Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Chapter 6 🍼

Miso's pov

"ඔයාලගෙ බබා තාම කතා කරන්නැද්ද?" ජින් මගේ එහාපැත්තෙන් ඉඳගන්න ගමං ඇහුවා. (A/n:- මාස 4 බබෙක් කතාකරනවද කියල අහන්න තරම් ජින් අයියගෙ මොලේ තියෙන්නෙ පශ්චාත් භාගය හරියෙද කියල හිතන මම🤨)

මම,යුන්ගි,මිනා,සොක්ජින්, අපි කට්ටිය ටේගෙ apartment එකේ හිටියෙ.බබාලත් එක්ක අපිට තියෙන අන්තිම දවස හැමෝම එකට එකතු වෙලා ගත කරන්න.නයෝන් යුන්ගි අතේ ඉඳන් නිදි කිරා වැටි වැටි හිටියේ.යුන්ගි එයාව අතේ තියාගෙන apartment එක වටේ රවුමට කැරකි කැරකි හිටියේ.මාසෙකට කලින් බබා අඬද්දි මට කෑගහපු කෙනා දැං නිකං එයාගෙ තාත්තා වගේ ඉන්නෙ.

cute.

"කතා කරන්නෙ නැහැ, නිකං කටින් එක එක සද්ද දානවා විතරයි.ආයෙ ළමා නිවාසෙට ගියාට පස්සෙ කතා කරන්න පටන් ගනී." මම ජින්ට කිව්වා.

"එහෙමද...මින්ජුන් නම් තාම කතා කරේ නැහැ.එයා ගියාම මට පාලු දැනෙයි..." ජින් මිනාගෙ අතේ හිටපු එයාලගෙ බබා දිහා බලාගෙන කිව්වා.

හිතාගන්නත් බැරි තරම් ඉක්මනට මාසෙ ගෙවිලා ගියා.හෙට එයාලව ආයෙත් ළමා නිවාසෙට අරං යනවා.ඇත්තටම නයෝන් ආයෙත් යනව කියලා මතක් වෙද්දි මට දුකයි.ඒත් දවස් දෙක තුනක් හොඳට නිදාගන්න පුලුවන්නෙ කියල හිතල මම හිත හදාගන්නවා.මායි යුන්ගියි අතර මුල් කාලෙදි ප්‍රශ්න අැතිවුනා ගොඩක්, හැබැයි දැං නම් එහෙම නැහැ.ඒක එහෙම නොවුනනං මට පිස්සු හැදිලයි නවතින්නෙ.

"මින්ජුන් අැවිදිනවද? නයෝන් දනගාන්න ගත්ත දවසෙ ඉඳන් එකතැනක ඉන්නෑ" මම කිව්වෙ එක දවසක් නයෝන් සෝෆා එකේ දණගාන් ගිහින් බිම වැටෙන්න ගිය හැටි මතක්වෙලා.වෙලාවට ඒ වෙලාවෙ යුන්ගි එතනම බිම නිදාගෙන හිටපු නිසා නයෝන්ව වැටුනෙ යුන්ගිගෙ ඇඟ උඩට.

සොක්ජින් මම දිහා බලල හිනාවුනා.

"ඔව් ඇවිදිනවා, හැබැයි එයා දඟලන්න හදද්දි මමයි මිනායි එයාට පොඩ්ඩක් සැර කරනවා"

"Ah, යුන්ගි නං එයා මොනා කරත් නිකං හිනාවෙනවා විතරයි.මම විතරයි එයාට චුට්ටක් හරි සැර කරන්නෙ.මම දන්නවා එයා තාම චූටියි කියලා, ඒත් මගේ parentsල මාවයි නංගිවයි හැදුවෙ එහෙමයි"

සොක්ජින් හිනාවෙලා එයාගෙ බෙල්ල පිටිපස්ස කසන්න ගත්තා.

"එහෙම කරන එක ප්‍රශ්නයක් නැහැ,ඔයා ඉතිං හොඳ,ලස්සන ගෑණු ළමයෙක්නෙ...ඒක නෙමේ,මම අහන්නමයි හිටියෙ....ඔයාට අවුලක් නැත්තං...මේ, ඔයාට free වෙලාවක අපි දෙන්නා-"

"නයෝන් නිදි, මටත් මහන්සියි ඒ නිසා මම ඔලුව තියාගන්නවා" එක පාර⁣ට මගෙ ඉස්සරහට යුන්ගි කඩං පාත් වුනා.නයෝන්ව පපුවට තුරුල් කරගෙන එයා සෝෆා එකේ දිගා වෙලා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.

Uhh......................


මං දන්නවා අපි දෙන්නා ඉස්සරට වඩා දැං ටිකක් ළඟින් ආශ්‍රය කරනවා කියලා....





ඒත් මෙච්චර ළඟින්.......


Um........

"යුන්ගි, ඔයා මොකද ඔය කරන්නෙ?"

"නිදාගන්නවා, මම කිව්වෙ ඔයාට"

Uhhh....
Okay.....

"Umh,මං- මං ඉන්න තැනට යනවා, පස්සෙ කතාකරමුකො මිසෝ" සොක්ජින් නිකං awkward විදිහට කියලා එතනින් නැගිටලා ගියා.

"...යුන්ගි? ඔයා හොඳින්ද?" මම මගෙ අත දෙක උඩට උස්සල තියාගෙන හිටියෙ වෙන කොහෙන්ද තියන්න ඕනෙ කියලා දන්නැති නිසා.

"ටිකක් මහන්සියි, එච්චරයි.මම මේ ඉන්න විදිහ ඔයාට අමාරුද?" එයා ඇස් දෙක ඇරලා බලලා ඇහුවා.

ඒ බලපු විදිහට බෑ කියන්නෙ කොහොමද?

"නෑ නෑ,මට අවුලක් නැහැ.ඔයා නිදාගන්න..."

මෙහෙමයි, මම බලාපොරොත්තු වුනේ නෑ එක පාර මෙහෙම එකක්.හැබැයි ඉතිං මට ඒක ගානක් නෑ...

ඒත් මං කොහෙද අත් දෙක තියාගන්නෙ?එයාගෙ ඇඟ උඩින් අත තිබ්බොත් එයාට අවුල් යයිද?

_______________________________________

(Yoongi's pov)

මම ඇවිදින විදිහ විකාරයි වගේද? ආහ්, නෑ නෑ...එයා හිනාවෙනවා.

මම බබාව අතේ තියාගෙන එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියෙ.මිසෝ හිටියෙ සෝෆා එකේ.ඇත්තටම පටන් ගත්ත දවසට වඩා මගෙයි මිසෝගෙයි යාලුකම ටික ටික වැඩිවුනා.මුල් කාලෙ එයා මට බබාගෙ වැඩ කරන්න කිය කිය කෑගහද්දි මට කන් දෙකේ ඇබ ගහගන්න හිතුනා.හැබැයි දැන් නම්,

ඒක cute.

හරියට ඊයෙ මට මගෙ පිඟාන හෝදන්න අමතක වෙද්දි එයා මගෙ කනෙන් ඇද්දා වගේ.

මං ඇවිදින ගමන් ආයෙ සැරයක් එයා දිහා බැලුවා.එයා සොක්ජින් එක්ක හිනාවෙවී හිටියෙ.



උට තියෙන මට නැති දේ මොකද්ද? ඔච්චර සිරික්කිය දාං හිනාවෙන්න තරම්?





එදා ටේහ්යුන්ග් කියපු එක ගැන මං කල්පනා කලා.

හරි ඉතිං.......

එයා කියන එකේ ඇත්තක් නැත්තෙම නැහැ.

මං...ටිකක් විතර කැමතියි...මං හිතන්නෙ....


මම ආයෙත් හැරිලා එයාලා ඉන්න දිහාවට ඇවිදන් ආවා.

අරූ මොකද නිකං මොකෙද්ද වගේ බෙල්ල කසකස ඉන්නෙ?


"-මම අහන්නමයි හිටියෙ....ඔයාට අවුලක් නැත්තං...මේ, ඔයාට free වෙලාවක අපි දෙන්නා-"

මොකක්!?!? NO NOT TODAY.

මම දන්නෑ මට මොකක් වුනාද කියලා.

"නයෝන් නිදි, මටත් මහන්සියි ඒ නිසා මම ඔලුව තියාගන්නවා" මං කටට ආපු එක කියලා නයොන්වත් අරං සෝෆා එකේ දිගා වෙලා එයාගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.

Shit.එයාට මගෙ මූණ පේන්නෙ නැතුව ඇතිනෙ?

"යුන්ගි, ඔයා මොකද ඔය කරන්නෙ?"

"නිදාගන්නවා, මම කිව්වෙ ඔයාට" මං ඉක්මනට මගෙ ඇස් දෙක පියාගත්තා.

"Umh,මං- මං ඉන්න තැනට යනවා, පස්සෙ කතාකරමුකො මිසෝ"

කලින්ම ඔහොම චුත වුනානං ඉවරනෙ.

"...යුන්ගි? ඔයා හොඳින්ද?" මිසෝ අත් දෙක උඩට උස්සගෙන ඉන්න හැටි මට ලාවට පෙනුනා.

Shit.මම ගොනෙක් වගේ ඇවිත් එහෙම කරේ ඇයි? ඔඩොක්කුවෙන් ඔලුව තියාගන්න තරම් අපි දෙන්නා close නෑනෙ.ආශ් min yoongi තමුසෙ නම්.

"ටිකක් මහන්සියි, එච්චරයි.මම මේ ඉන්න විදිහ ඔයාට අමාරුද?"

"නෑ නෑ,මට අවුලක් නෑ.ඔයා නිදාගන්න...."

"හ්ම්" මම මගෙ ඔලුව Side එකට හරවගෙන tv එක තියෙන පැත්තට හැරුනෙ මිසෝට අත් දෙක තියාගන්න පහසු වෙන්න.ඊටපස්සෙ මම නයෝන්ව තව ටිකක් ළඟට කරල අල්ලගත්තා.

අදින් පස්සෙ එයා ආයෙත් ළමා නිවාසෙට යනවා.මට එයා නැතුව පාලු දැනෙයි.




සමහරවිට.

________________________________________

(3rd persons pov)

"බායි චූටි පැටියෝ, පරිස්සමින් ඉන්න" මිසෝ නයෝන්ගෙ කම්මුලට අන්තිම පාරටත් kiss එකක් දුන්නා.ළමා නිවාසෙන් නයෝන්ව ආයෙත් අරගෙන යන්න ඇවිත් හිටියත් මිසෝට බබාව ආයෙත් එයාලට දෙන්න හිතෙන්නෙ නැති තරමට දුක හිතිලා තිබුනේ.යුන්ගි හිනාවෙලා බබාව අන්තිම වතාවට වඩාගෙන එයාට hug එකක් දුන්නා.ඊට පස්සෙ බබාව අරං යන්න ආපු කෙනාට නයෝන්ව දුන්නා.

"එයාව බලාගත්තට ගොඩක් ස්තූතියි.අපි ඔයාලගෙ report එක කියෙව්වා.ඔයාලා එයාව හොඳට බලාගෙන තියෙනවා.ඔයාලට ලකුණු 10න් 9ක් ලැබිලා තියෙනවා." ඒ කෙනා එහෙම කියලා නයෝන්ගෙ බඩු ටික අරගෙන apartment එකෙන් එලියට බැස්සා.නයෝන් එයාගෙ baby gums පෙන්නලා හිනාවෙන ගමන් යුන්ගි මිසෝ දිහා හැරිලා එයාගෙ චූටි අතින් ඒ දෙන්නට අත වැනුවා.

"ඔන්න, අපේ පළවෙනි බබා ගියා...." යුන්ගි ටිකක් දුකින් වගේ එහෙම කිව්වා.හූස් හූස් ගාලා නහය උඩට අදින සද්දයක් ඇහිච්ච නිසා කොල්ලා ඔලුව හරවලා බැලුවා.එතකොටයි කොල්ල දැක්කෙ මිසෝ ඇස් වල කඳුලු පුරවගෙන ඉන්න හැටි.

"ඒයි,අඬන්න එපා.එයාල බබාව හොඳට බලාගන්නවනෙ" යුන්ගි මිසෝගෙ මූණ තමන් දිහාට හරවගන්න ගමන් කිව්වෙ මෘදු හඬකින්.

"මං දන්නවා...ඒත්...මට දුකයි...." මිසෝ ලාවට හිනාවෙලා කියද්දි එයාගෙ ඇස් වලින් පලවෙනි කඳුලු බිංදුව වැටුනා.

යුන්ගි හිනාවෙලා එයාගෙ ඇඟිල්ලකින් කඳුලු බිංදුව පිහදාලා මිසෝව ළඟට අරං hug කරා.

"දුක් වෙන්න එපා,ලබන සතියෙ අපිට අලුත් බබෙක් හම්බෙනවනෙ.හැබැයි මට නම් බැහැ ආයෙ ඩයිපර්ස් මාරු කරන්න." යුන්ගි ජොලියට වගේ එහෙම කියද්දි මිසෝ හිනාවෙලා කොල්ලට පාරක් ගහලා අනිත් පැත්තට කොල්ලව hug කරා.

"හැබැයි මම ආයෙ ඔයාට කෑම හදල දෙන්නෙ නෑ"



___________________________________________
A/N

Vote එකක් comment එකක් දාං යන්න ලමයි~

-ndh_meow-

Bạn đang đọc truyện trên: Truyen247.Pro