Sun And Moon
"මගේ දරුවෝ නැගිටින්න"
කාගෙදෝ කටහඩකට ජන්කුක් හිමින් එයාගේ ඇස් අරින්න ගත්තා....
හිමින් හිමින් ඇස් අරිනවිටයි එයාට තේරුනේ එයා කොහෙද ඉන්නේ කියන එක....
ඒ තාමත් ඒ දවස...කිසිම දෙයක් වෙනස් වෙලා තිබුනේ නෑ...
එයාගේ මූනට වැටුනේ සද එලියක්...තාමත් වටපිටාව ඒ විදියමයි...තාමත් ඒ දේවල් ඒ විදියමයි..ජන්කුක් තාමත් හිටියේ ටේ හ්‍යුන්ග්ගේ කාමරේ.....
ඉක්මනින් නැගිට්ට ජන්කුක් වටපිට බැලුවා...
දම් පැහැ පුරහද තාමත් එහෙමමයි...අනිත් අයත් වැටිච්ච වැටිච්ච තැන් වල.....ටේ හ්‍යුන්ග් වැටිලා ඉදියේ එයාගේ ලගින්ම එහා පැත්තෙත් ..ජීමින් සහ සුගා එයාගේ අනිත් පැත්තෙත් වැටිලා ඉදියේ....
ජන්කුක් ඉක්මනින් ගිහින් දනගහගත්තේ ටේ හ්‍යුන්ග් ලග..ටේ හ්‍යුන්ග්ගේ ඔලුව හෙමින් එහා මෙහා කල ජන්කුක් ටේ හ්‍යුන්ග් ව ආයෙමත් හරි සිහියට ගෙනාවා...
"ටේ හ්‍යුන්ග් ...නැගිටින්න .."
ටේ හ්‍යුන්ග් ඇස් දෙක ඇරන් කෙලින්ම බැලුවේ ජන්කුක් දිහා...ටේහ්‍යුන්ග්ගේ ඇස් වලින් කදුලු ඇවිත් තිබුනත් ඒකට හේතුව දෙන්නම දැනගෙන ඉදියේ නැහැ...සමහර විට ඒ දැකපෞ අතීතය නිසා වෙන්නැති.....
ඊලග මොහොතේ ජන්කුක්ට දැනුනේ ටේ හ්‍යුන්ග් එකපාරටම එයාව බදාගන්නවා...ජන්කුක්ගේ හුස්ම හිර වෙන තරම් තදින් එයාව බදාගත්ත ටේ හ්‍යුන්ග්ගේ ඇග වටේ අත් යවලා එයත් බදාගත්තේ නිරායාසයෙන්මයි.....
"මගේ රෝස මල ඔයා අඩනවද?"
කිසිම දවසක කිසිම කෙනෙක්ට මේ තරම් ආදරෙන් වචනයක්වත් කියලා නොතිබුන ජන්කුක්ගේ කටින් ඒ වචන පිට වුනේ දන්නෙම නැතුව.....
ටේ හ්‍යුන්ග් ගේ ඉකි ගහන සද්දෙට එයාව එයාගේ තුරුලෙන් මුදවලා එයාගේ ලගට ගත්තේ ටේ හ්‍යුන්ග්ගේ මුහුන දෙපැත්තෙන් අත් දෙක තියලා එයාගේ කදුලු පිහිදන ගමන්....
"මගේ හා පැටියෝ...."
ටේ හ්‍යුන්ග් බැලුවේ ජන්කුක්ගේ ඇස් දිහා...ඒත් එක්කම එයා එයාගේ හදවතට අත තිබ්බේ එතනින් දැනුනු අසාමාන්‍ය හැගීමට..
ඒත් ටේ හ්‍යුන්ග් ට දැනුනේ අමුතුම හැගීමක්....හරියට එයාට එයාගේ හද ගැස්මක් එක්ක තවත් හදවතක ගැස්මක් දැනෙනවා වගේ......
ඒ හදගැස්මට කන් දුන්න ටේ හ්‍යුන්ග්ට දැනුනේ ඒ හදවතත් එයාගේ හදවතත් ගැහෙන්නේ එකම රිද්මෙකට බව....
ටේ හ්‍යුන්ග් ට මීලගට ඇහුනේ යම් කෙනෙක්ගේ හඩක්.....හරියට රහසින් කතා කරනවා වගේ....
"මේ මම බය වෙන්න එපා"
එයා වටපිට බැලුවත් අවට කතා කරන්න තරම් කෙනෙක් හිටියේ නෑ....ජන්කුක් දිහා බලන් හිටියත් එයාගේ කටවත් හෙල්ලෙනවා දකින්න එයාට ලැබුනේ නෑ....
"බය වෙන්න එපා ටේ...මේ මම ජන්කුක්"
ටේ හ්‍යුන්ග් දැක්කේ ජන්කුක් හිනා වෙනවා විතරයි..ටේ හ්‍යුන්ග් පුදුම වෙලා ඉක්මනටම අත තිබ්බේ ජන්කුක්ගේ පපුවට...එතනත් ඒ දේ දැනෙන්න තිබුනා...එක හදවතක් වෙනුවට හදවත් දෙකක්...එකම රිද්මෙකට ගැහෙනවා...ජන්කුක් ටේ හ්‍යුන්ග් දිහා බලලා ආයෙමත් හිනා වුනා....ටේ හ්‍යුන්ග් ටත් සියුම් හිනාවක් කට කොනින් ඇදුනේ හිතට දැනුන සතුටට....
"ජන්කුක් මොනවද මේ වෙන්නේ?"
ටේ හ්‍යුන්ග් මේ වතාවේ කතා කලේ ජන්කුක් ගේ හිතට....
"ටේ....අපිට එකිනෙකගේ හදවත් ගැහෙන එක දැනෙනවා..අපි දෙන්න සම්බන්ද වෙලා ඉන්නේ ආත්මයන්ගෙන්...ඉතින් අපේ ආත්ම වගේම හදවත් එකිනෙකාට සම්බන්ද වෙලයි තියෙන්නේ....හරියට එකම හදවතක් දෙන්නෙක්ගේ ශරීර වල ගැහෙනවා වගේ.....ඔයාගේ හැගීම් මටත් දැනෙනවා...මගේ හැගීම් ඔයාටත් දැනෙනවා...."
ජන්කුක් පැහැදිලි කරලා ඉවර වෙනවත් එක්කම ටේ හ්‍යුන්ග් ආයෙත් තුරුලු උනේ ජන්කුක්ට....හිමින් එයාගේ ඔලුව ජන්කුක්ගේ පපුවෙන් උඩට උස්සපු ටේ හ්‍යුන්ග් ජන්කුක්ගේ ගෙලේ තිබුන සලකුනට හිමින් හිමින් ලං වුනා.....
එයාගේ තොල් ඒ සලකුන උඩින් තිබ්බ ටේ හ්‍යුන්ග් සියුම් සිපගැනීමකින් එයාගේ තොල් ජන්කුක්ගේ ගෙලෙන් ආයෙමත් ඉවතට ගත්තා...
ඒත් ඒ හැගීමෙන් ජන්කුක්ට දැනුනේ වෙනසක්...එයා මෙතෙක් කාලයකට හොයපු දේ...ඒ වින්දනය..ඒ දැනීම..ගැහැනු ලමයින් බොහොමයක් එක්ක හිටියත් කිසිම දවසක එයාට හැගුනේ නැති ඒ ස්පර්ශය ටේ හ්‍යුන්ග් එක පුන්චි සිපගැනීමකින් ඕනවටත් වඩා දැනෙන්න ගත්තා....
හිමින් හිමින් ජන්කුක් ලං වුනේ ටේ හ්‍යුන්ග්ගේ දෙතොල් වලට...අතේ මහපට ඇගිල්ල ටේ හ්‍යුන්ග් ගේ සියුම් දෙතොල් වල රටා මවද්දි ටේ හ්‍යුන්ග් ඇස් පියාගත්තේ කිසිම දිනයක එයාටත් නොලැබුනු ඒ වින්දනයෙන් මත් වෙලා.....
ජන්කුක් හිමින් හිමින් ටේහ්‍යුන්ග්ට ලං වෙනවත් එක්කම ටේ හ්‍යුන්ග් හිමින් එයාගේ ඇස් පියාගත්තා...එයාලගේ දෙතොල් වල අගලක පමන පරතරයක් තියෙද්දී ........
එකපාරටම දෙන්න ඈත් උනේ ගැස්සිලා...ජන්කුක් එයාගේ පැත්තටත් ටේ හ්‍යුන්ග් අනිත් පැත්තටත් වැටුනා.....
මේ අතරේ එයාලා දැක්කේ....
සුගා ආයෙමත් එයාගේ යථා තත්වයට පත් වෙනවා...රාක්ශ ස්වරූපයෙන් මනුශ්‍ය ස්වරූපයට...ඒත් එක්කම ජීමින්ටත් හිමින් හිමින් සිහිය ආවා...
ටේ හ්‍යුන්ග් ඉක්මනින්ම ගියේ ජීමින් ලගට...ඒත් එක්කම සම්පූර්නයෙන් මිනිස් රුවට හැරුනු යුන්ගී ලගට ජන්කුක් ගියේ එයාට නැගිටින්න උදවු කරමින්....
"ජීමිනි..ඔයා හොදින්ද?"
ටේ හ්‍යුන්ග්ගේ හඩට ජීමින් ඇස් ඇරියා....
"ඔයාලා හැමෝම හොදින්ද? වෙනසක් වෙලා නෑනේ කිසිම කෙනෙක්ගේ?"
සුගා ඇහුවේ තුන් දෙනා දිහාම විපරමින් බලන ගමන්....ඒත් සුගාගේ ඇස් නැවතුනේ ජන්කුක් ලග...එතකොටයි ජන්කුක්ටත් ඒ වෙනස තේරුනේ....
"හ්‍යුන්ග්...අපේ සලකුනු (ටැටූ) ....ඒවා ඔක්කොම මැකිලා..."
"නැහැ ජන්කුක්...ඔක්කොම නෙමෙයි"
කියපු සුගා එයාගේ එක් අතක් දිගු කලේ තිබුන අනිත් හැම එකකින්ම දැන් ඉතුරු වෙලා තිබුන එකම සලකුන පෙන්නන්න....
ජන්කුක් ඉක්මනින් බැලුවේ එයාගේ අත දිහා...ඒ වගේම එයාගේ අතෙත් ඒ සලකුන විතරක් ඉතිරි වෙලා තිබුනා...ඒත් එයාලට තේරුන තව දෙයක් තිබුනා...
මේ සලකුනු දෙන්නගේ අත් වල ඉතිරි වෙලා තිබුනත් ඒ සුගාගේ වම් අතෙත් ජන්කුක්ගේ දකුනු අතෙත් කියන එක.....
"ඒත් හ්‍යුන්ග් මෙහෙම දෙයක් මගේ ඇගේ මීට කලින් මම දැකලා නෑ...මේ අලුත් එක්ක.."
ජන්කුක් කතා කරනවත් එක්කම සුගා හැරුනේ ටේ හ්‍යුන්ග් දිහාවට ටේ හ්‍යුන්ග් ගේ අත් දෙක අතට ගත්ත සුගා ගේ මූනෙන් පෙනුනේ කලබලකාරි බවක්...ඒ එයාගේ අතෙත් අලුත් සලකුනක් ඉතුරු වෙලා තිබුන නිසා...
"එපා ආයෙත් මෙහෙම වෙන්න එපා.."
සුගා කතා කරගත්තේ එයාටමයි...ඒත් සුගාගේ අතින් එයාගේ අත මුදවගත්තු ටේ හ්‍යුන්ග් එයාගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.....
"හ්‍යුන්ග් මොකක්ද වෙලා තියෙන්නෙ කියන්න...?"
ටේ හ්‍යුන්ග් අහපු ගමන් අනිත් අයත් සුගා දිහා බැලුවේ පිලිතුරක් බලාපොරොත්තුවෙන්...
ටිකක් වෙලා කල්පනා කරපු සුගා එකපාරටම නැගිට්ටා...
"අපි හිතනවට වඩා ලොකු දෙයක් සිද්ද වෙලා තියනවා...අපි හතර දෙනා ආයෙමත් මොකක් හරි නූලකින් සම්බන්ද වෙලා.....මේක මෙහෙම වෙන්න තිබුන දෙයක් නෙමෙයි....ඒක දැනගන්න එක විදියයි තියෙන්නේ. අපි ඉක්මනට ගිහින් අපේ කට්ටියගේ සටන නවත්තන්න ඕන"
සුගාගේ කතාව අවසානයත් එක්ක හතර දෙනාම දිවුවේ කැලෑවේ මැදට...එහෙමත් නැත්නම් වයිට් මූන් පැක් එකෙත් බ්ලැක් වුල්ෆ් පැක් එකෙත් සටන තිබ්බ තැනට...
ඒත් සිදු වෙලා තිබුනේ නොහිතපු දෙයක්...
කැලෑවේ මැද හැමදෙයක්ම සාමාන්‍ය විදියට තිබුනා..එකම වෘකයෙක්වත් එතන පේන්න හිටියේ නැහැ..කිසිම සටනක් උන බවට සලකුනක්වත් එතන තිබුනේ නෑ....හැමතැනම පෙනුනේ සාමකාමී බවක්....
අනිත් අයට මේක හොද දෙයක් විදියට පෙනුනත් සුගාට දැනුනේ වෙනම දෙයක්.....
"නෑ මේ මොකක්ද වුනේ..කොහොමද මෙහෙම වෙන්නේ?ඇයි මේවා වෙනස් වෙලා? "
සුගා කෑ ගැහුවේ අහස දිහා බලාගෙන....
ඒත් එක්කම මුලු වනාන්තරයෙන්ම මහා හුලගක් හමන්න ගත්තා..ගස් වැල් බිමට කඩාගෙන වැටෙන තරමට සැඩ උන සුලගින් ආරක්ශා වෙන්න ටේ හ්‍යුන්ග් ජන්කුක් ලගටත් ජීමින් සුගා ලගටත් ගිහින් එකිනෙකාව බදාගත්තා...
සුලගත් එක්කම මිලගට ආවේ මුලු කැලෑවෙම ඝන අදුර කපාගෙන යන්න පුලුවන් තරමේ ආලෝකයක්...ඒ ආලෝකය නිසාවෙන් කිසිම කෙනෙක්ට ඇස් දෙක ඇරගන්නවත් බැරි උනා....
ආලෝකය අතරින් එක්වරම මතු උනේ මිනිස් රුවක්...ඒ තනි සුදු වස්ත්‍රයකිනුත් එක් අතින් ගත් හැරමිටියත් නලලේ සලකුනු වෙලා තිබුන සූර්‍ය ලකුනත් සහිත දේව රුවක්....බැල්මෙන් භයංකාර උනත් ඒ රුව ඔවුන් අදුනගත්තා....හිරු දෙවිදුන්ගේ සහයක......
"දරුවනේ....."
ඒ රුව හතර දෙනාටම කතා කලත් පිලිතුරු ලැබුනේ සුගාගෙන් විතරයි....
"පූජකතුමනි....මොනාද මේ වෙන්නේ..ඇයි හැමදේම වෙනස් වෙලා...මේ දේවල් සිද්ද වෙන්නේ තිබුනේ මේ විදියට නෙමෙයි නේද? "
සුගා නොඉවසිල්ලෙන් ඇහුවත් ඒ රුව කතා කරන්න ගත්තේ හරිම සංසුන්ව....
"ඔබලා අතරින් කෙනෙක් කාලයට ලොකු බලපෑමක් කරලා තියනවා...යම් අයෙක් අතීතය වෙනස් කරන්න උත්සහ අරන් තියනවා....ඒකෙන් සිද්ද උනේ කාලයේ කුහරයක් නිර්මානය වුන එක..."
"නෑ...එහෙම වෙන්න දෙන්න බැහැ"
" අතීතයට නැවතත් පන ඇවිත්...ඔවුන් වර්තමානයට ඒවි ඒ කුහරය හරහා....සුදානමින් ඉන්න...වර්තමානයේ වුන වෙනස කොයිම මොහොතකවත් හොද දෙයක් නොවේවි..."
"ඒත් කවුද අතීතය වෙනස් කරන්න උත්සහ කලේ?"
ටේ හ්‍යුන්ග් ප්‍රශ්න කලත් දෙවියන්ගෙන් ලැබුනේ වෙනම පිලිතුරක්....
"මගේ දරුවෝ...ඔබ දුටු කිසිම දෙයක් සිහිනයක් නොවන බව මතක තියාගන්න.....ඒ ඔබගේම අනාගතය..."
දෙවිදුන් පැවසුවේ ජන්කුක් දිහා කෙලින්ම බලන ගමන්.....
"ඔබ කාලයේ නියමුවෙක් වෙලා අවසානයි"
දෙවිදුන්ගෙන් අහන්න දහසක් ප්‍රශ්න හිත් වල නැගුනත් ඒ ප්‍රශ්න එයාලගෙම හිත් වල තියෙන්න ඇරැලා ඒ දෙව් රුව හිමින් අවකාශයේ බොද වී යන්න ගත්තා...තිබුන ආලොකය ආයෙමත් නැති වෙන්නත් ඝන අදුර වනාන්තරය පුරා පැතිරෙන්නත් උනා.....
මේ සිදුවීමෙන් ඔලුව නිදහස් කරගන්නත් පෙර එයාලට ආයෙමත් ඇහුනේ තවත් හඩක්..හොද හුරුපුරුදු හඩක් වුන ඒ හඩ සද දෙව්දුවගේ බව ඔවුන්ට වැටහුනත් සද දෙව්දුව පේන මානයක දකින්න ලැබුනේ නෑ....ඒ හඩ දෝංකාර දෙන්න ගත්තා...
"මොන දේ උනත් ඔබේ ඉරනම වෙනස් කරන්න බැහැ....වෙන්න තියන දේ ඒ විදියටම සිදු වේවි"
හඩ හිමින් හිමින් නොඇහෙන ගානට අඩු වෙනවත් සමගම පරිසරය ආයෙමත් යථා ස්වරූපයට හැරෙන්න ගත්තා...සද ආයෙමත් දම් පැහැයෙන් මිදිලා සුපුරුදු පැහැයට හැරුනා......හැමදේම සාමාන්‍යයි බව පෙනුනත් සියලු දේ පැවතුනේ අසාමාන්‍ය බවට හැරෙමින්....
තමන්ගේ ආදරය වෙනුවෙන් එක් ආත්මයක දෛවයට එරෙහි වුන සිව් දෙනෙක්...ඒ නිසාම ලෝකයට වුන හානිය අවසන් කරන්න ඔවුන්ගේ ජීව්ත ආයෙමත් කැපකරන්න සූදානම් වුනේ ඔව්න්ගේ ආත්මයන් ආදරෙන් බැදුනත් ඔවුන්ගේ ජීවිත වලට ඒ බැදිමෙන් බැදෙන්න තියන අවස්තාවට ඉරනම විසින් බාදක පනවද්දී.......
........................................................................
A/n :- කතාව නිකන් කාටුන් එකක් වගේ වෙනවා කියලා හිතෙන්නෙ මට විතරද? 😅
Bạn đang đọc truyện trên: Truyen247.Pro