පේන මුහුද දිහා කියලා Yoongi දැක්කා...
"ඒයි....ඔයා දැක්කේ නැද්ද මම මෙතනට අාවා කියලා..."
Yoongi කතා කලේ එයාව ගනන් ගත්තේ නැති එකට ටිකක් තරහින්...
පුංචි පිරිමි ලමයා Yoongi දිහා බලලා අහක බලාගත්තා..
"යා....ඔයා නං හරිම අාඩම්බරකාරයෙක් තමයි...මාව ගනන් ගන්නෙවත් නැති හැටි...."
Yoongi අනිත් ලමයගේ උරහිසට පාරක් ගගන ගමන් කිව්වා...
ඒත් එක්කම වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ට පිරිමි ලමයා Yoongi දිහා හීනි කරගත්තු අැස් දෙකෙන් බලාගෙන හිටියා.පොඩි ලමයෙක් වුනත් ඒ අැස්වල තිබුනේ අමුතු බයානක කමක්...Yoongi බලාගෙන ඉද්දිම ඒ ලමයගේ අැස් රතු වුනේ කේන්තියට...වචනයක්වත් කතා නොකරපු ලමයා ටිකෙන් ටික Yoongi පැත්තට අැවිදගෙන අාවා..Yoongi එන්න එන්නම පස්සට ගිහින් නැවතුනේ garden එකේ බැම්මට හේත්තු වෙලා...
"ඒයි මොකද්ද කරන්න යන්නේ ඔහොම නතර වෙනවා...."
Yoongi ට බයටත් එක්කම කෑගැහුනා...
ඒත් දිගටම Yoongi ලගටම අැවිදගෙන අාපු පිරිමි ලමයා Yoongiගේ පිටිපස්සේ තිබුන බැම්මට අත තිබ්බා....
Yoongi බයටම අැස් පියාගත්තත් ඒත් එක්කම පිරිමි ලමයා පස්සට වුනා...
Yoongi අැස්දෙක අැරලා බැලුවේ ඒ ලමයගේ අතේ තිබුන දේ දිහා...
Yoongi හේත්තු වෙලා හිටපු බැම්ම උඩින් ඒ පිරිමි ලමයා අල්ලගෙන තිබුනේ සමනලයෙක්ව....
ඒ ලමයා සමනලයගේ අත් තටු දෙක් අත් දෙකෙන් අල්ලගෙන හිටියේ Yoongiගේ මූණ ඉස්සරහට කරලා....
Yoongi ගෙ අැස් දෙකම ලොකු වුනේ ඊළඟට එයා කරන්න යන දේ ඉවෙන් වගේ තේරිලා...
"නෑ.....ඔයාට බෑ එහෙම කරන්න අත අරිනවා එයාව"
Yoongi කෑගැහුවේ සමනලයව බේරගන්න...ඒත් ඒ වෙනකොටත් Yoongi පරක්කු වැඩියි.සමනලයගේ එක තටුවක් Yoongi ගෙ අැස් ඉස්සරහම ඉරලා දාපු ඒ ලමයා කට කොනට හිනා වුනා....හරියට ඔයාටත් මේකමයි වෙන්නේ කියලා කියන්න වගේ...Yoongiගේ අැස් දෙකටම කදුලු පිරුනේ බිම වැටිලා හිටපු සමනලයව දැකලා...
"අනේ මොකද්ද මේ ඔයා කලේ....එයා දැන් මැරෙයි...ඔයා මොකද්ද ඒ කලේ .....ඔයාට කවුද එහෙම කරන්න කිව්වේ.ඔයාට කිසිම අයිතියක් නෑ එයාට එහෙම කරන්න...."
Yoongi සමනලයා දිහා බලලා තමන් ඉස්සරහා හිටගෙන හිටිය ලමයා දිහා බැලුවා....මූනේ කිසිම හැඟීමක් තිබුනේ නැති ඒ ලමයා Yoongi දිහා අැස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා...
එක පාරටම Yoongi අත් දෙකෙන්ම පිරිමි ලමයගේ t shirt එකෙන් අල්ලගත්තා....
"ඔයා කැමතිද ඔයාට එහෙම කරනවට අා....ඔයාට මේ වගේ දෙයක් කලොත් කවුරුහරි ඔයාට මොකද හිතෙන්නේ....මම ඔයාගේ අතක් ඒ වගේ කලොත් ඔයාට මොනවා හිතෙයිද? ඔයත් අාසයිනේ ජීවත් වෙන්න....ඒ වගේ එයත් අාසයි...."
Yoongi ලමයට කෑගැහුවේ අැස්වල කදුලු පිරෙද්දි.....
"මම අාවේ ඔයා එක්ක යාලු වෙන්න...ඔයා මාත් එක්ක සෙල්ලං කරයි කියලා හිතුවා...ඒත් ඔයා නරක ලමයෙක්...මට ඔයා වගේ යාලුවෙක් ඕනේ නෑ..."
Yoongi ඒ ලමයව තල්ලු කරලා දුවන්න ගත්තා....
ඒත් එකපාරටම අතකින් කවුරුහරි අැල්ලුව නිසා Yoongi නතර වුනා...
"ඔයා අාවේ මාත් එක්‍ක යාලු වෙන්නද?"
Yoongiගෙ අත අල්ලගෙන හිටියේ ඒ පිරිමි ලමයමයි.Yoongiගේ මූනේ කේන්තියක් තිබුනත් ඒක නැති වුනේ අනිත් ලමයගේ අැස්වල තිබුන අහිංසක පෙනුමට.දැන් ටිකකට කලින් තරහින් වියරු වැටිලා වගේ තිබුන අැස් පුංචි ජිල්බෝල වගේ දිලිසුනේ හරිම අහිංසක විදිහට...
"ඔව් මට ඕනේ වුනේ අපි දෙන්නා යාලුවෝ වෙන්න"
Yoongi අතින් අැදගෙන හිටපු t shirt එක හිමිහිට මිරිකන ගමන් කිව්වා...
"අපි යාලුවෝ වෙමුද එහෙනම්...."
මෙච්චර වෙලා සද්දයක් නැතුව හිටපු පිරිමි ලමයා Yoongi එක්ක හිනාවෙලා කතා කරපු නිසා Yoongiටත් සතුටු හිතුනා...
"මගෙ නම Namjoon...ඔයා?"
පිරිමි ලමයා කිව්වේ Yoongi දිහා බලලා හිනාවෙන ගමන්....
"මම Yoongi .....Min Yoongi"
End of the flashback
"ඒ කියන්නේ ඔයාලා හම්බුනෙත් Psychiatric Hospital එකක?"
Yoongiගේ කතාව අහගෙන හිටපු Doctor අැහුවේ කන්ණාඩිය අැගිල්ලෙන් පස්සට කරන ගමන්...
"ඔව්...හරියටම මේ Hospital එකේමයි...."
Yoongiගෙ අැස්වල තිබුනේ අායෙමත් පරන දේමයි කියන්න වගේ බැලුමක්....
"මොකක්....."
Doctorත් ඒකෙන් කලබලවුන ගතියක් පෙනුනා....
"ඒ කියන්නේ මට මෙහෙන් එයාගේ පරන reports ටික හොයාගන්න පුලුවන් වෙයි....ඒකත් හොදයි එක අතකට....එතකොට Mr.Yoongi ඔයා කියන හැටියට එයා කලිනුත් මානසික රෝහලක ඉදලා තියෙනවා...."
Doctor අත් දෙකත් එකට බැදගන්න ගමන් Yoongi දිහා බලාගෙන අැහුවා...
"නෑ....එක පාරක් නෙමෙයි...දෙපාරක්.....මේ එයාගේ තුන්වෙනි වතාව...."
Yoongi කිව්වේ පසුතැවීමත් දුකත් මිශ්‍ර වුන කටහඬකින්...
"මොකක්ද???.....තවත් වතාවක්? ඒ මොකටද?"
Doctorගේ මූන සම්පූර්නයෙන්ම වෙනස් වුනා....Yoongi දැනගෙන හිටියා මෙහෙම වෙන බව....
"Doctor මම හිතන්නේ අදට අැති...මම අනික් දවසේ Doctorට ඒ ගැන කියන්නම්..."
Yoongi වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා පුටුව මේසෙ අැතුලට තල්ලු කරන ගමන් කිව්වා...
Doctorත් නැගිට්ටේ ඒ එක්කමයි...
"පොඩ්ඩක් ඉන්න Mr.Yoongi....මේ මගේ card එක...මම හිතනවා Mr.Yoongi මට උදව් කරයි කියලා මේ පැටලිලා තියෙන අවුල විසදගන්න..."
Doctor මේසේ උඩ තිබුන card holder එකෙන් card එකක් අරගෙන Yoongiට දුන්නා...Card එක අතට ගත්ත Yoongi ඒ දිහා බලන් ඉදලා ඔලුව වනලා දොරත් අැරගෙන එලියට ගියේ මූණෙ කිසිම හැඟීමක් නැතුව...
_____________________________
"Jin hyung මේ ඔයා ද?"
Namjoon අැවිදගෙන ගියේ මුහුද පැත්තට මුහුනලා තිබුන පුංචි බංකුව දිහාවට
බංකුවේ වාඩි වෙලා හිටපු Jin හැරිලා බැලවේ හිනාවෙවී තමන්ගෙ පැත්තට එන Namjoon දිහා...
"Jin hyung"
Namjoon දුවගෙන ගිහින් Jinව බදාගත්තේ අත් දෙකෙන්ම තද කරලා....
"මොකද Joon මේ.....මාව අත අරින්න ....අැටකටු ටික කැඩිලා ගියොත් නම් මට බනින්න එපා අායේ බලන්න අාවේ නෑ කියලා"
Jin හිනාවෙවී කිව්වේ Namjoonගේ ඔලුවට තට්ටු කරලා...
"මම බය වුනා hyung එන්නේ නැති වෙයි කියලා...."
Namjoon Jinගෙන් අෑත් වෙලා කිව්වේ අෑත මුහුද දිහා බලාගෙන..
"මම ඉතින් පොරොන්දු වුනානේ එනවා කියලා....ඉතින් කොහොමද Joon....මෙහෙ හොදයිද?"
Jin ගෙ මූනේ හැමදාමත් තියෙන ලස්සන හිනාව....
"එහෙම හොදක් නම් නෑ hyung.මට හිතෙන්නේ හැමෝටම මාව කරදරයක් කියලා.මගේ ජීවිතේට අයිති කිසි දෙයක් ගැන මට කිසි කෙනෙක් කියන්නේ නෑ.මට දැනෙන්නේ මම තනිවෙලා කියලා...එයාලා හැමෝම මගෙන් හැමදේම හංගනවා...මම දැනගත්තොත් ඒක නරක දෙයක් වගේ....."
Namjoonගේ අැස්වල කදුලු තිබුනේ නැතත් අැස් රතුවෙලා තිබුනා
Jin ත් Namjoon වගේම ඉස්සරහින් පෙනුන මුහුද දිහා බලාගෙනමයි හිටියේ....
"Joon.....කවුරුහරි අපෙන් දෙයක් හංගනවනම් ඒ අපි දැනගන්න ඕනේ නැති නිසා වෙන්නැති...අපි ඒ දේ දැනගත්තොත් ලොකු වැරැද්දක් වෙයි කියලා එයාලා හිතන නිසා වෙන්නැති.සමහර දේවල් තියෙනවා අපි දැනගන්න ඕනේ නැති.ඒවා කාලෙත් එක්කම ටිකෙන් ටික අපිම දැනගනීවී....සමහර විට ඒවා දැන්ම දැනගත්තොත් ඒකෙන් අපිටම දුක හිතෙයි.බය හිතෙයි.පසු තැවෙන්න වෙයා.හැම දේටම හේතුවක් තියෙනවා.ජීවිතේ ගැන බරපතලව හිතන්න එපා Joon.ඔයාට ටික දවසක් මෙහෙ ඉන්න වේවි.ඒ දවස් ටික සතුටින් ඉන්න.ඔයා නිවාඩුවක් ගත කරනවා කියලා හිතන්න.ඒ කාලය ඉක්මනට ගත වෙයි.ඔයාට මම මෙතන ඉන්න කිව්වේ ඔයාගෙම හොඳට.එයාලා ඔයාට බෙහෙත් දෙනවා.ඒවා බොන්න.බය වෙන්න එපා.මම හැම වෙලේම ඔයා එක්ක ඉන්නවා.අනික ඔයාගේ යාලුවා Yoongi.....එයත් ඔයා එක්ක ඉන්‍නවා....Yoongi හොඳ කෙනෙක් Joon.එයාව අවිශ්වාස කරන්න එපා..."
Jin මුහුද දිහා බලාගෙනම කිව්වත් Namjoonගේ අැස් තිබුනේ Jin ගාව.,.
"Hyung Yoongiව හම්බුනාද?"
Jinගේ මූණේ තිබ හිනාව ටිකක් වැඩු වුනා විතරයි.ඒත් උත්තරයක් නම් ලැබුනේ නෑ....
"Hyung කියන්නකෝ..."
Namjoon Jinගේ දිහා බලලා අැහුවේ පොඩි ලමයෙක් වගේ....
"කෙනෙක්ව අදුරගන්න, හම්බෙන්නම ඕනේ නෑ Joon"
Jin වාඩිවෙලා හිටපු බංකුවෙන් නැගිට්ටේ අෑත බලාගෙනමයි.....
"Joon අදට මම යන්නං....මතක තියාගන්න සමහර විට පරන දේවල් අායේ අායේ වෙන්න පුලුවන්....ඒත් ඒකෙන් ලැබෙන දේ වෙනස් වෙන්න වෙයි.ඒ දේවල් වඩාත් හොද වෙයි...."
Jin Namjoonගේ උරහිසට තට්ටු කරලා අෑතින් පෙනුන ගේට්ටුව දිහාවට අැවිදගෙන ගියා....
"Hyung හෙටත් එනවා නේද?"
Namjoon හයියෙන් කෑගහලා අැහුවේ පිටිපස්සට බායි කියාගෙන අැවිදගෙන යන Jin ගෙන්...
"මම හැමදාම එනවා Joon"
Jin කෑගහගෙනම ගියා....Namjoon බලාගෙන හිටියේ හිනා වෙලා...
දවසගානෙම හවස් වෙනකං බලාගෙන ඉන්න පුරුදු වුන Namjoon හිනාවෙලා අනෙක් පැත්ත හැරුනේ අායෙත් Hospital එක අැතුලට යන්න...
ඒත් Namjoon දැක්කේ පිටිපස්සේ හිටගෙන හිටපු Yoongiව...
Namjoon හිනාවුන නිසා Yoongiත් මූණට හිනාවක් ගත්තත් ඒ අතරින් Yoongi හිටියේ තරහින් කියලා පෙනුනා...
"කව්ද අාවේ?"
Yoongi අැහුවේ අෑත බලන ගමන්...
"අා නෑ කවුරුත් නෑ"
Namjoon බිම බලාගන්න ගමන් කිව්වා....
Yoongiගේ මූනේ හැඟීම් ටිකෙන් ටික වෙනස් වුනත් එහෙම්මම ඒ පෙනුම හංගත්ත Yoongi හිනා වුනා...
"Nam එලියේ ඉන්න එපා...මුහුදු හුලගත් එක්ක හවස එලියේ ඉදලා අසනීප වෙයි..."
Yoongi කිව්වේ අායෙත් hospital එක අැතුලට අැවිදගෙන යන ගමන්..Namjoonත් Yoongiගේ පස්සෙන් අැතුලට ගියේ දම් පාට අහස දිහාත් හොදට බලන ගමන්මයි.....
දම්පාට අහසේ ලාවට පෙනුන හඳ Namjoonගේ හිතට සතුටක් අරන් අාවා.....Namjoonගෙ කම්මුල් වළ ගැහුනේ ඒ සතුට නිසා අැතුවුන හිනාවට....
"Jin hyung....ඉක්මනට එන්න"
To Be Continue
A/N
Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story
Check out my other stories too :)
Bạn đang đọc truyện trên: Truyen247.Pro