Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

04.Because of me

"ඔයාලා දෙන්නම එන්න ඉතින්..."

"මම කිව්වනේ අපි එන්නේ නෑ....ඔයා දන්නවනේ Yoongi මම කැමති නෑ කියලා..."

"මොකද්ද Nam ඔයාට මම කියන නිසාවත් එන්න බැරිද?....අනික තනියෙම නෙමෙයි Jin hyung වත් එක්කගෙන එන්න...."

"එයාට අද වැඩද දන්නේ නෑ.....බලමු......ඒත් මම නං කියන්නේ අපිට එන්න වෙන එකක් නෑ......"

"හරි හරි ඔයා එයාගෙන් අහලා බලන්නකෝ....එයා කැමති වෙයි එන්න...."

"බලමුකෝ....මම තියනවා එහෙනම්...."

Namjoon call එක cut කරලා අනිත් පැත්ත හැරෙනකොටම දැක්කේ ඉනටත් අත් දෙක තියාගෙන ඉන්න Jinව.....

"Jin hyung....මොකද මේ උදෙන්ම නැගිටලා...."

Namjoon අැහුවේ තාමත් කොන්ඩෙත් අවුල් කරගෙන අැස් දෙකත් බාගෙට අැරගෙන ඉන්න Jin ගෙන්....

"මොකද අහන්නේ? මම හැමදාම උදේම නැගිටිනවා..."

Jin කියාගෙන ගිහින් මේසෙ ලග තිබුන පුටුවක් අැදලා අරගෙන එතනින් වාඩි වුනා....

"කව්ද කතා කලේ...."

Jin අෑනුමක් අරින ගමන් අැහුවා....

"Yoongi..."

Namjoon fridge එක අැතුලට ඔලුව ඔබාගෙනම උත්තර දුන්නෙ...

"ඒ කව්ද?"

Jin ඔලුවත් කහා කහා අැහුවා

"මගේ යාලුවා..."

"ඉතින් මොකෝ මේ උදේම කතා කලේ?"

" එයාලගේ ගෙදර එන්නලු.තව එයාගේ යාලුවෙකුත් එනවලු.මට කියනවා hyungවත් එක්කගෙන එන්නලු...."

"ඒත් Joon......"

"ඔව් hyung මම දන්නවා අද hyungට වැඩ තියෙනවා කියලා...මම කිව්වා අපි එන්නේ නෑ කියලා....."

"ඒයි තඩියෝ පොඩ්ඩක් ඉන්න මම තාම කියන්න ගියපු එක කියලා ඉවර කලේ නෑනේ....මම දැන් කිව්වද යන්න බෑ කියලා...අපි යමු..."

Jin හිනාවෙලා කියනකොට Namjoon fridge එකෙන් ඔලුව එළියට දැම්මේ පැස්බරෙක් වගේ අැස් දෙකත් ලොකු කරගෙන😂..

"මොකද Joon ඔච්චර පුදුම?"

Jin අැහුවේ Namjoonට හිනා වෙවී....

"Hyung එයාලව දන්නෙවත් නෑ....අැයි යන්නේ...."

Namjoon fridge එකේ තිබුන juice එකත් අරගෙන මේසෙ ලගින් පුටුවක් අැදලා අරගෙන Jinගේ මූණ ඉස්සරහින් වාඩි වුනා....

"Joon එදත් මම ඔයාට මේ ගැන කිව්වා.....කාවහරි අදුරගන්න නම් අපි එයා එක්ක කතා කරන්න ඕනේ.මම එයාව දන්නේ නෑ කියලා නිකං හිටියොත් කවදාවත්ම අපිට එයාව අදුරගන්න වෙන්නේ නෑ ...අනික Joon අපි ජීවත් වෙන්නේ ටික කාලයයි.ඒ කාලේ අපි සතුටින් ඉන්න ඕනේ.....ඒ පොඩි කාලේ ජීවිතේ විදින්න ලැබෙන හැම අවස්ථාවකම ජීවිතේ විදින්න ඕනේ....කිසිම වෙලාවක ඒ වගේ chance එකක් මඟහැර ගන්න එපා..."

Jin ගේ කතාව Namjoon අහගෙන හිටියේ ලොකු උවමනාවකින්...

"ඒ වගේමයි Joon සමහර විට අපිට සමහර අයව ගොඩක් කල් අපි ළඟින් තියාගන්න බෑ....ඒ නිසා ඒ අය එක්ක ගත කරන කාලය හැමදාටම මතකෙ ඉතුරු වෙන විදිහට තියාගන්න ඕනේ.....මොකද කව්රුහරි කෙනෙක් අපිව දාලා ගියාම අපිට ඉතුරු වෙන්නේ මතක විතරක් නිසා....."

Jin කතා කලේ Namjoon දිහා බලාගෙන....

"හරි hyung අපි යමු...."

Namjoon Jin ගෙ කතාව අහගෙන හිටියට පස්සේ හිනාවෙලා කියන කොට Jin ත් හිනාවෙලා පුටුවෙන් නැගිට්ටා....

"අද නං උයන්න බෑ හොදේ....අපි එළියෙන් කමු..."

Jin හිරි අැර අැර bathroom එක පැත්තට යන ගමන් කිව්වා....

Namjoon ගේ මූණ ලස්සන හිනාවකින් පිරිලා තිබුනා...

Jin කතා කරපු හැම වචනයක්ම Namjoonගේ හිතට දැනුනා...ඒ හැම වචනයක්ම එයා වෙනුවෙන්ම කතා කලා කියලා Namjoonට හිතුනා...

__________________________

"ඕයෑස්.....,."

Yoongi phone එකත් අතේ තියාගෙනම උඩ පැන්න පාරට Hoseok උඩ ගියා.....

"මරන්නද මනුස්සයෝ හදන්නේ..."

Hoseok බෙරහන් දීගෙන Yoongi දිහා අැස් දෙකත් ලොකු කරගෙන බැලුවා....

"හොබියෝ මෙන්න ජුනියා එනවලු...."

Yoongi phone එකත් පෙන්න පෙන්න Hoseok ගාවට ගියා...

"අන්න දැක්කනේ හොබියා වැඩක් කලොත් ඉතින් අායේ කිරි ගහට අැන්න වගේ තමා.....කිරි මුට්ටි ගනං හම්බෙනෝ...."

Hoseok දත් තිස් දෙකම එළියෙ දාගෙන කිව්වා...

"අැත්තමයි මං හිතුවේ නෑ ඕකා එයි කියලා...."

Yoongi අාපහු sofa එකෙන් වාඩි වෙන ගමන් කිව්වා...

"මමත් හිතුවේ නෑ...."

"මම කිව්වේ හොබ්බො.....මේකා දැන් සෑහෙන වෙනස් වෙලා...මට පුදුම මේ දැන් ටිකකට කලින් call කලාම එන්න බෑ කියලා මැරෙන්න හදපු එකා,දැන් massage එකක් දාලා අපි එනවා Yoongi මොනවා හරි ගේන්න දෙයක් තියෙනවද කියලා...."

Yoongi කියද්ද Hoseok ඔලුව උඩටයි පහලටයි කලේ අැත්ත තමා කියන්න වගේ...

"මේ ඒක නෙමෙයි....අර පාත්තයා එනවා කිව්වද?"

Hoseok හිනා වෙවී Yoongi ගෙන අැහුවා....

"ඔව් ඔව් එයි.....මම කිව්වෙත් නෑ අපි මෙතන පාටියක් දානවා කියලා..අර ටේ කොලුවා පාත්තයටයි කොකාටයි කියලා මෙහෙ එන්න කියලා...."

Yoongi කිව්වේ මූණත් දෙක කරගෙන ....

"අඩේ කොකත් එනවද?....ඕකා එනවා කියන්නේ අපිට මෙතන දහ අට සන්නිය නටන්න වෙයි..."

Hoseok නලලේ අතත් ගහගෙන කිව්වා...

"අනේ මන්දා බන් මූ කොහෙන් ඒ වගේ මොංගල් ඩබලක් හොයා ගත්තද කියලා...මගේ එක කුස උපන් සහෝදරයා කියන්නත් ලැජ්ජයි ඒයි...."

Yoongi කියද්දි Hoseok එයාගේ අස්ස හිනාව දාගෙන හිනා වුනා...

__________________________

"Hyung ඔය ලස්සන වුනා අැති....එහේ ගෑණු ළමයි නෑ හොදේ...අපේ Yoongiට නංගිලා නෑ....ඉන්නේ වදකාර මල්ලි කෙනෙක් විතරයි...."

Namjoon Jin ගෙ කාමරේ දොරට ගහා ගහා කෑ ගැහුවා.....

"අනේ මේ කෑගහන්නැතුව ඉන්නවා....කොහෙ ගියත් ලස්සනට යන්න එපැයි...."

Jin අැතුලේ ඉදන් කෑගැහුවා....

ටිකකින් Jin දොරත් අැරගෙන අාවා...

"යමු"

Jin කිව්වේ Phone එකේ එල්ලිලා ඉන්න Namjoon ට

සුදු shirt එකක් ඇදලා ... Jinගේ වෙනදා පෙනුමට වඩා Jinව වෙනස් විදිහට පෙනුනා....

"Woooh Jin hyung....දැන්නම් මට hyung එක්ක යන්නත් ලැජ්ජයි වගේ....මම නිකං හිඟන්නෙක් වගේ පෙනෙයි hyung එක්ක යද්දි ..."

Namjoon කිව්වේ Jin දිහා බලලා..

"හපෝ....හිතේ තියෙන හැටි තමා...ඔයාට ඔයාගේ ලස්සන පේන්නෑනේ....ඒක තමා ඔහොම කියන්නේ.....හා හා දැන් ලස්සනෙන් වැඩක් නෑ...මම කොහොමත් ලස්සනයි කියලා මම දන්නවා....දැන් යමු එහෙනම්...."

Jin shirt එකේ අත් දෙකත් උඩට රෝල් කරන ගමන් දොර පැත්තට අැවිදගෙන ගියා....

_________________________

"අපි යනකොට මොනවා හරි ගෙනියන්න ඕනේ නේද?"

"ඔව් නේ ...."

Namjoon cab එක super market එකක් ළඟින් නැවැත්තුවේ මොනවා හරි ගන්න...

"මොනාද ඉතින් ගන්නේ..."

Store එක අැතුලට යනකොටම Jin Namjoonගෙන් අැහුවා...

"Soju....ගමුද?"

Namjoon ගෙන් උත්තරයක් නැති තැන Jin අමුතු විදිහට හිනා වෙලා කිව්වා....

Namjoonත් ඒකට උත්තර දුන්නේ Jin වගේම අමුතු විදිහට හිනා වෙලා....

දෙන්නම Soju බෝතල් ටිකකුත් අරගෙන අැවිත් අායෙත් cab එක start කරලා ඉස්සරහට ගියා...

"ඒ තව දුරයිද අප්පා..."

Jin ඉවසගෙන ඉන්න බැරිම තැන Namjoon ගෙන් අැහුවා....

"පොඩ්ඩක් ඉන්න තව ටිකයි....පුදුම හදිස්සියක් නේ තියෙන්නේ...."

Namjoon හිනාවෙන ගමන් කියද්දි Jinත් හිනා වුනා....

Tring....Tring...

Jin සාක්කුවෙන් phone එක අැදලා ගත්තා......

"ඔව්....Kim Seokjin තමයි කතා කරන්නේ.......අා හරි....ඔව්...හරි මම දැන්ම එන්නම්....."

Jin phone එකෙන් උත්තර දුන්නේ ටිකක් බයෙන් වගේ....

Namjoonත් drive කරන ගමන් සැරෙන් සැරේ Jin දිහා බැලුවා....

"අැයි hyung මොකක් හරි අවුලක් ද?"

Namjoon Jinගේ call එක ඉවර වුන ගමන් අැහුවේ ටිකක බයෙන්.

"අනේ....sorry Joon ah....මට යන්න වෙනවා..."

Jin කිව්වේ දුකෙන්....

"අැයි hyung මොකද වෙලා තියෙන්නේ...."

"මගේ patient කෙනෙක්ට අමාරුයිලු.එයා කලබලවෙලාලු ගොඩක්.Hospital එකේ අයටත් control කරගන්න ටිකක් අමාරුයිලු.මට එන්න කියනවා.අනේ sorry Joon මට දැන්ම hospital එකට යන්න වෙනවා...."

Jin කිව්වේ Namjoon ගේ මූණ දිහා බලන ගමන්.,.,

"අනේ ඒකට කමක් නෑ hyung.....hyung ව මම ගිහින් දාන්නම්...."

"නෑ Joon ah ඔයා යන්න party එකට.එයාලා ඔයා එනකං බලන් ඉන්නවා.මගේ වැඩ නිසා ඔයා ඒක මඟ අැරගන්න ඕනේ නෑ....."

"ඒත් hyung....."

"ඒත් මේත් නෙමේ දැන් මම එක පාරක් කිව්වනේ මොකද්ද කරන්න ඕනේ කියලා...මාව ඉස්සරහා bus halt එකෙන් දාන්න.ඔයා party එකට යන්නම ඕනේ ..."

Jin අන්තිම වතාවට එහෙම කියද්දි Namjoonට තවත් තර්ක කරලා තේරුමක් වෙන්නේ නෑ කියලා තේරුනා.....

Namjoon cab එක bus halt එක ළඟින් නවත්තලා Jin යන දිහා බලාගෙන හිටියා.....

Jin taxi එකකට අත දාලා නගිනකනුත් Namjoon බලාගෙන හිටියේ අද හවසට Jin එක්ක සතුටින් කාලයක් ගත කරන්න හිතේ තිබුනු අදහස් ඔක්කොම දිය වෙලා යද්දි....

_________________________

"අන්න අාවා....."

Jungkook කෑගහගෙන එළියට ගියේ cab එකේ සද්දෙට.....

"කොකො ඔහොම ඉන්න...දුවන්න එපා...."

Taehyung Jungkook ගෙ පස්සෙන් දිව්වා....

"දැන් ජුනියා බය වෙනවා මුන් දෙන්නව දැකලා..."

Yoongi වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ගියේ Namjoonව අැතුලට එක්ක ගෙන එන්න...

"අඩේ ජුනියා එන්න එන්න"

Yoongi Namjoon ගේ අතේ තිබ්බ bag දෙකත් අතට ගන්න ගමන් කිව්වා....

"බරටම උස්සගෙන අැවිත් වගේ..."

Hoseok හිනාවෙලා කියද්දි තමයි Namjoon දැක්කේ එතන Hoseokත් ඉන්නවා කියලා...

Namjoon ටිකක් හිනා වෙලා වට පිට බැලුවේ මෙතන මොකද්ද වෙන්නේ කියලා....

"ඒයි කෝ ඔයාගේ Jin hyung?"

Yoongi අාපහු දොර ළඟට ගිහින් එළියට එබෙන ගමන් අැහුවා...

"අා....එයා අාවෙ නෑ Yoongi.එයාට හදිස්සි වැඩක් වැටුනා...."

Namjoon කිව්වේ sofa එකෙන් වාඩි වෙන ගමන්....

එතකොටම එතනට අාවේ Yoongi ගේ මල්ලි Taehyung යි එයාගේ යාලුවො දෙන්නයි ....

තුන්දෙනාම දත් ටික එළියෙ දගෙන හිනාවෙවී හිටියා.....

"Namjoon hyung මේ මගේ යාලුවෝ දෙන්නා....Jungkook Jimin"

Taehyung යාලුවො දෙන්නව Namjoonට අදුන්වලා දුන්නා...

ඒ වෙලාවේ Namjoonගේ හිතට අාවේ Jin ගේ වචන ටික....

එයාලා එක්ක කතා කලේ නැත්නම් කවදාවත් ඔයාට එයාලව අදුරගන්න වෙන්නේ නෑ....

"Hallo මම Namjoon"

Namjoon හිනාවෙලා කියද්දි Yoongiගෙ වගේම Hoseokගෙත් අැස් පුදුමෙන් මහත් වුනා....

 " hyung ඔයා මේ Hoseok hyung කියන ඒවා කරන්න එපා එයාට පිස්සු...."

Jimin කිව්වේ Hoseokට ඔරවන ගමන්....

"අා දැන් මම ද පිස්සා ...."

Hoseok ළඟ තිබුන cushion එකකින් Jiminගේ මූණට ගැහුවා..

"ඒයි හොබියා........."

Yoongi කෑගහගෙන තව කොට්ටෙකින් Hoseokට ගැහුවා...

Hoseok අනිත් පැත්තට ඒ කොට්ටෙන්ම Jungkookට ගැහුවා...

ගැහුවට පස්සේ තමා මීටර් වුනේ කාටද ගැහුවේ කියලා....

"අනේ සොරි වේවා කොල්ලෝ..."

Hoseok වැදගෙන Jungkookට කිව්වා...

"දැන් ඉතින් පමා වැඩී hyung..."

Jungkook කියාගෙන අැවිත් Hoseokගේ අැඟ උඩට පැන්නා...

"අනේ කොකෝ.....බහින්නකෝ....ඔයා තඩියි අප්පා...."

Hoseok මරලතෝනී දෙද්දී Jiminත් ගිහින් Hoseokගේ අැග උඩ හිටපු Jungkookගේ අැඟට පැන්නා....Taehyung ගිහින් Jiminගේ අැඟ උඩට පැන්නා.....

තුන්දෙනාගෙම අැඟවල් වලට යටවෙලා රතුවෙලා හිටපු Hoseok බෙරිහන්දෙන්න ගත්තා....

"Yah.....Min Yoongi මම තවුසෙට කිව්වා මේ පොඩි වුන් තුන්දෙනාව මෙතන්ට ගෙන්න ගන්න එපා කියලා...දැන් පේනවනේ වෙලා තියෙන දේ...මමයි මෙව්වට විදවන්න ඕනේ..."

Hoseok කෑගහද්දි Yoongi එයාගේ හිනාව දාගෙන පැත්තකට වෙලා බලං හිටියේ වචනයක්වත් කතා නොකර.....

Namjoon වුන දේවල් බලාගෙන හිටියේ මූණෙ පොඩි හිනාවක් එක්ක...

"ඒ පොඩි වුන් දැන් අැතුලට යන්න....වැඩිහිටියෝ විතරයි මෙතන ඉන්නේ....."

Yoongi කට්ටියට කියන ගමන් කවරෙන් සෝජු බෝතල් එකින් එක එළියට ගත්තා...

"අනේ මොකද්ද hyung අපි බබාලා නෙමෙයිනේ..... අපිත් ඉන්නංකෝ...."

Taehyung Yoongiට අැස්ට්‍රා බටර් තලි තලි ගෑවත් Yoongi කලේ එයාගේ පිච්චෙන බැල්මෙන් Taehyung Jungkook Jimin තුන්දෙනා දිහා බලාගෙන හිටපු එක විතරයි..

"එන්න අනේ අපි යමු.මේ පූසගේ ගෑස් බලන්න ඕනේද.."

Jimin අනිත් දෙන්නගෙ අත් වලින් අැදගෙන ගේ අැතුළට ගියා...

"ඒයි පාත්තයා වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙනගන්නවා...."

Yoongi කෑගහලා තරහින් කිව්වත් Jiminලා එතනින් ගියපු ගමන් හිනා වෙන්න ගත්තා....

"මම කිව්වා කොකා එනකොටම මගේ අස්ථියක් දෙකක් කඩලා යයි කියලා..."

Hoseok පුටුවක් අරගෙන වාඩි වෙන ගමන් කිව්වේ කොන්දත් අතගගා....

Yoongi Namjoon දිහා බැලුවේ Namjoonගෙන් තාම කිසි සද්දයක් නැති නිසා....

"ඒයි මොනවා හරි කියන්නකෝ..."

Yoongi වීදුරුවකට සෝජු දාන ගමන් Namjoonට කිව්වා...

"මෙයා ඉතින් මාත් එක්ක වැඩිය කතා කරන්නෙත් නෑනේ.....අපි යාලුවො වෙමුද?"

Hoseok අතත් දික් කරගෙන Namjoon ගෙන් අහද්දි Namjoonත් අත දුන්නේ හිනාවෙලා...

මෙයා හොඳ කෙනෙක් ද?තවත් එක රැවටිලි කාරයෙක්ද?

Namjoonගෙ හිත අැතුලේ ඒ වචන ටික සැරිසැරුවා.....

ටිකෙන් ටික වෙලාව ගත වුනේ ඉබේටම Hoseok වාඩි වෙලා හිටපු තැනම හාන්සි වෙලා....කලින් මැෂිමක් වගේ කියවපු Hoseok වෙරි වී ගෙන එද්දි හිතාගන්න බැරි විදිහට සද්ද නැති වුනා....

Yoongi තාම කෙලින්......

"මම  ඔයාට කරපු වැරැද්ද මොකද්ද?ඔයාගේ වතුර බෝතලේ බිඳුනේ මගෙ අතින් නෙමෙයි.අැයි මට ඔයා බැන්නේ....මාව සැකයිද ඔයාට...."

Yoongi පිස්සුවෙන් වගේ කිසි සම්බන්ධයක් නැති දේවල් කියවනවා...

Namjoon තාමත් මුලින් අතට ගත්ත වීදුරුව අතේ තියාගෙන Hoseok Yoongi දෙන්නගේ වැඩ දිහා බලාගෙන හිටියා..

Namjoon හිමිහිට නැගිටලා phone එක අතට ගත්තා....

Namjoon එක දිගටම Jin ට call ගත්තත් phone එක answer කලේ නෑ ....

ටිකකින් Jin ගේ phone එක off වුනා

Namjoon බය වුනා.....Jinට කරදරයක් වෙලා නම්.....

Namjoon එහෙම්මම නැග්ගේ‍ cab එකට.....

කරුවලේ පාලු වෙලා තිබ්බ පාරවල් දිගේ Namjoon වේගෙන් cab එක drive කළා.එකදිගටම drive කරලා Namjoon cab එක නතර කලේ Jin වැඩකරපු hospital එක ගාව.....

cab එකෙන් බැහැලා Namjoon hospital එක ඇතුලට දිව්වා ....

"Dr .Seokjin කොහෙද ඉන්නේ කියල මට දැනගන්න පුලුවන්ද ?"

Namjoon reception එකෙන් ඇහුවේ හොදටම හති දදා

"සමාවෙන්න sir , අපිට hospital එකේ දේවල් පිට අයට කියන්න බෑ "

"Aishhhh "

Namjoon අපහු Jin ගේ phone එකට call කලත් phone එක තාමත් off ....

Hospital එක ඇතුලට යන්න විදිහක් නැති නිසාNamjoon එහෙම්මම එලියට අවේ දිගටම Jin ගෙ phone එකට call කරන ගමන් ...

එළියේ තිබුනේ පුදුම සීතලක්.....Namjoon අපහු cab එක ලගට ඇවිදගෙන ගියා....

ඒත් ඇහුන ඉකිබිදින සද්දයක් නිසා Namjoon හිටි තැනම එහෙම්මම නතර වුනා....

එතනින් ටිකක් එහාට ගියපු Namjoon දැක්කේ car park එක ලග බිම වාඩිවෙලා කකුල් අතරේ ඔලුව ගහගෙන අඩන ජින්ව ..

"Jin hyung අනේ ඇයි මේ ..."

Namjoon දුවගෙන ගිහින් Jin බදාගන්න ගමන් ඇහුවා ....

"Joonie අද මගේ අතින් ලොකු වැරද්දක් වුනා.....කවදාවත් ආයේ හදන්න බැරි වැරද්දක්...."

ජින් අඩන ගමන් කිව්වේ ....

"ජින් hyung අඩන්නේ නැතුව මට කියන්න මොකද්ද වුනේ ....?"

Namjoon Jin ගේ ඇස් දිහා බලනගමන් ඇහුවා ...

"අද .......අද.....මගේ අතින් කෙනෙක් නැති වුනා Joonie .....මම තමයි වග කියන්න ඔනේ ....මම නිසයි එහෙම වුනේ......"

Jin ගේ ඇස් දෙකෙන්ම කදුළු ගැලුවා....මුළු මූනම රතු වෙලා ...

"Jin hyung මොනවද මේ කියන්නේ ....එහෙම වෙන්න බෑ ....ඇයි ඔයාටම වැරදි කියන්නේ ..මොන දේ වුනත් ඔයා ඒක හිතල කලේ නැහැ කියල මට විශ්වාසයි "

නම්ජූන්ගේ ඇස් වලටත් කදුළු ඇවිත් ...

"හිතපු නැති එක තමයි වැරැද්ද Joon...මම හිතුවේ නැහැ එයාට මෙච්චර දරුණු ලෙඩක් ඇති කියලා....මම එයාට හරියට බෙහෙත් කලේ නැහැ ...මගෙයි වරද...."

ජින් අත් දෙකෙන්ම මූණ වහගෙන අඩන්න ගත්තා.....

"මම මහා මොකෙද්ද මන්ද.....මට මේක හරියන්නේ නැහැ ...මම මේකට සුදුසු නැහැ ....මම නිසා තව කී දෙනෙක් ට මෙහෙම වෙන්න පුලුවන්ද ?....මම මෙතනින් අයින් වෙනවා ..ඒක තමයි හොදම දේ "

"මොනවද doctor මේ කියන්නේ ....ඔයාට මෙතනින් අයින් වෙන්න බෑ ...ඔයා නිසා මම කොච්චර සතුටින්ද ඉන්නේ කියන්න ඔය දන්නවද ?"

ජින් වගේම නම්ජූන්ත් හැරිලා බැලුවේ ඒ කව්ද කියලා ....

අවුරුදු අටක විතර පොඩි පිරිමි ළමයෙක් එයාල ඉස්සරහ හිටගෙන හිටියේ ටෙඩි බෙයා කෙනෙකුත් බදාගෙන

"Minjae ....ඇයි ඔයා මේ රෑ තිස්සේ හීතලේ එලියට වෙලා......"

ජින් නැගිටලා coat එක ගලවල පොඩි ළමයට පෙරවන ගමන් ඇහුවා ..

"මම දැක්ක doctor අඩ අඩ එලියට එනවා ...මම අඩන වෙලාවට doctor මගේ හිත හදනවනේ ...ඒ නිසා මම හිතුවා doctor ගේ හිත හැදුවොත් හොදයි කියල ...

පිරිමි ළමයා කියද්දී මෙච්චර වෙලා අඩපු ජින්ත් හිනා වුනා...

නම්ජූන්ත් ඒ දිහා බලාගෙන හිටියේ හිනා වේවි....

"දැක්කනේ hyung ඔයාට මෙතනින් අයින් වෙන්න බෑ ....මේක තමි ඔයාට ගැලපෙනම රස්සාව.....මේක ඔයාට රස්සාවක් නෙමෙයි...ඔයා හැමවෙලේම කරන්නේ මේක ....ඔයාට පුළුවන් අනිත් හැමෝගෙම හිත හදන්න.....ඒ නිසා පිස්සු කතා කියන්නේ නැතුව දැන් ගෙදර යමු....."

Namjoon නැගිටලා ,පොඩි ළමයාගේ ඔලුව අතගාන ගමන් කිව්වා ...

Jin ත් Namjoon ට හිනා වෙලා පිරිමි ළමයා දිහා බැලුවා....

"Minjae මේ ඉන්නේ Namjoon hyung ....අද ඉදන් ඔයාගෙම hyung කියලා හිතාගන්න......."

Jin Namjoon ව පෙන්නන ගමන් කිව්වා....

"මම Minjae.....මට කවදාවත් hyung කෙනෙක් ඉදල නැහැ ....ඔයාව හම්බුන එකනම් හොදයි ..."

Minjae හිනා වෙලා කිව්වා ....

"හරි Minjae දැන් ඇති ...දැනටමත් කට්ටිය හොදටම බය වෙලා ඇති....යමු ඇතුලට "

Jin Minjae ව වඩාගෙන ඇතුලට එක්කන් ගියේ Namjoon ට cab එක ඇතුලට යන්න කියල ඔලුවෙන් පෙන්නන ගමන් ....

Namjoon ත් ඔලුව වනලා cab එක ඇතුලට ගිහින් Jin එනකන් බලාගෙන හිටියා..

__________________________________________

"මොකක් නැහැ ...එහෙම වෙන්න බැහැ ...කොහොමද එහෙම වෙන්නේ ...ඒක cancer එකක් වෙන්න බැහැ ...ඇයි මට හම්බෙන හැමෝම මට නැති වෙන්නේ ...."

To Be Continue


A/N

Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story

Check out my other stories too :)

Bạn đang đọc truyện trên: Truyen247.Pro