Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

War Of .......ships

" කෝ යමු කට්ටියම"

හැරමිටියත් උඩට උස්සගෙන කෑ ගහපු ග්‍රැනී අනිත් අයවත් එක්කගෙන ඉස්සරහට දිවුවා....

ඒත් එකපාරටම අයියූ එයාලගේ ඉස්සරහට පැනලා අත් දෙකෙන් එයාලට යන්න තිබ්බ පාර වැහුවා....

"ඔහොම හිටු යකුනේ..උන් තාම බානවා"

"බානවා කිවුවේ...කෙකර බානවද?"

අබී මැද්දෙන් පැන්නේ අනිත් හැමෝම මූනෙන් මූන බලාගනිද්දි...

"නෑ නෑ යානේ ගොඩබස්සනවා"
චාමී කිවුවා....

"කෝ ඉතින් කොරන්න බෑනේ මුන් එක්ක...වචනයක් අහු වුනොත් ඇති ..සැක්.. තාම පසු තැවෙනවා මුන් ටික හදාගන්න ගත්තු එකට"
නෙකෝ එයාටම කියා ගත්තේ අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න..

"මොකක්ද ඔම්මා කිවුවේ?"
ලාවට නෙකෝ ගේ කටහඩ ඇහුන මිසූ නෙකෝ ගෙන් ඇහුවේ හුරතල් පෙනුමක් මවාගෙන...

"නෑ නෑ..උබලව හදාගන්න ගත්තේ පෙර කල පිනකට කියලා කිවුවේ..පේනවනේ අබියලා යුනෝලා මැන්ඩිලා ටාරලා කිටීලා ...හරිම ගරු නම්බු සහිතව හැසිරෙනවා..."
නෙකෝ කිවුවේ මේ කට්ටිය දිහා හොරෙන් බලන ගමන්....

මේ අතරේ අබී එයාගේ කොස්ස අරන් හැඩ බලනවා...

ටාරා ග්‍රැනීව උඩ පහල පා කරනවා...
"ඉදාම් දෙන්නම් ටොපි බොත්තම් වලින්ම කිය කිය..."

කිටී යුනෝගේ පස්සෙන් දුවනවා...."මගේ චූටි මගේ චූටි එන්න බදිමු..බදින්න බැරි නම් එන්න අපි දෙන්නා තෙල් දාලා ගමු කියලා..."

මැන්ඩි ඉටි පන්දම් පත්තු කරන්න ගිනි පෙට්ටි හොයනවා..

ඒ අස්සේ දසූ කෑ ගහනවා තාම ගල් යුගේ මෙහෙ ගින්දර හොයන් නෑ කියලා...

විමූ කෑ ගහනවා ග්‍රැනීලා ලග තිබ්බ ගින්දර ගැන කියලා...

බාවී තරූ අයියූ ආයේ නටනවා යාගෙකට කියලා...

අශී බිසූ එක්ක යන එනමන් කතා කරනවා.."ඔයා හෝමගමද......නෑ මන් අගහෝමගම ....දැන් අගහරුවලනේ පදින්චිය කිය කිය"

නෙත්මි.හැමතැනම ඇවිදිනවා
"ඩූ යූ නෝ ඉන්ග්ලිශ්" කිය කිය...(ජින් යූ නෝ බීටී එස් කියනවා වගේ)

ටෙශා තරූට ගහන්න පොල්ලක් හොයනවා....පලිය ගන්න..

ඔවී නික්සා එක්ක පැත්තක ඉදන් තාලෙට වැනෙනවා..

මේ අස්සේ චාමි ගිහින් දෙයියෙක් වෙන්න යාගයක් කරනවා.....

මේ ඔක්කොම කරන දෙවල් බලපු මිසූ නෙකෝ දිහා බැලුවේ පුදුම වෙලා....

"මන් හිතුවේ සෙට් එකට පිස්සු කියලා .හැබැයි ඉතින් ඔම්මා කියනවා නම් නෑ කියලා...නෑ තමයි ඉතිම්..."
කියපු මිසූ ත් ගිහින් එයාලට එකතු වුනා.....

"නවතින්න...ඔහෝම නවතින්න...දැන් යමු සටනට"

යන්න හදපු මිසූවත් නවත්තගෙන නෙකෝ කිවුවේ පෙරමුන ගන්න ගමන්....

නෙකෝ කිවුවේ ජීකුක් යානය ගොඩ බස්සන දිහා බලන් ඉදලා..

කට්ටියම කරන දේවල් නවත්තලා නෙකෝ ගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.......

"හුරේ...අද දෙන්නම් බැටේ"

කට්ටියම එකවර කෑ ගහගෙන යානය ගොඩ බස්සන තැනට ගියා.

ජීකුක් ලා ඔක්කොම යානයෙන් බැහැගෙන ආවා...එක්කෙනෙක් බැහැපු ගමන්  කියවන්න ගත්තා...

"මේ මොක්කුද මේ...වැද්දෝ ද ?"
එක්කෙනෙක් කිවුවා...

"අපෝ බලන්නකෝ ඇදුම්..කොල අතු ඇදන් ඉන්නෙ...හිගන පැටවු වගේ"
තව කෙනෙක් කිවුවා....

"අපෝ මේ අර වැඩකට නැති ටේකුකර්ස්ලා නේද"
තව එක්කෙනෙක් කිවුවා...

මේ හැමෝම ටේක්කිලා දිහා බලන් නපුරු විදියට හිනා වෙන්න ගත්තා.ටේක්කිලා හිටියේ හොදටම කේන්ති ගිහින්....මේ අතරේ මැන්ඩි හැමෝගෙම අතරින් ඉස්සරහට ආවේ එයාගේ බලය පාවිච්චි කරලා ඉටි පන්දම් අතේ මවාගෙන....

"මට ඔයාලා ගැන දුක හිතෙනවා ජීකුකර්ස්..ඔයාලා හැප්පුනේ වැරදි ෆැන්ඩම් එකත් එක්ක...නෑ වැරදි ෆැමිලි එකත් එක්ක..." 😏

මැන්ඩි කිවුවේ අනිත් අයට ඉගි කරන ගමන්...

"පටන් ගමු කෙල්ලනේ"
...ටාරා දුවගෙන ඉස්සරහට ගියා.....

........................................................................

සටන අතරතුර.....

ග්‍රැනීව දෙන්නෙක් වට කරගෙන හිටියේ....

"දෙන්නම් අද කොකනට් සම්බෝල එක්ක පාන්දර දර පාන් වලින් "

ග්‍රැනී කිවුවේ ජිකුක්ලා දෙන්නට එරෙහිව එයාගේ බලය පාවිච්චි කරමින්......

පොල් ගහක් මවලා ඒක හරහා එක්කෙනෙක්ව උඩ යැවුවා...තව එක්කෙනෙක්ව පාන් මවලා පාන් ගොඩේ යට කලා......

ටාරා එක ජීකුක්කෙක්ව උඩ යවනවා පහල යවනවා....යානයේ වද්දනවා පොලොවේ වද්දනවා....

මැන්ඩි එක්කෙනෙක්ව ඉටි පිලිමයක් කරන ගමන්.....

නෙකෝ බිම ඉදගෙන අහක බලාගෙන එක එක ගොඩනැගිලි හතර වටෙන් ගොඩ නැගුවේ ජීකුක්ලට ඒ සීමාවෙන් එහාට පැනගන්න බැරි වෙන්න...

"පවු අසරන ජීවිත..."

නෙකෝ එයාටම කියා ගත්තා...

චාමි ඒ ගොඩනැගිලි සම්බන්ද කරලා වහලයක් හැදුවේ  ජීකුක්ලට අහසින් පැනගන්න බැරි වෙන්න...

යුනෝ කෙලින්ම ගිහින් අත තිබ්බේ ජීකුක්ලගේ යානයට...අත තිබ්බ ගමන් යානය කුඩු වෙලා ගියා...ආයේ එයාලට පැනගන්න බැරි වෙන්නම...

නික්සා හෝ ගාලා එක්කෙනෙගේ ඔලුවට පොල් ගෙන්න ගෙන්න ගහනවා....

"යකෝ දේවාලයක් නෙමෙයි ඔය ලමයගේ ඔලුව... පොල් ගහන්න"

අබී කිවුවේ එයාගේ කොස්සෙන් පාවෙලා ගිහින් කොහු මිට එක්කෙනෙක්ගේ ඔලුවේ අනින ගමන්.....

මිසූ එක්කෙනෙක්ව කන්පියුස් කරනවා හායි බායි කිය කිය මතු වෙනවයි නැති වෙනවයි ගමන්...

අන්තිමට ඒ ජීකුක්කා කලන්තේ දාලා වැටුනා......

"මොලේ නිකම් මඤ්ඤොක්කා වුනා" කියන ගමන් .....

කිටී ජීකුක්කෙක්ව පිටේ තියන් වේගෙන් එහාට මෙහාට දුවනවා...
එකපාරම දුවලා බ්‍රේක් ගහල ජීකුක්කව බිමට වට්ටනවා.
මෙහෙම දෙතුන් දෙනෙක්ටම කරගෙන ගියා...

"සා අස්සයෙක් වෙන එකත් මරු"
කිටී තමාටම කියා ගත්තේ අස්සයෙක් වගේ උඩ පනින ගමන්...

මේ අතරේ විමූ එක එක්කෙනාව අවුරුදු 80කට විතර වයසට යවනවා....
මොකද ජීකුක්කා ඔක්කොම වගේ 18ට අඩු අයනේ....

ටේශා ඒ අයගේ මොලේ රිද්දෝනවා..

අන්තිමට ඒ වයසට ගිය අය තනියම කියව කියව යන්න ගත්තා...

"මගේ මොලේ රිදෙනවා වගේ ...දැන් බණක් භාවනාවක් කරගන්න කාලේ හරි වගෙ"

දෙන්නෙක්ම තුනටියත් අල්ලගෙන එහා මෙහා සක්මන් කරනකොට විමූ ටෙශා එක්ක පහක් දාගත්තා....

මේ අතරේ අශී  එක්කෙනෙක්ගේ අතේ තියන බේස්ලට් එක බූමරංගයක් වගේ එහා මෙහ යැවුවා...බේස්ලට් එක උඩ ගියේ අයිතිකාරයත් එක්කමයි...

බිසූ කෙනෙක්ව බිසී කලේ පොලව හාරවන්න දාලා..ඒ අස්සේ පනුවෝ මතු වෙනකොට ඒ පනුවොත් අරන් දාන්න වුනා ඒ කෙනාට.....

මේ අතරේ නෙත්මි හෝ ගාල එක්කෙනෙක් එක්ක english වලින් කතා කරනවා...ඒ ජීකුක්කගේ ඇස් දෙක රෝල් වෙලා ගිහින් ඒ ජිකුක්කත් කලන්තේ දැම්මා...

"හම්මෙ මොලේ කුරුවල් ද මොකක්ද වුනා"
කියාගෙන...

මේ අතරේ තරු එක්කෙනෙක්ගේ මතකය නැති කරනවා...

දසූ ඒ වෙලාවෙම ඇවිත් ඒ මතකය නැති කරපු ජිකුක්කව ඉමෝසනල් කලා....

දැන් ඒ ජීකුක්කා අඩනවා හේතු නැතිව..පොලවේ පස් කකා අඩනවා....

ඔවී එක එක්කෙනාගේ සපත්තු පා කර කර ඒකෙන් අනිත් අයගේ ඔලුවලට ගහනවා....

බාවී ජීකුක්ලා ඔක්කොගෙම මොල වල ටේකුක් තැන්පත් කරනවා.....

මේත් එක්කම අයියූ ඇවිත් කෑ ගැහුවා....

"හොද වැඩක් දරුවනේ....ඔයාලා හොදට සටන් කලා...."

අයියූ කිවුවේ එයාගේ අත එහෙට මෙහෙට කරමින් මොනවද කරන ගමන්....

එකපාරටම ජීකුක්ලයි එයාලගේ යානයයි වගේම එයාලට සම්බන්ද හැමදේම නොපෙනී යන්න ගත්තා....

ඒ හැමදෙයක්ම දූවිලි වලාවක් වගේ වෙනකොට ටේක්කිලා හිටියේ කට ඇරගෙන බලාගෙන..

"මො-මොකක්ද ඒ වෙන්නෙ?"

විමූ ඇහුවා...

ටිකක් වෙලා නිහඩව බලන් හිටපු අයියූ එකපාරටම හිනා වෙලා මෙහෙම කිවුවා..

"ලමයි ඒක ටෙස්ට් එකක්..ඔයාලගේ එකමුතු කමයි ශක්තියයි බලන්න..තව ඔයාලගේ පවර්ස් වැඩ කරන විදිය බලන්න මන් මවපු මායාවක් මේ ජීකුක් යානය.."

අයියූ කිවුවේ අහස දිහා බලාගෙන...

"මොකක් මේ හැම දෙයක්ම ඔයාගේ මායාවන්ද අයියූ?"

යුනෝ ඇහුවේ පුදුම වෙලා......

ටිකක් වෙලා අහස දිහා බලන් ඉදපු අයියු අනිත් අය දිහා බලලා ආයෙත් කතා කලේ සන්සුන්ව.......

"නෑ හැමදෙයක්ම නෙමෙයි....බලන්න දැන් අහස දිහා...ඒක මගේ මායාවක් නෙමෙයි..."

අයියූ කියනකොට හැමෝම අහස දිහා බැලුවා...එතන තිබුනු අගහරු වලට ගොඩ බහින තවත් යානයක්...එක දැකපු හැමෝගෙම ඇස් ලොකු වුනේ යානයේ ගහලා තිබ්බ නම දැක්කමයි...... හැමෝටම කිය වුනේ එකම දෙයක්.....

"මේක හීනයක්ද...?"

ඇස් ලොකු කරන් යානයටම ඒ ඇස් යානයටම  අලවගෙන ඉදපු මේ අයට නොදැනම කිය වුනා...

යානයේ ගහලා තිබ්බෙ.....




























*BTS*

  කියලා.....

........................................................................

A/n:- ඊලග කොටස අන්තිම වගේම පුන්චි කොටසක් වේවි....





Bạn đang đọc truyện trên: Truyen247.Pro