Chapter 18 🍼
(Miso POV)
"Hey, um...මට ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා..." මම Jaehyukව ඇඳට දානකොට යුන්ගි ළඟට ඇවිත් රහසින් කෙඳිරුවා.
"කියන්න,මොකක් හරි අවුලක්ද?" මං අවධානෙන් ඇහුවෙ එයාගෙ මූණෙ ටිකක් serious පෙනුමක් තිබ්බ නිසා.
"නෑ um, මේකයි...මට අපේ පවුලෙ අය ගැන ඔයාට කලින් warn කරන තියන්න ඕන වුනා" යුන්ගි මගේ මූණ දිහා බලන්නැතුව කිව්වා.
"ඒ මොකටද?" එයාගෙ පවුලෙ අය ගැන ඇයි එයා warn කරන්නෙ?
"මේකයි, එයාලා ඔයාලගෙ පවුලෙ අය වගේ open minded අය නෙවේ.මගෙ අප්පා ඔයාට කොහෙත්ම කැමති වෙයි කියල මං හිතන්නෑ.එයා අඩු තරමෙ අපි ගියාම අපිව පිළිගන්නවත් එයිද කියලා මට විශ්වාස නෑ.හැබැයි ඔම්ම නං ඔයාට කැමති වෙයි" එයා ඔලුව කසන ගමන් කිව්වා.හ්ම්...මට ආසයි එයාගෙ අප්පා මොනවගේ මනුස්සයෙක්ද කියලා බලාගන්න.
"ඔයා අවුල් ගන්න එපා Yoongz, අපි දෙන්න එකට ඉන්නකම් ප්‍රශ්නයක් වෙන්නෑ" මම හිනාවෙලා කිව්වෙ එයාගෙ හිතට සහනයක් දෙන්න.එයාගෙ මූණෙත් පුංචි හිනාවක් ඇඳුනා.
"Good night මිසෝ"
"Night Yoyo"
"Yoyo?"
"ඔයාගෙ nickname එක Yoongless~" මං හිනාවෙලා එයාගෙ කම්මුලකට ඇඟිල්ලෙන් ඇනලා කියද්දි එයා disgusting look එකක් එක්ක නහයත් scrunch කරං අනිත් පැත්ත හැරිලා ඇඳට යන්න ගියා.CUTE!!!
___________________________
යුන්ගි ඒ warning එක දුන්න හේතුව මට හොඳටම පැහැදිලි වුනා.
අපි එයාගෙ ගෙදර යද්දි යුන්ගිගෙ ඔම්මා තමා අපිව පිළිගත්තෙ.එච්චරම නැතත් එයා ටිකක් විතර මාත් එක්ක හිනා වෙලා කතා කළා.යුන්ගිගෙ අප්පා නම් අභිරහසක් වගේ.එයාව මම දවසටවත් දැක්කෙ නෑ.හිතුව වගේම යුන්ගිගෙ ගෙදර ලොකු manison එකක්.යුන්ගිගෙ ඔම්මා අපේ මා වගේ නැති වුනත් Jaehyukට කැමති වුනා වගේ එකක් මට තේරුනා.Hyuki ඒක එච්චර ගනන් ගත්ත බවක් නම් මට හිතුන්නෑ.
"අපිට ආයෙ පාරක් එක ඇඳක් share කරගන්න එක ඔයාට අවුලක් නෑ කියලා හිතනවා.හැබැයි ඔයාට ඕන වෙලාවක තනියම නිදාගන්න ඕනෙනං මට පුලුවන් උඩ තට්ටුවේ guest room එකක් ලෑස්ති කරන්න..." මට එයාගෙ කාමරේ පෙනන්න ගමන් යුන්ගි කිව්වෙ ඔලුවත් කස කස.ඒ වුනාට එයාගෙ ඇඳේ සයිස් එකේ හැටියට අමුතුවෙන් වෙන කාමරයක් ලෑස්ති කරන්න ඕනෙ කියලනම් මට හිතුනෙ නෑ.
"අපිට cuddle puddle වෙලා ඉන්න chance එකක් හම්බෙද්දි ඔයා හිතනවද මං ඒක අතහරී කියලා?" මං හිනාවෙලා එහෙම අහද්දි එයාගෙ මූනෙත් පුංචි හිනාවක් ඇඳුනා.Jaehyuk යුන්ගිගෙ ඔම්මත් එක්ක සාලෙට වෙලා සෙල්ලම් කර කර ඉද්දි මායි යුන්ගියි යුන්ගිගෙ කාමරේට වෙලා movies බලබල හිටියෙ රෑ කෑම වෙලාව වෙනකම්.
"මම වෙන ඇඳුමක් ඇඳගන්න ඕනද?" යුන්ගිගෙ ඔම්මා අපිට dinner වලට එන්න කියල කතා කරාම මම යුන්ගිගෙන් ඇහුවෙ අපි දෙන්නම හිටියෙ සැහැල්ලු ඇඳුම් ඇඳගෙන නිසා.
"මොකටද? ඔම්මා අපි ඇඳං ඉන්න ඒව ගැන එච්චර හිතන්නෑ.අප්පා නම් මොනව හිතුවත් මට ඒ ගැන වැඩක් නෑ" යුන්ගි උරහිස් දෙක හකුලුවන ගමන් කිව්වා.
එයාගෙ අප්පා නම් අමුතු කෙනෙක් තමා.අපි කෑම මේසෙට ගිය වෙලාවෙ යුන්ගිගෙ ඔම්මා මාව අඳුන්වලා දුන්නම එයා ඔලුව ටිකක් උස්සලා මං දිහා බැලුව විතරයි.මම ආචාරශීලි විදිහට හිනාවෙලා bow කරාමවත් එයා මාව ගනන් ගත්තෙ නෑ.මං කියල කෙනෙක් එතන නැති විදිහටයි එයා හැසිරුණේ.
යුන්ගි මට කලින්ම ඒ ගැන කියල තිබුන නිසා මං වැඩිය හිතන්න ගියේ නෑ.එයා නං අප්පාව මම තරමටවත් ගනන් ගත්ත පාටක් පේන්න තිබුනෙ නෑ.අපි හැමෝම නිහඬවම කෑම කෑවා.
ටික වෙලාවක් යද්දි යුන්ගිගෙ අප්පා උගුර පෑදුවෙ මොනව හරි කියන්න ලෑස්ති වෙන ගමන්.
"හෙට company එකේ bussiness party එකක් තියෙනවා යුන්ගි.හැබැයි ඔයාගෙ ඔය ළමයයි, අලුත් සෙල්ලම් බඩුවයි එතනට අරං එන්න බෑ"
මම දැනං හිටියා එයා අමුතු කෙනෙක් තමා කියලා,ඒත් මෙච්චර කැත විදිහට මට කතා කරයි කියලා නිකමටවත් මට හිතුනෙ නෑ...
"Excuse me, ඔයා මොකක් කියලද මට කතා කරේ?"
මට ආපු කේන්තියට මම අතේ තිබුන ගෑරුප්පුවෙන් පිඟානෙ තිබුන බේකන් කෑල්ලට හයියෙන් අනින ගමං එහෙම අහද්දි යුන්ගිගෙ ඔම්මා ඇස් දෙක ලොකු කරන් මම දිහා බලන හැටි ඇස් කොනින් මට පෙනුනා.
"ඔයා ඇත්තටම හිතාගෙන ඉන්නෙ මගෙ පුතා ඔයාට ඇත්තටම කැමතියි කියලද?" එයා මං දිහා සමච්චල් සහගත හිනාවක් එක්ක බලන ගමන් ඇහුවා. "එයාගෙ standards වලට ළං වෙන්න ඔයාට හිතන්නවත් බෑ"
මං මගෙ කේන්තිය පාලනය කරන් හිටියෙ Jaehyuk කෑම මේසෙ හිටපු නිසා.
"පැටියෝ, ඔයා කාලා ඉවරනම් හොඳ ළමයා වගේ කාමරේට යනවද? ලොකු අයට පොඩ්ඩක් තනියම කතාකරන්න ඕනි" මං Hyukie දිහා බලලා හිනාවෙලා කියද්දි එයා ඇසිල්ලෙන් ඔලුව වනලා මේසෙන් නැගිටලා කාමරේට ගියා.ඒ වහාම මම යුන්ගිගෙ අප්පාට රැව්වෙ එයා ගැන මගෙ හිතේ තියෙන අකමැත්ත මගෙ ඇස් දෙකෙන් පෙන්නන ගමන්.
"මේක අහගන්න sir, ඔයා ඔය කියන විදිහෙ standards යුන්ගි ළඟ නැහැ.සමහර විට ඔයා ළඟ ඇති.ඒ standards වලට මට ළං වෙන්න බැරි නම් ඒකට එකම හේතුව ඒවා ගොඩක් පහල,වැඩකට නැති ඒවා නිසා.අනිත් එක, ඔයා මට සෙල්ලම් බඩුවක් කියලා කතා කරන එකට මම ටිකක්වත් කැමති නැහැ"
මම පුලුවන් තරම් වචන හොඳ විදිහට හසුරවලා කතා කළේ මොන තරම් නරක ගතිගුණයක් තිබුනත් එයා වැඩිහිටියෙක් නිසා.එයා මට කතා කරපු විදිහටම මමත් කතා කරලා එයාගෙ තත්වෙටම වැටෙන්න මට වුවමනාවක් කොහෙත්ම නෑ.
යුන්ගිගෙ අප්පා මම දිහා බලං හිටියෙ නිකං හරිම unimpressed විදිහට.එතකොටම යුන්ගි එයාගෙ අතේ තිබුන ගෑරුප්පුව මේසෙන් තියලා අත් දෙක අරගෙන හරහට බැඳගත්තෙ එයාගෙ අප්පාගෙ ඇස් දෙක දිහා හරි කෙලින් බලන ගමන්.
"එයා සෙල්ලම් බඩුවක් නෙවේ අප්පා, එයා මගෙ girlfriend.ඒ නිසා කරුනාකරලා ගරුත්වයක් ඇතුව කතා කරන්න.අනිත් එක, ඔයාගෙ ඔය party එකට මං එන්නෙ මගෙ පුතාටයි, girlfriendටයිත් එන්න පුලුවන් නම් විතරයි"
"මිසෝට එන්න පුලුවන්,ඒත් Jaehyuk තවම පොඩි වැඩී.එයාට කම්මැලි හිතෙයි.ඒ නිසා ගෙදර ස්ටාෆ් එක එයාව බලාගනී.කොහොමත් අපි කලින් එන්න බලාගෙන නෙවේ යන්නෙ" යුන්ගිගෙ ඔම්මා අප්පා වෙනුවට ඉක්මනටම උත්තර දුන්නෙ රණ්ඩුවක් ඇති වෙන එක නවත්තන්න වගේ.යුන්ගිගෙ අප්පාගෙ මූණෙ තිබුනෙ හොඳටම කේන්ති ගිය පෙනුමක්.එයා එකපාරටම පුටුවෙන් නැගිට්ටෙ හයියෙන් මේසෙට අත් දෙකෙන් ගහන ගමන්.
"හරි එහෙනම්, ඔයාගෙ පොඩි ආදරවන්තියවත් අරගෙන එන්නකො.හැබැයි එයාට නිකං ගොඩේ ඇඳුමක් ඇඳගෙන එන්න ඉඩ තියන්න එපා."
එයා එහෙම කියන ගමන් එතනින් ගියේ යුන්ගිව හොඳටම තරහ ගස්සලා.මම යුන්ගිගෙ අතින් අල්ලගත්තෙ එයාව සන්සුන් කරවන්න.
"එයාගෙ හැසිරීම ගනන් ගන්න එපා දරුවො.ඔයා ඔයා වෙනුවෙන් කතා කරපු එක ගොඩක් හොඳයි.යුන්ගි, ඔයා මේ ළමයව නම් නැති කරගන්න එපා හරිද?" යුන්ගිගෙ ඔම්මා මං දිහා හිනාවෙලා බලන ගමන් යුන්ගිගෙ උරහිසට අත තියලා එහෙම කිව්වා...
_________________________________________
A/N
හෙලෝ!! ගොඩ කාලෙකින් නේද? පහුගිය දවස් ටිකේ මගෙ ඇස් වලට ටිකක් අමාරු වෙලා තිබුන නිසයි update නොකළේ.ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා.හැමෝම ලෙඩ වෙන්නැතුව ඉන්න උපරිම උත්සහ කරන්න❤️
Bạn đang đọc truyện trên: Truyen247.Pro