Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Without you

ඔක්කොටම කලින් කියන්න ඕනි මේක කෙටි කතාවක්...ඒ කියන්නේ එක සිදුවීමක් මත පදනම් වෙච්ච කතාවක් නම් නෙමෙයි....නැත්තම් වන් ශොට් එකක් නම් නෙමෙයි......

මතක තියාගන්න මේක මගේ හිතින් මම නිර්මානය කරපු චරිත එක්ක ආව කතාවක්...ඒ කියන්නේ කිසිම දෙයක් ඇත්ත ජීවිතේට සම්බන්ද නැහැ...කම්මැලි වෙයිද දන්නේ නැහැ කියවන්න....ඒ තරම් දිග කෙටි කතාවක්......

ඉතින් එහෙනම් කියවලා බලන්නකෝ

මම මොනවා ලියලද කියලා මමවත් දන්නේ නැහැ....
මහන්සියෙන් ලියුව එකේ අමාරුවෙන් හරි කියවයි කියලා හිතනවා.... 😁
...........................................................

මම ජීමින් ...පාක් ජීමින්....මගෙ වයස අවුරුදු 19යි....ඔව් මම තාමත් ස්කෝලේ යනවා....ස්කෝලෙ යන අතරේ පොඩි පාට් ටයිම් ජොබ් එකක් කරලා මම මටම සල්ලි හොයාගන්නවා...

ස්කෝලේ ගැන කියනවා නම් මම ස්කෝලේ ඉන්න නිකන්ම පොඩි කොල්ලෙක්....මගේ විශේෂත්වයක් නැහැ..මාව දන්නේ ටික දෙනෙක් විතරයි...ඒ මගෙ යාලුවෝ ටික...ඒ යාලුවෝ නැත්නම් මට කවුරුත් නැති තරම්...මේ අතර විශේෂ කෙනෙක් ඉන්නවා...ඒ තමයි ටේ හ්‍යුන්ග් ....මගේ පුන්චි කාලේ ඉදන්ම හොදම යාලුවා..මගේ ගෙදරින් මාව එලවපු දවසේ ඉදලා මාව බලාගත්ත කෙනා..මට උදවු කරපු කෙනා...අපි දෙන්නම ඉන්නේ දැන් එකම ගෙදරක..එයා මගේ සහෝදරයා වගේ....මාව ගෙදරින් එලවන්න එක් විශේෂ කෙනෙක් එක් විශේෂ දෙයක් හේතු උනා...ඒ මගේ පලවෙනි ආදරේ...

මගේ ගෙදරින් මාව අයින් කලේ ලොකු හේතුවකට...මම ටිකක් වෙනස් කෙනෙක්...ලෝකය බලාපොරොත්තු වෙනවට වඩා මම අසාමාන්‍ය කෙනෙක්..ඒ කියන්නේ මගේ විදිය වෙනස්...කොටින්ම කිවුවොත් මම ආකර්ශනය වෙන්නේ කොල්ලොන්ට...මගේම සම ජාතියේ අයට....ඉතින් අපේ පවුලෙන් මාව ඒ විදිය කෙනෙක් කියලා පිලිගන්න ලෑස්ති උනේ නැහැ.....එයාලා කිවුවේ මම පවුලට අවනම්බුවක් කියලා..මම නිසා අපේ පවුලේ ගෞරවය නැති වෙනවා කියලා....අන්තිමේදි මට ගෙදරින් යන්න සිද්ද උනා...යන්න කිවුවට යන්නම නෙමෙයි...මාව ගෙදරින් එලෙවුවා....මගේම තාත්තා මගේ ඇදුම් ටිකත් බෑග් එකක් දාලා මාව මහපාරට තල්ලු කලේ කිසිම සැලකිල්ලක් නැතුව....එදා පටන් මම ඉදියේ තනියම...එයාලා අඩුම තරමේ මම ජීවත් වෙනවද කියලාවත් හොයලා බැලුවේ නැහැ...ඒත් මම පුලුවන් හැම වෙලාවකම හොරෙන්ම මගේ අම්මා ගැන හොයලා බැලුවා...මගේ නන්ගි ගැන හොයලා බැලුවා...එතකොටයි මට තේරුනේ..මම නැති උනත් එයාලා තාම සතුටින් කියන එක....

ඉතින් මගේ ගැන විස්තර කලා ඇති...මේක මගේ ගැන කතාවක් නෙමෙයි...මේක එයාගෙයි මගෙයි කතාව....

හැබැයි අපේ ආදර කතාව හුරතල් සුන්දර එකකට වඩා දරුනු අදුරු එකක් වුනා..........

........................................................................

එදා වැස්ස දවසක්...හොදටම එලියේ වහිනවා.හුලගත් තද වැඩී වගේ.....මම ඇදෙන් නැගිට්ටේ හරිම කම්මැලිකමින්....

ඇදෙන් නැගිටලා ආයෙත් ශීට් එක අස්සට වෙලා නිදාගන්නමයි හිත කියන්නේ ...ඒත් මොනා කරන්නද..ස්කෝලේ යන්නත් ඕනිනේ...එහෙම හිතන ගමන්ම මම ආයෙමත් පොඩ්ඩක් ඇල වුනේ විනාඩි පහෙන් නැගිටින්න හිතාගෙන....

ඒත් එකපාරටම මාව ගැස්සිලා ඇහැරුනා...වෙලාව බලනකොටයි දැනගත්තේ විනාඩි පහ පැයක්ම වෙලා කියලා...

ඉක්මනට ඉක්මනට ඇදෙන් නැගිටලා මම දිවුවේ ටේ හ්‍යුන්ග්ගේ කාමරේට...කලබලේට අද එක්සෑම් නේද  කියලත් අමතක උනා....

මම යනකොටත් ටේ හ්‍යුන්ග් හොදටම නිදි.....ගුලි වෙලා පූස් පැටියෙක් වගේ...ඇහැරවන්නත් ලෝබයි..ඒත් ඉතින්...

"යා...කිම් ටේ හ්‍යුන්ග් ...නැගිටිනවා..හොදටම පරක්කු වෙලා...."

ටේ හ්‍යුන්ග් ගේ පස්සට හයියෙන්ම ගහපු පාර කොල්ලා නැගිට්ටේ උඩ ගිහින්....මගේ දිහා බැලුවේ ඔරවලා...

"ජීමින්..පස්සට ගහන්න ඕනිද? එලාම් එක තියලා තියෙන්නේ මම. තාම වෙලාව හරි ගිහින් නැහැ..."

මම දන්නවනේ ඉතින් ටේ හ්‍යුන්ග්ගේ හැටි.....

"මේ බූරූ කොල්ලෝ...අදත් ෆෝන් එක සයිලන්ට් දමාගෙන...එලාම් වැදෙනකම් බලාගෙන ඉන්නවා....ඉක්මනට නැගිටිනවා...ස්කෝලෙට පරක්කු වෙලා"

"අනේ ජීමින් විනාඩි පහක්"

"නෑ නෑ දැන්ම නැගිටින්න ඕනි අද එක්සෑම් අපිට"

"හපෝ ඔයත් එකයි හමයිනිත් එකයි...එක්සෑම් කිවුවොත් ඊට වඩා දෙයක් ඕනි නැහැ.."

ටේ හ්‍යුන්ග් පෙරවන් ඉදිය රෙද්දෙන් ඇදලා එයාවත් බිමටම පෙරලලා තමයි මම දිවුවේ මූන හෝදගන්න.ඒත් එක්කම එයාගේ ෆෝන් එක රින්ග් වුනා....බාතෲම් එකේදි මට ඇහුනේ  ටේ හ්‍යුන්ග් කෑ ගහනවා...

"ජීමිනි...කුකී එන්නම් කිවුවා අපිව එක්කන් යන්න...8.30 වෙනකොට ලෑස්ති වෙලා ඉන්නලු"

කෑම කන්නේත් නැතුව රාමෙන් එකත් අතේ අරන් ඉක්මනට ලෑස්ති වෙලා අපි ජන්කුක්ගේ කාර් එකෙන් ස්කෝලෙට ගියා...එ වෙනකොටත් ස්කෝලෙ පටන් අරන් විනාඩි දහයක් පරක්කු වෙලා....මම කාර්  එකෙන් බැහැපු ගමන් අපේ පංතියට දුවන්න ගත්තේ පේපර් එක ලියාගන්න වෙලාව මදි වෙයි කියලා බය වෙලා...

"ජීමින්...ඔහොම ඉන්නකෝ මාත් එනකම්..." ටේ හ්‍යුන්ග් කෑ ගහනවා මට ඇහුනා..මම ආපස්සට හැරිලා බැලුවත් ටේ හ්‍යුන්ග් එනකම් ඉන්න මට අදහසක් තිබුනේ නෑ.....මුන් දෙන්නා කිස් කරලා බදාගෙන ඇබරිලා වෙලිලා ඉවර වෙනකම් මට යන්නේ නැතුව ඉන්නද දන්නේ නෑ කියන්නේ...

"ඔයා එන්න..ජන්කුක් එක්ක නාඩගම ඉවර කරලා..මට පරක්කු වෙනවා..මම ගියා"

එතනත් තව පරක්කු උන නිසා රාමෙන් එකත් එක අතක තියාගෙන අනිත් අතින් බෑග් එකත් එල්ලගෙන හෝල් එක දිගේ දිවුවා..කරුමේ තමයි ගිහින් මාව හැප්පුනා නේද සුදු ශර්ට් එකක් ඇදන් හිටිය කෙනෙක්ගෙම ඇගේ....මගේ රාමෙන් එකම ඒ කොල්ලගේ ඇගේ...සුදු ශර්ට් එක කහ පාට වෙලා....කහ වතුර හලලා වගේ....මම දන්නවා දැන් ඉතින් ඉවරයි තමයි කියලා..ඒත් ගුටි කන්න වුනත් කලින් එක්සෑම් ලියලා ඉන්න එපැයි...හැප්පුනේ කාගෙ ඇගේ කියලද වත් බලන්නේ නැතුව මම එයාගෙන් ඔලුව නමලා සමාව ඉල්ලලා ආයෙත් පංතියට දිවුවා....

මගේ වෙලාවට පේපර්ස් බෙදලා තිබුනේ නෑ....ඒත් ටේ හ්‍යුන්ග් එනකොටනම් පේපර්ස් බෙදලා එක්සෑම් පටන් අරන් ටික වෙලාවක් ගිහිනුත් එක්ක...කිවුවට අහන එකක් යෑ ඉතින් ඒ දෙන්නා...

........................................................................

"එක්සෑම් නම් ලේසි නේද ටේ?"

ඔක්කොම ඉවර වෙලා අපි ගියේ ස්කෝලේ කැෆටේරියා එකට.....ටේ හ්‍යුන්ග් ,ජන්කුක් ,මම හිටියේ කෑම කන ගමන්.....

"ඔයාට මොනාද ලෙසි නැත්තේ ජීමින්...ඔයා ඉතින් බැලුවොත් ඇත්නම් පොත අස්සේ ඔලුව ඔබාගෙන ඉන්නේ...අපි ඔයා වගේ පොත් කාවො නෙමෙයි...නේද බබා?"

ජන්කුක් ඇහුවේ ටේ හ්‍යුන්ග් දිහා බලාගෙන...මුන් දෙන්නගේ මේ ආදර නාට්ටිය මම ඉතින් හැමදාම මොකාද වගේ බලනවා...පෙර කරපු කරුම තමයි....

"අනේ මේ කුක්..ඔහේට ගණන් වලට ලකුණු 8යි කියලා මම පලි නෑනේ.."

මාත් ඉතින් ගේම අතෑරියේ නෑ......

"හා...මාර කතාවක්නේ...ජීමිනෝ...අපේ ලකුනු අතරේ තියෙන්නේ 0ක වෙනසක් විතරයි...ඔයාට 80යි....මට 8යි..0 විතරයිනේ බන් වැඩි"
ජන්කුක් ඉතින් එයාගේ මෝඩ තර්කය ආයෙත් පටන් ගත්තා....

අපි දෙන්නා රන්ඩු වෙවී ඉන්නකොටයි ඇහුනේ කැෆටේරියා එකේ ඉන්න ගෑනු ලමයි කෑ ගහන සද්දේ...

අනිවාරෙන් ලස්සන කොල්ලෙක් ඇවිල්ලා වෙන්නැති ඉතින්....මම හැරිලා බලන්න ගියේ නැහැ....ඒත් කියපු එක වචනෙකට මම එකපාරටම හැරිලා බැලුවේ අදහගන්න බැරුව....

"කවුද අද උදේ බූරුවෙක් වගේ දුවලා මගේ ඇදුම කෑවේ? "

ඇහුනේ ගොරෝසු කටහඩක්...ඒ හඩේ පොඩි සුපුරුදු ගතියකුත් තිබුනා....ඒ මොනා උනත් ඔය කියන බූරුවා ඉතින් මමනේ..දැන් විනාසයි..මම පිටි පස්ස හැරෙන්නේ නැතුව මගේ සැන්ඩ්විච් එක දිගටම හපද්දී ටේ හ්‍යුන්ග් එකපාරටම නැගිටලා කෑ ගැහුවා....

"සුගා හ්‍යුන්ග් .....ඔයා ඇවිල්ලා කිවුවෙත් නෑ...."

"සුගා කවුද ඒ?"

ජන්කුක් ටේ ගෙන් අහනවා මට ඇහුනා...

ටේ හ්‍යුන්ග් උත්තර දෙන්නෙම නැතුව ඒ කොල්ලව අපි ලගට එක්කගෙන එනකොට මුලු හෝල් එකම හයියෙන් කෑ ගැහුවා...මේ තරම් කෑ ගහන්න මෙයාගේ තියන විශේෂත්වය මොකක්ද දෙයියනේ....

"කුකී මේ ඉන්නේ මගේ සුගා හ්‍යුන්ග් ....මගේ අම්මගේ මල්ලිගේ ඒ නැන්දගේ දුවගේ ලොකු අයියා.."

"ටේ...මොකා හරි...එයා කොහොමද ඔයාගේ උනේ?"

ජන්කුක් ජෙලි වෙන්න හදන්නේ කියලා ඇහුන මට නිකන්ම පොඩි හිනාවක් ගියා..ඒත් වැඩේ වැරදුනා කියලා තේරුනේ ටේ හ්‍යුන්ග් ඒ කොල්ලත් එක්ක මගේ පැත්තට හැරෙනකොට....

"අහ් හ්‍යුන්ග් ..මේ ඉන්නේ ජීමින්...මගේ හොදම යාලුවා...එතකොට ජීමින් මේ ඉන්නේ සුගා හ්‍යුන්ග් මගේ අම්මගේ මල්ලිගේ ඒ නැන්දගේ..."

"හරි හරි ඔයාගේ නෑදෑයෙක්නේ...හායි හ්‍යුන්ග් "

මම කිවුවෙ බිම බලාගෙනමයි...තාමත් ඒ කොල්ලගේ මූන බැලුවේ නැත්තේ රාමෙන් කේස් එකට අහුවෙනවා කියලා හොදටම දැනගෙන....ඒත් වුනේ වෙන දෙයක්....

"ජීමින්...." 

ඒ ගොරෝසු කටහඩ නිකන්ම මෘදු උනා....එතකොටයි මට තේරුනේ ඒ කවුද කියන එක....

"යුන්ගී හ්‍යුන්ග් "

මට මගේ ඇස් අදහගන්න බැරි උනා...මම ඒ අදුරු අතීතේ අයින් කරලා හිත හදාගන්න හැදුවා විතරයි...මගේ කාලයක් ක්‍රශ් එක...කාලයක් මගේ හොදම යාලුවා..කාලයක් මගේ හිත රිද්දපු කෙනා..කාලයක් මාව ප්‍රතික්ෂේප කරපු කෙනා...ඒ වගේම මගේ ගෙදරින් මාව එලවන්න හේතුව මම හොයාගත්තෙත් එයා නිසා....

"ඔයාලා කලින් අදුරනවද?"

ටේ ඇහුවේ අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්...ඒත් හ්‍යුන්ග් ට කලින් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ඉක්මන් උනා......

"නෑ...අපි දන්නේ නෑ"

........................................................................

ඒ දවසින් පස්සේ මගේ ස්කෝල ජීවිතේ හරිම අමාරු එකක් වුනා...සුගා හ්‍යුන්ග් අපිත් එක්ක එක ගෙදර නැවතුනේ නැති උනත් ස්කෝලෙදි එයාව මට නිතරම මුන ගැහුනා....කෑම කන වෙලාවෙදි පවා එයා හිටියේ අපිත් එක්ක...සැරින් සැරේ කෙල්ලෝ එයා ලගට එනවා විතරක් නෙමෙයි .....

ඒත් මට එයාගේ විදියේ වෙනසක් තේරුනා...කෑම කන වෙලාවෙදි එයා දිගටම කලේ මගේ දිහා එක දිගට බලන් ඉදපු එක...අනිත් අය කතා කලත් එයා එක වචනයක්වත් කතා කරන්නේ නැතුව එක දිගටම මගේ දිහාම බලන් හිටියා..මම ඒ බැල්මට යටත් වෙලා අපහසුතාවයට පත් වෙච්ච වාර අනන්තයි..එයා බලන් ඉන්න විදියට මට හරියට කෑම කන්නවත් බැහැ...

ඒ විතරක් නෙමෙයි ජන්කුක්ගේ වාහනේදි එයා ඉදගත්තේ මාත් එක්ක පිටිපස්සේ ...එයයි මායි එකට ඉන්නකොටත් එයා මගේ දිහා බලන් ඉන්නවා...ඒත් එයා දවසක් මහ අමුතු දෙයක් කලා..එකපාරටම මගේ කකුලකට අතක් තියලා මගේ ලගට ලං වුනා....එයා මගේ කන ලග මොනවදෝ හිමින්ම කෙදිරුවා....

"ජීමින්.....මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනි.."

හ්‍යුන්ග් මගේ කන ලගම කොදුරනකොට මගේ ඇගම හිරි වැටිලා ගියා...කාලයක් මම බලන් ඉදිය ඒ හැගීම වෙනුවෙන්...ඒත් ඒක ලැබෙන්න ගන්නේ මම හැමදේම අමතක කරන්න හදනකොට...

ටේ හ්‍යුන්ග් ටයි ජන්කුක්ටයි අපිව පේනවද බලන්න මම එහෙමම ඉස්සරහට උනා..තාමත් හ්‍යුන්ග් මගේ කන ලගින් එයාගේ මූන තියාගෙන  ......ඒ දෙන්නා ලොකු කතාවක්..පහු වෙන පොල් ගස් ගාන ගනන් කරනවා....මට මොහොතකට දැනුනේ සැනසීමක්...ඒත් ඊලග තප්පරේ ඒ සැනසීම දෙගුන තෙගුන වෙච්ච නොඉවසිල්ලක් උනා....මම ආයෙත් පස්සට වෙනකොටම මට තේරුනේ මගේ එක කම්මුලක තෙතමනයක් වගේ...තප්පරේකින් තේරුම් ගත්ත මට දැනුනේ එයාගේ තොල් මගේ කම්මුල් වල...එයා මට කිස් එකක් දෙනවා.....මොනවද වෙන්නෙ කියන එක මට හිතාගන්න බැරි උනා...මම එතනම ඇස් දෙකත් ලොකු කරගෙන ගල් වුනේ තාම එයාගේ තොල් මගේ කම්මුලේ තිබුන නිසා....

එකපාරටම මාව ගැස්සිලා පියවි ලෝකෙට ආවේ ජන්කුක් කාර් එකේ බ්‍රේක් එක ගහනකොට...අපි හ්‍යුන්ග්ගේ ගෙදර ලගටම ඇවිත්..මම දන්නෙත් නෑ ඒ වෙනකනුත් හ්‍යුන්ග්ගේ තොල් තිබුනේ මගේ කම්මුල් වල..බ්‍රේක් එක ගහනවත් එක්කමයි එයා මගෙන් ඈත් උනේ....

මම හීනයක්වත් දකිනවද? නෑ වෙන්න බෑ...ඒ කියන්නේ එතන ඉදලා මෙතන එන ටිකට එයා දිගටම මාව කිස් කරලා...හරියටම විනාඩි 10ක විතර දුර....

"හ්‍යූන්ග් ඔයා බැහැගන්න..."

ජන්කුක් කියනවත් එක්කම හ්‍යුන්ග් එයාගේ බෑග් එකත් අරගෙන කාර් එකෙන් බැස්සේ මුකුත් නොවුන ගානට..අනිත් අයටත් බායි කියලා එයා මගේ දිහාවට නැමුනා...

එයා මටත් බායි කිවුවා..නිකන්ම නෙමෙයි...ඇහැක් ගහලා කටත් උල් කරගෙන ෆ්ලයින් කිස් එකක් එවන ගමන්.....

එතනින් එහාට මොනාද උනේ කියන්න මම දන්නේ නෑ..ගෙදර ලගින් මාව බැස්සුව ටේ හ්‍යුන්ග් ජන්කුක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා...මම හිටියේ ගෙදර තනියම....

ඇදුම් ගලවන්නත් කලින් මම ගියේ කන්නාඩිය ලගට....කන්නාඩියෙන් මූන බලපු මම මටම කතා කරගන්න ගත්තා....

"ජීමින් ජීමින්...මොනවද මේ වෙන්නේ ...රැවටෙන්න එපා දෙයියනේ....එයා ඔයාව ආයෙත් රිද්දයි"

මම මටම කියාගත්තත් මම දන්නවා මගේ හිත මේවා පිලිගන්නේ නැහැ කියලා....හැදිලා තිබුන මගේ හිත ආයෙත් ඒ සෙල්ලක්කාරයට ඇදෙන්න ගත්තා...මම හොදටම දන්නවා යුන්ගී හ්‍යුන්ග් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා...එයා ගොඩක් ගැහැනු ලමයි ආශ්‍රය කරන...අනිත් අයගේ හිත් එක්ක සෙල්ලම් කරන සෙල්ලක්කාරයෙක්...ඒත් මොනා කරන්නද..ඒ දේවල් දැනගෙනත් එදා වගේම අදත් මගේ හිත ඇදෙන්නේ එයාගේ ලගට.....

........................................................................

මම රෑ වෙනකම් ටේ හ්‍යුන්ග් ගෙදර එයි කියලා බලන් හිටියා...10ත් පහු වෙලා එයා ගෙදර ආවේ නෑ...මම එයාට කෝල් එකක් ගන්න හදනකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා...

Taeitanic:- sukiri bole ada mama gedara enne na...oya kala nidaganna...

වෙනදා වගේම ටේ හ්‍යුන්ග්ගේ බටර් පාර ....පිස්සෙක්..මොකට මගේ යාලුවා වුනාද මන්දා..මම එයාගේ මැසේජ් එකට රිප්ලයි කරන්න හදනකොටමයි මට තව මැසේජ් එකක් ආවේ...ඒ හ්‍යුන්ග්ගෙන්...මට හරිම සතුටක් දැනුනේ ....ඒ වගේම බයක්...මේ හැගීම් දැනෙන්නේ ඇයි කියලා මම දන්නේ නෑ....ඒත් එයාගේ මැසේජ් එක බලන්නත් කලින් මගේ අත් වෙවුලන්න ගත්තා.....

Yoongi:- jimin oya gedara da?

හ්‍යුන්ග්ගේ මැසේජ් එකේ වැඩි දෙයක් තිබුනේ නැහැ....ඉතින් මම බය උනේ අපරාදේ....ඒත් කියන්නේ මොනාද කියන එක ගැන ආපහු හිතලා මම එයාට රිප්ලයි කලා......

Ow mama gedara

Yoongi:- thaniyama da? Nattma Taehyung innwada?

Thaniyama..ai?🙄

Yoongi:-hmm....oya kanna kamathi deyak kiyannakooooo 😋

E mokatada?🤔

Yoongi:- panditha wenne nathuwa ahapu deta uththara denawa...😡

Hari hari...Me welawata nam pizza tamai hoda 😃😃

මෙතනින් එහාට එයාගෙන් රිප්ලයි ආවේ නැහැ...මම එයාගෙන් ආයෙත් මැසේජ් එකක් එනකම් බලන් නොඉදියාම නෙමෙයි...මොනා උනත් එයා මාත් එක්ක මැසේජ් කරනකොට මට මාව දැනුනේ පුන්චි ස්කෝලෙ යන ගෑනු ලමයෙක්ක් එයාගෙ ක්‍රශ් එකත් එක්ක මැසේජ් කරනවා වගේ හැගීමක්...

"ම්ම්....එයා මැසේජ් කරන්නේ නැති පාටයි..."

මම මටම කියාගෙන සාලෙට ගියේ පොතකුත් අරගෙන පාඩම් කරන්න හිතාගෙන...හොදටම රෑ වෙලා තිබුන නිසයි..අද ගොඩක් කල්පනා කරපු නිසයිද කොහෙද පාඩම් කරන සැරින් සැරේට මට ඈනුම් යන්න ගත්තේ...ටික වෙලාවක් යනකොට මාව නිදිකිරා වැටෙන්න ගත්තා....කොහොමහරි පාඩම් කරන්න හිතේ තියාගත්තත් නිදිමත ඉස්සර වෙනවනේ....ඉන්න තැනින් නැගිට්ටේ කෝපි එකක් හදාගන්න...කෝපි එකත් හදාගෙන ආයෙමත් සෝෆා එකෙන් වාඩි වෙලා මම පාඩම් කරන්න ගත්තා...

ඒත් එක්කම ඇහුනේ ගෙදර බෙල් එක රිංග් වෙන සද්දේ...අනිවාරෙන් ටේ හ්‍යුන්ග් වෙන්නැති...අදත් ජන්කුක් එක්ක රන්ඩු වෙලා ගෙදර  එන්නැති...මම දොර ඇරියේ ටේ හ්‍යුන්ග් ට කෑ ගහගෙනමයි....

"ආහ් අදත් එල්ලුනාද කුක්කත් එක්ක?"

මම දොර ඇරියා ඒත් හිටියේ ටේ  නම් නෙමෙයි..එතන හිටියේ පීසා බෝයි කෙනෙක්.....

" සර්...ඔයාට පීසා එකක් තියනවා...තව කෝලා එකකුයි..."

"ඒත් මම ඕඩර් කලේ නෑනේ..අනිත් එක මගේ ලග ඕවට සල්ලිත් නෑ දැන්"

"නෑ සර් ඔයා වෙනුවෙන් කෙනෙක් ඕඩර් කලා....දැන් මේ ටික ගන්න...එන්ජෝයි යුවර් මීල්" පීසා බෝයි ගියේ ඔක්කොම ටික මගේ අතට දීලා....

මම පීසා එකත් අරගෙන කෙලින්ම ගියේ මගේ ෆෝන් එක ගන්න...ඒ වෙනකොටත් එයාගෙන් මැසේජ් එකක් මට ඇවිල්ලයි තිබුනේ....

Yoongi:-pizza eka hambunada? 😁

Hyung...oya ???????🙃Thank uuuuu....

Yoongi:- thawa deyak tiyanawa..ayeth gihin dora arinnakoo...

ඒ පාර මොකක්ද දන්නේ නෑ...නොදැනිම මගේ මූනට ආවේ හිනාවක්..මේ සෙල්ලක්කාරයා විශේෂ අවදානයක් මට දෙනවනේ කියලා....මම ෆෝන් එකත් තියලා පීසා එකත් මේසේ උඩින් තියලා හිමින් ගිහින් දොර ඇරියා...

"ජීමිනි"

එතන හිටියේ යුන්ගී හ්‍යුන්ග් ...එයාගේ මූනේ තිබුනේ හිනාවක්...මම එයාව දකින හැම වාරෙකම එයා හිටියේ ඔරවගෙනම..එහෙමත් නැත්නම් මූනේ කිසිම හැගීමක් නැතිව...ඒත් අද එයා හිනා වෙලා ඉන්නවා..එයාගේ හිනාව දැක්කම මගේ මූනෙත්  හිනාවක් ඇදෙන්න ගත්තෙ දන්නෙම නැතුව....

"ශ්ශ්ස්...මට සීතලයි...ඇතුලට එන්න කියන්නේ නැද්ද? "

ජැකට් එක ඇතුලට අත් දෙකත් දාගෙන ගුලි වෙලා ඉන්න හ්‍යුන්ග් ව දැක්කම මට මතක් වුනේ සීතලට ගුලි වෙන පූස් පැටවුන්ව..හරිම හුරතල්..

හ්‍යුන්ග් අහනකොටයි මට මතක් උනේ .....

"හ්‍යුන්ග් එන්න ඇතුලට"

මම හ්‍යුන්ග් එක්ක ඇවිත් වාඩි වුනා...එකපාරටම එයා මගේ පැත්තට හැරිලා මාව බදාගත්තා...මට මුකුත්ම හිතාගන්න බැරි උනත්..මටත් ඒ ග්‍රහනෙන් ගැලවෙන්න ඕනි උනේ නෑ....

"ජීමිනි...හෙලවෙන්න එපා....මට සීතලයි..."

හ්‍යුන්ග් කිවුවේ මගේ බෙල්ල ලගින් එයාගේ මූන තියන ගමන්....කොහොම ඉවසන්නද එයා මට මේ තරම් ලං වෙලා ඉන්නකොට..මගේ මුලු ඇගේම හිරි ගඩු පිපෙන්න ගත්තේ සීතලට නම් නෙමෙයි....

එයා එහෙමම ඉදගෙන ආයෙමත් කතා කරන්න ගත්තා....

"ජීමිනි මට අවස්තාවක් දෙන්න...එදා මම ගත්ත තීරනය වැරදි...මට ඔයාව ඕනි"

එයා මගේ ඔලුව අතගාන්න ගත්තේ හරිම සියුම් විදියකට....එයාගේ ඇගිලි තුඩු මගේ කෙස් අතරේ යනකොට මට දැනුනේ මම වෙනම ලෝකයක ඉන්නවා වගේ....

ඒත් නෑ...මට එයාට මේකට ඉඩ දෙන්න බෑ....මම හ්‍යුන්ග්ව මගේ ඇගෙන් අහකට තල්ලු කලා...හ්‍යුන්ග් පුදුමයෙන් බලන් ඉදියේ මන් දිහා ....

"එකපාරක් රැවටුනා...ආයෙත් මට රැවටෙන්න බෑ හ්‍යුන්ග් ...ප්ලීස් අපි යාලුවෝ වගෙ ඉමු"

මම බිම බලාගෙන කිවුවේ හ්‍යුන්ග් ට මූන දෙන්න බැරි නිසා...අනිත් එක එයා මගේ ඇස් දැක්ක නම් තේරුම් ගන්නවා මම කියන්නේ බොරුවක් කියලා....මට එයාව ඕනි උනත් එයාගේ ආදරේ ඕනි උනත්...මම බය උනා...එකපාරක් වගේ ආයෙමත් මගේ හිත බිදිලා යයි කියලා...එයා මාව ආයෙමත් සෙල්ලමකට ගනියි කියලා.....

"ජීමින් හැමෝගෙම අතින් වැරදි වෙනවා...මට එක අවස්තාවක් දෙන්න ඒ වැරැද්ද හදාගන්න...ඔයා ගියාමයි මට තේරුනේ...මටත් ඔයාව ඕනි කියන එක...ප්ලීස් ජීමින් මට එකම එක අවස්තාවක් දෙන්න...."

හ්‍යුන්ග්ගේ ඇස් දෙකේ තිබුනේ බැගෑපත් බවක්...එයාගෙ අත් දෙක හිමින්ම මගේ මූන දෙපැත්තෙන් තියලා එයාගේ නලල මගේ නලලෙන් තියාගත්තා...මේ හැගීම ...ඒකට මට බැහැයි කියන්න බෑ...හ්‍යුන්ග් ගේ තුරුලට එදා වගේම අදත් මම දුර්වල වුනා....මගේ හිත එයාට ආයෙමත් අවස්තාවක් දෙන්න තීරනය කලා....මේක ලොකු අවදානමක් උනත් මට විශ්වාසයි මේ වතාවේ එයා වෙනස් වෙලා කියන එක...

මම මගේ අත් එයාගේ ඇග වටේ යවලා එයාව තදින් බදාගත්තා...

"හ්ම්ම්...අවස්තාවක් දෙන්නම්...ආයෙත් මගේ හිත රිද්දන්න නම් එපා හ්‍යුන්ග් .."

මගේ වචන පිට වෙනවත් එක්කම මට දැනුනේ හ්‍යුන්ග්ගේ හද ගැස්ම වැඩි වෙන සද්දේ..එයාගේ පපුවට තුරුලු වෙලා ඉදපු මට ඒ ගැස්ම හොදින්ම දැනුනා..ඒත් එක්කම  මට පෙනුනේ නැති උනත් එයාගේ මූනෙ තියන ලස්සන හිනාව මට මැවිලා පෙනුනා...

"තැන්ක් යූ ජීමින්"

එතනින් එහාට අපි දෙන්නා කාලය ගත කලේ විනෝදෙන්...එයා ගෙනාපු පීසා එකත් කෝලා එකත් අරන් අපි ගියේ ටීවි එක ඉස්සරහට..ඔහේ ටීවී එක දාලා තිබුනත් කාලය ගෙවුනේ අපි දෙන්නගේ කතා වලින්...මම එයාට විහිලු කරන්නත් ...එයා මට විහිලු කරන්නත්...අන්තීමේදි එයා මාව කිති කවන්නත් ගත්තා....මම හිනා වුනේ පිස්සෙක් වගේ...පාඩම් කරන්නත් මගේ ජීවිතේ පලවෙනි වතාවට මට අමතක වුනා....එදා මගේ ජීව්තේ ලස්සනම දවස වුනා....හ්‍යුන්ග් එලි වෙනකම් මෙහෙ ඉන්න තීරනය කරපු නිසා එයාට මම ටේ හ්‍යුන්ග්ගේ කාමරේ දුන්නා....ඒත් අන්තිමේදි එයා නැවතුනේ මගේ කාමරේ මගේ ඇදේමයි...

එයා එක්ක එකම ඇදේ ඉන්නකොට මගේ හිතට ආව දේවල් අනන්තයි...එයා දැන් මාව අල්ලයි ,දැන් මාව අල්ලයි කියලා හීන් දාඩිය දාගෙන හිටියේ...ඒ අතරෙයි එයා මට කතා කලේ.....

"ජීමිනි....මට ඔයාව කිස් කරන්න පුලුවන්ද?"

හ්‍යුන්ග් මගෙන් අහපු දේ මට අදහගන්න බැරි උනා...මගේ ජීවිත කාලෙට එයා මේ තරම් කෙනෙක්ට ගෞරව කරනවා මම දැකලා නැහැ..එයා සාමන්‍යෙන් එයාට ඕනි නම් ඕනි කෙනාව බලෙන් හරි කිස් කරන ජාතියේ කෙනෙක්...ඒ නිසයි මට දැනුනේ එයාට මාව විශේෂයි කියලා....

හ්‍යුන්ග් ගේ පැත්තට හිමින් හැරුනු මම හ්‍යුන්ග් ගේ පූස් පැටියෙක් වගේ ඇස් දිහා බලලා මගේ ඇස් පියාගත්තේ එයාට ඕනි දේට අවසර දීලා....

ඊලගට මට තේරුනේ එයාගේ අත් හෙමින් මගේ ඉන වටේ යනවත් අනිත් අත මගේ බෙල්ලෙ පිටිපස්සෙ පැටලෙන්වත්...තව මොහොතකින් මගේ මුලු ජීවිතේම බලන් ඉදපු ඒ මොහොත උදා වුනා...එයාගේ තෙත් උනු තොල් මගේ තොල් වල පැටලුනේ හරියට හිඩසක් සම්පූර්න කරන්න වගේ..අපේ දෙතොල් ඒ තරමට ගැලපුනා....එයා හෙමින් හෙමින් එයාගේ තොල් එහෙ මෙහෙ කරන්න පටන් ගන්නකොටයි මම ඒ තොල් වල රසට ඇබ්බැහි උනේ...එයාගේ තොල් හරියට ජෙලි එකක් වගේ....ස්ට්‍රෝබෙරි රසයි...හරිම මෘදුයි...මම ඒ මොහොතේ සදහටම හිර වුනා..........එයා හිමින් එයාගේ තොල් වලින් මගේ තොල් හපන්න පටන් ගත්තා...අපි අපේ අන්තිම හුස්ම ගැනීමේ සීමාව දක්වාම එකිනෙකාට ඇලිලා ඉදියේ තප්පරේකටවත් වෙන් වෙන්න ඉඩ දෙන්නේ නැතුව....අපි ගොඩක් වෙලා මෙහෙම හිටියත් ඒ සිපගැනීම කිසිම වෙලාවක් උනුසුම් එකක් වුනේ නැහැ....ඒක හරිම ආදරනීය සදහටම මතක තියන එකක් වුනා......

........................................................................

හ්‍යුන්ග් උදෙන්ම ඇහැරලා ගියේ මගේ නලලටත් කිස් එකක් දීලා...ටේ හ්‍යුන්ග් ගෙදර එන්න කලින් එයාට යන්න ඕනි කිවුවා...මට එයාට යන්න දෙන්න ඕනි උනේ නැහැ....මට ඕනි උනේ තව තවත් ඒ තුරුලේ හැංගෙන්න...ඒත් ඉතින් එයාට යන්න ඕනිමනම් මම බලෙන් අල්ලලා නවත්තගන්නද?

හ්‍යුන්ග් ලෑස්ති වෙලා පිටත් උනේ මම ඇදේ ඉද්දිමයි...ආයෙමත් මගේ ලගට ඇවිත් මගේ ශීට් එක තවත් මට පෙරෙවුවේ මට සීතල වෙයි කියලා....ආයෙමත් මගේ තොල් වලට ඉක්මන් හාදුවක් දුන්න හ්‍යුන්ග් කාමරෙන් ගියේ ස්කෝලෙදි මුන ගැහෙන්න පොරොන්දු වෙලා.....

හ්‍යුන්ග් ගියත් මගේ හිත තාම තිබුනේ එයාගේ ලග...එයා මෙහෙට ඇවිත් මගේ හිතත් හොරෙන් අරන් ගිහින්...මගේ පිස්සා..මගේ සෙල්ලක්කාරය...මගේ මුලු හිතම පිරිලා තිබුනේ හ්‍යුන්ග්ගේ මතකයන් වලින්...කිසි දවසක නොලබපු අමුතුම සතුටක් මට දැනුනේ...ඒ හැගීම අමුතු උනත් ඒ හැගීමට මම ගොඩක් කැමති උනා...හරියට මට අලුත් පනක් ලැබිලා වගේ.....

හ්‍යුන්ග් ගියාට පස්සේ මට ආයෙමත් නින්ද ගියේ නැහැ....සමහර විට හිතේ තිබුන නොසෑහෙන සතුටට වෙන්නැති..මම මටම හිනා වුනේ මෝඩයෙක් වගේ...හ්‍යුන්ග් මගේ හිතට කරලා ගියපු දෙයක්.....

ටේ හ්‍යුන්ග් ගෙදර එන්නත් කලින් මම ස්කෝලෙ යන්න ලෑස්ති වුනේ හොදටම උදේ වැඩී කියලා දැනගෙන..ඒත් මට මේ ටික වෙලාවට මගේ හ්‍යුන්ග් මගේ ලගින් නැතුව පාලු දැනුනා..තාම පැය 2ක්වත් ගියේ නැහැ තමයි...ඒත් දැනටමත් මට එයා නැතුව පාලුයි..ඉක්මනින් ලෑස්ති වෙලා මම ස්කෝලෙට පයින්ම යන්න ගියේ ටේ හ්‍යුන්ග්ට ලියුමක් තියලා.......

........................................................................

මම ස්කෝලෙට යනකොට කවුරුත් ස්කෝලේ නැති තරම්...හිටිය නම් ඒ ලමයි දෙතුන් දෙනයි...මම වගෙම පොත් ගුල්ලෝ ටික....

මම බෑග් එක  ක්ලාස් එකෙන් තියලා ගේට්ටුව ලග තියන බෙන්ච් එකෙන් ඉදගත්තා...තවත් බලන් ඉන්න බැරි කමට ෆෝන් එක අතට ගත්තේ හ්‍යුන්ග් ට මැසේජ් කරන්න...

Hyung..I miss you❤️

එයාගෙන් රිප්ලයි එන්න ටිකක් වෙලා ගියත් එයා රිප්ලයි කලා...

Yoongi:- Oya koheda?

Mama school eke ikmanata ennakoo😙

Yoongi:- oki 😘

වැඩි වෙලාවක් ගියෙර් නැහැ හ්‍යුන්ග් ස්කෝලෙට ආවා...එයා ගේට්ටුවෙන් එලියට එනවත් එක්කම මම ගියේ හ්‍යුන්ග් ව බදාගන්න...මේ පොඩි වෙලාවට මට එයාව මතක් උන තරම්...

"හ්‍යුන්ගී...."

"මගේ චීස් බෝලේ"

හ්‍යුන්ග් මගේ ඉන වටේ එක අතක් යවලා අනිත් අතින් එයාගේ බෑග් එක අල්ලගත්තා...

"චීස් බෝලේ? ඒකද දැන් මගේ නම?"

"ඔව්නේ මම ඊයෙ මුලු රෑම හිතුවා මගේ බෝල ගෙඩියට කියන්න නමක්.."

හ්‍යුන්ග් කිවුවේ මගේ නිකට එයාගේ ඇගිලි වලින් අල්ලන ගමන්....මට ලැජ්ජ හිතිලා මගේ මූන රතු උනේ එයා කියපු දේට...එයා මට එයාගේ කියලා කිවුවා...මම එයාගෙද...ඔව් ඒ කියන්නේ මම හ්‍යුන්ග්ගේ ...මම ආයෙත් හ්‍යුන්ග්ගේ ඇගේ එල්ලුනේ මගේ මූන වහගන්න....

ඒත් ඒ විදියට වැඩි වෙලාවක් ඉන්න මට ලැබුනේ නැහැ...හ්‍යුන්ග් ඉක්මනට මාව එයාගෙන් ඈත් කලා....මගේ හිත පොඩ්ඩක් රිදුනත් හ්‍යුන්ග් හේතුවකට මේක කරන්න ඇත්තේ කියලා මම හිත හදාගත්තා...එතකොටයි ජන්කුක් ටේ හ්‍යුන්ග් එක්ක එතනට ආවේ....

"ම්ම්....මොකෝ දෙන්නා අපිට කලින් ස්කෝලේ ඇවිත්...?"

ජන්කුක් කිවුවේ අපි දිහා බලලා සමච්චල් හිනාවක් දාන ගමන්...

"ඇයි කලින් ස්කෝලෙට එන එක පුදුමයක්ද?"

හ්‍යුන්ග් එහෙම විහිලුවට ඇහුවත් එයාගේ කටහඩේ තිබුනේ කේන්තියක්ද කියලා මට හිතුනා...

"කලින් එන එකනම් පුදුමයක් නෙමෙයි...ඒත් ඔය දෙන්නම එකට කලින් එන එකනම් පුදුමයක්..ඔය දෙන්නා මොනාහරි හංගනවද අපෙන්?"

ඒ පාර කිවුවේ ටේ හ්‍යුන්ග් ....මගේ දිහා අමුතු පිස්සු බැල්මකින් බලාගෙන....

මම කතා කරන්න හැදුවත් මට කලින් හ්‍යුන්ග් කතාකලා....

"පිස්සුද...මම කොල්ලෙක් එක්ක යාලු වෙයි කියලා හිතුවද...අනිත් එක ජීමින් වගේ කෙනෙක් එක්ක?"

මට හරියට පිහියකින් ඇන්නා වගේ....කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ නෑ...මොකක්ද ඒකේ තේරුම? එයා ආයෙත් මාව රවට්ටලාද...අනිත් එක මම වගේ කෙනෙක් එක්ක? ඇයි එයා එහෙම කිවුවේ....මම ඒ තරම් හරි නැද්ද...මම යාලු වෙන්නවත් වටින කෙනෙක් නෙමෙයි වගේනේ එයා ඒක කියන්නේ...මට පේන්නේ මම ආයෙමත් එයාගේ සෙල්ලම් වල ඉත්තෙක් වුනා වගේ......

"ආහ් හරි...."

ටේ හ්‍යුන්ග් කිවුවේ මගේ දිහා හොරැහින් බලන ගමන්...එයාට තේරෙන්න ඇති මගේ වෙනස් වීම...

මම එතනින් ඉක්මනට ගියේ ආයෙත් වැටෙන කදුලු නවත්තගන්න බැරි වෙයි කියන බයට..මම එයාල ඉස්සරහා ඇඩුවොත් එයාලා මගෙන් ප්‍රශ්න කරයි...ඒවට දෙන්න උත්තර මගේ ලග නැහැ...මොනා කියන්නද...මම ආයෙත් සෙල්ලක්කාරයෙක් ගේ සෙල්ලම් බඩුවක් වුනා කියන්නද....

මම පිස්සෙක් වගේ එක දවසින් රැවටිලා එයාගේ රගපෑමට යටත් උනා....මෝඩයෙක් වගේ සතුටු වුනා....මම කොහොමද සතුටු වෙන්නේ....මට සතුට කියන දේ අයිති නැති දෙයක්....

.......................................................................

මේ සිදුවීම පැහැදිලි කරන්නවත් හ්‍යුන්ග් උත්සහ කලේ නැහැ...ස්කෝලෙදි හම්බවෙන හැම වෙලාවකම මම එයාව මගෑරියා...කාර් එකේදි පවා මම හැම වෙලාවෙම ජන්කුක් එක්ක ඉස්සරහට නැග්ගා..ටේ හ්‍යුන්ග් මුලදි ඒකට කෙදිරි ගෑවත්  පස්සේ එයා ඒක නැවැත්තුවේ මොනාම හරි දෙයක් තේරිලා වෙන්නැති...

දවස් දෙකක් ගත උනත් විශේෂ දෙයක් උනේ නෑ...ඒත් දවස් දෙකකින් පස්සේ හ්‍යුන්ග් ස්කෝලේ එන එක නැවැත්තුවා...එක දිගට දවස් 3ක් එයා ස්කෝලේ ආවේ නැහැ...

මොන තරහා තිබුනත් මට එයා ගැන හිතන එක නවත්තන්න බැරි උනා...එයට අසනීපයක් වෙලාවත්ද කියන බයටමයි මම එයාගේ ගෙදර යන්න තීරනය කලේ....

........................................................................

මම කොෆී ශොප් එකේ වැඩ ඉවර වෙලා එහෙට යනකොට හවස 7ට විතර ඇති...හ්‍යුන්ග්ගේ ගෙදර ලයිට් දාලා තිබුනේ..මම දොරට තට්ටු කරන්නත් හදලා ආයෙමත් නැවතුනේ දොර බාගෙට ඇරිලා තියනවා දැකලා...

මම හිමින් ගේ ඇතුලට ගියා...උඩ තට්ටුවෙන් ඇහුනේ කෑ ගහන හඩක්..ඒ හ්‍යුන්ග්ගේ කටහඩ ...මම හොදටම අදුරනවා...ඉක්මනින්ම උඩ තට්ටුවට ගිහින් මම නැවතුනේ හ්‍යුන්ග්ගේ කාමරේ ලග.....

හ්‍යුන්ග් හිටියෙ ජනේලේ ලග හිටගෙන..ෆෝන් එකෙන් කාටදෝ හොදටම බනිනවා..හ්‍යුන්ග්ගේ මූනෙන් මම දැක්කේ කලින් දැක්ක හුරතල් පූස් පැටියා නම් නෙමෙයි....ඒ වෙනුවට එයාගේ මූනේ තිබුනේ ලොකු භයානක පෙනුමක්.....

එකපාරටම ෆෝන් එක පොලේ ගහපු හ්‍යුන්ග් ලග තිබ්බ මල් වාස් එකත් අරන් පොලේ ගැහුවා....වීදුරු කෑලි හැමතැනම විසිරෙන්වත් එක්කම ආව විශාල සද්දෙට මට නිකන්ම කෑ ගැහුනා....

හ්‍යුන්ග් මාව දැක්කේ ඒ වෙලාවේ...ටික වෙලාවක් මන් දිහා බලන් ඉදිය හ්‍යුන්ග් එකපාරටම ඇවිත් මාව බදාගත්තා....

එයා කවදාවත් නැතුව මගේ උරහිසට ඔලුව තියාගෙන අඩන්න ගත්තා...මොන දේ උනත් හ්‍යුන්ග්ගේ කදුලු මට ඉවසන්න බැහැ...මගේ හදවත දෙකට කැඩිලා ගියා වගේ...ලෝකෙටම ගල් හිතක් පෙන්නන එයාගේ ඇස් වලින් කදුලු එනවා කියන්නේ මගේ ලොකුම දුර්වලකම...මම දෙපාරක් හිතන්නේ නැතුව හ්‍යුන්ග්ව බදාගත්තේ එයාව සනසන්න....

"ජීමිනි..අනේ මාව දාලා යන්න එපා....ඔයා විතරයි මට ඉන්නේ"

එයා ඉකි ගගහා කියනකොට මට දැනුනේ මහ වරදකාරි හැගීමක්....

"නෑ නෑ හ්‍යුන්ග් මම ඔයාව දාලා යන්නේ නෑ"

ඒ කතා කලේ මම නෙමෙයි මගේ හිත...ඒ හිත කෑලි දහසකට හ්‍යුන්ග් නිසාම වෙන් වුනත් එයා වෙනුවෙන් ආදරෙන් ආයෙමත් ඒ දහසක් වුන කෑලි එකතු වෙන්නේ මගේවත් අනුදැනුමක් නැතිව......

"මම මෝඩ වෙන්න පුලුවන්..මම ඔයාව රිද්දන්න පුලුවන් ජිමින්..ඒ මගේ මෝඩ කම...ප්ලීස් ඔයා විතරයි මට ඉන්නේ...මාව දාලා යන්න එපා...මේ මෝඩයට සමාව දෙන්න ඔයාව රිද්දනවට"

නෑ නෑ මගේ හ්‍යුන්ග්ට මෙහෙම කඩාගෙන වැටෙන්න දෙන්න බැහැ...එයා ශක්තිමත් කෙනෙක්...මට බෑ එයා අඩනවා බලන්න...දන්නෙම නැතුව මගේ ඇස් වලිනුත් කදුලු පැන්නේ හ්‍යුන්ග් වෙනුවෙන් තිබුන ආදරේට වෙන්නැති.....

"හ්‍යුන්ගී මම ඔයාව දාලා යන්නේ නෑ...පොරොන්දු වෙනවා...ප්ලීස් දැන් අඩන්න එපා ...මට ඔයා අඩනවා බලන්න බෑ...."

හ්‍යුන්ග් තව ටිකක් වෙලා මට තුරුලු වෙලා ඉදියා ...ආයෙත් මගේ තුරුලෙන් අයින් වෙලා එයා මගේ බෙල්ල දෙපැත්තෙන් එයාගේ අත් තියලා මගේ ඔලුව සිපගත්තේ එයා අඩන එක නැවැත්තුවා කියලා අගවන්න...

එයා අඩන්න හේතුව මට දැනගන්න ඕනි උනත් ඒ තුවාලේ ආයේ පාරන්න මට ඕනි උනේ නැහැ....
ඉතින් හ්‍යුන්ග් ව පරිස්සමින් එක්කන් ගිහින් මම එයාගේ ඇදෙන් ඉන්දුවා..ඊලගට පටන් ගත්තේ බිම වැටිලා තිබුන වීදුරු කෑලි අහුලන්න....ඔක්කොම අහුලලා ඉවර වෙන්න කලින් එකක් මගේ අතේ ඇනුනා...

"ආව්"

මේ තරම් වෙලාවක් මගේ දිහා බලන් ඉදපු හ්‍යුන්ග් ඉක්මනට මගේ ලගට ඇවිත් මගේ අතින් අල්ලගත්තා...

"පරිස්සමින් බබෝ..තුවාල කරගන්න එපා"

හ්‍යුන්ග් මගේ ඇගිල්ලට බෙහෙත් හොයන්න ගියා...ඒ අතරේ මගේ හිත නැවතුනේ එයාගේ වචනේ ලග...බබා...එයා මට බබා කිවුවා...දෙවියනේ මට හිතුන දෙයක්...මට දැනුනේ හරියට මගේ මුලු ලෝකෙම ලැබුනා වගේ...මම වැඩියෙන්ම කැමති දෙයක් තියනවනම් ඒ බබා කියලා කතා කරන එක....ඒකත් මම මේ ලෝකේ පිස්සුවෙන් වගේ ආදරේ කරන කෙනා කියනවා අහන්න ලැබෙන්න   මම මොන තරම් වාසනාවන්තයිද?

මම හිතෙන් ගොඩක් ලොකු දුර ගමනක් ගිහින් ඉන්න අතරේ හ්‍යුන්ග් එයාගේ බෙහෙත් පෙට්ටියත් අරගෙන මගේ ලගින් ඉදගත්තා..මාවත් එක්කගෙනම ඇද උඩින් ඉදගත්ත එයා මගේ තුවාලෙට බෙහෙත් දැම්මා...මම බලන් හිටියේ එයා මගේ ඇගිල්ලට බෙහෙත් දාන විදිය...එයාගේ ලෝකෙක ආයෙත් මම අතරමකං වුනා....

"මොකද ඔය තරම් බලන් ඉන්නේ...මම එච්චර ලස්සනද?"

හ්‍යුන්ග් මගෙන් ඇහුවේ සරදමට වගේ..මට කට කොනින් හිනාවක් ගියත් ඒක පෙන්නන්න ගියේ නැහැ..

"ඔව් ඔව් ...මම බැලුවේ කොටියෙක් වෙලා ඉදපු ඔයා පූස් පැටියෙක් වුන විදිය..."

"එහෙමද...එහෙනම් මතක තියාගන්න මේ කොටියා හුරතල් වෙන්නේ මේ පුන්චි චීස් බෝලෙ ලග විතරයි කියලා"

හ්‍යුන්ග් මාත් එක්ක හිනා වුනේ හරිම හුරතල් විදියට..එයාගේ හිනාවේ තිබුනේ හරිම අවන්ක බවක්...අන්තිමේදි හ්‍යුන්ග්ගේ මූනටත් හිනාවක් ගේන්න මට පුලුවන් උනා......මම එයා වෙනුවෙන් දෙයක් කලා කියන එක ගැන මට දැනුනේ හරිම ආඩම්බරයක්....

ඒත් අපේ හැගීම් වෙනස් වෙන්න ගත්තේ ඊලගට හ්‍යුන්ග් කියපු දේට....

"ආයේ තුවාල කරගන්න එපා....ඔයාට තුවාල උනාම රිදෙන්නේ මටයි"

හ්‍යුන්ග් කතා කලේ මගේ ඇස් වලට කෙලින්ම එබිලා..හරියට එයා මගේ ඇස් අස්සෙන් මොනවදෝ හොයනවා වගේ....

අපි දෙන්නම අපේ ඇස් වල අතරමං වුනා...ටිකෙන් ටික එකින් එකාට ලං වුනේ අපේ දෙතොල් එකිනෙකාගේ පටලවගන්න...හිමින් හිමින් සිදු උන ඒ සිප ගැනීම උනුසුම් වුනේ හ්‍යුන්ග්ගේ අත් මගේ ශර්ට් එකෙන් ඇතුලට යනකොටයි.....

ඇදේ ඉදන් ඉදිය අපි දෙන්න එහෙමම ඇදේ හාන්සි වුනා....හ්‍යුන්ග් මගේ තොල් අතෑරලා ඊලගට ලං වුනේ මගේ බෙල්ලට..හ්‍යුන්ග්ගේ හුස්ම වැදෙනකොටත්  එයාගේ තොල් මගේ බෙල්ලේ ගැවෙනකොටත් මට ඉවසන්න බැරි උනා...හීමින් හිමින් මගේ කටින් පිට වුන කෙදිරිලි හඩවල් වලට හ්‍යුන්ග් තව තවත් ප්‍රතිචාර දක්වන්න ගත්තේ තව තවත් මගේ ඉවසීම නැති කරමින්....

මගේ ශර්ට් එක මගේ ඇගෙන් අයින් කරනකම් මම බලන ඉදියේ ආයෙමත් හ්‍යුන්ග්ගේ ස්පර්ශයට යටත් වෙන්න ...ඒත් හ්‍යුන්ග් මගේ එක කකුලකින් අත තියලා මගේ ලගට ලන් වෙලා කනට කෙදිරුවා......

"බබා....මට අවසර දෙනවද??"

හ්‍යුන්ග් මගේ ඇදුම යටින් අත දාන ගමන් ඇහුවේ මට බෑ කියන්න ඉඩ තියන්නේ නැතුව.....

" හ්‍යුන්ග් .....ප්ලීස්..."

හ්‍යුන්ග්ගේ මූනේ තිබුනේ සරදම් හිනාවක්...මට ඒක හොදින්ම දැනුනා...

මගේ අවසරයත් එක්කම හ්‍යුන්ග්ගේ අත් වගේම තොල් මගේ ශරීරය පුරා යද්දී මම ඒ හැගීම් වලට ඇබ්බැහි උනා..මම ඒ හැගීමට යටත් උනා....

හිමින් හිමින් රැය ගෙවිලා යන්නත් මගේ හැමදෙයක්ම හ්‍යුන්ග්ට අයිති වෙන්නත් පටන් ගත්තා.....ඒ රැය නොදැනීම ගෙවිලා ගියා.....
එදා රෑ මගේ ශරීරයේ ඉතුරු උනේ කැපුනු සලකුන විතරක් නෙමෙයි...මම හ්‍යුන්ග්ගේ කියන සලකුනුත් ඉතුරු උනා...

......................................................................

මම උදේම ඇහැරුනේ එකපාරටම දැනුනු සීතලට...මාව තුරුලු කරන් ඉදිය හ්‍යුන්ග්ගේ උනුසුම නෑ වගේ දැනෙනකොටයි මම ඇහැරුනේ...

පෙරවන් ඉදපු ශීට් එක ඇගෙන් බාගෙට එහාට වෙලා...මගේ ඇගේ එක නුල් පොටක්වත් හ්‍යුන්ග් ඊයෙ රෑ ඉතුරු කලේ නෑ කියලා මතක් වෙනකොට මට මටම ලැජ්ජ හිතුනා....

මම නැගිටලා මේසේ උඩ තිබ්බ ෆෝන් එක ගත්තේ ටේ හ්‍යුන්ග්ගෙන් මැසේජ් ඇවිත්ද බලන්න..ඒත් එතකොටයි මම දැක්කේ හ්‍යුන්ග් මගේ ෆෝන් එකට යට වෙන්න කොලයක් තියලා ගිහින්....

"බබා...අද හවස 5ට සෝල් පාක් එකට එන්න....මම හදිසි වැඩකට එලියට ගියා....ඔයා එනකම් බලන් ඉන්නවා..."

-පූස් පැටියා-

එයා පුස් පැටියා කියලත්  ලියලා ගිහින් ...හරිම හුරතල්...

අද හවස වෙනකම් මට ඉවසිල්ලක් නැති උනා..හ්‍යුන්ග් මම වෙනුවෙන් මොනා කරයිද කියන එක ගැන මම ආයෙමත් හීන දකින්න ගත්තා...හරියට මමත් ආදරෙන් පිස්සු වැටිලා ඉන්න පුන්චි කෙල්ලෙක් වගේ..ඔව් ඉතින් හ්‍යුන්ග් මාව එයාගේ ආදරෙන් පිස්සෙක් කරලා තමයි තියෙන්නේ....

........................................................................

මගේ ලග තියන හොදම ඇදුමත් ඇදගෙන, කැමතිම විදියට කොන්ඩෙත් හදාගත්තේ අපි දෙන්නගේ පලවෙනි දවසේ ලස්සනට ඉන්න ඕනි නිසා...

"කොල්ලා කොහෙද යන්නේ...ලස්සනට ඇදගෙන...සුවදයිත් එක්ක ඒ මදිවට"

ටේ හ්‍යුන්ග් ඔන්න පටන් ගත්තා මට විහිලු කරන්න...

"කොහෙවත් නැහැ අනේ..මම මේ පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා.."

"අනේ මාත් එන්නම්"

ටේ හ්‍යුන්ග් එන්න හැදුවත් මට එයාට හා කියන්න බැහැ..තාම අපේ සම්බන්දේ ගැන කියන්න හ්‍යුන්ග් මට අවසර දීලා තිබුනේ නැහැ

"ම්ම්...ටේ ඔයා ඉන්න මට ටිකක් ඇවිදින්න ඕනි"

මම මගේ යාලුවට පලවෙනි වතාවට බොරු කිවුවා...මේ තරම් කාලයකට මම කිසිම දෙයක් එයාට හංගලා නැහැ...ඒත් මට ආදරේ වෙනුවෙන් ඒකත් කරන්න වෙනවා...

ඒත් කමක් නෑ ..කවදමහරි මට ටේ හ්‍යුන්ග්ට කියන්න පුලුවන් වෙයි....

මම කොහොමහරි ගෙදරින් එලියට ඇවිත් ටැක්සියක පාක් එකට ගියා..ඒ වෙනකොට 4.45යි...මම බය උනේ මම පරක්කු වෙයිද කියලා....

ඒත් නෑ....පරක්කු නැහැ මම...මට දැන් හ්‍යුන්ග් එනකම් ඉවසිල්ලක් තිබුනේ නැහැ...හ්‍යුන්ග් මොකක් ඇදන් එයිද...එයා අද ලස්සනට ඉදීද...මම අද ලස්සනයි කියලා එයා කියයිද? එයා අද මම වෙනුවෙන් මොනා කරයිද කියලා ප්‍රශ්න දහසයි මගේ හිතේ....

ඔහොම හිත හිත ඉන්නකොට වෙලාව ගිහින් මම දන්නෙත් නැහැ...ඒ වෙනකොටත් 5.15 වෙලා...හ්‍යුන්ග් තාම ආවේ නෑ..සමහර විට වැඩකට අහු වෙන්න ඇති...ඉතින් මම හ්‍යුන්ග්ට මැසේජ් දැම්මා...

"Hyung ..koheda inne?
                                          5.15p.m

Oya enna thawa parakku wei da?
                                                         5.30p.m

Hyungi..hodatama seethalai..ikmanata ennakoo
                                                5.40p.m

Ane thawa nam inna ba...oya enawada kiyannakoo
5.50p.m

Hyung..ane oya hodinda? Oyata karadarayak wathda?
6.00p.m

Hyung..wahinawa..themena nisa mama athulata giya
6.05

Hyung ane mona hari kynnako..mama oyata call kranwa
6.10p.m

Hyung..mata hodatama bayai..oya hodin neda?
6.11p.m

Missed voice call
     6.13p.m

Missed voice call
6.15p.m

Hyung..................ai online awillath oya reply krnne naththe? Hodin heda? Hyung oyata mukut wela na neda?
6.17p.m

Yoongi hyung thawa tikak wela idala mama yanawa...oya enne nahane
6.20p.m

Missed voice call
6.23p.m

Hyung kawuruth park eke naha..mata bayai...
6.57p.m

Yoongi:- Sorry jimin ...api heta meet wemu....mata call gnnwath msg krnnawath epa mama kiyanakam..bye..dn gedara ynna..
7.30p.m

Mama yanawa gedara..hodatama re wela
8.00p.m

හ්‍යුන්ග් එදා ආවේ නැහැ...මගේ හිතේ දුකක් තිබුනත් අනිත් පැත්තෙන් සතුටකුත් දැනුනා...ඒ හ්‍යුන්ග්ට මුකුත් වෙලා නැති නිසා...කමක් නෑ එයාට මොකක් හරි වැඩක් වැටෙන්න ඇති ...එහෙම නැත්නම් එයා එනවා...මම ගෙදරට යනකන්ම ගියේ පයින්..කිසිම ටැක්සියක් ඒ වෙලාවේ ගෙන්න ගන්න බැරි උනා...ගෙදරටම පයින් ගියපු මම එදා හොදටම තෙමුනේ මගදි වැස්සට අහු උන නිසා...

සීතලේ වෙවුල වෙවුල ගිහින් ටේ හ්‍යුන්ග් ට හොරෙන්ම බාත් රුම් එකට පැනගත්තා...

මම නිදාගන්න කලින් අන්තිම වතාවට හ්‍යුන්ග් ට කෝල් එකක් දෙන්න හැදුවේ මම ගෙදර ඇවිත් කියලා කියන්න..එයා බය වෙයි කියලා....

මම වෙලාව බැලුවා...ඒ වෙනකොටත් 10ත් පහු වෙලා...හ්‍යුන්ග් නිදි ඇති කියලා හිතුනත් මගේ හිත එයාට කෝල් කරන්නම කියලා බල කලා...
මම එයාට කෝල් කලත් ...ඒ වෙනකොටත් එයාගේ ෆෝන් බිසී...මම ආයෙත් ඉදලා විනාඩි විස්සකින් එයාට කෝල් එකක් ගත්තා...ඒ වෙනකොටත් එයාගේ ෆෝන් එක බිසී...

මොන තරම් විශ්වාසෙන් ආදරේ කලත් මගේ හිත ටික ටික එයාව සැක කරන්න ගත්තා...හදවත නැවතෙනවා වගේ දැනුනා...හ්‍යුන්ග් ට මාව බලන්න එන්න බැරි උනේ වෙන කෙනෙක් නිසාද? නෑ එහෙම වෙන්න බෑ...එයා මට එහෙම කරන්නේ නෑ....මම මගේ හිත හදාගෙන නිදාගන්න උත්සහ කලත් මට නින්ද ගියේ නැහැ....

දැන්වත් එයා නිදහස් ඇති කියලා මම එයාට ආයෙමත් කෝල් කලා...වෙලාව 11.50යි....ඒත් එයාගේ ෆෝන් එක තාමත් බිසී.....

මට හිතුනේ පොලව පලාගෙන යන්න..ඇයි මට බොරු කරන්නේ..මොකක්ද මම කරපු වැරැද්ද හ්‍යුන්ග් ....
මම දන්නෙම නැතුව ආයෙම අඩන්න පටන් අරන්..කදුලු නොනවත්වාම මගේ ඇස් වලින් ගලද්දී මට ඕනි උනේ කෑ ගහලා අඩන්න...ඒත් මට ඒකට ඉඩ ලැබුනේ නැහැ..මට කෑ ගහලා අඩන්න බෑ...කොට්ටේ තෙත් වෙනකන්ම අඩපු මට දන්නෙම නැතුව නින්ද ගිහින්...

"ඇයි මටම මෙහෙම වෙන්නේ? ආදරේ විදින්න මට අයිතියක් නැද්ද?"

........................................................................

ඊලග දවසේ උදේ මම තීරනයක් ගත්තා..ඒ හ්‍යුන්ග් මේ දේවල් පැහැදිලි කරනතුරු කිසිම දෙයක් සැක කරන්නේ නෑ කියන එක....එදා ස්කෝලේ නිවාඩු දවසක් නිසා මම ඇහැරුනෙත් පරක්කු වෙලා...හිමින් හිමින් ලෑස්ති වෙලා ගියේ ශොප් එකේ වැඩට...යනගමන් මට හ්‍යුන්ග්ගෙන් මැසේජ් එකක් ආවා...ඒකම ඇති මට දවසම ගෙවන්න..

Yoongi:- iye oya call karala tibuna neda? Sorry Jimin..adath mama wadak...passe dawasaka meet wemu ❤️
mata call krnna epa....msg krnnath epa...mama kiyanakam...

හ්ම්ම්...කමක් නෑ එහෙම හරි මැසේජ් එකක් එවලනේ...මම ශොප් එකට යනකොට වැඩ පටන් අරගෙනත් එක්ක...ඉක්මනට ගිහින් ඇදුම් මාරු කරගත්තේ ජින් හ්‍යුන්ග්ගෙන් බැනුම් අහන්න වෙයි කියලා....

ශොප් එකේ වැඩ කරනකොට මට හැමදේම අමතක උනා...ඒ දේවල් අමතක කරන්නමයි මම එක කාලෙකදි මේ රස්සාව තෝරගත්තේ....ඒත්...

"ජීමින් අතන කට්ටියව පොඩ්ඩක් බලන්න"

ජින් හ්‍යුන්ග් කිවුවේ ටේබල් එකකට අත දික් කරලා..ටේබල් එකේ හිටියේ කොල්ලෙකුයි කෙල්ලෙකූයි...කෙල්ල කොල්ලගේ ඔඩොක්කුවේ ඉදන් කොල්ලගේ ඔලුව අතගානවා....කොල්ලා කෙල්ලගේ ඉනවටේ අත් දෙක බැදගෙන එයාව තුරුල් කරන් ඉන්නවා...මට මතක් වුනේ හ්‍යුන්ග්වයි මාවයි...කවදහරි අපිටත් ලෝකය ඉස්සරහා මෙහෙම ඉන්න පුලුවන් වෙයි නේද කියලා....පුන්චි හිනාවක් ගියේ නොදැනීම...

මම ඒ ටේබල් එකට ගිහින් ඕනි මොනාද කියලා ඇහුවා..ඒ දෙන්න කිස් කරන  ගමන් හිටියේ...ගියාට මොකක්ද වගේ...මම ආපු පාරට ඒ දෙන්නා වෙන් වුනා....

"බ්ලැක් කොෆී එකයි...ඔයාට මොනාද ඕනි බබෝ?"

කොල්ලා ඇහුවේ කෙල්ලගෙන්..කොල්ලගේ මූන පේන්න නොතිබුනත් මට ඒ කටහඩ අදුරගන්න පුලුවන් උනා...ඒත් එක්ක්මයි ඒ ගෑනු ලමයා එහාට වුනේ...වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරපු දේ වෙලා තිබුනා...

ඒ හිටියේ යුන්ගී හ්‍යුන්ග්...එයාට තියනවා කිවුව වැඩේ මේක වෙන්නැති..මගේ හදවත ගැහෙන එක නතර වුනා වගේ...ආයෙමත් ඒ කියාගන්න බැරි එපා කරපු හැගීම මට දැනෙන්න ගත්තා...මගේ කකුල් දෙකම පන නැති වෙලා ගියේ මම එයත් එක්ක මෙහෙම ඉන්න හීන දකිනකොට එයා වෙන කෙනෙක් එක්ක මේ විදියට ඉන්නවා දකිනකොටයි....මගේ ඇස් වල කදුලු පිරෙනවා දැනෙනකොටම මම දිවුවා ඉක්මනට. හැමෝම ඉස්සරහා මගේ කදුලු පෙන්නන්න ඕනි නැති නිසා...

මම ආයෙත් අහු උනා නේද...එයා මගේ හිත මෙච්චර රිද්දන්නෙ ඇයි...මාව එපා නම් කියන්න තිබුනනේ..ඇයි මගේ හිත එක්ක සෙල්ලම් කරන්නේ....

හ්‍යුන්ග් මගේ පස්සෙන් එනවා මට තේරුනා..මම බාත් රූම් එකට දුවන්න හදනකොටම එයා මාව අල්ලගත්තා

"ජීමින්...ජීමින් ප්ලීස් වැරදියට හිතන්න එපා..අනේ මාව දාලා නම් යන්න එපා...මම හැමදේම පැහැදිලි කරන්නම්...මේක රගපෑමක් විතරයි...එයත් එක්ක මගේ කිසිම සම්බන්දයක් නැහැ"

හ්‍යුන්ග් එක දිගට කියාගෙන යනකොට මගේ හිත ආයෙමත් එයා වෙනුවෙන් දුර්වල වුනා..මට හ්‍යුන්ග්ගේ පපුවට තුරුල් වෙලා අඩන්න ඕනි උනත් මේ ඒකට වෙලාව නෙමෙයි...මේ ඒකට තැන නෙමෙයි..විශේෂයෙන්ම ඒ ගෑනු ලමයා ඉස්සරහවත්, මිනිස්සු ඉස්සරහවත් එයාගේ අතකින්වත් අල්ලන්න එයා මට අවසර දුන්නේ නැහැ.....මොන තරම් මගේ කදුලු දරාගෙන මම එයාව අතාරින්න උත්සහ කලත් මගේ හිත ඉල්ලුවෙම එයාව...ඒත් මගේ හිත රිදෙන එක එතනින් නැවතුනේ නැහැ...

ඒ ගෑනු ලමයා දුවගෙන ඇවිත් හ්‍යුන්ග්ගේ අතේ එල්ලුනේ මම බලාගෙන ඉද්දිමයි...හ්‍යුන්ග් එයාට මුකුත්ම කිවුවේ නැහැ..මම වගේ එල්ලුනා නම් මෙලහකට...ඒත් එහෙම නැහැ..ඒ කෙල්ලගේ අත් මට එයාගේ ඇගෙන් ඇදලා අයින් කරන්න හිතුන තරම්...මගේ හ්‍යුන්ග් ව ඒ විදියට අයිතිය තියෙන්නේ මට විතරයි...කොහොමද වෙන කෙල්ලෙක් ඒ අයිතිය ගන්නේ...ඒත් තාම ඒ අයිතිය ලෝකෙට පෙන්නන්න මට එයා අවසර දීලා නැහැ...ඒ නිසා අසරන වෙලා මෙහෙම බලන් ඉන්නවට වඩා කරන්න දෙයක් ගැන මම දන්නේ නැහැ....

"ඔප්පා...කවිද මේ ඔයා අදුරන කෙනෙක්ද?"

ඒ කෙල්ල ඇහුවේ හ්‍යුන්ග්ගේ ඇගේ තවත් එල්ලෙන ගමන්

හ්‍යුන්ග් මගේ දිහා ටිකක් වෙලා බලන් ඉදලා ඒ කෙල්ලට උත්තර දුන්නා...

"ඔව් මගේ යාලුවෙක්"

හ්‍යුන්ග් කිවුවේ කෙලින්ම මගේ ඇස් දිහා බලාගෙන...

"ඉතින් අපිව අදුන්වලා දෙන්නකෝ...ඔයාගෙ යාලුවෙක් කියන්නේ මගේ යාලුවෙක්ම තමයි"

හ්‍යුන්ග් එයා දිහත් මම දිහත් මාරුවෙන් මාරුවට බලලා අපිව අදුන්වලා දුන්නා...

"සෝ හී මේ ඉන්නේ ජීමින්...මගේ යාලුවෙක්...එතකොට ජීමින්, මේ ඉන්නේ සෝ හී...මගේ...මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් "

  හ්‍යුන්ග් ඒක කිවුවේ බිම බලාගෙන...මීට වඩා හොදයි හ්‍යුන්ග් ඔයා මාව පිහියෙන් ඇනලා මරලා දැම්මා නම් කියලා මට හිතුනා...

මම ඒ කෙල්ලට අතට අත දුන්නේ හරිම අමාරුවෙන්..එයාලට කෝෆි ගෙනියන වැඩේ වෙන කෙනෙක්ට භාර දීලා මම වැඩ නවත්තලා කිචන් එකට වෙලා හිටියා...දන්නෙම නැතුව මම හොදටම අඩලා එතනම නින්ද ගිහින්...ජින් හ්‍යුන්ග් ඇවිත් කතා කරනකොටයි මට ඇහැරුනේ...

"ජීමින් නැගිටින්න..දැන් වැඩ ඉවරයි"

මම නැගිට්ටේ ගැස්සිලා..වැඩ ඉවරයි නම් මම මොන තරම් වෙලාවක් නිදාගෙනද?

"හ්‍යුන්ග්...මම ගොඩක් වෙලා නිදාගෙනනේ..ඇයි මාව ඇහැරුවේ නැත්තේ? "

"ජීමිනා..ඔයාගේ ඇග හොදටම රස්නෙයි..ඔයාව ඇහැරවන්නත් හදලා මම ආයෙත් නිකන් හිටියා..පෙන්නේ හොදටම උන වගේ..ඉක්මනට ගෙදර යන්න ඒ නිසා"

මම හ්‍යුන්ග්ගේ කීමට ගෙදර යන්න ලෑස්ති වුනා...ඇගේ පොඩි අමාරුවකුත් දැනෙන්න ගත්තා මට...

මම එලියට බහින්න හදනකොටම ආයෙමත් ජින් හ්‍යුන්ග් මට කතා කලා...

"ආහ් අර කලින් ආවේ ඔයා අදුරන කෙනෙක් නේද? මෙන්න එයා පර්ස් එක දාලා ගිහින්..පුලුවන් වෙලාවක දෙනවද?"

ඒ හ්‍යුන්ග්ගේ පර්ස් එක...යුන්ගී හ්‍යුන්ග් ඒක දාලා ගිහින්..මට ගෙදර යන්න ඕනි උනත් මගේ හිතට ඕනි උනේ හ්‍යුන්ග්ව බලන්න යන්න....

ඉතින් මම උන පැත්තක තියලා හ්‍යුන්ග් ගේ ගෙදර ගියා...වෙනදා වගේම බාගෙට දොර ඇරලා දාලා...මට මතක් වුනේ එදා අපි දෙන්නා අතරේ වුන දේ...මගේ ජීවිතේ වැදගත්ම සිදුවීම වුන දවස..ඉතින් එදා වගේම මම එයාගේ කාමරේට ඇවිදගෙන ගියා....

මට හිතුනේ මම ගත්ත තීරනේ වැරදී කියලා...හ්‍යුන්ග් ගේ කාමරේ ලගින් ඇහුනේ ගෑනු ලමයෙක්ගේ කටහඩක්..හරියට කෙදිරිලි හඩක් වගේ...හිත වේගෙන් ගැහෙන්න ගත්තේ මම හිතන දේ නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්..

හිමින් හිමින් හ්‍යුන්ග්ගේ කාමරේ දොර ලගට ගිය මම දකින්න ඕනි නැති දෙයක් දැක්කේ..

හ්‍යුන්ග් හිටියේ ඒ ගෑනු ලමයගේ ඇග උඩ...දෙන්නගෙම ඇගේ පොඩිම ඇදුමක්වත් තිබුනේ නැහැ...හ්‍යුන්ග් ඒ ගෑනු ලමයව කිස් කරන ගමන් එයාගේ ඇග වටේ හ්‍යුන්ග්ගේ අත යවනවා...මම එතන ඉන්නවද කියලවත් හ්‍යුන්ග්ට ගානක් තිබුනේ නෑ..ඒ තරම් එයා ඒ දේට මත්වෙලයි ඉදියේ....

මගේ කකුල් දෙකම පන නැතිව ගියා..හිතට පිහි දාහකින් ඇන්න වගේ වේදනාවකුත් කෑ ගහලා අඩන්න උවමනාවකුත් ආවා..මගේ පපුවට අත තියාගෙන අනිත් අතින් කට වහගත්තේ හ්‍යුන්ග්ට ඇහුනොත් කේන්ති යයි කියන බයට ....ඉක්මනින්ම දුවගෙම ගියපු මම ආයෙත් පාරේ ඇවිදින්න ගත්තා...

මම ඇවිදින්නේ කොහෙද යන්නේ කොහෙද කියන එක ගැන මට කිසි ගානක් තිබුනේ නැහැ...මහ හයියෙන් වහින වැස්සේ මම ආයෙමත් තෙමුනා...වැස්සට පුලුවන් අඩුම තරමේ මගේ කදුලුවත් හංගන්න...

ඔහේ එහාට මෙහාට අඩ අඩ යනකොටයි එකපාරටම මට හෝන් එකක සද්දයක් ආවේ....ඇස් දෙකටම ආව ලයිට් එලිය තියන වාහනය මට ලං වෙනවා විතරයි මතක තිබුනේ.....

.......................................................................

වස් 3කට පසු......

"ජීමිනා..අනේ ආයේ ආවද මගේ සූකිරි කැටේ ..මම බයෙන් හිටියේ"

ටේ හ්‍යුන්ග් කියනවා මට ටිකෙන් ටික ඇහෙන්න ගත්තා...හිමින් හිමින් ඇස් අරිනකොටයි මට තේරුනේ මම ඉන්නේ හොස්පිටල් එකේ කියලා...ඒ කියන්නේ එදා මම ඇක්සිඩන්ට් වෙලා...

"ටේ...."

මම සම්පූර්ණයෙන්ම ඇස් ඇරිය ගමන් ටේ හ්‍යුන්ග් මාව බදාගත්තා...

ටේ හ්‍යුන්ග්වත් ජන්කුක්වත් බදාගෙන ඉවර උනාම මට එයාලගෙන් දෙයක් අහන්න මතක් උනා...

" ටේ......යුන්ගී හ්‍යුන්ග් ආවද මාව බලන්න?"

"නෑ ජීමින්...එයා ආවේ නෑ..ඇයි ඒ?"

"නෑ මුකුත් නෑ"

ඒ කියන්නේ මාව මැරෙන්න යද්දීවත් එයා ඇවිත් නැහැ නේද? හ්‍යුන්ග් ට මාව ඒ තරමට වත් වටින්නේ නැති කෙනෙක්ද?

"ජීමින්..ඔයාට මොනා හරි මට කියන්න තියනවද?"

ටේ එහෙම ඇහුවේ මගේ දිහා සැකෙන් බලන ගමන්...

මම ටේ හ්‍යුන්ග්ට උත්තර දෙන්න කලින් ගත්තේ ඩෙස්ක් එක උඩ තිබුන මගේ ෆෝන් එක...

3 missed calls
3 new messages

කෝල්ස් 3නම යුන්ගී හ්‍යුන්ග්ගෙන්..මැසේජ් තුනත් එයාගෙන්...ඒ මැසේජ් තුන දවස් තුනක දාපු ඒවා අන්තිම මැසේජ් එක දාලා තියෙන්නේ දැන් ටිකකට කලින්....

Yoongi:-Jimini mama hamadema kynnm oya enna ape gedara
   22/5

Yoongi:- jimin mata prashnayak ..plz mage lagata enna..mata oya nathuwa inna ba...ai reply karanne natte? 💔
23/5

Yoongi:- Jimin oya ayeth mawa dala giyada...ane yanna epa jimin...mama hamadema pahadili karannam..
6.17p.m

හ්‍යුන්ග්ට මාව ඕනි වෙලා...එයා මට හැමදේම කියයි..හැමදේකටම හේතුව කියයි...හ්‍යුන්ග්ව මටත් ආයෙත් ඕනි..මොන දේ කලත් මොන දේ උනත් මට හ්‍යුන්ග් ව විශ්වාසයි...

මම ඉක්මනින්ම හොස්පිටල් එකේ ඇදෙන් නැගිට්ටේ මගේ ජැකට් එක හොයන ගමන්...යුන්ගී හ්‍යුන්ග් ගේ ගෙදර යන්න හිතාගෙන...

"ජීමින් කොහෙද යන්නේ ...ඔයාට යන්න බෑ..ඔයාට තාම සනිප නැහැ?"

ටේ හ්‍යුන්ග් කෑ ගහනවා මට ඇහුනා

"ටේ හදිසි ගමනක්...මම ඉක්මනට එන්නම්"

මම දුවන්න හැදුවත් මගේ විලුබ වේදනා දෙන්න ගත්‍තා..එකපාරටම මම වැටෙන්න ගියාම මාව අල්ලගත්තේ ටේ හ්‍යුන්ග් ...

"ජීමින් බලාගෙන ඔයාගෙ කකුල ..ඔයාට තාම හරියට ඇවිදින්න බැහැ"

"කමක් නෑ..මම ඉක්මනට එනවා ටේ..."

ටේ හ්‍යුන්ග් කියන දේ අහන්නේ නැතිව මම හ්‍යුන්ග් ගේ ගෙදර ගියේ ටැක්සියකුත් අරගෙන..

........................................................................

මම හ්‍යුන්ග්ගේ ගෙදර ගිහින් දැන් පැයක් වෙනවා...ෆෝන් එකත් දවස් තුනකින් චාර්ජ් කරලා නැති නිසා ඕෆ් උනා...ඒත් හ්‍යුන්ග් එනකම් මම එයාගේ ගෙදරට වෙලා බලන් හිටියා..මගේ ඇග තාමත් රිදුම් දෙනවා...ඒත් ඊට වැඩිය රිදුනේ මගේ හිත...ඒ හිතට බෙහෙත් හොයාගන්නයි මම දැන් ආවේ...

හ්‍යුන්ග් ගෙදර ආවේ හොදටම රෑ වෙලා..ඒ විතරක් නෙමෙයි...හොදටම මත් වෙලා..එයා ඇවිදගන්නවත් බැරි වෙන්න තරම් මත් වෙලයි ඉදියේ..හ්‍යුන්ග් ඇතුලට ඇවිත් මගේ දිහා ටිකක් වෙලා බලන් ඉදලා අඩන්න ගත්තා....

"ජීමිනි ඔයා ආවද?"

හ්‍යුන්ග් අඩනවා මට බලන්න බෑ...මම ආයෙත් එයාගේ කදුලු වලට රැවටුනා..මම ගිහින් හ්‍යුන්ග් ව ඉක්මනට අල්ලගත්තේ එයා වැටෙයි කියන බයට...

"මගේ ජීමිනි මාව දාලා ගියේ නෑ...මගේ බබා ආව නේද මාව හොයාගෙන...මම හිතුවේ ඔයා මාව සදහටම අතෑරිය කියලා මැනික"

හ්‍යුන්ග් ආයෙත් අඩන්න ගත්තේ හරි සිහියක් නැතිව...

"නෑ නෑ ...මොන දේ උනත් මම ඔයාව දාලා යන්නේ නෑ මගේ පන...මට ඔයාව දාලා යන්න බැහැ..."

හ්‍යුන්ග් අඩන එක ආයෙත් වැඩි උනා..

" එහෙනම් තමුසේ කොහෙද මෙච්චර කල් හිටියේ...?"

හ්‍යුන්ග් එකපාරටම මාව අතෑරල තල්ලු කලා..මාව ගිහින් වැදුනේ ලග තිබුනු මේසෙක...මගේ කකුල තවත් තුවාල වුනා..දැන් තේරුනේ නැගිටින්නම බැරි තරමට වගේ....

ඒත් හ්‍යුන්ග් ටිකෙන් ටික මගේ ලගට එන්න ගත්තා ...හ්‍යුන්ග් මගේ ලගට ඇවිත් එකපාරටම මගේ කම්මුලට පහරක් ගැහුවා..මම පුදුමෙන් වගේම දුකෙන් හ්‍යුන්ග් දිහා බැලුවේ ...හ්‍යුන්ග්ගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා...ඇස් වල කේන්තියක් වගේම ආදරයක් තිබුනා...ඒ කේන්තිය පරදවලා මගේ හිත ගියේ ඇස් දෙකේ තිබුන ආදරේට...

"හ්‍යුන්ග්"

මම කෙදිරි ගෑවේ ඇගට දැනුනු වේදනාවට...තාම හරි සුවයක් ලැබිලා නැති මගේ ඇගට හ්‍යුන්ග් තවත් වද දුන්නා...

"තමුසේ කොහෙද හිටියේ...වෙන කොල්ලෙක් එක්කද?"

හ්‍යුන්ග් ඒ සැරේ ඇහුවේ මගේ කොන්ඩෙන් අල්ලලා මිට මොලවගන්න ගමන්..එයා ඇදපු පාරට මගේ ඔලුව රිදුනත් මම තාම ඉවසුව හ්‍යුන්ග් හොද සිහියෙන් නෙමෙයි කියලා දන්න නිසා...

හ්‍යුන්ග් ආයෙත් එහා පැත්තට හැරුනු ගමන් එයාගේ සමබරතාවය නැතිව  වැටෙන්න ගියේ වීදුරු මේසයක් උඩට...හ්‍යුන්ග් වැටෙන්න කලින් මම ඉක්මනට ගිහින් හ්‍යුන්ග් ව අල්ලගත්තා...කකුල අමාරු උනත් මම එයාව බේරගන්න ඉක්මන් උනා...

මම හිමින් හ්‍යුන්ග් ව එයාගේ කාමරේට අරන් ගිහින් ඇද උඩින් තිබ්බා...ඒත් මට ආපහු නැගිටින්න ලැබුනේ නැහැ..හ්‍යුන්ග් මාව ඇදලා අරන් මාව කිස් කරන්න ගත්තේ බලෙන්ම..මගේ ශරීරය දැන් මේකට සූදානම් නැහැ...මගේ ඇග තාම සුව වෙලා නැහැ..මම හ්‍යුන්ග් ට එපා කියලා කෑ ගැහුවත් එයා බලහත්කාරයෙන්ම මාව ඒකට යොමු කරගත්තා...මගේ ඇග වේදනා දෙනකොට මම හයියෙන්ම ඇඩුවත් හ්‍යුන්ග්ට ඒවා ගානක් නැති උනා...අන්තිමේදි එයාට ඕනි දෙයක් කරගන්න දීලා මම මගේ වේදනාව ඉවසුවේ ඒකෙන් හරි එයාගේ හිත හැදෙන නිසා.....

.......................................................................

උදේ නැගිටිනකොට හ්‍යුන්ග්ට කිසිම දෙයක් මතක තිබුනේ නැහැ...එකපාරම අපි දෙන්නම ඇහැරුනේ හ්‍යුන්ග්ගේ ෆෝන් එක රින්ග් වෙනකොට...එයාට උදේම ආව කෝල් එක ආයෙත් මගේ හිත රිද්දුවා...නම්බර් එක සේව් කරලා තිබ්බ විදියෙන් මම හිතුවේ ඒ සොල් හී වෙන්නැති කියලා...

My baby❤️

හ්‍යුන්ග් ඉක්මනටම ෆෝන් එක අතට අරන් කෝල් එක කට් කලේ මට පේන්නේ නැති වෙන්න ඒත් මම කලින්ම ඒක දැක්කා..

කමක් නෑ හ්‍යුන්ග් ඔයා කවදාහරි මට හැමදේම කියයිනේ...

"ජීමින්...ඔයා-ඔයා දැන් යන්න..ම-මට අපේ තාත්තලගේ ගෙදර යන්න වෙනවා" 

හ්‍යුන්ග්ට වචනත් පැටලුනේ බොරු කිවුව නිසා වෙන්නැති...හ්‍යුන්ග් මොන බොරුව කිවුවත් මම දැන් දන්නවා ඔයා යන්නේ මට හොරෙන් ඒ කෙල්ලව හම්බෙන්න කියලා...ඒත් මම මේ කිසි දෙයක් නොදන්නවා වගේ ඉන්න තිරනය කලා...

ඒ දවසින් පස්සේ අපේ දින ගෙවුනේ හරිම වෙනස් විදියකට....

.......................................................................

දවසක හ්‍යුන්ග් මාව සෝල් පාක් එකට එක්කන් ගියා...අපි දවසම සතුටින් ගත කලා..එයා මට ගොඩක් දේවල් අරන් දුන්නා වගේම ගොඩක් මතකයන් දුන්නා..ඒත් එදා රෑ එයාට ආයෙමත් ඒ කෙල්ලගෙන් කෝල් එකක් ආවා..එයා මාව පාක් එකේ තනියම දාලා ගෙදර ගියා.....

තවත් දවසක මම එයාගේ ගෙදර ගියේ එයා කැමතිම පීසා එකත් අරගෙන..මගේ අතින්ම හදපු එකක්..ඒත් එයා ගෙදර එනකොට හොදටම මත් වෙලා..හොදටම බීලා...මමත් කන්නේ නැතුව බලන් ඉදියේ එයා එනකම්...එයා ආවෙත් පාන්දර වෙලා...ආයෙමත් බලහත්කාරයෙන් එයා එදා මාව ඇල්ලුවා...

ස්කෝලෙදි එයා හැසිරුනේ මාව අලුතින් දන්න යාලුවෙක් වගේ..සොල් හී ස්කෝලෙට ඇවිත් මගේ ඉස්සරහම හ්‍යුන්ග් එක්ක හුරතල් වෙච්ච වාර අනන්තයි...ඒ වෙලාවට හ්‍යුන්ග් හිටියේ ජීමින් කියලා කෙනෙක් මේ ලෝකේ නොහිටිය ගානට...

තවත් දවසක අපි දෙන්නා කොෆී ශොප් එකකට ගියා..අපි හිටියේ ගොඩක් සතුටින්...ඒත් ඒ සොල්හී එතනට කඩාපාත් වෙනකම් විතරයි..එයා එතනට ආපු වෙලේ ඉදන් හ්‍යුන්ග් මට සැලකුවේ අමුත්තෙකුට වගේ..මගේ ඉස්සරහම එයාව කිස් කරන එකවත් දැන් හ්‍යුන්ග් ට ගානක් නැති වෙලා...

කාලය ගෙවුනේ මගේ හිතට ගොඩක් වද දෙමින්..හිත කැඩෙන එකයි ආයෙ හදන එකයි මම එයාටම භාර කරලා නිකන් හිටියා...

මගේ කකුල හොද වෙන්නත් කලින් ආයෙත් වැදුන පාරට කකුල හොදටම ඩැමේජ් වෙලා...ආයෙත් මට කවදාවත් ඩාන්සින් කරන්න බැරි උනා..මගේ ලකුනුත් හොදටම පහල බැස්සා..කවදාවත් නැතුව මම පංතියේ 20 වෙනියටත් වඩා පහල බැස්සා..ශොප් එකේ වැඩවත් මට හරියට කරගන්න බැරි උනා...

........................................................................

දවසක් එයා ආවා මගේ ලගට..ඇවිත් කාඩ් එකක් දීලා එක දෙයක් කියලා ගියා...

"ජීමින්...මම සොල් හීව බදින්න යන්නේ මේක මෙතනින් නතර කරමු" කියලා..

එයා මගේ දිහා බලන්නෙත් නැතුව ඒක කිවුවේ..ඒත් මම හිනා වෙලා ඒ උත්තරේ පිලිගත්තේ කවදමහරි දවසක මේක වෙනවා කියලා දැනගෙන..

හ්‍යුන්ග් හැරිලා යන්න ගියා...මම මේ තරම් වෙලා හිර කරගෙන ඉදපු කදුලු එක්ක අඩන්න ගත්තේ ඒ කාඩ් එක දිහා බලන ගමන්..ඒ එයාගේ වෙඩින් කාඩ් එක..බොහොම ලස්සනට හදලා තිබුනා...තව සතියකින් එයාලා බදිනවා..හ්‍යුන්ග් කියන්නේ මට හිත හදාගෙන වෙඩින් එකට එන්න කියලා වෙන්නැති...මගේ හිත එයාගේ වගේ ගලක් නෙමෙයි කියලා එයා දන්නේ නැතුව ඇති......

........................................................................

හ්‍යුන්ග්ගේ වෙඩින් එකට තව දවස් දෙකයි...මම හැමදාම රෑට හොරෙන් අඩන එක පුරුද්දක් කරගත්ත නිසා දැන් නින්ද යන්නේ ගොඩක් රෑ වෙලා..මම මගේ හිත හදාගෙනයි තිබුනේ හ්‍යුන්ගව..මගේ සෙල්ලක්කාරයව වෙන කෙනෙක්ට දීලා එයා දිහා ඈත ඉදන් බලන් ඉන්න....මොනදේ උනත් මම දන්නවා මේ ආදර කතාව එයාගෙ තවත් සෙල්ලමක් නෙමෙයි කියන එක....

මම වෙලාව බැලුවා...10.05යි..ෆෝන් එකට හ්‍යුන්ග්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනා....

Yoongi:- ජීමිනි..මම මගේ තීරනය වෙනස් කලා...මම සොල් හීව බදින්නේ නැහැ.. ඒ ඔයා නිසා...මේ තරම් කල් මට තිබුනේ ගෙදර ප්‍රශ්නයක්..එයාලා මාව පවුලෙන් එලවයි කියලා මම බය වුනා...ඒකයි ඔයාගේ ආදරේට මම බොරු කලේ...මම අද ඇමරිකා යනවා..අවුරුදු 4කට..අන්තිම වතාවට ඔයාව බලන්න ඕනි මට...ඔයාව මගේ ලගට ගන්න සාර්තක මිනිහෙක් වෙලා මගේ හැම ජරා පුරුද්දක්ම අතෑරලා මම ඔයාට හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්නම්...මගේ ෆ්ලයිට් එක 11ට...ප්ලීස් 9 වෙනකොට පාක් එක ලගට ඇවිත් ඉන්න...එහෙම උනොත් මගේ තීරනය වෙනස් වේවි...මම ඔයාට ආදරෙයි ජීමින්..හැමදාම ආදරේ කලා...ඔයත් මට ආදරෙයි කියන්න එයි කියලා මම බලන් ඉන්නවා...

හ්‍යුන්ග්ගේ මැසේජ් එකට මට ඇඩුනේ දන්නෙම නැතුව...එයා අන්තිමේදි එයාගේ තීරනය අරගෙන..අන්තිමේදි වෙනස් කෙනෙක් වෙන්න හිතලා...දැනටමත් මම පරක්කුයි..

ඉක්මනට ලග තිබුන ඇදුමත් දාගෙන මම පාරට දිවුවේ වාහනයක් හොයාගන්න...තාමත් හ්‍යුන්ග් මොනම හේතුවකට හරි ඇති කියලා බලාපොරොත්තුවෙන්...

කිසිම වාහනයක් නැවැත්තුවේ නැහැ..මම පයින්ම දුවන්න ගත්තා...කකුලේ විලුබේ තුවාලේ නිසා දුවන එකත් අමාරු උනා...

ඒ උනත් පැය භාගයක් විතර ඇතුලත මම එතනට ගියා...පාක් එකේ සෙනග පිරිලා...වටපිට බැලුවත් මට හ්‍යුන්ග් ව හොයාගන්න බැරි උනා...එයා ගිහින්ද කොහෙද....9ට එන්න කියපු කෙනා 10.30 ට එනකම් කෙනෙක් බලන් ඉදීද...

මම දිග හුස්මක් හෙලුවේ මට හ්‍යුන්ග් ව මගෑරුනා නේද කියලා හිතලා..එතකොටයි මම දැක්කේ හ්‍යුන්ග් වටපිට බලලා පාරෙ එහා පැත්තෙන් ටැක්සි එකකට නගිනවා...

මගේ හිතේ ඇති උන සතුට ...එයා යන්න කලින් මට එයාව බලන්න පුලුවන්...එයාගේ තීරනේ වෙනස් කරන්න පුලුවන්...එයාගෙයි මගෙයි අනාගතේ වෙනුවෙන් සුභ පතන්න පුලුවන්...

හ්‍යුන්ග්ගේ කාර් එක ස්ටාට් කරනවත් එක්කම මම පාරෙන් එහා පැත්තට දිවුවේ කලර් ලයිට් වත් බලන්නේ නැතුව....මට හ්‍යුන්ග් ව අන්තිම වතාවට දකින්න පුලුවන්....අපේ අනාගතේ වෙනස් වේවි...අපේ ආදරේට ඉඩක් ලැබෙයි....මේ වගේ දහසක් සිතුවිලි එක්ක නොසැලකිල්ලෙන් මම පාර හරහා දිවුවත්....

එකපාරටම කොහෙන්දෝ ආව ලොරියක් මගේ ඇගේ හැප්පුනා..ඔලුවේ ලොකු වේදනාවක් එක්ක මම බිමට වැටුනා..ඔලුවෙන් ලේ ගලනවා වැඩි වෙනකොට මගේ සිහිය ටිකෙන් ටික නැති වෙන්න ගත්තා..ඇසි බාගෙට පියවීගෙන ආවත් සම්පූර්ණයෙන්ම ඇස් පියවෙන්න කලින් අන්තිමට මම දැක්කේ හ්‍යුන්ග්ගේ කාර් එක පිටත් වෙලා යන විදිය.....

අඩසිහියෙන්ම මම හ්‍යුන්ග්ගේ වාහනේ දිහාට අත දිගු කලා..හ්‍යුන්ග් මගේ දිහාවට නැවත හැරිලා එයිද? මගේ අවසන් හුස්ම වැටෙන්න  කලින් මගේ ආදරේ එයාට කියන්න..

නමුත් වාහනේ දිගෙන් දිගට මගෙන් ඈත් වෙන්නත් මගේ සිහිය හිමින් හිමින් අවසිහියටත් පත් වුනා

සමහරවිට මන්  ඒ ගත්තේ මගේ අවසන් හුස්ම වෙන්නැති....හ්‍යුන්ග් ගේ ජීවිතේට සැනසීම දීලා මම එයගෙන් වගේම මුලු ලෝකෙන්ම සදහටම සමු ගත්තා....

සමු ගත්තේ මම විතරයි...මගේ ආදරේ නෙමෙයි.

........................................................................

3dr person's pov :-

5 years later

"ජීමින්"

යුන්ගී කතා කලේ එයත් එක්ක තරු  බලන්න එයාගේ පුන්චි පලමු දරුවා ජීමින්ට...

"තාත්තේ...මම තරු වලට ගොඩක් ආසයි"

පුන්ච් දරුවා දුවගෙන ඇවිත් යුන්ගිගේ උකුලේ ගුලි වුනා....

"ඔව් මගේ පුතේ මම දන්නවා..හරියට ඔයාගෙම නම තියන තව කෙනෙක් වගේ"

එහෙම කියනකොට එයාගේ බිරිද සොල් හී එතනට ආවේ අනිත් දරුවවත් වඩාගෙන...

"යුන්ගී..ඇත්තට මොකක්ද ජීමින් කියන එකේ තේරුම ?"

සොල්හී ඇහුවේ යුන්ගී එයාගේ පුන්චි ජීමින්ව උකුලට ගන්නවා බලන් ඉන්න ගමන්...

පුන්චි දරුවත් එක්ක අහස දිහා බලපු යුන්ගී දරුවගේ අත අරන් සිපගත්තේ එක් විශේෂ ස්තානයක්...ඒ ඒ දරුවට උපතින්ම ලැබුනු ඇගිල්ලක තිබුනු පුන්චි කැපුම් පාර වගේ සලකුන...

"ඒකේ තේරුම නම් මම දන්නේ නෑ...ඒත් ඒ නමට ලොකු තේරුමක් දුන්න කෙනෙක්වනම් මම දන්නවා"

යුන්ගී කිවුවේ අහස දිහා බලාගෙන..මේ තරම් කාලයකට එයා යවපු මැසේජ් වලට ජීමින්ගෙන් එකම ප්‍රතිචාරයක් වත් නැත්තේ ඇයි කියලා හිතන ගමන්...

එයා අදත් ඒ විශේෂ දවසේ එයාට මැසේජ් එකක් දැම්මා...

Yoongi - Happy Birthday Jiminie

ඒත් එයාට කවදාවත්ම ඒ මැසේජ් එකට රිප්ලයි එකක් ලැබුනේ නැහැ....කවමදාවත්

-සමාප්තයි-

........................................................................

A/n :- වැඩක් නැති හදිසි කතාවක්...

Thank you for reading 💜️

Bạn đang đọc truyện trên: Truyen247.Pro