Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Flower Power

පසුගිය කොටසින්:-

මෙයාලා මෙහෙම ප්‍රශ්න කරන සද්දෙට ගෝත්‍රිකයෝ ටික ඇවිත් තිබුනේ කට්ටිය ලගට...ඒ අතේ ගිනි මැලයකුත් තියාගෙන....ඕ......නෝ....

......................................................................

"දුවපියව්"

නෙකෝ කෑ ගැහුවේ අනිත් අයවත් ඇදගෙන දුවන ගමන්...

එක එක්කෙනා ලගට එක එක ගෝත්‍රිකයා එන්න ගත්තා.....

ග්‍රැනී ගියේ ටාරාගේ පස්සෙන්...අශී ගියේ  කිටීගේ පස්සෙන්...බිසූ ගියේ අබිගේ පස්සෙන්....චාමි ගියේ මිශුගේ පස්සෙන්...ටෙශා ගියේ යුනෝගේ පස්සෙන්...

හැම කෙනාගේ පස්සෙන්ම මේ විදියට ගිනි මැලයත් තියාගෙන පිටසක්වලයින් එලෙවුවා..සමහර අවස්තාවලදී පෘතුවි ජීවින් ඒ ගිනි මැලයෙන් පස්ස පුච්ච ගත්ත අවස්තාද නැතුවාම නෙමෙයි.....

"ඔහොම හිටු..මගේ මිනිහාව නරක් කරන්නේ ටොගේ මිනිහා තමයි.."
ග්‍රැනී ටාරා පස්සෙන් දිවුවේ කෑ ගගහා...

"අනේ ග්‍රැනියෝ...කොල්ලෝ දෙන්නා ලව් කියලා මගේ පස්ස පුච්චලා හරියනවද" ටාරා පස්ස බලමින් කිය කිය දිවුවේ තමන්ගේ ජීවිතේ..ආහ් නෑ පස්ස බෙරගන්න උවමනාවෙන්....

මේ අතර...

"ආවා මෙතන..බසා බිසී බුසූ ගාගෙන...ඔහොම ඉන්නවා"
බිසූ පැන්නුවේ අබීගේ පස්සෙන්......

"මගේ කොස්ස දෙන්නම් පස්ස බේරන්න පීස් බුසූ"
"ඔන්න ආයෙත් පටන් ගත්තා.බුසූ ලු"

අබී බිසූගෙන් බේරෙන්න දිවුව දිවිල්ලට කෙලින්ම ගිහින් හැප්පුනේ කිටීගේ ඇගේ...පස්සත් බිම ඇනගෙන අර බෝලයක් වගේ ඉන්න අබීගේ ඇගේ හැප්පුන කිටී බිම වැටුනා...

"හම්මේ පස්ස පිච්චිලා මදිවට දැන් ඇනුනත් එක්ක...මම නැතෝ ..මම මලා...ඇයි දෙයියෝ මටම මෙහෙම වෙන්නේ"

ඒ වචන ඇහෙනවත් එක්කම මෙච්චර වෙලා මිශූගේ පස්සෙන් එලවමින් ඉදිය චාමි ඉක්මනින් කිටී දිහා හැරිලා බැලුවා...

"දෙයියෝ..දෙයියෝ..දෙයියෝ කියලද කිවුවේ කවුද මට කතා කලේ ආහ්...ඕම් නමෝ නමහ්...බෑංටෑං දෙයියෝ වැඩියා..ඕම් නමෝ ටේකුක්සා.."

චාමි ඒහෙන් කෑ ගහනකොට අනිත් පැත්තෙන් දුවන් ආවේ යුනෝ..කෙලින්ම දුවගෙන ගිහින් කිටීගේ ලගින් දනගහගත්‍ත යුනෝ කිටීගේ ශරීරය එහාට මෙහාට හරව හරව කෑ ගහන්න ගත්තා...

"අනේ කිටියෝ...අකාලයේ මෙහෙම මාව දාලා යන්න එපා..මන් අපේ වෙඩිම ලෑස්ති කරලා මගුල් සාරියත් ගත්තා....ඉන්විටේසනුත් දීලා තිබ්බේ කිටියෝ"

යුනෝ අඩනකොට නෙකෝ යුනෝ දිහා බලන් හිටියේ..."මේකි මගේ යාලුවෙක්ද..ලැජ්ජයි සැක් .." කියනවා වගේ මූනෙන්...

එකපාරටම හැමෝම එතනට දුවගෙන ආවේ මේ වෙච්ච නස්පැත්තිය බලන්න..

හැමෝම කිටී වෙනුවෙන් අඩන්න ගත්තා....
"අනේ කිටියෝ..ඔය හුරතල් පූස් මූන දකින්නේ නැතුව මම කොහොමද බත් කටක් කන්නේ?" මිශූ අඩනවා...

"අනේ කිටියෝ...ඔයා නැතුව මම කොහොමද දැන් එහා ගෙදර ආච්චිව කන්ටැක්ට් කරගන්නේ....?" මැන්ඩි අඩනවා

"කිටියෝ..ඔයා නැතුව ඉන්ග්ලන්ඩ් වීසා ගන්නේ කොහොමද මන්?" දසූ අඩනවා....

"අනේ කිටියෝ...ඔයා නැතුව.." විමූ කියන්න ගත්තත් එයාට එකපාරටම අදහසක් ආවේ නැති නිසා එයා වටපිට බලලා ආයෙත් මූනේ  අත ගහන් අඩන්න ගත්තේ දෙයක් මතක් වෙලා..."ඔයා නැතුව මට මුකුත් කරන්න බෑ කිටියෝ..හෑ හෑ හෑ"

"ඔයා නැතුව කොහොමද මම මගේ රතුයි කලුයි ඉරි ඉරි කොස්ස පාට කරගන්නේ...අනේ කිටියෝ" .අබී අඩන්න ගත්තා....

ඒත් එකපාරටම  ඇහුනේ වෙන කටහඩක්....

"මම මැරිලා නෑ යකුනේ..." කිටී එකපාරටම නැගිට්ටේ කොන්දත් අල්ලගෙන....එයා නැගිටිනවත් එක්කම ඔක්කොම දුවගෙන ඇවිත් කිටීව බදාගත්තේ එයාට හුස්ම ගන්නවත් බැරි විදියට....

"අනේ අපේ කිටි තාම ජීවත් වෙනවා"

ඒ අතරේ මේ හැමදේම කට ඇරන් බලන් හිටපු අගහරු ජීවින්ගේ අතරේ පොඩි පොඩි රහස් හුවමාරු වෙන්න ගත්තා...

"මේ...පෘතුවියේ මිනිස්සු ඔහොමයි..මන් කිවුවනේ..කටට බ්‍රේක් නෑ වගේ කියවන් යනවා" ටේශා කිවුවේ අනිත් අයවත් වටකරගෙන රහසින්...

"ඔව් ඔව් කරදරයක් නෑ වගේ තමා හැබැයි..එයාලගෙන් අනිත් එක.." අශී හොරෙන් කිවුවා...

මේ අතරේ ඈතින් ඇහුනේ නික්සා කෑ ගහන සද්දය...ඇගේ ගැටගහලා තිබ්බ ලනු ටික ලිහාගන්න උපරිම උත්සහයක් දුන්න නික්සා පුටුවෙම ඉදගෙන දෙපැත්තට පැද්දුනේ දැන් ලිහෙයි දැන් ලිහෙයි කියලා හිතාගෙන...

"මේ අඩලා දොඩලා ඉවර නම් මාව පොඩ්ඩක් බේරගන්න බැරිද?"
නික්සා කෑ ගහනකොට තමයි අනිත් අයට එයාව මතක් වුනේ....

"ඔම්මා..පීස් මාව මේ යක්කුන්ගෙන් බේරගන්න"

නික්සා කෑ ගැහුවේ නෙකෝ දිහා බලාගෙන...නෙකො ටිකක් වෙලා බලන් ඉදලා නික්සා ඉන්න තැනට ගියේ තනියම බැන බැන....

"අනේ මටත් අතක් පයක් තියන් ඉන්න බැරුව මේ යක්කු ටික හදාගන්න ගත්තනේ..සැක් ...මීට වඩා හොදයි අර සුගායියා එක්ක වරකා හොද්දේ ගාලා පාං කකා හිටියනම්...සැක් විතරක්"

නෙකෝ බැන බැන යන එක ඇහුනු ග්‍රැනී කෑ ගැහුවා....

"වරකා හොදි? ආහ් දෙන්නම් අද පාන් එක්ක...ඉන්ඩ උදේ දරපාන් දාන ගමන්"

"ඔන්න අනිත් එකත් පටන් ගත්තා" ටෙශා කිවුවේ ග්‍රැනි දිහා බලාගෙන....

මේ අතරේ ඔවී හිමින් හීමින් ලං වුනේ ටෙශා ලගට..ටේශාට පේන්නේ නැති වෙන්න හිමින් එයාගේ කොල අතු සායේ කොලයක් අල්ලපු ඔවී එක කොලයක් අතට අරන් ඒක දෙපැත්ත හරව හරව බලන්න ගත්තා...

"මේ ටෙශා"
ඔවීගේ කටහඩට ටෙශා එක පාරටම හැරිලා බැලුවා..

"මම ටෙශා නෙමෙයි...වැදිශා..."

"ඒ මොකෝ ඒ?" ,

"මන් මගේ මිනිහව අතෑරියා..ඌ කුක්කා එක්ක පැනලා ගියානේ"
ටෙශා බොරු කදුලක් ඇහෙන් පිහිදන ගමන් කිවුවේ ඔවී දිහා බලාගෙන...එතකොටයි එයා දැක්කේ ඔවීගේ අතේ තිබ්බ කොලේ..එයාගේ ඇදුමෙන් කඩාගත්ත කොලේ....ඔවීට ඔරවපු ටේශා ඒ කොලේ උදුරලා එයාගේ අතට ගත්තා...

"අනුන්ගේ ඇදුම් ඉරන්න ලැජ්ජ නැද්ද ඔවියෝ?"

ඔවීගෙන් අහනකොට ඔවීගේ මූන දෙක වුනා.ඒත් එයා හිමින් එයාගේ ඔලුව උස්සලා ටෙශා දිහා බැලුවේ අමුතු බැල්මකින්..එයාගේ එක ඇගිල්ලක් ටෙශාගේ ඇදුම දිහාට දික් කරලා  අනිත් අතින් ඔලුවේ පිටිපස්ස කහන ගමන් ඔවී කතා කලේ ටිකක් අපහසුවෙන්...

"ඒක නෙමෙයි...මේ ඔයාලගේ ඔක්කොම හොදයි...ම්ම්...ෆැශන් තමයි පොඩ්ඩක් නේ...පොඩ්ඩක් මඤ්ඤොක්කා ෆැශන් වගයක්.."

ඒක අහන් හිටපු චාමි මැද්දෙන් පැනලා කෑ ගැහුවා...

"ආහ් ඔව් ඔව් මේ මඤ්ඤොක්කා කොල වලින් තමා හදාගත්තේ.."

මේ කතාව මෙහෙම යන අතරේ නෙකෝ නික්සාවත් ලිහාගෙන ආවා....

"මේ ඒක නෙමෙයි..ඇයි ඔයාලා මාව රෝස්ට් කරලා කන්න හැදුවේ?"
නික්සා ඇහුවේ මුලු ඇගේම හිරි අරින ගමන්....

"ආහ් ඒ අපි පොඩ්ඩක් ඔයාව බය කලා...අපි මිනී මස් කන්නේ නෑ"

අශී කිවුවේ එක ඇගිල්ලක් අනිත් අතේ පටලවගෙන ලැජ්ජාවෙන් ඇබරෙන ගමන්....

"මං කියලා තියනවා ඔය ලමයට ඇබරෙන්න එපා කියලා..කොයි වෙලාවේ හරි බලු වලිගේ වගේ ඇබරිලා තමයි ඔය ලමයා නවතින්නෙ"

ග්‍රැනී කිවුවේ එයාගේ හැරමිටිය  පොලවට ගහන ගමන්....

"ඇයි දැන් මෙයා ඈබරෙන්නේ?" නෙත්මි ඇහුවා...

"ඔය ලමයට පනු අමාරුව කොයි වෙලෙත් ඇබරිච්ච් ගමන්මයි...ඒකයි ඔය"

මේ අතරේ ඈතින් ඇහුනේ තවත් යානයක් එන සද්දේ...කට්ටියම එක පාරට උඩ බැලුවේ සතුටින්...ඒ එයාලගේ යානය කියලා හිතාගෙන....

ඒත් නෑ...ඇවිත් තිබුනේ වෙනම යානයක්...යානයේ පැත්තක ගහලා තිබ්බ නමෙනුයි එයාලා යානය කාගෙද කියලා අදුනගත්තේ...

(Jikookers) යානයේ නම තිබුනා.....

"හාපෝ මුන් මෙහෙටත් ඇවිත් අපිව හොයාගෙන...නිදහසේ ග්‍රහලෝකෙකටවත් යන්න නැති හැටි" මැන්ඩි කිවිවේ උඩ බලාගෙන...

"මේ අහන්න...මට පේන්නේ එයාලා එනපොට හොද නෑ වගේ....අපි මෙතනින් පැන ගන්න ඕනි..." ටෙශා කෑ ගැහුවා...

"ඒ මොකටද අපි පැනගන්නේ?" යුනෝ ඇහුවේ කලබලෙන්....

"මෙයාලා එන්නේ සටනකට..එයාලගේ ශිප් එක පරාද වුනාම දැන් අපිට ඇටෑක් කරන්න එනවා" ඒ සැරේ කතා කලේ බිසූ...

"ඔයාලා කොහොමද දන්නේ?" ටාරා ඇහුවා...

"අපේ ගුරුන්නාන්සේ තමා කිවුවේ..දැන් අපි එයා ලගට යන්න ඕනි..එයා කිවුවා අපිට මේ දේ සිද්ද වුන ගමන් එතනට එන්න කියලා"

"හරි එහෙනම් ලමයි...අපි ඉක්මනට දුවමු"
නෙකෝ අනිත් කට්ටියවත් ඇදගෙන දිවුවේ අගහරු ජීවින්ගේ පස්සෙන්......

දුවලා දුවලා ගිහින් හැමෝම නැවතුනේ අමුතුම ගොඩනැගිල්ලක් ලග...ගොඩ නැගිල්ලක් කිවුවට හරියට ගුහාවක් වගේ..ඇතුලෙන් දුම් සුවද හමනවා..යාතිකා වගේ සද්ද ඇහෙනවා..හොදින් අහගෙන හිටියමයි අනිත් අයට තේරුනේ ඒ මොකක්ද කියලා....ඇහුනේ DNA ..සිංදුව සද්දෙන්ම දාලා..ඒ අස්සේ යාතිකා කරනවා....

හැමෝම ගුහාවේ ඇතුලට ගියා..අනිත් අය කිවිවේ මේක තොයිලයක් කියලා....ඒත් ඇත්තටම වුනේ ඇතුලේ හිටපු තුන් දෙනා ඔලුවත් පහතට දාගෙන පිස්සෝ වගේ DNA එකට නටනවා...ඒ අස්සේ පුන්චි පුන්චි ඕම් ඕම් කෑලිත් ඇහෙන්න ගත්තා ..

කට්ටියම ඇතුලට ගියපු ගමන් මේ ගුරාලා තුන් දෙනා එකපාරටම නැටුම නැවැත්තුවා....

එක පාරටම හිටගෙන හිටිය තැනම ඉක්මනට වාඩි වුන මේ තුන් දෙනා අත් දෙකෙන් මුද්‍රාවකුත් හදාගෙන ආයෙත් භාවනා ස්වරූපෙට ගියා...

මේ අතර ග්‍රැනී කතා කලා....

'IU ගුරුන්නාන්සේ මේ ඉන්නේ අර පෘතුවි වැසියෝ ටික...ඔයා එක්කන් එන්න කිවුවේ"
ඒත් එක්කම IU ගුරුන්නාන්සේ හැරිලා බැලුවේ එයාගේ සේවකයන්ට එයාට පවන් ගහන්න කියලා අන කරලා.....

තරූ සහ බාවී.....එහෙමත් නැත්තම් ගුරුන්නාන්සේ ගේ සේවකයෝ දෙන්නා ලොකු අවාන් දෙකක් අතේ තියාගෙන ලගට ආවේ දෙපැත්තේ ඉදන් ගුරුන්නාන්සේට පවන් ගහන්න....

"ඕම් දරුවා...ඕම්...ශාන්තී.....ඕම් ....කබී...කුශී ...කබී... ගම්...ඕම්....කුච් කුච්..හෝ...තාහේ....ඕම්....සමනල්..හැගුමන්..අතරේ ඕම්....සුදාම්මියා...ඕම්"

ගුරුන්නාන්සේ කියාගෙන කියාගෙන යනකොට ඒ මැද්දට පැන්නේ හෙයියූ...

"සුදාම්මි...අනේ අගහරුවලත් සුදාම්මිලා...හෙන සතුටුයි ඈහ්...සෝජු ටිකක් බීලා සමරන්න ඕනි"

"ආහ් සෝජු බොනවද...එහෙනම් ලමයින්ට නිවාඩුවක් දීලා මාත් එනවා සෝජු බොන්නයි ටේකුක් පික්සන් ටික කියවන්නයි"

නෙත්මි කිවුවේ හෙයියූ ගේ කතාවට එකග වෙන ගමන්....

"හයියෝ සේජු නෙමෙයි දෙයියෝ...මේ වැදගත් වැඩකට අපි ආවේ"

විමූ කිවුවේ ඔලුවට අත ගහගෙන...මුන්ව ලෝකෙන් පිට එක්කන් ඇවිල්ලත් සෝජු අමතක කරන්න බැරි උනානේ කියලා හිතන ගමන්...

"මමයි මෙතන දෙයියෝ හරිනම්..හුම්ම්"

චාමි කිවුවේ එයාගේ හැරමිටියේ උඩ කොටස හිමින් හිමින් ඇගිල්ලෙන් පහුරු ගාන ගමන් බිම බලාගෙන....

"හරී....දැන් ඒකෙන් වැඩක් නෑ...එන්න යාගෙට ලෑස්ති වෙන්න...හැමෝම මේ කොල අතු ඇදගෙන අපි දාන සිංදුවලට පිස්සෝ වගේ නටන්න ඕනි"
තරූ කිවුවේ එක එක්කෙනාගේ අතට කොල අතු ඇදුම් දෙන ගමන්....

"හෑ අපි මොකටද යාගෙට ඉන්නේ?"

අබී ඇහුවේ කොල අතු ඇදුම හතර අතටම  හරවලා හැඩ බලන ගමන්.......

"ඔයාලට මේ යාගයෙන් පස්සේ බලයන් හම්බෙනවා...එක එක්කෙනාට එක එක බලයන්"
බාවී කියනකොට ඔක්කොමලා හැරිලා බැලුවේ එයා දිහා..

"මොකක්?????????බලයන්?"

හැමෝම එකටම කෑ ගැහුවා....

........................................................................

A/n:-ලමයි..ප්ලීස් ශිප් ගැන මෙතන තියෙන්නෙ නිකන්ම නිකන් කතාවක් විතරයි..මම ටේකුකර් කෙනෙක් නිසයි අනිත් ශිප් එක ඒ විදියට දැම්මේ..මගෙන් කිසිම හානියක්වත් මුකුත් ඒ ශිප් එකට නැහැ..ප්ලීස් තේරුම් ගන්න

Bạn đang đọc truyện trên: Truyen247.Pro