Chapter 4🍼
1 week later
Yoongi's pov
වෙලාව පාන්දර 3.00යි.
ඒත් මට නින්ද යන්නෑ.
පස්වෙනි පාරටත් මං ඇඳේ අනිත් පැත්තට හැරුනා.එතකොට මම දැක්කෙ මිසෝගෙ ඇඳ.හැබැයි එයා එතන හිටියෙ නැහැ.
මම බබාව කාමරෙන් අයින් කරන්න කිව්ව දවසෙම එයත් බබා එක්ක සාලෙ නිදාගන්න ගියා.
මම හිතුවෙ නැහැ මේ කෙල්ල ඒක serious ගනී කියලා.එයා ඒ බබාට ඇත්තටම ආදරෙයි වගේ....
මට මතක්වුනේ ඊයෙ හවස මට ඇහිච්ච දේවල් ගැන....
*flashbacks*
"ආරි, මං හිතන්නෙ මං ඔයා සතියකට කලින් කියපු දේ කරානං හොඳයි කියලා"
මට සාලෙ ඉඳං මිසෝ කියන එක ඇහුනා.
"ඇති යන්තං ඔයාට මොලේ පෑදුනා. වැරදියට හිතන්න එපා කෙල්ලෙ, ඔයා නිකං hospital එකකින් පැනල ආපු ලෙඩෙක් වගේ මට පේන්නෙ" මිසෝගෙ යාලුවාගෙ කටහඬත් මට ඇහුනා.
"I know හලෝ....මං-" එක පාරටම බබා අඬන්න ගත්ත නිසා මිසෝ කියන්න හදපු එක නැවැත්තුවා.
"ඔන්න...මං තියන්නං ආරි.නයෝන්ට කිරි හදල දෙන්න ඕනෙ.පස්සෙ කතා කරමු..."
*end of the flashback*
එයා බබාව බලාගන්න ඇත්තටම ඕනවටත් වඩා මහන්සි වෙනවා.
අද මිසෝගෙ යාලුවන්ගෙ පාටි එකක් තිබුනා.එයා මගෙන් ඇහුවා අදට විතරක් බබාව මට බලාගන්න බැරිද කියලා.ඒත් මම බෑ කිව්වා.
මට එහෙම නොකර ඉන්නයි තිබුනෙ....
මම හිතන්නෙ එයා project partnersලව මාරු කරගන්නයි හදන්නෙ.
Shit.
මං ඕනවට වඩා නරක විදිහට හැසිරුනේ.
මට කොහොමත් මේ project එකෙන් ලැබෙන grade එක වැඩක් නෑ.
ඒත්...ළඟදි ඉඳන් එයා ගෙදර ඉන්න වෙලාවට මට හරි comfortable හැඟීමක් දැනෙනවා.
මම එයාට වැඩ ලේසි වෙන විදිහට මං වැඩ කරන විදිහත් ටිකක් වෙනස් කරා.මම දැං මම කන බොන දේවල් අස් කරනවා.හවස 6න් පස්සෙ සින්දු දාන්නෙත් නැහැ.ඒත් එයා ඒක එච්චර notice කරන්නැතුව ඇති.
මං පණ්ඩිතකමට කිව්වට මම කන එක මම හදාගන්නම් කියලා, මට ඇත්තටම උයන්න බෑ.රාමෙන් එකක් හදාගත්තොත් ඇරෙන්න.එයා මට ආයෙ කෑම හදලා දෙන්නෙ නෑ කියල කිව්වට එක දවසක්වත් එහෙම නොකර හිටියෙ නැහැ.හැමදාම මටත් එක්ක කෑම හැදුවා.
මං හිතන්නෙ මට මෙච්චර කාලෙකට එහෙම හොඳ කෙල්ලෙක්ව මුණ ගැහිලා නෑ.එයා මට කොච්චර කෑගැහුවත් බබා ගැන කියලා,එයා ඕනවටත් වඩා හොඳට මං ගැන බලනවා.
මට ඒකට එයාට thanks කරන්න තේරෙන්නෑ....
Ugh...මාත් මේ පාන්දර තිස්සෙ ඇහැරිලා මේ කෙල්ලෙක් ගැන හිතහිත ඉන්නෙ ඇයි දැං? ඕක ගැන පස්සෙ හිතන්න පුලුවන්.දැං වැදගත් වෙන්නෙ නින්ද.....
____________________________
"ඔයා කොහෙද යන්නෙ?" මම ඇහුවෙ බෑග් ටිකත් පැක් කරගෙන,නයොන්වත් වඩාගෙන ඉන්න මිසෝ දිහා බලලා.
"මං ඔයාට කලින්ම කිව්වනෙ, ඔයා මට බබාව බලාගන්න උදව් කරන්නෙ නැති නිසා මම ඉස්කෝලෙට කිව්වා.
ඉස්කෝලෙන් partnersලව මාරු කලා. මමයි සොක්ජිනුයි, ඔයයි මිනායි. ඒ දෙන්නත් ඒකට කැමති වුනා.ඒ නිසා මම යනවා...."
මොකක්?
එයා මාව දාලා යනවද?
"පොඩ්ඩක් ඉ-ඉන්න! මං, මං බබාව බලාගන්න උදව් කරන්නම්! ඔයා යන්න එපා!" මං උත්සහ කරා එයාව නවත්තගන්න.
"ඔයාට හිතෙන්නැද්ද ඒකට දැං පරක්කු වැඩී කියලා යුන්ගි?" මිසෝ ඇස් දෙක රෝල් කරන ගමං කිව්වා.එයාට හොඳටම එපා වෙලා වගේ...
"මං දන්නවා, මං දන්නවා, ඒත් ඔයා හිටියොත් මං උදව් කරන්නම්! මම පොරොන්දු වෙන්නං...please ඔයා මෙහෙ නවතින්න..." මං මගෙ අන්තිම උත්සහයත් දරලා බැලුවා.
"මං යනවා යුන්ගි"
එහෙම කියලා එයා ගියා.....
___________________________
"ඔවෑ ඔවෑෑ!!"
මාව උඩ ගිහින් ඇහැරුනේ පොඩි ළමයෙක් අඬන සද්දෙකට.
පොඩි ළමයෙක්? නයෝන්?
ඒ කියන්නෙ ඒක හීනයක්ද?
හොඳවෙලාවට......
මම ඇඳ උඩ ඉඳගෙන Phone එකෙන් වෙලාව බැලුවා.පාන්දර 3.45යි.
මම තත්පර දෙක තුනක් ඇඳේ ඉඳගෙන කල්පනා කරා.
මම මිසෝට උදව් කරේ නැත්තම් එයා අනිවාරෙන්ම යයි.
මම ඉක්මනට අැඳෙන් බැහැලා සාලෙට ගියා.සාලෙ පැත්තක තියල තිබුන baby cradle එකේ හිටපු නයෝන් අඬනවා.මිසෝ හිටියෙ සෝෆා එකේ මුනින් අතට වැටිලා තදම තද නින්දක.ඒ ඉන්න විදිහ දැක්කම මට දුකත් හිතුනා.පහුගිය දවස් ටිකේම නිදිමරලා දැං බබා කොච්චර ඇඬුවත් අැහැරෙන්නෙ නැති තරමට එයා නිදි....
"Shh....අඬන්න එපා...ඔයා ඇඬුවොත් එයා ඇහැරෙයි..." මං රහසින් බබාට කියන ගමන් එයාව වඩා ගන්න try එකක් දුන්නා.
Ufff! කවුද හිතුවෙ බබාලව වඩාගෙන නලවන්න වෙයි කියලා මං වගේ කොල්ලෙක්ට!
දැං ඉතිං මෙයාගෙ ඇඬිල්ල නවත්තන්නෙ කොහොමද? මිසෝ නම් සින්දු කියනව ඇහිල තියෙනවා.මට සින්දු කියන්න පුලුවන්යැ!
"Uhhh...අනේ...ඇස් දෙක වහගන්නකෝ...ඕක ඔච්චර අමාරු දෙයක් නෙවෙයිනෙ!" මං බබාගෙ කනට කරල එහෙම කිව්ව විතරයි එයා තවත් හයියෙන් අඬන්න ගත්තා.
Fuck my life.පොඩි ළමයෙක්වවත් නලවගන්න බෑ.
"අනේ පොඩි බබෝ-"
"AHHHHHHHH මෙන්න බබාලා හොරකං කරනවාාා!!!" මිසෝ එක පාරටම ගිරිය යටින් බෙරිහන් දෙද්දි මාව ගැස්සිච්ච පාර තව ටිකෙන් පොඩි එකාව බිමට සමතලා වෙනවා.මම පිටිපස්ස හැරෙද්දි මිසෝ සෝෆා එක උඩ නැගලා කොට්ටයක් අරං මට ගහන්න වගේ උස්සගෙන ඉන්නවා!
"ඒයි ඒයි මම හොරෙක් නෙවේ! මම යුන්ගි මිසෝ!" මම බබාවත් උස්සගෙන පිටිපස්සට පැන්නෙ කොට්ට පාරක් මූණට වැදෙන්න කලින්.
"යුන්ගි!? ඔයා මහ රෑ මොකද මෙතන කරන්නෙ?" මිසෝ එයාගෙ ඇස් දෙකත් වැහෙන්න මූණට වැටිලා තියෙන කොණ්ඩ කැරලි ටික අයින් කරන ගමන් ඇස් දෙකත් කසකස මං දිහා බැලුවා. එයා ඇඳං හිටපු සුදු පාට පිජාමා Shirt එකටයි කලිසමටයි මට එයාව පෙනුනෙ පොඩි එළු පැටියෙක් වගේ.
මගේ අතේ කෑ ගහල අඬන බබෙක් ඉන්නව කියන එක අමතක වෙලා මට එකපාරට හිනා ගියා.
"ඒපාර හිනාවෙන්නෙ? ඔලුව කොහෙහරි වැදුනද? ඔයා මොකද්ද නයෝන්ව වඩං කරන්නෙ?"
ආශ්....කරන්න ආපු ඒවත් අමතක වෙනවනෙ....
"මං- එයා අඬන නිසා මං එයාව නලවන්න හැදුවෙ...ඔයාට උදව් කරන්න..." මොන එකකටද මන්දා වචනත් පැටලෙනවා.
"එයාට බඩගිනි වෙලා..." මිසෝ මගෙ අතින් බබාව අරගෙන එයාගෙ උරහිසේ බබාව තියාගෙන හෙමීට එහෙට මෙහෙට පැද්දුනා.
"පොඩ්ඩක් ඉන්න...මට උදව් කරන්න? ඔයාට හොඳටම sureද ඒ ගැන?" මිසෝ මං දිහා ඇස් දෙක පුංචි කරන් බලපු විදිහට එයාට මාව විශ්වාස නෑ කියලා මට තේරුනා.
"ඔ-ඔව්. Sorry...මං ටිකක් නරක විදිහට හැසිරුනේ කලින් දවස් ටිකේ" මට එයාගෙ මූණ දිහා බලන්න බැරි නිසා මං බිම බලාගත්තා.
"එහෙමද...හරි, එන්නකො.මං ඔයාට බබාලගෙ කිරි හදන හැටි කියල දෙන්න" එයා එහෙම කියලා බබාවත් අරගෙන කිචන් එකට යද්දි මමත් එයාගෙ පිටිපස්සෙන් ගියා.
Miso's pov
මං යුන්ගිට කරන්න ඕනෙ මොනාද කියලා කියල දුන්නා.පුදුමයි, පලවෙනි වතාවට එයා බොරුවට කෙඳිරි ගාන්නෙ නැතුව මං කියන දේ ඇහුවා.
"දැං අරකෙන් සීනි හැඳි එකහමාරක් විතර දාන්න"
"මේක-"
"අයියෝ පිස්සුද ඕක ලුණු!! ඊට එහාපැත්තෙ තියෙන්නෙ සීනි"
"Oh.sorry.."
"දැං රස්නෙ ඇතිද කියලා අතට චුට්ටක් හලාගෙන බලන්න"
විනාඩි 15ක් විතර තිස්සෙ දඟලලා කොහොමහරි බොන්න පුලුවන් විදිහෙ කිරි එකක් හදා ගත්තට පස්සෙ අපි ආයෙ සෝෆා එක ළඟට ගියා.
"මං එයාට පොවනකන් ඔයාට එයාව අල්ලගෙන ඉන්න පුලුවන්ද?" මං එහෙම අහද්දි යුන්ගි එයාගෙ ඇස් දෙක ලොකු කරල මං දිහා බලල හා කියන්න ඔලුව වැනුවා.මම එයාගෙ අතට බබාව දීලා, කිරි බෝතලේ හොඳට හෙලෙව්වා. යුන්ගි බබාව අරං සෝෆා එකේ ඉඳගත්තට පස්සෙ මම ඒ දෙන්න ළඟ බිම දණගහගත්තෙ බබාට කිරි එක පොවන්න.
"එයාව ටිකක් කෙලින් කරන්න...නෑ නෑ ඔච්චර එපා...අන්න හරි, ඔහොම තියාගන්න" එයා නයෝන්ව හරියට තියාගත්තට පස්සෙ මම එයාට කිරි පොවන්න පටන් ගත්තා.
"අහ්.....මිසෝ....." ටික වෙලාවකට පස්සෙ යුන්ගි මගෙ නම කියනව ඇහෙද්දි මම ඔලුව උස්සලා බැලුවා.
"Thanks,මට chance එකක් දුන්නට"
"උදව් කරන්න chance එක ඔයාට මුල ඉඳන්ම තිබුනා යුන්ගි,ඔයා ඒක ගත්තෙ නැති වුනාට" මම එහෙම කියද්දි එයා upset එකෙන් වගේ බිම බලාගත්තා.
"මං දන්නවා, Im sorry..."
"දැං ඒකට කමක් නෑ..." වෙන වෙලාවක් වුනානං මං එයාව ටිකක් බයිට් කරනවා, ඒත් මට මහන්සි වැඩිකමට ඒ වෙලාවෙ මූඩ් එකක් තිබ්බෙ නෑ.
එකපාරට ඇයි දන්නෑ එයාට හිතුනෙ මට උදව් කරන්න ඕනෙ කියලා.
කමක්නෑ, දැං ඉඳන්වත් නයොන්ව බලාගන්න ටිකක් හරි උදව් කරනවනං ඒ ඇති..........
_________________________________
A/N
Hmm....Yoongiගෙ අදහස එකපාරට වෙනස් වුනේ ඇයි දන්නෑනේ?
-ndh_meow-
Bạn đang đọc truyện trên: Truyen247.Pro