Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

I love you

"මිස්ටර් කිම් ටේ හ්‍යුන්ග් "

ටේ හ්‍යුන්ග් උදේම ඇහැරුනේ දොරට තට්ටු කරන සද්දෙට...

ඇදේ එහා පැත්තේ හිටපු නිරුවත් මින්ජී දිහා එක වතාවක් බලපු ටේ හ්‍යුන්ග් නිදිමතෙන්ම ගියේ දොර අරින්න....

දොර අරිනකොටම එතන හිටියේ පොලිසියෙන්...පොලිස් භටයෝ දෙන්නෙක් ඇවිත් තිබුනා...

ටේ හ්‍යුන්ග් පොලිසියෙන් දැකලා පුදුම වුනත් ඒක පෙන්නන්න ගියේ නැහැ...

Taehyung's pov:-

"ම්ම්...ඇයි සර්..මොකක්ද ප්‍රශ්නේ?".

"ඔයාද කිම් ටේ හ්‍යුන්ග් ?"

"ඔව් මම තමයි"

"ඔයාට ලියුමක් තියනවා..."

"කාගෙන්ද"

"ජියොන් ජන්කුක් කියලා කෙනෙක්ගෙන්"

මම ඉක්මනටම ලියුම අතට ගත්තා....මට පුදුම ජන්කුක් ලියුමක් එවපු එකට නෙමෙයි...මොකද එයා මට මේ වෙනකොට සිය ගනන් ලියුම් එවලයි තිබුනේ...එයා ගිහින් තාම මාස 3ක් නැහැ......ඒත් ලියුම් එවනවා හැමදාම..මට හරිම කරදරයක්..ඒවා එකක්වත් කියවන්න මම මගේ වෙලාව නාස්ති කලේ නැහැ...

ඒත් මේ ලියුම පොලිසියෙන් ගෙනාවේ ඇයි? ඒ කුතුහලේ නිසාම මම එතනම ලියුම දිග ඇරියා......

2018.11.13

හ්‍යුන්ග්...මම ඔයාගේ ජන්කුකී....

ඔයාට ගොඩක් ආදරේ කරපු ඔයා මගේ ජීවිතේම කරගත්තු මම ඔයාගේ මෝඩයා...

ඔයාගේ පිස්සු හා පැටියා..මගේ හ්‍යුන්ග්ගේ එකම හුරතලේ මම නේද හ්‍යුන්ගී....

ඔයා දැන් මේ ලියුම කියවනවම් ..ඒකේ තේරුම මගේ හ්‍යුන්ග් ට කරදර කරන්න තවත් මම ඔයාගේ ලග නෑ කියන එක...

ඉතින් මගේ කොටි පැටියෝ මට කියන්න ඕනි වුනේ මම ඔයාට ආදරෙයි කියලා.....

ඔයා දන්නේ නැති ලොකු අතීතයක් මට තියනවා..මම ගොඩක් දුක් විදපු කෙනෙක්...මම කාගෙවත් ආදරයක් වත් අනුකම්පාවක්වත් ලබපු කෙනෙක් නෙමෙයි.....

ඒත් මගේ හ්‍යුන්ග් ඔයා එදා ඇවිත් මගේ ලගට වෙලා මගේ කදුලු පිහිදානකොට..
ඔයා නොදන්නවා වුනාට මගේ හිතේ දහසක් බලාපොරොත්තු ඇති වුනා...ඒ ඔයාගේ ආදරේ නිසා...ඒ ඔයා නිසා මගේ හ්‍යුන්ග් ..ඔයාගේ ආදරේට මම ආදරේ කරන්න පටන් ගත්තා....

ඔයා මගේ ලගින් හිටපු හැම තප්පරයක්ම මගේ ජීවිතේ ලස්සනම මොහොතවල් වුනා....ඔයා මගේ අතින් අල්ලපු  හැමවාරයක්ම මගේ ජීවිතේ සතුටුම මොහොතවල් වුනා...

හ්‍යුන්ග් ඔයාගේ ඔය කටින් ඔයා මට ආදරෙයි කියනකොට...මොහොතකට හිතුනා..මමත් වටින කෙනෙක් කියලා...හ්‍යුන්ග් මාව ලගට ගන්නකොට මම හිතුවා ඔයා මගේ විතරයි කියලා...ලෝකේ හැමදේම මට නැති වුනත් ඔයා මට ඉන්නවානේද මගේ හ්‍යුන්ග් කියලා මම අහන හැම වාරෙකම ඔයා ඔව් කියද්දී...මට දැනුනේ දෙවියෝ ඔයාව මගේ ලගට එවුවා කියලා....මන් වගේ අසරනයෙක්ට ආදරේ දෙන්න දෙවියෝ ඔයාව මගේ ලගට එවුවා කියලා.....

ඒත් ඒ හැමදේම වෙනස් වුනා හ්‍යුන්ග් ....මගේ හ්‍යුන්ග් ඔයා වෙනස් වෙන්න ගත්තා...මට වඩා වෙන අයට අවදානය දුන්නා...මාව ගනන් ගන්නෙම නැතුව ගියා....මගේ හිත රිද්දන එක ඔයාට සෙල්ලමක් වුනා ....ඔයාගේ සතුට වුනේ මාව රිද්දන එක......

ඒ මොනව වුනත් මම ඔයාට ආදරෙයි..ඔයා විතරයි මගේ කියලා කියන්න පුලුවන් කෙනෙක්ට මේ ලෝකේ ඉන්නේ මගේ පැටියෝ....

ඔයාට මතකද මම ඔයාට කොටි පැටියා කියනකොට ඔයා හිනා වුන විදිය.....

ඒත් ඒ හැමදේම අහිමි කරලා....මගේ හැම පුන්චි බලාපොරොත්තුවක්ම බිදලා දාලා ඔයා වෙන කෙනෙක් ලගට ගියේ අඩුම තරමේ මේ සම්බන්දේ නවත්තපු බවක්වත් මට නොකියා....

මට ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ...මට තිබුන එකම බලාපොරොත්තුව මගේ හ්‍යුන්ග් එක්ක කවදහරි පුන්චි දරු පැටියෙක්ව බලාගන්න....ඒත් මම දෙවියන්ට පොරොන්දු වුනා ...ඒ දරු පැටියටත් වැඩිය මම ඔයාට ආදරේ කරනවා කියලා......ඔව් මම මගේ හ්‍යුන්ග් එක්ක ඒ තරම් දුර යන්න බලාපොරොත්තු වුනා....

ඒත් මගේ හ්‍යුන්ග් ඔයා මගේ හැම පුන්චි අහිංසක හීනයක්ම කෑලි කෑලි වලට බිදලා දැම්මා....කමක් නෑ...ඒවා මගේ හීනනේ..මගේ හීන තියෙන්නේ බිදෙන්න....කොහොමත් හැම කෙනෙක්ම සතුටු වෙන්නේ මගේ හීන බිදෙනවා දැකලා

ඒවා මගේ හ්‍යුන්ග් ගේ හීන නෙමෙයිනේ...ඔයාට හැම සතුටක්ම ලැබෙන්න ඕනි හ්‍යුන්ග් .....

මම ඔයාට දිනපතා ලියුම් එවුවා....ඒත් කිසිම දේකට ඔයාගෙන් ප්‍රතිචාරයක් ආවේ නැති නිසා මම දවසක් ඔයාගේ ගෙදර ලගට ආවේ හොරෙන්ම ඔයාව බලලා යන්න.....

ඒත් මම දැක්කේ මම දකින්න බලාපොරොත්තු වුන දේ නෙමෙයි...මගේ හිතේ පුන්චිම බලාපොරොත්තුවක් හරි තිබුනා නම් එදා ඒක නැති වෙලා ගියේ හ්‍යුන්ග් එක කකුලකින් දන ගහලා මින්ජිගේ අතට මුද්දක් දානකොට...හ්‍යුන්ග් එයාව බදින්න යනවා.....ඔයා ඒක කලේ අඩුම තරමේ අපේ ආදරේට සමුදෙන්නේ වත් නැතුව.....

"නෑ මගේ හ්‍යුන්ගී මට එහෙම කරන්නේ නැහැ...එයා මට ආදරෙයි..එයා වෙන කෙනෙක්ව බදින්නේ නැහැ....එයා මට පොරොන්දු වුනා එයා බදින්නේ මාව විතරයි කියලා...මගේ හ්‍යුන්ග් එයාගේ පොරොන්දු කඩ කරන්නේ නෑ"

මේ වගේ දහසක් දේවල් කිය කිය මගේ හිත එක්ක මම සටන් කලත් මට ඇත්තට මූන දෙන්න වුනා...මගේ හ්‍යුන්ග් සදහටම වෙන කෙනෙක්ගේ වෙන්න යනවා කියන එක මට දරාගන්න බැරි වුනා.....

ඔයා හිටියේ සතුටින්...මම නෑ කියලා ඔයාට ගානක්වත් නෑ වගේ...මට ඔයා නැතුව පාලු දැනුන තරම් හ්‍යුන්ග් ..ඔයාට ඒත් එක මොහොතකවත් එහෙම දැනුනේ නැතුව ඇති නේද....?

ඔයාගේ සතුට විතරක් ප්‍රාර්තනා කරපු මට තවත් ඉවසන්න බැරි වුනා..තවත් අඩන්න කදුලුවත් බිදෙන්න හිතක්වත් මට ඉතුරු වෙලා තිබුනේ නෑ හ්‍යුන්ග්...

මට තවත් ඉවසන්න බැහැ...මම ගොඩක් දුක් වින්දා...මගේ හිත ගොඩක් රිදුනා...ඔයා නිසා මගේ ඇස් අඩපු වාර අනන්තයි හ්‍යුන්ග් ....ඒත් මේ වතාවේ මගේ දරාගැනීමේ ශක්තිය මට නැති වෙලයි තිබුනේ.....

ඒ මොහොතෙයි මම තේරුම් ගත්තේ...මම ඔයා සෙල්ලම් කරලා විසි කරපු තවත් එක සෙල්ලම් බඩුවක් විතරයි කියලා.....ඇත්තට මම මේ ලෝකෙට වැඩක් නැති කෙනෙක් කියලා....ඔයා කිවුවා හරි හ්‍යුන්ග් ...කාටවත් මගෙන් වැඩක් නැහැ....

ඒ මොහොතෙයි මම තේරුම් ගත්තේ මේක ඒක පාර්ශවික ආදරයක් කියලා....

මම ඔයාට හැමදාම ආදරේ කලා...ඒත් ඔයා කවදාවත් මට ආදරේ කරලා නැහැ මගේ හ්‍යුන්ග් ...

පරිස්සමින් ඉන්න මගේ මැනික...

ආයේ ඔයාට කරදර කරන්න මේ ජන්කුකී නැතිවෙයි....ආයෙත් ඔයාට වදයක් වෙන්න , ඔයාගේ දවසම කාලකන්නි කරන්න මේ හා පැටියා එන්නේ නැහැ....

මම යන්නම්.... ඔයාව ආයෙත් කවදාවත් මුන නොගැහෙන ලෝකෙකට..ඔයාට කවදාවත් මේ කාලකණ්ණි මූන ආයෙත් දකින්න බැරි වෙන තැනකට....

මගේ හ්‍යුන්ග් සතුටින් ඉන්න ඕනි මම නැතුව...මගේ හ්‍යුන්ගී...ඔයාට මම තාමත් ආදරෙයි......

අවසන් වතාවට කියන්නේ....

හැමදේකටම ස්තූතියි හ්‍යුන්ග්...ආදරේ කියන දේ කවදාවත් නොලබපු මට ඒ හැගීම මොහොතකට හරි ලබාදුන්නට ඔයාට පින්......

ලබන ආත්මෙදිවත් මගේ වෙනවද හ්‍යුන්ග්?? මගේ වෙනවා නේද මගේ කොටි පැටියෝ?මගේම විතරක් වෙනවා නේද?

ඔව් මම ලෝබයි ඔයාව ලබන ආත්මෙදිත් ඉල්ලන්න තරම්....

මම ඔයාට ආදරෙයි..... මගේ ටේ හ්‍යුන්ග්

මීට
ඔයාගේ හා පැටියා
ජන්කුකී

ලියුම කියවපු මගේ අත් වෙවුලන්න ගත්තා....හදවතේ මොනවදෝ හිර වුනා වගේ...මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා වගේ....හදවතින් වගේම ශරීරයෙනුත් මට වේදනා දෙන්න පටන් ගත්තා.......

මම එතනින් ඉක්මනට දුවන්න ගත්තේ මගේ ජන්කුකීව හොයාගන්න හිතාගෙන.....

ඒත් පොලිස් බටයෙක් මාව අල්ලගත්තා...

"සර් කොහෙද දුවන්නේ?"

"මම..මම යනවා ජන්කුකීව හොයාගන්න"

"සොරි සර්...ඔයා පරක්කු වැඩී???"

"මොකක්ද ඒ කතාව?"

මගේ අත් වෙවුලන්න ගත්තේ සිද්ද වෙලා තියන්න පුලුවන් දේවල් ගැන හිතද්දි...

"එයාගේ ජීවිතේ නැති වුනා සර්....එයා සියදිවි නසාගෙන..අද උදේ හන් ගගේ තිබිලා එයාගේ බොඩි එක එලියට ගත්තේ...මරන පරීක්ශන කරනකොට ලැබුනු තොරතුරු වලින් තමයි දැනගත්තේ  මේ ලියුම එයා නැවතිලා ඉදපු බස් හෝල්ට් එකේ අයිනක තියලා ගිහින් බව...මොනා වුනත් ගොඩක් අසරන වුන කොල්ලෙක්...එයා ජීවිතේ නැති කරගත්තේ නැති වුනත් එයාට වැඩි කල් තිබිලා නැහැ...වැස්සට තෙමිලම නිව්මෝනියාව හැදිලා ඉදලා තියෙන්නේ..අනිත් එක.."

පොලිස් බටයා කියාගෙන ගියත් මට ඇහුනේ ජන්කුකී මාව දාලා ගියා කියන තැනට විතරයි....මගේ කන් ඇහෙන්නේ නැතිව වගේ ගියා...මොන අපරාදයක්ද මම මේ කලේ...අර අහින්සක හා පැටියව නැති කරගත්ත නේද..ඔයාට ඇත්තටම ආදරේ කරපු එකම කෙනා....ඔයා නැති කරගත්තා නේද කිම් ටේ හ්‍යුන්ග් .....ඒ කොල්ලට ඔයා කොච්චර දුක් දෙන්න ඇතිද....එයා ඒ හැමදේම ඉවසන්න ඇති....අඩන්න ඇති...රිදෙන්න ඇති...මම තුවාල කරනකොට එයාට බෙහෙත් දාන්න කවුරුත් හිටියේ නැතුව ඇති...පුන්චි හා පැටියා සීතලේ වෙවුලන්න ඇති..කන්න නැතුව දවස් ගනන් ඉන්න ඇති....ඇයි ඒ අහින්සකයාගේ ආදරේ මට තේරුනේ නැත්තේ.....ඇයි එයා නැති වුනාම මට හැමදේම නැති වුනා වගේ දැනෙන්නේ...

"මගේ හා පැටියා මේ ලෝකෙන් ගිහින්....ආදරේ කියන්නේ මොකක්ද කියලා මට තේරුම් කරලා දීලා එයා සදහටම යන්න ගිහින්...."

මගේ ජීවිතේ පලවෙනි වතාවට මගේ ඇස් වලින් කදුලක් ආවා.....මේ සෙල්ලක්කාර හිත ඒ පුන්චි හා පැටියා හොරෙන් අරන් ගිහින්....මට එයාව නැති කරලා.....එයා ගිහින්...

Bạn đang đọc truyện trên: Truyen247.Pro