03.Stay
Namjoon ටිකක් අෑතට වෙලා බලාගෙන හිටියේ අතේ මල් මිටක් තියාගෙන බිම බලන් ඉන්න Jin දිහා....
Jin සෑහෙන වෙලාවක් බිම තිබුනු සොහොන් කොත දිහා බලාගෙන හිටියත් Namjoon Jinට කරදර කරන්න ගියෙ නැත්තේ Jin ගෙ හිත හදාගන්න පුලුවන් එකම විදිහට බාධා කරන්න ඕනේ නැති නිසා...
කුරුල්ලන්ගේ සද්දෙත් හුලගෙ සද්දෙත් අැරුනම එතන වෙන සද්දයක් නොතිබුන තරම්....
Namjoon වටේ තිබුන පරිසරය දිහා බලාගෙන හිටියා මිසක් කිසිම දෙයක් කියන්න ගියේ නෑ.....
තවත් ටික වෙලාවක් සොහොන් කොත දිහා බලාගෙන හිටපු Jin අතේ තිබුනු මල් මිටිය ඒ ළඟින් තියලා Namjoon ළඟට අාවා....
"Joon අපි යමු...."
Jin කියද්දි Namjoon Jin දිහා බැලුවා...
Jin ගේ මූණ හැමවෙලේම වගේ හිනාවෙන් පිරිලා තිබුනා...
ඒත් ඒ හිනාව යටින් තිබුනු වේලුනු කදුළු පාරවල් තවමත් Jin ගේ පිරුණු කම්මුල් උඩ තිබුනා...
"හරි hyung"
Namjoon වැඩි කතාවක් නැතුවම Jin එක්ක ඉස්සරහට අැවිදගෙන යන්න පටන් ගත්තා.....
"Joon මම නිසා ඔයාට හරි කරදරයි නේද?"
Jin අැහුවේ කලිසම් සාක්කුවල අත් දෙකම දාගෙන අැවිදගෙන යන Namjoon දිහා බලලා....
"අනේ නෑ hyung...... කිසිම වෙලාවක එහෙම හිතන්න එපා..."
Namjoon කිව්වේ Jinගේ මූණ දිහා බලලා....
"Thank you Joon.....හැමදේකටම"
"Hyung මට thank you කියන්න ඕනේ නෑ....මට hyung මගෙම කෙනෙක් වගේ.....hyung අහලා තියෙනවද කවදා හරි කව්රු හරි තමන්ගෙම අයට thank කරනවා...ඒ නිසා අායෙ කවදාවත් මට thank කරන්න එපා....එතකොට මට හිතෙනවා මම පිට කෙනෙක් කියලා...."
Namjoon එක දිගට කියාගෙන ගියා.....
Jinගේ අැස් සතුටින් දිලිසුනා....
"Joon ඔයා මේ දවස් තුනට සෑහෙන වෙනස් වෙලා....."
Jin කිව්වේ හිනා වෙන ගමන්....
"අැ hyung එහෙම කියන්නේ..."
Namjoon ඉස්සරහින් අැවිදගෙන යන Jin ගේ පස්සෙන් යන ගමන් අැහුවා....
"මතකද අපි මුලින්ම හම්බුන වෙලාවේ.......ඔයා මාත් එක්ක කතා කලේ මම නිකං ඔයාව උස්සං ගිහින් සහරා කාන්තාරෙ ඔටුවෙකුට බන්දලා දෙයි වගේ බයෙන් නේ...."
Jin කිව්වේ බඩත් අල්ලගෙන හිනාවෙවී.....
Namjoon ට හිනා යන්න අාවත් හිනාව එහෙම්‍මම තද කරගෙන තරහා මූණක් හදාගත්තා....
ඒත් ඒ Jin කියපු කතාව අැත්ත කියලා Namjoon දැනගෙන හිටියා....
Jin ව හම්බෙලා තාමත් දවස් තුනක් වගේ වුනාට ඒ දවස් තුන අැතුලේ Namjoon ගොඩක් වෙනස් වෙලා තිබුනා.....Namjoon Jin එක්ක කතා කලේ අවුරුදු ගානක ඉදන් අදුරන කෙනෙක් වගේ.Namjoonගේ එකම යාලුවා Yoongi එක්කවත් Namjoon මේ තරම් හිනා වෙලා කතා කලේ නෑ.....
Jin එක්ක ගත කරපු හැම මොහොතකම Namjoonට ගොඩක් සැහැල්ලුවක් දැනුනා....අනිත් අයට වඩා විශ්වාසයක් Jin ගැන අැතිවුනා....Jin කියන්නේ එයාගෙම කෙනෙක් කියලා Namjoonට දැනුනා.....
ඒත් ඒකට හේතුව මොකද්ද කියන්න Namjoon දැනගෙන හිටියේ නෑ......
"Joon ඔයා අද කොහෙවත් යන්නේ නැත්නම් මාත් එක්ක hospital එකට යමු....."
Jin කියද්දි Namjoon හැරිලා බැලුවේ ඒ මොකටද කියලා වගේ අහන්න මූණත් හදාගෙන....
"අා ....මේකයි මම ඊයෙත් වැඩට ගියෙ නෑනේ.අදත් නොයා හිටියොත් මට රස්සාවත් නැතිවෙයි...."
"ඒත් hyung මම මොකටද?"
"මම ඉතින් නිකන් කිව්වේ....ඔයා ඉතින් ගෙදරට වෙලා නාකි අාතෙක් වගේ බුම්මගෙන ඉන්නවට වඩා hospital එකට ගියාම මාත් එක්ක කතා කර කර හරි ඉන්න පුලුවන් නේ....."
Jin කිව්වේ හිනා වෙලා....
ඒත් Namjoonට යන්න තරම් mood එකක් තිබුනේ නෑ.....
"අනේ sorry hyung...අද නම් මට එන්න තරම් හිතක් නෑ....මට වැඩ වගේකුත් තියෙනවා ඉවර කරගන්න....hyung යන්නකෝ අපි හවසට හම්බෙමු...."
Namjoon කියද්දා Jin හිනාවෙලා බලාගෙන හිටියා..
"ඒකට කමක් නෑ.....මම දන්නෑනේ ඉතින් ඔයාට වැඩ තියෙනවා කියලා....ඒකයි අැහුවේ..."
__________________________
"මොකටද ඉතින් මේ එකපාරටම"
Yoongi පුදුම වුන පාර Namjoonගේ මූණ දිහා බලන් හිටියේ අැස් දෙකත් ලොකු කරගෙන....
"මේකයි ඉතින් එහෙ මෙහෙ යන්න විදිහකුත් නැහැනේ.....ඕක ඔයාලගේ වත්තේ තිබිලා දිරන එකනේ.....ඉතින් මට ටික දවසකට දෙන්නකෝ...."
Namjoon පුලුවන් තරම් බටර් බාර දාලා Yoongi ගෙන් අැහුවා..
"ඕක දෙන එක නෙමේනෙ ඉතින් වැඩේ ....මට පුදුම කවදාවත් නැතුව එක පාරටම මොකද මේ වුනේ කියලා.....බස් එකේ පිහිටෙන් ගමන් ගිය Namjoon දැන් මගෙන් ගමන් යන්න කියලා cab එක ඉල්ලනවා..."
Yoongi කිව්වේ ඔලුවටත් තට්ටු කරන ගමන්....මූනත් බැරෑරුම් කරගෙන.....
"අා......මේ නිකං ඉල්ලුවේ....ඔච්චරටම ඕක දෙන්න බැරි නං තියාගන්න එකයි අැත්තේ...."
Namjoon Yoongi ගෙ මූණට කෑගහලා හැරුනේ යන්න....
"ඒයි ඔහොම ඉන්නවා....මම දැන් දෙන්න බෑ කිව්වේ නෑනේ....අරගෙන යනවා ඉතින්..."
Yoongi අන්තිමට කෑගහගෙන ගේ අැතුලට ගියා....
"Yoongi ah....Thank you හොදේ"
Namjoon අාපහු හැරිලා අැවිත් හිනා වෙලා කිව්වා...
"අනේ මන්දා .....මොනවා කරනවද කියලා....දැන් දවස් තුන හතරක ඉදන් තවුසෙ හරි අමුතුයි.....කරන දෙයක් පරිස්සමෙන්...."
Yoongi Namjoon ට කිව්වේ cab එකේ යතුර අතට දෙන ගමන්....
___________________________
"හොබියෝ මට මිනිහා ගැන බයයි"
Hoseok Yoongi පැය ගානක් තිස්සේ කියවන කියවිල්ල අහගෙන හිටියේ මේසේ උඩ තිබුන ice coffee එකේ තිබ්බ බටේ වටේට කරකවන ගමන්....
"දැන් මොකටද ඔච්චර බය වෙන්නේ?"
Hoseok පලවෙනි ප්‍රශ්නේ අැහුවේ මෙච්චර වෙලා Yoongi ඒ ගැනම කියව කියව හිටියට පස්සේ....
" මම මෙච්චර වෙලා ඒක ගැන තමා කිව්වේ..."
"ඉතින් තමුසේ කියවගෙන කියවගෙන ගියා මිසක් මට තේරෙනවද කියලවත් අැහුවෙ නෑ..."
Hoseok කිව්වේ මේසෙටත් පාරක් ගහලා....
"මම හිතුවා කෝපි එක දිහා බලාගෙන ඉන්නකොට මගේ කතාව අහගෙන වත් නැතුව අැති කියලා.."
"හරි හරි දැන්වත් කියනවකෝ....අැයි Namjoon ගැන බය වෙන්නේ.....එයා පොඩි බබෙක්යෑ....."
" බබාලා ගැන විතරද බය වෙන්න ඕනේ....."
Yoongiට කේන්ති ගිහින් හිටියේ හොදටම....
"හරි හරි මං අායේ මුකුත් කියන්නෑ....කතාව කියන්නකෝ යාලුවා...."
"මේකයි......Namjoon පහු ගිය ටිකේම ටිකක් අමුතුයි....ඔයාට ඒක තේරුනේ නැද්ද...?"
Yoongi අැහුවේ හෙන බැරෑරුම් විදිහට.....
"මම කොහොමද අනේ දන්නේ....එයා මාත් එක්ක වැඩිය fit නෑනේ....මම එයා එක්ක කොච්චර කතා කරන්න try කලත් එයා මාත් එක්ක වචන දෙක තුනකට වඩා කතා කරන්නෙම නෑ.....හරියට මම එයාව අපේ මල සමයං අක්කට බන්දලා දෙයි වගේ බයෙන් තමා මාත් එක්ක කතා කරන්නේ...."
"අන්න ඒක තමා මිනිහෝ මාත් කියන්නේ....Namjoon කවදාවත් කවුරුත් එක්කවත් දිගටම කතා කරනවා මම දැකලත් නෑ.මාත් එක්ක විතරයි එයා හරියකට කතා කරන්නෙත්...ඒත් දැන් එයා එකපාරටම වෙනස් වෙන්න අරගෙන...."
Yoongi Hoseok දිහා බලාගෙන කිව්වේ Hoseok ice coffee එක තොල ගානකොට....
"හ්ම්.....එහෙමත් එකක් ද?....කොහොමත් එයා ටිකක් අමුතුයි නේ....."
Hoseok කියද්දි Yoongi හිනා වුනා...
"ඔව් එයා අනිත් අයට වඩා ටිකක් වෙනස්...ඒත් එයා අමුතුයි කියලා නම් මට හිතෙන්නෑ....."
Yoongi. කිව්වේ cafe එකේ වීදුරුවෙන් අෑත බලාගෙන.....
"ඉතින් අැයි ඔයා එයා ගැන බය වෙන්නේ...."
Hoseok කතා කරපු නිසා Yoongi අායෙත් Hoseok දිහා බලාගෙන කතා කරන්න ගත්තා....
"හොබී Namjoon කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක්.එයා එයාගෙ ජීවිතේට ගොඩක් අයව ලං කරගන්නේ නැත්තේ එයාට ඒ අය එයාව රවට්ටයි කියලා බය නිසා.එයා කැමති නෑ බැඳීම් වලට...එයාට ඕනේ හැම වෙලාවකම තනි වෙන්න....මට බයයි Namjoonට අලුත් යාලුවෙක් හමිබුන එක ගැන......මට බයයි ඒ කෙනා Namjoon ව දාලා ගියොත් Namjoonට ගොඩක් රිදෙන නිසා...Namjoon ටිකෙන් ටික හොද වෙන්න ගත්තා විතරයි ......එයා ටිකෙන් ටික පහුගිය දේවල් අමතක කරන්න ගත්තා විතරයි....ඒත් දැන් අායෙත් ඒ දේවල් වෙනස් වෙද්දි මට බයයි Namjoonට අාපහු ඉස්සෙල්ලා වගේම කරදර වෙයි කියලා......"
Yoongi එක දිගට කියාගෙන යද්දි Hoseok පුදුමයෙන් අහගෙන හිටියේ Yoongi කියපු කිසි දෙයක් නොතේරුන නිසා.....
"මොනවද ඔයා මේ කියන්නේ....මට තේරෙන්නෑ Yoongs....."
Hoseok Yoongi දිහා බලාගෙන හිටියා...
"Sorry Hoseok ah....මට ඒ හැමදෙයක්ම ඔයාට කියන්න බෑ....ඒත් මට මේ දේවල් කියන්න පුලුවන් ඔයාට විතරයි....ඒ නිසා මම මොනවා කිව්වත් අහගෙන ඉන්න....."
Yoongi කියද්දි Hoseok ඔලුව වැනුවේ හොදයි කියලා කියන්න...
"දැන් කව්ද Namjoonට හම්බුන අලුත් යාලුවා...."
Hoseok ටිකක් වෙලා බලන් ඉදලා Yoongi ගෙන් අැහුවා....
"Jin කියලා කෙනෙක්ලු.එයා කියන හැටියටම් අපිට වඩා වයස කෙනෙක් .ඒත් කියන විස්තර වලින් නම් එහෙම ගොඩක් වයස අැති කියලා හිතෙන්නෙත් නෑ...."
"ඉතින් අපිත් එයාව හම්බෙලා කතා කරමුකෝ....එතකොට අපිට දැනගන්න පුලුවන් නේ එයා කව්ද කියලා...."
Hoseok කියද්දි Yoongi ගේ කට කනේ....
සතුට වැඩි කමට Yoongi දත් ටික ඔක්කොම එළියෙ දාගෙන හිනා වෙනවා.....
"ඒ අැයි මගේ ජීනියස් ඔලුවට ඒ අදහස අාවෙ නැත්තේ...."
Yoongi ඔලුවටත් පාරක් ගහගෙන කිව්වා....
"ඕක අැතුලෙ ඉතින් තියෙන්නේ නිදා ගන්න එකයි Nimho යි විතරනේ...කොහොමද ඉතින් ඔය මොලේ අැතුලට ඒ වගේ ලස්සන අදහසක් එන්නේ..."
"අනේ මේ පලෑන්න බත් කන වස්සා මගෙන මුකුත් අහගන්නැතුව....."
Yoongi තරහින් පුපුර පුපුර කිව්වේ Hoseok හිනා වෙවී පුටුව උඩම දගලද්දි.....
__________________________
"Hyung basement එකට එන්න.මම අැවිල්ලා ඉන්නේ...."
Namjoon call එක cut කරලා shutter එකෙන් එළිය බලන කොටයි දැක්කේ Jin ඒ වෙනකොටත් අැවිත් කියලා....
Namjoonට හිනාවෙවී අතවනපු Jin ගාවට Namjoon cab එකත් drive කරගෙන ගියේ හිනා වී ගෙනමයි.....
"Joon ඔයාට drive කරන්නත් පුලුවන් ද?කාගෙද මේ වාහනේ?ඔයාගෙද?"
Jin නැගපු වෙලේ ඉදලා ප්‍රශ්න ගොඩක් අහන්න ගත්තේ Namjoon ගේ මූන දිහාත් වාහනේ දිහාත් බලනගමන්....
"අයියෝ hyung.....මගේ නෙමෙයි මේ වාහනේ.මගේ යාලුවෙක්ගේ... මම ටික දවසකට ඉල්ල ගත්තා..."
Namjoon කිව්වේ හිනා වෙවී.....
"ඕ ඒකත් එහෙමද?"
"ඉතින් hyung.....අද මොනවද කරපු වැඩ"
Namjoon පාර දිහා බලාගෙන අැහුවා....
"විශේෂයක් නෑ Joon...වෙනදා වගේම තමයි.....අා......අද පොඩි ගෑනු ලමයෙක් අාවා....එයාගේ අම්මා එක්ක...."
"ඉතින්......"
Namjoon Jin ගෙ කතාව අහගෙන හිටියේ ලොකු උනන්දුවකින්....
"එයාගේ නම Seonmi....ඒ ලමයට රෑට නින්ද යන්නේ නෑලු....."
Jin කියනකොට Namjoon Jin දිහා හැරිලා බැලුවා.....
"අැයි hyung ඒ...."
Namjoon තවත් උනන්දුවෙන් Jinගෙ කතාව අහගන්න ප්‍රශ්නයක් අැහුවා.....
"මම හිතන්නේ එයාට මොකක් හරි දේක කම්පනයක් තියෙන්නේ ..එක්කෝ එයාගේ ජීවිතේ පරන දෙයක් එයාගේ හිතට වද දෙනවා....."
"ඒක ලෙඩක් ද hyung?"
Namjoonගේ මූණෙ තිබුනේ බයක්...
"හ්ම්......ලෙඩක් වෙන්නත් පුලුවන්..ඒ වුනාට දැන්ම හරියට ඒ ගැන කියන්න බෑ.එයා ගැන මම තාම study කරන ගමන් නේ...."
Jin කිව්වේ වටේට පහු වෙන building දිහා බලන ගමන්....
Namjoon සද්දයක් නැතුව අායෙත් පාර දිහා බලාගෙන drive කරනවා.....
ඒත් Namjoonගේ හිත හයියෙන් කෑගැහුවා.....
ඒක ලෙඩක් නම්.....මටත් ඒ ලෙඩේ ද තියෙන්නේ....අනේ Jin hyung....මට උදව් කරන්න....
Namjoon ගෙන් සද්දයක් නැති නිසාම Jin Namjoon දිහා බලාගෙන හිටියා.....
"අපි මේ කොහෙද යන්නේ Joon?"
Jin අැහුවේ හිනා වෙලා Namjoon දිහා බලන ගමන්.....
"අා......අපි යනවා beach එකට...."
Namjoon එක පාරට හිනා වෙලා කිව්වා.....
"ඒ මොකෝ එකපාරට....."
Jin අහද්දි Namjoon මුකුත් කියන්න ගියේ නෑ.......
Namjoonට දැනුනා Jin හිනාවෙලා හිටියට Jin ඉන්නේ දුකෙන් කියලා...ඒ නිසාමයි Namjoon Yoongi ගෙන් දවස් දෙක තුනකට cab එක ඉල්ල ගත්තේ....
Namjoonට ඕනේ වුනා Jinගේ දුක නැති කරන්න අලුතින් සතුටු මතක හදන්න....
_________________________
අෑතින් බහින ඉර දිහා Jin බලාගෙන හිටියේ ගොඩක් අාසාවෙන්...
රතු පාටට ගිනි බෝලයක් වගේ බහින ,ඉර තැඹිලි පාට අහස ,කව්රුත් නැති පාලු වෙරලේ රළ සැරින් සැරේ වදින සද්දෙත් විතරක් ඉතුරු වෙලා තිබුනා.
Namjoon හිටියේ Jinට ටිකක් අෑතින් වෙරලේ වාඩි වෙලා.
වෙරල දිගේ අැවිදගෙන යන පුංචි පුංචි කකුලුවෝ එකතු කරලා එයාලත් එක්ක කතා කරන ගමනුයි Namjoon හිටියේ.
Namjoonට තිබුනේ හරිම අමුතු පුරුද්දක් ....
මුහුදක් ලගට ගියොත් චූටි කකුලු පැටව් අල්ලගෙන එයාලා එක්ක කතා කරන පුරුද්දක් Namjoonට තිබුනා.....
"Jin hyung මේ බලන්න මෙයා රෝස පාටයි....."
Namjoon චූටි කකුලුවෙකුත් අතේ තියාගෙන Jin ළඟට අාවේ මූණ පුරාම ලොකු හිනාවක් පුරවගෙන...
"Woh....එයා අැත්තටම රෝස පාටයි..."
Jin කිව්වේ Namjoonගේ අතේ හිටිය කකුලු පැටියා අල්ලන ගමන්....
"අතන තව ඉන්නවා hyung....."
Namjoon කිව්වේ කලින් වාඩි වෙලා හිටපු තැන බිම පෙන්නලා...
"ෂා......ගොඩක් ඉන්නවද? එහෙනම් කොහොමද අපි කකුලු සුප් එකක් වගේ හැදුවොත්....."
Jin මහා හයියෙන් හිනා වෙවී කිව්වට Namjoon කෙලින් වුනේ මූණ නිකං යකෙක් වගේ කරගෙන....
මූණ උඩට බිත්තරයක් දැම්මනං බැදගන්නත් තිබ්බා .....
ඒ තරමට Namjoon හිටියේ තරහින් පුපුරපුපුර........
"hyung පව් කතා කියන්න එපා.....ඔයා කොහොමද එහෙම සතෙක් දැක්ක ගමන් කියන්නේ ඒ සතාව දාලා කෑම එකක් හැදුවනං හොඳයි කියලා...."
Namjoon කියාගෙන කියාගෙන ගිහින් තරහින් අාපහු කලින් හිටපු තැනටම ගියා.....
Jin හිනා වුනේ Namjoonගේ වැඩවලට......
එච්චර පොඩි දේකටත් පොඩි ළමයෙක් වගේ තරහා අරන් හැසිරෙන්න තරම් Namjoon ගොඩක් සංවේදී කෙනෙක්.......
"Joon ah.....අයියෝ විහිලුවක් නේ කලේ......"
Jin දුවලා ගිහින් Namjoon ගාවින් වාඩි වුනා......
"Jin hyung......."
ඉර බැහැගෙන ගිහින් හවස් වී ගෙන අාවේ වටේටම කුරුල්ලන්ගේ සද්ද විතරක් ඉතුරු කරන ගමන්....
"කියන්න Joon ah"
Jin කිව්වේ Namjoonගේ කරටත් අතක් දාගන්න ගමන්.....
"Hyungට බැරිද හැමදාටම මාත් එක්ක ඉන්න....."
Jin Namjoon දිහා හැරලා බැලුවත් ඒ අැස් වල කිසිම පුදුමයක් තිබුනේ නෑ......
"මට පුලුවන් Joon.....
ඒත් හැමදාටම බෑ.....මටත් යන්න දවසක් එනවා....එදාට මම යන්නම ඕනේ....."
To Be Continue
A/N
TMI:ඔයාලා හැමෝම දන්නවනේ අපේ Namjoon අැත්තටම කකුලුවන්ට ගොඩක් අාදරෙයි කියලා.එයාට පුරුද්දක් තියෙනවා මුහුදු වෙරළකට ගියාම කකුලු පැටව් අල්ලන්න.ඒ වගේම තමයි අපේ Joonie sea food කන්නෙත් නෑ.අනිත් අය sea food ගැන කතා කරනකොට Namjoon මූණ දෙක කරගන්න හැටි ඔයාලා දැකලා අැති.Namjoon පුංචි පුංචි දේවල් දකින්නේ ගොඩක් cute දේවල් විදිහට.මට නම් තාම හිතාගනනවත් බෑ තව දවස් පහකින් එයාට 26ක් වෙනවා කියලා
Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story
Check out my other stories too :)
Bạn đang đọc truyện trên: Truyen247.Pro