Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

part 2

"තේ....තේ හ්‍යුන්ග් ...."ජිමින් හිමින් තේ හ්‍යුන්ග් ලගට ඇවිත් එයාගේ ඔලුව අතගාන ගමන් ඇහුවා...ඒත් තේ හ්‍යුන්ග් කලේ තවත් හයියෙන් අඩන එක

"ඇයි ඔයා අඩන්නේ තේ හ්‍යුන්ග්?මට කියන්න බැරිද?? ඒ වචන ටිකට තේ හ්‍යුන්ග් එකපාරටම ජිමින්ට තුරුල් උනේ තනියම මේ දුක තවත් දරාගෙ ඉන්න අමාරු නිසා...

තමන්ට තනියම දරාගන්න බැරි වෙනකොට, හැමදේම අතාරින්න හිතෙන වෙලාවට, මේ ලෝකේ තවත් ඉදලා වැඩක් නෑ වගේ දැනෙන වෙලාවට  හොදම යාලුවා කියන්නේ දෙවියෙක් ඒ හැමදේකින්ම අපිව බේරගන්න එන.ඉතින් ජිමින්ගෙයි තේ හ්‍යුන්ග්ගෙයි බැදීමත් එහෙම එකක්..

"ජිමිනී...ඇයි එයා මට එහෙම කරන්නේ...මම මොකක්ද එයාට කරපු වරද?"

"ඔයා මුකුත් වැරැද්දක් කලේ නෑ පැටියෝ...ජන්කුක්ට මොනවහරි වෙලා මේ ලගකදි ඉදලා..මම බලාගෙන හිටියේ එයා ඔයාට මේ දවස් ටිකේ සලකපු විදිය"

"හ්ම්ම්ම්...ඒත් ඇයි?ඇයි එයා එහෙම කරන්නේ?"

"ඉන්නකෝ මම අහන්න...මේ කොල්ලව මඩු වලිගෙන් තලන්න ඕනි මගේ ලමයව රිද්දනවට"

හොදටම අඩ අඩ ඉදිය තේ හ්‍යුන්ග්ව මේ වෙලාවේ හිනස්සන්න පුලුවන් උනා නම් ඒ ජිමින්ටම විතරයි.ඉතින් එයා ඒක කලා

"ජිමිනි මට ඔයාට කියන්න දෙයක් තියනවා..මට මේක හිතේ හිර කරගෙන ඉදලා ඇති වෙලා"

"මොකක්ද ටේ? ඕනිම දෙයක් කියන්න"

"මේක සුලු දෙයක් නෙමෙයි...ටිකක් බරපතල දෙයක්...මේක කිවුවට පස්සේ ඔයාට මාව  එපා වෙයිද දන්නෙත් නෑ"තේ හ්‍යුන්ග් එහෙම කිවුවේ දුක පිරුන මූන පහලට හරවලා...එයාට හිතාගන්න බැරිඋනා මේ දෙ ජිමින්ට කිවුවාම එයා මොන වගේ විදියට එයා දිහා බලයිද කියලා...ඒත් එයාගේ හිතෙව් එක කොටසක් කිවුවා ජිමින් කවදාවත් එයාව දාලා යන්නේ නෑ එයාව විශ්වාස කරන්න කියලා...හොදම යාලුවො කවදාවත් අනිත් කෙනාව දුකේදි දාලා යන්නේ නෑ

"කියන්න ටේ,,ඔයා කියන්න හදන දේ මොනා උනත් මට කවදාවත් ඔයාව එප වෙන්නේ නෑ ලමයෝ කියන්න මොකක්ද ප්‍රශ්නේ කියලා?"

"ජිමිනි ඔයාට පුලුවන්ද මේක රහසක් විදියට තියාගන්න?"

"ඔව් ඔව් ලමයෝ දැන් කියන්නකෝ ඉතින්"

ටේ හ්‍යුන්ග් දිග සුසුමක් හෙලුවේ කතාව කොතනින් පටන් ගන්නද කියලා හිත හිත......

"මගේ හිතේ කෙනෙක් ගැන කැමැත්තක් තියනවා"තේ හ්‍යුන්ග් බිම බලාගත්තේ ආයෙත් එයාගෙ යාලුවට මූන දෙන්න බැරුව

"කවුද ඒ තේ හ්‍යුන්ග්?"ටේ හ්‍යුන්ග් කියපු දේ විශ්වාස කරගන්න බැරුව ජිමින් එහෙම ඇහුවේ ටේ හ්‍යුන්ග් ගේ හිත දිනාගන්න තරම් වාසනාවන්ත උනේ කවුද කියලා දැනගන්න තිබුන නොඉවසිල්ලටයි

"ජන්කුක්"

ජිමින් නිහඩවම ටේ හ්‍යුන්ග්ව තුරුල් කරගත්තේ මේ දේ ගැන එයා කලින් ඉදලම දැනගෙන හිටපු නිසාම නෙමෙයි...මේ කතාවෙ අනිත් පැත්තත් එයා දන්න නිසයි.

........................................................................

මේ වගෙ හොදම යාලුවෙක් ඔයාටත් ඉන්නවනම් කවදාවත් එයාව මොනම හේතුවකටවත් නැති කරගන්න එපා.

Bạn đang đọc truyện trên: Truyen247.Pro