Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Girls Meet______

"මමත් මෙතන ඉන්නවා"

කීටීයි අබීයි පිටිපස්ස හැරිලා බැලුවේ බය වෙලා....

බලනකොට එතන හිටියේ කෙනාව දැක්කම දෙන්නම බය වෙලා කෑ ගැහුවා...

"බුදාම්මෝ බේරගනියෝ"

අබි කිටීයි යානය වටේ සී සී කඩ දුවන්න ගත්තා...

මෙයාලා දැක්කේ මැන්ඩිව...තිබුන ෆෝන් එකේ ෆ්ලෑශරේ මූනට අල්ලගෙන යකෙක් වගේ හිනා වෙලා මැන්ඩි හිටියේ....

"අබියෝ...කිටියෝ දුවන්න එපා ඕයි...මේ මම මැන්ඩි..."

මැන්ඩි එයාලගේ පස්සෙන් දුවන්න ගත්තා....පිටිපස්ස හැරිලා බැලුව අබී කිටියි කටත් පුලුවන් තරම් ඇරගෙන කෑ ගහන්න ගත්තා....

"අනේ බෑංටෑන් දෙවියනේ අපිව බේරගන්ඩෝ"

අබි කෑ ගහද්දී දුවගෙන ගිහින් එයාව වැටුනේ කිටීගේ ඇග උඩට....දෙවෙනි සැරේටත් පස්ස බිම ඇනගෙන කිටී බිම...අබී කිටීගේ ඇග උඩ...මැන්ඩි අබීගේ ඇග උඩ...

"හම්මෝ..මගේ තුනටිය අබියෝ"

කිටී යටම ඉදන් කෑ ගැහුවා...

"මගේ කොන්ද"

අබීත් කෑ ගැහුවා...

"අහගනින් තොපි දෙන්නම...මම මැන්ඩි..කිම් මැන්ඩී...බය වුනොත් දෙනවා පයින් ආයේ පෘතුවියට යන්නම"

මැන්ඩි කියන ගමන් නැගිට්ටේ අනිත් අයටත් නැගිටින්න උදවු කරලා...

"ඉතින් ඇයි මැන්ඩෝ හොල්මන් කරන්නේ...?"

"හොල්මන් කොරේ නෑ බම්..මම මේ ෆෝන් එක වැඩද බැලුවා"

"ඒක මිසක්...දැන් වැඩද ෆෝන් එක"

කිටී ඇහුවේ තුනටිය අල්ලගෙනම නැගිටින ගමන්....

"ඔක්කොම හරි...මේ කී බෝඩ් එක තමයි අම්මපා අල්ලලා විසික් කොරනවා මම දැන්"

"ඔවුවා ගනන් ගන්න එපා මැන්ඩෝ..අපේ ඔම්මගේ කීබෝඩ් එකත් සෝජු හලාගෙන ඔමේගට ඔම්මා කිවුව අවස්තා නැතුව නෙමෙයි"

කිටී කියාගෙන යද්දී මැන්ඩි දිවුවේ පාලන කාමරේට......

ඈත ඉදන්ම අබී කිටී මැන්ඩිට කෑ ගැහුවා...

"මැන්ඩෝ..මක්කැයි කොරන්න යන්නේ?"

මැන්ඩිගේ මූනේ තිබුනේ දරුනු හිනාවක්.

"ගොන් කරත්ත වී බිස්සට එලවන් ගියපු මට මේ යානය එලවන එක කජු කනවා වගේ"

මැන්ඩි යානය වේගයෙන් අරගෙම යද්දී කිටී හිටියේ ආයෙත් බිම..අබී නම් යන්තම් කොස්ස නිසා බේරුනා...

........................................................................

"මාව බේරගනියෝ...පීනන්න බැරියෝ"

විමූ කෑ ගහද්දී කට්ටියම පිටි පස්ස හැරිලා බැලුවා...

"මේ මුහුද ගිලෙන්නේ නෑ විමූ...පාවෙනවා...මේ තටු ඇවිත් වගේ පාවෙනවා...රෝස මල් වතුරට වැටුනා  වගේ පාවෙනවා"

ටාරා කිවුවේ බොරුවට දගලපු විමූගේ කකුලකින් අදින ගමන්....

"ඔන්න සෝස මල මතක් වෙලා"
දසූ කිවුවා.....

මේ අතරේ ඉස්සරහින්ම පීනුවේ නෙකෝ...එයාට පිටිපස්සෙන් යුනෝ...ඊට පස්සෙන් ටාරා..ඊලගට විමූ..ඊලගට ඔවී...ඊලගට දසූ....ඊලගට හෙයියූ.. ඊලගට මිශූ....අන්තිමට නෙත්මි...ඔන්න ඔය විදියට....

"පයින් ගහන්න එපා නෙත්මි අක්කේ.." මිශූ කෑ ගැහුවේ නෙත්මිගේ කකුලක් එයාගේ ඇගේ වැදෙනකොට...

"I din not nanga?what are you talking about?"

"අයිම් ටෝකින් අබවුට් යුවර් කකුල අක්කේ...යුවර් කකුල ඊස් මගේ ඇගේ වදිනවා"

"Ohh I see"

........................................................................

කට්ටියම පීනගෙන ගිහින් ගොඩබිමට ඇවිත්....

මේ අතරේ යානය ඇවිත් ගොඩ බිමෙන් නැවැත්තුවා..කට්ටියම යානය දිහා බලන් ඉන්නකොට අබී කිටී යානයෙන් එලියට බැස්සේ කකුල් පැටලි පැටලි...දෙන්නත් එක්ක ආයෙත් බිම වැටුනා...

බාගෙට ඔලුව උස්සපු අබී එක අතක් උඩට උස්සලා මෙහෙම කිවුවා...

"මීට වඩා හොදයි 50ක් දීලා ත්‍රී වීල් එකක ආවා නම්.."

"අයිම් ඕකේ දිස් ඊස් ඕකේ...හෙයියූ හම්බෙන්න ඉද්දිවත් මෙච්චර කැරකිල්ලක් හැදුනේ නෑ මයේ හිතේ"

කිටී කියනකොටම මැන්ඩී යානයෙන් එලියට බැස්සා...හරියට ලොකු වැඩක් කරලා වගේ යතුරත් කරකෝ කරකෝ බැස්සා..බැහැලා එකපාරටම එයත් බිමට වැටුනා...

"වමනේ වගේ ඕයි...ඒකේ ඇවිත්"

අනිත් කට්ටිය බඩ අල්ලන් හිනා වෙවී මේ තුන් දෙනා දිහා බලන් ඉදලා එයාලවත් එක්කගෙන ගියේ අගහරුවල අලුත් පාරකින්...

"මේ තියෙන්නෙ නික්සා ගේ අඩි සලකුනු..අපි යමු"

නෙකෝගේ පස්සෙන් ඔක්කොමලා පෝලිමට යන්න ගත්තා...

මේ අතරේ එයාලට එකපාරටම ඇහුනේ අමුතු බෙර හඩක්..පාලු ග්‍රහලෝකයක මෙවැනි හඩක් ආව එක එයාලගේ කුතුහලේ අවුස්සන්න හේතු උනා...

යුනෝගේ අන කිරීමට අනුව ඔක්කොමලා බිමට නැමුනේ බිම දිගේ බඩගාන්න...

සද්දේ එන තැනටම ගියපු ඔවුන් දැක්කේ පුන්චි පුන්චි කූඩාරම්.....ගල් අස්සට ගිහින් ඔලුව එලියට දාගෙම ඉදපු ටාරා එකපාරටම කෑ ගැහුවා...

"හත් දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ අර අපේ ග්‍රැනියා නේ"

ටාරා කියනකොට කට්ටියම ඒ පැත්ත බැලුවා...

එතන හිටිය කෙනාගේ තිබුනේ ගෝත්‍රික පෙනුමක්...කොල අතු වලින් හදපු සායකුත්..කොල අතු වලින්ම හදපු හැට්ටෙකුත් ඇදගෙන...එක අතක දිග රිටක් තියාගෙන කොන්ඩේ කඩලා මල් වැලක් කොන්ඩෙට යවලා ඉදපු මේ කෙනා හිටගෙන හිටියේ රතු ඉන්දියානු නායකයෙක් වගේ....

එයා ඊලගට අනක් දෙනවා වගේ කෑ ගහන්න ගත්තා...එක එක වචන කිවුවේ ඇද ඇද...

"කිම්..හාල්...පැඩී...රාජදානියේ.... ජියොන් ජන්කොකනට් උතුමානන්ගේ වයිපරේ  සම්ප්‍රාප්ත වූ වගයි...."

"අප්පා..අපේ ග්‍රැනියා තමයි අබියෝ ඒ"

ටාරා ග්‍රැනීව හොයන්න දුවන්න හැදුවත් කිටී එයාව නැවැත්තුව...

"නෑ වෙන්න බෑ...අපේ ග්‍රැනී මොන දේ උනත් කොල අතු අදින කෙනෙක් නෙමෙයි..නෑ නෑ නෑ"

කිටී ඔලුව දෙපැත්තට හරවමින් නැහැ කියන එක කිවුවා....

ඒත් ඒක්කම ගෝත්‍රිකයා ආයෙත් කෑ ගහන්න ගත්තා...

"කෝ ...මගේ අත කොලුව...වහාම මෙහි පැමිනෙන්න"

ඒත් එක්කම කූඩාරමෙන් එලියට ආවේ තවත් ඒ විදියටම ඇද ගත්තු කෙනෙක්..

"අපේ ටේශා..මේකිත් මෙහෙ"
ඔවී කිවුවා...

"කෝ මගේ ....ගෝලයෝ ටික...ආහාර අරගෙන එන්න"

ගෝත්‍රිකයා ගේ අනිත් අනෙන් පස්සේ එතනට ආවේ තව පොඩි පොඩි ඒ වගේම ඇදුම් ඇදපු පිරිසක්...හොදින් බැලුවමයි දැක්කේ මෙයාලා කවුද කියන එක...

"අර ඉන්නේ අශී බබා...අර අතේ බේස්ලට් එක..ආමි බේස්ලට් එකක්"

"අර ඉන්නේ..බිසී...තව චමීත් ඉන්නවා...මෙයාලා මොකද මේ කරන්නේ"

හැමෝම බලන් හිටියේ ඊලගට මොනා වෙයිද කියලා....

ඒත් එක්කම ගෝත්‍රික ලමයි ටික ආයෙත් ඇතුලට ගියා...ග්‍රැනී ටේශා එක්ක ගලක් වුන වාඩි උනා....

ඇතුලේ ඉදන් එයාලා අරන් ආවේ පුටුවක ගැට ගහපු කෙනෙක්ව....

"අඩේ අපේ නික්ස් හා ව ගැටගහලා"

අබී කියනකොට අනිත් අය කටට ඇගිල්ල තියලා පෙන්නුවේ නිශ්ශබ්ද වෙන්න කියලා....

"Oh no...Nixha poor girl.."
නෙත්මි කිවුවා...

"එයා පුවර් නෑ...හොදට ඉන්නවා"

අබී ආයෙත් මැද්දට පැන්නා...

මේ අතරේ ගෝත්‍රිකයෝ නික්සාව අරන් ගියේ ගිනි මැලයක් ගාවට....

නික්සා දිහා බලලා අත් දෙකත් එකට අතුල්ලලා දිවත් රස කරමින් බලපු ගෝත්‍රිකයෝ ඊලගට නික්සාගේ වටේ සිංදුවක් කියමින්  වැදි නැටුමක් නටන්න ගත්තා....

"ඩෙග ඩෙග පරි රබුට කැකිරි...අද මස් කන අපේ ගොකිරි..."

වැදි නැටුම මෙහෙම යන අතරේ අනිත් අය අතරේ උනේ වෙනම කතාවක්...

........................................................................

"අපි නික්සාව බේරගන්න ඕනි..." නෙකෝ කිවුවේ හොදටම බය වෙලා....

"කොහොමෙයි බේරගන්නේ..සෝජු බෝතලයක්වත් තිබ්බා නම් කල්පනා කොරන්න තිබ්බා"

හයියූ කිවුවා...හයියූගේ ඔලුවට හම්බුනේ ටොකු පාරක් කිටීගෙන්...

"මම ඔහොම නෙමෙයි මගේ දරුවා හැදුවේ"

කිටී බොරු කදුලක් පිහිදාගත්තා....

මේ අතරේ ටාරා ආයෙත් කතා කලා...

"අපිට නික්සාව බේරගන්න වෙනවා...මම දැනන් හිටියේ නෑ අපේ ග්‍රැනියා නික්ස් මස් කන එකෙක් කියලා....දැනගෙන හිටියා කියලත් වැඩක් යෑ...මම කියලා මොනා කරන්නද?"

"අපි බෙදිලා යමු....මමයි හයියූ යි මෙහෙන් යන්නම්..කිටීයි අබීයි අරහෙන් යන්න....නෙකෝ යුනෝ"

"ඇයි මිසූ මට ඔයත් එක්ක ස්කෝලේ එන්නද කියන්නේ"
ඔන්න හෙයූ පටන් ගත්තා....

"හෙයූ...බය වෙන්න එපා මම හෙට ස්කෝලේ යනවා..."

"මාත් යනවා සිස්සත්තේ ලියන්න"

හෙයියූ කියාගෙන ගියත් එයාට ඒක කතා කරලා ඉවරකරගන්න බැරි උනේ නෙකෝ මැද්දට පැන්න නිසා.....

"යකෝ මුන් රෝස කැලෙන් ගෙනාවට එකෙක් මලක් වගේ නෑනේ..ඔක්කොම කටු අතු ටික වගේ...එල්ලෙන්නමයි බලන් ඉන්නේ..ආයෙ වරෙන්කෝ එකෙක් ඔම්මා කියාගෙන...ගහන්නේ අබීගේ කොස්සෙන්"

"හෑ අපිට අප්පෙක් නැද්ද ඔම්මා...සුගා එතකොට?"

විමූ ඇහුවේ කලබලෙන්..

"නෑ ටොපිට අප්පෙක් නෑ ..සුගා ගියා වෙන මිනිහෙක් එක්ක පැනලා..ජීමිනා කියලා එකෙක් එක්ක"

"Omg..But I thought he was my dad..." නෙත්මී කිවුවා....

"නැ නෑ..ඔය හොර පූසා ඔහේලගේ අප්පා නෙමෙයි..මල්ලිගේ කලිසම් අදින මාත් එක්ක ඔය මිනිහා ඉදීද දරුවනේ"

නෙකෝ බිම වාඩි වුනේ දුකින්...ඒ සුගා ගැන හිතලා නම් නෙමෙයි ආයෙත් මල්ලිගේ කලිසම් අදින්න බැරි වෙන එක ගැන හිතලා

මෙයාලා මෙහෙම කතා කර කර ඉන්න අතරේ විශාල ශබ්දයක් පිටතින් ඇහුනා....හැමෝම හැරිලා බලනකොටයි දැක්කේ....

එයාලගේ යානය අහසට නගිනවා....ඒක එකපාරටම අභ්‍යවකාශයේ ඈතට නොපෙනී ගියා....

"Noooooooooo"

"අපි කොහොමද ආයේ යන්නේ?"

"කවුද ඒක අරන් ගියේ?"

"යතුර නැතුව යානය යන්නේ නෑ?"

"අපි දැන් මෙහෙ හිර වෙලාද?"

"මේ පිටසක්වලයෝ අපිවත් කයිද?"

මෙයාලා මෙහෙම ප්‍රශ්න කරන සද්දෙට ගෝත්‍රිකයෝ ටික ඇවිත් තිබුනේ කට්ටිය ලගට...ඒ අතේ ගිනි මැලයකුත් තියාගෙන....ඕ......නෝ....

........................................................................

IU මට ඔයාව අමතක වෙලා නෙමෙයි...ඔයා ඉන්නවා තව ඉස්සරහට....

Bạn đang đọc truyện trên: Truyen247.Pro