Chapter 5🍼
"අද අපි පාර්ක් එකට යමු"
යුන්ගි නයොන් එක්ක එයාගෙ චූටි ටෙඩි බෙයාව අතේ තියාගෙන සෙල්ලම් කර කර ඉන්න ගමන් කිව්වා.මිසෝ හිටියේ රෑට කන්න හදන්නෙ මොනවද කියලා කල්පනා කර කර.
"හා, එ් එන ගමන් grocery store එකට යන්නත් ඕනි.මම රෑට කන්න රොටි හදන්න හිතං ඉන්නෙ"
"අහ්...ඇත්තටම මම dinner වලට ආරිම්,ටේ දෙන්නටත් එන්න කිව්වා...ඔයාට එයාලව ගොඩ දවසකින් හම්බෙන්නත් බැරි වෙච්ච නිසා..." යුන්ගි unsure විදිහට කියන ගමං බිම බලාගෙන ඔලුව කසන්න ගද්දි මිසෝගෙ කට කොනට හිනාවක් ආවා.
"Awww යුන්ගී...ඔයා හරි හොඳයිනේ" මිසෝ යුන්ගිව ටිකක් අවුස්සන්න එහෙම කියද්දි යුන්ගි උගුර පාදලා නයෝන්ව වඩාගත්තෙ ම්සෝට තමන්ගෙ රත් වෙච්ච මූණ පේන්නෙ නැති වෙන්න.
"හැබැයි ඉතිං මට 4 දෙනෙක්ට තනියම කන්න හදන්න බෑ.ඒ නිසා මට උදව් කරන්න හරිද? ආ, අනිත් එක මට මතක් කරන්න එද්දි පරාතා රොටි ගන්න"
"මොනාද පරාතා රොටි කියන්නෙ?"
"ඒක premade රොටි වගේ එකක්.එතකොට මට ඒව හදන්න එච්චර මහන්සි වෙන්න ඕනි නෑ.ඔයාට පුලුවන්ද නයෝන්ගෙ buggy එකයි toys ටිකයි ගන්න? මං එයාගෙ කිරි එකයි තොප්පියයි ගන්නං" මිසෝ එහෙම කියලා කිරි එක ගන්න කිචන් එකට ගියා.
(A/n:- buggy කියන්නෙ baby pram එකට.)
___________________________________________________
පාර්ක් එකේ තියෙන side walk path එකේ මිසෝ baby buggy එකේ දාගෙන නයෝන්ව තල්ලු කරන් යද්දි මිසෝගෙ එහාපැත්තෙන් යුන්ගි ඇවිදං ආවෙ ටොෆියකුත් සූප්පු කර කර.
"මම මේක විසික් කරල එන්නම්" යුන්ගි මිසෝට ටොෆි කොලේ පෙන්නලා යද්දි මිසෝ එතන ළඟ තිබුන බංකුවකින් වාඩි වුනා.පාර්ක් එකේ ඇවිදින්න ආපු මිනිස්සු, සෙල්ලම් කරන ළමයි දිහා බල බල මිසෝ buggy එකෙන් බබාව එලියට ගත්තා. නයෝන් මිසෝ දිහා එයාගෙ දුඹුරු පාට ඇස් දෙක ලොකු කරන ගමන් බලාගෙන, එයාගෙ baby gums පෙන්නලා හිනාවෙලා මිසෝගෙ අැඟිල්ලක් අල්ලගන්න එයාගෙ චූටි අත දික්කරා.
"එයා හරිම හුරුබුහුටියි" පිටිපස්සෙන් ඇහිච්ච කටහඬක් නිසා මිසෝ හැරිලා බලද්දි එයා දැක්කෙ තමන්ගෙම වයසෙ වගේ ඉන්න පිරිමි ළමයෙක් හිනාවෙලා තමන් දිහා බලාගෙන ඉන්න හැටි.
"සොරි, මං ඔයාව බය කරන්න හිතුවෙ නැහැ" ඒ කොල්ලා එහෙම කියන ගමන් ඇවිත් මිසෝගෙ එහා පැත්තෙන් වාඩි වුනා.
"මම Hyuk" එයා මිසෝ දිහාවට අත දික්කරන ගමං කිව්වා.කෙල්ල හිනාවෙලා එයාගෙ අත දුන්නා.
"ඒකට කමක් නෑ,මම මිසෝ. මේ ඉන්නෙ නයෝන්"
"ඔයාව අඳුනගන්න ලැබිච්ච එක සතුටක්. ඉන්න මම guess කරන්නම්,ඔයාට මේ බබාව බඩට දීපු හාල්පාරුවා ඔයාට විතරක් එයාව බලාගන්න දීලා ඔයාව දාලා ගියා නේද?"
මිසෝ ඇස් පුංචි කරලා කොල්ලා දිහා බැලුවා.
Wow, මාර straightforward නෙ...
"මං ආවා- uhh, මේ කවුද?" යුන්ගිගෙ කටහඬ ඇහෙද්දි මිසෝ ඔලුව හරවලා බැලුවා.යුන්ගිගෙ මූණෙ බැල්ම වෙනස් වෙන හැටි මිසෝ දැක්කා.
"මූ ඔයාට කරදර කරනවද?" යුන්ගි ඇස් දෙකත් පුංචි කරගෙන ඇහුවෙ බංකුව උඩ ඉඳන් ඉන්න කොල්ලගෙ දත් ටික බඩට යවන්න mentally prepare වෙන ගමං.
"නෑ නෑ, අපි දැං යන්නම්, goodbye" මිසෝ awkward විදිහට හිනාවෙලා එතන ඉඳන් නිකං චාටර් වෙච්ච Hyuk දිහා බලලා කිව්වෙ යුන්ගිගෙ ජැකට් අතකින් ඇදං යන ගමං.
"ඔයාට හොඳටම ශුවර්ද එයා ඔයාට කරදර කරේ නෑ කියලා?" යුන්ගි සැරින් සැරේ පිටිපස්ස හැරි හැරි බලන ගමං ඇහුවා.
"නෑ නෑ, එයා නිකං විකාර කියෙව්වා විතරයි" මිසෝ ලාවට හිනාවෙලා කිව්වා.
"ඔයා කියනවනං...." යුන්ගි එයාගෙ ජැකට් සාක්කු දෙකට අත් දෙක දාගන්න ගමන් කිව්වා.
"ඇයි යුන්ගි, ඔයා එකපාරට overprotective වුනේ?" මිසෝ කට කොනින් හිනාවෙන ගමන් එහෙම ඇහුවා.
"ඔහ්, කෝ අයින් වෙන්න.දැං මමයි buggy එක තල්ලු කරන්නෙ" යුන්ගි එහෙම කියන ගමන් තමන්ගෙ උරහිසෙන් මිසෝව හෙමීට එහාට තල්ලු කරේ මිසෝ අහපු ප්‍රශ්නෙ මගඅරින්න කියල තේරුම්ගන්න කෙල්ලට අමාරු වුනේ නෑ.
Grocery store එක ඇතුලට ගියාට පස්සෙ මිසෝ shopping cart එක තල්ලු කරන් යද්දි යුන්ගි නයොන්ව දාපු buggy එක තල්ලු කරගෙන මිසෝගෙ පස්සෙන් ආවා.පැය බාගෙකට විතර පස්සෙ එයාලා තෝරගත්තු බඩු ටිකත් අරගෙන තුන්දෙනාම cash register එක ළඟට ආවා.මිසෝ බඩු ටික cart එකෙන් අරගෙන bags වලට දාගද්දි යුන්ගි ඉස්කෝලෙන් වියදමට දීපු සල්ලි ටික අරගත්තෙ බඩු වලට ගෙවන්න.
"ඔයාට හරිම ලස්සන පවුලක් තියෙන්නෙ sir" cash register එකේ හිටපු පිරිමි ළමයා හිනාවෙලා එහෙම කියද්දි මිසෝයි යුන්ගියි දෙන්නා මූණට මූන බලාගත්තා.
මිසෝගෙ මූණ රතු වුනා.
"එහෙම න-"
"Thank you" මිසෝ මුකුත් කියන්න කලින් යුන්ගි ලාවට හිනාවෙලා එහෙම කිව්වෙ කොල්ලගෙ කම්මුල් දෙකත් හීනියට රෝසපාට වෙද්දි.
___________________________________________________
"ආරීඊඊඊඊඊඊඊ මං ඔයාව අවුරුදු ගාණකින් දැක්කෙ නෑ!!! " මිසෝ බෙරිහන් දීගෙන අාරිම්ගෙ ඇඟට පැන්නා.
"I KNOW RIGHTTTTTT!! මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා කෙල්ලේ!!" ආරිත් අනිත් පැත්තට කෑගැහුවා.
"ඉතිංඉතිං මට කියන්න-"
"පස්සෙ ඔය ඕපදූප කතා කරන්න, දැං ඇවිත් කන්න" යුන්ගි ඇවිත් මිසෝගෙ අතින් ඇදං යද්දි ටේ ආරිම්වත් තල්ලු කරගෙන එ් දෙන්නා පස්සෙන් ගියා.
හැමෝම කාලා ඉවර වුනාට පස්සෙ මිසෝ ආරිවත් අැදගෙන ඕපදූප කතා කරනන කාමරේට ගියේ පිරිමි ළමයි දෙන්නට බබාලව බලාගන්න කියලා
"ඒ කියන්නෙ ඔයා අන්තිම මොහොතෙ මිසෝට උදව් කරන්න තීරණය කරා නේ" ටේ ඇහුවෙ බබාලා දෙන්නත් එක්ක ටෙඩි බෙයාලගෙන් සෙල්ලම් කරන ගමන්.
"මං උදව් කළේ නැත්නම් එයා බබාවත් අරං යන්නයි හිතං හිටියෙ.ඇත්තම කිව්වොත්, එයා වගේ හොඳ ගෑණු ළමයෙක්ව මට හම්බෙලාම නැහැ" යුන්ගි ඔලුව කසකස කියද්දි ටේ ඔලුව වනන ගමං අමුතු විදිහට හිනාවුනා.
"මොකද?" යුන්ගි ඇස් දෙකත් පුංචි කරං ඇහුවා.
"ඔයා තේරුම් ගනී hyung."
"මොකද්ද?"
"ඔයා එයාට කැමතියි කියලා."
____________________________________________
A/N
තූති චැප්ටර්ස් නේ? කරන්න දෙයක් නෑ!
-ndh_meow-
Bạn đang đọc truyện trên: Truyen247.Pro