Chào các bạn! Vì nhiều lý do từ nay Truyen2U chính thức đổi tên là Truyen247.Pro. Mong các bạn tiếp tục ủng hộ truy cập tên miền mới này nhé! Mãi yêu... ♥

Twisted

Black wolf pack

"ජියොන් ජන්කුක්.....මෙහෙ එනවා"

ජන්කුක්ගේ තාත්තා කතා කලේ හොදටම තරහින්....මින්හෝ කියන්නේ සාමාන්‍ය වෘක කණ්ඩායමක නායකයෙක් නම් නෙවෙයි..ජන්කුක් වගේම හැඩි දැඩි සිරුරක් තියන, ජන්කුක් වගේ දෙගුනයක් ශක්තිමත් ,අහන්කාරයෙන් ඔලුව උදුම්මවා ගත්ත ,කිසිම කෙනෙක්ට දෙවෙනි වෙන්න අකමැති කෙනෙක්...මොන දේටත් මුලින්ම ශරීර ශක්තියෙන් ප්‍රශ්න විසදන පුරුද්ද ජන්කුක්ට ලැබුනේ එයාගේ තාත්තාගෙන්...

ජන්කුක් එයාගේ මූනෙන් කිසිම බයක් පෙන්නුවේ නැති උනත් හිත ඇතුලෙන් පුන්චි බයක් නොතිබුනාම නෙමෙයි......

ජන්කුක් හිමින් හිමින් අඩිය තිබ්බේ එයාගේ තාත්තා ලගට....එතනට ගිහින් ඔලුව පාත් කරගත්තේ ඇල්ෆාට ගරු කරන්න....

"ඇල්ෆා......."

ඔලුව නමලා ආචාර කරපු ජන්කුක්ට ඊලග සැරේට වැදුනේ ලොකු වේවැල් පාරක්.....හරියටම පිට මැදට.....

"ජන්කුක්....තමුසේ මට ලැජ්ජාවක්..අර වගේ දුර්වලයෙක් එක්කවත් තමුසෙට සටන් කරගන්න බෑ....ඒ දේටත් මට ස්කෝලෙට එන්න උනා...අඩුම තරමේ තමුන් ඒ මිනිහගේ අතක් පයක්වත් කඩලා තිබ්බා නම්....අන්න ඒක නම්බුවක්"

ඇල්ෆා එහෙමත් නැත්නම් මින්හෝ ජන්කුක්ට නොනවත්වා වේවැලෙන් පහර දෙන්න ගත්තා.....ජන්කුක්ගේ ඇග තැනින් තැන රතු වෙලා ලේ එන්න ගත්තත් එක කදුලු බින්දුවක්වත් එයාගේ ඇස් වලින් වැටුනේ නැත්තේ මේ දේවල් පුන්චි කාලේ ඉදලම එයාට හුරු පුරුදු දේවල් නිසා.....

"මට සමාවෙන්න ඇල්ෆා"

"සමාව ඕනි නම් උන්ගෙන් එකෙක් විනාශ කරලා එනවා....මගේ නම්බුවට හානි කරන්නේ නැතුව".....

ඇල්ෆා ආයෙමත් කිවුවේ ජන්කුක්ගේ ශර්ට් එක ගලවන්න අණ දෙමින්

ඒත් එක්කමයි සානා එතනට දුවගෙන ආවේ....

මොන තරම් ස්කෝලෙදි සැර උනත්, පිටින් දරුනුවට පෙන්නුවත් එයාගේ මල්ලි කියන්නේ ඇතුලතින් මෘදු කෙනෙක් කියන එක එයා දැනගෙන හිටියා....තාත්තගේ දඩුවම් මැද්දේ, අසීමිත හිරි හැර මැද්දේ ජන්කුක්ගේ හිත ගලක් විදියට වැඩෙන්න නොදී....එයාට අහිමි උන මවු සෙනෙහස දෙන්නා සානා වග බලාගත්තේ එයාගේ මල්ලිත් එයාගේ තාත්තා වගේ රාක්ශයෙක් වෙනවට  කැමති නැති නිසා.......අද ජන්කුක්ගේ හිතේ පුන්චිම මෘදු බවක් හරි තියනවා නම් ඒ සනා නිසා......

"තාත්තේ නවත්තන්න......."

ඇස් වලින් වැටෙන කදුලුත් එක්ක සනා දුවගෙන ගියේ එයාගේ මල්ලිව බදාගන්න...ඒත් ජන්කුක් නෙමෙයි අගලක්වත් හෙල්ලුනේ........

"සනා.....ඔයා අයින් වෙන්න"

ඇල්ෆා කතා කලේ පහත් කටහඩකින්.....

"නෑ...මම අයින් වෙන්නේ නෑ....මල්ලිට ගහන එක නවත්තන්න....නැත්තම් මම අයින් වෙන්නේ නෑ"

සනා කියාගෙන ගියේ ජන්කුක්ගේ ඇගේ තුවාල ගැන විපරම් කරන ගමන්.....

"ඌට මේවා පුරුදුයි"

ඇල්ෆා ආයෙමත් කතා කලේ සනාට ජන්කුක්ගෙන් ඈත් වෙන්න ඉගි කරලයි....

ඒත් ඒ වචන වලට සනා ගේ පරන මතක ඇවිස්සුනේ දන්නෙම නැතුව......

"පුරුදුයි? පුරුදුයි නෙමෙයි....තමුන් ඒ ලමයාව පුරුදු කලා...පොඩි කාලෙම අම්මගෙන් ඈත් කලා...ඊලගට අපේ අම්මාව මරා ගත්තා...මගේ මල්ලිට පොඩි කාලේ ඉදන් වද දුන්නා....තමුසේ අපේ ජීවිත විනාශ කලා"

මේ කතා කරන්නේ තමන්ගේ තාත්තට කියන එකත් අමතක උනු සනාට හිතුනේ එයා කතා කරන්නේ රාක්ශයෙක්ට කියන එක......

සනා හරි ...එයාලගේ තාත්තා කියන්නේ රාක්ශයෙක් කියන එක ඔප්පු වෙන්න තව වෙලා ගියේ නෑ....ඇල්ෆා සනාගේ කොන්ඩෙන් ඇදලා එයාව තල්ලු කලා...තල්ලු කරපු සැරටම සනාගේ ඔලුව පොලවේ වැදුනා...වැදුන සැරට  නලලෙන් ලේ ගලන්න ගත්තා.....

"කටවහගන්නවා සනා"

ඇල්ෆා එයාගේ බලය පාවිච්චි කලේ එයාගෙම දුවට එරෙහිව....ඇල්ෆා කටහඩින් කිවුව ඒ පුන්චි වචනේ සනාව කොනක ගුලි වෙන්නත් , එයාට වේදන දෙන්නත් හේතු උනා....

මින්හෝ එලියට ගියේ එයාගේ සේවකයෙක්ට කතා කරන ගමන්....ජන්කුක් ඒ වෙලාවේ ඉක්මන් උනේ එයාගේ සහෝදරිය ගැන බලන්න.....

"සනා...සනා අක්කේ නැගිටින්න...."

ජන්කුක් කතා කලේ සනාව එයාගේ අත් දෙකෙන්ම හරි පරිස්සමින් උස්ස ගන්න ගමන්....

සනා එයාගේ ලේ එන ඔලුවත් ජන්කුක්ගේ පපුවේ තියාගෙන අඩන්න ගත්තා......

"මට සමාවෙන්න මල්ලි ...ඔයාව බේරගන්න බැරි උන එකට......"

ඒත් ජන්කුක්ට හිතේ තිබුනේ වෙන හැගීමක්...ශක්තිමත් හැඩි දැඩි කෙනෙක් වෙලත් එයාගේ අක්කව එයාගෙම තාත්තගෙන් බේරගන්න බැරි උන එක ගැන පසු තැවීමක්......

"අක්කේ නෑ.....මට සමාවෙන්න...ඔයාට මේ තරම් දෙයක් කරනකම් මට බලන් ඉන්න උනාට....ඒත්...බය වෙන්න එපා....කවදහරි දවසක මම මේ හැමදේම වෙනස් කරනවා....."

ජන්කුක් සනාව බේරගන්න ඒ වෙලාවේ ඉදිරිපත් නොවුනේ එහෙම කරපු හැම වතාවකම ජන්කුක්ගේ හිතට දුකක් දෙන්න., සනාට ඊට වඩා දඩුවම් දෙන්න එයාගේ තාත්තා තීරනය කරපු නිසයි.....ඒ හැම දඩුවමක්ම සිද්ද උනේ ජන්කුක්ගේ ඇස් ඉදිරිපිට....කිසිම දෙයක් කරගන්න බැරුව රිදී දංවැල් වලින් ජන්කුක්ව වේදනාවෙන් පිච්චෙද්දී, එයාගේ ඇස් ඉස්සරහම සනා දුක් විදිනවා බලන එක එයාගේ හිතත් වේදනාවෙන් පිච්චෙන්න හේතු උනා......ඒ නිසයි මේ වතාවේ එයා සනාව බේරගන්න ඉදිරිපත් නොවුනේ....

සේවකයත් එක්ක ඇතුලට ආව ඇල්ෆා අණ කලේ ජන්කුක්ට කස පහරවල් සියයක් මුලු වෘක රංචුව ඉස්සරහදිම ලබාදෙන ලෙසත්, සනාව අදුරු කාමරේ කෑම නැතිව දවසක් හිර කරන්නත්....

ජන්කුක් හිතක් පපුවක් නෑ වගේ එයාගේ අක්කව එතන දාලා ගියාට හිත ඇතුලෙන් එයා ගොඩක් දුක් වින්දා.....

"තමුසේ ආයේ කාටවත් පැරදෙන්න බෑ....සමාව ඕනි නම්,තමුන්ගේ අක්කා බඩගින්නේ මැරෙනවා බලන්න ඕනි නැත්තම් ඒ කොල්ලව හෙට සටනෙදි ඉවරයක් කරනවා"

ඇල්ෆා අන්තිම වචන ටික කිවුවේ ජන්කුක්ව කස පහර දෙන දඩුවම් ශාලාවට එක්කගෙන යන ගමන්....

........................................................................

At School

නම්ජූන් ජින් එක්ක කතා කරන අතර ටේ හ්‍යුන්ග් ඒක වෙලාවක් කරගත්තේ ලීසාත් එක්ක පැටලුනු මේ නූල් බෝලේ පැටලුම් ලිහාගන්න......

"ලීසා....කලින් උන දේ...ඒකට සමාවෙන්න...මමවත් දන්නේ නෑ මොනාද...මොනාද උනේ කියලා"

ටේ හ්‍යුන්ග් කතා කලේ ගොත ගගහ....එයා කැමති ගෑනු ලමයා ඉස්සරහා වචන ගලපගන්න එක එයාට අමාරු වැඩක් උනා.......ඒත් ලීසගේ හිනා මුසු මූන එයාව ටිකක් සන්සුන් කලා.....

"ඒකට කමක් නෑ ටේ හ්‍යුන්ග් .....මම ...."

ලීසා කතා කරනවත් එක්කම එයාට කතා කරන්න නොදී ආයෙත් ටේ හ්‍යුන්ග් කතා කරන්න පටන් ගත්තා....

"නෑ ලීසා...ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි....මගේ වෘකයා මට බල කලා ඒ දේට...මම කැමැත්තකින් නෙමෙයි ඒ දේ කලේ...මම දන්නේ නෑ මට මොනා උනාද කියලා..ඒක හරියට කවුරුහරි මාව ඒ දේට ඇදලා දැම්මා වගේ"

ටේ හ්‍යුන්ග් කතා කලේ කලකිරීමෙන්....

"ටේ.....ඔයා කැමැත්තෙන් නෙමෙයි??"

ලීසා අහනවත් එක්කම ටේ හ්‍යුන්ගේ මූන වෙනස් වුනේ එයා "කැමැත්තෙන් නෙමෙයි" කියන එකෙන් අදහස් කලේ ඒ දේ නෙමෙයි නිසා......එයා ලීසත් එක්ක ඒ විදියට ඉන්න කැමති උනත් ඒක එයාගේ පලවෙනි වතාව උනත්...අනිත් අය කියනවා වගේ ඒකෙන් කිසිම වින්දනයක් එයාට ලැබුනේ නෑ....කිසිම ශාරීරික සතුටක් එයාට ඒකෙන් ලැබුනේ නෑ....ටේ හ්‍යුන්ග් ට ලීසා කියන්නේ නිකන්ම සිදු උනු ක්‍රියාදාමයක් විතරක් උනා...... ටේ හ්‍යුන්ග්ට මේ දේවල් ලීසා එක්ක කියන්න ඕනි උනත් ඒකට ඉඩ ලැබුනේ නැත්තේ හොදටම බයෙන් වගේම වේගෙන්ම එතනට දුවගෙන ආව ජෙනීට එයාලා හැමෝගෙම අවදානය යොමු උන නිසයි.....

"ජෙනී මොකද උනේ?"

ජෙනීගේ හොදටම බය උනු මූන දැකපු නම්ජූන් ගියේ ජෙනීව බදාගන්න....

"අයි--අයියේ.....සුගා ,එයා මගේ පස්සෙන් එනවා"

ජෙනී කියාගෙන ගියේ හරි සිහියකින් තොරව......

"මුලින් ජන්කුක්....දැන් සුගාද"

ටේ හ්‍යුන්ග් එයාගේ නන්ගිට එරෙවුවේ මේකත් නන්ගිගේ තව පැටලිල්ලක් වෙන්නැති කියලා හිතලා..

ඒත් මෙතන නම්ජූන්ට වැටහුන වෙනම දෙයක් තිබුනා......

"ජන්කුක්? මොකක්ද ඒ කතාව?"

නම්ජූන් ඇහුවේ කලබලෙන්...

"ඇයි අද මෙයා ජීමින්ව අතෑරල ජන්කුක් ළග හුරතල් වෙන්න ගිහින්"

"දෙවියනේ...ජෙනී ඔයා මොකක්ද මේ කරගත්තේ"

නම්ජූන්ගේ මූනෙන් පෙනුනේ බය උනු හැගීමක්....එයා ඉක්මනට ටේ හ්‍යුන්ග් ට කතා කලේ ඒ නිසා

"ටේ හ්‍යුන්ග් ...ජෙනී ඉන්නේ අනතුරක..දැන්ම එයාව අරගෙන අපේ ගෙදර යන්න......ඒ වගේම කිසිම විදියකින් මොනම හේතුවකටවත් ඔයාලගේ වෘක රූපෙට හැරෙන්න එපා ....අනිත් එක ගෙදර ගියපු ගමන් මේ ගැන තාත්තට කියන්න....එයා එතනින් එහාට බලාගනි.."

නම්ජූන් ඉක්මන් පියවරක් ගත්තේ එයාගේ නන්ගිව ආරක්ශා කරගන්න....කිසිම දෙයක් නොතේරුන ටේ හ්‍යුන්ග් ඒ ගැන ප්‍රශ්න කරන්න නොගියේ කිසිම දවසක නම්ජූන් හේතුවක් නැතිව මේ වගේ කලබල වෙන්නේ නෑ කියන එක දන්න නිසයි.....

"හ්‍යුන්ග් ඔයා එන්නේ නැද්ද?"

ජෙනීගෙ අතින් අල්ලගත්ත ටේ හ්‍යුන්ග් නම්ජූන්ගේ පැත්ත හැරුනේ දැනගන්න...

"නෑ...මම දැන්ම එන්නේ නෑ...මම සුගාව බලාගන්නම් ඔයාලා දැන්ම යන්න...ජින්..ඔයා මාත් එක්ක එන්න...ඒ වගේම බෙහෙත් ටික ලෑස්ති කරගන්න"

ජින් කඩිමුඩියේ බෙහෙත් හොයනකොටයි ටේ හ්‍යුන්ග් ට තේරුනේ එයාගේ ප්‍රශ්න කියන නුල් බෝලෙට තවත් අලුත් පැටලුම් ආවා කියන එක....

මේ අතරේ ඇදට වෙලා නිහඩව ඉදපු ජීමින් එලියට ආවේ එයාගේ ඔලුවේ තිබුන ප්‍රශ්න කගෙන් හරි අහලා නිදහස් කරගන්න..

"හ්‍යුන්ග් මට කියන්න මොකක්ද මේ වෙන්නේ..මම දැක්කා සුගා, එක දවසක් රාක්ශයෙක් වගේ වෙනස් වෙලා ඉන්නවා...හරියට එයා දරුනු වෘකයෙක් වගේ..."

ජීමින් කියාගෙන ගියේ ඉවසිල්ලක් නැතුව.....

'ජීමින් දැන් ඒකට වෙලාව නෙමෙයි..ඔයා ඉක්මනට මෙතනින් පැනගන්න"

"නෑ ....මට මොනාම හරි හේතුවක් කියනකම් මම යන්නේ නෑ...මේ රහස් මට ඇති වෙලා" ජීමින් මුරන්ඩු වුනා..බැරිම තැන නම්ජූන් තීරනය කලේ ජීමින්ට සරලව පැහැදිලි කරන්න...

"හරි...මෙහෙමයි...කෙටියෙන් කිවුවොත් ජන්කුක් අල්ලන හැම කෙනෙක්වම සුගාට විනාස කරන්න ඕනි වෙනවා..."

නම්ජූන් කිවුවේ කලබලෙන් ...ඒත් ජීමින්ට ඒක තවත් පැටලීමක් උනා...

"මොකක්??? ඒ ඇයි??"

"හැමදේම වෙලාව ආවම ඔයාලට කියලා දෙන්නම්..දැන් ඔයත් ඉක්මනට මෙතනින් පැනගන්න..."

ජීමින් හැරුනේ දුවන්න හිතාගෙන ...එයාගේ හිතේ ප්‍රශ්න දහස් ගනනක් මතු වෙද්දී......ඒත් නම්ජූන් ඊලගට කිවුව දේ එයාව උන් තැනම ගල් වෙන්න සැලැස්සුවා .....

"පුරහද.....ඒක තමයි හේතුව" පිටිපස්සෙන් ඇහුනේ නන්නාදුනන කටහඩක්......

........................................................................
.
නම්ජූන් ජීමින් ගල් වෙන්න තරම් මොනාද කියන්න ඇත්තේ...?

පුරහද ගැන කතා කලේ කවුද?

Bạn đang đọc truyện trên: Truyen247.Pro