Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Report card

ස්කෝලේ ඉවර වෙලා මම දුවගෙන ගියේ හ්‍යුන්ග්ගේ ගෙදරට.....යනකොටම දොර බාගෙට ඇරලා දාලා තිබුනා...මට පුදුමත් හිතුනා...මීට කලින් නම් මෙහෙම දොර ඇරලා දාලා තිබුන දවසක් ගැන මට මතක නැහැ....

ඕනි දෙයක් වෙන්න කියලා මම ඇතුලට ගියා......

මම මේ වතාවේ පන්තියේ පලවෙනියා වෙලා...මට ඕනි වුනේ ඒක කිවුවම මගේ හ්‍යුන්ගී සතුටු වෙන විදිය බලන්න..

"හ්‍යුන්න්ග්...ටේ ටේ හ්‍යුන්ගී..."

මම දොරත් සම්පූර්නෙන් ඇරගෙන ගේ ඇතුලට දිවුවේ රිපෝට් කාඩ් එක  අතක තියාගෙන...බෑග් එක හ්‍යුන්ග්ගේ සෝෆා එක උඩින් දාලා.....

ඒත් හ්‍යුන්ග් පහල තට්ටුවේ නම් පේන්න හිටියේ නැහැ..ඉතින් මම උඩ තට්ටුවේ තියන හ්‍යුන්ග්ගේ කාමරේට ගියා...

කාමරේ දොර වහලා තිබුනේ..හ්‍යුන්ග්ගේ වගේම ගෑනු ලමයෙක්ගේ හිනා හඩක් මට ඇහුනා...

ඒ අස්සෙන් ඇහුන පුන්චි පුන්චි වෙනස් හඩවල් වලින් මම තේරුම් ගත්තා...හ්‍යුන්ග් හිටියේ ඒ ගෑනු ලමයත් එක්ක ලොකු වැඩක බව....

මට වෙනස්කම් කරනවා මදිවට එයා දැන් වෙන ගෑනු ලමයින් එක්කත් ඉන්න පටන් අරන්..ඇයි මගේ ඇග මදි වුනාද හ්‍යුන්ග් ? මම ඒ ගෑනු ලමයා තරම් සිනිදු නැද්ද..මගේ තොල් එයාගේ තරම් ලස්සන නැද්ද..මොකක්ද මගේ අඩුපාඩුව..ඔයාට මම ඒ සතුටවත්  හරියට දෙන්නේ නැද්ද හ්‍යුන්ග් ...?සමහරවිට මගේ ඇගේ තියන තුවාල පැල්ලම් නිසා වෙන්නැති...සමහරවිට මගේ ඇගේ තියන කැලල් නිසා වෙන්නැති......

ඒත් මම කියලා ඒවට මොනවා කරන්නද?...මමත් හිතලා ඇති කරගත්තු දේවල් නෙමෙයි ඒවා හ්‍යුන්ග් ....ඒ මම විදපු වේදනාවල්...ඔයා නිසා ඒ වේදනා හිතින් අමතක කරන්න පුලුවන් වුනත්, ඒ කැලැල් නැති කරගන්න මට හැකියාවක් නැහැ...

පුලුවන් උනා නම් ඔයා වෙනුවෙන් මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා වෙනවා මම..ඒත් ඒ වගේ දෙයක් ලබන්න තරම් මම පින් කරලා නැහැ....

හ්‍යුන්ග්ව මගේ ලග රදවගන්න පුලුවන් වුන එකම කාරණය..මගේ ශරීරයත් දැන් එයාට එපා වෙලාද කොහෙද.....

මගේ අතේ තිබුන කාඩ් එකත් අතින් අතෑරුනේ දන්නෙම නැතිව...එතනම බිම මම ඉදගත්තේ කකුල් පන නැතිව වගේ යනවා දැනුන නිසා....මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා...අත් සීතල වෙන්නත් ගත්තා....

මගේ ඇස් වලින් පැනපු කදුලු වලින්ම මගේ රිපෝට් කාඩ් එකත් තෙත් වුනා....

මට කෑ ගහලා අඩන්න ඕනි උනත්..බෑ... මට ඒක කරන්න බැහැ..මම මගේ කදුලුත් එක්කම මගේ සද්දෙත් හිර කරගත්තා...එක අතකින් කටවහගෙන මම ඉකි ගැහුවේ ඇඩිල්ල තද කරගෙන ඉදලම පපුවත් හිර වේගෙන වගේ එද්දී..

ඒත්  මගේ හ්‍යුන්ග්ට මගේ කදුලු පෙන්නන්න බැහැ...එහෙම වුනොත් එයා දුක් වේවි...මගේ හ්‍යුන්ග්ට දුක හිතෙයි මම අඩනවා දැක්කොත්...

ඒත් එක්කම ඇහුනේ කාමරේ දොර ඇරෙන සද්දේ.....

මම ඉක්මනින්ම මගේ කදුලු පිහිදගෙන නැගිට්ටේ පුලුවන් කමකට නම් නෙමෙයි...බොරු හිනාවක් මගේ මූනේ මවාගත්තු මම හ්‍යුන්ග් කාමරෙන් එලියට එනකම් බලාගෙන හිටියා....

හ්‍යුන්ග් ආවේ ඒ ගෑනු ලමයගේ කරට අතක් දාගෙන....පුන්චි ශෝටක් ඇදන් හිටිය හ්‍යුන්ග්ගේ ඇගේ වෙන කිසිම ඇදුමක් තිබුනේ නැහැ..ඒ ගෑනු ලමයත් හිටියේ පුන්චි රෑ ගවුමක් ඇදගෙන ...

හ්‍යුන්ග්ගේ ඇගේ හැමතැනම පුන්චි පුන්චි රතු පාට තොල් සායම්..එයාගේ පපුවෙත් දෙතොල් වලටත් ආසන්න වෙන්න ඒ පැල්ලම් තිබුනා...ගෑනු ලමයගේ ඇගෙත් හැමතැනම රතු වෙලා.......මගේ හ්‍යුන්ග්ගේ ඒ දරුනු සිපගැනීම් නිසා වෙන්නැති.....

මම හිතුවේ හ්‍යුන්ග් ට මාව විතරයි ඒ වගේ සලකුනු කරන්න ඕනි කියලා...මම හිතුවේ මට විතරයි එයාගේ ඇගේ ඒ වගේ පැල්ලම් තියලා යන්න පුලුවන් කියලා..මම හිතුවේ එයා මගේ විතරයි කියලා....

ඒත් කමක් නෑ හ්‍යුන්ග් ගේ සතුට ඒක නම් ,මම ඒක පිලිගන්න කැමති....

හ්‍යුන්ග් මාව දැක්කේ නෑ....එයා ඒ ගෑනු ලමයව තවත් ලගට අරගෙන එයාගේ තොල් සිපගත්තේ හරිම වේගයෙන්...

ඔයා වෙනුවෙන් ආදරේ කරපු මේ පුන්චි හිත ඔයා නිසාම බිදෙනකොට...  ඒ ගැන කිසිම  දෙයක්වත් නොදැන ඔයා ඔයාගේ ජීවිතේ විදිනවා

ගෑනු ලමයගෙන් දෙතොල් අයින් කරගත්තු හ්‍යුන්ග් ඒ කෙල්ලගේ මූනට නැමිලා ලස්සනට හිනා වුනා....මාව කොයි තරම් රිදුනත් ඒ හිනාව ආයෙත් ඒ මූනට ගේන්න මට ඕනිම දෙයක් කරන්න පුලුවන්.....එයාගේ හිනාව දැකලා මගේ හිතට සතුටක් දැනුනා...

හ්‍යුන්ග් ගෑනු ලමයගෙන් මූනෙන් ඈත් වුනාමයි එයා මාව දැක්කේ...එයා මාව දැක්කත් පුන්චිම වරදකාරි හැගීමක්වත් එයාගේ මූනේ තිබුනේ නැහැ...හරියට මම එයාට වටින්නේ නැති කෙනෙක් වගේ....හ්‍යුන්ග් මට අඩුම තරමේ හෙලෝ  කියන්නෙවත් නැතිව ගෑනු ලමයත් එක්ක පහල තට්ටුවට යන්න ගියා....

"හ්‍යුන්ගී.....ඔයාගේ කුකී පලවෙනියා වුනා"

මම එකපාරටම කෑ ගැහුවේ මගේ රිපෝට් එක ගැන කියලා..ඒත් මට ඕනි වුනේ මගේ හ්‍යුන්ග් ව...මොන තරම් ආදරේ කලත් ආදරේ කියන්නේ කැප කිරීමක් කිවුවත්  මට ඉරිසියා හිතුනා...මගේ හ්‍යුන්ග් ව වෙන කෙනෙක්ට දෙන්න..එයාගේ තුරුලේ වෙන කෙනෙක් හුරතල් වෙනකොට...එයාගේ අවදානය වෙන කෙනෙක් ලගට යනකොට....මට ඉරිසියයි...

"හ්‍යුන්ගී...මගේ රිපෝට් එක බලන්නකෝ"

මගේ හඩට එයා එකපාරටම හැරිලා බැලුවා...

ඒත් කිසිම උත්තරයක් දෙන්න කලින් ඒ ගෑනු ලමයා හ්‍යුන්ග් ගේ අතින් අදින්න ගත්තා....හ්‍යුන්ග් මම කතා කරපු එකත් අමතක කරලා ඒ ගෑනු ලමයගේ පැත්තට හැරිලා ආයෙත් පහලට බැස්සා...

"හ්‍යුන්ග්ට මේකෙන් වැඩක් නෑ...දැන් පෙන්නන්නත් බැහැනේ..මගේ කදුලු වලටම හේදිලා ගිහින්"

මම මගේ හ්‍යුන්ග් ව සාදාරනීකරනය කරන්න හේතු හදාගත්තා...ඒ එයාට මම ආදරේ නිසා...ඒ එයා මගේ මුලු ලෝකෙම නිසා...එයා කරන හැම දෙයක්ම හරි කියලා කියන්න මගේ මෝඩ හිත ඕනිම දෙයක් කරයි..

"ජන්කුක්..අපි දෙන්නට කන්න මොනාහරි හදන්න...මගේ කෙල්ලට බඩගිනිලු....ඔයත් තියන දෙයක් හදාගෙන කන්න"

පහලින් හ්‍යුන්ග් කෑ ගහනකොට මට දැනුනේ එකම දෙයයි....ඒ එයා මටත් කන්න කිවුවා..ඒ කියන්නේ එයා තාමත් මන් ගැන හිතනවා..එයා තාමත් මට ආදරෙයි...මගේ පණ..

මම ඔක්කොම අමතක කරලා පහලට බැස්සේ උඩ පැන පැන.....මට එයා තාමත් ආදරෙයි...ඒ ටිකම ඇති මට ජීවත් වෙන්න....මගේ හ්‍යුන්ගී මට ආදරෙයි.....

Bạn đang đọc truyện trên: Truyen247.Pro