Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

05.To you I'm just a moon

Namjoon cab එකේ වීදුරුවට ඔලුව තියා ගත්තේ දිග කල්පනාවකට වැටෙන ගමන්....

මේ ජීවිතේ හරි පුදුමයි නේද?සමහරුන්ගේ ජීවිත් ගොඩක් දිගයි.ඒත් තවත් සමහරුන්ගේ ජීවිත ගොඩක් කොටයි....

ගොඩක් කල් ජීවත් වෙන්න ඕනේ සමහරු හරි ඉක්මනට අපිව දාලා යනවා....

ඒත් ජීවත් වෙන්නවත් වටින්නේ නැති සමහරු අපි අතරෙම ගොඩ කාලයක් ජීවත් වෙනවා.....

මට හම්බෙන හැම කෙනෙක්ම මට නැති වෙන්නෙත් හරි පුදුම විදිහට......

මට බයයි මගෙන් කවුරුහරි අෑත් වෙයි කියලා...ඒකයි මං කාටවත් ලං වෙන්න බය...ඒක මට දරාගන්න බෑ.....ඒක් මට උරුම දෙයක්....නැති වීම කියන දේ මට කවදත් අයිතියි....මගේ ජීවිතේ වැඩි හරියක් පිරුනේ ඒ වචනෙන්....

කෙනෙක්ව මට හම්බුනාම මට බය හිතෙනවා එයා බොරු කාරයෙක් වෙයි කියලා.....ඉස්සර එයා මාව රැවැට්ටුවා වගේම මාව රවට්ටයිද කියලා මට බය හිතෙනවා....ඒ නිසා මම අලුත් අය හම්බෙනවට බයයි...

කෙනෙක් මට ලං වුනාම මට බය හිතෙනවා එයා මාව දාලා යයි කියලා...එයා මාව දාලා ගියා වගේම මාව දාලා යයි කියලා.... ඒ නිසා මං අනිත් අයට ලං වෙන්න බයයි.....

"Joon ah අද රෑට ඕක අැතුලෙම නිදා ගන්නද කල්පනාව....බහින්නේ නැද්ද?"

Jin cab එකේ දොර ලගට අැවිත් කිව්ව සද්දෙන් Namjoon කල්පනාවෙන් මිදුනා....

Namjoon cab එකෙන් බැස්සේ මූණෙ පොඩි හිනාවක් ලකුණු කරගෙන....ඒත් Namjoon ගේ හිතේ ඒ වෙලාවේ කිසිම සතුටක් තිබුනේ නෑ.....

"Joon ah අැයි මේ දුකෙන් වගේ"

Jin Namjoon ගේ උරහිසට අතක් දාන ගමන් අැහුවා....

"Hyung අැත්තටම ඒක cancer එකක්ද?"

Namjoonගේ මූණ අායෙත් දුකින් පිරිලා...

"ඔව් Joon ah..."

"තව කොච්චර කාලයක් තියෙනවද hyung?"

"මාසයක්වත් නෑ Joon....තව සති හතරකටත් වඩා අඩු කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ"

"Hyung අපිට මුකුත්ම කරන්න බැරිද?.....මුකුත්ම?"

"Joon ah දුක් වෙන්න එපා.පසු තැවෙන්නත් එපා.හැමෝම හැමදාටම ජීවත් වෙන්නේ නෑ කියලා මම ඔයාට කිව්වනේ.එහෙමයි කියලා කිසි කෙනෙක් මැරෙනවට බයේ ඒ කෙනාට ලං නොවී ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ..."

Jin Namjoonට කියපු හැමදේම Namjoonගේ හිතේ තිබුනු අදහස් එක්ක හොඳින් ගැලපුනා.Jin හැමවෙලාවෙම කතා කලේ Namjoonගේ හිතේ තියෙන දේමයි.Jin දැනගෙන හිටියා Namjoon හිතන බය වෙන හැම දෙයක් ගැනමත්.Jin කියන්නේ කව්ද?...ඒ ගැන Namjoonටත් පුදුම හිතුන අවස්ථා ඕනේ තරම්....අඳුරගෙන ගොඩක් කල් වුනේ නැතත් Namjoon ව Jin ගොඩක් හොඳින් අඳුරනවා.

"hyung අැත්තටම අපිට Minjaeව හොඳ කරගන්න තව අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයිද?"

"Minjaeට තියෙන්නේ blood cancer එකක් Joon.එයාට කරන්න පුලුවන් හැම treatment එකක්ම doctorsලා කලා.මම ඒ ගැන නොදන්නවා වුනාට මමත් Minjaeගේ මානසික තත්වය හොඳින් තියන්න ගොඩක් මහන්සි වුනා.එයා දැන් ඉන්නේ සතුටෙන්.එයා දන්නවා එයාට තියෙන්නේ ගොඩක් බයානක ලෙඩක් කියලා.ඒත් දැන් Minjae බය නෑ.ඒක එයාගේ දෙෙවය ලියවුනු හැටි.අපි කරන්න පුලුවන් හැම දෙයක්ම එයා වෙනුවෙන් කලා.තව දුරටත් අපිට එයා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ එයාව හැමවෙලේම සතුටින් තියන එක විතරයි.."

Jin Namjoonගේ පිටට තට්ටු කරන ගමන් කියද්දි Namjoon ඔලුවත් බිමට නවා ගෙන අහගෙන හිටියා...

"දැන් ගිහින් wash එකක් දාගෙන වැඩක් කරගන්න.මම කන්න දෙයක් හදන්නම්.ඔයාගේ යාලුවට sorry කියන්නත් එපැයි මම call කරලා එන්න බැරි වුනාට"

Jin room එකට ගියේ Namjoonට එහෙම කියාගෙන

Namjoon's POV

මම ගොඩක් කාලයක් බයෙන් හිටියේ මට හම්බෙන හැම කෙනෙක්ම මට නැති වෙයි කියලා.මම බය වුනා ඒ අය මාව දාලා යයි කියලා.ඒත් Jin hyung මාව වෙනස් කරනවා.මට ඒක දැනෙනවා.අද මට එයා Minjaeව අදුන්වලා දුන්නා.ඒත් දැන් ටිකකට කලින් කියනවා Minjae තව මාසයක්වත් ජීවත් වෙන්නේ නෑ කියලා.ඒ කියන්නේ එයා මාව ඉක්මනටම දාලා යනවා.Jin hyung ඔයා අැත්තටම කව්ද? මං ගැන ඔයා මේ තරම් දන්නේ කොහොමද? මගේ හිතේ තියෙන හැම බයක්ම හැම සිතුවිල්ලක්ම ඔයා දන්නේ කොහොමද? මගේ හිත වෙනස් කරන්න,මගේ බය නැති කරන්න ඔයා උත්සහා කරන්නේ අැයි?

"Joon ඕක අැතුලේ මුල් අැදලද? දැන් පැයක් විතර නානවනේ.ඔච්චර නාන්න ඕනේ නෑ.මම කිව්වේ නෑනේ ඔයා ළඟ එච්චරටම ගඳයි කියලා"

Ah Jin hyung.....

"ඉන්න මම එනවෝ"

Towel එකත් අරගෙන ඔලුව පිහදාන ගමන් එළියට අාවේ Jin hyungගේ බැනුම් කෝටිය අහගන්න...

"Yah මෙච්චර වෙලා මොකක් කලාද මන්දා"

Jin hyung මාවත් පැත්තකට තල්ලු කරලා bathroom එක අැතුළට ගිහින් දොර වහගත්තා...

මට පැය ගානක් අැතුළේ ඉන්නවා කියලා බැන්නට මොකද එයා අැතුළට ගියාම එන්නේ පැය දෙකකට විතර පස්සේ.මොනවා කරනවද දන්නෑ එච්චර වෙලා...

අාවම අහන්න ඕනේ කෙල්ලෙක් නැද්ද කියලා.කෙල්ලෙක් නැති වෙන්න බෑ.පෙනුමයි වයසයි එක්ක කවුරුම හරි ඉන්න ඕනේ...අැහුවම තවත් මට බැනුං අහගන්න වෙයි..

___________________________

"hyung අැත්තටම hyungට girl friend කෙනෙක් නැද්ද?"

Jinට කකා හිටපු එකත් හිර වුනා..
කහින ගමන් ළඟ තිබුනු වතුර එක බිව්ව Jin Namjoonට බයානක බැල්මක් එල්ල කලා.

"මොනවද මේ අහන්නේ"

"නෑ ඉතින් නිකං අැහුවේ....hyung ඉතින් එන්න එන්න නාකි වෙන එකේ කව්රුත් නැද්ද කියලා අැහුවේ"

Namjoon හිනාවෙන ගමන් කිව්වා

"මේ ලොකු අයගේ ඒවා හොයන්න එපා.අනිත් එක මම නාකි නෑ."

Jinගේ මූණත් එක්ක රතු වෙලා...

"අැත්තට කෙනෙක් නැද්ද hyung?"

Namjoon නම් තාම Jinව අවුස්සන එක නවත්තලා නෑ

"මෙහෙමයි ඉතින් නැත්තෙම නෑ"

Jin ලැජ්ජාවෙන් කිව්වේ මූණත් රතු කරගෙන

"වාහ් අැත්තමද hyung!!! අනේ මටත් එයාව බලන්න අාසයි.මාවත් දවසක එක්ක යන්නකෝ එයාව බලන්න.Noona කෙනෙක්ද hyung?"

Namjoon break නැතුව කියවනවා.

"හෝව් හෝව් මොකද්ද ඔච්චර හදිස්සිය.හරි මම ඔයාට එයාව හෙට පෙන්නන්නම්කෝ.එයා ඔයාගෙ වයසෙමයි."

Jin කියද්දි Namjoon හරි සතුටෙන් අහගෙන හිටියා.

"Hyung මොකද්ද එයාගේ නම"

"Yeonhee"

Jinගේ කටින් ඒ නම පිට වෙනවත් එක්කම Namjoonගේ මූණ වෙනස් වුනා.

ඒත්‍ Jin ඒක දැක්කේ නැහැ

"Joon ah ඔයාට නැද්ද එහෙම කව්රුවත්"

Jin හිනාවෙවී නවාගෙන හිටපු ඔලුව උඩට ඉස්සුවේ Namjoon ගේ reaction එක බලන්න.ඒත් Jin බලාපොරොත්තු වුන විදිහේ reaction එකක් නම් Jinට ලැබුනේ නෑ.

Namjoon ඔලුවත් බිමට නවාගෙන මුකුත් අැහුනේ නෑ වගේ හිටියා.Namjoon ගේ මූණෙ කිසි හිනාවක් නෑ.

"මම වැරදි දෙයක් ද අැහුවේ"

Jin එයාටම කියාගන්න ගමන් කාලා ඉවර වුන bowl එකත් අරගෙන එතනින් නැගිටලා ගියේ Namjoon තවමත් වාඩි වෙලා ඉද්දි

___________________________

Namjoon's POV

Jin hyung අහපු ප්‍රශ්නෙට මට දෙන්න උත්තරයක් තියෙනවද? මට අැත්තටම අාදරේ කරන්න කෙනෙක් ඉන්නවද? මට එහෙම කෙනෙක් හිටියද?.....

මට එයාව ගොඩක් මතක් වෙනවා ඒත් ඒ අතීතය මම අමතක කරන්න ඕනේ.මම කොච්චර කල් එයා වෙනුවෙන් බලාගෙන හිටියත් එයා අායෙත් එන්නේ නෑ...ඒක තමයි අැත්ත....

8 years ago | Flashback

"ඒයි ඔතන හිටගෙන ඉන්නේ නැතුව ගිහින් අහනවා.නැත්තං අර රිටා අැහුවොත් තවුසෙට හුලන් තමා"

Yoongi Namjoonව ඉස්සරහට තල්ලු කරන ගමන් කිව්වා.

"පොඩ්ඩක් ඉන්නකෝ.මට යන්න පුලුවන්.මගේ පස්සට ඔය පොතෙන් ගහන එක නවත්තන්න Yoongi"

Namjoon එයාට වඩා ටිකක් කොට යාලුවට කියලා හෙමිහිට ඉස්සරහට අැවිදගෙන ගියා.Yoongi බිත්තියට හේත්තු වෙලා ඒ දිහා බලාගෙන හිටියේ අැස් දෙකත් ලොකු කරගෙන.

Namjoon අැවිදගෙන ගියේ අත් දෙකත් පිටිපස්සට කරගෙන.කෙලින්ම Namjoon නතර වුනේ ගැහැනු ලමයෙක් ඉස්සරහා.Namjoonට වඩා ගොඩක් කොට,ටිකක් කෙට්ටු පෙනුමක් තිබ්බ ගැහැනු ලමයා මේසෙකට වාඩි වෙලා කොළ වගයක් එහෙ මෙහෙ කරන ගමන් හිටියේ.උරහිස ළඟට වවලා තිබුනු කලු කොණ්ඩේ පිටිපස්සට කරලා බැදලා තිබුනත් කොණ්ඩ කෑලි මූණට වැටිලා තිබුන නිසා Namjoon ළඟට අාවා කියලවත් ඒ කෙනා දැක්කේ නෑ.

"Yeonhwa ඔයා වැඩක්ද?"

Namjoon අහනකොට ගැහැනු ලමයා ඔලුව උස්සලා Namjoon දිහා බැලුවා

දුඹුරු පාට අැස් හීනියි දිගයි.ලා රෝස පාට තොල්පෙති Yeonhwa ව තවත් ලස්සන කලා.ගොඩක් ලස්සන කෙනෙක් නොවුනත් Yeonhwaට තිබුනේ එයාටම අාවේනික ලස්සනක්.

"එහෙම ලොකු වැඩක් නෙමෙයි .අැයි?"

"මේකයි Yeonhwa.මම දෙයක් අහන්නයි අාවේ.ඔයාට පුලුවන්ද මේ පාර gathering එකේ මගේ dancing partner වෙන්න"

Namjoon කෙලින්ම Yeonhwaගෙන් අැහුවා.

"ඒත් Namjoon මට දැනටමත් patner කෙනෙක් ඉන්නවා.Sorry "

Yeonhwa ඒක කිව්වේ දුකෙන්.ඒත් ඊටත් වඩා Namjoon ඒ ගැන දුක් වුනා.

"අාහ් කමක් නෑ.එහෙනම් මම යන්නම්"

Namjoon වැඩි දෙයක් නොකියා පිටිපස්ස හැරිලා අායෙත් Yoongi හිටපු තැනට අාවා

"අල කරගත්තා නේ.මම කිව්වා අර රිටා වටේ කැරකි කැරකි ඉද්දි තවුසෙට ඕක වෙනවා කියලා.මම කියන එක අහන්නේ නෑනේ ඉතින් මම කොටයිනේ..."

Yoongi කියවන්න ගත්තම Namjoonට කරගන්න දෙයක් තිබුනෙත් නෑ

"ඒයි Kim Namjoon"

අෑතින් අැහුන සද්දේ නිසා Namjoon වගේම Yoongiත් හැරිලා බැලුවා

ගොඩක් උස කොල්ලෙක් තවත් පිරිමි ලමයි දෙන්නෙක් එක්ක Namjoonගේ පැත්තට එනවා ඒ අය දැක්කා

"Namjoon පැටලෙන්න යන්න එපා.අපි යමු"

"පිස්සුද Yoongi එතකොට අපි එයාට බයේ ගියා කියලා හිතයි"

"අනේ මන්දා ඉල්ලගෙන කන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ"

Yoongi ලොකු හුස්මකුත් අරගෙන කිව්වා.

" Kim Namjoon තමුසෙ නම් මොකෙක්ද මන්දා"

එතන හිටපු උසම කොල්ලා කියද්දි Namjoon අැහෙන්නේ නෑ වගේ හිටියා

"මූ හිතන් ඉන්නේ මූ වගේ අනාතයෙක්ට Yeonhwa කැමති වෙයි කියලා"

ඒ කොල්ලා අායෙත් එහෙම කියද්දි Namjoon අත මිට මොලවලා ඒ කොල්ලගේ මූණට ගැහුවා.

"තමුසෙගේ සීමාවේ ඉන්නවා."

Namjoon කෑගහද්දි Yoongi Namjoonව අල්ලලා පිටිපස්සට අැදලා ගත්තේ තවත් ගහ ගනියි කියලා

"හහ්....මේ බලනවකෝ මූ මට කියනවා මගේ සීමාවේ ඉන්න කියලා"

උස කොල්ලා කියද්දි අනිත් කොල්ලෝ දෙන්නත් හිනා වුනා

"මේක දැනගන්නවා Yeonhwa මගේ.මගෙම විතරයි.එයාව කවදාවත් තමුසෙට ලැබෙන්නේ නෑ"

උස කොල්ලා අායෙත්‍ කියද්දි Namjoon අායෙත් ගහන්න ඉස්සරහට පැන්නා

"Namjoon Kangtae ඕක නවත්තන්න"

Yeonhwa Namjoonගේ අතින් අදින ගමන් කිව්වා

"මම කාගෙවත් නෙමෙයි.ඒ වගේම මට ඕනේ දේවල් තීරණය කරන්නේ මම.ඒ නිසා ඔයාට බොරුවට රණ්ඩු වෙන්න එපා.අනික Sangtae මම ඔයත් එක්ක gathering එකට එන්නේ නෑ"

Yeonhwa කියාගෙන කියාගෙන ගිහින් Namjoonගේ අතින් අැදගෙන එතනින් යන්න ගියා.

Yoongi එයාලගේ පස්සෙන් යන්න ගිහින් අායෙත් හැරිලා යන්න ගියේ මොනවද මතුර මතුර

"Namjoon ah ඔයාට තුවාලද?"

Yeonhwa Namjoonගේ මූණ දිහා බලනගමන් අැහුවා

"නෑ Yeonhwa මම හොඳින්.ඒත් අැයි ඔයා එතනට අාවේ.ඔයාට ඔයාගේ පාඩුවේ ඉන්න තිබ්බා.මම උෟට ගැහුවේ වෙන දෙයක් නිසා"

"මම දන්නවා එයා ඔයාට නරක විදිහට කතා කළා.ඒකනේ වුනේ.එයා ඔයාට එහෙම කතා කරන්නේ මම නිසා.මම ඒක දන්නවා.ඒ නිසයි මම ඒක නතර කරන්න කිව්වේ"

Yeonhwa බිම බලාගෙන කිව්වා

"Hwa....."

"Hm"

"ඔයාට පුලුවන් නේද දැන් මාත් එක්ක gathering එකට යන්න"

Namjoon අැහුවේ Yeonhwaගේ දිලිසෙන හීනි අැස් දිහා බලන ගමන්

End of flashback

අද හඳ ගොඩක් එළියයි.අැයි මට හිතෙන්නේ හඳත් එක්ක මම සමීපයි කියලා.....
සමහර විට මමත් හඳ වගේ තනිවෙලා නිසා වෙන්නැති....

ඒත් හඳට ළමයි ඉන්නවා කියලා හැමෝම කතා වෙනවා.....
හඳ එළියෙන් ඉපදුන හඳ එළියේ කොටස්කාරයෝ වුන.....
ඒ අය ෆැන්ටසියක කොටසක් නෙමෙයි......
හිරු එළියේ හුස්ම ගන්න බය වෙන..
ඒ අයට උරුම දුක විතරයි....
ඒ අය ඉපදිලා තියෙන්නේ ඒ වෙනුවෙන්.......

සමහරක් විට මමත් ඒ වගේ කෙනෙක්ද?

එතකොට මට හඳක් කොහෙද?

"Joon ah මට පුලුවන් ඔයාට හඳක් වෙන්න"

Jin hyung....

"Hyung අැයි මේ එළියේ"

"ඔයා එළියේ ඉන්නේ අැයි? අන්න ඒ හේතුව නිසාමයි මාත් එළියේ ඉන්නේ"

Jin Namjoon වාඩි වෙලා හිටපු තැනට ටිකක් එහායින් ගලක් උඩ වාඩි වුනා...

හඳ එළිය නිසා වත්තම එළියයි.සීතල වටේම වෙලා ගෙන තිබුනේ ඒ අවුරුද්දේ ශීත කාලෙට ටිකෙන් ටික ලං වෙන නිසා...

"Joon ah අතීතය කියන දේ කවදාවත් අපිට වෙනස් කරන්න බෑ.ඒක කාලෙකට කලින් වුන දෙයක්.ඒත් අතීතය ගැන හිත හිත වර්තමානය ගත කලොත් අනාගතයත් ගත වුන අතීතය වගේම වෙයි.ඒ නිසා අතීතය කියන දේ ගැන පසු තැවිලි වෙන එක නවත්වන්න.ඒ ගැන දුක් වෙන්නවත් බය වෙන්නවත් එපා."

Jin අහස දිහා බලාගෙනම Namjoonට කිව්‍වා...

"Jin hyung අැත්තටම ඔයා කව්ද?කොහොමද මම හිතන හැම දෙයක්ම ඔයා දන්නේ? "

Namjoon Jinගේ දිහා බලාගෙනම අැහුවා

"Joon මම මානසික වෙෙද්‍ය වරයෙක්.හැමදෙයක් ගැනම නැතත් ඔයා ගැන මම දන්නවා.ඒත් මම මේ හැමදෙයක්ම ඔයාට කියන්නේ ඔයාගෙම සහෝදරයෙක් විදිහට මිසක් වෙෙද්‍යවරයෙක් විදිහට නෙමෙයි"

Jin ගේ අැස් තවමත් අහසෙමයි...Namjoon Jin දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්...ඒත් ඒ අැස්වල අාදරය පිරිලා තිබුනා.තමන් වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවා කියන හැඟීම,මටත් මගෙම කියලා සහෝදරයෙක් ඉන්නවා කියන හැඟීම ඒ අැස් වල තිබුනා.

"Moonchild එහෙමත් නැත්නම් හඳ එළියෙන් ඉපදුන අයට උරුම දුක විතරයි කියලා කියන්න පුලුවන්.ඒත් හඳ පායන වෙලාවට ඒ අයට සතුටු වෙන්න පුලුවන්.ඒ වෙලාවට එකිනෙකාගේ දුක් අමතක කරලා සතුටු වෙන්න පුලුවන්.ඒ වගේමයි එයාලට පුලුවන් එකිනෙකාගේ හඳ වෙන්න.එතකොට රැයෙදි වුනත් දවල් වුනත් ඒ අයට හඳක් ඉන්නවා.කොච්චර දුකක් දැනුනත් ඒ අයට එකිනෙකා ඉන්නවා.ඒ නිසා Joon මට පුලුවන් ඔයාට හඳක් වෙන්න.ඔයාට පුලුවන් මගේ පෘථිවිය වෙන්න.මට පුලුවන් ඔයාට එළිය දෙන්න ගොඩක් අමාරු වෙලාවකදි වුනත්.ඔයාට ඕනෙම වෙලාවකදි මම උදව් කරනවා Joon.ඒ නිසා දුක් වෙන්න එපා.හැමවෙලේම වෙන දේ ට මුහුන දෙන්න.ඒ දේවල් වලින් පැනලා යන්න එපා..."

Jin කියලා ඉවර වෙලා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ හූඩි එකේ සාක්කු දෙකට අතුත් දාගෙන කතා කරනකොට Jin ගේ අැස් යොමු වෙලා තිබුනේ අහසටමයි.

"Joon යමු එන්න අැතුළට යමු.මෙතන ඉදලා සීතල නිසා ලෙඩ වෙයි"

Jin Namjoonට නැගිටින්න අත දෙන ගමන් කිව්වා.

Namjoon Jinගේ අත ඉල්ලගෙන බිමින් නැගිට්ටා.

"hyung ගොඩක් ස්තූතියි හැම දේකටම"

මෙච්චර වෙලා Jin කියපු දේවල් අහගෙන හිටපු Namjoon කියද්දි Jinගේ මූණෙත් හීන් හිනාවක් අැඳුනා.

"Joon ah මට ස්තූතියි කියන්න එපා.ඔයාව විශ්වාස කරන්න"

To Be Continue


(A/N 

 කියන්න ඕනේ හඳ ගැන.මේ කතාවේ නම Moonchild. Namjoon Jin දෙන්නගේ Moonchild Moon කියන සින්දු දෙක මගේ අාසම සින්දු දෙකක්.Moonchild සින්දුව අැතුලේ කියවෙන්නේ ගොඩක් ගැඹුරු තේරුමක්.මටත් ඒක මුලදි තේරුනේ නෑ.ඒත් දිගටම lyrics බලද්දි මට හිතුනා ඒ ගැන හොයන්න.ඒ විදිහට තමයි මට මුලින්ම මේ plot එක හිතට අාවේ.Moon කියන්නේ මගේ අාසම සින්දුව❤ ඒකේ Jin කියන්නේ එයත් Armyලත් අතර තියෙන අාදරේ ගැන. Jin අපේ හඳ Armyල එයාගේ පෘථිවිය කියලා.ඒ වගේම එයා කියනවා හඳට හැමෝම කියනවා එයා ලස්සනයි කියලා,ඒත් හඳේ සාගර ඔක්කොම කලු පාටයි කියලා.ඒ කියන්නේ හදේ අාවාට ගැන .අපි හද ලස්සනයි කිව්වට හද අැත්තටම අපිට පේන තරම් ලස්සන නැහැ අැත්තටම.ඒකෙන් Jin කියන්නේ එයත් කියන තරම් සම්පූර්ණ නෑ.එයාගෙත් අඩුපාඩු තියෙනවා කියලා.ඉතින් මම හිතුවා Moon songඑකයි Moonchild song එකයි එකතු කලා නම් හොඳයි කියලා.ඒ විදිහට තමයි Jin Joonieට කියන්නේ Joonieගේ හඳ වෙන්නත් Joonගේ ලොකේ එළිය කරන්නත් එයාට පුලුවන් කියලා.
ඉතින් ඒ සින්දු දෙක අනිවාරෙන් අහන්න අහලා නැති අය.😀

තව මම අාසයි මේ කතාව අැතුලෙන් ඔයාලට මොන හරි දෙයක් කියන්න.හරියට උපදෙසක් වගේ,ඒකට උදව් වෙන්නේ Jin.එයා Namjoonට කියන දේවල් වලින් මම ඒක තමයි කියන්න උත්සහා කරන්නේ.මම ගොඩක් දේවල් ගැන නම් දන්නේ නෑ.ඒත් මම දන්න දේවල් මට හිතෙන දේවල් Jinගේ charachter එකෙන් ඔයාලට කියන්න මම try කරනවා

 Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story 


Check out my other stories too :

Boy In Luv - Jungkook,Seokjin❤

You never walk alone - OT7💐

Crazy Over You - Jin || Jisoo


Purple You All💜)

Bạn đang đọc truyện trên: Truyen247.Pro