Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Chapter 1🍼

Miso's pov

"මින් යුන්ගියි, සොන්ග් මිසෝ"

    ටීචර් මගෙ නම කියනව ඇහිච්ච නිසයි මම ඔලුව උස්සල බැලුවෙ.ආශ්! මෙච්චර පිරිමි ළමයි ඉන්න පන්තියක මින් යුන්ගිවම ඇයි මාත් එක්ක දැම්මෙ! මං ඒ හාදයත් එක්ක කතා කරලත් නෑ, එයාව දන්නෙත් නෑ!

"අඩු තරමෙ ඔයාව බැම්බැම් එක්ක වැටිච්ච නැති එක ගැන සතුටු වෙන්න" මගෙ දෙක වෙච්ච මූණ දැකලා ආරිම් කිව්වා.ආරිම් තමා මගෙ බෙස්ටි.එතකොට බැම්බැම්.... හම්මේ එයා ගැන නං කියල වැඩක් නෑ.නැහැ ඉතිං වරදක් නැහැ...එයා ටිකක්...දඟලනව වැඩී.එයත් එක්ක පාට්නර් වෙන කෙනාට ඉතිං දෙයියන්ගෙම පිහිටයි.එක පාරක් හරි බබාව බිම දැම්මෙ නැත්තං ටීචර් එයාට ලකුණු සේරම දෙයි!

  "ඔයාටනං හොඳයි ආරි, ටේහ්යුන්ග් හොඳ කොල්ලා" මං එහෙම කියද්දි ආරි එයාගෙ උරහිස් වලින් මට ¯\_(ツ)_/¯ look එකක් දුන්නා.

  "අනේ මන්ද ඉතිං, මම නං දන්නෑ ඕව.ලකුණු ටික දාගන්න පුලුවන් උනොත් ඒ ඇති" ආරි ගානක් නැතුව එහෙම කියලා එයාගෙ බඩු ටික බෑග් එකට දාගත්⁣තෙ පන්තියෙන් එලියට යන්න.මාත් එයාගෙ පස්සෙන්ම ගියා.

හරි, දැං ඔයාලා බලනව ඇති මොන විදිහෙ Project එකක් ගැනද අපි දෙන්න මේ කතා ක⁣රේ කියලා.එහෙනං මට ඉඩ දෙන්න ඒ ගැන කියන්න.

Baby project(බේබි ප්‍රොජෙක්ට්) කියන්නෙ, ඉස්කෝලෙ ඉන්න ගෑනු ශිෂ්‍යාවකුයි පිරිමි ශිෂ්‍යයෙකුයි එකතු වෙලා සතියක් විතර යනකං බොරු ප්ලාස්ටික් බබෙක්ව බලාගන්න එක.ඒක නිකං මේ ළමයින්ට parenting ගැන උගන්නන්න කරන activity එකක්.කොහොමහරි, අපේ මොංගල් ඉස්කෝලෙට සල්ලි වැඩ නිසා, එයාලා තීරණය කරල තියෙනවා ඒකට බොරු බබාල නැතුව ඇත්ත බබාලව ගන්න! ඒ කියන්නෙ ඇත්තටම කන,බොන,කක්කා දාන,චූ දාන පොඩි එකෙක්ව දෙන්න.ඊටත් හපං සතියෙ වැඩේ මාස 3ක් යනකං කරන්න ඕනෙ.පලවෙනි මාසෙදි බබාව ලමයි දෙන්නට දෙන්න කලින් ඒ දෙන්නට දවස් දෙකක නිවාඩුවක් දෙනවා.ඊට පස්සෙ පලවෙනි මාසෙම ඒ බබාව බලාගන්න ඕනෙ.දෙවෙනි සහ තුන්වෙනි මාස දෙකේදි ලමයි දෙන්නා මාරුවෙන් මාරුවට ඉස්කෝලෙ යන ගමං බබාව බලාගන්න ඕනෙ.වැඩේ තවත් realistic කරන්න ඕන නිසා එයාලා ලමයි දෙන්නට ඒ මාස තුන යනකං පුංචි apartment එකකුත් දෙනවා.ඇඳවල් දෙකක් එක්ක කාමරේකුයි,කිචන් එකකුයි,පොඩි සාලෙකුයි,බාත්රූම් එකකුයි.

මරු නේද?








එහෙම හිතමුකො......

______________________________

"මොකද්ද ඔයාගෙ අපාර්ට්මන්ට් එකේ අංකෙ?" ආරි ඇහුවා.අපි දෙන්න අපේ බඩුත් පැක් කරං හිටං හිටියේ ඊළඟ මාස තුන ඉන්න වෙන apartment complex එක ඉස්සරහ.

"316. ඔයාගෙ?"

"512. ඔයාට තට්ටු දෙකක්ම උඩින් ඉන්නෙ" ආරි කියද්දි මගෙ මූණ ඇදවුනා.

"අයියෝ, දැං ඉතිං හදිස්සියක් වුනොත් උදව්වක්වත් ගන්න කෙනෙක් නෑ hump!"

"ඒක නිසා තමා මැටි මෝලියෙ පාට්නර් කෙනෙක් ගානෙ හැමෝටම දීල තියෙන්නෙ"

ආරි හිනාවෙලා මගෙ ඔලුවට ඇඟිල්ලකින් ඇන්නා.අපි දෙන්නා ලොබී එකට ඇවිදන් ගියේ අපේ අපාර්ට්මන්ට් වල යතුරු ඉල්ලගන්න.

"යුන්ගි බබාලට කැමති වුනොත් හොඳයි..." නැත්තං ඉතිං මට මාස තුනක් යනකං සින්ගල් අම්මා කෙනෙක් වගේ තමා ඉන්න වෙන්නෙ!

"අපි එහෙම හිතමු නේ..ගුඩ් ලක් ඔයාට" ආරි මං දිහා අනුකම්පාවෙන් වගේ බලන ගමං කිව්වා.

"බලමුකො.මොනා වුනත් ඔයා ටේහ්යුන්ග් එක්ක වැටිච්ච එක හොඳයි අනේ...එයා පොඩි බබාලත් එක්ක ඉන්නත් දන්නවනෙ"

ටික වෙලාවක් යද්දි ලොබී එකේ ළමයි පිරෙන්න ගත්තා.අපි දැක්කා ටේහ්යුන්ග් කාවද මන්දා හොයනවා.අපි දෙන්නව දැක්ක ගමං එයා අපිට අත වනල අපි දිහාට ආවා.

"හායි මගෙ වයිෆි! හායි මිසෝ!" ටේ එහෙම කියන ගමං ආරිගෙ කරට අතකුත් දාගත්තා.ආව්! ඒක බලන්නෙපැයි! හැබැයි ඉතිං ටේ කොහොමත් හැමෝම එක්ක එහෙම තමා.මට තියෙන පුදුමෙ නිකං ගානක්වත් නැතුව හිටපු ආරිගෙ කම්මුල් රතු වෙච්ච එක.හහ්!

"හායි හායි, මං හිතන්නෙ මං ඔය දෙන්නට පොඩි privacy එකක් දුන්නනං හොඳයි නේ.කතා කරන්න දේවලුත් ඇතිනෙ.එහෙනං මං ගියා...බායි!" මං ආරිට ඇහැක් ගහලා එතනින් හිමීට මාරු වුනේ මගෙ අපාර්ට්මන්ට් එක කොහෙද තියෙන්නෙ කියල පොඩ්ඩක් ඔලුව දාලා බලන්න.

මං ෆෝන් එක දිහා බලං ගිහින් එක පාරට කවුරු හරි උස හාදයෙක්ගෙ ඇඟේ හැප්පුනා.ආව් නහය!

මං ෆෝන් එක අයින් කරලා බැලුවා.අනේ....





කිම් සොක්ජින්!!

"ඔහ් මිසෝ,කොහොමද ඔයාට?" එයා ලස්සනට හිනා වෙලා ඇහුවා.මිසෝ...act normal.

"මං හොඳින් ජින්!ඔයාට කොහොමද?" මං ඉතිං මගෙ ලස්සනයි කියල හිතිච්ච හොඳම හිනාව දාලා කිව්වා.මට එහෙම හිතුනට එයාට මාව කෙහෙල් ගෙඩියක් දිහා බලං විරිත්තන වඳුරෙක් වගේ පේනවද දන්නෑ!

සොක්ජින් තමා අපේ ක්ලාස් එකේ ඉන්න හැන්ඩිම වගේම ප්‍රසිද්ධම කොල්ලා.මට ඉතිං එයාගැන හිංචිම හිංචි ක්‍රෂ් එකක් නැතුව නෙමේ....

"මාත් හොඳින්. ඇත්තටම මං හිතුවෙ මේ වැඩේට මගෙ පාට්නර් විදිහට ඔයාව ලැබෙයි කියලා..." ජින් ඔලුව කසන ගමං එහෙම කිව්වා.වාාාහ්!! ඒ කියන්නෙ එයාට මාවද ඕන වුනේ! හොහ්හොහ්හෝ!!!

"ඇත්තමද?"

"ඔව්...ඇත්තටම මං බලාගෙන හිටියෙ ඔයා එක්ක කතා කරලා,ඔයාව අඳුරගෙන-"

"හරි ළමයි! හැමෝම නිශ්ශබ්ද වෙලා මට අවධානෙ දෙන්න!" ආශ්! ටීචත් ඕන්නැති වෙලාවටමයි මැද්දෙන් පනින්නෙ.

"දැං මම ඔයාලයි ඔයාලගෙ පාට්නර්ගෙ නමයි කතා කරද්දි ඇවිත් ඔයාලගෙ යතුරු ගන්න.දවස් දෙකකට පස්සෙ ඔයාලා බලාගන්න බබාල ඔයාලට ලැබෙයි.ඔයාලට ඕන කරන හැම දෙයක්ම ඔයාලගෙ අපාර්ට්මන්ට් එකේ තියෙනවා."

ටීචර් එහෙම කියලා කට්ටියගෙ නම් කියන්න ගත්තා.අාරිගෙයි ටේගෙයි නම් තමා මුලින්ම කිව්වෙ.ටේ ආරිගෙයි එයාගෙයි බෑග්ස් දෙකම උස්සගෙන ගියා.වාහ්....එයානං නියම gentleman කෙනෙක්.තව නම් කීපෙකට පස්සෙ ජින්ගෙයි මිනාගෙයි නම් කිව්වා.ඊටත් ගොඩ වෙලාවකට පස්සෙ මගෙයි යුන්ගිගෙයි නම් කිව්වා.කෝ මේ මනුස්සයා? මං අද දවසටවත් දැක්කෙ නෑනෙ?

"මිසෝ, කෝ යුන්ගි?"

"මං දන්නෑ ටීචර්...එයා තාම ඇවිත් නෑ"

"හරි එහෙනං, ඔයා එයාගෙ යතුරත් අරං යන්න.එයා ආවම මං එයාව උඩට එවන්නං" ටීචර් එහෙම කියල මගෙ අතට යතුරු ටික දුන්නා.මං මගෙ බඩු ටිකත් උස්සගෙන පඩිපෙල නැගං ගියා.ඒ ටිකට කිලෝ පහක් හයක් අඩුවෙන්නැති!

316 කියල අංකෙ ගහල තිබ්බ තැන මං නැවතුනා.දොර ඇරගෙන ඇතුලට ගිහින් මං වටපිට බැලුවෙ බෑග්ස් ටික බිමිං තියෙන ගමං.හ්ම්....පොඩි උනාට නරකම නෑ.

දැං ඉතිං මගෙ පාට්නර් කියන හාදයා එනකං ඉන්න එපැයි!


A/N  

හායි :)

අදහස් කියාගෙන යන්න KITTENS!

❤️

Bạn đang đọc truyện trên: Truyen247.Pro