Chapter 2🍼
Miso's pov
මතකද මම කිව්වා බබාලව එන්න කලින් දවස් දෙකක නිවාඩුවක් අපිට ලැබෙනවා කියලා?
ඒ දවස් දෙක ඇතුලත මම තේරුම් ගත්ත දේ මොකද්ද දන්නවද?
යුන්ගි නං මල වාතයක් කියන එක!
එදා එයා අපාර්ට්මන්ට් එකට ආවෙත් එන්න කියපු වෙලාවට වඩා පැයක් පරක්කු වෙලා.කෑවට පස්සෙ අඩු තරමෙ කාපු පිඟාන වත් හෝදන්නෑ! ඒකත් මටම කරන්න තියල එයා යනවා කාමරේට.ඊට පස්සෙ රෑ දෙගොඩ හරියක් වෙනකං රොක් සින්දු දාගන්නවා!
"මේහ්! ඕක ටිකක් අඩු කරනවකො!" මං කොට්ටෙන් කන් දෙක වහගන්න ගමං කෑගැහුවා.
"අහං ඉන්න බැයිනං වෙන තැනකට යන්න" එහෙම කියලා මූ මාව තවත් තරහගස්සන්න සින්දුවල සද්දෙ තව වැඩි කරනවා.
මම දන්නෑ මෙයත් බබෙක් වගේ හැසිරෙද්දි තවත් බබෙක්ව බලාගන්නෙ කොහොමද කියලා.එයාට අඩු තරමෙ පොඩි කෑමක්වත් හදන්න බෑ.එහෙම දෙයක් ඉගෙනගන්නවත් කැමති පාටක් නැහැ.
මේ මනුස්සයා මට බබාව බලාගන්න පොඩ්ඩක් හරි උදව් වුනොත් ඇති.අඩු තරමෙ ඩයිපර් එක මාරු කරන්න හරි! නැත්තං මේ මාස තුනේ මට පිස්සු හැදිලයි නවතින්නෙ!
_______
මම,යුන්ගි,ආරි,ටේ,ජින්,මිනා...අපි කට්ටියම adoption center එකේ තිබුන පොඩි කාමරේකට වෙලා වාඩි වෙලා හිටියෙ අපිට ලැබෙන බබාල ටික ගන්න.
"ලී ආරිම්, කිම් ටේහ්යුන්ග් " ආරිගෙයි ටේගෙයි නම් කතා කරද්දි ඒ දෙන්නා නැගිට්ටා.ආරි මට smile in pain වගේ බැල්මකුත් දැම්මා.ටික වෙලාවකින් ඒ දෙන්නා එලියට ආවෙ ආරිගෙ අතේ චූටි බබෙකුත් ඉද්දි.අනේ...එයා හරිම චූටියි.හරිම කියුට් පාටයි!
ආරි මට හිනාවක් දාලා ටේ එක්ක එතනින් ගියා.ටේගෙ අතේ මොකක් හරි බෑග් එකකුත් තිබ්බා.බබාගෙ බඩු වෙන්නැති.එයා නං දැනටමත් බබාගෙ තාත්තා වගේ ඉන්නේ!
ඊළඟට ජින්ගෙයි මිනාගෙයි නම් කිව්වා.ඒ දෙන්න එතනින් ගියාට පස්සෙ මායි යුන්ගියි විතරයි එතන ඉතුරු වුනේ.යුන්ගිනං එතන තිබ්බ බිත්තියට ඔලුව තියාගෙන නිදි කිරකිර හිටියෙ.
"අපිට පිරිමි ළමයෙක්ව ලැබුනොත් හොඳයි" යුන්ගි එකපාරටම ඇස් දෙක ඇරල මං දිහා බලල කිව්වා.
"ඒ ඇයි?"
"පිරිමි ළමයි හැමතිස්සෙම කෙඳිරි ගාන්නෑ"
pffft..මොකක්?
"ඒක තමා මං අහපු මෝඩම කතාව" මං එහෙම කියද්දි යුන්ගි ඇහිබැමකුත් උස්සගෙන මං දිහා බැලුවා.
"ඇයි එහෙම කියන්නෙ?"
"දැං කොල්ලෙක් වෙච්ච ඔයත් මෙතන ඉඳන් පිරිමි ළමයෙක් හම්බුනොත් හොඳයි කියල කෙඳිරිගාන එක නෙවේද කරන්නෙ?" මං කිණ්ඩියට වගේ හිනාවක් දාලා එහෙම අහද්දි එයා ඇස් දෙක රෝල් කරලා ආයෙත් බිත්තියට ඔලුව තියාගත්තා.
"මින් යුන්ගි,සොන්ග් මිසෝ" අපි දෙන්නගෙ නම් දෙක කියද්දි අපි නැගිටලා ඇතුලට ගියා.
"හරි ළමයි,ඉඳගන්න.ඔයාලට ලැබෙන්නෙ ගෑනු ළමයෙක්ව.එයාගෙ නම නයෝන්" ටීචර් එහෙම කියද්දි මම යුන්ගි දිහා ඇස් කොනින් බැලුවා.හොඳ වැඩේ එක්කෙනෙක් කොල්ලෙක්ව ගන්න බලං හිටියා!
"මේ බබාගෙ වයස මාස 4යි.එයා එච්චරටම සෞඛ්‍ය සම්පන්න ළමයෙක් නෙවේ.ඒ නිසා එයාට හැම පැය තුනකටම පාරක්ම කිරි දෙන්න ඕනි.රෑටත්.ඒක අමතක කරන්න එපා.මේ තියෙන්නෙ ඔයාලගෙ නෝට්පෑඩ් එක.ඔයාලා කරන හැමදෙයක්ම ඔයාලා මේකෙ වෙලාවත් එක්ක ලියන්න ඕනෙ.උදාහරණයක් විදිහට බඩු ගේන්න ග්‍රොසරි එකට ගියොත් ඒක, බබාගෙ ඩයිපර්ස් මාරු කරානං ඒක,එයාට කිරි දීපු වෙලාව වගේ.පලවෙනි සතියෙදි හැමදාම එයා ගැන රිපෝට් එකක් මගෙ මේසෙ උඩ තියෙන්න ඕනි.පලවෙනි සතිය ප්‍රශ්නයක් නැතුව ගියොත්, ඔයාලට දෙවෙනි සතියෙ ඉඳන් හැම ඉරිදාම විතරයි රිපෝට් එක දෙන්න අවශ්‍ය වෙන්නෙ.ඔයාලගෙ මාසෙ බජට් එක 350$යි.ඒක ඔයාලගෙ personal දේවල් වලට නෙමේ හරිද ගන්න ඕනෙ? ඒ නිසා පරිස්සමට පාවිච්චි කරන්න.තේරුනාද?"
අපි දෙන්නම ඔලුව වනද්දි ටීචර් යුන්ගිගෙ අතට නෝට්පෑඩ් එක දුන්නා.
"හරි, දැං කවුද බබාව උඩට අරං යන්නෙ?" ටීචර් එහෙම අහද්දි මම යුන්ගි දිහා බැලුවා.එයත් මං දිහා බැලුවා.
"මිසෝ කරයි" යුන්ගි ඔහේ කියල දැම්මා, හහ්!
"ඔයාට මේකට මිසෝට කිසිම උදව්වක් නොකර නිකං ඉන්න බෑ කියල මතක තියාගන්න යුන්ගි.ඒක ඔයාගෙ grade එකට බලපානවා.අතන තියෙන අංක පහ ගහපු බෑග් එක ගන්න.ඒක ඔයාලගෙ.මිසෝ ඔයා එන්න මාත් එක්ක බබාව ගන්න" එහෙම කියලා ටීචර් මාව එක්කගෙන ගියා.
එතන තිබ්බ පොඩි කාමරයක් අැතුලට අපි ගියා.දෙයියනේ, එතන තිබ්බ තොටිලි ගොඩක බෝල බෝල වගේ හුරතල් චූටි චූටි බබාල ගොඩක් හිටියා! අනේ...එයාලා හරිම කියුට් අනේ!!!
"මේ ඉන්නෙ නයෝන්" ටීචර් මට හිනාවෙලා එතන පහ ගහපු තොටිල්ලෙ හිටපු බබාව පෙන්නුවා.අනේ...බෝල ගෙඩියක් වගේ!!
"අනේ මං එයාව වඩාගන්නද??" මං ටීචර් දිහා පපී ඇස් දෙකක් දාන ගමං ඇහුවා.
"අහන්නත් දෙයක්ද? හැබැයි එයා සමහර වෙලාවට කිසි හේතුවක් නැතිව එක පාරට අඬන්න ගන්නවා..." ටීචර් එහෙම කියද්දි මම නයෝන්ව වඩා ගත්තා.එයාට තියෙන්නෙ ලස්සනම ලස්සන හේසල් දුඹුරු පාට ඇස් දෙකක්.එයා කිසිම ප්‍රශ්නයක් නැතුව මගෙ අත් දෙකට ඇවිත් එයාට පහසු විදිහට එයාගෙ චූටි අත් දෙක එහෙමෙහෙ කරලා හරි බරි ගැහුනා.
මම බබාවත් අරං එද්දි යුන්ගි කාමරෙන් එලියට ගිහින් හිටියෙ බෑග් එකකුත් අරං.මං හිනාවෙලා එයා ඉන්න තැනට ගියේ බබාව පෙන්නන්න.
"යුන්ගීඊඊඊ...නයෝන්ට හායි කියන්න!!" මම බබාව එයා ඉස්සරහට අරං පෙන්නලා කිව්වා.
එයා බබා දිහා බලලා nose scrunch එකක් කරලා එතනින් ගියා.
හහ්!
මාර මනුස්සයෙක් තමා!
"අද රෑට අපි පලවෙනි රිපෝට් එක දෙන්නම් ටීචර්" මං හිනාවෙලා එහෙම කියල යුන්ගි දිහා බලද්දි එයා දැනටමත් ලිෆ්ට් එක ඇතුලට ගිහින් ඉවරයි.මේ මනුස්සයට මං ඉන්නව කියල ගානක්වත් නැති හැටි! මං බබාවත් අරං අඩිය ඉක්මන් කරල ගියේ එකෙ දොර වැහෙන්න කලින්.
ලිෆ්ට් එක උඩට යන අතරතුරේදි මං බබාගෙ මූණ දිහා තව ටිකක් හොඳට බැලුවා.එයාගෙ ඔලුවෙ නං කලුපාට කෙස් වැවිලා තිබුනෙ.ලස්සන දිග ඇහිපිහාටුත් තිබුනා.එයා හරිම සන්සුන් විදිහට මගෙ අතේ ඉඳං නිදාගෙන හිටියෙ.දෙයියනේ! මට හිතෙන්නෙ මම එයාගෙ අම්මා කියලා!
"ඔයා නිකං හරිම love struck විදිහට එයා දිහා බලං ඉන්නෙ" යුන්ගිගෙ කටහඬින් මං එයා දිහා ඔලුව උස්සලා බැලුවා.
"කොහොමද එහෙම නොවී ඉන්නෙ! බලන්නකො එයා කොච්චර ලස්සනද කියලා!" මං එහෙම කියන ගමං මගෙ උරහිස යුන්ගි දිහාට හැරෙව්වෙ එයාට බබාගෙ මූණ හරියට පෙන්නන්න ඕනෙ නිසා.
"මට එහෙම විශේෂත්වයක් පේන්නෙ නෑ මිසෝ, එයා නිකං බබෙක් විතරයි" යුන්ගි එහෙම කියන ගමං ලිෆ්ට් එකෙන් එලියට ගියා.අනේ මන්දා...මට නං මෙයාව තේරුම් ගන්නම බෑ.රොබෝ කෙනෙක් වගේ ඉන්නෙ.
දැන්නම් හිතෙනවා ජින් මගෙ පාට්නර් වුනානං හොඳයි කියලා...මට හොඳටම විශ්වාසයි එයා හිටියනං මට මේක මීට වඩා ලේසි වෙනවා කියලා.
_________________________________________
A/N
බැරි වෙලාවත් අපේ ඉස්කෝල වලත් ඔහොම ඕවා කරන්න තිබුනොත් මොනව වෙයිද?
-ndh_meow -
Bạn đang đọc truyện trên: Truyen247.Pro