Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Leave

අර ගෑනු ලමයා එහෙමත් නැත්නම් "ලී මින් ජී" ටික දවසකින් හ්‍යුන්ග්ගේ ගෙදර නවතින්න ආවා.....

එදා ඉදන් හැමදාම එයා හිටියේ මේ ගෙදර...දැන් හ්‍යුන්ග් ආසාවටවත් මගේ අතින්වත් අල්ලන්නේ නැහැ....

හ්‍යුන්ග්ට දැන් ගානක්වත් නැහැ මම එයාට ආදරේ කරනවා කියලා....එයා මගේ ලෝකේ කියලා..එයා වෙන කෙනෙක්ට ලන් වෙනකොට මට රිදෙනවා කියලා...එයා වෙන කෙනෙක්ට තුරුලු වෙනකොට හැමදාම ඔයාගේ තුරුලේ උනුසුම ඉල්ලලා මගේ හදවත අඩනවා කියලා...ඔයා එයා එක්ක හිනා වෙද්දී...මටත් ඔයත් එක්ක හිනා වෙන්න ඔයාගේ ලගට වෙන්න ඕනි කියලා...ඔයා එයාගේ ඇගිල්ලකින් හරි අල්ලන වතාවක් ගානේ ඒ ගෑනු ලමයා මම වුනානම් කියලා මම හැමදාම ප්‍රාර්තනා කලා කියලා...ඔයා දන්නවද හ්‍යුන්ග් ? නෑ නේද? ඔයා මගේ ආදරේ දන්නේ නෑ නේද? ....

ඔයා වෙනුවෙන් මගේ හිතේ තියන ආදරේ මාව අසීමිතව රිද්දනවා...ඒ වුනත් ඔයාට පොඩ්ඩක්මවත් රිදෙන්න දෙන්නේ නැතුව මම ඔයාව බලාගන්නවා ....



........................................................................

ඔහොම කාලයක් ගතවුනා.......

දවසක් මම ගෙදර එනකොට හ්‍යුන්ග් ඒ ගෑනු ලමයා එක්ක හොදටම රන්ඩු වෙනවා...ඇත්තටම රන්ඩු වුනේ හ්‍යුන්ග් නෙමෙයි...ඒ ගෑනු ලමයා.....

දොර ලග හිටගෙන හොරෙන්ම දොරට කන තියාගත්තු මම එයාලගේ කතාව අහගෙන හිටියා....

"කිම් ටේ හ්‍යුන්ග් ....මම කියන දේ කරනවා..නැත්තම් මම තව තප්පරයක්වත් මේ ගෙදර ඉන්නේ නැහැ..."

"මොනාද මින් ජී මේ කියන්නේ..මම කොහොමද එයාව එලවන්නෙ?"

"කොහොමහරි ඒ කාලකන්නි කොල්ලව මේ ගෙදරින් එලවන්න...ඌ ඉන්නකම් මට සතුටක් නැහැ..කොයි වෙලෙත් කාමරේට කඩාගෙන එනවා...අනිත් එක බලන්න උගේ හැටි..ඇග හැමතැනම තුවාල..අප්පිරියාවේ බැහැ..උදේම දැක්කම දවසම ඉවරයි..."

"මින් ජී....කට පරිස්සම් කරගන්නවා"

"මොකෝ ටේ හ්‍යුන්ග් ඒ සමනලයට බනිනකොට ඔයාගේ හිත රිදෙනවද...කොල්ලෝ පස්සෙන් යන සමනලයා..
මගේ යාලුවන්ව මට ගෙදර ගෙන්න ගන්න ඕනි...එතකොට මේ කොල්ලා හිටියොත් මට ඒක ලැජ්ජාවක්..හිගන්නෙක් වගේ ඉරිච්ච් ඇදුම් ඇදගෙන එහෙ මෙහෙ සක්මන් කරනවා ලැජ්ජ නැතුව"

එයාලගේ කතාව අහගෙන හිටපු මම ඉක්මනින් බැලුවේ මගේ ඇදුම දිහා...ඔව් මින් ජී කිවුව හැමදෙයක්ම හරි...මගේ ඇදුම් ඉරිලා.ඒවයෙත් තැනින් තැන පැල්ලම්...මමත් ලස්සනට අදින්න ආසයි..ලස්සනට ඉන්න ආසයි..ඒත් ඒ දේවල් කරන්න මගේ ලග සල්ලි නැහැ...අලුත් ඇදුමක් ගන්නවත් මගේ ලග සල්ලි නැහැ....නැත්තම් මමත් ලස්සනට ඉන්නවා....ඔයාට දැන් ඒකත් ගැටලුවක් නේද හ්‍යුන්ග්? ඔයාට ආදරේ කරන මේ කොල්ලා අදින ඇදුම පවා?

මින්ජී කියන දේවල් වලට මගේ හිත රිදුනත් මම ඒවා ඉවසන් හිටියා...මේ විදියේ දේවල් මට හොදට පුරුදු නිසා...

ඒත් ඊලගට ඇහුන දෙයින් මට තිබුන එකම බලාපොරොත්තුවත් නැති වුනා...ඒ හ්‍යුන්ග්ගේ කටහඩ...

"හරි හරි මම එයාව එලවන්නම්..ඔයාව මට වටිනවනේ...ඒ නිසා එයාව එලවලා හරි ඔයාව මගේ ලගින් තියාගන්නවා..එයාගෙන් මට වැඩක් නැ..මගේ එක සෙල්ලම් බඩුවක් විතරයි එයා..."

හ්‍යුන්ග් කියනකොට මගේ හදවත ගැහෙන එක නතර වෙනවා වගේ මට දැනුනා..හ්‍යුන්ග් ට මාව වටින්නේ නැහැ...එයාට මගෙන් වැඩක් නැහැ...ඒත් හ්‍යුන්ග්

...ඔයා මට ආදරෙයි කිවුවනේ...ඔයා මගේ කදුලු දකින්න කැමති නෑ කිවුවනේ..ඒ හැමදෙයක්ම බොරුද...ඒ හැමදෙයක්ම මම ඔයාගේ තවත් එක සෙල්ලම් බඩුවක් නිසා විතරද...එතකොට අපි මුල් කාලේ තුරුලු වෙලා පැය ගනන් කතා කරපුවා ඒවත් ඔයාගේ සෙල්ලමක්ද....ඔයා මට ස්කෝලේ යන්න කලින් දුන්න හැම හාදුවක්ම කිසිම තේරුමක් නැති ඒවද..ඔයා මන් වෙනුවෙන් මගේ ස්කෝලේ ඉවරවෙනකම් බලන් හිටපුවා හැමදෙයක්...මේ හැමදෙයක්ම ඔයාගේ රගපෑමක් විතරද...?

තවත් අඩන්න මට කදුලු නෑ..හදවත රිදෙන්න තවත් හදවතක් මට ඉතිරි වෙලා නැහැ...

මගේ ගැන හිතනවා කියලා මම බලාපොරොත්තු වුන එකම කෙනත් අද මගේ නොවටිනාකම පැහැදිලි කරලා දුන්නා....අද මම තවත් එක ලෝකෙට වැඩකට නැති ආත්මයක් විතරක් කියලා මගේ ආදරේ මට පෙන්නුවා...

දන්නෙම නැතුව මම දොර ඇරගෙන ගේ ඇතුලට ගිහිල්ලා...හ්‍යුන්ග්නුත් මින්ජීත් මගේ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා.....

හ්‍යුන්ග් මින්ජී දිහා එක සැරයක් බලලා ආයෙත් මගේ දිහා බැලුවා....
වේගෙන්ම මගේ ලගට ඇවිදගෙන ආපු එයා මගේ කොලර් එකෙන් අල්ලලා මාව පොලවට ඇදලා දැම්මා...

හයියෙන්ම මගේ ඔලුව ටයිල් එකේ වැදෙනකොට රිදුනත් මට ඉතින් මේවා පුරුදුයිනේ.....දැන් ඔයාගේ රිද්දීම් වලටත් මම පුරුදු වෙන්නම් මගේ පණ..

"තෝ තිරිසනා..මොනවද මගේ මින්ජීට කලේ? උබ නිසා තව පොඩ්ඩෙන් එයා මාව දාලා යනවා කාලකණ්ණියා..."

හ්‍යුන්ග් එයාගේ අතේ මිට මොලවලා මගේ බඩට ගහගෙන ගියා..පුන්චි කාලේ අර ගෑනු කෙනාගෙන් ගුටි කාපු දවසේ ඉදලා මගේ බඩේ වේදනාවක් තිබුනා...හ්‍යුන්ග් ගහනකොට මට ඒවා ඉවසන්න පුලුවන් වුනත් එයාගේ වචන මට ඉවසන්න බැරි වුනා...පිහි දස දහසකින් එකවර මගේ හදවතට අනිනවා වගේ හ්‍යුන්ග්ගේ වචන එකින් එක මගේ හිත පාරන්න ගත්තා......

අඩන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් මම දැනගෙන හිටියේ නැහැ...

"හ්..හ්‍යුන්ග්..සමාවෙන්න"

"සමාවෙන්න ...තෝ මගේ ජීවිතේ කෑවා..උබ ඉන්නේ අනිත් අයගේ ජීවිතත් විනාස කරන්න...තොගේ ජීවිතේ එපා කරපු එකක්..කාටවත් වැඩක් නෑ උබ හිටියා කියලා...ගිහින් මැරෙනවා..."

හ්‍යුන්ග් තව තවත් මගේ වැඩක් නැති ජීවිතේ ගැන කියනකොට ඇත්තටම මට ඕනි වුනේ මැරෙන්න...ඒත් හිතේ තිබුන වේදනාවට අඩනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මට පන තිබුනේ නැහැ....

"අඩන්නේ අනුකම්පාව ගන්නද? වැඩක් වෙන්නේ නැහැ "

ලග තිබුනු මල් වාස් එක අතට ගත්තු හ්‍යුන්ග් ඒක පොලවේ ගහලා බින්දා....ඒකේ කට්ටක් ගත්තු එයා කෙලින්ම ඉලක්ක කලේ මගේ අත...මගේ අතට හයියෙන්ම වීදුරුකට්ටෙන් ඇන්න එයාගේ ඇගිල්ලකුත් ඒ වීදුරු කට්ටට තුවාල වෙලා ලේ එන්න ගත්තා....

මගේ අතේ වේදනාවත් හිතේ වේදනාවත් පැත්තක තියපු මම ඉක්මනට නැගිට්ටේ හ්‍යුන්ග්ගේ අතේ තුවාලය දැකලා....මට මේ දේවල් පුරුදු වුනත් හ්‍යුන්ග්ට පුන්චිම වේදනාවක් වුනත් දරාගන්න බැරි බව මම හොදින්ම දන්නවා.....මගේ හ්‍යුන්ග් තාම පුන්චි ළමයෙක් වගේ...

"හ්‍යුන්ගී....අනේ රිදෙනවද ඉන්න මම බෙහෙත් ගේන්නම්"

හ්‍යුන්ග් ගේ ඇගිල්ල මම අතට ගත්තේ එයාගේ ලේ ටික උරන්න හිතාගෙන....ඒත් හ්‍යුන්ග් මගේ අත ගැසුවා....එයාගෙම ඇගිල්ල අල්ලගත්තු මගේ හ්‍යුන්ග් තුවාලේ දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්...

"උබට සතුටුද...තෝ නිසා දැන් මටත් තුවාල වුනා"

හ්‍යුන්ග් මට නොසෑහෙන්න බනිද්දිත් මට ඕනි වුනේ හ්‍යුන්ග් ගේ වේදනාව නැති කරන්න...එයා පුන්චිම වේදනාවකින් ඉන්නවවත් බලන්න මට බැහැ...මම මගේ අතත් එක අතකින් අල්ලගෙන උඩ තට්ටුවට දිවුවේ හ්‍යුන්ග්ගේ අතට බෙහෙත් දාන්න හිතාගෙන.......

මොන දේ කලත් මම මගේ හ්‍යුන්ග්ට ආදරෙයි....ඔයාට ඕනි මම යනවා බලන්න නම්..මම යන්නම්.....හැබැයි පුන්චි කාලයක් මට දෙන්න...ඔයාගේ වේදනාව අවසන් වතාවට මගේ අතින්ම හොද කරන්න....

........................................................................

Bạn đang đọc truyện trên: Truyen247.Pro