Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Left

You know
you really love someone
when you can't hate them for breaking your heart.....

........................................................................

දැන් හොදටම රෑ වෙලා ...හ්‍යුන්ග් තාම ගෙදර ආවේ නැහැ...මම හ්‍යුන්ග් ටත් එක්ක කෑම ලෑස්ති කරලා බලන් හිටියේ මම මේ ගෙදරින් යන්න කලින් අන්තිම වතාවට හ්‍යුන්ග් ව දකින්න...

ඒත් දවල් මට එයා ගහපු වෙලාවෙන් පස්සෙ මම බෙහෙත් එක අරගෙන පහලට ආවත් හ්‍යුන්ග් ඒ වෙනකොටත් හිටියේ නැහැ...මම දැක්කේ එයාගේ කාර් එක ගේට්ටුවෙන් එලියට පිට වෙනවා විතරයි....

ඒ නිසයි තාමත් මම මේ ගෙදර ඉන්නේ...අන්තිම වතාවට හ්‍යුන්ග් ව දැකගන්න ඕනි නිසා...

මගේ ඇදුම් ටිකත් පුන්චි බෑග් එකකට දාගත්තු මම හ්‍යුන්ග් එනකම් එයා වෙනුවෙන් මම හදපු කෑම එකත් තියාගෙන සෝෆා එකට වෙලා බලාගෙන හිටියා...

මට දන්නෙම නැතුව නින්ද ගිහින්...එකපාරටම මම ඇහැරුනේ දොර ඇරෙන සද්දෙට.....

හ්‍යුන්ග් වෙන්නැති..

මම නිදිමතත් පැත්තකින් තියලා ඉක්මනට දිවුවේ දොර ලගට....ඔව් ඒ හ්‍යුන්ග් තමයි...මගේ හ්‍යුන්ග් ඇවිල්ලා...

එයා ඇවිත් තිබුනේ හොදටම බීලා ...කෙලින් හිටගන්නවත් බැහැ...එයාගේ අතේම එල්ලිලා මින්ජි ත් හිටියා...

මට දැනුනු සතුට කියාගන්න බැරි වුනා..අන්තිම වතාවට මට එයාව දැකගන්න පුලුවන්....

මම හ්‍යුන්ග් ට කතා කලේ එයාගෙන් සමුගන්න හිතාගෙන..ඒත් මට ලැබුනේ නොහිතපු ප්‍රතිචාරයක්....

"හ්‍යුන්ගී...මම යන්න හදන්නේ"

මම බොහොම අමාරුවෙන් වචන එලියට ගත්තේ ඇස් වල කදුලු පිරෙද්දී...මම පනටත් වඩා ආදරේ කරන මගේ හ්‍යුන්ග් ව ...අතෑරලා...එයාගෙන් ඈත් වෙන එක මට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.....

ඒත් මගේ හ්‍යුන්ග්ට ඕනි ඒක..එයාට ඕනි මාව නෙමෙයි..එයාට ඕනි මම එයාව දාලා යනව බලන්න..එයාට ඕනි මම එයාගෙන් ඈතට යනවා බලන්න....

"තෝ තාම ගිය නැද්ද තිරිසනා?"

හ්‍යුන්ග් මගෙන් අහනකොට මගේ ඇස් වල ආයෙත් කදුලු පිරුනා..මේ ඇස් හ්‍යුන්ග් වෙනුවෙන් අනන්තවත් අඩලා ඇති..ඒත් කිසිම දවසක මාව මොනතරම් ඇඩෙවුවත්  මම මගේ හ්‍යුන්ග් ට ආදරේ කරන එක නවත්තන්නේ නැහැ.....එයා තමයි මගේ එකම සතුට....ඔයා මාව රිද්දලා සතුටු වෙනවනම් කමක් නෑ...මාව රිද්දන්න..මගේ හිත කඩන්න...ඔයා සතුටින්නම් මමත් සතුටින්...මොකද ඔයා මගේ ආදරේ නිසා....

"මම දැන් යනවා හ්‍යුන්ග් ...සමාවෙන්න"

මම පහල බලාගත්තේ මගේ ඇස් වලින් වැටුනු කදුලු හංගන්න....

"අඩනවද පොඩි එකා...කොන්ද පන නෑ..කොල්ලෙක් වෙලත්"

මින්ජී එහෙම කියනකොට මට දැනුනේ හ්‍යුන්ග් ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලගන්නවා...

"දැන්වත් මෙහෙන් යනවා"

දෙපාරක් හිතන්නේ නැතුව එයා මාව ගෙදරින් එලියට ඇදලා දැම්මා...මාව වැස්සෙම එලියට ඇදලා දාපු එයා ඊලගට මගේ ඇදුම් තිබ්බ බෑග් එකත් එලියට ඇදලා දැම්මා..

මේ හැමදෙයක්ම මට ඉවසන්න පුලුවන්...ඒත් හ්‍යුන්ග් අවසන් වතාවටවත් මගේ දිහා ආයෙත් හැරිලා නොබලපු එක...එයා එකම වතාවක්වත් මට පරිස්සමින් යන්න නොකියපු එක...එයා මගේ මූනටම දොර වහපු එක...මේවා ඉවසන්න මම පුරුදු වෙලා නැහැ...

"අනේ හ්‍යුන්ග් අන්තිම වතාවට මට ඔයාගේ හා පැටියා කියලා කතා කරන්න"

මගේ හිත මෙහෙම ඉල්ලලා කෑ ගහද්දී මම එතනින් පිටත් වුනේ බොහොම අමාරුවෙන්...මගේ හිත පාලනය කරගෙන....

ගෙදරින් ගියාට මට යන්න තැනක් තිබුනේ නැහැ...යන්න කෙනෙක් ලග හිටියේ නැහැ..නම්ජූන් හ්‍යුන්ග් මාස 3කට කලින් රට ගියා...මට යන්න එන්න තැනක් තිබුනේ නැහැ..මගේ පිහිටට හිටියේ මගේ හ්‍යුන්ග්  විතරයි..ඒත් එයත් අද මාව ප්‍රතික්ශේප කලා....

මම වැස්සේ තෙමි තෙමීම ඇවිදින්න ගත්තේ නවතින්න තැනක් හොයාගෙන....බස් එකක යන්නවත් මගේ අතේ සල්ලි තිබුනේ නැහැ..

අඩුම තරමේ කුඩයක්වත් මගේ ලග තිබුනේ නැහැ....

අන්තිමට පාරේ ඇවිදලා ඇවිදලා මම නවතින්න තැනක් හොයාගත්තා.....

නම්සන් ටවර් එක ලග පිටිපස්සේ අතෑරලා දාපු බස් හෝල්ට් එකක් තිබුනා..එතන කවුරුත් නැති පාටයි....

පොඩ්ඩක් වටපිට බලපු මම මගේ ලග තිබුන කාඩ්බෝඩ් ටික බිම අතුරගත්තේ එතන නිදාගන්න හිතාගෙන...

වැස්සට තෙමිලා මහන්සියටම කාඩ්බෝඩ් එක අතුරපු බිම ම මට නින්ද ගියා....ඒ වෙලාවේ හොදටම සීතල වුනත් ඇගට පෙරවගන්නවත් රෙද්දක් මට තිබුනේ නැහැ..මම ඇදන් හිටපු ඇදුම් වගේම මගේ බෑග් එකේ තිබුන ඇදුනුත් හැම එකක්ම තෙමිලා....

කමක් නෑ..මේ හැමදේම මට හුරුයි..හ්‍යුන්ග් ගේ ආදරේ ශක්තියෙන් මේ හැමදේම මට දරාගන්න පුලුවන්....

මම බලාපොරොත්තු වුනා හැමදෙයක්ම හ්‍යුන්ග් දවසක තේරුම් ගනී කියලා....එයා මට ආදරේ කරයි කියලා...ආයෙත් මාව එයාගේ තුරුලේ හුරතල් කරයි කියලා...දවසක මාව හොයාගෙන එයාම එයි කියලා....එයාගේ ඒ ලස්සන ආදරේ හිමිකාරයා මම වෙයි කියලා.....

ඒත් ඒ දවස කවදද  කියලා මම දන්නේ නැහැ...

Bạn đang đọc truyện trên: Truyen247.Pro