06.Save me
"Nam මෙහෙ එන්න අද lectures වලට යන්නේ නැද්ද?"
"මට අද අැගට හරි නෑ වගේ Yoongi.ඔලුවත් ටිකක් රිදෙනවා.ඔයා යන්න.මම ඊළඟ එකට එන්නම්"
Namjoon කියද්දි Yoongi ඔලුව වනලා hall එක පැත්තට අැවිදගෙන ගියා.Namjoon දෙයක් කිව්වොත් වෙනස් නොකරන කෙනෙක් කියලා Yoongi දැනගෙන හිටියා.ඒ නිසයි Yoongi අායෙත් Namjoonට කරදර නොකර හැරලා යන්න ගියේ...
Namjoon අතේ තිබුනු පොතත් අරගෙන garden එකේ තිබුනු ගහක් ළඟ යට bench එකකින් වාඩි වුනා.වැඩිය කවුරුත් එන්නේ නැති තැනක්.
Namjoon අතේ තිබුනු පොත අරගෙන නවත්තපු තැනින් කියවන්න ගත්තේ අනිත් අතේ තිබුනු පෑන කරකවන ගමන්.පොත කියවන ගමන් පෑනෙන් තැනින් තැන සටහන් තියපු Namjoon ටික වෙලාවකින් පොත පැත්තකින් තියලා bench එකට හේත්තු වෙලා අහස දිහා බැලුවා....
මතක කියන දේ අමතක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.මෙච්චර දවසක් ගිහිල්ලත් ඒ මතක මගේ හිතේ හැමතැනම...මම මේ හැම දෙයක්ම අමතක කරන්න කොයිතරම් උත්සහ කරනවද?ඒත් මට ඒකට ඉඩ ලැබෙන්නෙම නෑ.කොතනදි හරි අාපහු ඒ දේවල් එළියට එනවා...
Flashback
"මිනීමරුවා යනවා යන්න මගේ අැස් දෙකටවත් නොපෙනී"
හැඩි දැඩි අැඟක් තිබුනු මැදි වියේ පිරිමි කෙනෙක් මහා හයියෙන් කෑගැහුවා...file පිරුනු කාමරයක් ළඟ මේසයක් ළඟ හිටගෙන මූණෙ බය හිතෙන පෙනුමක් මවාගෙන හිටපු ඒ පිරිමි කෙනාට තිබුනේ සැර පරුෂ කටහඬක්.....
"Appa...."
අවුරුදු දහයක් වත් නැති පිරිමි ලමයෙක් බිම වැටීගෙන ,අැස්වල කදුලු පුරවගෙන කියද්දි ඒ පිරිමි කෙනා කිසිම තැකීමක් කලේ නෑ....
"තමුසෙට මම කියලා තියෙනවා මගේ අැස් ඉස්සරහට එන්න එපා කියලා.තමුන් නිසා මට නැති වුනේ මට වටිනම දෙයක්.ඒ නිසා අායෙත් මගේ අැස් ඉස්‍සරහට අාවොත් මේ කාමරෙන් එළියට හොඳින් නම් යන්න වෙන්නේ නෑ.මගේ හැටි දන්නවනේ...යනවා දැන්ම එළියට..."
පිරිමි කෙනා මහා හයියෙන් කෑගහද්දි පිරිමි ළමයා තවත් බය වුනා...
"ඒත් appaමම හිතලා...."
"මේකව අරගෙන යනවා.තවත් මොනවද බලන්නේ.."
ලමයගේ අැස්වල කදුලු නොනවත්වාම ගලද්දි මෙච්චර වෙලා ඒ සිද්දිය බලාගෙන හිටපු ගැහැනු කෙනෙක් අැවිත් බිම වැටීගෙන අඬන පිරිමි ලමයව එක්කගෙන ගියා...
"Appa appa මම හිතලා කිසි දෙයක් කලේ නෑ.ඒක මගේ වැරැද්දක් නෙවෙයි."
පිරිමි ලමයා office room එකෙන් එළියට අාවත් කෑගැහිල්ල නතර කලේ නෑ....
"Sir දැන් අඩන්න එපා.Sirගේ appaට තවත් තරහා යයි.ඒ නිසා සද්ද නැතුව ඉන්න."
පිරිමි ලමයව එළියට එක්කගෙන අාව ගැහැනු කෙනා පිරිමි ලමයගේ ඔලුව අතගාලා එතනින් යන්න ගියේ එහෙම කියලා
"තමුසෙත් මැරෙන්න ඕනේ.මොකටද ජීවත් වෙන්නේ"
අවුරුදු පහලවක විතර පිරිමි ලමයෙක්ගේ කම්මුල් පාරත් එක්ක පොඩි ලමයා අායෙත් බිමට නැමුනේ කම්මුලත් අල්ලගෙන
"Hyung අනේ මම මේ මුකුත් කලේ නෑ.අැයි මට මෙහෙම කරන්නේ.."
පොඩි පිරිමි ලමයගේ අැස්වල කදුලු.මුලු මූණම රතු වෙලා
"තමුන් කව්ද මට hyung කියන්න.මම තමුන්ගේ hyung නෙමෙයි.කී පාරක් කියලා තියෙනවද?.තමුන් නිසයි මට මගේ omma ව නැති වුනේ.මොකටද කියනවා තමුසෙ ඉපදුනේ.අැයි ඉපදුනේ තමුසේ ඉපදුනේ නැත්තං අපිට සතුටින් ඉන්න තිබ්බා"
පොඩි ලමයගේ උරහිස් වලින් අල්ලගෙන හොලවන ගමන් වයසින් වැඩි ලමයා කෑගහන්න ගත්තා..
ටිකකින් වයසින් වැඩි ලමයා පොඩි ලමයව බිම පෙරලගෙන ගහන්න ගත්තා..
"අනේ එපා"
"අැති ඕක නවත්තන්න hyung"
"මට රිදෙනවා....අනේ නවත්තන්න"
"මට යන්න දෙන්න hyung"
පොඩි ලමයගේ කටින් මොන තරම් දේවල් කිව්වත් ලැබුනු පාරවල් නම් නැවතුනේ නෑ.ටික වෙලාවකින් වයසින් වැඩි කෙනා ගහන එක නවත්වලා නැගිටලා ගියේ හිනාවෙවී
පොඩි දරුවගේ අැග පුරාම තැලුම් පාරවල්.ලේ පැල්ලම් ඉතුරු වුනා.පොඩි ලමයා තව තවත් ගුලි වුනේ වේදනාව දරාගන්න බැරුව.අැස්වලින් එළියට අාපු කඳුළු බින්දු මූණ දිගේ ගලාගෙන ගිහින් බිමට වැටුනා.වේදනාව අතරින් ඒ මූණේ හිනාවක් අැදුනේ අෑතින් එන බොද වුන ඡායාව දැකලා.හිතට පොඩි බලාපොරොත්තුවක් එකතු කරගෙන අමාරුවෙන් අත් වල වාරුවෙන් නැගිටලා එතනම වාඩි වුන පිරිමි ලමයගේ මූණේ අව්‍යාජ හිනාවක් අැදුනා.ඒ හිනාවත් එක්ක මූන දෙපැත්ත වල ගැහුනේ ඒ හිනාවේ ලස්සන තවත් වැඩි කරන්න .හැමදාම දුකෙන් පිරුනු මූණට හිනාවක් ගෙනාව එකම කෙනා.
End of flashback
"Namjoon ah මෙතන මොකද කරන්නේ? යමු අැතුලට"
මෙච්චර වෙලා අමිහිරි මතක වල ගිලිලා හිටපු Namjoon අැස් දෙක අැරලා බැලුවේ Hoseok ගේ කටහඬින්
"යමු එන්න"
Hoseok අායෙත් කියලා Namjoonගේ අතින් අැදගෙන යන්න පටන් ගත්තා
"Hoseok ah ඉන්න මට යන්න පුලුවන් "
Bench එක උඩ තිබුනු පොතත් අරගෙන Namjoon Hoseok එක්ක hall එකට ගියා
Hoseok කෙලින්ම ගියේ hall එකේ පිටිපස්සෙම පේලියේ කොනේම නිදාගෙන හිටපු Yoongi ළඟට
"මේ පූසා මෙතනත් නිදිනේ අැත්තට"
Hoseok Yoongiගේ ඔලුවට පාරක් ගහන ගමන් කියද්දි Yoongi අාතබූත වෙලා නැගිටලා වට පිට බැලුවේ කොහෙද ඉන්නේ කියලා
"මොනාද මනුස්සයෝ කරන්නේ"
Yoongi එහෙම කියලා අායෙත් අනිත් පැත්තට නිදා ගත්තා
Hall එකේ හිටපු හැමෝම තම තමන්ගේ වැඩ.Namjoon Hoseok දෙන්නත් Yoongiට එහා පැත්තේ පුටු දෙකකින් වාඩි වුනා.
"Hoseok ah"
Namjoon ටිකක් වෙලා බලන් ඉදලා කටහඩ අවදි කලේ ලොකු කතාවක් පටන් ගන්න වගේ...
Hoseok Namjoon දිහා හැරිලා බැලුවේ ටිකක් පුදුමයෙන්...Namjoon ගේ මූණෙ කිසිම හැගීමක් තිබුනේ නෑ.Hoseok මුකුත් නොකියා බලාගෙන හිටපු නිසාම Namjoon අායෙත් කතා කරන්න ගත්තා
"Hoseok ah ඔයාට කවදාහරි දැනිලා තියෙනවද ඔයා ජීවිතේ වැඩිපුරම විශ්වාස කරපු කෙනා ඔයාව රැවැට්ටුවම දැනෙන හැඟීම"
Namjoon කියපු දේ ගැන අදහසක් Hoseokට තිබුනේ නැති නිසාම Hoseok ඔලුව වැනුවේ නෑ කියලා පෙන්නන්න
"ඒක ගොඩක් වෙනස් හැඟීමක් Hoseok ah.එතකොට දැනෙන්නේ සම්පූර්නයෙන්ම තමන්ව කඩාගෙන වැටිලා වගේ.කිසිම කෙනෙක්ව අායෙත් විශ්වාස කරන්න නොහිතෙන මට්ටමට තමන්ගේ හිත වැඩ කරනවා.හැම වෙලේම හිතට එන්නේ සැකයක්.තමන් ගැනම වෙෙරයක්"
Namjoon හිතේ තිබ්බ දේවල් කියාගෙන යද්දි Hoseok ඒවා අහගෙන හිටියේ පුදුමයෙන්.
"Namjoon ඔයා අැත්තටම කතා කරන දේවල් ගැන මට අවබෝධයක් නෑ තමයි.ඒ වුනාට මට ඔයා ගැන බය හිතෙනවා ඔහොම කතා කරද්දි.ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මාත් එක්ක කියන්න හරිද?"
Hoseok Namjoon ගේ උරහිසට අත දාගන්න ගමන් කිව්වා.Namjoon ඔලුව වැනුවත් Namjoon කිසිම දෙයක් ගැන Hoseok එක්ක කතා කරන්න තරම් ධෙෙර්යවත් වුනේ නෑ.ඒ හැංගුන අතීතය ඒ මතක ඒ අඳුරු දේවල් අායෙ අායෙත් මතක් කරන්න තරම් Namjoonට ශක්තියක් තිබුනේ නෑ.
________________________________
"Joon ඔයා එනවද මම යන්නද?"
"හරී hyung මම එනවා තත්පරයක් ඉන්න"
Namjoon cab එකෙන් බැස්සේ හරිම හදිස්සියෙන්.Jin එක්ක Jinගේ girl ව බලන්න යන්න Namjoonගේ පුදුම අාසාවක් තිබුනේ.හිත යට තිබුනු පරන මතක අැවිස්සුනත් ඒ හැමදේම අමතක කරලා දාලා Namjoon ගමන යන්න ලෑස්ති වුනේ හරිම අාසාවෙන්.
"දැන් එයා අැවිත් අැතිද hyung?"
"එයා ලස්සනයිද?"
"එයා hyungට වඩා ගොඩක් කොටයිද?"
Namjoon ප්‍රශ්න වැලක්ම Jin ගෙන් අහන්න ගත්තම Jin මූණත් දෙක කරගෙන අහගෙන හිටියා මිසක් එකකටවත් උත්තර දුන්නේ නෑ.Namjoon ගේ කන්දොස්කිරියාව අහගෙන ඉන්න බැරිම තැන Jin පිටිපස්සෙන් එන Namjoonගේ මූණ ඉස්සරහට ගිහින් හිටගෙන කෑගැහුවා
"මොකද්ද මනුස්සයෝ මෙි කෑගැහිල්ල....දැන් නම් මට බයේ බෑ එයා ලගට ඔයාව එක්කගෙන යන්නත්.ලස්සනයිද කියලා අහන්නේ ඔහේට යාලු කරගන්නද?හහ් ඒවා හදේ පුතෝ "
Jin කියාගෙන කියාගෙන යද්දි Namjoon කින්ඩියට හිනාවකුත් දාලා බය හිතුන මුණකුත් හදාගත්තා....
දෙන්නත් එකක්ම අැවිදගෙන ගියේ shoping mall එකකට.කෙලින්ම cafe එකට ගියපු දෙන්නා මේසෙක වාඩි වෙලා බලාගෙන හිටියේ කාවහරි බලාපොරොත්තුවෙන්.කාවහරි බලාපොරොත්තුවෙන් නෙමෙයි Jin ගේ girl එනකම්.
Jin නම් වෙනදට වඩා කලබල වෙලා වගේ පෙනුනේ.මූණත් රතු වෙලා.සැරින් සැරේ මූණ අල්ලනවා අායේ phone එක අතට අරගෙන බලනවා.phone එක පැත්තකින් තියනවා.කට අැද කරගන්නවා..
Namjoon මේ හැම දෙයක්ම හිනා වෙවී බලාගෙන හිටියා.
"Hyung අද එයා එනවා කියලා කිව්වද?"
Jinට Namjoon කතා කලත් අැහුනේ නෑ.Jin අැත්තටම වෙන ලෝකෙක හිටියේ.
"Jin hyung අද එයා එනවා කිව්වද?"
Namjoon ටිකක් සද්දෙන් අහපු පාර Jin ගැස්සිලා ගියා.
"ඔව් ඔව් එනවා කිව්වා.නැත්තං මං මෙතනට වෙලා බලන් ඉන්නේ නිකං කියලා හිතුවද?"
Jin කියලා අායෙත් අනික් පැත්ත හැරුනා.
ඒත් Namjoon ගේ අැස් එක පාරටම ගියේ වෙන පැත්තකට.Cafe එකේ දොරෙන් අැතුලට අාපු අවුරුදු විසි තුනක විසි හතරක වගේ girl කෙනෙක් දැකපු Namjoonට අමුත්තක් දැනුනා.ඒ කෙනා කව්රු වුනත් ඒ කෙනාව ගොඩක් පුරුදුයි කියලා Namjoon ට දැනුනා.දිග සුදු පාට ගවුමක් අැදලා හිටිය ඒ කෙනා අැත්තටම අනිත් අයට වඩා කැපිලා පෙනුනා.
Namjoon's POV
කව්ද ඒ... කව්ද ඒ කෙල්ල....නෑ ඒ එයා වෙන්න බෑ.කොහොමටවත් ඒ එයා නෙමෙයි....ඒත් ඒ අැස් ඒ විදිහමයි......නෑ ඒක වෙන්න බෑ.....එයා අවුරුදුගානකට කලින් ගියා.....මාව දාලා ගියා....අායෙත් ඒ එයා වෙන්න බෑ......
අාහ්..,,මගේ ඔලුව....අායෙත් ඒක වෙනවා...අායෙමත්...Jin hyung මාව බේරගන්න....Jin hyung...
මාව බේරගන්න Jin hyung....
අනේ අායෙත් ඒ වේදනාව විදින්න බෑ
After 1 week
Namjoon අැස් අැරලා බැලුවේ කොහෙද ඉන්නේ කියලා.නුපුරුදු වට පිටාවක්.සුදු පාට කාමරේක සුදු පාට අැතිරිලි දාපු අැඳක හිටපු Namjoon කව්රුත් ඉන්නවද කියලා බැලුවා.ඒත් වටේපිටේ කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ.සේලයින් බෝතලෙන් සේලයින් බිංදු බිංදු වැටෙන සද්දේ අැරුනම වෙන සද්දයක් කාමරේ නොතිබුන තරම්..... කලින් ඇදගෙන හිටිය ඇදුම් වෙනුවට Namjoon ඇදගෙන හිටියේ සුදු පාට pijama එකක්.....ඒ ඇදුමට Namjoon වෛර කළා..ජිවිතේ අවුරුදු හතරක් පුරාවටම මේ ඇදුමත් එක්ක ගෙවුන හැටි ......Namjoon ඒ මතක වලට වෛර කලා....
කාමරේ දොර අැරගෙන අැතුලට අාවේ nurse කෙනෙක්.Namjoonට තවමත් තේරුනේ නෑ මොකද්ද වුනේ කියලවත්.
" මම මේ කොහෙද ඉන්නේ"
Namjoon අන්තිමට අැහුවේ ට්‍රේ එකේ තිබුන බෙහෙත් අවුස්සනගමන් හිටපු nurese ගෙන්.
"ඔයා දැන් මෙහෙට අැවිත් සතියක් වෙනවා.ඔයා ඉන්නේ Gwenchan hospital එකේ."
Nurse පොඩි බෝතලයකින් බෙහෙතක් injection කටුවට ගන්න ගමන් කිව්වා.Namjoon බයෙන් හිටියේ ඒ දේ අායෙමත් වෙයි කියලා.ඒ විදිහටම අායෙත් ඒ දේම වෙන්න අරගෙන.
අවුරුදු හතරක්තිස්සේ Namjoonගේ ජීවිතේ කොටු වුන තැන.Namjoon ගේ ජීවිතේට ලැබුන තවත් එක බයානකම තැනක්.ජීවිතේ තියෙන තුරාවට අායේ පස් පාගන්න නොහිතපු තැනක් ...
Namjoonට මතක් වුනේ මතක කිහිපයක් විතරයි.Jin hyung ,Cafe එක,Cafe එකේ දොර ලග හිටපු ඒ girl,එකපාරට අැති වුන දරාගන්න බැරි ඔලුවේ වේදනාව.....ඒ තමයි Namjoonට මතක් වුන අන්තිම දේ...
"Jin hyung......Jin hyung ....එයා කොහෙද?"
Namjoon Nurse ගෙන් අැහුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"Jin hyung කියන්නේ කව්ද Mr.Namjoon?"
ඒත් Namjoonට ලැබුනේ තවත් ප්‍රශ්නයක් විතරයි.
Namjoon අන්තිමට හිටියේ Jin එක්ක.ඒ නිසා ඒ වෙලාවේ අසනීපයක් වුනානම් අනිවාර්යෙන්ම Jin Namjoonව hospital එකට admit කරන නිසා Namjoon ඒ වගේ දෙයක් අැහුවා ඒත් .......
"මාව කව්ද hospital එකට admit කලේ?"
Namjoon අායෙත් ප්‍රශ්න කලා..
"Mr.Namjoonව hospital එකට එක්කගෙන අාවේ Miss කෙනෙක් ඒ miss දැන් දවස් දෙකකට කලින් විතර ගියා.ඊට කලින් හැම දවසක්ම එයා ඔයාට සිහිය එනකං බලාගෙන හිටියා.Hospital එකෙන් එයාට අද දැනුම් දෙයි ඔයාට සිහිය අාවා කියලා."
Nurse කියද්දි Namjoonගේ අැස් පුදුමයෙන් ලොකු වුනා.Namjoon ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.
එතකොට Jin hyungට මොකද වුනේ ?
Namjoonගේ හිත ප්‍රශ්න කලා....
Namjoon ගේ අැස් හෙව්වේ phone එක...Namjoon හිටපු තැනට ටිකක් එහායින් පොඩි cupboard එකක් උඩ තිබුන phone එක Namjoon අත දික් කරලා ගත්තා.
89 missed calls
160 massages
Namjoon පුලුවන් තරම් ඉක්මනට ඒ හැම එකක්ම open කලා.ඒත් Namjoon බලාපොරොත්තු වුන call එකවත් Namjoon බලාපොරොත්තු වුන massage එකවත් ඒ අතරේ තිබුනේ නෑ.ඒ හැම call එකක්ම හැම message එකක්ම Yoongi ගෙන් Hoseok ගෙන්.Namjoon Jinගේ phone number එකට call එකක් ගත්තේ පුලුවන් ඉක්මනට.
ඒත් ඒකෙනුත් ලැබුනේ බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක්...
මෙම අංකය භාවිතයේ නොමැත
Namjoonගේ අැස් පුදුමයෙන් ලොකු වුනා .......
Jin hyun කාෙහෙද ගියේ? එයාට මොකද වුනේ? එයත් මාව දාලා. ගියාද?.....නෑ ඒක වෙන්න බෑ...එයා අනිත් අය වගේ නෙමෙයි....එයා මාව දාලා යන්නේ නෑ කියලා පොරොන්දු වුනා..එයා පොරොන්දු වුනා හැමදාමත් මාත් එක්කම ඉන්නවා කියලා...Jin hyung ඔයත් අනිත් ය වගේමද?....නැහැ මට විශ්වාසයි ...ඔයා මාව දාලා ගියේ නැහැ ...ඔයා කවදාවත් මේ වගේ තැනක තනි කරලා යන්නේ නැහැ ....
Jin hyung ඇයි ඔයා මාව තනි කලේ....
Namjoon ගේ ඇස් වලින් කදුළු ගලන්න ගත්තා ...ඇස් දෙකෙන් වැටෙන කදුළු මූණ දිගේ ගලාගෙන ගිහින් සුදු පට අතිරිල්ලට වැටුනා.....
මට මෙතන ඉන්න බෑ ...මම ඉක්මනටම එනවා ..
අයෙමත් ඒ දේවල් මට ඕනේ නෑ ....
සමහර දේවල් තියෙනවා කොච්චර එපා වුනත් දිගින් දිගටම වෙන ...එකම දේ කැරකි කැරකි වෙන ....ඒ දේවල් දෛවය අනුව ජීවිත කලේ පුරාවටම සිද්ද වේවි ....
Nurse සේලයින් බෝතලේට එන්නත් කරපු දෙයක් නිසා මේ වෙනකොටත් Namjoon ගේ ඇස් දෙකම බාගෙට පියවෙමින් තිබුනා .....
Namjoon ට පෙනුනේ තනිකරම අදුරු වටපිටාවක් වටේටම තිබුනේ කළුවර විතරයි ....
Namjoon හිටපු තැන ඉදන් ටිකක් ඈතින් එළියක් Namjoon දැක්කා.......සෙරෙප්පු දෙකක්වත් නොතිබුණු කකුල් සීතල පොළොවේ ගෑවෙනකොට දැනුනු සීතලටත් වඩා ඒ ගුප්ත වටපිටාව Namjoon ගේ හිතේ හීන් බයක් ඇති කළා....තවමත් Hospital එකෙන් දුන්න pijama kit එක ඇදගෙන හිටපු නිසාම හමාගෙන ආපු හුළගට ඇති වුන සීතලට අත් දෙක එකට පිරිමදින ගමන් එලිය තිබුන දිහාවට ඇවිදගෙන යන්න Namjoon පටන් ගත්තා.....
ටිකෙන් ටිකේ ඒ ආලෝකයට ලං වෙන්න ලං වෙන්න ඒ ආලෝකය ටික ටික ඈතට යන හැටි Namjoon දැක්කා ....ඒත් දිගටම ඒ එලිය දිගේ ඒ පිටිපස්සෙන් ඇවිදගෙන යන්න පටන් ගත්තේ වෙන කිසිම ගැලවුමක් නැහැ කියල Namjoon ට හිතුන නිසා .....
To Be Continue
(A/N
Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story
Check out my other stories too :)
Bạn đang đọc truyện trên: Truyen247.Pro