Nothing Like Us
ටේ හ්‍යුන්ග් හිටියේ ජන්කුක්ට තුරුලු වෙලා...ජන්කුක්ගේ පපුවේ මූන හන්ගගෙන අඩන ගමන්..ජන්කුක් එකින් එක එයාට පැහැදිලි කරලා දෙනකොට හැමදෙයක්ම එයා හොදින් අහගෙන ඉදියා....
"ඉතින් මැනික,මම දන්නවා ඔයාට මට සමාව දෙන්න බෑ කියලා...ඒත් ඔයාගේ කුකීට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ පන"
ජන්කුක් දිගටම කතා කරගෙන ගියත් ටේ හ්‍යුන්ග් ඒ කිසිම දේකට උත්තර දුන්නේ නෑ....එයා හිටියේ නිහඩව.....
ටික වෙලාවක් යනකනුත් ටේ හ්‍යුන්ග් ගෙන් ප්‍රතිචාරයක් නැති නිසයි ජන්කුක් ආයෙමත් ටේ හ්‍යුන්ග්ගේ ඔලුවට අත තිබ්බේ....ජන්කුක්ට තේරුනේ ටේ හ්‍යුන්ග්ගේ ඇග හරිම සීතල වෙලා...අසාමාන්‍ය විදියට..හුස්ම වැටෙන්නේ හරිම වේගෙන්...හුස්ම වේගවත් උනත් ඒවා හරිම කෙටි උනා....
ජන්කුක් ඉක්මනටම ටේ හ්‍යුන්ග්ගේ මූන එයාගෙ පපුවෙන් එහාට කලේ ටේ හ්‍යුන්ග් දිහා බලන්නයි...
"ටේ, බබා මොකද උනේ?"
ජන්කුක් කතා කලේ වේගෙන් ගැහෙන හිත පාලනය කරගන්න බැරුව...ඒත් එක්කම ටේ හ්‍යුන්ග්ගේ ශරීරය පන නැතුව වැටුනේ ජන්කුක් එයාව අල්ලගන්නවත් එක්කමයි.....ටේ හ්‍යුන්ග්ගේ මූන සුදු මැලි වෙලා..ඇස් වැහිලා තිබුන අතර කට බාගෙට ඇරිලා තිබුනා....ඇරුනු කටින් සුදු පාට පෙන වගේ දාල තිබුනා...
ජන්කුක්ට කෑ ගහන්න ඕනි උනත්...හිතේ තිබුන බයට...කිසිම දෙයක් හිතාගන්න බැරිඋන නිසා එයා එතනම ගල් වුනේ ටේ හ්‍යුන්ගේ මූන අල්ලගෙන එහාට මෙහාට හරවන්න පටන් ගන්න ගමන්....
"ටේ.........මැනික...ටේ......අනේ බබා කතාකරන්න"
ජන්කුක්ගේ කටින් වචන පිට උනේ හරිම හෙමින් වගේම හරිම දුර්වල විදියට...ඒත් ටේ හ්‍යුන්ග්ගේ පුන්චි හෙලවීමක්වත් දකින්න ලැබුනේ නෑ.....
තවත් ටික වෙලාවක් අසිහියෙ ඉදපු ජන්කුක් ආයෙත් පියවි ලෝකෙට ආවේ ටේ හ්‍යුන්ගේ ඔලුව පන නැතිව එයාගේ අතේ කඩාගෙන වැටෙනකොටයි......
ටේ හ්‍යුන්ග්ව අත් දෙකෙන්ම උස්සගෙන ගිය ජන්කුක් හයියෙන්ම කෑ ගහන්න පටන් ගත්තා....
"නම්ජූන් හ්‍යුන්ග්...සෙ ජින් හ්‍යුන්ග්....අනේ කවුරුත්ම නැද්ද?ඉක්මනට එන්න...කවුරු හරී ඉක්මනට එන්න"
ජන්කුක්ගේ කෑ ගැහිල්ලට හැමෝම දුවගෙන ආවේ කලබලෙන්...ටේ හ්‍යුන්ග්ගේ සිරුර දැක්කම ඊටත් වඩා කලබල වුන කට්ටියට මුකුත් කරගන්න බැරුව ගල් වුනත් නම්ජූන් ඉක්මනින්ම ගියේ වාහනේ ලගට..ජන්කුක්වත් වාහනේට නග්ගගත්ත නම්ජූන් ඉක්මනින්ම ලගම හොස්පිටල් එකට වාහනේ එලවන්න පටන් ගත්තා....
අනිත් අය හෝසොක්ගේ වාහනෙන් ඒ පිටිපස්සෙන් එන්න ගත්තත් කාටවත් අදහසක් තිබුනේ නෑ වෙලා තියෙන්නේ මොකක්ද කියන එක ගැන....
........................................................................
ටේ හ්‍යුන්ග් ව හොස්පිටල් එකට අරන් ඇවිත් පැය බාගයක් උනත් කිසිම තොරතුරක් එයාලට ලබා ගන්න බැරි උනා......
ජන්කුක් හිටියේ වෙනම ලෝකෙක...තනියම පුටුවක වාඩි වෙලා ඉදපු ජන්කුක්ට මතක් උනේ එයා ටේ හ්‍යුන්ග්ට කරපු හිත රිද්දන වැඩ...එයා ටේ හ්‍යුන්ග්ගේ හිත රිද්දපු වාරයක් වාරයක් ගානේ ටේහ්‍යුන්ග් ඒ හැමදෙයක්ම අමතක කරලා එයාවම හොයාගෙන ආව හැටි...ආයෙමත් එයාටම විතරක් ආදරේ කරන හැටි....ඒ දෙන්නා දෙන්නට වුන පොරොන්දු හැමදෙයක්ම ජන්කුක් කඩ කලත් ඒ හැමදෙයක්ම තාමත් පන වගේ ආරක්ශා කරන ටේ හ්‍යුන්ග්...ජන්කුක්ගේ මෝඩ වැඩ නිසා අද ලෙඩ ඇදේ....ජීවිතයත් මරනයත් අතර භයානක සටනක....ජන්කුක්ට හිතුනේ එයාගේ රිද්දීම් අසාමාන්‍ය විදියට ටේ හ්‍යුන්ග් දරාගත්තත් එයාටත් දරාගැනීමේ සීමාවක් තියෙන්න ඇති නේද කියන එක....අන්තිමේදි එයාවම ආරක්ශා කරන්න එයාටම රිද්දපු ජන්කුක් දැන් එයාගේ ආදරේ එයාටත් කලින් මේ ලෝකෙ ඉන්න පන අදිනවා දකින්න තරම් අවාසනාවන්තයි...
ජන්කුක්ට හිතුනේ එයාටම මොනා හරි කරගන්න...එයාගේ හිතේ තිබුනේ මේ ලෝකේ තියෙන්න පුලුවන් ලොකුම වරදකාරී හැගීම....එයයි එයාගේ ආදරේව මේ තත්වෙට පත් කලේ...එයයි ටේ හ්‍යුන්ග්ගේ ජීවිතේ අනතුරේ දැම්මේ...එයාව ආරක්ශා කරන්න ගිහින්..ඒ හිනාව රැකගන්න ගිහින් අන්තිමේදි ඒ හිනාව වගේම ඒ හදවතත් නැවතෙන්නයි ලෑස්ති වෙන්නෙ....ජන්කුක් එයාගෙම කොන්ඩෙන් ඇදගෙන කෑ ගැහුවේ ඩොක්ටර් එලියට එනවත් එක්කමයි....
එලියට ආව ඩොක්ටර් ලගට ජිමිනුයි ජන්කුක් යි දුවගෙන ගියේ තරගෙට වගේ.......
"ඩොක්ටර්....මොකක්ද ටේ ට වෙලා තියෙන්නේ? " ජිමින් කතා කලේ ජන්කුක්ට කතා කරන්න ඉඩ තියන්නේ නැතුව...
"ම්ම්ම්....මට සමාවෙන්න ලමයි..ටේ හ්‍යුන්ග්ගේ ජීවිතේ ගැන විශ්වාස කරන්න අමාරුයි....."
ජීමින්ගෙයි ජන්කුක්ගෙයි මූන වෙනස් වෙනවා දැක්ක ඩොක්ටර් ආයෙත් කතා කරන්න පටන් ගත්තා....
"එයා දැන් කෝමා එකක ඉන්නෙ....සිහිය එයිද නැද්ද....ඒක විශ්වාස කරන්න බෑ"
ඩොක්ටර් කිවුවේ බිම බලාගෙන මේ ලමයින් තවත් රිද්දන්න බැරි කමට...ජන්කුක් බිත්තිය අල්ලගෙන එහෙමම බිත්තියට හේත්තු උනේ හිටගෙන ඉන්න තවත් ශක්තියක් එයාට නොතිබුන නිසා....එයාගේ මුලු ලෝකෙම උන ටේ හ්‍යුන්ග් අන්තිම වතාවට එයාට සමාව දෙන්නෙත් නැතුව එයාව දාලා යන්නද හදන්නේ...එයා කරපු හැම නපුරු කමක්ම අරගෙන , ඒ වේදනවත් එක්කම ලෝකේ දාලා එයාව මේ ලෝකේ තනි කරලා යන්නද හදන්නේ? ජන්කුක්ගේ හිතේ වරදකාරි හැගීම් සක්මන් කරද්දි ජීමින් ආයෙත් කතා කලේ ඩොක්ටර්ට......
"ඩොක්ටර්....මොකක්ද මේකට හේතුව?"
ජීමින්ගේ ප්‍රශ්නෙට හැමෝම බැලුවේ ඩොක්ටර් දිහා....
දිග සුසුමක් හෙලපු ඩොක්ටර් කතා කරන්න පටන් ගත්තේ ජන්කුක් සහ නම්ජූන් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්...
"ටේ හ්‍යුන්ගේ ඇගට විසක් ඇතුලු වෙලා තියනවා...කොටින්ම කිවුවොත් එයා මොනා හරි විදියකින් එයාගේ ජීවිතේට අනතුරක් කරගන්නයි හදලා තියෙන්නේ...ඒ විස එයාගේ ඇග ඇතුලේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ ඔයාලා එයාව අරන් එන්න ගොඩ වෙලාවකට කලින්...ඒකයි එයා එකපාරම සිහි නැති උනේ...අපිට ඒ විස හොයාගන්න බෑ...හොයාගත්තත් දැන් අපිට කරන්න පුලුවන් උපරිම අපි කරලා තියෙන්නෙ....එයා ජීවත් වෙනවද නැද්ද කියන එක එයාගේ වාසනාව මත තමයි තීරනය වෙන්නේ"
ඩොක්ටර් තවත් කතා කරගෙන ගියත් ජන්කුක්ට ඒ කිසිම දෙයක් ඇහෙන්නේ නැතිව ගියේ...මුලු ලෝකෙම ගමන් කරන එක නතර වෙලා එයාම විතරක් මේ ලෝකෙ ඉන්නවා වගේ හැගීමක් එයාට දැනුන නිසයි....දන්නෙම නැතුව හොස්පිටල් එකේ බිම ඉන්දවුනේ ඇගේ ශක්තියක් නැති උන නිසා.....
"මගේ ටේ...අනේ මගේ මැනික...ඇයි? ඇයි මම ඔයාව රිද්දුවේ? අයි මම ඔයාට වද දුන්නේ? ඇයි මගේ මෝඩකම නිසා ඔයා මාව දාලා යන්න හදන්නේ? ඇයි මට ඔයාව ආරක්ශා කරගන්න බැරි උනේ පන? අනේ.....මගේ ටේ හ්‍යුන්ග් "
ජන්කුක් හිතින් දහසක් දේවල් හිතුවත් එයාගේ ඒ හැම දෙයක්ම එකපාරටම නැතිවෙලා ගියේ මූනටම වැදුන අත් මිටි පාරට....
ජීමින් නොනවත්වාම ජන්කුක්ගේ ශර්ට් එකෙන් ඇදලා ජන්කුක්ට ගහන්න පටන් ගත්තත් ජන්කුක් ඒ හැමදෙයක්ම එයාට ලැබෙන්න ඕනි දේවල් විදියට පිලි ගත්‍තා......
"ජියොන් ජන්කුක්,තමුසේ මොනාද කලේ?මොනාද මගේ ටේ හ්‍යුන්ග්ට කලේ?"
ජීමින් ජන්කුක්ව බිම දාගත්තේ තවත් කටින් වගේම ජන්කුක්ගේ නහයෙනුත් ලේ එනකම් එයාට ගහන්න...ජන්කුක්ගේ ඔලුව බිම වැදෙද්දී..ඔලුවෙත් පුන්චි තුවාලයක් ඇති උනේ ආයෙත් නැගිටින්න හදනකොට ජීමින් ගහපු පාරට....
හදිසියේම මේ අතරට පැන්න නම්ජූන් ජන්කුක්ව ආවරනය කරගත්තේ මේ කිසිම දෙයක් නවත්තන්න උවමනාවක් නෑ වගේ ජීමින්ගෙන් ගුටි කන ජන්කුක්, ඔහේ බිම බලාගෙන ඉදපු නිසයි...
"ජිමින් ....නවත්තන්න...එයත් ලෙඩෙක්"
නම්ජුන් ජීමින් දිහා බලලා කිවුවේ මේ රන්ඩුව නවත්තන්න .ඒත් ආයෙමත් ජන්කුක් එහා පැත්තෙන් හීමින්ම කතා කරන්න පටන් ගත්තා.....
"නෑ මට මේවා ලැබෙන්න ඕනී ....හරි නම් ටේ වෙනුවට එතන ඉන්න ඕනි මමයි...මමයි මේ ලෝකේ දාලා යන්න ඕනි..එයා නෙමෙයි"
ජන්කුක් කතා කලේ බිදුනු කටහඩකින්..කටින් ලේ එන නිසා කතා කරගන්න තවත් අපහසු උනා....
"ඔව් තමුසේ තමයි මැරෙන්න ඕනි...අර අහින්සක පොඩි එකෙක් වගේ ටේ හ්‍යුන්ග් නෙමෙයි....තමුසෙගෙ මෝඩ කම නිසා එයා අද ජීවිතේ වෙනුවෙන් සටන් කරනවා....ඒ ආදරේ නේද තමුසේ අර තරම් රිද්දුවේ?...ඒ අහින්සක ආදරේ ලැබිලත් තමුසේ එයාව , ඒ ආදරේ රැකගන්න දන්නේ නෑ..."
ජීමින් කතාකලේ හරිම තරහින්...ඒ වචන වලට ආයෙම අඩන්න ගත්තු ජන්කුක් කෑ ගහන්න පටන් ගත්තා.....
"මාව මරනවා ඉතින්.....මාව මරනවා....මගේ ටේ හ්‍යුන්ග් ට මොනා හරි වෙනව දකිනවට වඩා ඒක සැපයි මට"
ජන්කුක්ට කියලා ඉවර කරන්න ලැබුනේ නැත්තේ ජීමින් ආයෙමත් එයාට ගහන්න පැනපු නිසයි..
"ටේ හ්‍යුන්ග්ට මොනාමහරි උනොත්, මතක තියාගන්නවා ජියොන් ජන්කුක් තමුසේ කොහොමත් ජීවත් වෙන්නේ නැති වෙයි...අනිත් එක ආයෙමත් මගේ ටේ හ්‍යුන්ග්ට තමුසෙගෙ කියලා කතා කරන්න එපා ජියොන්" ඒත් මේ සැරේ ජීමින්ව අල්ලගත්තේ යුන්ගී...
යුන්ගීගෙ ශරීරයට ජිමින්ව නවත්තන්න තරම් ශක්තියක් නැති උනත් එයාගේ වචන වලට ඒ ශක්තිය තිබුනා....යුන්ගීගෙ වචන හැමවෙලාවෙම හැමදේම තේරුම් ගන්න ජීමින්ට උදවුවක් වුනා...
"ජීමින්.....ටේ හ්‍යුන්ග් ඔයාගේ නෙමෙයි කොල්ලෝ"
කලබලෙන් ඉදපු ජීමින් යුන්ගී දිහාට හැරුනේ මේ තරම් වෙලා තරහක් වෙලා තිබුන එයාගේ හැගීම් කදුලු වලට පෙරලන ගමන්....
"හ්‍යුන්ග්"
ජීමින් ඒ වචනෙත් එක්කම යුන්ගීට හේත්තූ උනේ ඇස් වල ආයේ කදුලු නැතිවෙනකම් අඩන්න...යුන්ගී ජිමින්ව තවත් ලගට අරන් තුරුල් කරගත්තේ එයාගේ ඔලුව අතගාමින් එයාව සනසන ගමන්.....හිමින්ම අඩලා අඩලා ගොඩ වෙලාවකට පස්සේ ජීමින්ට යුන්ගිගේ තුරුලේ නින්ද ගියේ දන්නෙම නැතුව...
........................................................................
"කොල්ලනේ අපිට හදිස්සියක්" සෙ ජින් ඈත ඉදන්ම කියාගෙන දුවගෙන ආවේ හරිම කලබලෙන්...
"ඉක්මනට ඔයාලගේ ෆෝන් ඕෆ් කරන්න....කිසිම දේකට උත්තර දෙන්න එපා"
සේ ජින් කිවුවේ නම්ජූන්ව තනියම පැත්තකට එක්කගෙන යන ගමන්....
කිසිම දෙයක් දන්නේ නැතුව එයාලගේ මැනේජර්ට ඇහුම්කන් දුන්න අනිත් අය වගේම ජන්කුක් ත් එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න හැදුවා..හැබැයි ඒත් එක්කම එයාට කෝල් එකක් ආවා..ඒ ලීසාගෙන්
"හෙලෝ ජන්කුක්....මම ලිසා"
"ඔව් ලීසා කියන්න"
"ජන්කුක් අනේ මට සමාවෙන්න..මම කරපු දෙයක් නෙමෙයි...මම ඉක්මනටම කියාගෙන යන්නම්කො...
මුලින්ම ඔයයි ටේ හ්‍යුන්ග් ගැනයි මට හෝසොක් ඔප්පා හැමදේම කිවුවා...මම ඔයාත් එක්ක කිසිම තරහක් නැහැ කුක්...ඔයා කවදාවත් මට කැමත්තක් දැක්වුවේ නෑ කියන එක මට මුල ඉදන්ම තේරුනා...ඇත්තටම මමත් ඔයාට කැමතිද කියන එක මට සැකයි..මොනා උනත් ඔයාටයි ටේ හ්‍යුන්ග් ටයි මම සුභ පතනවා"
"හ්ම්ම්...තැන්ක් යූ ලිසා..මම තියන්නම් එහෙනම්"
" නෑ ඉන්න ජන්කුක්.. මම කතා කලේ වෙන දේකට...හෝසොක් ඔප්පා මට මේ දේවල් කියන අතරේ අපේ මැනේජර් හැමදෙයක්ම අහගෙන ඉදලා...අපි දෙන්න නිසා එයාට ලැබෙන්න තිබුන ලොකු ලාභයක් නැති උන එකට එයා ඔයාගෙන් පලිගන්න හදන්නේ...මම එයාව නවත්තන්න හැදුවත් වැඩක් උනේ නෑ...මාවත් මේ කාමරේට දාල හිර කරලා එයා මගේ ෆෝන් එකත් ගත්තා...ජෙනී තමයි හොරෙන්ම මට ෆෝන් එක ගෙනත් දුන්නේ....මම ඔයාට කතා කලේ මේ දේ කියන්න...ඔය දෙන්න ගැනම එයාලා ලෝකෙට කියන්න හදන්නේ....හොද විදියට නම් නෙමෙයි නරක විදියට...ඔයාලව කැලලක් විදියට...මට සමාවෙන්න ජන්කුක් මම උපරිම උත්සහ කලා මේක නවත්තන්න ඒත් මට බැරි---"
ලීසා කතා කරලා ඉවර වෙන්නත් කලින් එයාගේ ෆෝන් එක කවුරු හරි උදුරගන්නවා ජන්කුක්ට ඇහුනේ ලීසාගේ කෑ ගැහිල්ලත් එක්ක....
ඒත් එක්කම සෙ ජින් නම්ජූන් එක්ක එතනට ආවේ හදිසි තීරනය කියලා යන්න...
"මට සමාවෙන්න කොල්ලනේ...ඉන්ඩස්ට්‍රී එකම අපිට විරුද්දයි...කොහොම කියන්නද මේක ඔයාලට????...."
ටික වෙලාවක් ඇස් වල කදුලු පිහිදාගත්ත සේ ජින් ආයෙමත් කතා කලා.
"අපි හැමෝටම වෙන් වෙන්න කාලේ හරි වගේ....ෆෑන්ස්ලගෙන් සමුගන්නෙත් නැතිව ඔයාලට ඩිස්බෑන්ඩ් වෙන්නයි වෙන්නෙ"
සේ ජින් කියපු දේ එක්කම අනිත් අය එයාව වට කරගත්තේ විස්තර අහගන්න...සිදද උනේ මොනාද කියලා දැනගන්න...ඒත් මේ සිදුවීම වෙනවා කියලා කලින්ම ලීසාගෙන් දැනගත්ත ජන්කුක් ගත්තේ වෙන තීරනයක්
ඒ වගේම මේ හැම කරදරයක්ම එකම පාර ඉවසගන්න බැරි උන එයා අනිත් හැමෝවම මග ඇරලා ගියේ තට්ටු 6ක් උස උන හොස්පිටල් එකේ වහලෙට....එයාට එයාගේ ආදරේ නැති උනා..එයාගේ ටේ හ්‍යුන්ගේ සමාවවත් එයාට ලැබුනේ නෑ....එයාගේ බෑන්ඩ් එක, මහන්සියෙන් මේ තරම් ආපු ගමන වගේම දැන් එක හොදම යාලුවෙක් නැති උනා....හැමදේම එයා නිසා...එයාගේ මෝඩ ආදර තීරන නිසා........එයාට වෙන්න පුලුවන් හැමදේම එකම වෙලාවක සිදු උන නිසයි.....තවත් එයා නිසා අනිත් අයට දුක් දෙන්න ඕනි නැති නිසයි එයා මේ තීරනේ ගත්තේ.....
වහලෙත් කොනටම ආව ජන්කුක් ආයෙමත් දෙසරයක් හිතන්නේ නැතුව ඇස් දෙකත් පියාගෙන එතනින් පහලට පැන්නේ...
"අපේ ආදරේ ලෝකෙටම පිලිකුලක් වෙන්නැති මගේ මැනික...ලබන ආත්මෙදි හමුවෙමු...අපේ ආදරේට ඉඩ තියන ලෝකෙක...අපේම වෙලා"
........................................................................
ඉතින් ඔයාලා මොනාද හිතන්නේ? ජන්කුක්ට වෙන්න ඕනි මේ දේ නේද?
ඔයාලා හිතන්නේ ආදරේදි සමාවක් නෑ කියලද ලමයි?
තව කොටස් දෙකකින් කතාව ඉවරයි....නොගැලපෙන අවසානයක් කියලා හිතෙයි...ඒත් මම අනිතිමට හැම තිතක්ම සම්බන්ද කරලා පෙන්නන්නම්.....
අවසාන කොටසින් හමුවෙමු 💜️
Bạn đang đọc truyện trên: Truyen247.Pro