Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

The mouse

Back to present

ටේ හ්‍යුන්ග් එදා ගෙදර (ඩෝම්) ආවේ එයාගෙ ප්‍රශ්න හැමදෙයක්ම මතක කරන්න හිතාගෙන යාලුවොත් එක්ක ගියපු ගමන ඉවර කරලයි...මොන තරම් විනෝද දේවල් කලත් එයාට ඒක අමතක කරගන්න බැරි උන නිසා එයා තීරනය කලා හොදම දේ තමයි මේව අමතක වෙන්න සැර බීමක් ගන්න එක කියලා..

එයා ඒක කලා..ඒත් ඒකෙන් උනේ එයාගෙයි ජන්කුක් ගෙයි අතීතේ මතක් වෙලා තව දුරටත් එයාට ඇඩුන එක විතරයි

........

"හ්‍යුන්ග් මම ගෙදර ආවා..."

ටේ හ්‍යුන්ග් එහෙම කියාගෙන එයාගෙ කාමරේට යන්න හැරුනේ වෙලාව පාන්දර දෙකත් පහු වෙලා කියලා නොදැනයි..කවුරුත්ම උත්තර දුන්නේ නැති නිසා කෙලින්ම තමන්ගේ කාමරේ දොර ඇරගෙන ගියපු ටේ හ්‍යුන්ග් දැක්කේ එයා බලාපොරොත්තු නොවුන දෙයක්..ඒ තමයි එයාව පුච්චන්න වගේ තරම් තරහකින් එයා දිහා බලන් ඉන්න ජන්කුක්....

Taehyung's pov :-

"එයා මොකද මෙතන කරන්නේ"

එයා මෙතන කරන දේ කෙසේ වෙතත් එයා මන් දිහා බලන් ඉදිය විදියට මට හරිම වරදකාරි හැගීමක් දැනුනා...මම මුකුත්ම කලේ නැතත්

"ජන්කුක් ඇයි ඔයා මෙතන?" මම එහෙම ඇහුවත් එයා වචනයක්වත් කියන්නේ නැතුව එයා හිටිය තැනින් නැගිටලා මගේ ලගට ටික ටික එන්න ගත්තා.

"කොහෙද හිටියේ ?"හරිම පහත් හඩකින් මට විතරක් ඇහෙන තරමට ජන්කුක් එහෙම ඇහුවේ මගේ ඇගම හිරිවැටිල යද්දියි.

"මම යාලුවොත් එක්ක එලියට ගියා" මම කිවුවා දේට ජ්න්කුක් හිනාවුනේ සමච්ව්ලේට..ඒත් ඒ හිනාවේ ලොකු තරහක් තියනවා  වගේ මට දැනුනා

"මේ තරම් වෙලා ගත්තේ ඇයි?" ඒත් මම ඒකට මුකුත්ම කිවුවේ නැත්තේ මාව එපා කියලා දැන් මං ගැන හොයන්නෙ ඇයි කියලා මට තිබුන ප්‍රශ්නේ නිසයි

"කතා කරන්න කිම් ටේ හ්‍යුන්ග් " ඒ සැරේ නම් එයා මට කිවුවා නෙමෙයි අණ කලේ මගේ කකුල් දෙකම හිරිවැටෙන තරම් ගැඹුරු කටහඩකින්

"මම පොඩ්ඩක් යාලුවොත් එක්ක.........ඔහොම ඉන්න ජන්කුක්...ඔයා මොකටද මේව අහන්නේ මගෙන්?ඔයා මගේ කවුද මෙහෙම ප්‍රශ්න කරන්න?" මම එක පාරටම කියාගෙන ගියේ එයා නිසාම මගේ හිතේ තිබුන දුකටයි කේන්තියටයි.

"මම අහපු දේට උත්තර දෙන්න ටේ"

"මම මොකටද එහෙම කරන්නෙ ජන්කුක්...ඔයාට මාව එපා කිවුවනේ ඇයි  දැන් හොයන්නේ...මටත් ඔයාව එපා ජන්කුක්...මටත් ඔයාගෙන් වැඩක් නෑ" වෙන කියන්න දෙයක් නැතුවටද මන්දා මම එහෙම කිවුවේ.

"හහ්...ඇයි මොකද ප්‍රශ්නේ මගාරින්නේ? කරපු දේවල් කියන්න බැරිද? මොනවා කරලා ඇවිත්ද කවුද දන්නේ?"

ජන්කුක් එහෙම කියනකොට මට මගේ කන් අදහගන්න බැරි උනේ මොන දේ උනත් මේ වගේ දෙයක් කවදාවත් කාගෙන්වත් අහගන්න වෙයි කියලා හීනෙකින්වත් හිතපු නැති නිසා..මට නිකන්ම ඇඩුනේ දුකට...හිත රිදිලා ඉන්න මාව ඇයි එයා තවත් රිද්දන්නේ...මම සෙල්ලම් බඩුවක්ද...එයාට ඕනි වෙලාවට කඩලා බිදලා දාන්න පුලුවන්?ඒත් ජන්කුක්ගේ ඇස් දෙකේ නම් කිසිම හැගීමක් තිබුනේ නෑ..එයා කාමරෙන් යන්න පිටත් උනා..ඒත් හැමදාම මාව රිද්දලා එයාට මෙහෙම යන්න දෙන්න බෑ

"ඔව් ඔව්...කරන්න ඕනි ඔක්කොම මම කලා..ඔයාට සතුටුද දැන්??මම කරන්න ඕනි හැමදේම කරලයි ආවේ" මම කෑගැහුවේ මුලු කාමරෙම දෙදරන්න.

යන්න ගියපු ජන්කුක් එතනම නැවතිලා ටිකක් වෙලා හිටියා..ඊලග තත්පරේ මම දැනගත්තේ එයාගෙ අත් දෙක අස්සේ මාව බිත්තියට තද කරගෙන එයාගෙ හුස්ම මගේ ඇගේ වැදෙන තරමට එයා මට ලන්වෙලා කියලයි.

"මොකක්ද කිවුවේ ටේ හ්‍යුන්ග්?" එයා ඒ සැරේ මන් දිහා බැලුවේ මාව මරන්න වගේ..මාව එයාගේ ඇගින්  තවත් බිත්තියට තද කරන ගමන් ..මම ඒකට බයවුනත් මට ඕනි උනේ
මම එයාට බය නෑ කියලා පෙන්නන්නයි .

"ඔව් මම හැමදේම කරලයි ආවේ..ඒකයි රෑ උනේ...ටිකක් වෙලා ගියා වැඩේ ඉවර කරන්න..." මම සමච්චලේට වගේ බොරු කිවුවා.

"මොකක්ද?"

ඒ කටහඩේ  තරහක්වත් කේන්තියක්වත් වෙනුවට තිබුනේ දුකක්..ඒ නිසා මම එයාගෙ ඇස් දිහා බැලුවේ මොකක්ද මේ හැගීම කියලා දැනගන්නයි..ඒත් මට ඒ වෙනුවට හමු උනේ මුලු ලෝකෙම එයාට නැති උනා වගේ දුක කදූලු පිරුනු එයාගෙ ඇස් දෙක...මොන තරහා තිබුනත් මට ඒ ඇස් අඩනවා බලන් ඉන්න බෑ..මම ඉක්මනට මගේ අත් දෙකෙන් එයාගෙ මුන අල්ලගත්තා

"කුකී....මොකද උනේ...මම බොරුවට ඒ දෙවල් කිවුවේ "

මටත් ඇඩෙන්න වගේ මම එයාගෙන් උත්තරයක් බලාපොරොත්තු උනත් එයා කලේ මගේ දිහා බලාගෙන හිටපු එක විතරයි..

එකපාරටම එයා එයාගෙ මූන අල්ලගෙන හිටපු මගේ අත උඩින් එයාගෙ අත තියලා හයියෙන් අල්ලගත්තා...

"ප්ලීස් හ්‍යුන්ග් ආපහු ඒ වගේ දේවල් කවදාවත් කරන්න එපා...එහෙම කියන්න එපා කවදාවත් ...ඔයා මගේ විතරයි ...ඔයා මගේම විතරයි"

කදුලු අතරින් ජන්කුක් එහෙම කිවුවට මට මුකුත්ම කියාගන්න බැරිඋනේ  එයා කියපු දේවල් හීනයක් වගේ නිසයි

"මම එයාගේ...මම එයාගේ..."

"කුකී මොනාද ඔයා මේ කියන්නෙ?"  ඒකට පිලිතුරක් ලැබෙනකන් මන් එයාගේ ඇස් දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා....

එක පාරටම කොහෙන්දෝ ඇවිත් එයාගෙ තොල් මගේ තොල් වල ගැටුනේ මාව තවත් පුදුම කරමින්..මේ වෙනකිසි දෙයක් හිතාගන්න බැරිඋනත් මම මගේ ජිවිතේ වාසනාවන්තම මොහොත විදින්න තීරනය කලා..එයා මාව සිපගත්තේ පිස්සෙක් වගේ ආපහු කවදාවත් මේ අවස්තාව එන්නේ නෑ වගේ...මාත් එයාගෙ රිද්මෙටම මගේ තොල් අරන් ගියේ මේක දැන්ම ඉවරයක් වෙන්න මට ඕනිනැති උන නිසයි...

අපි දෙන්නම  මේ උනුසුම් මොහොත නැවැත්තුවේ හුස්ම ගන්න. අපේ හුස්ම තවත් ඉතුරු වෙලා තිබුනේ නැති නිසා..ඒ හදිසි, ඒ වගේම උනුසුම් සිපගැනීමෙන් මහන්සි වෙලා හිටපු අපු දෙන්නම වේගෙන් හුස්ම වැටෙද්දි   එකිනෙකාගෙ ඇස් දිහා බලන් හිටියා

"තේ හ්‍යුන්ග් ...මම ඔයාට ආදරෙයි...මට ඔයාව බෙදාගන්න ඕනින් නෑ...මට ඔයාව කාටවත්ම දෙන්නත් බෑ...මේ තරම දවසක් මම මගේ හැගීම් නැති කරගන්න හැදුවා...ඒත් සමාවෙන්න මට ඒක කරන්න බැරි උනා හ්‍යුන්ග් "

මට මුකුත් හිතාගන්න බෑ...මොනාද එයා මේ කියන්නේ..එයා මට ආදරෙයි? මේක හීනයක්ද??නැත්තම් කවුරුහරි මාව කොනිත්තන්නකෝ...අනේ මේක හීනයක් නම් මේ හීනේ දැන්ම ඉවර කරන්න එපා .මම මේ හීනෙට ගොඩක් කැමති...

"මේක හීනයක් නෙමෙයි හ්‍යුන්ග් " ජන්කුක් එහෙම කිවුවේ හරියට මගේ හිත කියෙව්වා වගේ..මම කලේ  මගේ ඇස් ලොකු කරගෙන එයා දිහා බලන් ඉන්න එක විතරමයි කිසිම දෙයක් හිතාගන්න බැරිව..

ඒත් එයා ටිකක් වෙලා මගේ ඇස් වලට එබිලා බලන් හිටියේ ගොඩාක් ආදරෙන්..ඒ ඇස් වල තිබුනේ ආසාවක් නෙමෙයි..හරිම පිවිතුරු බවක්..එහෙමම ටික වෙලාවක් ඉදිය අපි දෙන්නගේ නිහඩතාවය බිදුනේ ජන්කුක් එයාගෙ නලල මගේ නලලට හේත්තු කරලා මාව තවත් එයාගෙ ලගට ගත්තට පස්සෙයි

"මට සමාවෙන්න හ්‍යුන්ග් ...හැමදේකටම "

එයා ආයෙත් අඩනවා...එයා සමාව ඉල්ලන්නේ මොනදේටද කියලා පැහැදිලි කලේ නැති උනාට මමඑයාව සනසවන්න මගේ කුකීගෙ ඔලුව පපුවෙන් තියාගෙන ගොඩාරියක් තදින් තුරුලු කරගත්තා...

"ශ්ශ්ශ්හ්.......ඒකට කමක් නෑ දැන් හැමදේම හරි"මම එයාගෙ ඔලුව අත ගෑවා...ටික වෙලාවකින් එයා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා...

"දැන් හොදටම රෑ වෙලා...ඔයා දොයියගන්න ඕනි..ගිහින් වොශ් දාගෙන එන්න...මම ඇද හදන්නම්..." මගේ නලලට අන්තිම කිස් එක දීලා එයා මගේ  ඇද ලගට ගියේ මට මේක් තවත් හීනයක් කරලයි...

හීනයක් උනත් ඕනි දෙයක් වෙන්න කියලා මම වොශ් දාගනන්න ගියා.....
.......................................................................
" ahhhhhhhhhhhhhhhhhhhhhhhhhhhsjjsjdjenejmfkeekejfnfjedjfjrkejdjr...............

කිම් ටේ හ්‍යුන්ග්, කිම් ටේ හ්‍යුන්ග් සන්සුන් වෙන්න සන්සුන් වෙන්න..මේක හීනයක්ද...අනේ මේක හීනයක්ද...මොකක්ද මේ වුනේ එකපාරටම ...අරයා මොනා හරි බීලවත්ද...නැත්තම් මම බීලද?? God help me" හිතේ තිබුන පුදුමෙට මම බාත් රූම් එක් ඇතුලේ කෑ ගැහුවේ කියාගන්න බැරි සතුටකින්...මට උඩ පනින්න තරම් සතුටුයි...ඉතින් මම පැන්නා...

"ඔහ් ශිට් ..ආව් මගේ පස්ස" ඒ සැරේ නම් හොද පාරක් බිම ඇනුනා උඩ පනින්න ගිහින්...

නාන ගමන් පිස්සු නට නට ඉන්නකොටයි මතක් උනේ ජන්කුක් බලන් ඉන්නව නේද කියලා...ඉතින් මම ඉක්මනටම ඉවර කරලා මගේ පිජාමා එක ඇදගෙන එලියට ගියා...

ජන්කුක් මගේ ඇදේ ඉදගෙන මම එනකම් බලන් ඉදලා තියෙන්නේ...මම එලියට ආව විතරයි එයා මගේ අතින් අල්ලගෙන මාව ඇදගෙන ගිහින් ඇදෙන් වාඩි කෙරෙව්වා ...

"ම්ම්ම්...දැන් නිදාගන්න...මහන්සිත් ඇතිනේ...හෙට ඔයාට තියන හැම ප්‍රශ්නයක්ම මගෙන් අහන්න...දැන් හොදට දොයියගන්න ..."..එයා එහෙම කියලා මාව ඇදෙන් හාන්සි කරලා මගේ ඔලුව අතගාල යන්න හැදුවෙ....ඒත් බෑ අද එයාට යන්න දෙන්න බෑ....

"කුකී .....මාත් එක්ක දොයියමු" මම එයාගෙ අතින් අල්ලගත්තේ එයා ඇදෙන් නැගිටිනවත් එක්කම....ටිකක් වෙලා මගේ දිහා බලන් ඉදලා එයත් මගේ ලගින් හානිසි උනේ මගේ ඉනවටේ එයාගෙ එක අතක් යවලා මාව එයාට තුරුල් කරගන්න ගමන්

"හරිද එහෙනම් දැන් දොයියමු...ගුඩ් නයිට් මැණික"

".......කු...කී.................."

"...හ්ම්ම්ම්ම්ම්......."

"තව කිස් එකක්"

ජන්කුක් හිනා වෙලා ඇස් ඇරියා....

ටික වෙලාවකින් එයා මගේ තොල් වලට දුන්නේ හරිම ආදරනීය හැගීමක්..ඒ හාදුව හරිම පිවිතුරු යි....

"ඔන්න අදට අන්තිම කිස් එක.......හෙට ඔයාට එපා වෙනකන්ම කිස් කරන්නම්කො මම"

ඒකට නම් මගේ මූන රතු උනා....මම ජන්කුක් ගේ පපුවට තවත් තුරුල් වෙලා මගේ මූන හන්ගගත්තේ ඒ නිසයි...

"ගුඩ් නයිට් කුකී"

අපි දෙන්නටම නින්ද ගියේ මට තාමත් මේක හීනයක් කියලා හිතෙන ගමන්මයි.

........................................................................
3rd person's pov:-

ටේ හ්‍යුන්ග් හිමින් ඇස් ඇරියේ එයාගේ කොන්ඩේ කවුරුහරි අතගානවා දැනිලයි.ඒත් එක්කම ඊයේ රෑ සිදුවුන හැමදෙයක්ම එයාගෙ මතකයට ඇවිත් කට කොනින් පොෆි හිනාවක් ගියේ හිතා ගන්න බැරිතරම සතුටට...

"ගුඩ් මෝනින් බබා" ජන්කුක් කිවුවේ නිදිමතේම හිමීට ඇස් ඇරන් හිනාවෙන ටේ හ්‍යුන්ග්ට.

"දැන් නැගිටින්න...දහයත් පහු වෙලා "

"ම්ම්ම්ම්....බෑ ...බෑ...තව දොයියන්න ඕනි" ටේ හ්‍යුන්ග් පුන්චි ලමයෙක් වගේ ඔලුව දෙපැත්තට හෙල්ලුවේ හරිම හුරතල් විදියට...

"කෝ ඉන්න එහෙනම් මම ඇහැරවන්න" ජන්කුක් ටේ හ්‍යුන්ව කිති කවන්න පටන් ගත්තේ ටේ හ්‍යුන්ග් නොනවත්වා හිනා වෙනවා බලලා සතුටු වෙන ගමන්.

"නවත්තනවා පොඩි එකෝ...දැන් ඇති"ටේ හ්‍යුන්ග් කිවුවේ හිනා වෙලා හොදටම මහන්සි වුන නිසයි...

"මොකක්ද?පොඩි එකා?"ජන්කුක් සෙල්ලම නවත්තලා ටේ හ්‍යුන්ග් දිහා බැලුවේ මොකක්ද මේ පොඩි එකාගේ කතාව කියලා දැනගන්න.

"කවුද පොඩි එකා ටේ"

" වෙන කවුද ඉතින් ඔයා තමයි...කුකි...මොනා උනත් ඔයා අපේ පොඩි එකා"

""හ්ම්ම්...මමද ?පෙන්නන්නද මම පොඩිද කියලා"

ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා අරගත්තේ එයාව ටේ ගේ ඇග උඩට වැටෙන විදියට....

"පෙන්නන එහෙනම්...මම බලාගෙන ඉන්නේ" කෙලින්ම ජන්කුක්ගේ ඇස් වලට එබිලා ටේ එහෙම කිවුවේ එයාගේ කුකීව අවුස්සන්න හිතාගෙන.එයාට එයාගේ සෙල්ලමේ බරපතලකම තේරුනේ ජන්කුක්ගේ ඇස් ආසාවන් එක්ක පිරිලා යනවා දකිනකොටයි.

ටේ හ්‍යුන්ග්ගේ කනට එයාගේ හුස්ම වැදෙන තරමට ලං වුන ජන්කුක් ටේ හ්‍යුන්ග්ට විතරක්ම ඇහෙන්න කෙදිරුවේ ටේ හ්‍යුන්ග්ගේ මුලු ඇගම සීතල කරලා.

" නිදාගෙන ඉන්න අයව ඇහැරවන්න හදන්න එපා බබස්...එහෙම වුනොත් ඔයාට ගැලවීමක් නැතිවෙයි" ඒ කටහඩ ඇහුනේ නැති තරම්.

මුලින් ජන්කුක් කිවුව දේ ටේ හ්‍යුන්ග්ට තේරුනේ නැති උනත් ...එයා කිවුව දේ තේරුම් ගත්තට පස්සේ බීට් අලයක් වගේ ටේ රතු උනේ ලැජ්ජාවට..

"යනවා යන්න"

ජන්කුක්ව එයාගෙ ඇග උඩින් තල්ලු කරලා ටේ හ්‍යුන්ග් ඉක්මනටම ඇදෙන් නැගිට්ටා.

ඊලගට එයා කලේ හිනා වෙවී එයා ටේ හ්‍යුන්ග්ට කරපු වැඩේ දැකලා චන්ඩියෙක් වගේ බලන් හිටිය ජන්කුක්ව දොර ලගට තල්ලු කරන් ගියපු එක..

"දැන් ඔයා යන්න...කවුරු හරි ආවොත් අපිව අහුවෙයි...යන්න යන්න"

"ඒයි දැන් මාව එලවනවද?"ජන්කුක් ඇහුවේ ටේ හ්‍යුන්ග්ගේ හැටි හොදට දන්න නිසයි.

"ඔව් වෙන මොනවා කරනව වගේද පේන්නේ..."

"ආආආ ....වෙන මොන හරි කරන්න ඕනි නම් එහෙම කරමු" ජන්කුක් යෝජනා සහගත බැල්මක් දැම්ම...

"යකෝ මේකා...එක විනාඩියක් ඉන්න බෑනේ"ටේ හ්‍යුන්ග් ඒ පාර නම්‍ ජන්කුක්ව එයාගේ කාමරෙන් එලියටම දාලා දොර වැහුවා..ඒත් විනාඩියක් යන්න ලැබුනේ නෑ මෙන්න ජන්කුක් ආපහූ කාමරේ ඇතුලේ

"මොකද?"

"චිමිනි...අන්න අර චිමිනිය එනවා මේ පැත්තට...මාව හන්ගන්න"ජන්කුක් එක දිගට කියාගෙන කියාගෙන ගියා.

"අයියෝ ඉවරයි...කුක්..ඉක්මනට අල්මාරිය ඇතුලට යන්න..."

"අල්මාරිය මම කොහොමද ඒකේ ඉන්නේ"

"ටේ හ්‍යුන්ග් ....ටේ...තාම නිදිද ඔයා...දොර අරින්නකෝ...11ත් පහු වෙලා" ජිමින් දොරට තට්ටු කරනවා ඇහුනපාර ජන්කුක් නිකන්ම අල්මාරිය ඇතුලට රිංගුවේ හරියට මී පැටියෙක් වගේ.

"ආහ් ගුඩ් මෝනින්ග් ජිමිනි ..මම මේ දැන් නැගිට්ටේ"ටේ හ්‍යුන්ග් ඉකමනටම ගිහින් දොර ඇරියේ ජිමින්ට ඇතුලට එන්න බැරි වෙන්න දොර ලග හිටගෙන.

"ගුඩ් මෝනින් ටේ...මම ආවේ ඔයාගෙන් අලුත් ටයි එකක් ඉල්ලන් යන්න "

"ආහ් ඕක මොකක්ද ඉන්න මම දෙන්නම්" ටේ හ්‍යුන්ග් එහෙම කිවුවේ ජන්කුක් ඇතුලේ කියලා අමතක වෙලා..ඒත් එකපාරටම එයාට ඒක මතක් උනා

"නෑ නෑ ජිමින් මගේ අල්මාරිය අරින්න බෑ"

"ඒ මොකද...කෝ ඉන්න මම අරින්න" ජිමින් ටේ ගේ අල්මාරිය ලගටම ගිහින් අත තිබ්බේ දොර අරින්න

"ඒ.....ඒකේ මීයෝ ඉන්නවා...ඔන්න අරින්න එහෙම එපා  ..අපි දන්නේ නෑ යාව කයි හොදේ" ටේ හ්‍යුන්ග් සීරියස් මුන්නක් මවාගෙන කියන්න හැදුවත් ඒක හරි ගියේ නෑ...

"මම බය නෑ මීයොන්ට"

"ඒ උනාට කෑවොත් ඔයාව"

"මම බය නෑ"

"ඔයාට ඉන්ජෙක්ෂන් විදින්න වෙයි"

"කමක් නෑ"

"ඔයාව කලුයි සුදුයි වෙයි"

"බය නෑ"

"ඔන්න ඔයාවත් මීයෙක් වෙයි" ඒකටනම් ජිමින් හැරිලා බැලුවේ හොදටම බය වෙලා...

"ඒ ඇත්තටම මාව මීයෙක් වෙයිද?"

"ඔව් ඒකනේ මම කිවුවේ"

"අයියෝ මාව මීයෙක් වෙයි..... අයියෝ මාව මීයෙක් වෙයි" ජිමින් කෑ ගහන්න පටන් ගත්තේ ඇත්තටම එයාව මීයෙක් වෙයි කියලා බය වෙලා.

"ජිමින් උදේ පාන්දර කෑ ගහන්න එපා...හැමදාම කියනවා මම" ජින් එහා පැත්තේ ඉදන් කෑ ගැහුවේ හැමදාම කෑ ගහන ජිමින්ව නවත්තගන්න බැරුව.

"ඒයි ජිමින් මොකද කෑ ගහන්නෙ"

එතනින් යනගමන් හිටිය යෝන්ගී ජිමින්ගේ කෑ ගැහිල්ලට ටේගේ කාමරේ ලග නැවතුන...

"හ්‍යුන්ග් හ්‍යුන්ග් අනේ එන්න...මේ ටේ කියනවා මාව මීයෙක් වෙයිලු...අනේ එහෙම වෙයිද" හොදටම බය වෙලා හිටපු ජිමින් යෝන්ගී ගෙන් අහනකොට යෝන්ගී එය දිහා බැලුවේ "මේකා මෝඩයෙක්ද නැත්තම් ඒ විදියට රගපානවද" කියන බැල්මෙන්.

"ජිමින් පිස්සුද මිනිස්සු මීයොඋනේ කවද්ද?"
"එහෙම වෙන්නේ නැද්ද හ්‍යුන්ග්?"

"නැහැ කොල්ලෝ"

"දැන් ඉතින් ඉවරයි ...මම ගස්" ටේ   හ්‍යුන්ග් එහෙම හිතුවේ කාගෙන් බේරුනත් යෝන්ගී ගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ කියලා දැනගෙන.

"දැන් මොකටද මීයො ගැන කත කරන්නේ?" යෝන්ගි ඇහුවා..

සිද්ද උන දේ ජිමින් කිවුවට පස්සේ යෝන්ගි කෙලින්ම ගියේ ටේ ගෙ අල්මාරිය ලගට...ටේ මුකුත්ම නොකියා හිටියෙ ඒ කියන කිසි දේකින් වැඩක් වෙන්නෙ නෑ...යෝන්ගී ව රවට්ටන බෑ කියලා දන්න නිසයි

"කෝ ඉන්න ටයි එකක්නේ ඕනි"කියලා එයා එකපාරටම දොර ඇරියා..."මොන පාටද ඕනි ජිමින්? මෙතන තියනවා කහ,කලු ,රතු..ආඅහ් හායි ජන්කුක් ,කොල නිල්...පොඩ්ඩක් ඉන්න ජන්කුක්?"

දැන් ඉතින් ඉවරයි ටේ හ්‍යුන්ග් ඔයා..දැන් ඉවරයි

"ආඅහ්හ්හ්හ්...ජන්කුක් ඔයාවත් මීයෙක් කෑවද?" ජිමින් පැනපු ගමන් ඇහුවේ එක..ඒ සැරේ නම් යෝන්ගි කට වහගෙන හිටියේ නෑ...කෙලින්ම ජිමින්ට ටොක්කක් ඇන්නේ

"මෝඩයෝ...තේරෙන්නේ නැද්ද...මෙයා තමයි ටේ හ්‍යුන්ග් කියන මීයා" යෝන්ගී ටේහ්‍යුන්ග් දිහ ප්‍රශ්නාර්ථ බැල්මකින් බැලුවත් ටේ හ්‍යුන්ග් කලේ හිනා වෙන එක විතරයි.

"ඕ...ඒ කියන්නේ මේ....ඔහොම ඉන්න මට තේරෙන්නේ නෑ"ඔන්න ජිමින් ආයෙත් මැද්දට පැන්නා..

"හරි මම  පැහැදිලි කරන්නම් ඔක්කොම " මෙච්ව්ර වෙලා ඩ්‍රාම එක බලාගෙන අල්මාරිය ඇතුලේ හිටපු ජන්කුක් එලියට ආවා.

"හ්ම්ම්...මම්යි ටේ හ්‍යුන්ග්නුයි...අම්ම්......දන්නවනේ.."එහෙම කියලා ජන්කුක් යෝන්ගී දිහා බැලුවේ එයා හැමදේම තේරුම් ගනී කියල...කිසිම දෙයක් කියන්නේ නැතුව යෝන්ගි ඔලුව හෙල්ලුවේ එයාගෙන් ඒ දෙන්නට අවසර දෙනවා වගේ....

"Thank you hyung"ටේ කුක් දෙන්නම කිවුවේ එකටමයි...මූනෙන් මූන බලාගෙන හිනා වුන ඒ දෙන්න ඊලගට බැලුවේ ජීමින් දිහා.

"ඒයි චිමිනිය ...මොකද ගල් වෙලා?"

"ජන්කුක් ඔයා මට ඔයා මට කොහොමද මෙහෙම කරන්නෙ?"

"මම කොහොම කරන්නෙද"

"ආහ්හ්හ්හ්හ්හ්හ්....අයියෝ මට හරි සතුටුයි ...අන්තිමට ටේකුක් ඇත්ත උනා...මම මුල ඉදන්ම ඔයාල දෙන්නව ශිප් කලා...යේ...මගේ ශිප් එක ඇත්ත..." මේ හැමෝටම වැඩිය මේ ගැන සතුටු උනේ ජිමින්...ඒ මුල ඉදන්ම ඒ දෙන්නගෙම හැගීම් එයා දැනගෙන හිටපු නිසා...සතුට වැඩි කමට කාමරේ වටේ දුවන්න ගිය ජිමින්ව යෝන්ගී අල්ලගත්තේ නැත්තම් වැටෙන්වා...

"හ්‍යුන්ග් ප්ලීස් මේ චිමිනියව මෙතනින් අරන් යනවද?" ජන්කුක් යෝන්ගී ට කිවුවා.යෝන්ගී ඔලුව වනලා ජිමින්වත් ඇදගෙන කාමරෙන් එලියට ගියත් ජිමින් කෑ ගහන එක නම් නවත්තගන්න එයාට බැරි උනා.

"හ්‍යුන්ග් ටෙකුක් ඇත්ත"

"හ්‍යුන්ග් මේක හීනයක්ද"

"හ්‍යුන්ග් මම දැනගෙන හිටියා ඒ දෙන්න එකතුවෙයි කියලා"

"හ්‍යුන්ග් මම මුල ඉදන්ම ඒ දෙන්නව සෙට් කලා"

"හ්‍යුන්ග් එයාලා කියොට්නේ"

"හ්‍යුන්ග් එයාලා......."ජිමින්ට වචනේ ඉවරකරගන්න ලැබුනේ නෑ...යෝන්ගී එයාගෙ අතින් ඇදලා එයාව ලගට ගත්තා....

"ජිමින් කට වහගන්න...නැත්තම් මම ඔයාගේ කට වහන්නම්..."යෝන්ගි  එහෙම කිවුවේ ජිමිගෙ අතින් තදින් මිරිකන ගමන්...

"නැත්තම් මට පුලුවන් තව ශිප් එකක් ඇත්ත කරන්න" යෝන්ගි ජිමින්ගෙ අත අතෑරලා එතනින් ගියේ ගල් ගැහිලා ශොක් උන ජිමින්ව එතනම තනි කරලා.

........................................................................

Lame Jokes with another level cringe
Thank you for reading

හරි..කියන්න දෙයක් තියනවා ලමයි.ඒ කතාවෙ චැප්ටර් 2 ඉදලා 6 වෙනකම් මම චැප්ටර්ස් ස්කිප් කලා..ඒ කියන්නෙ මම ඒවා පබ්ලිශ් කලේ නැහැ..ඒවා වැඩක් නැති නිකන් චැප්ටර්ස් ටිකක්..





Bạn đang đọc truyện trên: Truyen247.Pro