Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

4

"Namjoon hyung ඉක්මනට මැනේජර් අයියට කතා කරන්න.....අනේ ....ඉක්මනට කුකීගේ අතින් ලේ එනවා..එයාට රිදෙනවා ඇති..hyung ඉක්මනට" තේ හ්‍යුන්ග් අඩා අඩා එහෙම කෑ ගැහුවේ එයාගේ කුකීගේ අතේ තියන පුන්චි තුවාලේ දැකලයි..ඒත් ජන්කුක්ට නම් එයා හිතපු තරම් ලොකු දෙයක් කරගන්න ලැබුනේ නෑ..බ්ලේඩ් එක අතට තද කරන් ඉදිය පොඩි වෙලාවට වුන තුවාලේ විතරයි ..ඒ උනත් තේ හ්‍යුන්ග් කලබල උන විදිය දැක්කම කුකීට මේ තරම් වෙලා තිබුන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ගියේ එකම එක ප්‍රශ්නයක් විතරක් ඔලුවේ ඉතුරු කරමින්

"මම ඒ දේ කරගත්තනම් මගේ හ්‍යුන්ග්ට මොනා වෙයිද?"

මේ තරම් වෙලා තේ හ්‍යුන්ග් ගේ මූන දිහා බලාගෙන කල්පනා ලෝකෙකට ගිහින් ඉදපු ජන්කුක් ආපහු පියවි ලෝකෙට ආවේ නම්ජූන් ,සේජින් එක්ක එයාලා ඉන්න තැනට එනවා දැක්කමයි..

............
"ජන්කුක් මීට වඩා ඔයා පරිස්සම් වෙන්න ඕනි....මෙහෙම තුවාල කරගන්න එපා ..ඊලග දවසේ මෙහෙම  වෙන්න දෙන්න බෑ හොදද?

"ඔව්ව් කුක් මීට වඩා ඔයාට ඔයා ගැන බලාගන්න වෙනවා"

"මොනා වෙලාද මේක වුනේ?"සේ ජින් ඇහුවේ ජන්කුක්ගෙන් වුනාට තේ හ්‍යුන්ග් පැනලා උත්තර දුන්නේ එයාට ජන්කුක්ව බේරගන්න තිබුන උවමනාවට

"ආහ් ඒක මගේ වැරැද්ද...මම මෙතන තියලා ගිය බ්ලේඩ් එක කුකීගෙ අතේ ඇනිලා"

"තේ,, ඔයා මීට වඩා මේව ගැන සැලකිලිමත් වෙන්න ඕනි..ලොකු දෙයක් උනත් වෙන්න තිබුනා... යන යන තැන හැමදේම දාන්න එපා..අනතුරු වෙන්න පුලුවන්"

"හරි හ්‍යුන්ග් මම ආපහු එහෙම කරන්නේ නෑ" තේ හ්‍යුන්ග් සේ ජින් ගේ අවවාදෙට උත්තර දුන්නේ ජන්කුක් ව බේරගත්ත එකට සතුටත් එක්ක

නම්ජූන් සහ සේජින් එහෙම කියද්දී තේ හ්‍යුන්ග් කෙලින්ම බැලුවේ කුකීගෙ මූන දිහා...ඒ වෙනකොටත් කුකී හිටියේ ඇස් පිල්ලමක් වත් ගහන්නේ නැතුව තේ හ්‍යුන්ග්  දිහා බලාගෙනමයි....

තේ හ්‍යුන්ග් එකපාරටම අහක බලාගත්තේ මොකක්දෝ අමුතු අපහසුතාවක් ඒ බැල්මේ තිබුන නිසයි..ඒත් ජන්කුක් නෙමෙයි තප්පරේකටවත් අහක බැලුවේ..එයා දිගටම තේ හ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා...

නම්ජූන් සහ සේ ජින් එතනින් නැගිටලා ගියේ ජන්කුක් ගේ ඔලුව අතගාලා..ඒත් එක්කම තේ හ්‍යුන්ග් යන්න නැගිට්ටේ ජන්කුක්ගේ බැල්ම නිසා එයාට දැනුන අමුතුම හැගිම මගාරින්න හිතාගෙන

"Hyung ඔයා යන්න එපා, මාව තනියෙන් දාලා යන්න එපා"

ඒ සියුම් කටහඩට තේ හ්‍යුන්ග් ආපහු හැරිලා බැලුවේ කුකී බිම බලාගෙන කදුලුත් පුරවගෙන ඉන්නව දකින්නයි

එයා හිමින් හිමින් ජන්කුක් ලගට ලං වෙලා එයාගෙ ලගින්ම ඉදගත්තා..

"හ්ම්ම්ම්ම්........මට කියන්න ඇයි ඔයා එහෙම දෙයක් කරගන්න හැදුවේ කුකී?

ජන්කුක් කිසිම දෙයක් නොකියා බිම බලාගෙනම හිටපු නිසා තේ හ්‍යුන්ග් ආයෙත් මෙහෙම ඇහුවා..

"හරි කුකී ඔයාට කියන්න ඕනි නැත්නම් කමක් නෑ ..මම ආපහු අහන්නේ නෑ " තේ හ්‍යුන්ග් එහෙම කියලා හිනා වුනේ ජුන්කුක් අඩනවා බලන් ඉදලා ඇති වෙලා.

ඒත් එකපාරටම

"මට සමාවෙන්න ...මගෙයි වැරැද්ද මම හරියට තව පුරුදු උනා නම් මේ කිසි දෙයක් වෙන්නෙ නෑ...මාව එදා mr.lee අයින් කරන්න හදපු එක හරි..මට යන්න තිබුනේ..එහෙනම් අද ඔයාලට මෙහෙම වෙන්නෙ නෑ..hyung මට සමාවෙන්න..මම දැන්ම මෙහෙන් යන්නම්" එහෙම කියලා ජන්කුක් හයියෙන් ම අඩන්න පටන්ගන්නකොටම තේ හ්‍යුන්ග් ඉක්මනින්ම එයාව තුරුල් කරගත්තේ හරියට අම්ම නැතුව අඩන පොඩි ලමයෙක්ව තුරුල් කරගන්නවා වගේ හරිම පරිස්සමින්.

"ශ්.ශ්...කුකී ඉට්ස් ඕකේ...ඒක ඔයාගෙ වැරැදදක් වෙන්නේ කොහොමද..ඔයා තමයි ලස්සනටම ඩාන්ස් එක කලේ..ඔයා කිසිම දෙයක් වැරැද්දුවේ නෑ..අනිත් එක අපි හොදටම perform  කලා..එයාලා එහෙම බැන්නේ අපේ company එකට සල්ලි නැති නිසයි..ඔයාගෙ කිසිම වැරැදදක් නෑ..කුකී දැන් අඩන්න එපා ...."

"මම වැරැද්දක් කලේ නෑ??" පොඩි ලමයෙක් වගේ හඩ පහත් කරලා ජන්කුක් එහෙම ඇහුවේ තේ හ්‍යුන්ග්ට එයාගේ කම්මුල් මිරිකන්න තරම් හිතෙන විදියට..ඒත් මේ වෙලාව ඒකට නෙමෙයි කියලා තේරුම් ගත්ත තේ හ්‍යුන්ග් කුකීව තවත් සනසන්න පටන් ගත්තා..

"ඔව්ව් ඒක මගේ කුකීගේ වැරැද්දක් නෙමෙයි" තේ හ්‍යුන්ග් ජන්කුක් ව තවත් තදට තුරුලු කරන් එහෙම කිවුවා..

"මගේ කුකී?මගේ කුකී...එයා ආයෙත් එහෙම කිවුවා..ඇයි ඒ...ඇයි එයා මාව එයාගෙ කියන්නේ?"ජන්කුක්ගේ හිතේ ප්‍රශ්න ගොඩායි.

"Hyung මම ඔයාගේ කුකී නෙ----"

ජන්කුක් ට කියල ඉවර කරන්න ලැබුනේ නෑ ටේ හ්‍යුන්ග් එයාගේ තොල් වලට ඇගිල්ලක් තිබ්බේ එයා තවත් කතා කරන එක නවත්තන්න.

"ඔයා මගේ තමයි..ඔයා මගේ කුකී...මම ඔයාට කිවුවනෙ" තේ හ්‍යුන්ග් එහෙම කිවුවේ ජුන්කුක් ගේ ඇස් වලට කෙලින්ම එබෙන ගමන්..ඒ බැල්මට ඒ සැරේ බය උනේ කුකී..එයා ඉකමනටම බිම බලාගත්තේ එයාටත් ඒ බැල්ම යට අපහසුවක් දැනිලා.

තේ හ්‍යුන්ග් ජන්කුක්ගේ නිකට යටින් අත තියලා එයගේ මුන ආපහු උඩට ඉස්සුවේ කොච්චර බැලුවත් තේ හ්‍යුන්ග් ට ඒ ඇස් එපා වෙන්නේ නෑ කියලා දැනෙන්න පටන් ගත්ත නිසයි...එයාගේ හදවත කවදටත් වැඩිය වේගෙන් ගැහෙන්න ගත්තේ මේ දැන් පුපුරන්න වගේ..තේ හ්‍යුන්ග් හිමිට එයාගේ ඇස් ජන්කුක් ගේ ඇස් වලින් පහලට අරන් කෙලින්ම බැලුවේ එයාගෙ තොල් දිහා...

...........(awkward silence)........

"කුකී ඔයාගෙ අම්ම මට ඔයාව ලියලා දුන්නා දේපලක් විඩියට ඒකයි ඔයා මගේ කිවුවේ   හී....හී..."

හරිම අපහසු නිහඩතාවය බිදින්න තේ හ්‍යුන්ග් ඒ කතාව කිවුවේ ජන්කුක් ව හිනා ගස්සන ගමන්මයි..තේ හ්‍යුන්ග් එයත් එක්කම හිනා වුනේ ජන්කුක් ගොඩ වෙලාවකට පස්සේ හිනා වෙනව දැක්ක සතුටට...

හැබැයි ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ..තමන්ගේ හිනාව අනිත් කෙනාගේ හිත වේගෙන් ගැහෙන තරමට ශක්තිමත් එයාලගේ බැදීම කියලා..."

එයාගේ දුකේදි ලගින්ම ඉන්න එක...එයා අඩන වෙලාවට කදුලු පිහිදාන එක..ඒ ඇස් වල කවදාවත් කදුලු දකින්න ඕනි වෙන්නේ නැති එක..එයාගේ හිනාව තමන්ගේ හිතට මේ තරම් බලපාන එක එයාලට දැනුනත් ඒ ඇයි කියන්න එයාලා තාම දන්නේ නෑ

"හ්‍යුන්ග් කවදාවත් මාව තනිකරන්න එපා...මට ඔයාව ඕනි"

"මම මගේ කුකීව තනිකරන්නේ නෑ..ඔයා එපා කිවුවත් මම ඔයාගෙ ලගින්ම ඉන්නවා"

තවත් විනාඩ් තිහක් පමන යනකන් ඒ දෙන්නා ඒ දෙන්නාගේ තුරුලේ එයාලගේ ලෝකෙක තනි වුනේ දෙන්නගෙම හදවත් එකම වේගෙකට , එකම රිද්මෙකට ගැහෙනවා අහගෙන....

........................................................................
Next chapter :-

Hint

Hmmmmmmmmmmmmmmmmm

Bạn đang đọc truyện trên: Truyen247.Pro