1st
Jungkook's pov:-
අද වැස්ස දවසක්. අහස ගොරවනවා. හරිම අමුතු කාලගුණයක්. ඒ හැමදේටම වඩා අමුතු මගේ හිත. මොකද අද මගේ පලවෙනි දවස, මගේ හීන හැබෑ කරගන්නයි මම හදන්නෙ.මට ගොඩක් ඒජන්සි වලින් අවස්තා ලැබිලා තියනවා. ඒත් මම තීරනය කලා big hit එකට ජොයින් වෙන්න. මොකද අනිවාරෙන්ම නම්ජූන් හ්‍යුන්ග් නිසා..
මම මගේ ආසම කලු හූඩි එකයි ජීන්ස් එකයි ඇදගත්තේ ගමනට ලෑස්ති වෙලා. මම දැන් බිග් හිට් ඒජන්සි එකේ නවතින්නයි හදන්නෙ. ආපු පලවෙනි කෝච්චියෙන්ම මම සෝල් වලට යන්න පිටත් වුනා.
.......................................................................
දන්නෙම නැහැ වෙලාවත් ගිහින් මම සෝල් වලටම ඇවිත් තිබුනා.මම අපේ මැනේජර් හ්‍යුන්ග්ට කෝල් එකක් ගත්තා.
"හ්‍යුන්ග් මම ඇවිත් ඉන්නෙ.සෝල් ට්‍රේන් ස්ටේශන් එකේ"
"හරි ජොන් මම එනගමන්"
හ්‍යුන්ග්ගෙන් මට පිලිතුරු ලැබුනා.විනාඩි දහයක් යන්නත් කලින් හ්‍යුන්ග් එතනට ආවා.ඒකෙන් මම තේරුම් ගත්තා බිග් හිට් බිල්ඩින් එකේ ඉදන් ට්‍රේන් ස්ටේශන් එකට ලොකු දුරක් නැතිව ඇති කියන එක.
තවත් විනාඩි දහයක් ගතවුනේ දන්නෙම නැතිව.මම ඒජන්සි එකේ බිල්ඩින් එක ලගටත් ඇවිත්.
හ්‍යුන්ග් මාවත් එක්කගෙන ඇතුලට ගියා..එතන හිටියා මගේ වයසෙම වගේ හෝ ඊට වඩා අවුරුදු කීපයක් වැඩිමල් තවත් මම වගේම හීන හැබෑ කරගන්න ආව කොල්ලො 5 දෙනෙක්..තව ලස්සන ගෑනු ලමයෙකුත් එතන හිටියා..හරිම ලස්සනයි.
හ්‍යුන්ග් මාව එකින් එක්කෙනාට අදුන්වලා දෙන්න පටන් ගත්තා...
"හලෝ බෑන්ටෑන් මේ ඉන්නෙ ජන්කුක්..ඔයාලගේ අලුත් මග්නෙ'
හ්‍යුන්ග් කිවුවම මමත් මගේ වෙන්න ඉන්න මෙම්බර්ස්ලට අත වැනුවා.
තද දුබුරු පාට කොන්ඩයක් තියන කෙනා තමයි එයාව මුලින්ම අදුන්වලා දුන්නෙ
" හායි ජන්කුක්, මම නම්ජූන්..ඔයාලගේ ලීඩර්"
මට හරිම පුදුමයි..මගේ හිත වේගෙන් ගැහෙනවා මට දැනුනා.
නම්ජූන් හ්‍යුන්ග්..එහෙම නැත්නම් මම මෙතනට එන්න හේතුව මෙහෙම මගේ ඉස්සරහා ඉන්නකොට එහෙම වෙන එක සාදරනයිනේ...
"හායි මම හෝසොක්..මට හොබී කියන්න" ඉර එලියත් පරාද කරන්න පුලුවන් තරම් දීප්තිමත් හිනාවක් තියන කෙනෙක් ...
"හායි මම ජීමින්"
හ්ම්ම් උස බැලුවාම නම් මට වඩා බාල වෙන්න ඕනි.
ඒ වුනාට මම මග්නෙ කියලා කිවුවනෙ
"හායි මම ජින්..මම තමයි මෙතන වැඩිමල්ම කෙනා"
එයත් අම්මට දෙවනි නෑ වගේ..
"හෙලෝ මම යුන්ගී"
මෙයානම් දවස් ගානක්ම නිදාගෙන නැද්ද කොහෙද..හරිම නිදිමත පාටයි මූන..
හ්ම්ම්...තව කෙනෙක් හිටියා...ඒත් එයා එයාව මට අදුන්වලා දුන්නෙ නැහැ ..ඒ නිසාමයි මම එයා දිහා තවත් හොදින් බැලුවෙ...
වාව්..එයා-එයා හරිම ලස්සනයි..දිග ඇස් පිහාටු..බෙල්ල ලගට කපලා තිබුන දුබුරු පාට කොන්ඩේ..රෝස පාට තොල්...දිලිසෙන ඇස්...එයා තරම් ලස්සන කෙනෙක් මම කවදාවත් දැකලා නැහැ...
ඒ වුනත් එයා වගේ කෙල්ලෙක් මොනවද මෙතන කරන්නෙ? මගේ හිතේ එකපාරටම ඇති වුනේ ඒ ප්‍රශ්නය...
මම මගේ සිතුවිලි වල අතරමං වෙලා ඉන්නවිට ජීමින් හ්‍යුන්ග් එකපාරටම මගේ අතින් ඇදගෙන ඒ ගෑනු ලමයා ලගට මාව ඇදගෙන ගියා...
මම එයා දිහා කෙලින් බලන්න උත්සහ කලත් මට ඒක කරන්න බැරි වුනා
මොනවද මට වෙලා තියෙන්නෙ...කවදාවත් නැති විදියට මගේ හදවත පුදුම වේගෙකින් ගැහෙනවා...සමහරවිට එයා ගොඩක් ලස්සන නිසා වෙන්නැති....
"ජන්කුක්..මේ ඉන්නෙ තේ හ්‍යුන්ග් එයා තමයි මෙච්චර දවසකට අපේ පොඩි එකා වෙලා හිටියෙ" ජීමින් හ්‍යුන්ග් මට එයාව අදුන්වලා දුන්නා...
"හ්ම්ම් තේ හ්‍යුන්ග් ....කොල්ලෙක් වගේ නෙ නම නම්" මගේ හිත ලොකු දුරකට හිතලා... ඒ වුනත්
"පොඩි එකා කෙල්ලෙක් වුනේ කොහොමද?" මම පැනපු ගමන් ජීමින් හ්‍යුන්ග්ගෙන් ඇහුවේ ඒක...
එකපාරටම හැමෝම මහ හයියෙන් හිනා වෙනවා ඇහිලා මම වටපිට බැලුවා...ඒ කෙල්ලයි මමයි ඇරෙන්න හැමෝම හිනා වෙනවා...
මොකද මේ කට්ටියට පිස්සු හැදිලද?
ජීමින් හ්‍යුන්ග් බඩ පැලෙන්න හිනා වුනාට පස්සෙ අමාරුවෙන් හුස්ම අරන් කතා කරන්න පටන් ගත්තෙ මගේ දිහා විහිලුවට වගේ බලාගෙන
"අයියෝ ජන්කුක්...එයා කෙල්ලෙක් නෙමෙයි...එයා ඒ වගේ ලස්සනයි තමයි..ඒ වුනාට තේ හ්‍යුන්ග් කියන්නෙ කොල්ලෙක්..ලස්සන කොල්ලෙක්"
ඔව්ව් ඔයාලා දැන් හිතන දේ හරි..
මම බීට් රූට් ගෙඩියක් වගේ රතු වුනා...වස ලැජ්ජාව...මම එයා කෙල්ලෙක් කියලා හිතුවනෙ...අයියෝ...එයාට මොනවා හිතෙන්න ඇතිද?
"ඒත් එයා හරිම ලස්සනයිනෙ"
මම වත් දන්නෙ නැතුව මගේ කටින් ඒ වචන පිට වුනේ...දැන් ඉතින් තව ටිකක් කා ගත්තා...
මම ඉක්මනින්ම තේ හ්‍යුන්ග් දිහා බැලුවේ එයාගෙ රිඇක්ශන් එක බලන්න...
ඇස් දෙකත් පොඩි කරගෙන මන් දිහා බලාගෙන හිටියේ තරහාකාරයෙක් දිහා බලනවා වගේ...කොල්ලා හොදටම ඔරවනවා...ඒ බැල්මට නම් මට ඇත්තටම බය හිතුනා...
මට ඔරවන එක අහන්නත් දෙයක්ද ඉතින්? මොන කොල්ලටද කේන්ති යන්නෙ නැත්තෙ තමන් කෙල්ලෙක් වගෙ කිවුවම...ඒත් මොනවා කරන්නද මේ කොල්ලා කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි..මගේ ජීවිතේ එයා තරම් ලස්සන කෙනෙක් දැක්කමයි...
මගේ සිතුවිලි වලට ඊට වඩා දුර යන්න හම්බුනේ නැහැ...තේ හ්‍යුන්ග් මගේ දිහා තරහින් බලාගෙන ඉන්න එක නැවැත්තුවේ මට බනින්න..
"මෝඩයෝ...මම කෙල්ලෙක් නෙමෙයි..මම කොල්ලෙක්..ඇස් පේන්නෙ නැද්ද?"
එහෙම කියන ගමන් එයා ප්‍රැක්ටිස් රූම් එකෙන් එලියට දුවගෙන ගියේ මට සමාව ගන්නවත් ඉඩ දෙන්නෙ නැතුව...
"සොරි..මම එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ"
අන්තිමට මම හ්‍යුන්ග්ලා දිහා බලලා සමාව ඉල්ලුවා.
"ඒකට කමක් නෑ ජන්කුක්..එයා හැමවෙලාවෙම එහෙම නැහැ...තව ටික දවසකින් ඕක හරියයි...එයා හරිම විනෝද කෙනෙක් ඔහොම හිටියට.."
නම්ජූන් හ්‍යුන්ග් කිවුවා..හ්ම්ම් එයා නම් නියම ලීඩර් කෙනෙක් තමයි
"හරි හ්‍යුන්ග් "
මම නම්ජූන් හ්‍යුන්ග්ට එහෙම කියලා ආයෙමත් තේ හ්‍යුන්ග් ගියපු දිහාවට හැරුනා...එතකොටයි මම දැක්කෙ එයා අපේ මැනේජර් හ්‍යුන්ග් එක්ක හොදටම හිනා වෙනවා...
"හිනා වෙනකොට තවත් ලස්සනයි චූටි කෙල්ල..."
අයියෝ මොනවද මම මේ හිතන්නෙ...එයා කොල්ලෙක්, කොල්ලෙක් ජන්කුක්..මතක තියාගන්න
......................................................................
A/n:-මේ තමයි මම ලියපු පලවෙනි ෆික්ශන් එක...මේ එඩිට් කරලා ආයෙත් දාන්නෙ..😌🤗
The story is dedicated to
Sachi-my soulmate
Abhi akka- my crying partner
ඔයාලා දෙන්නා නිසාමයි ආයෙත් දැම්මෙ...
Bạn đang đọc truyện trên: Truyen247.Pro