Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

02.Family

"Yah.....hyung මොකද්ද ඔයා කරන්නේ....."

"අැයි පේන්නැද්ද .....මම මේ බිත්තරේ කඩන්න යන්නේ...."

Jin කිව්වේ අත් දෙකම ඔලුවෙ ගහගෙන අැස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්න Namjoonට....

"බය වෙන්න එපා ලමයෝ....මම මේ පුරුදු වෙන්න උයනවා නෙමෙයි.....අද දවල්ට මං ගානේ තරු පහේ lunch එකක් ..."

Jin අායෙත් කියලා කර කර හිටපු වැඩේ කරන්න ගත්තා....

Jin hyung......එයා අැත්තටම ගොඩක් වෙනස් කෙනෙක්.අනිත් හැමෝම මං දිහා බැලුවේ සැකෙන්.ඒත් Jin hyung මං ගැන දන්නෙවත් නැතුව මාව හොදට අදුරන කෙනෙක් වගේ මට සලකනවා.....අැත්තටම එයා කව්ද?.....එකපාරටම මට මේ හම්බුන කෙනා කව්ද?......

Namjoon කල්පනා ලෝකෙන් එළියට අාවේ Jin ගේ කෑගැහිල්ලට....

"ඔතන අඩි හයේ ගල් පිලිමයක් තියලා වගේ හිටගෙන ඉන්නේ නැතුව මෙන්න මේ ලූණූ ටික කපනවා....."

Jin පිහියකුයි ලූණූ ගෙඩියකුයි Namjoonගෙ අතට දීලා ගියා තවත් මොනවද මුමුන මුමුන.....

Jin ගේ පොඩි පොඩි විහිලු Namjoonගේ මූණට හිනාවක් ගෙනාවා....

ගොඩ කාලෙකට පස්සේ....

________________________

"Joon එහෙනම් මම ගිහින් එන්නම්.....හෙට නම් මම busy.පස්සේ දවසක හම්බෙමු...."

Jin Namjoonගෙ ගෙදරින් එළි්යට ගිහින් කෑගලා කිව්වේ අත වනන ගමන්.....

"පරිස්සමින් යන්න hyung"

Jin ටිකක් දුර යනකන් දොර ලගට වෙලා බලාගෙන හිටිය Namjoon දොර වහලා අැතුලට අැවිත් sofa එකට වැටෙන ගමන් කල්පනා කරන්න ගත්තා.....

අැත්තටම එයා වෙනස් කෙනෙක්....කවදාවත් මම එහෙම කෙනෙක් දැකලා නෑ.......

දවස තිස්සෙම පිස්සු නැටුවා මිසක් වැඩකට අැති කිසි වැඩක් කලේ නැති නිසා Namjoon නැගිටලා ගියේ wash එකක් දාගෙන පාඩම් වැඩ ටික ඉවර කරන්න....

අැත්තටම අද දවසේ කරපු කියපු දේවල් වලින් Namjoon ගොඩක් සතුටු වුනා.ලොකුම ලොකු සතුටක් වුනේ නැතත් ඒ ලබපු පුංචි සතුට වුනත් Namjoonට ගොඩක් වටිනවා..තවත් කෙනෙක් එක්ක හිනා වෙන්න කතා කරන්න Namjoon පෙලඹුනේ ගොඩක් කාලෙකට පස්සේ...ඒ නිසාම අද දවස Namjoon නොදැනුවත්වම වුනත් Namjoonට ගොඩක් විශේෂ දවසක් වුනා.....

wash එකක් දාගෙන අැවිත් මේසෙට වාඩි වුන Namjoon phone එක අතට ගත්තා...

Yoongi

අැයි මනුස්සයො අද අාවෙ නැත්තේ?
හෙටවත් එනවද?

Yoongi එවපු massage එකට Namjoon reply කරන්න කලින් ටිකක් හිතුවා....අැත්තටම හෙට University යනවද?Reply එකක් නොදාම Namjoon phone එක පැත්තකින් තියලා පොත අතට ගත්තා.....

Ting ting

Notification sound එක නිසා Namjoon phone එක අායෙත් අතට අරගෙන බැලුවා....

Unknown Number

Hi Joon.මම Jin.

දෙපාරක් බලන් නොයිදම Namjoon Jinගේ number එක save කලා...

Jin hyung ඔයා රෑටත් එක්ක උයලා තිබුනා.ගොඩක් thankyou

Jin hyung

මම හිතුවා රෑට කන්නෙත් නැතුව නිදා ගනියි කියලා.ඒකයි වැඩියෙන් ඉව්වේ.කාලා නිදා ගන්න.කෑම මග අරින්න එපා.

හරි hyung.Thank you

Jin hyung

Thank you. එපා.දැන් ඔයාගෙ වැඩක් කරගන්න.පස්සේ දවසක හම්බෙමු.

හරි hyung

Namjoon phone එක පැත්තකින් තිබ්බේ ගොඩක් සතුටකින්.තවත් කෙනෙක් Namjoon ගැන හොයලා බලපු පලවෙනි පාරයි මේ....

කවදාවත් සහෝදරයෙක්ගේ අාදරේ නොලබපු Namjoonට හිතුනේ දැන් එයා ගැන හොයන්න තමන්ටම කියලා සහෝදරයෙක් ලැබුනා වගේ...

_______________________

"අැත්තට තමුසේ ඊයේ මොන දේවාලෙක ගියාද Namjoon...අර හොබියා අැවිත් කිව්වම තවුසේ bus එකෙත් ඉදලා University එක ලගින් බැස්සේ නෑ කියලා මගේ දෙලෝ රත් වුනා....."

Yoongi කිව්වේ අතේ තිබ්බ ice tea එක පැත්තකින් තියන ගමන්....

"එහෙම ලොකු ගමනක් ගියේ නෑ.මට කම්මැලි හිතුනා .....ඒකයි..."

Namjoon කිව්වේ බිම බලාගෙන....

තමන්ගෙ හොදම යාලුවට බොරු කියන එක අැත්තටම අමාරු දෙයක්....

"බොරු කියන්න එපා බන්....මම දන්නවා.....මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කියපම්...."

Yoongi කිව්වේ තවමත් බිම බලාගෙන ඉන්න Namjoonගේ උරහිසට අතක් දාගන්න ගමන්....

"මේකයි .....,මේ......."

Namjoon කියන්න ගත්ත දේ ටිකක් අදිමදි කලා කියන්න.....

"මට ඊයේ කෙනෙක් හම්බුනා...."

Namjoon කිව්වේ Yoongi දිහා බලලා....

"කව්ද?ඔයා දන්න කෙනෙක්ද? නැත්නම් පරණ........"

Yoongi ප්‍රශ්න අහන එක නතර කලේ එකපාරටම මොකක් හරි මතක් වෙලා වගේ....

"නෑ Yoongi....මට එයාව ඊයෙමයි හම්බුනේ....ඒත් මට හිතෙනවා මම එයාව ගොඩක් කාලෙක ඉදන් අඳුරනවා කියලා...."

Namjoon කියද්දි Yoongi හිනාවුනා...

"පොඩ්ඩක් සම්බන්ධයක් තියෙන දෙයක් කියන්නකෝ හලෝ....ඔයාම කියලා ඊයෙමයි හම්බුනේ කියලා ඔයාම කියනවා ගොඩක් කාලෙක ඉදන් අඳුරනවා කියලා හිතෙනවලු..."

"මම ඉතින් හිතෙන දේ කිව්වේ....."

Namjoon මූණත් නරක් කරගෙන phone එක අතට ගත්තා....

"ඉතින් ඉතින් මට කියන්නකෝ විස්තර....මාත් අාසයිනේ අලුත් යාලුවව අඳුරගන්න..."

Yoongi කිව්වේ Namjoonගේ phone එකට එබෙනගමන්....

"එයා අපිට වඩා වැඩිමල්.වයස නං කිව්වේ නෑ.ඒත් අපිට වඩා ගොඩක් පොඩි පාටයි.වැඩත් නිකං පොඩි ලමයෙක්ගේ වගේ.හැම වෙලේම කතුරක් වගේ කියවනවා.හයියෙන් හිනාවෙනවා...."

Namjoon එක දිගට කියාගෙන යද්දි Yoongi හිනාවෙලා Namjoonගේ මූණ දිහා බලාගෙන හිටියා....

"මේ Nam....මම ඔහේගෙන් ඔච්චර විස්තරයක් අැහුවේ නෑ...කමක් නෑ කමක් නෑ......ඒත් ඉතින් තාම ඔයා එයාගෙ නම කිව්වේ නෑනෙ මට"

"අා......එයාගෙ නම Jin.Psychologist කෙනෙක්ලු."

Namjoon කිව්වේ අායෙත් phone එක බලන ගමන්...,

"මොකද මනුස්සයෝ හැමවෙලේම phone එක බලන්නේ...."

Yoongi අැහුවේ කවදාවත් නැතුව Namjoonගෙ වෙනස දැකලා...

"මට තාම හිතාගන්න බෑ Yoongi,hyung කොහොමද මගේ phone number එක හොයාගත්තේ කියලා.මම එයාට number එක දුන්නේ නෑනේ....."

"අැත්තටම?......මේ කෝකටත් පරිස්සමෙන්....අපි දන්නෙවත් නෑනේ එයා කව්ද කියන්නවත් හරියටම..."

Yoongi කිව්වෙ ටිකක් වෙලා කල්පනා කරලා...

"මේ එහෙනම් යමු දැන්....මේ හිටියා අැති අද ගෙදර යන්නත් එපැයි....."

Yoongi නැගිටින ගමන් කිව්වේ ගෙදර යන්න...

"ඔයා යන්න Yoongi.මට අද වැඩ වගයක් තියෙනවා....ටිකක් පරක්කු වෙයි යනකොට....."

Namjoonත් එහෙම කියන ගමන් නැගිටලා bag එක කරේ දාගත්තා..

"හ්ම්.....ඕනේ එකක්...එහෙනම් මං ගියා.."

Yoongi හිනාවකුත් දාලා එතනින් ගියා....

ටිකක් වෙලා බලාගෙන ඉදපු Namjoonත් University එකෙන් එළියට අැවිත් පාර දිගේ අැවිදගෙන යන්න ගත්තා....

කරන්න වැඩක් තියෙනවා කිව්වත් Namjoonට කිසිම අරමුනක් තිබුනේ නෑ මොකද්ද කරන්නේ කියලා.

Namjoonට කවදාවත් නැති තරම් ලොකු පාලුවක් දැනුනා.සමහර විට ඒ ඊයෙ දවසෙම කෙනෙක් එක්ක ගත කරපු නිසා වෙන්න අැති.ඒ වගේම Namjoonට කවදාටත් වඩා වෙනසක් දැනුනා.ගොඩක් දවසකට පස්සේ ඊයේ රෑ Namjoon එකදිගට නිදා ගත්තා.....

Namjoon අැවිදගෙන ගිහින් නතර වුනේ එදා නැවතුනු park එකේ bench එක ළඟමයි.එතනින්ම වාඩි වුන Namjoon මඩ පිරුනු පොකුණ දිහා බලාගෙන හිටියේ කල්පනා ලෝකෙක තනිවෙන ගමන්...

ඒ තැනේ තිබුනේ හරි වෙනසක්....
හිතේ තිබුනු හැම දුකක්ම නිවන්න තරම් ඒ තැන නිස්කලංක වුනා.කව්රුත් නැති වටපිටාව,හුලඟට එහෙ මෙහෙ වෙන මඩ වතුර,සැරින් සැරේ එන සීතල හුළඟ Namjoonගේ හිතට සැනසීමක් ගෙනාවා....

Namjoon phone එක අතට ගත්තේ ටිකක් වෙලා බලන් ඉඳලා...

Hyung වැඩක් ද?

Namjoon Jinට massage එකක් දාලා reply එකක් එනකං බලන් හිටියා.....

Namjoonට ඕනේ වුනා හදිසියේම හම්බුන අාගන්තුකයව අායෙත් හම්බවෙන්න....

"Joon......."

ඒ කටහඬ අැහුන ගමන් Namjoon හැරිලා බැලුවා.....

හිනාවෙන් පිරිලා තිබුන මූණ.....

"Hyung........hyung කොහොමද දන්නේ මම මෙතන කියලා..."

Namjoon bench එකෙන් නැගිටින ගමන් පුදුමයෙන් අැහුවා....

"මම දැනගෙන හිටියේ නෑ ඔයත් මෙතන කියලා....මම නිකං මෙතනට අාවේ...."

Jin කිව්වේ හිනාවෙන ගමන්....

Bench එකෙන් වාඩි වුන Jin Namjoonටත් එතනින් වාඩි වෙන්න කියලා පෙන්නුවා....

"Joon මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද?"

Namjoon වාඩි වුනාට පස්සේ Jin කතා කරන්න ගත්තේ ටිකක් හිමින්.....

"මම......අැයි hyung මාත් එක්ක කතා කරන්නේ?"

Namjoon අැහුවේ පුදුමයෙන්...
Namjoon පුදුම වුනා....
කිසිම කෙනෙක් මීට කලින් Namjoon එක්ක මේ විදිහට කතා කරලා තිබුනේ නෑ......

"ඔව් Joon.....ඔයා එක්ක තමයි..."

Jin කියද්දි Namjoon Jin ගේ අැස් දිහා බැලුවා.....Jin ගේ අැස් ඊයෙටත් වඩා දිලිසෙන හැටි Namjoon දැක්කා.....ඒ අැස් අැතුලේ ලියවිලා තිබුන අඳුර ටිකෙන් ටික එළියට එන හැටි Namjoon දැක්කා....Jin ගේ දිලිසෙන අැස්වල කඳුළු පිරෙන හැටි Namjoon දැක්කා....

"Hyung අනේ....මොකක් හරි ප්‍රශ්නයක්ද?.....මට කියන්න.....මට පුලුවන් උදව් කරන්න.."

"Joon ඔයාට කවදාහරි ඔයාගෙම සහෝදරයෙක් ඉඳලා තියෙනවද?"

Jin හිමින් කතා කලේ ඉස්සරහා තිබුනු පොකුණ දිහා බලාගෙනමයි...

"මම..........මට......මට පවුලක් නෑ hyung..."

Namjoon කිව්වේ බිම බලාගෙන

"ඒත් Joon අපි හැමෝටම පවුලක් තියෙනවා......ඔයාටත් තියෙනවා පවුලක්...."

Jin කිව්වේ ගලන කදුලු අතරින් වුනත් පුදුමයෙන්.....

"මගේ පවුලේ අය කැමති නෑ hyung මාව පිළිගන්න.....එයාලා .....එයාලා....කැමති නෑ......."

මෙච්චර වෙලා හොඳට කතා කරපු Namjoon ගේ කටහඬ බිඳුනා....

"Hyung.....ඒත් අපි ඒ ගැන කතා නොකර ඉමු....මට කියන්න ....අැයි hyung අඬන්නේ....."

Namjoon කිව්වේ Jin ගේ අතින් අල්ලලා.....

"Joon.....මට හිටියේ මගේ dongsaeng විතරයි...එයා අසනීප වෙලා hospital එකේ හිටියේ....අද උදේ එයා නැති වුනා....මට හිටියේ එයා විතරමයි Joon....."

Jin හයියෙන් අඬන්න ගත්තේ අත් දෙකෙන්ම මූණ වහගෙන....

"Jin hyung අනේ මට සමාවෙන්න...මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ......."

Namjoon Jinගේ පිටට තට්ටු කරන ගමන් කිව්වේ අැස් වලට කදුලු එද්දි...Jinට මේ වෙද්දි දැනෙන හැඟීම මොකද්ද කියන්න Namjoon දැනගෙන හිටියේ නෑ...තමන්ගේ එකම සහෝදරයා නැති වුනාම දැනෙන හැඟීම Namjoon දන්නේ නෑ....ඒත් Jin ගේ හැසිරීම නිසා Namjoonගේ අැස් වලට කදුලු අාවේ ඉබේටම....

Jin අඬපු වෙලාව කොච්චරක්ද කියන්න Namjoon දැනගෙන හිටියේ නෑ....සමහර විට පැය තුනක්.....නැත්නම් හතරක්....

Namjoonට කරන්න පුලුවන් වුන එකම දේ Jin ගේ හිත හදන්න වචන දෙක තුනක් කතා කරන එකත්,Jinගේ පිටට හිමින් තට්ටු කරන එකත් විතරයි....

වටේටම කලුවර වැටිලා තිබුනත් Namjoon Jin ට අැති වෙනකම්ම අඬන්න දුන්නේ ඒකෙන් හරි Jin ගේ හිත හැදෙයි කියලා....

ටිකකින් Jinගෙන් සද්දයක් නැති නිසා Namjoon Jinට තට්ටු කලා....

Jinගේ අැස් දෙකම පියවිලා තිබුනා..

"Jin hyung......"

Namjoon Jinට කතා කලත් Jin ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.....

Namjoon Jin ගේ නළලට අත තියලා බැලුවේ අසනීපයක්වත් ද කියලා....

Namjoon හිතුවා හරි ....

හවස පුරාම Jin කලේ අඬපු එක...කිසිම සිහියක් නැතුව කියව කියව අඬපු එක.....

Jin ගේ අැඟ හොඳටම රත් වෙලා තිබුනා.....

Jinට තිබුන මහන්සියටම නින්ද ගිහින්.....

Namjoon Jinව පුලුවන් විදිහට වත්තම් කරගත්තේ Jinගෙ ගෙදරට එක්ක ගෙන යන්න...

ඒත් කොහෙද Jinගෙ ගෙදර තියෙන්නේ.....?

Namjoon අාපහු Jinව bench එක උඩින් තියලා Jinගේ සාක්කු අැතුලේ බැලුවා....

Namjoon හෙව්වේ visiting card එකක්.....

Namjoonට හෙව්ව දේ නම් හම්බුනේ නෑ.....ඒත් වෙන දෙයක් නම් හම්බුනා....

පොඩි adress phone numbers ලියන පොතක්....

Namjoon පොත පෙරලන්න ගත්තෙ අඩුම තරමේ දන්න කෙනෙක් ගෙ වත් address එකක් හම්බවෙයි කියලා...ඒත් ඒ හැම තැනකම ලියලා තිබුනේ කෑම කඩවල numbers විතරයි...

Namjoon පොත අාපහු Jinගෙම සාක්කුවට දාලා Jinවත් වත්තම් කරගෙන පාර ළඟට අාවා....

සෙනඟ පිරුණු පාර දිගේ අසනීපෙන් හිටපු Jinවත් වත්තම් කරගෙන යන එක අමාරු දෙයක්..

Namjoon පාර ළඟට අාපු ගමන්ම Taxi එකක් නවත්තගත්තේ Jin වෙනුවෙන් වෙන කරන්න දෙයක් නොතිබුනු නිසා....

___________________________

"අායිෂ්......."

Jin නැගිට්ටේ තවමත් පුපුරු ගහන ඔලුව අල්ලගෙන....

අැස් දෙක අැරපු ගමන් කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැරුව හිටපු Jin ටිකක් වෙලා වටපට බැලුවා....

Jin හිටියේ අැඳක් උඩ....

ඒත් එක්කම Jin දැක්කේ අැඳට ටිකක් එහා sofa එක උඩ නිදාගෙන හිටිය Namjoonව.....

Namjoon හිටියේ නිදා ගෙන නෙමෙයි...Sofa එක උඩ වාඩි වෙලා නිදි කිර කිර......

Jin අැඳෙන් බහින්න හැදුවත් අැඟට ඒ තරම්ම පණක් නෑ කියලා දැනුන නිසා එතන ඉදගෙනම Namjoon දිහා බලාගෙන හිටියා....

"Joon ඔයා නිදිද?"

Jin හිමිහිට තොල් අතරින් මිමිනුවා...

"අහ් hyung....hyung .."

Namjoon එකපාරට ගැස්සිලා අැහැරුන පාර පුටුවෙනුත් වැටෙන්න ගියා......

"මම කොහොමද මෙහෙට අාවේ..."

Jin අැහුවේ ටිකක් පුදුමයෙන්....

Namjoon කෙලින් වෙලා නැගිටලා අැස් දෙක පිහදාන ගමන් කතා කරන්න ගත්තා....

"ඊයේ රෑ......park එකේදි hyungට උණ හැදිලා තිබ්බා.මම කතා කලාට අැහැරුනෙත් නෑ......මම හෙව්වා hyung ගෙ ගෙදර හොයාගන්න විදිහක්.ඒත් මට හම්බුනේ නෑ.Hyung අසනීපෙනුත් ඉන්නකොට එළියෙ තියන් ඉන්න බැරි නිසා මම hyungව මගේ ගෙදරට එක්කගෙන අාවා...."

Namjoon කියද්දි Jin පුදුමෙන් Namjoon දිහා බලාගෙන හිටියා....

"එතකොට ඔයා ද ඊයේ රෑ තිස්සෙම මට බෙහෙත් කලේ....."

Jin අැහුවේ ළඟ තිබුන වතුර බාජනයක් පෙන්නලා....

"හ්ම්....මම තමා..."

Namjoon කිව්වේ කාමරේ අනිත් පැත්තේ තිබුන cupboard එක ළඟට ගිහින් ඒක අඳින ගමන්....

"Hyung wash එකක් දාලා මේක අැදගන්න....මම කන්න දෙයක් හදන්නං"

Namjoon කිව්වේ අැඳුම් වගයක් අැඳ උඩින් තියන ගමන්.....

__________________________

"ඔයාට විස්වාසද මේක කන්න පුලුවන් කියලා...."

Jin කිව්වේ soup එකේ උඩ පාවෙන නූඩ්ල්ස් දිහා බලලා....

"අැයි දැන් ඕක කන්න බෑ වගේ ද?"

Namjoon අැහුවේ ලිපේ තිබුන අනිත් බාජනේ හැඳි ගාන ගමන්....

"අා නෑ........එහෙම එකක් නෙමෙයි මං කිව්වේ....."

Jin මූණත් නරක් කරගෙන soup එකට හැන්ද දාලා කරකවලා බැලුවා.....

හැන්දට soup ටිකක් ගත්ත Jin බයෙන් බයෙන් හැන්ද කට ළඟට ගත්තේ වහ බොන්න යනවා වගේ...

Soup ටික කටට ගත්ත Jin ටිකක් වෙලා බලාගත්ත අතම බලං ඉදලා එක පාරටම කහින්න ගත්තා.....

"Hyung Jin hyung මොකක් හරි අවුලක් ද?"

Namjoon ලිපේ තිබ්බ එකත් පැත්තක දාලා දුවගෙන අාවේ Jinට මොකද්ද වුනේ බලන්න....

"නෑ නෑ මුකුත් අවුලක් නෑ......."

Jin කිව්වේ හිනා වෙවී......

"Joon ඊළඟ පාර soup හදන්න ඉස්සෙල්ලා බලන්න ලුණු බෝතලෙන් බාගයක් ද ලුණු හැදි බාගයක්ද දාන්න තියෙන්නේ කියලා.."

Jin කිව්වේ sink එක ළඟට දුවන ගමන්.....

Namjoon බූත වෙලා බලාගෙන හිටියේ ඒ මොකද්ද ඒ වුනේ කියලා....

"ඒයි මනුස්සයෝ මෙන්න මේක කරවෙනවා...."

Jin කෑගහගෙන ලිප ළඟට දිව්වේ තාමත් ලිපේ තිබ්බ බාජනේ අයින් කරන්න....

"අයියෝ අමතක වුනානේ ..."

"Hyung ඔතනින් අයින් වෙන්න..මට ඕක කරගන්න පුලුවන්...."

Namjoon කෑගහන්න ගත්තේ Jinව පැත්තකට කරන ගමන්.....

"අනේ අැත්තමයි තව ටිකක් මෙතන හිටියොත් මට බෙහෙත් ගන්න තැනක් වෙනම හොයාගන්න වෙනවා...."

Jin ටිකක් අෑතට වෙලා බලාගෙන හිටියේ Namjoon ලිපේ තියෙන බාජනේ බාගන්න කරන යුද්දේ දිහා...

To Be Continue


A/N

Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story 

Check out my other stories too :)

Bạn đang đọc truyện trên: Truyen247.Pro