Chapter 8 🍼
"මම cheat කරේ නෑ මිසෝ, ඇයි බොරුවට කෑ ගහන්නේ!?!?!?" යුන්ගි අනිත්පැත්තට මට කෑ ගැහුවා.
එයා කොච්චර කිව්වත් මම එ්ක විශ්වාස කරන්නෙ නෑ.....
"බොරු කියන්න එපා යුන්ගි,මම 2ක් දැම්මා, ඔයත් 2ක් දැම්මා, මම ඊටපස්සෙ jockerව දැම්මම ඔයා 9 cards ගන්න ඕනෙ" මමත් අනිත් පැත්තට කෑ ගැහුවා.අපි card game එකක් play කර කර හිටියෙ.මට හොඳටම sure මං අහක බලාගන්නකම් ඉඳල එයා cheat කරා කියලා.
"එහෙම නෑ-"
"අපි දැං මේක නවත්තමු, තව ටිකකින් අලුත් බබා එනවනෙ.ඉන්න, දැං වෙලාව කීයද?" මම cards ටික පැත්තකට දාන ගමං ඇහුවා.
"12.52යි, අපි දැං යමු" යුන්ගි phone එකෙන් වෙලාව බලල මට කිව්වා.අපි දෙන්නම cards ටික අස් කරලා බබාලව ගන්න තැනට ගියා.
Project එකේ පලවෙනි part එක ඉවර කරපු ළමයින්ට අද දවල් 1ට දෙවෙනි බබාව ලැබෙනවා.මමයි යුන්ගියි එතනට යද්දිත් ආරිම් ටේ දෙන්නා ඇවිත් හිටියෙ.ආරි මාව දැක්ක ගමන් අත් දෙක ඉස්සරහට දික් කරං ඇවිත් මාව hug කරා.
"මිසෝ! මට ඉවසිල්ලක් නෑ හලෝ ඊළඟ බබා කවුද කියලා බලන්න"
"අපිටත් එහෙමයි" මමත් හිනාවෙලා කිව්වා.
"ඔයා කොහොමද හරියටම කියන්නෙ යුන්ගි කැමතියිද නැද්ද කියලා? මං කියන්නෙ එයා කැමති වුනත් මූණ ඔහොමයි,නැති වුනත් ඔහොමයි" ටේ කොහෙන්වත් නැති එකක් එහෙම අහද්දි මට හිනා ගියා.ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ.
"එයා කැමතියි කියල මට sure" මම එහෙම කියලා යුන්ගිගෙ පැත්ත හැරිලා ඇහැක් ගැහුවා.එයා ඇස් දෙක රෝල් කරලා මූණ අනිත් පැත්ත හරව ගත්තා.හහ්! පුදුම ලොකුකමක් නෙ!
"කොහොමද කට්ටිය" සොක්ජින් මිනා දෙන්නත් එතකොටම ආවා.
"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ" ටේ අනිත් අයත් එක්ක දිගටම කතා කරද්දි සොක්ජින් මං දිහාට හැරිලා කිව්වා.
"පුලුවන්, කියන්න"
"මම කිව්වෙ මෙතන නෙමේ,ටිකක් තනියම" එයා යුන්ගි දිහා එහෙම කියද්දි මම ටිකක් suprise වුනා.කොහොම වුනත් මම හා කියලා, අපි දෙන්නා එතනින් නැගිටලා ටිකක් එහාට ගියා.
"මම අහන්න ගියේ, ඔයාට යුන්ගිත් එක්ක project එක කරන එක අමාරු වුනේ නැද්ද?" එයා එහෙම ඇහුවා.
"පලවෙනි සතිය නම් පොඩ්ඩක් අවුල් වුනා, ඒත් පස්සෙ අපි දෙන්නා manage කර ගත්තා.ඇයි ඔයාට මිනා එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"නෑ,ඔව්, uh...ටිකක් විතර? මේකයි,බබාව බලාගන්න ඕන විදිහ ගැන අපි දෙන්නට තියෙන්නෙ වෙනස් වෙනස් අදහස්.එයා පුංචි පුංචි හැම දේටම ඕනවට වඩා කියවනවා.මම හිතුවෙ යුන්ගි ඔයාට තවම උදව් කරන්නැත්තම් partnersලව මාරු කරං ඔයා එක්ක partner වෙන්න..." එයා බෙල්ල පිටිපස්ස කසන ගමන් nervous විදිහට මං දිහා බලලා කිව්වා.
පොඩ්ඩක් ඉන්න......
සොක්ජින්ට මාත් එක්ක partner වෙන්න ඕනද!?!?
Wow, මට හිතාගන්න බෑ.
ඕක මගෙන් Project එක පටන් ගත්ත මුල්ම කාලෙ ඇහුවනම් මම ඇහිපිල්ලමක් ගහන්න කලින් හා කියනවා.හැබැයි ඉතිං ඒ මාසෙකට කලින්....දැන් මටයි යුන්ගිටයි එකට වැඩ කරන්න පුලුවන්.අනේ මන්දා,මට සොක්ජින් ගැන පොඩි crush එකක් තියෙන බව ඇත්ත.ඒත්......
"Ah, sorry ජින්...මම කැමතී යුන්ගි එක්ක දිගටම වැඩ කරන්න" මම කිව්වා.
"එහෙමද...මට හිතුනා ඔයා එහෙම කියයි කියලා.ඔය දෙන්නට එහෙනං ඉස්සරට වඩා හොඳට එකතු වෙලා වැඩ කරන්න පුලුවන් ඇති.ඇත්තටම කිව්වොත් ඔයාලව මං හොඳින් දැනගෙන නොහිටියනම් මම වුනත් හිතන්නෙ ඔය දෙන්නා කපල් එකක් කියලා" එයා ටිකක් අවුලෙන් වගේ හිනාවෙලා කිව්වා.
Oh?
"මං හිතන්නෙ ඔයා තව පාරක් එයා එක්ක කතා කරොත් හොඳයි.එහෙම කලොත් දෙන්නටම වැඩේ කරගෙන යන්න තව ලේසි වෙයි" මම එහෙම කිව්වා.
"එහෙම කරන්නම්,අපි අනිත් අය ඉන්න තැනට යමු" අපි දෙන්නා ආයෙත් ගියා.
මම කල්පනා කරේ, කවද ඉඳන්ද මට යුන්ගි ගැන මෙච්චර හොඳ feeling එකක් ආවෙ? ඔක්කොටම වඩා සොක්ජින් එක්ක වැඩ කරනවට වඩා යුන්ගි එක්ක වැඩ කරන්න කැමැත්තක් ආවෙ කොහොමද?
ආශ්! අනේ මන්දා!
"මොනවද මිනිහා කියන්නෙ?" මම යුන්ගි ළඟින් ඉඳගත්තට පස්සෙ එයා මගෙන් ඇහුවෙ මගෙ දිහා බලන්නෙවත් නැතුව මොකක්ද බීම කෑන් එකක් දික් කරන ගමන්.
"මම පස්සෙ කියන්නම්,මේක කොහෙන්ද ගත්තෙ?" මම යුන්ගි මට දුන්න fanta කෑන් එකෙන් ටිකක් බොන ගමන් ඇහුවා.
"Vending machine එකෙන්.එදත් අපිට නයොන්ව ගන්න සෑහෙන වෙලාවක් ඉන්න වුනානෙ, ඒ නිසා මට හිතුන බොන්න මොනාහරි ගන්න"
Aww, මෙයා ළඟදි ඉඳන් හරිම sweet.හැබැයි ඉතිං ඒක වැඩිය පෙන්නන්න කැමති නැහැ කියලයි මට නම් තේරුනේ...
එදා වගේම අදත් අපි දෙන්නට අන්තිම වෙනකම් ඉඳගෙන ඉන්න වුනා.
"ඔයාට තවමත් ඕනෙ කෙඳිරිගාන්නැති පිරිමි ළමයෙක්ද? නැත්තම් නයෝන්ගෙන් පස්සෙ ඒ අදහස වෙනස් වුනාද?" මම ටිකක් අවුස්සන්න හිතාගෙන එහෙම ඇහුවා.මං හිතුවෙ මට රවයි කියලා, හැබයි එයා හිනාවුනා.
"මට දැන් එහෙම අදහසක් නෑ.හැබැයි ඉතිං ඉස්කෝලෙන් කියපු විදිහට හරිනං මේපාර පිරිමි ළමයෙක්නෙ ලැබෙන්න ඕනෙ?"
"ඒකනං එහෙම තමා, හැබැයි ඉතිං දන්නවනෙ ඉස්කෝලෙ හැටි, අන්තිම මොහොතෙ තව මාස දෙක තුනක ළමයෙක් දුන්නොත්...." මම එහෙම කියද්දි එයත් ඒකට එකඟ වුනා.
"Song Miso, Min Yoongi" අපි දෙන්නගෙ නම් දෙක කතා කරාට පස්සෙ අපි ඇතුලට ගියා.
"හොඳයි, මට වැඩිය දේවල් කියන්න නැහැ.මේ පාරත් ඔයාලට notepad එකක් දෙනවා.හැබැයි පුංචි පුංචි හැමදේම ලියන්න ඕනි නෑ.එයාව එලියට එක්කන් යන වෙලාව, නිදාගන්න වෙලාව,කන වෙලාව,මොනවද කෑවෙ වගේ දේවල් විතරයි.ඔයාල දැනටමත් එයා ගැන විස්තර දන්නවනේ.ඒ නිසා මට කියන්න තියෙන්නෙ එච්චරයි.ඔයාලට පුලුවන් දැං ගිහින් එයාව හම්බවෙන්න." ටීචර් එහෙම කියලා හිනාවෙලා එතන තිබ්බ hall එකක් ඇතුලට යද්දි අපි දෙන්නත් එයාගෙ පස්සෙන් ගියා.
කලින් ගියාට වඩා වෙනස් තැනකටයි අපි ගියේ.එතන ලමයින්ට සෙල්ලම් කර කර ඉන්න තිබුන open space එකක්.බිම දාලා තිබුන කාපට් උඩ ළමයි එක එක සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කර කර හිටියා.තවත් අය එහෙ මෙහෙ දුවද්දි තවත් සමහර අය චිත්‍ර පාට කර කර හිටියා.
"මම එයාට මෙතනට කතා කරන්නද, නැත්නම් ඔය දෙන්නා ගිහිල්ලා ඔයාලව එයාලට ඔයාලව අඳුන්වලා දෙනවද?" ටීචර් අපෙන් එමෙ අහද්දි මායි යුන්ගියි මූණට මූණ බලාගත්තා.
"මට doctor කෙනෙක් ළඟට ගිහින් මගෙ ලෙඩේවත් තාම තනියම කියාගන්න බෑ...කමක් නෑ, මං හිතන්නෙ අපි ගිහින් එයාට කතා කරොත් හොඳයි." යුන්ගි එහෙම කියද්දි මමත් ඒකට එකඟ වුනා.
"හරි එහෙමනම්, අර අතන කොනේ මේසේ කොළපාට පුටුවෙ වාඩි වෙලා චිත්‍ර අඳින ළමයා තමා Jaehyuk.ඔයාලට මොනව හරි ඕන වුනොත් මගෙ office එකට එන්න" ටීචර් එහෙම කියලා හිනාවෙලා එතනින් ගියා.
"එන්න යං" මම යුන්ගිගෙ අතින් ඇදගෙන Jaehyuk ඉන්න තැනට ගියා.
"Hiiii! ඔයා මොනවද අඳින්නෙ?" මම එයාගෙ මේසෙ ළඟින් දණගහගෙන හිනාවෙලා එයාගෙන් ඇහුවා.යුන්ගිත් එයාගෙ අනිත් පැත්තෙන් දණගහත්තා.
"Hello, මම අඳින්නෙ ගෙම්බෙක්ව" එයා ටිකක් ලැජ්ජාවෙන් වගේ අපි දිහා බලන්නෙත් නැතුව කිව්වා. (A/N:- istg if you try to drag my sticker into this😭🔪 )
"ඔයා හරි ලස්සනට එයාව ඇඳලනේ...ඔයා Jaehyuk නේද?" යුන්ගි මේසෙ උඩින් එයාගෙ වැලමිට තියාගෙන පිරිමි ළමයා දිහා බලල එහෙම ඇහුවා.
"ඔව්,ඔයාලා දෙන්නද මගෙ අලුත් අම්මයි තාත්තයි?" එයා මම දිහා එයාගෙ කලුපාට දිලිසෙන ඇස් වලින් බලල අහපු විදිහට එයාගෙ කම්මුල් දෙක මිරිකන්න හිතුනා.පව් පුංචි කොල්ලා.....
"ඔව් අපි තමා,මම මිසෝ" මම එයාගෙ කොණ්ඩෙ ටිකක් අවුස්සන ගමං කිව්වා.
"Hello මිසෝ! මම Jaehyuk! ඔය දෙන්නා ආදරේ කරනවද? මට යාලුවෙක් කිව්වා අම්මලා තාත්තලා දෙන්නට දෙන්නා ආදරේ කරනවා කියලා"
අපේ ටීචර්ට වැරදීමක් වෙලාද මෙයාට අවුරුදු 4යි කිව්වෙ? අවුරුදු 4ට මෙච්චර දෙයක් කියන්න තරම් මොලයක් මේ ළමයට තියෙනවද?
Jaehyuk අපි දෙන්න දිහා බලං හිටියෙ හරිම අහිංසක හිනාවෙලා.මට නං කියන්න දෙයක් හිතාගන්නත් බෑ.මම යුන්ගි දිහා බැලුවෙ එයාවත් මොනාහරි කියයිද කියලා.මම එතකොටයි දැක්කෙ, එයා අත උඩ කම්මුල තියාගෙන හරිම මෘදු විදිහට Jaehyuk දිහා හිනාවෙලා බලං ඉන්න හැටි.
"ඔව්,අපි ආදරේ කරනවා"
_____________________________________________
A/N
Oop👀 Should we make a ship name for Yoongi & Miso?
කතාව කියවලා හොර පාරෙන් යන්න එපා :")❤️
Bạn đang đọc truyện trên: Truyen247.Pro