Stranger
ගොඩක් කාලයක් මේ කතාව අප්ඩේට් කරන්න ගත්තට සමාවෙන්න...පෞදගලික හේතුන් මත කතාව නතර කරලා තිබුනත් අද සිට යලිත් කතාව සුපුරුදු ලෙස අප්ඩේට් කරන්න මම බලාපොරොත්තු වෙනවා....
මේ තරම් කාලයක් මේ කතාව වෙනුවෙන් බලාසිටි හැම කෙනෙක්ටම ස්තූතියි...වෙනස් ආකාරයක අලුත් කතාවක් අලුත් නමකින් ඔයාලා වෙනුවෙන් ගේන්න මම බලාපොරොත්තු වෙනවා....
Thank you so much for been patience ...
-puma-
After 3 years
2021.02.06
@ Namjoon's Apartment
11.12 p.m
නම්ජූන් කඩිමුඩියේ ලෑස්ති වුනේ ඔහුගේ අලුත්ම සේවාදායකයා හමුවීමේ බලාපොරොත්තුවෙන්...ඔහු ඉක්මන් වුනත් ඔහුගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයාට නම් මේ ගැන කිසිම හදිස්සියක් නැති බවයි පෙනෙන්නෙ...
"ජින්...ස්වීටි...ඉක්මනට ලෑස්ති වෙන්න අපේ ක්ලයන්ට් බලාගෙන ඉන්නවා ඇති"
නම්ජූන් හදීසි කලත් ජින් තාමත් හිටියේ ඔහුගේ කම්පියුටරේට ඇලිගෙනය....පොඩිම වෙලාවකටවත් කම්පියුටරෙන් තමන්ගේ මනස ඈත් කරන්න ඔහු කැමති වුනේ නැහැ...
ජින්..එහෙමත් නැත්නම් කිම් සොක්ජින් කියන්නෙ විද්‍යාඥයෙක්...මේ ලෝකයෙන් පිට ඇති අභ්‍යවකාශයේ තොරතුරු වලින්ම ඔලුව පුරවගෙන ඉන්න ජින්ට නම්ජූන් ව මුනගැසුනේ අහම්බෙනි..
තමන්ගේ පරීක්ශන වලට මුදල් හොයාගන්න පමනක් මුලදි ජින් නම්ජූන්ව ආශ්‍රය කලත් ...පසුව ඔහුගේ හදවත ඒ හැමදේටම වඩා ඉස්සර විය....ඒ ආකාරයටයි ජිනුත් නම්ජූනුත් එකම පවුලක් වෙලා නතර වුනේ දෙදෙනා නීත්‍යානුකූලව බැදුනු පසුවයි....
"ජුනී..මට පොඩි වෙලාවක් දෙන්න....මේක දැන් ඉවරයි....අන්තිම ඩේටා ටික ලෝඩ් වෙන්නෙ"
ජින් කිවුවේ තාමත් කම්පියුටරය දිහා ඇස් යොමාගෙනය....
නමුත් මේ වතාවේ නම්ජූන් ජින්ව එයාගේ අවදානයෙන් මුදවන්න සමත් විය...
ජින් ඉදගෙන ඉදපු පුටුව ලග පැත්තකින් බිම දනගහගත්තු නම්ජූන් ජින්ගේ කම්මුල් නොනවත්වා සිප ගත්තා..
"ජිනී..ජිනී..ජිනී..මට පරක්කු වෙනවා ...කෝ දැන් එන්න..ඔය වැඩේ පස්සෙ ඉවර කරමු"
නම්ජූන් ඒ විදියට ජින්ව කම්පියුටරෙන් ගලවගත්තේ බොහොම අමාරුවෙන් උත්සහ දරමිනි...
මේ ක්‍රියාවලිය දැන් ඔවුන්ගේ දිනපතා ජීවිතයේ කොටසක් වී අවසන් ය.....
නම්ජූන් ජින්වත් ලෑස්ති කරගෙන ගෙදරින් එලියට බැස්සේ ඔවුන්ගේ ගෙදර දොර ලොක් කරමින්....
කාර් එක ලගටම ආව ජින් කාර් එකට නගින්නත් පෙර නැවත එක්වරම ගේ දිහා බැලුවේ යමක් මතක් වෙලා.....
"අනේ ජූන්...මම කම්පියුටර් එක ෂට් ඩවුන් කලේ නැහැ..මට යතුර දෙන්න ඉක්මනටම මම එන්නම්"
ජින් මෙහෙම කිවුවත් නම්ජූන්ට තවත් පරක්කු වෙන්න වෙලාවක් තිබුනේ නැහැ...මේ වන විටත් ඔහු රැස්වීමට විනාඩි 15ක් පරක්කුයි..
"ජින්..දැනටමත් අපි පරක්කුයි.....ඉක්මනට කාර් එකට නගින්න...අපිට නාස්ති කරන්න වෙලා නැහැ"
ජින්ගේ කන්කෙදිරියාව මැද්දෙම නම්ජූන් වාහනය පන ගැන්වුවේ ඔහුගේ සේවාදායකයාටත් නාස්ති කරන්න කාලයක් නොමැති බව දැනගෙන....
........................................................................
(ගැලැක්ස් සී සයිඩ් කැෆේ-බුසාන්
12.02 p.m)
ජින්ගේ එක අතකිනුත් ඇදගෙන නම්ජූන් කැෆේ එක ඇතුලට ගියේ ජින් තාමත් කම්පියුටරය ගැන වාද කරමින් ඉද්දී....
"ගුඩ්මෝනින් සර්...සර්ගේ බුකින් නම්බර් එක කියන්න"
කොන්ඩය උඩට පීරා තද කලු සහ සුදු මිශ්‍ර ඇදුමක් ඇද සිටි රිසෙප්ශනිස්ට් කාන්තාව නම්ජූන්ගේ ඇහුවේ ගෞරවශීලීවයි....
තම දුරකතනය අතට ගත් නම්ජූන් ඒ දෙස බලා...
"ටේබල් නම්බර් 12..Mr.JJK "
යනුවෙන් පිලිතුරු දුන්නා...
"ෆලෝ මී සර්"
රිසෙප්ශනිස්ට්ගේ පිටිපස්සෙන් ඇදුන නම්ජූන්ටත් ජින්ටත් දැකගන්න ලැබුනේ ඔවුන් කැෆේ එකේ සාමාන්‍ය ප්‍රදේශය පසු කරගෙන VIP කාමර දෙසට ඇදෙන බවයි...
අංක 12 යනුවෙන් සටහන් කරතිබු එක දොරක් ලගදි නැවතුන සේවිකාව යතුර නම්ජූන් අතට දී පිටත්ව යන්නට වුනි..
හිමින් යතුර දොරගුලට දැමූ නම්ජූන් යතුර කරකවා දොරගුල විවෘත කරගෙන කාමරය ඇතුලට පියනැග්ගේය......
කිසිදු හාවක් හූවක් නැතිව ක්‍රිම්සන් පැහැ අඩ එලියෙන් අදුරු ව තිබූ කාමරය දැක නම්ජූන් සැනසුම් සුසුමක් හෙලුවේ ඔහුට වඩා ඔහුගේ සේවාදායකයා පරක්කු වී ඇති බව සිතමින්ය....
වෙලාව කෙමින් ගෙවුනි....ඔහු මෙතනට පැමිනි මේ වනවිට තවත් විනාඩි 10ක් ගතවී තිබුනි....නම්ජූන් තම දුරකතනය යලිත් අතට ගත්තේ තම සේවාදායකයාට ඇමතුමක් දීමේ අරමුන ඇතිවයි....
නමුත් ඔහුගේ දුරකතනයට බාදා කරමින් ඊලග මොහොතේ සිදුවූයේ අනපේක්ශිත වූ සිදුවීමකි.....
මහා හඩක් නගමින් කාමරය කොනක තිබුනු විශාල යකඩ පෙට්ටියක් විවෘත වූයේ නම්ජූන්වත් ජින්වත් බිය ගන්වමිනි.......
"නම්ජූන් මොනවද මේ වෙන්නේ?"
හොදටම ගැහෙමින් නම්ජූන්ගේ අතේ එල්ලුන ජින් ප්‍රශ්නයක් නැගීය...
තම ස්වාමි පුරුශයාගේ හිස අතගාමින් ඔහුව සනසන්නට උත්සහ කල අනෙකා හිමින් හිමින් පෙට්ටිය දෙසට ලන් වුනේ ඇතුලත තිබූ දේ දැක බලාගැනීමටය...
ඔවුන්ගේ බිය දෙගුන තෙගුන වුනි....ශරීරයෙන් හීන් දහදිය දාන්නට ගත් අතර දෙඅත් දෙපා සීතල වී ගියේය....තවත් මොහොතක් යන්නට කලින් ජින් නම්ජූන්ගේ තුරුලේම සිහිසුන් විය......
පෙට්ටිය තුල තිබුනේ අන් කිසිවක් නොව.....මලමිනියකි....පපුවේ වම් පෙදෙසේ වූ වෙඩි පහරින් තාමත් ලේ ගලමින් තිබුනේ මෙය සුලු වෙලාවකට පෙර සිදු වූ සිදුවීමක් බව තහවුරු කරමිනි....ඇස් බාගෙට හැර තිබූ එහි එක් අතක ඇගිලි ගුලිවී තිබුනේ මියැදෙන්නට පෙර ඔහු විසින් යමක් සගවාගෙන ඇති බවට සැක ඇතිකරමිනි.....
මලසිරුර දෙස යලිත් සෝදිසියෙන් බැලූ නම්ජූන් ක්ශනයකින් එය හදුනාගත්තේය.....
මේ හැමදෙයකටම වඩා නම්ජූන්ව පුදුමයට පත් කලේ මේ මලසිරුරේ අයිතිකරුය...එහෙමත් නැත්නම් කිම් ටේ හ්‍යුන්ග් ....ඔහුගේ එකම සොහොයුරාය....
නමුත් මෙතන යම් පැටලිලි සහගත බවක් තිබුනි....එනම්....
"මිස්ටර් කිම්...ඔන්න අපි ඔයාගේ වැඩේ කලා....දැන් මට වුන පොරොන්දුව ඉශ්ට කරන්න....මගේ කෝටි පහ මට දෙන්න."
පාලු කාමරය වටා දෝංකාර දෙන හඩත් සමග ජොන් ජන්කුක් එහෙමත් නැත්තම් මෙහි ඝාතකයා නම්ජූන් ඉදිරියට පැමිනියේ ඔහුගේ සහචරයින් දෙදෙනත් සමගය.....
"ජො...ජොන්.....මල්ලි..මගේ මල්ලි..මේ වෙලාවේ...මොකද ??...මෙහෙම?....
කොහොමද?"
නම්ජූන්ට ඔහුගේ උගුරේ යමක් සිරවුනාක් මෙන් දැනුනි....කතා කරන්න උත්සහ කලද කිසිදු හඩක් ඔහුගෙන් පිට නොවුනි.....
ඔහු බොහෝ දේ කියන්න තැත් කලද ඒ කිසිම දෙයක් අන් අයට ඇසුනේ නැත....
තවත් වෙලා යන්නට මත්තෙන් ජන්කුක් ඔහු වෙත තම රයිෆලය දිගු කරනු නම්ජූන් අඩ සිහියෙන් මෙන් දුටුවේය....
ඒත් සමගම ඇස් පිහාටු කෙමෙන් බර වන බවත් තමාගේ සිහිය අඩාල වෙන බවත් ඊලග මොහොතේ ඔහු පොලොව මතට ඇද වැටුනු බවත් නම්ජූන්ට මතක තිබුනි.....
තමාගේ සිහිය සම්පූර්නයෙන්ම නැති වන්නට පෙර ඔහුට සියල්ල මතක් විය......
ඔරලෝසුවේ වෙලාව දහවල් එක බවට නාද වුනි....
ඒ මේ සිදු වූ සිදුවීම් සියල්ල මීට ඇවුරුදු තුනකට පෙර මේ ආකාරයෙන්ම සිදු වූ බවත් ඔහු තමාගේ සොහොයුරා ඝාතනයේ මුදල් මෙම ස්තානයේදිම මේ වෙලාවේදිම ජන්කුක්ට දුන්නු බවත් ඔහුට සිහි විය.......මලසිරුර තමා විසින්ම කැලයක වැලලූ බවත් ඔහුට මතකය..
එසේනම් මේ සිදුවන්නේ කුමක්ද? තමා හීන දකිනවා වත්ද? එසේත් නැත්තම් තම සොහොයුරාගේ ආත්මය ඔහුගෙන් පලිගන්නවාද??
ඒ කිසිවක්ම නොමැතිනම් කාලය සහ දෛවය ඔහුත් සමග සෙල්ලම් කරනවා විය හැකිද?????
........................................................................
Bạn đang đọc truyện trên: Truyen247.Pro