Promise
Random person's POV:-
මම හිටියේ මගේ ජිවීතේ එපාම කරපු මොහොතේ ...මගේ ආදරේ මට නැති උනා...මගේ හොදම යාලුවා මට බොරු කලා...අම්මයි තාත්තයි නැතුව වෙන රටක හැදෙන මම මේ හැමදේම ගොඩක් කල් ඉදන් දරාගෙන හිටියත් අද මට උන දේ මගේ හැම සීමාවක්ම ඉක්මවලා ගියේ මගේ ජීවිතේ මට එපා කරලා....
හැම දේම අතෑරලා මේ ලෝකෙම දාලා යන්න මම තීරනය කලේ ඒ නිසයි...
හිමින් හිමින් කලුවරේම කන්ද ලගට යනකොට මට තවත් දුක වැඩි උනේ මගෙන් මොකද උනේ කියලාවත් අහන්න, මේ ප්‍රශ්න අන්තිම වතාවටවත් කාට හරි කියලා යන්න විදියක් නැතුව.
කන්ද පාමුල හිටගත්ත මම මගේ අවසාන තීරනය අරන් ඇස් පියාගත්තේ එලොවදි හරි සැනසීම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් .
ඒත් හුලග එකපාරටම සැර වෙන්න ගත්තේ කන්ද ලග ඉදපු මාව එතනම බිම ඉන්දවෙන්න තරම් වේගෙකින්...මම ඒ හුලං සැරට පහලට වැටුනේ නැත්තේ ඇයි කියන්න මට තාමත් පුදුමයි.
එකපාරටම මගේ ඇගේ ඇවිත් වැදුනේ කොල කෑල්ලක් වගේ එකක්...කෙලින්ම ඇවිත් පැටලුනේ මගේ කොන්ඩෙ නිසා මම ඒක අරන් බැලුවා...කාගේ හරි රොකට් එකක්...මම ඒක විසි කරන්න හැදුවත් ඒකේ මොනාදෝ ලියලා තියනවා දැක්ක නිසයි ඇරලා බැලුවේ.....
........................................................................
2015.08.28
සෝල්
මම ජීමින්...පාක් ජීමින්...අවුරුදු 16දී බුසාන් වල ඉදන් සෝල් ආවේ ලොකූ හීනයක් හිතේ තියාගෙන...ඒ ලෝකේ ප්‍රසිද්ද තරුවක් වෙන්න....මම මගේ ගමනට උපරිම කැපකිරීම් කලා...හැබැයි මේ ලියුම ඒ වෙනුවෙන් නම් නෙමෙයි...තරුවක් වෙන ගමනෙදි මගේ ජීවිතේ සිදුවුනු අනිත් වැදගත්ම දේ වෙනුවෙන්....
මම මගේ කණ්ඩායමේම සාමාජිකයෙක්ට ආදරේ කරන්න පටන් ගත්තා...එයත් මම වගේම පිරිමි කෙනෙක් කියන එක මට බලපෑවේ නෑ...මගේ හිතේ එයා වෙනුවෙන් ආදරයක් තිබුනේ එයා ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියන එක මත නෙමෙයි...ඒ හැම දෙයක්ම පටන් ගත්තේ මෙන්න මේ විදියට....
මම බුසාන් වලින් ආව කෙනෙක් නිසා නගරේ පාසල් වල ලමයින් මට වෙනස් කම් කරන්නත් එක එක කරදර කරන්නත් පටන් ගත්තා . මෙයාලගෙන් බේරෙන්නවත් ...ඒ වෙනුවෙන් සටන් කරන්න වත් මට කිසිම ශක්තියක් තිබුනේ නෑ....
හැබැයි ඒ හැමදේකින්ම මාව බේරගත්තා කෙනෙක් ඇවිත් හරියට ඒන්ජල් කෙනෙක් වගේ.....
මගේ හිත එතන ඉදන් එයාව යාලුවෙක් විදියට පිලිගත්තේ නෑ...මගේ ඇස් ඒ ඇස් දැක්කේ මටම අයිති දෙයක් වගේ...සදහටම එයා මගේ කරගන්න මගේ හිතට ආවේ කොහොමද කියන්නවත් මම දන්නේ නෑ.....
ඒත් හැමදේම වෙනස් උනා...එයාට මම ආදරේ කලාට එයාගේ හිත තිබුනේ වෙන කෙනෙක් ලග...ඒක මොන තරම් වේදනාකාරී ද කියනවනම්..එයාගේ ආදරේ ගැන හැමදෙයක්ම එයා කතා කලේ මාත් එක්ක...ඒ හැම වෙලාවෙම මගේ පපුව පිච්චි පිච්චි ගිනිගත්තේ මම කදුලු වලින් මගෙ ඇස් තෙත් වෙන්න ඉඩ නොදුන්න නිසා ....එයා ඉස්සරහා එයාගේ සතුට නැති කරන්න මට කිසිම උවමනාවක් නෑ....ඒ ඇස් හිනාවෙනවා...ඒ ඇස් කතා කරනවා...ඒ දේවල් දකින්න මම ආස කලේ අසාමාන්‍ය විදියට...මම හිටියේ එයාට ඇබ්බැහි වෙලා..ඒත් ඒ පුන්චි හිත නොදැනුවත්වම මාව මොන තරම් රිද්දන්න ඇතිද....ඒත් කමක් නෑ ඔයා සතුටින් නම් මගේ පන....
එයා දවසක් මගේ ලගට ආවා....මගෙන් ඇවිත් ඇහුවේ "ඔයා කෙනෙක්ට ආදරෙයි නම් ඒක දැනෙන්නේ කොහොමද කියලා?"
ඒක දැනෙන්නේ එයා හිනා වෙන හැම වෙලාවෙම නොදැනුවත්වම මගේ හිත වේගෙන් ගැහෙන එක...ඒ ඇස් අඩනකොට හේතුවක් නැතුව මටත් ඇඩෙන එක...මට මොන දේ උනත් ඔයාට පුන්චිම දෙයක්වත් වෙන්න නොදෙන එක...එක මොහොතකටවත් ඔය හිත රිද්දන්න බැරි එක ...අහම්බෙන් හිත රිදුනු අවස්තා තිබුනත් ඔයාගේ හිත රිදෙන වාරයක් වාරයක් ගානේ මටම දඩුවම් කරගන්න හිතෙන එක...එකම වතාවක්වත් ඔයාගෙන් ඇස් අහකට ගන්න බැරි එක...ඔයා ඉල්ලන ඉල්ලන දේ දීලා ඔයා පොඩි ලමයෙක් වගේ හිනා වෙනවා බලන එක...ඔයාව මගේ පපුවට තුරුල් කරගෙන ඉන්න එක...ඔයා මාව යාලුවෙක් විදියට විතරක් උනත් දකින්නේ...ඔයාට ආදරෙන් මගේම වගේ කතා කරන එක...හැම පොඩි අනතුරකින්ම...මේ ලෝකෙන්ම ඔයාව පරිස්සම් කරන්න හිතෙන එක...ඔයාම විතරක් මේ ලෝකේ ඉන්නවා වගේ දකින එක...ඔයා පොඩි දරුවෙක් වගේ සතුටින් උඩ පනින වෙලාවට ඔයාව මුලු ලෝකෙන්ම හන්ගගෙන මගේ ලගම විතරක් තියාගන්න හිතෙන එක...අනිත් අය ඔයා දිහා හැරිලා බැලුවත් එයාලව පුච්චන්න තරම් හිතෙන එක...ඒ කාගෙන්වත් ඔයාට පුන්චිම බලපෑමක්වත් වෙන්න දෙන්නේ නැති එක.....මේ වගේ කියාගන්න බැරි හැගීම් ගොඩකට ආදරේ කියන්නේ....
එන්න ඒ වගේ ආදරයක් තමයි මට ඔයා වෙනුවෙන් තිබුනේ කිම් ටේ හ්‍යුන්ග් ...මම ඔයාට මගේ ජීවිතේටත් වඩා ආදරේ කලා....
ඒත් ඔයාගේ ආදරේ උනේ මම නෙමෙයි...ඒ වාසනාව මට තිබුනේ නැතිව ඇති...ඔය ආදරේ ලබන්න තරම් මම පින් කරලා නැතුව ඇති...ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන එක මාව මැරි මැරි ඉපැද්දුවේ ඒ හැමදේම මට හන්ගගෙන ඉන්න උන නිසයි....
ඒත් තවදුරටත් මට මගේ සීමවේ ඉන්න බැරි උනා පන...එදා ඔයාගේ ආදරේ ඔයාව රිද්දනකොට...ඔයාගෙන් ප්‍රයෝජන ගත්තා කියනකොට...ඔයා මගේ ඇස් ඉස්සරහම කඩාගෙන වැටුන විදිය...ඔයාගේ චූටි ඇස් වලින් කදුලු ගලපු විදිය මේ හැමදේම මට බලන් ඉන්න පුලුවන්කමක් තිබුනේ නෑ...මම ඔයාගේ ලග ඉද්දී ඔයාට අඩන්න බෑ ටේ...ඔයාට මම අඩන්න දෙන්නේ නෑ...ඒ නිසාමයි ඔයාගේ පස්සෙන්ම ඔයාගේ කාමරේටම මම ආවේ...
එදා මගේ ජිවිතේ අන්‍තිම මොහොත වගේ වේදනවක් ඔයා මට දුන්නේ මැනික...මේතරම් කාලයක් ඔයා එයාට ආදරෙයි කියලා දැනන් හිටියත් ඔයාගේ කටින්ම ඒක නොකිවුව එකට මම සතුටු උන වාර නැතුවම නෙමෙයි...එහෙම වෙනකොට තප්පරේකටවත් මට හිතුනා ඔයාගේ හිතේ මටත් කොහේ හරි හැන්ගිච්ච ඉඩක් ඇති කියලා...ඒත් ඒ චූටි බලාපොරොත්තුව වත් මට තියාගන්න ආයෙත් ඉඩ තියන්නේ නැතුව ඔයා එදා මට කිවුවා ඔයා ජන්කුක්ට ආදරේ කරනවා කියලා...මගේ ලෝකෙම එතනින් නැවතුනත් ඒ හැමදේම මම අමතක කලේ ඔයාගේ ඇස් වල කදුලු පිහදාන්න...ඔයා සතුටින්නම් වෙන මොනාද මට ඕනි මගේ මැනික...ඔයාගේ ඇස් රතු වෙනකන්ම ඔයා එදා මගේ පපුවට තුරුල් වෙලා අඩනකොටයි මම මගේ තීරනේ ගත්තේ...මගේ ආදරේ මට ලබා ගන්න බැරි උනත් ඔයාගේ ආදරේ මම ඔයාට හොයලා දෙනවා කියලා...
මම ඔයාව ඔයාගෙ ඇදෙන්ම නිදි කරලා ගියේ නම්ජූන් හ්‍යුන්ග් ලගට...ඔයාගේ දුක නැති කරන්න ඔයාගේ යාලුවෝ එක්ක ඔයාට ඇවිදින්න යන්න එයාගෙන් අවසර අරගන්න....
ඔයා ඊලග දවසේ පිටත් උනාට පස්සේ මම ගියේ ජන්කුක් ලගට...මගේ හිතේ මොනා තිබුනද දන්නේ නෑ...මම ජන්කුක්ට බැන්නේ හරිම නරක විදියට..ඒ ඔයාව රිද්දපු රිද්දපු හැම මොහොතක් ගානෙම එයාටත් රිද්දන්න බලාගෙන....මම නපුරුයි කියලා හිතන්න එපා ටේ හ්‍යුන්ග්..ඒත් ඔයාගේ ඇස් කියන්නේ මගේ දුර්වලම තැන...ඒ ඇස් දුකින් නම් ඒ දුක නැති කරන්න ඒ වෙනුවෙන් ඕනිම නරක වැඩක් උනත් මට කරන්න පුලුවන්...ඒ ඇස් හිනා වෙනවා නම් ඒ හිනාව සදහටම රදවගන්නත් මට ඕනිම දෙයක් කරන්න පුලුවන්....වෙන කවුරුත් වෙනුවෙන් නෙමෙයි..ඔයා වෙනුවෙන්ම විතරයි කිම් ටේ හ්‍යුන්ග්....
මම ජන්කුක්ට ඔයාගේ හැගීම් කියලා පැහැදිලි කලේ ඔයාට මෙහෙම රිද්දන එක නවත්තන්න බලාගෙන...ඒත් ඒකෙන් උනේ මාව තවත් රිදුන එක...ඒ ජන්කුක් ඔයා එයාට ආදරේ කරන තරම්ම එයත් ඔයාට ආදරේ කරනවා කියලා මගේ ඉස්සරහා අඩ අඩ කියන්න ගද්දී...
එදා රෑ ඔයා එනකම් මම බලන් හිටියේ හොදටම බය වෙලා...ඔයාව හොයන්න මම යන්න හැදුවත් මට යන්න ඉඩ දුන්නේ නැති නිසයි මම ඔයා වෙනුවෙන් මග බලාගෙන හිටියේ....පාන්දර 2ත් පහු වෙලා ඔයා ගෙදර ඇවිත් "හ්‍යුන්ග් ,මම ආවා" කිවුව සද්දෙට මම ඉක්මනින්ම කාමරේ දොර ඇරගෙන ආවේ සද්ද කරලා අනිත් අයව ඇහැරවන්න ඕනි නැති නිසා.....
ඔයාව හොයාගෙන ඔයාගේ කාමරේට එනකොට මම දැක්කේ ආදරේදී මට දරාගන්න පුලුවන් අන්තිම දේ....ඔයාව ජන්කුක් කිස් කරනවා පිස්සෙක් වගේ...ඔයත් එයා එක්කම ඒ හාදුවට උනුසුම් වෙන හැටි තවත් බලන් ඉන්න බැරි තැනයි මම කාමරේට ගිහින් හොදටම අඩන්න ගත්තේ...ඔයාට මම හිටියට මට ඔයා නෑ නේද ටේ හ්‍යුන්ග්? කමක් නෑ ඔයා සතුටින් නම්...
හැමදේම ඉවර වෙලා මම බොරු හේතුවක් හදාගෙන උදේම ඔයාගේ කාමරේට ආවේ අඩුම තරමේ යාලුකම නිසාවත් ඔයා මේ ගැන මට මුලින්ම කියයි කියලා හිතාගෙන....ඒත් මට දැනුනේ අමුත්තක්...ඔයා හැසිරෙන්නේ අමුතු විදියකට...මට කාමරේ ඇතුලට වත් එන්න දුන්න නැති ඔයා එකපාරටම කොහෙන්දෝ මී කතාවක් ඇදලා ගත්තා ..
මුලදි සිදු උන දේ තේරුනේ නැති උනත් මට හැමදේම තේරුම් ගියේ ඔයාගේ අල්මාරියට මට අතක්වත් තියන්න දෙන්නේ නැති වෙනකොට...මට මේක හන්ගන්නේ ඇයි ටේ හ්‍යුන්ග්...මට දැනුනේ හිතාගන්න බැරි ...කියාගන්න බැරි ...දරාගන්න බැරි දුකක්....ඒක හන්ගන්නේ කොහොමද කියලා දන්නේ නැති නිසයි මම බොරු විහිලුවක් පටන් ගත්තේ...මීයෙක් වෙයි කියලා මම බය උනාලු...ඔයා හිතන්න ඇති ඒ වගේ දෙයක් විශ්වාස කරන්න තරම් මම මෝඩ කොල්ලෙක් කියලා නේද කිම් ටේ හ්‍යුන්ග් ??මම ඒ හැමදේම කලේ මගේ දුක හන්ගගෙන ඔය ඇස් වල ගොඩ කාලෙකින් දැකපු නැති ඒ දිලිසෙන ලස්සන හිනාවට මගේ හැමදේම කැප කරලා .....
යුන්ගී හ්‍යුන්ග් එක්ක එතනින් යන වෙලාවෙත් මගේ ඇස් වලින් වැටුන කදුලු නවත්තගන්න බැරි උන තැනයි මම ඔය දෙන්නා වෙනුවෙන් කෑ ගැහුවේ...මොනා උනත් ඔයාගේ ඇස් වල කවදාවත් දැකලා නැති තරම් ඒ සතුට දකිනකොට ඒ වෙනුවෙන් මට මොනාද කරන්න බැරි?
මගේ හිතේ පුන්චි ඉරිසියාවක් නැති උනාම නෙමෙයි...ඔයා ජන්කුක් එක්ක පුන්චි දේටත් හිනා වෙනකොට...ඒ හිනාව මගේ කරගන්න තිබුනා නම්...ඒ හිනාවට හේතුව මම උනා නම්...එයා වෙනුවට ඔයාව තුරුල් කරගත්තේ මම උනා නම් කියලා හිතුන වාර අනන්තයි....
ඔයා ජන්කුක්ගේ තුරුලේ මගේ ඉස්සරහම හුරතල් වෙනවා මට මගේ මුලු හිතින්ම ආදරෙන් බලන්න ඕනි උනත් ..මට දුකක් දැනුනේ මමත් හැගීම් තියන මනුස්සයෙක් නිසා...ඔයාලා දෙන්නව තනි කරලා මම කාමරේට ගියේ අපේ ඒ කාලේ මතකයන් මගේ ෆෝන් එකෙන් එකින් එක ආයෙත් මතක් කරගන්න...ආයෙත් අඩන්න..
එදා යුන්ගී හ්‍යුන්ග් ඇවිත් ආදරේ කියන්නේ ඇත්තටම අයිති කරගැනීමට වඩා කැපකිරීම කියන එක මට කියලා දුන්නා...මගේ ආදරේ ඇත්ත කියලා එයා මට පෙන්නලා දෙනකොට මම ප්‍රාර්ථනා කලේ මම විදපු දුක යුන්ගී හ්‍යුන්ග්ට නම් කවදාවත් දැනෙන්න එපා කියලා...
ඒත් ටික දවසයි යන්න ලැබුනේ...ඔයා ආයෙත් මගේ අත් දෙකේ තුරුල් වෙලා අඩනවා...ඔයාගේ ආදරේ වෙනුවෙන්.....ඒ ඇඩිල්ලට ඔයාගේ හුස්ම හිරවෙනකොට මගේ මුලු ජීවිතේම මට එපා වුනේ ඔයාට මොනා හරි වෙයි කියන බයට....ඔයාට නින්ද යනකන්ම ඔයාගේ ඔලුව අතගාලා ..හොරෙන්ම ඔයාට එකම එක හාදුවක් දුන්නට කමක් නෑ නේද පන...ඔයා වෙන කෙනෙක්ගේ උනත් මේ දේවල් විදවපු මට එකම එක අන්තිම හාදුවක්....මම ගත්තා...
සති තුනක් තිස්සේ ඔයා හිටියේ ඇවිදින මල මිනියක් වගේ උනත් ජන්කුක් කලන්තේ දාපු වෙලාවේ ඔයා කලබල උනේ ඔයාගේ හැමදේම නැතිඋනා වගේ...ඒ නිසයි මම තීරනය කලේ ආයෙත් මේ දේ මමම විසදනවා කියලා....නම්ජූන් හ්‍යුන්ග් ට හැමදේම පැහැදිලි කරලා...ඔයාව එයාගේ ලගට එක්කන් ගියේ හ්‍යුන්ග්ට ඔයාට හැමදේම පැහැදිලි කරන්න ඉඩ දීලා...ඒ අතරේ ඔය දෙන්නට ආයෙත් ආදරේ කරන්න ඔයාගෙ මුලු කාමරේම ආදරනීය විදියට මම සැරසුවේ ජන්කුක්ගේ කාමරෙන් උස්සන් ආපු එයාගේ ඇදුම ඔයාට ඇදගන්න ඇද උඩ තියලා යන ගමන්.....ඔයා ඒකට ගොඩක් ලස්සනට ඉදි කියලා හිතින් මවාගෙන..මොකද ඒ විදියට ඔයාව දකින්න මට කවදාවත් අවස්තාවක් ලැබෙන්නේ නැතිවේවි...ඒක මම දන්නවා.....
දැන් ඔයා සතුටින්...ඔයාගේ ඇස් ආයෙමත් දිලිසෙන්නේ මේ ලෝකෙම ඔයාට ලියලා දීලා වගේ...ඔයාගේ ඒ සතුට මට මගේ ජීවිතේම ජීවත් වෙන්න ඇති...ඒ හේතුවම ඇති මට මැරෙනකන්ම සතුටු වෙන්න පන....
මෙතනින් එහාට මම තීරනය කලා ඔයාට නිදහස දෙන්න...මගේ කූඩුවෙන් ඔයාව මුදාහරින්න...මම ඔයාව අමතක කලා...ආදරවන්තයෙක් විදියට...මම මගේ ආදරේ මතක තියාගත්තා...ඒක ඔයා වෙනුවෙන් නිසා.....
මගේම කරගන්න නොලැබුනත් ඔයා මගේ පලවෙනි ආදරේ ටේ හ්‍යුන්ග්...ගොඩක් ස්තූති ආදරේ ගැන මට ඉගැන්නුවට...ගොඩක් ස්තූති මගේ ලගින් මගේ සතුට වෙලා හිටියට...ඔයා නොදන්නවා උනාට මම ඔයාට ආදරේ කලා......හැබැයි අද ඉදන් ඒ හැමදේටම ඔයාට වගේම ඉගිල්ලිලා යන්න දෙන්නයි මම හදන්නේ.....සතුටින් ඉන්න මගේ පන....
මම ඔයාට යන්න දුන්නා...ඔයාට මිසක් මගේ ආදරේට නෙමෙයි...
මම ඔයාට ආදරේ කරපු තරම්ම මටත් ආදරේ කරන කෙනෙක් මට ලැබුන දාට මේ හැමදේම මම ඔයාට කියන්නම්...
සතුටින් ඉන්න...ඔයා දැන් ඉගිලෙන්නයි හදන්නේ. ...
පොරොන්දු වෙන්න ආදරේ නොකලට හැමදාම මගේ හොදම යාලුවා වෙනවා කියලා....
Promise me....
.......................................................................
මම ඒ ලියුම කියවලා ඉවර කලේ හිතා ගන්න බැරි තරම අඩලා...මුලු කොලේම බොද වෙලා තිබුනේ මගේ කදුලු වලින්...මගේ ජීවිතේ නැති කරගන්න හිතපු මම මගේ තීරනෙ වෙනස් කරගත්තේ මගේ ආදරේට මේ ජීමින්ට වෙලා තිබුන දේවල් වලින් බාගයක් වත් වෙලා නැහැ කියලා හිතලා....මම මගේ ජීවිතේ නැති කරගන්න එක තේරුමක් නෑ ....මටත් කවදහරි මුන ගැහේවි මට ආදරේ කරන කෙනාව..ඒ වගෙම ජීමින් ඔයාටත් ,මම අපි දෙන්නා වෙනුවෙන්ම ප්‍රාර්තනා කලේ ලියුමත් අතට අරන් ආපහු ගෙදර යන්න බලාගෙන.....
......................................................................
Bạn đang đọc truyện trên: Truyen247.Pro