Bon Voyage
අලුත්ම වොයේජර් යානය අගහරු වලට ගොඩ බැස්සේ අගහරුවල පලවෙනි ජීවය සනිටුහන් කරමින්...මේ යානයේ ආවේ විශේෂ ජීවින් කොට්ටාශයක්....එයාලා එනවිට සාමාන්‍ය උනත්....එයාලගේ ඉරනම උනේ වෙනම එකක්....
මේ යානය ආව ජීවින් ගැන කියනවනම්...
මේ හැමොම කාලයක් පෘථිවියේ සතුටින් තමන්ගේ ජීව්ත ගත කරපු මිනිස්සු..ඒත් මොනවා කරන්නද..දෛවය එයාලට හැමදාම එහෙම ඉන්න ඉඩ දුන්නේ නැහැ...
BTS die hard fans කියලා මෙයාලව ඇදින්වුවොත් ඒක වඩාත් සුදුසු වේවී...ඒ වගේම ටේකුක් වෙනුවෙන් ඕනි දෙයක් දෙන්න ලෑස්ති වෙලා ඉදපු අය..ටේකුක් චැට් ග්‍ෘප් එකකින් එකතු උන මේ කට්ටිය දන්නෙම නැතුව පවුලක් වගේ වුනා..
ඒත් එයාලට මේ ඉරනම අත් උනේ...එයාලගෙම වැරැද්ද නිසා....වෙන මොනා නිසාද...කට වරද්දගෙන තමයි...
දවසක් මෙයාලා එයාලගෙම රටේ ඉන්න තව ශිපර් ලත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා...ඕක දුර දිග ගිහින් අන්තිමට නතර උනේ.."අපි පෘතුවිය අතාරිනවා ටේකුක් අනවුන්ස් කරපු දවසට" කියන එකෙන්...
කිවුවා වගේම සතියක් යන්න ලැබුනේ නෑ..ටේකුක් අනවුන්ස් කලා...දැන් මෙයාලට උනේ හරි වැඩක්...
අනිත් අයගෙන් කරදර එන්න පටන් ගත්තා.."කෝ දැන් පෘතුවිය අතෑරලා යන්න" කියලා අනිත් අය සමච්චල් කරන්න ගත්තා...
තවත් මේක බලන් ඉන්න බැරි තැන කට්ටියම හොරෙන් මේ ගමන යන්න ලෑස්ති උනා...
ගමන ප්ලෑන් කෙරුනේ යුනෝ ගේ අතින් ...හැමදේම කරන්න එයාගේ දකුනු අත උනේ ටාරා..වම් අත උනේ අබී...
ඉතින් අනිත් කට්ටියත් එක්කගෙන හොරෙන්ම ගෙදරටත් නොකිය මෙයාලා ආවේ...සමහරුන් ස්කෝලේ යන විදියටත් තවත් සමහරු ජොබ් එකට යන විදියටත්..තවත් සමහරු කැම්පස් යන විදියටත් බොරු කියලා...
කොහොමහරි මේ ගමනට තව විශේෂ කෙනෙක් සහභාගි උනා...එයා නම් ටේක්කියෙක් නෙමෙයි...ඒත් එයාගේ සෝල්මේට් නැතුව ඉන්න බැරි කමට එයත් මේ ගමනට එන්න තීරනය කලා....ඒ තමයි නෙකෝ..කට්ටියගෙම ඔම්මා..ඔම්මා නැතුව ගමනක් යන්න බැරි නිසාම මෙයත් මේ ගමනට එකතු උනා....
මේ එන ගමන අතරතුර අනිත් අය සැප පහසුවෙන් ගමන් කලා..ඒත් නෙකෝටයි යුනෝටයි නම් එක විනාඩියක් නිකම් ඉන්න ලැබුනේ නෑ...
යුනෝ හයියෙන්ම Idol දාගෙන නටන්න ගත්තා..අරහෙන් අනිනවා මෙහෙන් අනිනවා..ලේන්සුවෙන් මූන වහනවා..ලේන්සුව ආයේ ගන්නවා...නෙකෝ ඉතින් අඩනවා...
"අනේ ඕක නවත්තන්න...මෙයා මෙතන පිස්සු නටනවා"
නෙකෝගේ තනි ඇහැට ඇඩෙන්නේ නැති ටික විතරයි...නෙකෝ කෑ ගැහුවේ සිංදු දාගෙන ඉදපු නික්සාට
"You call me artist..."
යුනෝ අත් දෙකත් උස්සගෙන බෙරිහන් දෙනකොට අනිත් අය ටෝච් ගහගත්තේ ආමි බෝම්බ් එක විදියට....ඊට පස්සේ කෑ ගහනවා...
"ආර්ටිස්ට්" ඔක්කොම කිවුවා
"You call me Idol"
"අයි---"
අනිත් අය කියන්න කට අරිනකොටම නෙකෝ කෑ ගැහුවේ ඔක්කොගෙම කටවල් වහලා...
"කටවල් වහපන්...ගිහින් ඔක්කොම නිදාගනියව්...එකෙක් හරි නැගිටලා තිබ්බොත් ගොඩ බහින්න කලින්..ඔක්කොගෙම මූනු එකට තියලා බවුසරයක් යවනවා තැලිච්ච මූන බල බල ඉන්න"
කට්ටියම ඔම්මාට බයේ ඇතුලට ගියා..
ඒත් දෙන්නෙක් ඇරෙන්න...
"අබී....ඔයා මොකද තාම මෙතන?" යුනෝ ඇහුවා....
ඒත් අබී කරන වැඩේ නැවැත්තුවේ නෑ...එතකොටමයි ටාරා ආවේ...
"එයා ආපු වෙලේ ඉදන් අතුගානවා යුනෝ.....ඕකිට කොස්ස නැතුව සාංකාව හැදෙනවා දන්නේ නැද්ද?"
"ඔව් ඉයුනොයියා..මගේ කොසු පන නැතුව මට ඉන්න බෑ"
මේක බලන් හිටියේ නෙකෝ ආයෙත් කෑ ගැහුවා...
"මගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ..මොකක්ද මේ ඒ සැරේ කොස්සක් බදන් දගලන්නේ...යකෝ මන් මුන්ව හැදුවේ මෙහෙම නෙමෙයි"
"යූ නීඩ් ටු කාම් දව්න් නෙකෝ"
ටාරා උත්සහ කලා...
"තෝ කටවහපිය...දෙන්නම ගිහින් නිදාගන්න...යුනෝ ඔයත්...අබී කොස්ස අරන් යන්න මම ඔයාට අවසර දෙනවා....දැන් යන්න"
කට්ටියම නිදා ගන්න ගිය අතරේ නෙකෝ ගියේ හාන්සි පුටුවට..අහස දිහා බලාගෙන එයා දිග සුසුමක් හෙලුවේ...මේ කට්ටිය බලාගන්නවට එයාටම ස්තූති කරගනිමින්....
........................................................................
"කට්ටිය නැගිටින්න...ඔන්න අපි ආවා"
නෙකෝගේ සද්දෙට ඉස්සෙල්ලම එලියට දුවන් ආවේ මැන්ඩී...
"සෑ වෑව්...අපි අගහරු වල"
මැන්ඩි කිවුවා...
මේ අතරේ ඈතින් ආවේ මිශූ හෙයියූ එක්ක...
දෙන්න රන්ඩු වෙනවා ස්කොලේ ගැන...
"මම ස්කෝලේ ගියේ නැති උනොත් තමයි ඔක්කොටම පස්නේ"
"ඔව් පොඩි එවුන් ස්කෝලේ ගිය නැති උනාම අපිටයි කරදරේ"
මිශූ හෙයියූට ගස්සගෙන ඉස්සරහට ගියා...
"මිසූ...තරහ වෙන්න එපා..මිසු"
හෙයියූ පස්සෙන් ගියාට වැඩක් වුනේ නෑ....
"මම මිසූ නෙමෙයි...මිශූ..නම හරියට කියන්න ඉගෙනගන්න මුලින්..."
මිශූ අහක බලාගෙනම කියවගෙන ගියපු පාරට ගිහින් වැදුනේ කිටී ගේ ඇගේ...කිටී පස්සත් බිම ඇනගෙන වැටුනා
"ඔහෙප් පලයන්..කොහෙද යකුනේ මේ යන්නේ.."
"සොරි කිටියෝ"
"සොරි කියලා හරියනවද..කෝ මාව නැගිට්ට්වන්න"
කිටී කිවුවේ බිම ඉදන් අත් දෙක උස්සලා දික් කරගෙන....නැගිට්ටවන්න කියලා..ඒත් මිශූ අත් දෙන්නන් කලින් එතනට දුවගෙන ආවේ නෙත්මි..
"Oh..you have to be careful..ms.cat?"
"කැට්...වට් ද හෙක් අක්කා.කැට් නෙමෙයි..කිටී"
"Whatever...Cat and kitty is same tho"
නෙත්මි කිටීව නැගිට්ටුවා..
මේ අතරේ මැන්ඩිට නෝට් වුනේ වෙන දෙයක්..ඒ ටාරා අවුලෙන් කියලා..
"මොකෝ ටාරෝ අවුල?"
"අයි මිස් මයි මෑන් ඕයි..ආයි කවදා කියලා පෘතුවියේ පය ගහන්නද...ආයි කවදා ට්විටර් බලන්න්ද..මෙවුවා පෙර කරුම..."
ටාරා අඩන්න ගත්තා....
"මේ මැන්ඩි ඉන්නකම් බය වෙන්න එපා...මම ඔම්මට හොරෙන් පෝන් එක උස්සන් ආවා...ඉන්න මම ට්විටර් බලන්නම්"
මැන්ඩි කිවුවේ හොරෙන් ගෙනාව පෝන් එක සාක්කුවෙන් එලියට ගන්න ගමන්...
මැන්ඩි ෆෝන් එකත් අරන් එහෙ මෙහෙ ගියේ සිග්නල් හොයන්න..
"පෘතුවියේ සිම් වලට අගහරුවල සිග්නල් නෑ ඕයි"
විමූ ආවේ මැන්ඩිට බැනගෙන...
"කතාව ඇත්ත හැබැයි" යුනෝත් ආවා...
"හෑ...මොකක් කිවුවා....සිගන්ල් ද..සිග්නල් නම් නෑ...දිනපතා ටී ඇන්ඩ් ජී ටූත්පේස්ට් නම් තියනවා" අබී කියාගෙන ආවේ නෙකෝ එක්කමයි...
"මේ දැන් සිග්නල් කතා ඇති...අපි ගොඩ බහින්න කලින් කෑම කාලා ඉමු..කෝ ගෙනාව කෑම ගන්න"
යුනෝ කිවුවේ අනිත් අයට කෑම මේසේට එන්න ආරාදනා කරලා...
"කෝ ඉන්න බලන්න මොනාද තියෙන්නේ කියලා" ඔවී එබිලා බැලුවේ..
"ආහ් මේ අබීගේ බෑග් එකේ තියනවා..නෙලුම් සුපුයි..බෝදිලිම් සුපුයි..ලීස් සුපුයි...පොඩ්ඩක් ඉන්න මොනාද අබී මේ සුප්ම ගෙනත් තියෙන්න?"
නැන්දා ඇහුවට උත්තර ලැබුනේ ටාරාගෙන්...
"එයා ආදරේ කරන්නේ සුප් වලටයි කොසු වලටයි විතරයි නැන්දේ ඒකයි"
දඩිබිඩි ගාලා එයාගේ බෑග් එක අවුස්සන්න ගත්ත අබී ..ඒකේ තිබිලා තව දෙයක් හොයාගත්තා...
"මේ තියෙන්නේ මගේ ස්ටෝබෙරි සේක් එක..මගේ ස්ටෝබෙරි පන තව පොඩ්ඩෙන් අමතක වෙනවා"
අබී කියලා කප් එක බදාගන්නකොට ඔක්කොමලා ඔලුවේ අත ගහගත්තා...
"අපි කරපු එවුවා තමයි ඔය"
මැන්ඩි කිවුවේ අහක බලාගෙන...
"හ්ම්ම් හ්ම්ම්..කෝ කෑම කන්න ලෑස්ති වෙන්න...පපට්...ඔය පැදුර ගන්න" යුනෝ කිවුවේ ටාරාට...
"මම හොල්මනක් නෙමෙයි ඕයි..ටවුසේ මාව හොල්මනක් කරනවානේ"
කට්ටියම වාඩිවුනේ කෑම කන්න..කන්න කිවුවට ඉතින් කන්න දෙයක් තිබුනේ නෑ...සුප් ටික තමයි තිබුනේ..හැමෝම බඩ පුරවගත්තේ එවා ශෙයා කරගෙන...
මේ අතරේ මහ හයියෙන් Blackpink සිංදුවක් යනවා කට්ටියට ඇහුනා...කට්ටියම වටපිට බලනකොට දැක්කේ නික්සා සිංදු දාගෙන නටනවා...
"නික්ස්.....හාආආආආආආ......නවත්තපිය ඔය කලුරෝසේගෙ සිංදුව"
නෙකෝ නික්සා පස්සෙන් දිවුවේ අබීගේ කොස්සත් උස්සගෙන...නික්සා ඉකමන්ට එතනින් පැනගත්තා..
"මගේ කොසු පන......දාලා යන්න එපා මාව..මගේ රතු ඉරි ඉරි කොස්ස...හෑ හෑ හැ"
අබී අඩන්න ගන්නකොට කට්ටියම හැරුනේ යුනෝ දිහා..යුනෝ කට්ටිය දිහාම බැලුවේ පුදුම වෙලා..
"මොකද මන් දිහා බලන්නේ?" 🤷
"දැන් නලවන්න" හැමෝම කිවුවේ එකට..
"ඇයි මම?"
"ඔයා අපේ ජූනි..දැන් නලවන්ඩ"
"යකෝ යානේ එලවන්නයි ලමයි නලවන්නයි දෙකක් කරන්න බැහැනේ"
ඒත් අනිත් අයගේ මූනවල් වල තිබුනේ තියුනු බැල්මක්...😏
"හරි හරි ඉතිම්"
යුනෝ අබීගේ ලගට යනකොටම එතනට නෙකෝ දුවගෙන ආවේ අත් දෙකෙන්ම කොස්ස අල්ලගෙන...එයාගේ මූනෙන් දාඩිය දානව...හොදටම බය වෙලා....
"නෙකෝ..මොකෝ උනේ?"
"නික්-නික්සා...මුහුදට වැටුනා" කට්ටියම එකටම කෑ ගැහුවා...
"හහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"
හුස්මක් එකටම ඇද්ද කට්ටිය ආයෙත් ඔම්මගෙන් බැනුම් ඇහුවා...
"මේ වෙලාවට තාලෙට..හහ්හ්හ්.ගාන්න එපා.."තාලෙට අනිත් අයව අනුකරන කරපු නෙකෝ "එයා වැටුනා නෙමෙයි පැන්නා" කිවුවේ බරපතල මූන සාමාන්‍ය බවට පත් කරගන්න ගමන්
"හෑ අගහරු වල මුහුදු තිබ්බා කියලා අහලා තිබුනට මීට කලින් දැකලා තිබුනේ නෑනේ"
විමූ කිවුවේ ජනේලේ ලගට දුවන ගමන්..ජනේලෙන් එලිය බලපු විමූ එයාටම මුමුන ගත්තා..
"මේක තේරුම් ගන්න නම්..වෙන මොලයක් ඕනි වෙයි"
"නවතිනවා....ඔහෝඕඕම නවතිනවා..කවුරුත් හෙල්ලෙන්නේ නෑ...මම ගිහින් නික්සාව හොයන් එන්නම්"
දසූ කිවුවේ කොහෙන්දෝ තුවක්කුවකුත් හොයාගෙන රහස් පරීක්ෂකයෙක් වගේ බිම බඩ ගාගෙන එන ගමන්...
ටාරාගේ මූනේ තිබ්බේ..
"මොකට මුන් එක්ක පෘතුවිය අතෑරලා ආවද" වගේ බැල්මක්
"දසු..බඩ ගන්න දෙයක් නෑ..අපි තාම ඉන්නේ යාන ඇතුලේ"
ටාරා කියනකොට දසූ ඔලුව උස්සලා බැලුවා...දෙපාරක් එක දිගට ඇස් පිල්ලම් ගහපු දසූ එකපාරටම නැගිටලා ඇදුමේ වැලි පිහිදාන්න ගත්තා.
"ඇත්ත තමයි"
එකපාරක් උගුර පාදලා ඔලුව උඩට උස්සගත්ත දසූ එතන ඉදන් පාඩුවේ ඉන්න ගත්තා..
"ළමයි සෙල්ලම් කලා ඇති...දැන් හැමෝම යමු නික්සා ව බේරගන්න...එන්න"
නෙකෝගේ පස්සෙන් හැමෝම එකට දිවුවත් අබී ආයෙත් ආපස්සට දිවුවා..
"මොකෝ අබියෝ?" කිටී ඇහුවා..
"කොස්ස අමතක උනා..ඉන්න ඒක අරන් ඉක්මනට එන්නම්.."
අබී කොස්ස අරන් එනකම් කිටී එතන නැවතුනා..ඒත් අබී ආයෙත් එනකොට අනිත් කට්ටිය දැනටමත් මුහුදට පැනලා.....
"අයියෝ අපි යානේ හිර වෙලා" දෙන්නම කෑ ගැහුවා...
"ඔයාලා විතරක් නෙමෙයි..මමත් ඉන්නවා" ....තව කට හඩක් පිටිපස්සෙන් ඇහුනා
........................................................................
A/n:-අපේ මකනේලා සෙට් එක ඊලග චැපියෙන් බලාපොරොත්තු වෙන්න... (අශී..බිසී එහෙම)
මේක හුදෙක් ආසාව සදහාම ලියන දෙයක් පමනි...
මට විහිලු ලියන්න තේරෙන්නෙ නෑ ලමයි...ඒ උනාට කමක් නෑ කියවන්නකෝ...
ගොඩක් තියෙන්නේ Inside Jokes තමයි 😂
දැන් කතාවේ නැති අය ඉස්සරහට බලාපොරොත්තු වෙන්න...
විකාරයක් වගේ ඇතිනේ..බලමු මුහුදේ ගිහින් එයාලට හම්බෙන්න මොනාද කියලා...අබී කිටී එක්ක තව යානය ඇතුලේ ඉන්නේ කවුද කියලා....
ඊලග චැප්ටරේ නම...
Girls meet _________
Bạn đang đọc truyện trên: Truyen247.Pro