2
ජන්කුක් බිග් හිට් ඩෝම් එකට නවතින්න ඇවිත් දැනට දවස් පහක් වෙනවා..ඒ වගේම එයාගේ රූම් මේට් වුනේ ජීමින්..ඒ ටික කාලෙදි එයා දැනගත්තා ජීමින් කියන්නෙ ඩාන්සින් වලට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා..ඒ මොකද කියනවනම් දවසින් බාගයක්ම ජීමින් ගත කලේ ඩාන්ස් ප්‍රැක්ටිස් රූම් එකේ
Jungkook's pov:-
ඩාන්ස් ප්‍රැක්ටිස් ඉවර වෙලා මම වොශ් එකක් දාගන්න කියලා හදිසියේම දුවගෙන ආවා...හොදටම මහන්සි වෙලා ඉදපු නිසා මට ඕනි වුනේ ඉක්මනින්ම වොශ් එකක් දාගෙන ඇදට යන්න..ඒ වුනත් අනිත් හැම කෙනෙක්ම එයාලගේ වැඩ කරගෙන යනකන් මට ඉන්න වුනා..මොකද එයාලා ඉස්සරහා තාමත් මම අමුත්තෙක් නිසා..මම තාමත් එයාලා එක්ක කතා කලේ ලැජ්ජාවෙන්..
අනිත් හැම දවසකම හැමෝම නින්දට යනකන් බලන් ඉදලා තමයි මම වොශ් දාන්න ගියේ...ඒත් අද නම් මෙයාලා දැන්ම එන පාටක් නෑ වගේ..ඒ නිසා මහන්සියටත් එක්ක මම පොඩ්ඩක් හාන්සි වුනා...දන්නෙම නැහැ මට නින්ද ගිහින්..හරියටම නමයයි වෙලාව.
තවත් පරක්කු වෙන්න බැරි නිසා මම ඉක්මනට වොශ් රූම් එක ඇතුලට දිවුවා..ඉක්මනින්ම මගේ ශර්ට් එකත් ගලවලා ශවර් එක ලග හිටගන්නකොටයි දැක්කේ....
"අයියෝ තේ හ්‍යුන්ග්"
මට එච්චරයි කියන්න හම්බුනේ...
"අහ්හ්හ්හ්හ්......මෙතනින් යනවා..මොනවද තවත් බලන් ඉන්නෙ" තේ හ්‍යුන්ග් මහ හයියෙන් බෙරිහන් දුන්නෙ හරියට මම කැමැත්තෙන් බලන්න ආවා වගේනේ
"මෙයා නම් හරිම අමුතුයි" මටම මුමුනගත්ත මම
"අනේ සොරි..මම ඔයා ඉන්නවා දැක්කෙ නැහැ..අනිත් අයත් එක්කම ඔයත් නාලා ඉවරයි කියලා මම හිතුවේ..මම යන්නම් හ්‍යුන්ග්"කියලා එතනින් පිට වෙන්න හැදුවා..ඒත් තේ හ්‍යුන්ග් මට කතා කරනවා ඇහිලා මම පොඩ්ඩකට එතන නැවතුනා...
"ම්ම්ම්..ජන්කුක්..සොරි"
"ආහ්?"
"සොරි මම කලින් කෑ ගැහුවට" එයාගේ මූනේ තිබුනේ හිනාවක්?අනේ මන්දා....
"ඒකට කමක් නෑ හ්‍යුන්ග් ..මම දැක්කෙ නැහැ ඔයා ඉන්නවා.."මම එහෙම කිවුවේ බිම බලාගෙන..මොකද මට එයා දිහා කෙලින් බලන්න බැහැ...කොටින්ම කියනවා නම් එයත් හිටියේ එයාගේ ශර්ට් එක ගලවලා...ඉතින් කොහොම බලන්නද..
"ජ-ජන්කුක්..මම කිවුවේ..ඔයා මුලින්ම ආපු දවසේ කෑ ගැහුවට සමාවෙන්න...ඒ වගේම දැනුත් කෑ ගැහුවට සමාවෙන්න"
"අහ්..ඒක හිතන්න එපා හ්‍යුන්ග් ...මම ඒවා ගැන එච්චර හිතන්නෙ නැහැ.."මම කිවුවේ බිම බලාගෙනම ඉදලා රිදෙන මගේ බෙල්ල අතගාගන්න ගමන්..
ඒ වුනත් එයා එක සැරේම හිනා වෙනවා ඇහුනා...මටත්
නොදැනිම මගේ ඔලුව ඉස්සුනේ එයාගේ හිනාව බලන්න...
ඊලගට එයා කියපු දෙයින් මම තවත් පුදුමයට පත් වුනා
"ජන්කුක්..අපිට යාලුවෝ වෙන්න පුලුවන්ද?"
මට මගේ සතුට දරාගන්න බැරි තරම්..මම මෙහෙට ඇවිත් දවස් පහක් වුනත් මට තාම හරි හැටි යාලුවෙක් නෑ..අනිත් හැමොම මට වඩා වැඩිමල්..ඒ වගේම එයාලා හැසිරෙන්නෙත් මගේ අයියලා වගේ..ඉතින් තේ හ්‍යුන්ග් හ්‍යුන්ග් මට වඩා වැඩිමල් වුනත් එයා හැසිරෙන්නෙ මටත් වඩා බාල කෙනෙක් වගේ...මම හිතනවා ඒ නිසා මට දැන් හොද යාලුවෙක් හම්බුනා කියලා..මගේ වයසට හරියන..
"ඔව් හ්‍යුන්ග් ..පුලුවන්" මම හ්‍යුන්ග් එක්ක හිනා වෙන ගමන්ම කිවුවා..
"තැන්ක් යූ ජන්කුක්..මට යාලුවෙක් කියලා හිටියේ ජීමින් විතරයි..ඒත් එයා හැම වෙලාවෙම ප්‍රැක්ටිස් රූම් එකේ..අනිත් ඔක්කොමලා ඉතින් අයියලනේ...මට සෙල්ලම් කරන්නවත් කෙනෙක් නෑ"
මම වගේම තමයි...
......................................................................
3rd person's pov:-
ඊලග හවසේ උදේ වෙනකොට හැම කෙනෙක්ම පුදුම වුනා...තේ හ්‍යුන්ග්ගෙත් ජන්කුක්ගෙත් මේ අලුත් යාලුකම දැකලා...එයාලා දැනගෙන ඉදිය විදිහට ජන්කුක් කියන්නෙ ගොඩක් ලැජ්ජාශීලි කෙනෙක්..එතකොට තේ හ්‍යුන්ග් කියන්නෙ දගකාර ඒත් අමුතු හැසිරීමක් තියන හුරතල් කෙනෙක් කියලා...
ඒ මොනවා වුනත් අනිත් හැම කෙනෙක්ම සතුටු වුනා මේ යාලුකම දැකලා...එයාලගේ ටීම් එකේ පොඩිම දෙන්නා හොද යාලුවෝ වෙලා...
"ජන්කුක්..අද වෝකල් ප්‍රැකිටිස්නේ..මැනේජර් හ්‍යුන්ග් කිවුවා ඔයා තමයි අපේ මේන් වෝකලිස්ට් වෙන්නෙ කියලා.." හෝසොක් ජන්කුක් ලගට යන ගමන් කිවුවා..
"ඔව් ලමයි ජන්කුක් තමයි අපේ මේන් වෝකලිස්ට්" නම්ජූන් කිවුවේ හරිම ආඩම්බරෙන්..
"අනේ ජන්කුක්...නියමයිනේ...මට ඔයාගේ කටහඩ අහන්න ඕනි...ප්ලීස් මන් වෙනුවෙන් සින්දුවක් කියන්නකෝ" ජින් අනිත් හැමෝටම වඩා හයියෙන් කෑ ගැහුවා...
ජන්කුක් තිගැස්සුනා..සින්ග් කරන්න...හැමොම ඉස්සරහා...එයා දන්නවා එයාගෙ කටහඩ ලස්සන බව..නමුත් ප්‍රැක්ටිස් පටන් ගන්නත් කලින් මේ වගේ කට්ටියක් ඉස්සරහා සින්ග් කරන්න එයාගේ අදහසක් තිබ්බෙ නැහැ...මොකද එයා බයයි..එයාට වැරදෙයි කියලා
"අ-අහ් හ්‍යුන්ග් ..අනේ දැන් මට බැහැ"වෙවුලන හඩකින් ජන්කුක් කිවුවෙ බිම බලාගෙන..
"ප්ලීස් ප්ලීස් ජන්කුක්..අනේ එක පාරක් සින්ග් කරන්නකෝ..අපි ආසයි අපේ මේන් වොකල් ගේ වොයිස් එක අහන්න" අනිත් හැමොම ජන්කුක්ට බල කරන්න ගත්තා...
"හ්-හ්‍යුන්ග්...අනේ" ඇඩෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජන්කුක් කිවුවේ හරිම අපහසුවෙන්...
"ඒකට කමක් නෑ ජන්කුක්...තව විනාඩි තිහක් තියනවා ප්‍රැක්ටිස් පටන් ගන්න..එන්න මාත් එක්ක ..අපි ඇවිදින්න යමු.." දේව දූතයෙක් වගේ ඇවිත් තේ හ්‍යුන්ග් එයාව බේරගත්තා...
ජන්කුක්ට කියන්න වචන නැති තරම්...
"තැන්ක් යූ හ්‍යුන්ග් .." අන්තිමේදි ජන්කුක් වචන ගැට ගහගත්තා...
Bạn đang đọc truyện trên: Truyen247.Pro