Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Moonchild

"එයාගේ ඇගේ ඇල්කොහොල් ප්‍රමානය ඉක්මවලා තියනවා...එයාගේ වයසට ඒක ඔරොත්තු දෙන්නේ නෑ...අනිත් එක හරිම අඩුවෙන් ඇගට කෑම වැටිලා තියෙන්නෙත්...තව ටික දවසක් මෙහෙම හිටියනම් මෙයාගෙ වකුගඩු දියවෙන්න තිබුනා...එහෙම  උනානම් බේරගන්න බැරි වෙන්නත් අවස්තාව තිබුනා" ඩොක්ටර් කියාගෙන ගියේ ජන්කුක්ව චෙක් කරලා එන ගමන්....

සේලයින් එකක් ගහලා පුටුව උඩ හාන්සි කරලා හිටිය ජන්කුක්ට දෙන්න ඕනි හැම බෙහෙතක්ම පුන්චි කොල කෑල්ලක ලියලා ඩොක්ටර් දුන්නේ නම්ජූන්ගේ අතට එයාව තනියම එලියට එක්කගෙන යන ගමන් ..

"ඇයි ඩොක්ටර්....මොකක්ද ප්‍රශ්නේ?"

" හ්ම්....මෙහෙමයි නම්ජූන්...ඔයා ලීඩර් නිසයි කියන්නේ...නැත්තම් මේක මම ලෙඩා එක්ක කතා කරන්න ඕනි දෙයක්..ඒත් එයාට දැන් සිහිය නැති නිසයි ලීඩර් හැටියට මම ඔයාට කියන්න හිතුවේ" .

ලෙඩාට විතරක් කියන්න ඔනි දෙයක් කියන වචනෙට නම්ජූන් බය උනේ මොකක්ම හරි බරපතල දෙයක් ජන්කුක්ට සිද්ද වෙලා කියන හැගීමට...

"කියන්න ඩොක්ටර්...මම කාටවත් කියන්නේ නෑ"

"ජන්කුක්ගේ ශරීරයට වඩා ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ ඔලුවේ වෙන්න ඕනි...එහෙම නැතුව කිසිම කෙනෙක් අනවශ්‍ය විදියට කෑම පාලනය කරන්නෙවත් ..අනවශ්‍ය විදියට මත්ද්‍රව්‍ය ගන්නෙවත් නෑ... එහෙම කරනවා නම් ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ නෑ....අනිත් එක ඔයා කිවුව දේවල් එක්ක නම්ජූන්  මෙයා ගොඩක් ඉදලා තියෙන්නේ තනියම ...කතා කරන්නේ නැතුව...ඒක ලොකු සාදකයක් එයාගේ ඔලුවේ එයාට වද දෙන ලොකු ප්‍රශ්නයක් තියනවා කියන එකට...ඉතින් මම කරන බෙහෙත්ම විතරක් මදි එයාට  සනීප වෙන්න ....එයාගේ මනස සනීප උනොත් විතරයි ..ශරීරයත් ඉක්මනටම සනීප වෙන්නේ..."

නම්ජූන්ට දැනුනේ හරිම වේදනාවක්..හැම කෙනෙක්ගෙම නායකයා වෙලත් එයාගෙ වැඩ අස්සේ හිර වෙලා ඉදපු නිසා එයාට ජන්කුක් ගැන බලන්න බැරි උනා...ටික කාලෙක ඉදලා ජන්කුක්ගේ හැසිරීමේ වෙනසක් දැක්කත් ඒ ගැන හරියට ජන්කුක් එක්ක කතා කරන්න නම්ජූන්ට වෙලාවක් ලැබුනේ නෑ.....මීට වඩා එයාගේ පොඩිම මල්ලි ගැන හිතන්න තිබුනා නේද කියලා නම්ජූන් දුක් උනේ එහෙම උනානම් අද ජන්කුක් මේ තත්වේ නොඉදී කියලා හිතලා .

"හරි ඩොක්ටර්...මම ඒ ගැන හොයන්නම්" නම්ජූන් ඩොක්ටව දොර ලගට ඇරලවන ගමන් කිවුවේ මේ ගැන ජිමින් මොනා හරි දන්නවද කියලා අහන්න හිතේ තියාගෙන.

"ජිමින් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි " නම්ජූන් ජන්කුක් ලග ඉදගෙන ඉදිය ජීමින් ව එක්කගෙන ගියේ එයාගෙ ප්‍රශ්නෙට විසදුමක් දැනගන්න .

මේ අතරේ ටේ හ්‍යුන්ග් හිටියේ හොදටම අඩ අඩ කාමරේට වෙලා...එලියට එන්න තරම්වත් එයාට ශක්තියක් නැති උනේ ජන්කුක් ඉන්න තත්වේ දැක්කම....මේ හැමදෙයක්ම එයා නිසා නේද කියලා හිතනකොට පොලව පලාගෙන යන්න තරම් වේදනාවක් දැනුනේ ටේ හ්‍යුන්ග් ව තව තවත් රිද්දමින්...

......................................................................

"ටේ....නම්ජූන් හ්‍යුන්ග් ඔයාට එන්න කිවුවා" එකපාරටම ටේ ගේ කාමරේට කඩාපැන්න ජීමින් ටේ හ්‍යුන්ග්ව එක්කන් ගියේ නම්ජූන්ගේ කාමරේට..නම්ජූන්ට ටේ එක්ක තනියම කතා කරන්න දීලා ජිමින් එලියට වෙලා බලාගෙන හිටියා...

"ටේ හ්‍යුන්ග් ..මම ඔයාගෙන් අහන්න යන දේ ගැන බය වෙන්න එපා...ඒ වගේම ඔයා මට ඇත්ත කියන්නත් ඕනි" නම්ජූන් ටේ හ්‍යුන්ග් දිහා බැලුවේ තියුනු බැල්මක්...ඔලුව වනලා ඒකට එකග උන ටේ නම්ජූන් කියන දේ අහගෙන හිටියේ හරිම පරිස්සමින් .

"ටේ හ්‍යුන්ග්...ඇයි ඔයා ජන්කුක් එක්ක මෙහෙම දෙයක් පටන් ගත්තේ?" කවදාවත් බලාපොරොත්තු නොවුන ප්‍රශ්නයක් ...ටේ හ්‍යුන්ග් හිතුවේ නම්ජූන් හැමදේම තේරුම් ගනී කියලා...ඒත් වෙලා තියෙන්නෙ කොහෙත්ම එයා හිතපු දේ නෙමෙයි.

ටේ හ්‍යුන්ග් කලබල වෙනවා ටිකටික දැකපු නම්ජූන් ආපහු කතා කරන්නපටන් ගත්තා....

"ටේ...අහපු දේට උත්තර දෙන්න...ඔයා හිතන දේ නෙමෙයි මෙතන වෙන්නේ...මම කිවුවනේ බය වෙන්න එපා කියලා"

මොනා උනත් නම්ජූන් කියන්නේ ඕනම දෙයක් දිහා විවෘතව බලන කෙනෙක් කියලා දන්න නිසාම ටේ හ්‍යුන්ග් එයාව විශ්වාස කලා වගේම වෙන කිසිම කෙනෙක්ට ඇති නොවුන ගෞරවයක් ටේ හ්‍යුන්ග්ගේ හිතේ නම්ජූන් වෙනුවෙන් තිබුනා.ඒක නිසාමයි ටේ හ්‍යුන්ග් තීරනය කලේ හැමදෙයක්ම නම්ජූන්ට කියන්න.

"හ්..හ්‍යුන්ග් මම..මම එයාට ආදරේ නිසා" ටේ හ්‍යුන්ගේ හඩ වෙවුලන්න පටන් ගත්තා.

"ඉතින් ඇයි එහෙනම් හැමදේම නැවැත්තුවේ....? ආ? ආදරෙයි නම් ඇයි එයාව තනි කලේ?"  මේක ටේ හ්‍යුන්ග් බලාපොරොත්තු නොවුන දෙයක්...නම්ජූන් එයාගෙන් අහයි කියලා බලාපොරොත්තු උන දහසක් ප්‍රශ්න අතරේ මේ ප්‍රශ්නය අහලකවත් තිබුනේ නෑ...

'ඇයි කොල්ලෙක්ට ආදරේ කරන්නෙ? කෙල්ලො ගැන අදහසක් නැද්ද?' වගේ දේවල් කිසිම දෙයක් නැතුව නම්ජූන් ඇහුවේ ආදරේ ගැන...මීට වැඩිය කෙනෙක්ගෙන් තේරුම් ගැනීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියලා හිතලා ටේ හ්‍යුන්ග් නම්ජූන්ට හිත ඇතුලෙන් ස්තූති කලා...

"හ්‍යුන්ග්....මම කාටවත් කියපු නැති රහසක් තියනවා...ඒකයි මේ හැමදේකටම හේතුව.." එයා මේ තරම් දවසකට කවදාවත් බෙදාගන්නේ නැතුව ඉන්න හදපු ඒ රහස නම්ජූන් ඉස්සරහා තව දුරටත් හන්ගන් ඉන්නටේ ට බැරි උනා.

Flashback

ටේහ්‍යුන්ග් එයාගේ ෆෝන් එක රින්ග් වෙනකොට දුවගෙන ආවේ දැන් සතියකට පස්සේ එයාගේ පවුලෙන් එන කෝල් එක ගන්න හරිම සතුටින්...හැමවෙලාවෙම එයාට දෙමව්පියෝ සහෝදරයෝ මතක් උනත් එයාලව බලන්න යන්න තරම් වෙලාවක් ටේ ට ඉතුරු උනේ නෑ..ඉතින් මේ කතා කරන්න ලැබෙන පොඩි වෙලාවේ උනත් එයාලව උපරිමයෙන් සතුටු කරන්න ටේ හ්‍යුන්ග් වග බලාගත්තා....ඒත් එදා එයාට ඇහුනේ වෙනදට සතුටින් කතා කරන ඒ කට හඩවල් නම් නෙමෙයි...

"ටේ හ්‍යුන්ග් ...මොකක්ද මේකේ තේරුම?" ටේ හ්‍යුන්ග් ගේ මාමා කෑ ගැහුවේ ලොකු තරහකින්...

වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරි උන ටේ ඇහුවේ මේ තරම් තරහ ගන්න මොකක්ද උනේ කියලා.

"මොකක්ද උනේ....උබ..උබ අපිට ලැජ්ජාවක් ටේ හ්‍යුන්ග්..."

කිසිම වැරැද්දක් තියා වචනයක්වත් තමන්ගේ පවුලට කියලා නැති ටේ ට ඇඩුනේ නොදැනුවත්වම ..

"මාමේ මම මොකද කලේ?" බැරිම තැන වචන එකතු කරගත් ටේ හ්‍යුන්ග් අන්තිමේදි ඇහුවා...

"කිම් ටේ හ්‍යුන්ග්....නෑ අද ඉදන් කිම් කියන නම උබට කියන්නත් ලැජ්ජයි....මේ ලෝකෙ කෙල්ලෝ නැතුවද උබට කොල්ලෙක්ම ඕනි උනේ?"

ටේ හ්‍යුන්ග් පුදුම උනේ මාමා අහපු දෙයින්...එයා කොහොමද ඒක දැනගත්තේ? ටේ හ්‍යුන්ග් ගේ හිතේ දිවුවේ ඒ ප්‍රශ්නෙම විතරයි..

"මො--මොකක්ද? "

" බබා වගේ රගපාන්න එපා ටේ හ්‍යුන්ග්..අපි දන්නවා උබෙයි අර ජන්කුක් කොල්ලගෙයි අතරේ ලොකු දෙයක් වෙනවා කියලා...උබ හිතුවේ ඒක හන්ගන්න පුලුවන් කියලද? "

ටේ හ්‍යුන්ග්ට උනේ ඇඩෙන එක විතරයි...ඒත් කොහොමද හොයාගත්තේ කියන ප්‍රශ්නේ තාම එයාගෙ හිතේ තිබුනත් ඒක අහන්න තරම ශක්තියක් එයාගේ හිතේ තිබුනේ නෑ..

"මේ අහනවා ටේ හ්‍යුන්ග්, තමුන්ගේ නන්ගිටයි ,මල්ලිටයි මොනා වෙයිද...තමුන් මේ වගේ කෙනෙක් කියලා සමාජේ දැනගත්තම හිතුවද නන්ගිටයි මල්ලිටයි එතනින් එහාට මොනා වෙයිද කියලා...එයාලා පාරේ බැහැලා යන්නේ කොහොමද...මිනිස්සු විහිලු කරයි ..අයියා පව්කාරයෙක් කියලා" ටේ හ්‍යුන්ග් ට තවත් කියන්න දෙයක් තිබුනේ නෑ ....ජන්කුක්ට මොන තරම් ආදරේ කලත් ඒ තරමටම එයා එයාගේ පවුලටත් ආදරේ කලා...කියන කියන වචනයක් ගානේම ඇස් ඉදිරිපිට ඒ දේවල් මැවිලා පේන්න ගත්තේ  ඇත්තටම එයාගේ සහෝදරයෝන්ට එහෙම වෙයි කියන බයට....ටේ හ්‍යුන්ග්ට දැනුනේ එයා වැරැද්දක් නේද කරන්නේ කියන හැගීම...

"අපි උබව හැදුවේ මේව කරන්න නෙමෙයි  ...අපිට පිලිකුලක් වෙන්න නෙමෙයි....අනිත් එක ටේ හ්‍යුන්ග් හිතන්න මම මේ ගැන ඔයාගේ ආච්චිට කිවුවොත්...ඔයාගේ ආච්චි දැනගත්තොත් ලෙඩ ඇදේ ඉන්න ඒ අසරන මනුස්සයට මොනා වෙයිද...දරාගන්න බැරුව මැරිලා යයි"

ටේ හ්‍යුන්ග්ට දැනුනේ මුලු ලෝකෙම දෙකට කඩාගෙන වැටුනා කියලයි...ජන්කුක් ඇරෙන්න වෙන දෙයක් තිබුනානම් ටේ හ්‍යුන්ග් මැරෙන්න උනත් සූදානම්..ඒ එයගේ ආච්චි ...එයාගේ මාමා ආච්චි ගැන කිවුව දේ අහලා ටේ හ්‍යුන්ග් දුර්වල උනා වගේම මාමා කියන විදියට එයාගෙන් සිදු උන වැරැද්ද හදාගන්න ජන්කුක්ගෙන් ඈත් වෙන්න ටේ හ්‍යුන්ග්  තීරනය කලේ එයාගේ ආච්චිට ඒ වගේ දෙයක් වෙනවා හීනෙකින්වත් හිතා ගන්න බැරිනිසා....

"තමුසේ පවුකාරයෙක් ටේ හ්‍යුන්ග්"

මාමා ෆෝන් එක කට් කලේ කියන්නෙම නැතුව..ආපහු මාමව සම්බන්ද කරගන්න ටේ හ්‍යුන්ග් උත්සහ කලත් මාමාගේ ෆෝන් එක ඒ වෙනකොටත් ඔෆ් කරලා....හැමදාටම එයා වෙනුවෙන් ඔෆ් කරලා...

කාමරෙ කොනක ඉදගත්ත ටේ හ්‍යුන්ග් එදා දවසම ගත කලේ හොදටම අඩමින්

" I’m sorry I’m sorry
I’m sorry my brother
Even if I try to hide it
Or conceal it, it can’t be erased
Are you calling me a sinner
What more do I have to say"

Stigma-V

End of Flashback

ටේ හ්‍යුන්ග් කියපු හැම වචනයක් ගානෙම පරිස්සමින් අහගෙන හිටිය නම්ජූන් තව ටිකක් වෙලා කල්පනා කරලා කතා කරන්න ගත්තා.

"ටේ.....මට සමාවෙන්න "

"නෑ හ්‍යුන්ග් ....මාමා හරි...අනිත් අයට මම ලැජ්ජාවක්...මගේ මුලු පවුලටම..ඔයාලට..හැමෝටම"

නම්ජූන් මොන දේ උනත් ටේ එයාට එයාගේ රහස කියන්න තීරනය කල නිසා එයත් එයාගෙ රහස ටේ හ්‍යුන්ග් එක්ක බෙදා ගන්න හිතුවා...

"ටේ මේ බලන්න...මේ ලෝකේ ඕනිම දෙයක් වෙන්න පුලුවන්...ඕනිම දෙයක්...හොද වගේම නරක...හැමදාම වෙන්නේ හොද කියලා දේකුත් නෑ..නරක කියලා දේකුත් නෑ ...දෙකම අපේ ජීවිත වලට ලැබෙන්නේ සමබරව...ඒ ලැබෙන දේවල් දිහා අපි බලන්න තීරනය කරන විදියටයි ඒවා අපිට ඇත්තටම බලපාන්නේ....අපිත් ඒ දෙවල් දිහා නරකට බැලුවොත් අපිට ඒවා නරක දේවල් වෙලාම තියෙයි...ඒත් නරක දේවල් උනත් ඒ දිහා අපි හොද විදියට බලන්න පුරුදු උනොත් ඒවා උනත් ලේසියෙන් අපිට පහු කරගෙන යන්න පුලුවන්...ඒ නිසා කවදාවත්ම කවුරු වත් කියන දෙයක් නිසාවත්....කවුරුහරි මොනා හරි කියයි කියන නිසාවත් තමන්ගේ සතුට නැති කරගන්න එපා...මොකද අනිත් අය හිතන දේවල් අපිට වැඩක් නෑ....මොකෝ එයාලා අපිට ආදරේ කරන්වා කියලද? නැහැනේ....නේද?

මුලින් අපි අපිටම ආදරේ කරන්න ඉගෙනගන්න ඕනි ටේ...අපි අනිත් අයට ආදරේ කරන්න කලින් අපි අපිටම ආදරේ කරලා ඉන්න ඕනි....සමාජේ ඕනි දෙයක් කියයි...ඒත් ඒ මිනිස්සු අපිව විවේචනය කරනවා ඇරෙන්න අපිට වෙන කරන දෙයක් නැහැ...අපී අපේ මහන්සියෙන් සල්ලි හම්බකරන්නේ...අපී අපේ මහන්සියෙන් කන්න හොයාගන්නෙ...ඒ වගේම අපිමයි අපේ සතුට හොයාගන්නෙත්...ඒ නිසා වැඩකට නැති දෙයක් වෙනුවෙන් ඔයාගේ සතුට කැපකරන්න එපා ටේ හ්‍යුන්ග්.....අපි මේ සමාජේ වෙනස් කරමු...මහන්සි වෙනවානම් කරන්න බැරි දෙයක් නෑ....ටේ....ලෝකෙම උනත් අපේ අතට ගන්න පුලුවන්...

කැපකිරීම් කරන්න ඕනි වෙලාවට විතරක් කරන්න...වැඩකට නැති දේවල් වලට නැතුව තේරුනාද කොලුවෝ? "

නම්ජූන් කියලා ඉවර කලේ ටේ හ්‍යුන්ග් එයා මෙතෙක් වෙලා කරපු හැමදේම ආයෙත් ප්‍රශ්න කරන්න ගන්නකොටයි...නම්ජූන්ගේ වචන හැම එකක්ම ගැන ආයෙත් හිතපු ටේ හ්‍යුන්ග් හැමදේම හරිගස්සන්න හිතාගත්ත...හැමදේම...පැනපු ගමන් නම්ජූන්ව බදාගත්ත ටේ හ්‍යුන්ග් නොනවත්වම ස්තූති කරන්න ගත්තේ හැමදේම පැහැදිලි කරලා දුන්න නම්ජූන්ට වගේම මේ වගේ නායකයෙක් එයාලට ලබාදුන්නට දෙවියන්ට ත් එක්ක...

"තැන්කූ හ්‍යුන්ග්"

"ඉට්ස් ඕකේ මූන්චයිල්ඩ්" නම්ජූන් කිවුවේ ටේ හ්‍යුන්ග්ගේ පිටට තට්ටු කරන ගමන්...

"මූන්චයිල්ඩ්? ඒ මොකක්ද?"

"යූල් සී වන් ඩේ ටේ"

"හ්‍යුන්ග් දන්න කොරියන් වලින් කතා කරනවද..මට ඔය ඉංග්‍රීසි තේරෙන්නේ නෑ"

ආපහු ටේ හ්‍යුන්ග්ට හිනා උන නම්ජූන් කිවුවේ ඔයාට දවසක තේරෙයි කියලා...එයා ඒකෙන් දෙකම අදහස් කලත් ටේ හ්‍යුන්ග් හිතුවේ නම්ජූන් කිවුවේ ඉංග්‍රීසි ගැන විතරයි කියලා...

එලියට ගියපු ගමන් ටේ හ්‍යුන්ග් ව ඇදගෙන ගියපු ජීමින් දිහාත් ජීමින් එක්කම පස්සෙන් යන ටේ හ්‍යුන්ග් දිහාත් බලන් ඉදපු නම්ජූන් හිතුවේ එකම දෙයයි..

" ඔයත් හදට අයිති දරුවෙක් ටේ ....ඉර තියන වෙලාවට පිච්චෙන....හද තියන වෙලාවට දිලිසෙන...හරියට මම වගේ"

.......................................................................

Bạn đang đọc truyện trên: Truyen247.Pro