Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Intro


Let's get it .....

ජියොන් ජන්කුක්...
කොරියාවේ මෙතෙක් බිහි වූ දරුනුම පාතාල කල්ලියේ නායකයා...
නීතී විරෝදී ව්‍යාපාර රැසක අයිතිකරු..
අනුකම්පාව ආදරය ...ජන්කුක්ගේ ඩික්ශනරියේ නෑ...😏

කිම් ටේ හ්‍යුන්ග්
Seducer..(kind of a)
Colleges' Play boy

පාක් ජීමින්
ජන්කුක්ගේ ප්‍රදාන සහයක

මින් යුන්ගී
ජන්කුක්ගේ අනෙක් ප්‍රදාන සහයක

කිම් නම්ජූන්
කොරියාවේ විශාලම ව්‍යාපාරයේ අයිතිකරු....


කිම් සොක්ජින්
නම්ජූන්ගේ  පෙම්වතා...

"නෑ සර් නෑ...ම්-මම ..ද-දන්නේ නෑ..ප්ලීස්"

දනගසාගෙන අත් දෙක එකතු කරමින් තම ජීවිතේ වෙනුවෙන් සටන් කල ඔහු කතා කලේ හරිම අපහසුවෙන්..මුහුනෙන් වැගිරුනු දහදියත්..ශරීරයේ වෙවුලන බවත් ඔහුට ඇති උනේ ඉදිරියේ ඉදපු මිනිස් රුවට වු බය නිසා මිස වෙන හේතුවකට නොවෙයි....

ඔහු ඉදිරියේ සිටියේ කොරියාවේ දරුනුම පුද්ගලයා..එහෙමත් නැත්නම් විශාලම අපරාදකාරයා..මිනී මැරුම තම ජීව්කාව කරගත් ඔහු...ජියොන් ජන්කුක්....

එක්වරම තරුනයාගේ හිසට රයිෆලය එල්ල වුනේ ජීමින්ගෙන්.....

"අන්තිමට වතාවට අහන්නේ...තමුන් එයාව දන්නවද?"

"නෑ ...මම ද-දන්න්...නේ..නෑ..මට යන්න දෙන්න ප්ලීස්..."

ජීමින් තම හිස නැවත හැරෙවුවේ ජන්කුක් දිහාවට..ඒ තරුනයාගේ නොදන්න බව අගවන්න....

"ජන්කුක්..මට පේන්නේ මූ මුකුත් දන්නේ නෑ වගේ..."

"ඔව් අනේ සර්ර්...මන් මන් මු-මුකුත් දන්නේ නෑ..මට ගෙදර යන්න දෙන්න..මගේ ලමයි දෙන්නා මම එනකම් බලන් ඉන්නවා ..මට යන්න දෙන්න"

ජීමින්ගේ දෙපතුල ලග හඩාවැටුනු ඔහු එහෙමම ජීමින්ගේ කකුල් අල්ලගත්තේ වැදලා හෝ තමන්ගේ ජීවිතේ බේරගන්න...

වචනයක වත් කතාවක් නැතිව ජීමින් ලගට පැමිනි ජන්කුක් ඔහුගේ රයිෆලය උදුරගත්තේ බලෙන්මයි...

ඒත් ඊලග මොහොතේ..ඔහුගේ ශරීරයට ආයෙත් නැගිටින්න බැරි උනා..විශාල කෑ ගැසීමක් සහ ශබ්දයක් සමග පිට වුනු උන්ඩය කෙලින්ම ගමන් කලේ ඔහුගේ හිස් කබල හරහා...ලේ ගන්ගාවක් උනු ඔහුගේ සිරුර එතනම බිම තම අවසන් හුස්ම හෙලුවේ අවසන් වතාවට තමාගේ දරුවන් මතක් කරමින් ඒ වෙනුවෙන්  ඇහෙන් වැටෙන කදුලත් එක්කමයි....

දෙවරක් නොහිතපු ජන්කුක් ඔහුගේ හිස පසාරු වෙන්න වෙඩි උන්ඩය නිකුත් කලා....

සිරුර පන නැතිව බිම වැටෙනවත් එක්කම රයිෆලයේ කටින් පිට වුනු දුමට පිම්බ ජන්කුක් නැවත එය ජීමින්ගේ අතට දුන්නා....

"කිම් ටේ හ්‍යුන්ග් ව හොයාගන්නකම් මගෙන් කාටවත් ගැලවීමක් නැහැ.... මට ඒ කොල්ලව කොහෙන් හරි ඕනේ.."

ජන්කුක් පිටත් උනේ අතේ තිබුන දුම් වැටිය පත්තුකරමින්....."

........................................................................

ආදරය අනුකම්පාව යන වචන වල කිසිම අරුතක් නොදන්න..ආදරය හෝ අනුකම්පාව කිසිම දිනයක දැනිලා නැති...ආදරයවත් අනුකම්පාවවත් සතයකට මායිම් නොකරන  සෙනෙහස බිදක් නැතිව නියගයකට අහු උනා මෙන් වූ හදවතකට........කොයින්දෝ ආව ලස්සන ආදර වරුසාවක්...ඒ හිත තෙමද්දී...ඒ වරුසාවම ගැලවීමක් නැති මහා සැඩ කුනාටුවක් වෙලා නවතීවිද?

දරුනු හදවතක තවත් එක් ආදර නැවතුම්පොළක්........ගේම් ඔෆ් ලව්....

....................................................................

මම අහලා තියනවා,

ආදරේ කියන්නේ සෙල්ලමක්ලු දෙන්නම ජයගන්න...

තවත් කියමනක් තියනවා ආදරය කියන්නේ සෙල්ලමක්ලු..දෙන්නම දෙන්නගේ හදවත් වලට පරාජය වෙන....

ඒත් ඇත්තටම ආදරය කියන්නේ සෙල්ලමක් නම්..... ජයග්‍රාහකයෙක් වගේම...පරාජිතයෙකුත් ඉන්න ඕනිනේ...

මැච් එකක් වුනත් විනෝද වෙන්නේ මැච් එක ඩ්‍රෝ වෙන්නේ නැතුව එක පිලක් හෝ ජයග්‍රහනය කලාමයි...නේද ලමයි?

.......................................................................
First of all...

මේක නිකන්ම මගේ හිතේ මැවුන මම හදපු චරිත ඉන්න කතාවක් විතරයි..ඒත් ගොඩක් අමුතු විදියේ දේවල් තියෙයි මාෆියා නිසා...

දුම් පානය..මත් ද්‍රව්‍ය භාවිතය ..ඩ්‍රග්ස්...මේ වගේ ගොඩක් දේවල් තියේවි...ඔන්න මම දැන්ම කියලා තියෙන්නේ..අපහසු නම් කියවන්න එපා...

ගොඩක් අය ටේකුක් ඉල්ලලා තිබ්බ නිසා ඔන්න මම ටේකුක් එකක්ම ලියනවා....

විශේෂම දේ..මේ කිසිම දෙයක් කිසිම Idol කෙනෙක්ට සම්බන්දවත් එයාලට කරන අපහාසයක් විදියටවත් නොසලකන්න...මේ එයාලගේ නම් යොදාගෙන ගෙතෙන තවත් එක් කතාවක් විතරයි......

ඉතින් බලන් ඉන්න...ඔයාලට දැනට මොකද හිතෙන්නේ කියන්නකෝ....

ඉක්මනින්ම හමු වෙමු පලමු කොටසින්.....

මම ඔයාලට ආදරෙයි......ඒත්...ඔයාලා මට ආදරෙයිද?😁

-පූමා-

Bạn đang đọc truyện trên: Truyen247.Pro