Chapter 14 🍼
මිසෝගෙයි යුන්ගිගෙයි Date එක සතුටුදායක විදිහට ගියා.Apartment එක ළඟ තිබුන cute restuarant එකකට ගිහින් ඒ දෙන්නා Dinner ගත්තා.ඊටපස්සෙ cinema එකට ගියා movie එකක් බලන්න.යුන්ගි Dinner වලට සල්ලි ගෙවද්දි මිසෝ movie tickets වලට ගෙව්වා.
"මිසෝ ඔයා ඇයි වියදම් කරන්නෙ? මමනෙ පිරිමි ළමයා,මමයි ඔයාව date රකට එක්කං ආවෙ.එතකොට මායි ගෙවන්න ඕනි"
"ඔයා මං වෙනුවෙන් වියදම් කරන්න ඕනෙ නෑ යුන්ගි.මට ඔය social standards වලින් වැඩක් නැහැ" මිසෝ යුන්ගි දිහා බලල හිනාවෙලා කිව්වා.
"හරි එහෙනං,හැබැයි මම snacks වලට ගෙවනවා හරිද?" Popcorn section එකට යන ගමං යුන්ගි කිව්වා.
"ඇයි ඔයා ඔච්චර වියදම් කරන එක ගැන වදවෙන්නෙ යුන්ගියා?" මිසෝ ඇස් දෙක පුංචි කරලා ඇහුවා.
"මට ඕනෙ ඔයාට පුලුවන් හැමදේම දීලා ඔයාව spoil කරන්න මිසෝ.අපේ තාත්තා එක්ක අම්මා ඉන්නෙත් ඒකයි.මං කැමති නෑ ඔයා මම දිහා වැඩකට නැති කෙනෙක් වගේ හිතලා මාව අතඇරලා යනව-" යුන්ගිට ඉවරකරන්න නොදී මිසෝ කොල්ලගෙ අත කෙනිත්තුවා.
"ඒයි මෝඩයෝ,මං මොකටද ඔයාව අතඇරලා යන්නෙ? මට ඕන කරන්නෙ ඔයාගෙ සල්ලි නෙවේ.මාව maintain කරන්න ටිකක් අමාරුයි.මට ඕනෙ වැඩිපුර ආදරෙයි, ලොකුම ලොකු අවධානෙකුයි.ඒ වගේම ඔයා මාව spoile කරන්න හදනවා වගේ මටත් ඔයාව spoile කරන්න ඕනෙ" අන්තිම ටික කියන ගමං කෙල්ල ඇහැක් ගහද්දි කොල්ලගෙ මූනේ ලොකුම ලොකු gummy smile එකක් ඇඳුනා.
"ඔයාව maintain කරන්න අනිත් කොල්ලන්ට අමාරු ඇති.ඒත් මට එහෙම නෑ.ඒ වගේම මමයි snack වලට වියදම් කරන්නෙ.ඊළඟ සැරේ date එකේදි ඔයා ගෙවන්න" යුන්ගි සල්ලි ගෙවන්න wallet එක ගන්න ගමං කිව්වා.
"ඊළඟ පාර?" මිසෝ කට කොනින් හිනා වෙලා ඇහුවා.
"මං වගේ කොල්ලෙක් එක්ක ආයෙ පාරක් date එකකට එන්න කැමති නැති වෙන්න ඔයාට තියෙන සාධාරණ හේතුව කියන්න බලන්න" යුන්ගි මිසෝගෙ අතින් අල්ලන් cinema hall එක පැත්තට යන ගමං එහෙම අහද්දි කෙල්ලට හයියෙන් හිනා ගියා.
"හරි හරි ඔයා දින්නා"
_________________________________
*KNOCK KNOCK*
"මොන- අපි Room service order කරාද?" යුන්ගි නිදිමතේ කෙඳිරිගෑවා.
Date එක ඉවරවෙලා ඇවිත් යුන්ගියි මිසෝයි දෙන්නම හිටියෙ තවමත් එක ළඟට කරල තිබුන ඇඳවල් වල නිදාගෙන.මුලින් දෙන්නගෙ මැද්දෙ පොඩි හිඩැසක් තිබ්බට ටික වෙලාවක් යද්දි දන්නෙම නැතුව මිසෝ හිටියෙ යුන්ගිව නින්දෙන්ම බදාගෙන.එක පාරට දොරට ගහන සද්දයක් නිසා දෙන්නම නින්දෙන් ඇහැරුනා.
*KNOCK KNOCK*
"නෑනෙ....මං ගිහිල්ලා බලන්නං..." මිසෝ ඇඳෙන් නැගිටින ගමන් Phone එකෙන් වෙලාව බැලුවා.පාන්දර 3.36 කියලා වැටිලා තිබුනා.
"එපා ඔයා ඉන්න, මං ගිහින් බලන්නම්.මොකක් හරි වුනොත් ඉක්මනට 119 කෝල් කරන්න ලෑස්ති වෙලා ඉන්න" යුන්ගි ඇඳෙන් නැගිටලා මිසෝව හෙමීට ආපහු ඇඳට තල්ලු කරන ගමං කිව්වා.
"පරිස්සමෙන්"
මිසෝ යුන්ගි කියන දේ අහලා කාමරේ ඇතුලටම වෙලා හිටියා.ඉස්සරහ දොරට peep hole එකක් තිබුනත් වැඩක් වුනේ නෑ, මොකද ඒක ගොඩක් උඩින් තිබ්බෙ.ඒකෙන් බලන්න අඩුම තරමෙ මීටර් 2කට වඩා උස වෙන්න ඕනෙ.
ඉස්සරහ දොර අරින සද්දෙ ඇහෙනවත් එක්කම මිසෝ හුස්ම ගන්න එකත් නැවැත්තුවා.යුන්ගිගෙ කටහඬ ඇහෙද්දි තමා කෙල්ල හුස්ම පහල දැම්මෙ.
"මිසෝ, අවුලක් නෑ.මං හිතන්නෙ ඔයාට එන්න වෙයි" යුන්ගි එහෙම කියනවා කෙල්ලට ඇහුනා.
මාව මොකටද? කෙල්ල එහෙම හිතන ගමන් ඇඳෙන් බැහැලා සාලෙට ගියා.
දොර ළඟ එදා උදේ Jaehyukව අරං යන්න ආපු ගෑනු කෙනා ඉන්නවා මිසෝ දැක්කා.එයා හිටියෙ ටිකක් කරදරෙන් වගේ.
"හෙලෝ, මට සමාවෙන්න ඔයාලට මේ වගේ වෙලාවක ඔයාලට කරදර කරාට.ඒ වගේම දැං ඔයාලට නිවාඩුනෙ.හැබැයි අපිට Jaehyuk එක්ක පොඩි ප්‍රශ්නයක් ආව නිසා ඔයාලට කතා නොකර බැරිවුනා." ගෑනු කෙනාගෙ මූණෙ තිබුනෙ හරිම මහන්සි පාටක්.
"මොකද්ද ප්‍රශ්නෙ?" මිසෝ යුන්ගිගෙ එහාපැත්තට ඇවිදං එන ගමන් ඇහුවා.
"මෙහෙමයි, එයා දවල් ආපු වෙලාවෙ ඉඳන් කන්නෙ නෑ, නිදාගන්නෙත් නෑ.ඔය දෙන්න ළඟට ආයෙ එන්න ඕනෙ කියලා අඬඅඬ කරදර කරනවා.මම දන්නෑ ඔයාලා කැමති වෙයිද කියලා,ඒත් අපි කල්පනා කරේ නිවාඩු දවස් ටිකෙත් එයාව ඔයාලත් එක්ක තියන්න." එයා පැහැදිලි කරා.
"ප්‍රශ්නයක් නැහැ,එයා කෝ දැං?" මිසෝ එකපාරට කිව්වට පස්සෙ තමා කෙල්ලට මතක් වුනේ මුලින් යුන්ගිගෙනුත් අහන්න ඕනෙ නේද කියලා.හැබැයි යුන්ගිත් පිටිපස්සෙ ඉඳන් මිසෝට එකඟ වෙන්න වගේ ඔලුව වනනවා කෙල්ල දැක්කා.
"එයා ඉන්නවා අපේ තව කෙනෙක් එක්ක පහල lobby එකේ.අනේ ගොඩක් ස්තූතියි මේ උදව්වට,ඒ වගේම අපිට සමාවෙන්න කරදර කරන්න වුනාට" ඒ ගෑනු කෙනා දිගටම ඔලුව නවනව සමාව ගත්තා.
"ඒ ගැන කරදර වෙන්න එපා" මිසෝ එහෙම කියන ගමන් සෙරෙප්පු දාගෙන යුන්ගිත් එක්ක පහලට ගියා.
Lobby එකට යනවත් එක්කම එයාලට තවත් ගෑණු කෙනෙක්ගෙ කටහඬක් ඇහුනා.
"මොකද්ද ළමයෝ, දෙන දෙයක් කාලා බීලා ඉන්න බැරි? අනිත් අයටත් පුදුම වදයක්නෙ දෙන්නෙ" Jaehyukව ළඟ තියාගෙන හිටපු ඒ ගෑනු කෙනා කොල්ලට බැන බැන ඉද්දි පොඩි එකා මුකුත් කිව්වෙ නැතුව කරබාගෙන හිටියා.
"Hyukie?" මිසෝගෙ කටහඬ ඇහුනු ගමන් පොඩි එකාගෙ මැලවිලා තිබුන මූණට හිනාවක් ආවා.
"ඔම්මා!!" කොල්ලා එහෙම කියාගෙන දුවගෙන ඇවිත් මිසෝගෙ කකුල් දෙක බදාගත්තා.
"එන්න පැටියො, අපි නිදාගන්න යං" මිසෝ එහෙම කියලා Jaehyukව වඩා ගද්දි කෙල්ලට දැනුනා යුන්ගි නිකං එ් දෙන්නව ආරක්ෂා කරන්න වගේ පිටිපස්සෙන් ඉන්න හැටි.
"ආයෙමත් ගොඩක් ස්තූතියි.අපි මෙයාගෙ බෑග් ටික උඩට ගෙනත් දෙන්නද?" කලින් උඩට ආපු ගෑනු කෙනා එහෙම ඇහුවා.
"නෑ කමක් නෑ.ඔයාලටත් මහන්සි ඇතිනෙ.අපි අරගෙන යන්නම්.Good night" යුන්ගි හිනාවෙලා එහෙම කියලා Jaehyukගෙ බෑග්ස් ටික අරං යන ගමන් දැක්කෙ කලින් Jaehyukට බැන බැන හිටපු ගෑනු කෙනාව.
"තව එකක්, ආයෙ කවදාවත්ම....Jaehyukට වදයක් කියන්න එපා" යුන්ගිගෙ සැර voice ටෝන් එකට ගැස්සිච්ච ගෑනු කෙනා අඩියක් පිටිපස්සට යද්දි කොල්ලා එක අතකින් බෑග්ස් ටික අරගෙන, අනිත් අත මිසෝගෙ පිටට තියාගෙන elevator එක දිහාවට එයාව guide කරගෙන ගියා. (A/N:- hUSBAND MATERIAL DHSKMHHJJFHKKMMKJS😔)
"Good night buddy" යුන්ගි හෙමීට එහෙම මුමුණන ගමං මිසෝගෙ කර උඩ අඩනින්දෙ හිටපු පුංචි Jaehyukගෙ නළලට වැටිලා තියෙන කොන්ඩෙ අයින් කරලා කිස් එකක් දුන්නා.
______________________________
A/N
sas-lis-cat Gukie_s_One Get well soon ළමයි දෙන්නා :")❤️
Bạn đang đọc truyện trên: Truyen247.Pro