Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

01.Stranger

Namjoon bus එකට නැග්ගේ වෙනදා වගේම University එකට යන්න....

Bus එකේ වැඩිය සෙනග හිටියේ නැති නිසා පිටි පස්සෙම සීට් එකෙන් වාඩි වෙලා වීදුරුවට ඔලුව තියාගත්ත Namjoon ලොකු කල්පනාවකට වැටුනා....

Namjoon එහෙමත් නැත්නම් Kim Namjoon කියන්නේ Seoul University එකේ last year student කෙනෙක්.හැමදේටම දක්ෂ කම් තිබුනත් Namjoon කියන්නේ University එක අැතුලේ වැඩිය ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි.University එක අැතුලෙවත් එයින් එලියෙවත් කිසිම තැනක යාලුවෝ Namjoonට හිටියේ නෑ.මොකද Namjoon බය වුනා යාලුවෝ හදාගන්න....

"මොකෝ අද මෙච්චර පරක්කු"

ඒ සද්දෙන් හැරිලා බලපු Namjoon දැක්කේ Hoseok එහා පැත්තේ සීට් එකේ වාඩි වෙලා හිනාවෙවී ඉන්නවා.....

Hoseok ඉගෙනගත්තෙත් Namjoonගේ University එකේමයි.Hoseok කියන්නේ නම් Namjoon ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්....යන යන තැන Hoseokට යාලුවො හිටියා.ඒ වගේම ඕනෙම කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරන ගොඩක් friendly චරිතයක් තමයි Hoseok කියන්නේ....

"නැගිටින්න පරක්කු වුනා."

Namjoon Hoseokට උත්තර දුන්නේ ගොඩක් කෙටියෙන්

Hoseokට Namjoon එක්ක තවත් කතා කරන්න ඕනේ වුනත් Hoseok වැඩේ අතඅැරලා දැම්මේ Namjoon දිගටම upset mood හිටපු නිසයි...

"Yah.... අපි collage එකට ලගයි දැන්.ඔයා එන්නේ නැද්ද?"

Hoseok අන්තිම වතාවට කතා කලේ සීට් එකෙන් නැගිටින ගමන්....

ටිකක් වෙලා Hoseokගේ මූණ දිහා බලන් හිටපු Namjoon

"අද මට එන්න වෙන්නේ නෑ.ඔයා යන්න"

කියලා කිව්වා....

Hoseok ඔලුව වනලා bus එකෙන් බැස්සා....

Namjoonගේ මූණ ටිකක් ඉදිමිලා තිබුනේ තිබ්බ නිදි මත නිසා.Namjoonගේ ඉදිමුනු අැස් දකින ඕනේ කෙනෙක්ට කියන්න පුලුවන් Namjoon ඊයේ රෑ නම් පොඩ්ඩක්වත් නිදාගෙන නෑ කියලා....

University එක පහුවෙලා ටිකක් දුර ගිහින් Namjoon bus එකෙන් බැස්සේ යන්න කොහෙද කියලා අරමුනක් අැතුව නම් නෙමෙයි....

ඉස්සරහා තිබුන ගල් කෑල්ලකට පයින් ගහපු Namjoon දිගටම පාර දිගේ අැවිදගෙන ගියේ දාගෙන හිටපු cap එක ටිකක් පහලට අදින ගමන්....

තවත් ඉස්සරහට අැවිදගෙන ගියපු Namjoon ලග තිබුනු park එක අැතුලට අැවිදගෙන ගියේ තව තවත් කල්පනා ලෝකෙ ගිලෙන ගමන්.....

උදෙන්ම නිසා park එකේ වැඩිය සෙනගක් නොහිටියත් අම්මලත් එක්ක අාපු පොඩි ලමයි දෙතුන් දෙනෙක් park එක වටේට දුවමින් හිටියා.....

Namjoon අැවිදගෙන ගියේ park එක අැතලට වෙන්න තිබුන bench එකක් ලගට....

පොඩි විලක් ඉස්සරහා තිබුනු, bench එක ලගට කිසිම කෙනෙක් එන්නේ නෑ කියලා Namjoon දැනගෙන හිටියා....

Bench එකෙන් වාඩි වෙලා bench එකට හේත්තු වුන Namjoon මෙච්චර වෙලා අතේ තියාගෙන හිටිය කොල කෑල්ල දිග අැරලා බැලුවේ ලොකු හුස්මක් අරගෙන....

හ්ම්...අායෙත් ඒක පටන් අරන්....තව කොච්චර කාලයක් මම මේක හංගන්නද?

Namjoon හිතුවේ අතින් අැස් දෙක පිහදාන ගමන්....

කාෙල කෑල්ල අායෙත් නමලා සාක්කුවට දාගත්ත Namjoon ඉස්සරහින් පෙනුන පොකුන දිහා බැලුවා....

මල් නැති වුනත්
ලස්සන නැති වුනත්
පැහැදිලි නැති වුනත්
කාටවත් වැඩක් නැති වුනත්
ඒත් පොකුනක්...

Namjoonගේ හිතේ අැදුනු අදහස....

"මම මෙතනින් වාඩි වෙන්නද?"

අැහුන අාගන්තුක කටහඬ නිසා Namjoon හැරිලා බැලුවේ ඒ හඬ අාපු පැත්ත .....

දීප්තිමත් අැස් ,පිරුනු තොල් ,නලලට වැටුනු කොණ්ඩ කෑලි,පළල් උරහිස්,කෙට්ටු වුනත් ගොඩක් උස පිරිමි ලමයෙක් Namjoon ඉස්සරහා හිටගෙන හිටියේ ලොකු හිනාවක් එක්ක....

Namjoon එතනින් නැගිටලා යන්න හැදුවත් Namjoonගේ හිත කිව්වේ එතනම ඉන්න කියලා.....

"අැයි ඔයා බයවෙලා....මම යකෙක් නෙමේ හොදේ...."

ලස්සන හිනාවක් තිබුන ඒ පිරිමි ලමයා හිනාවෙන ගමන් එහෙම කිව්වා....

ටිකක් වෙලාවක් බලාගෙන හිටියත් උත්තරයක් නැති නිසා Namjoon දිහා බලපු පිරිමි ලමයා අායෙත් ටිකකින් ඉස්සරහා බැලුවා...

"මම Kim Seokjin.වෘත්තීමය psychologist කෙනෙක්.වයස නං අහන්න එපා...කෑම කන එක තමා මගේ විනෝදාංසෙ...."

ලස්සන හිනාවක් තිබුන පිරිමි ලමයා කියද්දි Namjoon එයා දිහා හැරිලා බැලුවේ පුදුමයටමයි...

මම එයාව මේ දැන් දැක්කේ.ඒත් අැයි එයා මට එයාව අදුන්වලා දෙන්නේ....

"Namjoon.වයස 24යි.University student කෙනෙක්"

Namjoon හිතන්නත් කලින් වචන ටික කටෙන් එලියට පැන්නා...

අැයි මම එයාට ඒක කිව්වේ.....

Namjoon අවුරුදු ගානකට පස්සේ තවත් කෙනෙක්ට තමන්ව අදුන්වලා දුන්නේ....ඒත් අැයි???

කවදාවත් නොදැකපු දැකලා විනාඩි දහයක්වත් නොගෙවුන අාගන්තුකයෙකුට.....

"ඕ ඔයාට කතා කරන්න පුලුවන්...මම හිතුවා බුම්මගෙන ඉන්නකොට ගොලු අැති කියලා....හේහේ ....."

Seokjin එහෙම කියලා හයියෙන් හිනාවුනා....

"මොකද්ද අප්පා හිනා වෙලා ඉන්නකෝ....ඕම ඔරවගෙන හිටියොත් ඉතින් අර සෙල්ලං කරන පොඩි ලමයෙක් දැක්කොත් හිතයි මෙතන යස්ස පිලිමයක් හදලා කියලා...."

ඒක විහිලුවක්ද ඒ තරමට හිනා යන.....

Namjoon නොදැනුවත්වම වුනත් Namjoonගේ මූණට හීන් හිනාවක් අාවා....

"ඔයාගේ නම Namjoon කිව්වා නේද?.....ඒක ටිකක් දිග වැඩී....මම ඔයාට Joon කියන්නම්.....ඔයත් මට Jin hyung කියන්න....අා අමතක වුනානේ...මම ඔයාට වඩා ලොකුයි...ඒ නිසා මං කියනදේ අහන්න ඕනේ...."

Jin කතුරක් වගේ කියවනවා...Namjoon ඒ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්...

අපි කවදාවත් දැකලත් නෑ.ඒත් අැයි එයා මාත් එක්ක මේ තරම් හොදට කතා කරන්නේ...මාව එයා අදුරන්නෙත් නෑ.ඒත් එයා කතා කරන්නේ මාව ගොඩ කාලෙක ඉදන් අදුරනවා වගේ....එතකොට අැයි එයා හැමදාටම මාත් එක්ක ඉන්නවා වගේ කතා කරන්නේ....එයා කියනදේ අහන්න ඕනේ කියන්නේ අැයි.......

Namjoonගේ හිත අැතුලේ සිතුවිලි දහස් ගනනක් හොල්මන් කරන්න ගත්තා....

"ඔයා උදේට කාලා ද?"

Jin අැහුවේ තවමත් කල්පනා කරන Namjoonගේ උරහිසෙන් අතක් තියලා.....

ටිකක් වෙලා Jin ගේ අැස් දිහා බලාගෙන හිටපු Namjoon ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියලා කියන්න......

"අයියෝ කලින් කියන්න එපැයි.....යං මොනවා හරි කමු...."

Jin කිව්වේ නැගිටලා Namjoonටත් නැගිටින්න අත දික් කරන් ගමන්....

Jinගේ අත දිහා බලාගෙන හිටියත් Namjoon නැගිට්ටේ තනියමයි...

Jin කටත් අැද කරලා අත අායෙත් අරගත්තා....

"මේ හරියේ කොහෙද ලාබෙටම කන්න තියෙන්නේ...."

Jin ගේ ඉවරයක් නැති කියවිල්ලට Namjoonට දෙන්න උත්තර හොයා ගන්න නැති තරම්....

පුලුවන් තරම් අඩුවෙන් වචන පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටපු Namjoon අහම්බෙන් හම්බුන මේ අාගන්තුකයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වචනත් හොයන්න අරන්....

"තව ටිකක් ඉස්සරහා තියෙනවා තැනක්.ඒත් අැයි ඔයා ලාබම තැනක් අැහුවේ..."

Jin අැදගෙන හිටපු අැදුම දිහා බලපු Namjoon අැහුවේ ටිකක් පුදුමයෙන්....

ලාබම තැනින් කන්න ගන්න තරම් සල්ලි හිගයක් තියෙන කෙනෙක් විදිහටනම් Jinව පෙනුනේ නෑ...

ඒ විතරක්ද? ප්‍රශ්නෙට උත්තරයක් විතරක් නැතුව තවත් ප්‍රශ්නයක් අහන්න තරම් Namjoon Jin එක්ක හිතවත් වෙලා....

"මේකනේ යාලුවා...අද මගේ ලග සල්ලි නෑ.උදෙන්ම ගෙදරින් අාපු නිසා ඔක්කොම බඩු දාලා අැවිත්.ඉතින් ඔයා තමා මට අද කන්න අරන් දෙන්න ඕනේ....මට හොදටම බඩගිනියි....."

Jin කිව්වේ බඩත් අතගගා අමුතු මූණකුත් මවාගෙන....

"H......hyung......"

Namjoon පලවෙනි වතාවට Jin ට කතා කලේ එකම වචනේ වුනත් උච්චාරනය කරන්න හරි අමාරු වචනයක් වගේ....

" ඕ කියන්න Joon"

Jin කිව්වේ අැවිදින එක නතර කරලා Namjoon දිහා බලන ගමන්...

"Hyung මාව දන්නවද?"

මෙච්චර වෙලා Namjoon ගේ හිතේ කැරකුන ප්‍රශ්නේ Namjoon Jinගෙන් අැහුවේ ටිකක් හිමිහිට....

"අා ඒකද.....ඉන්නකෝ අපි මුලින් කාලා ඉමු...හිස් බඩට මට මුකුත් කරගන්න බෑ....කෝ අඩිය ඉක්මන් කරලා යමු...."

Jin Namjoon ගේ වැලමිටෙනුත් අැදගෙන ඉක්මනට අැවිදින්න පටන් ගත්තා.....

___________________

"Joonie මේකනං අැත්තටම රහයි....අා...."

Jin කිව්වේ කටට ගත්ත japachae ටික කන ගමන්...

Namjoonත් කන්න ගත්තත් Namjoonගේ ඔලුව අැතුලේ ඊටත් වඩා ගොඩක් දේවල් පිරිලා තිබුනා හිතන්න....

"අා Joonie ඔයා මගෙන් කලින් අැහුවා නේද මම ඔයාව දන්නවද කියලා...."

Jin අහද්දි Namjoon ඔලුව වැනුවේ ඔව් කියන්න...

"දන්නවද දෙයක්.....කවදාවත් කෙනෙක් එක්ක කතා කරද්දි කතා කරන්න කලින් හිතන්න එපා මම එයාව දන්නවනං විතරයි කතා කරන්න ඕනේ කියලා.දැන් බලන්න අපි දෙන්නා.දැන් ටිකකට කලින් හම්බුනේ.දැන් අපි දෙන්නා හොද යාලුවෝ.ඔයා මට කන්නත් අරගෙන දුන්නා...."

Jin කිව්වේ දිගටම Japachae එක කන ගමන්....

"ඒත් අැයි hyung මාත් එක්ක කතා කරන්නේ...."

Namjoon ගේ හදවත් වේගෙන් ගැහෙන්න ගත්තේ මේත් තවත් එක රැවටිලි කාරයෙක් විතරක් වෙයි කියලා...

"මම හැමදාම මේ වෙලාවට park එකට එනවා.හැමදාම මම වාඩි වෙන්නේ ඔයා ඒ වාඩිවෙලා හිටපු bench එකේ.එතනට සාමාන්‍යයෙන් කව්රුත්ම එන්නේ නෑ.ඒත් අද මම එතනට යනකොට කව්ද කෙනෙක් එතන වාඩි වෙලා හිටියා....ඉතින් දැක්කම මට හිතුනා ඔයා මගේ යාලුවෙක් වුනානම් හොදයි කියලා"

Jin කිව්වේ මූණ පුරාම ලොකු හිනාවක් පුරවගෙන.....

නිකම්ම.....මම එතන වාඩි වෙලා හිටිය නිසාද එයා මාව එයාගේ යාලුවෙක් කරගන්න හිතුවේ.....

Namjoon හිතන්න ගත්තා....

"Joon අද දවසේ මොනවද ඔයා කරන්න හිතන් ඉන්නේ?"

Jin ගේ ප්‍රශ්නෙන් හරි සිහියට අාපු Namjoon Jin ගේ අැස් දිහා කෙලින් බැලුවා.....

දිලිසෙන අැස් දෙකක්....ඒත් ඒ අැස්වල හැංගුන මොකක් හරි අඳුරක් තියෙනවා.....

Namjoon ට හිතුනේ එහෙමයි....

"අද මට එහෙම ලොකු වැඩක් නෑ.University ගියෙත් නැති නිසා කරන්න දෙයක් නෑ"

Namjoon කතා කරන්න ගත්තා...Namjoonට හිතුනේ Jinව විශ්වාස කරන්න පුලුවන් කියලයි.ඒ නිසා Namjoon අවුරුදු ගානකට පස්සේ තවත් කෙනෙක් එක්ක කතා කරන්න පටන් ගත්තා....

"එහෙනම් මෙහෙම කරමු.අද මගෙත් off duty දවස.අපි යමු ඔයගොල්ලන්ගේ ගෙදර...."

Jin කිව්වේ පොඩි ලමයෙක් වගේ....
ඒ දිලිසෙන අැස් සතුටින් පිරිලා තියෙන හැටි Namjoon දැක්කා...

Namjoon කල්පනා කලේ එහෙම කරන එක හරිද කියලා.හම්බවෙලා පැයක්වත් නැති කෙනෙක්ව ගෙදරට එක්කගෙන යන එක හරිද?...........

ඒත් Jin ගේ අැස්වල තිබ්බ මොකද්දෝ අමුතු දෙයක් Namjoonට කිව්වෙම Jinව විශ්වාස කරන්න පුලුවන් කියලයි.....

"හරි යමු"

Namjoon කිව්වම Jin ගේ මූණ තවත් සතුටින් පිරුනා....

හැම තත්පරයක් ගානෙම හිනාවෙන් පිරිලා තිබුන මූණ, දිලිසෙන අැස් Namjoonට අැගෙව්වේ Jin අවුරුදු ගානක ඉදන් අදුරන කෙනෙක් කියලයි......

ඒත් එහෙම කෙනෙක් ගැන Namjoon දැනගෙන හිටියේ නෑ කියලා Namjoonට හොදටම විශ්වාසයි.....

Namjoonට වඩා වයසින් වැඩි වුනත් පොඩි ලමයෙක්ගේ වගේ හිනාව,හැමවෙලේම කතුරක් වගේ කියවන ගතිය,අැස්වල තිබුනු අමුතු දිලීසීම Namjoonට නුපුරුදු වුනත් ඒ හැම ලක්ෂණයක්ම Jin ගැන විශ්වාසයක් Namjoon තුල ගොඩ නැගුවා....

"ඒයි මොකෝ ගාටන්නේ ඉක්මනට එනවා...."

කල්පනා කරමින් අැවිදින ගමන් හිටිය Namjoonට අත වනන ගමන් ඉස්සරහින් අැවිදපු Jin කෑගැහුවා....

_____________________

Namjoonගේ ගෙදරට bus එකෙන් බැහැලා ටිකක් දුර අැවිදගෙන එන්න තිබුන නිසා දෙන්නම පටු පාර දිගේ අැවිදගෙන අාවා....

Namjoon දිගටම ඉස්සරහා බලාගෙන අැවිද්දත් Jin වටේටම බලන ගමන් තැනින් තැන නතර වෙවී Namjoon ගේ පිටිපස්සෙන් අාවා....

දොර ළඟට අාපු Namjoon පිටිපස්ස හැරිලා බැලුවේ Jin තවමත් අැවිත් නැද්ද කියලා බලන්න....

Jin තවමත් garden එකේ තිබුන ගස් දිහා බල බල හිනාවෙන හැටි Namjoon දැක්කා....

"Hyung එන්න අැතුලට"

Namjoon කිව්වේ හිනාවෙලා....

ඔව් Namjoon හිනාවෙලා.....

දවස් සති මාස අවුරදු ගානකට පස්සේ Namjoon හිනාවෙනවා....

"මේ එනෝ....."

Jin කෑගහගෙන දොර පැත්තට අාවා...

"Joonie මේ ගෙදර ඔයාගෙමද?"

Jin අැහුවේ sofa එකකට වැටෙන ගමන්.....

"ඔව් hyung....."

"ඒ කියන්නේ ඔයා විතරද මෙහෙ ඉන්නේ"

"ඔව්....."

"Woh.....ඔයානම් මාර lucky.....ඔයාට කැමති විදිහට මෙහෙ ඉන්න පුලුවන්...."

Jin කිව්වේ sofa එකෙන් නැගිටින ගමන්......

Namjoonට ඒකට දෙන්න උත්තරයක් තිබුනේ නෑ.....

ඒත් ඒ ගැන Jinට කියන්නම කියලා Namjoon ගේ හිත කිව්වා.....

නෑ........ඕනේ නෑ.......මම මොකටද ඒ ගැන වෙන කාටවත් කියන්නේ....

"Joon ඔයා මොනවා හරි කිව්වද ..."

"නෑ ....H....y...ung"

Namjoon කිව්වේ බොරුවක්.....

"අා කමක් නෑ.ඔයාට කැමති වෙලාවක මට ඕනෙම දෙයක් කියන්න පුලුවන් කියලා මතක තියා ගන්නකෝ....."

Jin කිව්වේ kitchen එක පැත්තට යන ගමන්....

"ඒ Joon ඔයා අන්තිමට කවද්ද කෑමක් හැදුවේ අෑ.....බලන්නකෝ මෙතන දූවිලි...."

ලිප දිගේ අැගිල්ල ගෙනිච්ච Jin අතේ තිබ්බ දූවිලි ටික ගසන ගමන් Namjoon දිහා බැලුවෙ තරහා මූණකුත් මවාගෙන......

"මම උයන්නේ නෑ hyung....."

"මක්ක කියන්නේ....එතකොට ඔයා කියන්නේ මට අද දවසෙම බඩගින්නේ ඉන්න වෙනවා කියලද?"

Jin කිවවේ අත් දෙකේම අැගිලි කට අැතුලට දාගෙන.....

Namjoonගේ කම්මුල් වල ගැහුනේ ඉබේටම.....

ඒ හිනාව.....

ඒ ලස්සන හිනාව.....

Namjoon හයියෙන් හිනාවෙන්න ගත්තා.....

Namjoon හිනාවෙනවා දැකපු Jinත් හයියෙන් හිනා වෙන්න ගත්තා....

පොඩිම පොඩි හේතුවක්....

ඒත් ලොකු හිනාවක්.....

මොකද්ද හේතුව ඒ හිනාවට.....

සතුට.......

Namjoonගේ ජීවිතේට කාටවත් ගේන්න බැරි වුන දේ......

To Be Continue


A/N 

 Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story 

Check out my other stories too :)


Bạn đang đọc truyện trên: Truyen247.Pro