I am jeon Jungkook
කතාව පටන් ගන්න කලින් කියන්නෙ මේ ටික.....
මේක කලින් කතාවමයි..re-publish කරනවා විතරයි....
ඉතින් අලුතින් කියවන කෙනෙක් නම්....ඔයා මට කියන්න කතාව අවසානෙදි ඔයාට ඇඩුනද නැද්ද කියන එක විතරක්.....
.......................................................................
මම ජියොන් ජන්කුක්.....කෙනෙක්ගේ ආදරේ වෙනුවෙන් හැම දේම පුද කරපු.......
මේ කතාව ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා......
පුන්චි කාලේ ඉදලා මම හැදුනේ අනාත නිවාසයක....මගේ අම්මයි තාත්තයි මාව පාරේ දාලා ගිහින් තිබුනලු..එයාලා මාව හොයාගත්තේ එහෙමලු....
ඒ අනාත නිවාසේ හොද තැනක් නම් වුනේ නැහැ...පුලුවන් තරම් කලේ අපිට වද දීපු එක
මට අවුරුදු 8 ක් විතර වෙනකොට මාව ගෙදරකින් හදාගන්න ගත්තා...එදා මගේ ජීවිතේ සතුටුම දවසක් වුනා...
ගෙදර ලගින් බැස්ස ගමන් මම එල්ලුනේ මාව ගත්ත ගෑනු කෙනාගේ සායේ...හුරතලේට වගේ.....
"අම්මා..අම්මා..මම ඔයාත අම්මා කීන්නද?"
හුරතලේට ඇස් දෙකත් ලොකු කරලා මම ඇහුවේ කවදාවත් නොලබපු මව් සෙනහස ලබාගන්න හිතාගෙන....
ඒත් ඒ ගෑනු කෙනා මගේ අත එයාගේ සායෙන් අයින් කරලා එකපාරටම මගේ කනෙන් ඇදලා මාව ගේ ඉස්සරහා බිමට වැට්ටුවා.....
"උබව ගෙනාවේ හුරතල් කරන්න නෙමෙයි.....ගෙදර වැඩ ටික කරවගන්න.."
මගේ ඇස් වලින් කදුලු පැන්නා මම හයියෙන්ම අඩන්න ගත්තා.....ඒත් ඒ ගෑනු කෙනා මට අනුකම්පා කලේ නැහැ..මම ආවේ ආදරේ හොයාගෙන..කාගේ හරි පිහිටක් හොයාගෙන ආව මාව, වැටුනේ තවත් අපායක....
අනාත ලමයෙක් මදිවට මම දැන් ගෙදරක වැඩකාරයෙකුත් වෙලා....
මේ දේවල් දැනෙනකොට මට තව තවත් අඩන්න ඕනි වුනත් මගේ ඇඩිල්ල නතර කරගන්න මට ඊට වඩා ලොකු උවමනාවක් මට තිබුනා...
ඒත් ඒ ඇඩිල්ල තවත් වැඩි වුනේ ඒ ගෑනු කෙනා මගේ බඩටම පයින් ගහනකොට..මගේ බඩ වේදනා දෙන්න ගද්දි මම බඩත් අල්ලගෙන වකුටු වුනේ ප්‍රහාර වලින් වැලකෙන්න.....
"ගිහින් අර සින්ක් එක හෝදනවා ඊට පස්සේ අපේ රෙදි ටික හොදලා කන්න දෙයක් හදනවා"
ඒ ගෑනු කෙනා එයාගේ අඩි උස සෙරෙප්පුවෙන් මගේ අත පාගලා දැම්මෙ මට තවත් අඩන්න සලස්වලා...
යන්න ගියපු එයා ආයෙත් නැවතුනා...මගේ දිහා ඔරවලා බලපු ඒ ගෑනු කෙනා මට සැරෙන් කතා කලා....
"ආයේ ඔය කන් කරච්චලේ ඇහුනොත් මන් තමුසෙගේ ඇගිලි ඔක්කොම පුච්චනවා"
පුන්චි නිසාම වේදනාවන් වලට බය වුනු මම කටින් අත තද කරගත්තේ ඇඩිල්ල නතර කරගන්න......
මේ දවසින් පස්සේ මගේ ජීවිතේ හැමදවසක්ම අපායක් වුනා...අවුරුදු 15ක් වෙනකම් මම හැදුනේ ඒ ගෙදර..
මටම වෙන් වුන පුන්චි කාමර කෑල්ලක් මට දීලා තිබුනා...එහෙ හිටිය "max" ඒ කියන්නේ බලු පැටියගේ කූඩුව ලගින්ම මටත් ලෑලි ගහලා ඒ වගේම කූඩුවක් හදලා දුන්නා...ඒක මගේ ගෙදර වගේ..මට පුලුවන් උපරිම ලස්සනට මම ඒක තියාගත්තා...
ගෙදර අයින් කරන හැම බඩුවකින්ම මට ආස හිතෙන දේවල් මම හොරෙන් ගෙනත් ඒ කාමරෙන් තියාගත්තේ කාමරේ ලස්සන කරගන්න.....
කොච්චර ලස්සනට තියාගත්තත් වැස්ස දවසට ඒ කාමරේ තෙමෙනවා...ඒ නිසාම මම ලෙඩ වුනු වාර අනන්තයි....ලෙඩ තියනවා කියලා දැනගත්තම එයාලා මගෙන් වැඩියෙන් වැඩ ගන්න පටන් ගන්නවා...ඒ නිසාම මම මගේ ලෙඩ ඉවසන්නත් හංගන්නත් පුරුදු වුනා...
මේ අතරෙයි මේ ගෙදරට නිතර ආව ගිය නම්ජූන් හ්‍යුන්ග් මගේ යාලුවෙක් වුනේ....දවසක් එයා මට යෝජනාවක් කලා....
ඒ මේ ගෙදරින් පැනලා යන්න....එයා මම විදපු දුක් හැමදෙයක්ම වගේ දැක්කා...කස පහර වලින් මගේ ශරීරය හැම තැනම තුවාල වෙලා තියන විදිය...මගේ ඇගේ තැනින් තැන පිච්චිලා තියන ඒවා ...ගුටි කාපු පාරක් පාරක් ගානේ ඇගේ ඇති වුන සලකුනු....
ඒ නිසාම වෙන්නැති එයා මාව බේරගන්න හිතන්න ඇත්තේ....
මම හ්‍යුන්ග් එක්ක හ්‍යුන්ග් ගේ ගෙදර නවතින්න ගියා.....ස්කෝලේ යන්න අවස්තාවක් හ්‍යුන්ග් මට හදලා දුන්නා...ස්කෝලේ වැඩ වලට සල්ලි හොයාගත්තේ හ්‍යුන්ග්ගේ ගෙදර අතුගාන උයන වැඩ ටික කරලා දීලා...හ්‍යුන්ග්ගේ ගෙදර මට දිව්‍ය ලෝකයක් වගේ..මහ ලොකු සැප නැති වුනත් මම විදවපු තරමට මේ ගෙදරත් නම්ජූන් හ්‍යුන්ග් වත් මගේ ලගට එවන්න ඇත්තේ දෙවියෝ වෙන්නැති කියලා මම විශ්වාස කලා....
මෙහෙම ඉන්නකොටයි ටේ හ්‍යුන්ග් හ්‍යුන්ග් ව මට මුන ගැහුනේ..
දැකපු පලවෙනි දවසෙම එයා මගේ දිහා බැලුවේ අමුතු බැල්මකින්....
එයා හැමදාම හ්‍යුන්ග්ගේ ගෙදර යනවා එනවා.....එයා මාත් එක්කත් හිමින් හිමින් ලන් වුනා..හිතුවට වඩා ඉක්මනට අපි ගොඩක් ලන් වුනා....
ඒ වෙනකොටත් මට ඒ දගකාරයට ආදරයක් ඇති වෙලයි තිබුනේ...ඒත් මම දන්නවා...මම ආදරෙ ලබන්නවත් ආදරේ කරන්නවත් සුදුසු කෙනෙක් නෙමෙයි කියලා....
ඉතින් ඒ වගේ ලස්සන විසේකාර කොල්ලෙක් මට කැමති වෙයිද? කීයටවත් නැහැ.....
ඒත් දවසක් පුදුම දෙයක් සිද්ද වුනා...ඔව් මහ පුදුම දෙයක්....
හ්‍යුන්ග් මගෙන් කැමතිද ඇහුවා...
මම ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියේ සතුටු කදුලු ඇස් දෙකේ පුරවගෙන....
"අනේ හා පැටියෝ..අඩන්න එපා...හ්‍යුන්ග් කැමති නෑ එයාගේ චූටි හා පැටියගෙ ඇස් වලින් කදුලු එනවට"
හ්‍යුන්ග් මගේ ඇස් වලට එබිලා මගේ කදුලු පිහිදනකොට මට දැනුනේ මට ලෝකයක් ලැබුනා වගේ...කවදාවත් ආදරයක් ලබපු නැති මට එයාගේ ඒ වචන එයාව මගේ ලෝකෙම කරන්න තරම් ප්‍රබල වුනා...අවසානෙදි එකම කෙනෙක් හරි මට ආදරේ කරනවා..අවසානෙදි එකම කෙනෙක් හරි මාව හුරතල් කරනවා...අන්තිමේදි එකම කෙනෙක් හරි මගේ ගැන හොයලා බලනවා....මගේ කදුලු දකින්න විතරක් ආස කරපු මිනිස්සු අතරේ මගේ කදුලු වලට වටිනාකමක් දෙන්න කෙනෙක් ඉන්නවා....මමත් කාගේ හරි ජීවිතේක වැදගත් කෙනෙක් කියලා හ්‍යුන්ග් මට අද පෙන්නුවා...
මගේ ජීවිතේ පලවෙනි වතාවට මම අද කෙනෙක්ගේ ආදරෙ ලැබුවා.....
එදා ඉදන් මම නම්ජූන් හ්‍යුන්ග් ගෙන් අවසර අරගෙන ටේ හ්‍යුන්ග් හ්‍යුන්ග්ගේ ගෙදර නවතින්න ගියා....
හැමදෙයක්ම හොදින් සිදුවෙමින් පැවතුනා.......
ඒත් මොන දේ කලත් සමහර දේවල් කවදාවත් වෙනස් කරන්න බැහැනේ...
මගේ හ්‍යුන්ග් සෙල්ලක්කාරයෙක්...
Bạn đang đọc truyện trên: Truyen247.Pro