Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Save ME


"කුකී, කෑම කන්න එන්න" අනිත් හැමෝම යන්න කලින් ටේ හ්‍යුන්ග්ම ගිහින් ජන්කුක්ට කතා කලේ ඒ විදියට හරි ජන්කුක්ගේ ඇස් දිහා බලන්න එයාට අවස්තාවක් ලැබෙන නිසා...ජන්කුක් ලීසා එක්ක මොන විදියට ඉදියත් ඒ හැමදෙයක්ම දරාගන්න ටේ හ්‍යුන්ග් දැන් පුරුදු වෙලයි හිටියේ...නමුත් සමහර අවස්තාවල ආයෙමත් හිත පෑරිලා අඩපු අවස්තා නැතුවාම නොවෙයි...ආයෙමත් ජන්කුක්ගේ ලගට යන්න ..ඒ දේවල් මුල ඉදන් පටන් ගමු කියන්න...සිද්ද වුනේ මොන දේ උනත් ජන්කුක් ඒ හැමදේම එයත් එක්ක බෙදාගෙන ආයෙමත් එයාට ආදරේ කරයි...ආයෙමත් එයාව හොයාගෙන එයි කියන බලාපොරොත්තුව හිතේ කොනක තිබුනේ ටේ හ්‍යුන්ග් මේ දේවල් වලට කෙමෙන් කෙමෙන් පුරුදු වෙන ගමන් හිටියේ...

"අපි එන්නම්...ඔයා යන්න ටේ හ්‍යුන්ග්.." ලීසා කිවුවේ ජන්කුක්ගේ උකුලෙන් නැගිටින ගමන්....

ටේ හ්‍යුන්ග් ට ඕනි උනේ තවත් ඒ දෙන්නට තනි වෙන්න වෙලාව නොදෙන්නයි....ජන්කුක්ව තනි කරගන්න...ආදරේ කරන්න අයිතිය තියෙන්නේ ටේ හ්‍යුන්ග්ට විතරමයි...

"ජින් හ්‍යුන්ග් ඉක්මනට එන්න කිවුවා..නැත්තම් කෑම ඉවර වෙයි කියලා" ටේ හ්‍යුන්ග් කිවුවේ හොරැහින් ජන්කුක් දිහා බලන ගමන් ..ජන්කුක් හිටියේ බිම බලාගෙන...ටේ හ්‍යුන්ග්ගේ කටහඩට නොදැනිම ටේ හ්‍යුන්ග් දිහා බලපු ජන්කුක්ගෙයි ටේ හ්‍යුන්ග් ගෙයි ඇස් දෙන්නා අතරේ ආයෙත් හිර උනා ..ඒ බලාගෙන් ඉදීමේ තිබුන තේරුම දෙන්නටම තේරුම් ගියේ නැති උනත් එක්කෙනෙක්ටවත් දෙන්නගෙන් ඇස් අහකට ගන්න බැරි උනා....මේ අතරෙයි ලීසා කතා කලේ...

"කුකී...ඒහෙනම් අපි යමු, අපිට වැදගත් දෙයක් කියන්නත් තියනවනේ" ලීසා ජන්කුක්ව එක අතකින් ඇදගෙන යන ගමන් අනිත් අතින් ටේ හ්‍යුන්ග්වත් ඇදගෙන කෑම මේසෙට ගියේ අනිත් අයත් බලන් ඉන්න තැන....ගිය ගමන්ම කතා කරන්න ගත්ත ලීසා ජන්කුක් දිහා බැලුවේ අවසර ඉල්ලන්න...ඔලුව හොලවලා අවසර දුන්නු ජන්කුක් ආයෙත් හොරෙන් ටේ හ්‍යුන්ග් දිහා බැලුවේ ජීමින් ටේ හ්‍යුන්ග්ටයි යුන්ගීටයි කෑම බෙදලා දෙන විදිය අද්‍යනය කරමින්.......

"අපිට වැදගත් දෙයක් කියන්න තියනවා...මමයි කුකීයි අපේ ආදරේ ලෝකෙට කියන්න යන්නේ...අපි ඔෆීශියල් අනවුන්ස් කරනවා" ලීසා අත්පුඩි ගහන ගමන් උඩ පැන්නේ අනිත් අයත් ඒම කරයි කියලා හිතාගෙන...ඒත් කෑම මේසය පුරා තිබුනේ අමුතු අපහසු නිහඩ බවක්...එකිනෙකා මූනෙන් මූන බලාගත්තේ සිග්නල් වලින් තොරතුරු හුවමාරු කරගන්නවා වගේ.....

ටේ හ්‍යුන්ග්ට කෙලින්ම බැලුනේ ජන්කුක් දිහා...ඒ වෙනකොටත් ජන්කුක් ටේ හ්‍යුන්ග් දිහා බලාගෙනයී ඉදියේ...ටේ හ්‍යුන්ග්ගේ ඇස් ආයෙත් කදුලු වලින් පිරෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් බලනවත් එක්කම ජන්කුක් අහක බලාගත්ත නිසයි...කොහෙන්දෝ ආව සමාවක් ජන්කුක්ගේ ඒ හැසිරීමේ තිබුනා...

මේ තරම් කල් ආයෙමත් ජන්කුක් එයාගේ ලගට එයි ..ආයෙමත් එයාට ආදරේ කරයි...ආයෙමත් එයාගෙ විතරක්ම වේවි කියලා එයාට තිබුන පුන්චිම බලාපොරොත්තුවත් ටේ හ්‍යුන්ග්ට ඒ වෙලාවේ නැති උනේ...මුලු ලෝකෙටම එයාලගේ ආදරේ කියන්න බය උන ජන්කුක් වැඩි කාලයක් යන්නත් කලින්ම ලීසගෙයි එයාගෙයි සම්බන්දේ හෙලි කරන්න යන එක ටේහ්‍යුන්ග්ගේ හිත තවත් ඉවසුවේ නැති නිසයි....

අනිත් අය ඉස්සරහ අඩන්න ඕනි නැති කමට ටේ හ්‍යුන්ග් ඉක්මනින්ම නැගිට්ටෙ එතනින් දුවලා යන්න...තනිවෙන්න...තනියම අඩන්න හිතාගෙන....

ඒත් ජින්ගේ එකපාරම කෑ ගැහීම එයාව එතනම නතර කලා...ජින් පුටුවෙන් නැගිට්ටේ හොදටම කේන්තියෙන්...

"හොදටම ඇති...හොදටම ඇති ජන්කුක්..මට තවත් මේ නාට්ටිය බලන් ඉන්න බෑ...මම හැමදේම ටේ හ්‍යුන්ග් ට කියනවා"

ජින් කතා කලේ සැරෙන් ...වෙලාවකට පිස්සු නැටුවත් ,ලමයෙක් වගේ තවත් වෙලාවකට හැසිරුනත් ජින් කියන්නේ එයාලගේ ලොකු අයියා...අවශය වෙලාවෙදි අවශය විදියට තීරන ගන්න එයා හොදින්ම දන්න බව හැමෝම දන්න නිසයි ජින්ගේ කටහඩට හැමෝම නිහඩ උනේ...

"හ්‍යුන්ග් එපා" ජන්කුක් කතාකලේ බයෙන්

"ජන්කුක් කරන්න ඕනි දේ මට ඔයා කියන්න එන්න එපා ....මම දන්නවා හොදින්ම කරන්න ඕනි දේ"

ජින් තවත් වචනයක්වත් නොකියා මුකුත්ම දන්නේ නැති ටේ හ්‍යුන්ග්ව අතින් ඇදගෙන ගියේ එයාගේ කාමරේට ....ජන්කුක් ඒ පස්සෙන් යන්න හැදුවත් නම්ජූන් එයාව නතර කරගත්තේ ජින් මේ දේවල් වලට  විසදුමක් හොයාගෙන තියනවා කියලා එයා දැනගෙන ඉදපු නිසයි......

මේ හැමදේම පුදුම වෙලා බලන් ඉදපු ලීසව හෝසොක් ආයෙමත් ගෙදර ඇරලවන්න බාර ගත්තා.......

.......................................................................

ජින් ගෙන් හැමදෙයක්ම දැනගත්ත ටේ හ්‍යුන්ග් කෙලින්ම ගියේ ජන්කුක්ව හොයාගෙන...ජන්කුක් හිටියේ කාමරේට වෙලා ජනේලෙන් එලිය බලාගෙන....ලොකු කල්පනාවක....

කාමරේට ඇතුලු උන ටේ හ්‍යුන්ග් කෙලින්ම ගිහින් අල්ලගත්තේ ජන්කුක්ගේ කොලර් එකෙන්....දෙපාරක් හිතන්නේ නැතුව ජන්කුක්ගේ කම්මුලට වේගෙන් පහර දීපු ටේ හ්‍යුන්ග් ආයෙමත් ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලගෙන එයාව හොලවන්න ගත්තේ මුකුත්ම නොකර බිම බලන් ඉදපු ජන්කුක්ගේ ඉස්සරහම අඩමින්......

"ඒයි...ජියොන් ජන්කුක්...තමුසේ මොනාද හිතුවේ ආහ්?? මාව දාල යන්නද?" ටේ හ්‍යුන්ග් අඩන්න ගත්තේ ජන්කුක්ගේ පපුවට අත් දෙකෙන් ගහන ගමන් ...නොනවත්වා ජන්කුක්ට  ගහපු ටේ හ්‍යුන්ග් ආයෙමත් අඩන්න පටන් ගත්තා...

"මොනවද මෝඩයෝ හිතුවේ?..මේ වගේ දෙයක් නිසා මාව දාල යන්නද? ඇයි එහෙම කරන්නේ? ඇයිඒ තරම් ආදරේ කරන්නෙ? "

නොනවත්වා එයාගේ පපුවට වදින ටේ හ්‍යුන්ගේ ප්‍රහාර වලින් ජන්කුක්ට පොඩිම වේදනාවක්වත් නොදැනුනත් ජන්කුක් අඩන්න පටන් ගත්තේ ටේ හ්‍යුන්ගේ කදුලු දැක්කම ඇති උන වේදනාවට  ....

ඉක්මනින්ම ටේ හ්‍යුන්ග්ගෙ අත් හිර කරගත්තු ජන්කුක් ටේ හ්‍යුන්ග්ව ඇදලා එයාගෙ පපුවට තුරුල් කරගත්තේ ටේ හ්‍යුන්ග් කියන්නේ කිසිම කෙනෙක්ට අයිති නැති එයාටම විතරක් අයිති දේපලක් වගේ......හිමින් ටේ හ්‍යුන්ග්ගේ ඔලුව අතගාපු ජන්කුක් ආයෙමත් ටේ හ්‍යුන්ග් ට කතා කලේ හරිම ආදරෙන්..

"සමාවෙන්න මැනික...මට සමාවෙන්න...ඔයාව රිද්දුවේ මම හිතකින් නෙමෙයි රත්තරන්...ඒ හැමවෙලාවෙම මම මටම රිද්දගත්තා...ඔයාගේ හිත රිද්දනවා...ඔයා අඩනවා දකිනවා...ඔය ඇස් වල කදුලු දකිනවා තරම් තවත් ලොකු දඩුවමක් මට නෑ මැනික....ඔයාගේ කුකීට සමාව දෙන්න."

ජන්කුක් ටේ හ්‍යුන්ග්ව තවත් එයාගෙ පපුවට තුරුලු කරගත්තේ දෙන්නගෙම වේදනාව අඩලා ඉවරයක් කරන්න......

Flashback

Jungkook's POV :-

මම මොන තරම් පැහැදිලි කලත් ටේ හ්‍යුන්ග් තේරුම් ගත්තේ නැහැ.....මම ඒ ගෑනු ලමයා දිහා බැලුවත් ඒක කිසිම අරුතක් නැති අහම්බෙන් බැලුනු බැල්මක්.....කොච්චර පැහැදිලි කලත් එයා ඒක තේරුම් ගත්ත නැති නිසයි අන්තිමේදි හැමදේම අතෑරල මම ආවේ...මට තේරුනා ටේ හ්‍යුන්ග් ට ඕනි වෙලා තිබුනේ මාත් එක්ක කතා කරන්න ..ඒත් අපේ ශූටින් නිසා එයාට ආයෙත් මාත් එක්ක කතා කරන්න ඉඩක් ලැබුනේ නෑ.....මටත් මේ ප්‍රශ්නේ විසදන්න ඕනි වෙලා තිබුන නිසයි ශූටින් ඉවර වෙනකන් ,අපිව වෙන් කරන වෙලාව ඉවර වෙනකම් මම මග බලාගෙන ඉදියේ.....

ඒත් ශූටින් ඉවර වෙනවත් එක්කම මාව එක්කගෙන ගියේ නම්ජූන් හ්‍යුන්ග් එක්ක අලුත් සින්දුවකට පද ලියන්න....

එතනට ගිහින් වාඩිවුන මට වැඩි වෙලාවක් යන්න කලින්ම මගේ ඔලුව කැරකෙනවා වගේ දැනුනා...ඇගම සීතල වෙලා නහයෙන් ලේ එනවා දැනුනත් එතනින් එහාට කිසිම දෙයක් මට මතක තිබුනේ නෑ....මගේ සිහිය නැති වෙන්න ඇති....

මම ඇහැරෙනකොට හිටියේ අපේ ෆැමිලි ඩොක්ටර්ගේ ෆාමසියේ...නම්ජූන් හ්‍යුන්ග්, ඩොක්ටර් එක්ක ලොකු කතාවක්...ටික වෙලාවකින් එතනට ආපු  ඩොක්ටර් මට කතා කරන්න පටන් ගත්තා....

"ජන්කුක්....ම්ම්ම්...කොහොම කියන්නද මම මේක?"

ඩොක්ටර් කිවුවේ බරපතල ස්වරයකින් ....ඒ හඩට මගේ හිත බය වෙන්න පටන් ගත්තේ මට මොනා හරි වෙන්න යනවා කියන එක ඉවෙන් වගේ තේරුන නිසයි....මටත් කලින් මගේ හිතට ආවේ මගේ ටේ හ්‍යුන්ග් ගැන...මට මොනා උනත් කමක් නෑ....ඒත් ඒකෙන් මගේ ටේ හ්‍යුන්ග්ට මොනා වෙයිද කියන එක මට හිතාගන්න බැරිඋනා.....මම ආයෙත් කතා කලේ වෙවුලන කටහඩකින් .....

"කියන්න ඩොක්ටර්"

ඩොක්ටර් මගේ දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙමත් නම්ජූන්ග් හ්‍යුන්ග් දිහා බැලුවේ අවසර ගන්න...

"ජන්කුක්...මේකයි ප්‍රශ්නේ....ඔයාට තව වැඩිකාලයක් නෑ"

මට තව වැඩි කාලයක් නෑ..මොකක්ද ඒකෙ තේරුම ....මට හිතාගන්න බැරිඋනා

"මොකක්ද ඩොක්ටර් ඒකේ තේරුම?"

"මෙහෙමයි...මේ හැමදේම පටන් ගත්තේ එදා ඔයා සිහි නැතුව වැටුන දවසේ....ඔයාට එදා ඇල්කොහොල් වලින් ලොකු  බලපෑමක් වෙලා තිබුනා..එතකොටයි මම තේරුම් ගත්තේ ඔයාගේ ශරීරය මෙහෙට හැඩ ගැහෙන්න පටන් අරන් කියලා...ඔයා තවත් මෙහෙම හිටියොත් ඔයාගේ සෞඛ්‍ය තත්වය එක්ක.....ඔයාට......................මෙහෙදිම මැරෙන්නයි වෙන්නේ.....ඔයාට තව මාස දෙකකට වඩා නෑ.."

ඩොක්ටර් කියන දේ මට තේරුනේ ටික වෙලාවකට පස්සෙයි....මම මැරෙන්නයි යන්නේ.....මගේ ජීවිතේ අවසාන වෙන්නයි යන්නේ....ඒක මට ප්‍රශ්නයක් උනේ මගේ ටේ හ්‍යුන්ග් ගැන හිතනකොටයි....මට පනටත් වඩා ආදරේ කරන එයා මම නැතුව කොහොම ඉදිද? මම එක විනාඩියකට එයාගේ ලගින් හෙල්ලුනත් දුක් වෙන ,,මාව පිස්සෙක් වගේ හොයන එයා මම සදහටම එයාව දාලා ගියාම මොන විදියට හැසිරෙයිද.....මම හොදටම දන්නවා..එයා මගේ ගැන හිත හිත හැමදාම දුක් වෙයි...ඒ ඇස් වලට අහින්සක හිනාවක් ගේන්න ආයෙත් මම එයා ලග නැතිවෙයි...ඒ ලස්සන හිනාව මම නිසා සදහටම අතුරුදන් වෙයි...මම නැතුව මගේ මැනික කඩාගෙන වැටෙයි..මගේ අසනීප නිසා එයා එයාගේ ජීවිතේ කැපකරයි....ඒ ලස්සන ඇස්...ඒ ලස්සන් හිනාව....මගේම උන ඒ අහින්සක හිත....හැමදාම තනිවෙයි...මම නැතුව මගේ ගැන හිත හිත මගේ පන ඔයා කොහොම ඉදිද....ඒ දුක මට ඔයාට දෙන්න බැහැ මගේ මැනික...ඔයා මගේ මුලු ලෝකෙම උනත් ඒ මුලු ලෝකෙම දාල මට සදහටම යන්න වෙනවා...ඒත් ආදරේ පෙන්නලා ඔයාව අතරමග දාලා යන්න මට ඕනි නෑ ....ඔයාව මගේ ආදරේ අතරමං කරන්න මට ඕනි නෑ....ඔයාට මේ ලෝකෙම ලැබෙන්න ඕනි ටේ හ්‍යුන්ග්...ඔයා හැමදේටම වඩා සතුටින් ඉන්න ඕනි.....මම නැතුව ඔයාට දුක් විදින්න මම ඉඩ තියන්නේ නෑ.....ඒකයි හෙමින් හෙමින් ඔයාගෙන් ඈත් වෙන්න මම තීරනය කලේ....

.....................................................................
නම්ජූන් හ්‍යුන්ග් එක්ක හැමදාම රෑට බෙහෙත් ගන්න ගියේ මම අනිත් හැමෝටම වගේ ඔයාටත් හොරෙන් ටේ හ්‍යුන්ග්.....ඔයාගෙන් ඈත් වෙන එක මාව ඇතුලෙන් පිච්චුවත් , මගේ මරනෙන් පස්සේ ඔය ඇස් ආයෙත් හිනා වෙයි කියන බලාපොරොත්තුවෙන් මම ඒ දේ කොහොම හරි කලා....හැමදේම ඔයාගේ ඔය අහින්සක හිත වෙනුවෙන්...ඒ හිත සතුටින් තියන්න....

ඒත් දවසක රෑ වෙලා මම එනකොට ඔයා හොදටම ඔයාගේ ඇදේ නිදි...මම ආවේ ඔයාට නින්දෙන් හාදුවක් දීලා යන්න....ඔයාගේ ඇද ලගට ගිහින් ඔයාගේ මූනට ලන් වෙනකොටයි මට වෙනසක් තේරුනේ....ඔයාගේ ඇද යට කවුරු හරි හිටියා....

ඉකමනින්ම ඇද යටින් එබිලා බලපු මම දැක්කේ තනි කලු ඇදගත්ත මනුස්සයෙක්....එයාගේ අතේ කිනිස්සක් තිබුනා....ඒ මිනිහව ඇදෙන් ඇදලා ගත්ත මම ඌව ඇදගෙන සාලෙට ගියේ ඔයාව ඇහැරවලා බය කරන්න ඕනි නැති නිසයි....නම්ජූන් හ්‍යුන්ග් ඒ වෙනකොටත් හිටියේ සාලෙට වෙලා..

මම ඒ මිනිහට ගැහුවේ ඔයාට පොඩිම සීරිමක් හරි කරලා ඇති කියන බයට.....සිහියක් නැතුව මම ඒ මිනිහට ගහන්න ගත්තත් නම්ජූන් හ්‍යුන්ග් ඇවිත් මාව නතර කලා......

නම්ජූන් හ්‍යුන්ග් එයාගෙන් ප්‍රශ්න කලේ මාව එතනින් යවලා....මම ආයෙත් රන්ඩුවට යයි කියන බයට වෙන්නැති....එතනින් යන්න මට ඕනි උනේ නැති උනත්...ඔයාට තුවාලද බලන්න මම ඔයා ලගට ආවා....

මගේ වාසනාවට මැනික ඔයාට මුකුත් වෙලා තිබුනේ නෑ.....පුන්චි සිරීමක්වත් ඔයාගේ ඇගේ තිබුනා නම්....ඒ මනුස්සයගේ ජිවීතේ මම ඒ වෙලාවෙම ඉවරයක් කරනවා....ආයේ දෙසරයක් හිතන්න ඕනි නෑ මට ඔයා වෙනුවෙන්...

ඊලග දවසේ උදේ නම්ජූන් හ්‍යුන්ග් මට කතා කලේ ටේ හ්‍යුන්ග් ශුටින් ගියපු වෙලාවේ......

ඒ මිනිහා ඇවිත් තිබුනේ ඔයාව මරන්න....එයාට ඒ වැඩේ භාර දීලා තිබුනේ අපේ පිස්සු  ෆෑන් කෙනෙක්....ටේ හ්‍යුන්ග් මගෙයි ජීමින්ගෙයි මැද්දට එනවා කියලා......ඔයාව මරන්න භාර දීලා.....මට ආව තරහක්...ඔයාට අතක් තියන්න.....ෆෑන් කෙනෙක්ට නෙමෙයි කාටවත් මම ඉඩ තියන්නේ නෑ.....

ඒත් එතකොටමයි මට මතක් උනේ මම ගියාම ඔයාව බලාගන්නේ කවුද? ඔයාව මේ විදියට ආරක්ෂා කරන්නේ කවුද ? මම නිසාමයි අද ඔයාගේ ජීවිතේ අනතුරේ වැටුනේ ......මම තව ටිකක් පරක්කු උනා නම් ඔයාව මට සදහටම නැති වෙන්න තිබුනා.....එහෙම උනා නම් මේ ඉන්න ටිකවත් මට ඉන්න ඕනි නෑ ටේ හ්‍යුන්ග්....එතකොටයි මම තීරනය කලේ....ඔයාව මග අරින එකෙන් විතරක් ඔයා මගෙන් ඈත් වෙන්නේ නෑ කියන එක.....ඔයාව අකමැත්තෙන් උනත් අසිමිත විදියට රිද්දන්න මම හිතුවේ ඔයාට වඩා මටම  රිද්දගන්න පොරොන්දු වෙන ගමන්.....ඔයාව සදහටම මේ ලෝකෙට නැති වෙනවට වඩා....පුන්චි කාලයකට ඔයාව රිද්දලා...ඔයාට මාව එපා උනාම..මම ගිය දවසට මේ තර්ජන නැති වෙනවා වගේම ඔයාගේ ඇස් වලට ආයෙත් සතුටක් එකතු වෙයි කියන එක මට ලොකු දෙයක්.....මගේ හැමදේම ඔයානේ ටේ හ්‍යුන්ග් .......මගේ පන...මගේ හුස්ම...

මම මේ ගැන අනිත් අය එක්ක කතා කලත්..ජින් හ්‍යුන්ග් නම් පොඩිම කැමැත්තක්වත් මේ ගැන දැක්වුවේ නෑ..එයා හැමවෙලාවෙම කිවුවේ එයා මේකට විසදුමක් හොයන්නම් කියලා...

ඒත් යුන්ගී හ්‍යුන්ග් කියපු දෙයින් මම තවත් පුදුම උනා...ජීමින් හ්‍යුන්ග් ටේ හ්‍යුන්ග් ට ආදරේ කරාලු....ඉරිසියාවක් නොදැනුනාම නෙමෙයි....ඒත් මම ගියාම මටත් වඩා ඔයාව බලාගන්න එයාට පුලුවන් කියන එක මම විශ්වාස කලේ ඒ  නිසයි....හිත හදාගත්තේ මම ගියාම අඩුම තරමේ ඔයා වෙනුවෙන්ම කැප වෙන්න කෙනෙක් ඉන්නවා කියලා දන්න නිසයි මැනික...

මම එදා ඔයා සැක කරපු ලීසවම ගෙනාවේ ඔයා එ නිසාම මම ඔයාගේ ආදරේට බොරුවක් කලා කියලා හිතලා මාව එපා වෙයි කියලා හිතුන නිසයි....ඒත් ඔයා ඇවිත් මගේ කාමරේ දොර ලග ඇදගෙන වැටෙද්දි ඒ ඇස් වලට මුලු ලෝකෙම නැති උනා කියලා මම දකිද්දී මට ඕනි උනේ ඇවිත් ඔයාව තුරුලු කරගෙන හැමදේම හරි කියලා ඔයාව සනසන්න..ඒත් මම අමාරුවෙන් ඒ හැගීම් පාලනය කරගෙන හිටියේ ඔයාගෙම අනාගතේ වෙනුවෙන්.....

එදා රෑ ඔයා ඇවිත් මගේ පපුවේ තුරුල් උනේ මගේ හිතේ මගේ ගැනම පිලිකුලක් ඇතිකරමින්....මේ තරම් අහින්සක...පිවිතුරු ඔයාව නේද මම රිද්දන්නේ...ඔයාගේ අහින්සක ඇස් මම වෙනුවෙන් කදුලින් පිරිලා...මගේ ඉස්සරහා වැද වැටෙනවා එක විනාඩියක් ඔයාට මගේ ලගට වෙන්න දෙන්න කියලා.....විනාඩියක් නෙමෙයි..මුලු ජීවිතේම උනත් දෙන්නම් පන ඔයා වෙනුවෙන්...ඔයා ඉල්ලනවා නම් මගේ හැමදේම ඔයාට දෙන්න මම ලෑස්තියි ...ඒකමයි මම මේ දැන් කරන්නෙත්....

මගේ ඇගේ පුන්චි කෝලා පැටියෙක් වගේ එල්ලිලා ඉදපු ඔයාව මම තල්ලු කලේ හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ....ඔයාගේ ඔලුව ගිහින් පුටුවේ වැදෙනකොට ඔයාගේ ඔලුව අතගාන්න ලගට දුවගෙන එන්න මට ඕනි උනත් මේ රගපෑම එකම තප්පරේකටවත් අතෑරියොත් ඔයා ආයෙමත් මගේ ගැන බලාපොරොත්තු ඇති කරගනි කියන බයට මම ඔයාගේ හිත මගේ පිහි වගේ වචන වලින් රිද්දුවා .....

ඔයාගේ ඉස්සරහම දොර වැහුව මම ටික වෙලාවකින් හොරෙන්ම දොර ඇරියේ ඔයා තාමත් එතන කියලා දැනගෙන...ඔයාගේ සිහි නැති ශරීරය උස්සගෙන මම ගියේ හෝසොක් හ්‍යුන්ග්ගේ කාමරයට....ඔයාගේ ඔලුව වැදුන තැන අතගාලා ,බෙහෙත් ටිකක් දාන්න හ්‍යුන්ග් මට උදවු කලත් මට ඊට පස්සෙත් ඔයාව දාලා එන්න බැරිඋනා...ඔයාගේ ලගින්ම ඉදගෙන ඔයාගේ ඔලුවට කිස් එකක් දීලා ඔයාගේ අතින් අල්ලගෙන එතනම පුටුවේ මම නිදාගත්තේ මගේ හිත ඔයාව දාලා යන්න ඉඩ නොදුන්න නිසයි.....මේ හැමදේටම මගේ හිත ඔයාගෙන් සමාව ඉල්ලලා වැද වැටුනු තරම් රත්තරන්....

උදේම ඔයා නැගිටින්න කලින් තවත් එක සැරයක් ඔය ඇස් සිප ගත්ත මම ගියේ මගේ කාමරේට ...ආයෙමත් ඔයාව රිද්දන නාට්ටිය රගපාන්න...

ඔයා ඇහැරිලා කියලා දැනගත්ත මම මගේ හිතේ කිසිම හැගීමක් නැති ලීසවත් උස්සගෙන එතනින් ගියේ ඔයාව රිද්දන්න....ඔයාට මාව එපා කරවන්න....ඒත් නෑ....මම ඒ තරම් දෙයක් කරලත් ,ඔයාට ශාරිරික ව රිද්දලත් ඔයා මාවම හොයාගෙන එනවා.....එකනේ මැනික මම හිතුවේ මම සදහටම ඔයාව මගේ ආදරේ අතරමං කරලා ගියා නම් ඔයාට මොනා නොවෙයිද? මේ තරම් දෙයක් කරලත් ඔයාට මාව එපා වෙන්නේ නැත්තම්??

මොන තරම් දේවල් ඔයාගේ ඇස් ඉස්සරහා මම කලත් ඔයාට නෙමෙයි එක විනාඩියකට මාව අමතක උනේ....ඒ  නිසයි තවත් රිද්දන එක අමතක කරලා...ඔයාගේ හිතේ තියෙන්න පුලුවන් අන්තිම බලාපොරොත්තුවත් මම නැති කරන්න හැදුවේ.....

මම හීනෙන්වත් හිතන්නේ නැති ලීසගෙයි මගෙයි අතරේ සම්බදයක් තියනවා කියලා ලෝකෙට කියන්න හැදුවේ....මම එයාව ඇල්ලුවෙත් ඔයාව රිද්දන්න....ඒ දේවල් ඇත්තක් කියලා පෙන්නන්න..ඔයාගේ එකම හුස්මක්වතේ කිසිම දේකට ලං කරන්නවත් බැහැ මැනික..ඒත් මම එයාව නිතරම ඇල්ලුවා..ඒකත් ඔයාගේ අනගතේ වෙනුවෙන්....ඔයාගේ දෙමව්පියන්ට වගේම සහෝදරයන්ටත් ඔයාට මූන දෙන්න පුලුවන් වේවි එතකොට....නේද මැනික??

එහෙනම් ඔයා වෙනුවෙන් අන්තිම දේත් කරන්න මම ලෑස්ති උනා"

.......................................................................

අපහැදිලි තැන් තියනවා නම් මම පැහැදිලි කරන්නම්... එහෙම ඒවා අහන්න....

තව එකක්.....

ඔයාලට කියන්න පුලුවන්ද මේ තරම් කල් දාපු කොටස් වලින් ඔයාගේ හිතට ගොඩක්ම දැනුන කොටස මොකක්ද කියලා......ප්ලීස් අනේ කමෙන්ට් කරගෙන යන්න....මට දැනගන්න ආසයි..🙄🙄🙄

Bạn đang đọc truyện trên: Truyen247.Pro